පකිස්තානු ’වධක’ පාසැලක යදම් ගැලවේ

prashan3000

Well-known member
  • Apr 10, 2011
    3,923
    1,004
    113
    පකිස්තානු ’වධක’ පාසැලක යදම් ගැලවේ

    පකිස්තානු ’වධක’ පාසැලක යදම් ගැලවේ

    2011 දෙසැම්බර් 14 වෙනි බදාදා, 11:07

    prison-islam-1.jpg



    සිසුන් 50ක් පමණ දරුණු වධහිංසාවන් වලට ලක් කළ පකිස්තානයේ කරච්චි අගනුවර පිහිටි ආගමික පාසැලක් වැටලීමට එරට පොලිසිය සමත් වී ඇතැයි විදෙස් වාර්තා සඳහන් කරයි. මෙම පාසැලේ සිටි සිසුන් වයස අවුරුදු 12 - 50 ත් අතර වන අතර, මොවුන්ගේ 18කට වැඩි සංඛ්‍යාවක් විසි විය නොඉක්මවූ අය වේ.

    මොවුන්
    බොහෝ දෙනෙකුගේ පාද වලට යකඩ දම්වැල් දමා තිබූ බවත්, ඔවුන්ට නිසි පරිදි ආහාර හෝ ඇඳුම් පැළඳුම් ලබාදී නොමැති බවත් වාර්තා වේ.

    සිසුන්
    සම්බන්ධයෙන් අනුගමනය කරන දැඩි පිළිවෙත් හේතුවෙන් කරච්චි ප‍්‍රදේශයේ ’ජේල් මද්‍රාසා’ ලෙස හැඳින්වෙන මෙම පාසැලට ඇතැම් දෙමාපියන් සිය ළමුන් එක්කර ඇත්තේ මුදල් ගෙවා බවත්, ඇතැම් සිසුන්ට යදම් දමා ඇත්තේ සිය දෙමාපියන් විසින් බවත් විදෙස් වාර්තා සඳහන් කරයි.

    මෙහි
    සිසුන් කිහිප දෙනෙකුම මත්ද්‍රව්‍ය භාවිතය හා වෙනත් සුළු අපරාධ වලට සම්බන්ධ වී සිට පුනරුත්ථාපනය සඳහා මෙම පාසැලට ඇතුළු කෙරුණු බව හෙළි වී ඇත.

    මාධ්‍ය
    වෙත අදහස් දක්වමින් මෙහි සිටි එක් සිසුවෙකු පවසා ඇත්තේ එක් දිනකදී එහි පැමිණි තලේබාන් සංවිධානයේ සමාජිකයෙකු සටන් කිරීමට සූදානම් වන ලෙස පැවසූ බවයි.

    පොලිසිය
    විසින් සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.

    මෙම
    සිසුන් හට සතුන්ට මෙන් සලකා ඇති බව පකිස්තානයේ අභ්‍යන්තර කටයුතු පිළිබඳ ඇමති පවසා ඇති බව රොයිටර් පුවත් සේවය වාර්තා කරයි.

    ’ජේල්
    මද්‍රාසා’ පාසැල හා සන්නද්ධ කන්ඩායම් අතර සබඳතාවක් ඇති දැයි සොයාබැලීමට මේ වන විට පරීක්‍ෂණ අරඹා ඇත.

    මෙවැනි
    මද්‍රාසා පාසැල් දහස්ගණනක් පකිස්තානයේ පැවැත්වෙන බවත්, බොහෝ ප‍්‍රදේශ වල සිටින දුගී ළමුන් හට අධ්‍යාපනය ලැබීමේ එකම ක‍්‍රමය මෙය බවත් බීබීසී පුවත් සේවය වාර්තා කරයි.


     
    Last edited: