නොරොච්චෝල දින 100ක් වසයි, විදුලි ගාස්තු සංශෝධනයටත් දින 100යි

topkollek

Well-known member
  • May 22, 2014
    44,008
    1
    58,328
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    අත්‍යාවශ්‍ය නඩත්තු කටයුත්තකට නොරොච්චෝල විදුලි බලාගාරයේ තෙවැනි ජනන යන්ත්‍රය ජුනි 03 දා සිට දින 100ක කාලයක් අක්‍රීය කරන බව විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා කියයි.


    මේ හේතුවෙන් විදුලි කප්පාදුවක් සිදු නොකර ලංවිම සතු තාප බලාගාරවලින් අඛණ්ඩ විදුලි සැපයුමක් සහතික කරන බවද අමාත්‍යවරයා පවසයි.
    https://www.ada.lk/breaking_news/නොරොච්චෝල-තෙවැනි-යන්ත්‍රය-දින-100කට-වසයි/11-403444


    ජූලි මස පළමු වැනිදා සිට ක්‍රියාත්මකවීමට නියමිත විදුලි ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් සකස් කළ යෝජනාව ලංකා විදුලිබල මණ්ඩලය විසින් මහජන උපයෝගීතා කොමිසම වෙත භාර දී තිබේ.
    ඒ අනුව එමඟින් සියයට තුනකින් විදුලි ගාස්තු අඩු කිරීමට යෝජනා කර ඇති බව වාර්තා වේ.
    විදුලි ජනන සහ විකුණුම් දත්ත, ඉන්ධන ගල්අඟුරු සහ අනෙකුත් ද්‍රව්‍ය මිල ගණන් මෙන්ම වසරේ විදුලි ජනන සැලසුම සහ අවශ්‍යතාව සැලකිල්ලට ගෙන එම යෝජනාව සකස් කර ඇති බව සඳහන්ය.
    කෙසේවෙතත් විදුලි නිෂ්පාදනය සඳහා දැරීමට සිදුවන වියදම් පහත වැටී ඇති අවස්ථාවක විදුලි ගාස්තු සියයට 20කින් පමණ පහත දැමිය හැකි බව මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා පසුගියදා පැවසුවේය.
    https://sinhala.adaderana.lk/news/181801

    Funny Face Lol GIF
     

    Similar threads