නොමියෙන ප්‍රේමයක මතක සැමරුම්
කහපාට රෝස මල් දිගේ හිත තාමත් හැමතිස්සෙම වගේ හුඟක් දුරට ඇදිලා යන්නේ ඒ ආදරණියම මතක නිසා වෙන්න ඇති.. ජීවිතේ හුඟක් විදපු ඒ පුංචිම පුංචි කාලයක මතක ඉක්මනටම අමතක වෙන්නේ නෑ කියලා මම දැනන් හිටියේ ඒ මතකය හිත අස්සෙම ගුලි කර ගත්ත දවසේ.. කවදාවත්ම ඒ මතකය හිතින් ඈත් කරන්න මට උවමනාවක් තිබුනේ නෑ.. අදටත් එහෙමමයි..
මතකයන්ගෙන් ඈත් වෙලා හුඟක් දුර දුවලා ගිහින් හැංගෙන්න හිතට වුවමනා වුනේ නැතුවමත් නෙමෙයි.. ඒත්, ඒ මතකයෙන් හිතින් ඈත් කරන්න මේ ජීවිතේට කොහෙත්ම බෑ.. ආදරයට ආදරය කියලා දුන්න ඒ මතකය ඇස් පියා ගන්න හුගක් වෙලාවට හීනෙන් වගේ ඇවිත් ජීවිතේට ලං වෙලා යන්නේ ඔයා තාමත් මං දිහා බලන් ඉන්න නිසා වෙන්න ඇති.. මම දන්නවා පූජා, ඔයා මං දිහා බලන් ඉන්නවා..
“ ඔයාගෙන් වෙන් වෙලා යන්න වෙනවා කියලා මතක් වෙද්දී මේ හිත අනික් හැමදේටමත් වැඩිය පෑරෙනවා අසංග.. ඔයාගේ ආදරේ ලග හැමදාම නතර වෙන්න මට වාසනාව නැතුව ඇති.. වෙලාවකට ඒ ගැන මට හරි ලෝබයි අසංග.. අනේ මට හැමදාම ඔයා ලග ඉන්න තිබුනනම්..”
මතක හැම එකක්ම ඔයා ලස්සනට අකුරු කරලා මගේ ලග ඉතිරි කරලා ගියපු දිනපොතේ තාමත් පිටු ඉදලා හිටලා දිග ඇරෙනවා.. කාටවත් නොපෙනුනාට කාටවත් නොදැනුනාට හිත තාමත් ඒ අකුරු අතරේ ඔයාව දකින්න උත්සාහ කරන්නේ ඒ මතකයට හිත තාමත් ආදරේ නිසා වෙන්න ඇති.. ඒත් සමහර වෙලාවට ඇයි මම එහෙම කරන්නේ කියන දේ තේරුම් ගන්න මේ හිතටම පුළුවන් කමක් නෑ..
තාමත් මතකයි ඉස්සර අපි නිතරම ඇවිදගෙන යන්න පුරුදු වුන ඒ පුංචි උද්‍යානය.. හරිම නිස්කලංකව නිදහසේ ආදරේ කරපු ඒ පැයේ දෙකේ ආදරේ කියන්නේ මොනතරම් සුන්දර දෙයක්ද කියලා අපි තේරුම් ගත්තේ ඒ හැම තත්පරේකටම හිත ඇතුලින් හුඟක් ආදරේ කරපු නිසා වෙන්න ඇති..
“ ඔය තරම් ජීවිතේ හීන ගොඩ ගහන්න එපා අසංග..”
“ දවසක මේ හැමදෙයක්ම මට හීනයක් වේවි පූජා.. ඒත් එදාට මේ මතක නිසා ඔයා ඒ හීනය ලස්සන කරාවි.. ජීවිතේ කවදාවත්ම අමතක නොවෙන විදිහට..”
ඔයාට ලංවෙලා ආදරේ කරද්දි හුගක් වෙලාවට මගෙන් කියවුනේ ඔය ටික.. හැමදාම ඔයා මගේ දිහා බලන් ඉදලා ඇහුවේ ඒ ඇයි කියලා.. එදා මට ඔයාට හරියට උත්තරයක් දෙන්න පුළුවන් වුනේ නෑ පූජා.. ඒත් හිත යටින් ඔයත් මමත් දැනන් හිටියා දවසක මේ හැම දෙයක්ම හීනයක් වෙලා විතරක් ඉතුරු වෙනවා කියලා.. එදා මටත් වැඩිය හිතින් ඔයා දුක් වුනා.. ඒ මම තනි වෙන හන්දා..
ඔයා හැමදාම ආස කලේ මාත් එක්ක තනි වෙලා ඉන්න.. ඔයා කැමති වුනේ නිදහසේ මාත් එක්ක කතා කරන්න.. ඇත්ත, ජීවිතේ ඔයාට ලොකු සරදමක් කලා.. ඔයාගෙන් හුගක් දේවල් උදුර ගත්තා.. කවදාවත්ම ඔයාගෙන් ආදරෙයි කියලා අහන්න තරම් වාසනාවක් මට ලැබුනේ නෑ... මම කවදාවත් ඒ ගැන දුක් වුනෙත් නෑ.. තාමත් මතකයි අපි දෙන්න ඉස්සෙල්ලම කැළණි ගිය දවස.. එදා ඔයා හුඟාක් ලස්සනට හිටියා.. ඒත් ඒ ලස්සනට වඩා මිනිස්සු බැළුවේ ඔයාගේ එකම එක අඩුව දිහා.. කතා කරන්න බැරි කෙනෙක් දකින එක අනිත් මිනිස්සුන්ට මේ තරම්ම අරුමයක් කියලා මම තේරුම් ගත්තේ එදා.. එදා ඇත්තටම මට හුඟාක් දුක හිතුනා.. ඒක ඔයාටත් දැනුනා.. එදා ඔයා දුක් වුනේ ඔයා වෙනුවෙන් නෙමෙයි කියන්න ඔයාගේ ඇස් වලින් හොදටම පෙනුනා.. එදායින් පස්සේ ඔයා හැමදාම ආස කලේ මාත් එක්ක තනියම ඉන්න..
හුගාක් ලස්සන දේවල් ජීවිතෙන් හරි ඉක්මනට ඈත් වෙන්නේ ඇයි කියන්න අදටත් මම දන්නේ නෑ.. ගෙවුන කාලෙදි හුගක් දේවල් මේ ජීවිතෙන් ඈත් වුනා.. මං දන්නවා, මං ඔයාගේ ජීවිතේට එන්න කලින් ඔයා හැමදේටම හිනා වෙලා මූණ දෙන්න ලෑස්ති වෙලා හිටියේ කියලා.. අන්තිම මොහොතෙත් මගේ තුරුලේ ඔයා හිනා වුනා පුරුදු විදිහටම.. ඒ පොරොන්දුව නිසා කියලා මම දන්නවා.. ඒත් ඒ හිනාව යට මං වෙනුවෙන් ලොකු දුකක් ඉතුරු වෙලා තිබුනා කියලා මම හොදටම දන්නවා..
ජීවිතේ අවුරුදු 6ක්ම ඒ මතක එක්ක තනි වුනේ ඔයා මගේ ලගම ඉන්න බව හොදටම දැනුන නිසා.. අකුරු අතරේ තනි වෙලා ඔයා එක්ක හුඟාක් කතා කලා.. හිනා වුනා.. මාස හතරක ආදරේ අවුරුදු 6ක්ම හිත පුරාම වින්දා.. ජීවිතේ හුගාක් දේවල් වෙනස් වුනත් තාමත් ඔයා ආසම කරපු කහ රෝස මල් දිගේ හිත ඒ අතීතට දුවනවා.. ඒක නවත්තන්න හරි අමාරුයි.. මේ නොමියෙන මතකය හිත අස්සේ තැනක හිරවෙලා හැමදාමත් තියේවි.. පූජා, ඔයා දැන් හොද තැනක ඇති.. මගේ හිත එහෙම කියනවා..
තඹරු පිපි පරව යන
අතර මැද විරාමයක
නෙලාගෙන දෑතින් ඒ මල
සුවද විදිමි මම හනිකට..
පිපි මල් මිලාන වී යති
කදුළු සලා නටුවට රහසින්
මතකයේ රැදී තියේවි
සුවද විහිදූ මොහොත පමණක්..
කිසිවෙකුත් නොදනී පිපුන බවක්
පුංචි කැකුළු මල් වලට පහලින්
පෙති සැලි පරව යයි කැකුළු
ඉතිරි නොකරම මතකයක්..
මමත් හිදිමි මග බලාගෙන
මගේ සැදෑව උදාවන තුරුම
අවාසනාවට කැකුළක් වී මට
පරව යා යුතුව ඇත..
නොදනිමි සැදෑව තව කොතරම් දිඟුද
නමුදු දනිමි කාලය ලං වෙනා බව
දොස් නගා කිම මම මගේ ජීවිතයටම
සතුටු සිතින් එය පිළිගනු මිස..
හොදයි නම් කොමෙන්ටුවක් දාලා යන්න