Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Sihala Piyasa (Sinhala Literature Forum)
Nawakatha saha Ketikatha
පටි සෙරෙප්පු...... කෙටි කථාව
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පටි සෙරෙප්පු...... කෙටි කථාව

''උක්කුං පුතේ උඹ ආවද මහත්තයො , ඔය ඇඳුම ගලවලා දිලා බත් බෙදාගන කාහං , මම

මේ රෙදි කෑලි ටික මිරිකගෙන එන්නං, අපි දෙන්නා පොළට දුහලා එමු''

''අප්පේ මට බෑ. මට මහන්සියි.''

''නැත්තං තනියම ගියා කියලා උඹලගේ තාත්තා ඇවිත් මට කෑගහයි.''

''ඉතින් අම්මත් කෑගහන්ඩ.''

''ආවොත් මම උඹට ගල්සියඹලා රුපියල් දෙකක අරන් දෙනවා.''

''මම ගෙදර ඉන්නං. අම්මා එනකොට ගල්සියඹලා ගේන්ඩ.''

''මම නාගන එනකොට ලෑස්තිවෙලා හිටියේ නැත්තං බලාගනින් මම උඹට කරන දේ. මහ

මිනිහා වාගේමයි මා ගැන අනුකම්පාවක් නැ උඹගෙත්.''

බෙරි කරගත් මුහුණින් යුතු උක්කුං විසින් ගෙනවිත් දුන් කලිසම සහ කමීසය

තරහින් උදුරාගත් සිරිමාවතී, කිලිටි රෙදි දැමු තහඩු බේසමට එයද ඔබා උකුලට

ඔසවා සිර කරගෙන , කුස්සිය පිටිපස තිබු කොහු ලණුව ගැට ගැසු බාල්දිය රැගෙන

හනිකට ගල් ළිදට පිය මැන්නාය. බේසම ලිං මිදුලේ තැබු සිරිමාවතී බාල්දිය

තුළ තිබු සල් බාර් සබන් පොත්ත සහ සිරිතුංගගේ කිලිටි සරම ලිං ගැට්ට උඩ තබා ,

බේසම තුළ තිබු රෙදි මතට වතුර බාල්දි කිහිපයක් ළිඳෙන් ගෙන හෙළුවාය.

තවත් වතුර බාල්දියක් රැගෙන පසකින් තැබු ඈ, සිරිතුංගගේ සරම ඔළුවෙන් ඇඟට

රුවාගෙන සරමේ ඉහළ කොන කටින් සපාගන, හැඳ සිටි බාච්චු ගවුම් කඩමාල්ල

උරහිසින් පන්නා බිමට හෙළුවාය. හපාගන සිටි සරම කටින් ගෙන පපුවට ගැට ගැසීමට

පෙර, හිස බීමට හරවා සරම තුළින් පෙනෙන තම වැහැරුණු සිරුර සහ ගලවා දැමු

වැරහැල්ල දෙස මොහොතක් බලා සිටි සිරිමාවතීගේ සිත අතීතයට දිව ගියාය.

සිරිතුංග සමග හාදව නිවසින් පලා ඒමට පෙර, මාපිය සෙවණේ ලද සියලු සුඛවිහරණයන්

සිහිවන විට ඇගේ නෙතගට කඳුළක් නැගෙනුයේ තමා ගැන ඇතිවන ආත්මානුකම්පාවකින්

නොව, තම දියණිය සහ පුතණුවන් ගෙවනාවූ දුක්ඛිත ජිවිතය හේතුවෙන් තමා ගැනම ඇතිවන

වරදකාරී හැඟීම් නිසාය.

දියණිය උපන් විගසම වාගේ දිනයක, එවකට සිරිතුංග සමග තමන් විසු නිවසට

හදිස්සියේම පැමිණි තම මව විසින් හැඳ සිටි සාරි පොටින් දෑස් පිස දමමින්

පැවසූ වදන්, ළිඳ අසල සරුවට වැවුණු බට පදුරු වල සිරි සිරියට මුසුව නැවතත්

දෝංකාර දෙමින් ඇසෙන්නා සේ සිරිමාවතිට දැනෙන්නට විය.

‘‘පොඩ්ඩියේ තාත්තා හොඳටෝම ලෙඩ ගානේ. තුන්තිස්පැයේ උඹට දෙස් දෙවොල්මයි

දොඩවන්නේ. උඹට කිසිදෙයක් නොදෙනවාමයි කියලා ඔන්න අයියට කියලා අද්වකාත්

මහත්තයෙක් ගෙන්නලා අයියට හාඩ්වෙයාර් එක තියන කෑල්ල එක්ක, මහගෙදර වත්ත පොල්

කෑල්ලත් ලියුවා. සිල්ලර කඩ කෑල්ල අක්කට, කන්දේ කෑල්ලත් එක්ක.

කූඹුරත් උන් දෙන්නටම තමා, මම වැඳලා වාගේ, ඔන්න මට අපේ අප්පච්චිලා දුන්න

ඉහළගම ඉඩං කෑල්ල උඹට දෙන්න කැමති කර ගත්තා . හැබැයි තාත්තා කියනවා උඹ

සිරිතුංගව අත ඇරලා ආවොතින් විතරයි ඒක දෙන්නේ කියලා."

‘‘ඇයි අම්මේ මොකක්ද තාත්තට තියන අසනීපේ?"

‘‘එදා රෑ මමත් කඩේ ඉඳලා ගෙදර එන්ඩ හදන කොට තාත්තා ගණන් හිලව් බලලම ගෙදර

එන්නං කියලා, ...බයිසා.....එක්ක මාව ගෙදර එව්වා, අයියත් හාඩ්වෙයාර්

කෑල්ල වහලා නැදුන්ගමු ගිහින්. ගෙදර එන්ඩ පරක්කු හන්දා මග බලාන ඉඳලා බැරිම

තැන හාමිනා එක්ක ආයේ කඩේට ආවා. එතකොටත් ගණන් පොතයි සල්ලියි මේසය උඩ දිග

ඇරගන තාත්තා මේසයට ඔළුව ගහගන හිටියා. ඇඟට අත තියලා කතාකරහමයි දැක්කේ

කට පැත්තට ගිහිල්ලා කියලා. එදා ඉදන් දැන් හත් අට මාසයක් උණා නැගිටාගන්ඩ

බැ. දැන්නං යාන්තං පටල පටලා කතා කරනවා."

‘‘අනේ අම්මෙ මට තාත්තව බලන්ඩ ඕන. මම ගෙදර එන්ඩද?"

‘‘එනවනං සිරිතුංගව අතඇරලා වරෙන් , එහෙම නැතුව ඇවිත් අර මනුස්සයාගේ අසනීපය

තවත් වැඩිකරන්ඩ එපා, ඉහළගම ඉඩමේ උඹට සිල්ලර කඩයක් දාලා දෙන්නං. ඒක කරගන

ටික දවසක් ඉදලා වෙන පිළිවළක් බලන්ඩ බැරියැයි."

‘‘පුංචිම කාලේ අපේ ගෙදරට ආපු දවසේ ඉදන් සිරිතුංගගේ දාඩිය මහන්සියෙං තමා

ඔය කඩ දෙකයි, වතුපිටි ටිකයි දියුණු උණේ. මට මොන දේ ලැබුණත් මම

සිරිතුංගව නං අත ඇරලා එන්නේ නෑ, අම්මේ. අනිත් දේවල් දුන්නා වාගේ ඕකත්

අක්කටයි අයියටයිම බෙදලා දෙන්ඩ."

‘‘එහෙනං උඹ මේ නරාවලේම දුක් විඳ විඳ හිටපං. කවදාවත් කියන එකක් අහපු

ගෑනියෙක්ද උඹ? දරුවෙකුත් ලැබුණ හන්දා දෙමව්පියන්ගේ අගේ දැනිලා ඔලමොට්ටල

මොළය පැදිලා ඇති කියලා හිතුවා. වැදූ කැක්කුම දරාන ඉන්ඩ බැරි හන්දා,

අනික එවුන්වත් කැමති කොරං තෝ බලන්ඩ ආවාට, මට තලන්ඩ ඕන බූවල්ලෙන්!''

තම දෙමාපියන් සහ සොහොයුරා සොහොයුරිය ගැන හිතට නැගෙන දැඩි වෛයිරයේ බලයෙන්

කිලිටි රෙදි ටික තදින් පොළවේ ගසා මිරිකාගත් සිරිමාවතී, හනිකට වතුර

පනිට්ටු දෙකක් ඇඟට හලාගන නිවසට පිය මැන්නාය,

මුලින් අකමැත්ත ප්‍රකාශ කළද, තමා සන්තකව ඇති එකම හොඳ ඇඳුමින් සැරසී පෙරමග

බලා සිටින උක්කුං දකිනවිට නැගුණ සිනහව දෙතොලට එක් නොකර, හදවත තුළ සිරකරගත්

සිරිමාවතී, එළිපත්තේ ගැටගැසූ කොහුලණු වැලේ තිබූ ඉරුණු තුවාය ගෙන හනිකට

හිස පිස දැම්මාය. තුවාය ඇඟ වටා දවටාගන තෙත සරම වැලට විසිකළ ඈ, ඇතුල් ගෙට

පිවිස වසර කිහිපයක් පැරණි අංඩ දැමු තිසරපටිය හැද ඊට උඩින් චීත්ත ගවුම

ඇඟලාගෙන, රෙද්දෙන් මැසු ගමන් මල්ලද අතට ගෙන, එහි ඇති ඇතුල් සාක්කුවේ දැමූ

මූදල් නෝට්ටුව ඇතිදැයි සැක හැර දැනගෙන, පිට ලෑලි දොර අඩවල් කරමින් මගට බැස්සාය.

කඩුල්ලේ ඉහළ පොල්ල මත නැග කැටකෑල කොටය අල්ලාගන කඩුල්ල පදිමින් සිටි

උක්කුං, තම මව කඩුල්ල පනිනවාත් එක්කම ගුරු පාර මැද්දට පැන තම මවට එක්

වෙමින් ඉදිරියට පිය මැන්නේය.

‘‘පුතේ ඔන්න උඹ මග දිගට, අරව මේවා ඉල්ල ඉල්ල මට කරදර කරන්නේ එහෙම නෑ හරිද‘‘

‘‘එහෙනං මට ගල්සියඹලා අරන් දෙනවා කියලා කියුවේ?"

‘‘මං කියන්නේ වෙන මොකවත් ඉල්ලන්ඩ එපා කියලා."

‘‘හ්ම්."

අඩියක් දෙකක් ඉක්මන්කළ උක්කුං, සිරිමාවතිගේ අතේ එල්ලි තවත් කතාවකට මුල පිරුවේය.

‘‘අපේ තාත්තට අස්සයෙක් පයින් ගහලද අම්මේ?"

‘‘මොකක්.. මෙහේ කොහෙන්ද බං අස්සයෝ‘?"

‘‘ඒක තමා මමත් කල්පනා කළේ. අද උදෙත් ඔය හොදට හිටියේ. සරත් මාමට පිස්සුද කොහෙද."

‘‘සරත් මොනවද කියුවේ?"

‘‘උදේ තාත්තා දුන්න රුපියල් දෙක අරගන කිරිටොෆී ගන්ඩ කඩේ ගියහම, සරත්

මාමා කඩේ ඉදලා .....'ආ කොල්ලෝ, උඹලගේ තාත්තට අස්සයෙක් පයින්ගහලා උඹලට අද

ජයයි නේද?' කියුවා."

‘‘එහෙනං ඒක තමා ඊයේ කටගොන්නක් බීගන ඇවිත් සුද්දා වගේ මහ ලොකුවට රුපියල්

දාහක් දික්කරේ. හම්බවෙන තුට්ටු දෙක අස්සයන්ට පූජා කරලා, ඉදලා හිටලා දිනන

එකවත් වියදං නොකර මගේ අතට දෙනවානං, මම මොන තරම් දේවල් කරනවද! හම්බෙච්ච

එකෙන් වැඩි හරියක් සරත්ලට අරක්කු පළවලා, ඉතුරු වෙච්ච දාහ තමයි එහෙනං මට

දික්කරේ! ඔකුන් බලාගන ඉන්නේ කාගේ හරි සාක්කුවකට බැහැලා සුද්ද කරන්ඩනේ."

‘‘අස්සයන්ට පූජා කරනවා කියන්නේ මොකක්ද අම්මේ?"

‘‘අහ ගනින් උඹලගේ තාත්තගෙන්."

ලැබුණ උත්තරයෙන් පසුබාගිය කොලුවා, කිසිවක් නොකියා පාර දිගේ ඇති බොරළු

කැට වලට පයින් ගසමින් පිය මනින්නට විය.

‘‘ගල්වලට පයින් ගහලා ඔය සෙරෙප්පු දෙක කඩාගන්ඩද හදන්නේ?"

‘‘අම්මේ මට අර ජරස් බරස් ගාලා පටි අලවන සෙරෙප්පු දෙකක් අරගන දෙන්ඩකෝ."

‘‘ඔව්වට කොහෙන්ද පුතේ සල්ලි ?"

‘‘දැන් හැමෝම දාන්නේ එව්වා."

‘‘පොල් අතු ටික විකුණලා අරගන දෙන්නංකො."

‘‘එහෙනං අපි අද යන ගමන් හොඳ දෙකක් බලමු. එතකොට පස්සේ ඇවිත් ගන්ඩ පුළුවන්නේ."

‘‘මොන විකාර වැඩක්ද ඒ? වද නොදී යමං."

‘‘අනේ අම්මේ නිකං ගිහිල්ලා බලමුකෝ."

‘‘මගෙන් ගුටි කන්නේ නැතුව කට වහගන වරෙන්."

කොලුවා දැන් දිගින් දිගටම, 'අනේ අම්මේ, අනේ අම්මේ' යැයි කියමින් දඟලයි.

ගුරු පාරෙන් මහ පාරට පිවිස, ටවුමට කිට්ටුකර ඇති ඇති නිසා ඉඳ හිට පැමිණෙන

වාහනයකට හැපේදෝයි බියෙන්, සිරිමාවතී උක්කුං අතින් අල්ලා පාර අයිනට දැම්මාය.

‘‘පාර මැද්දේ නටලා වාහනයකට අඩ තියන්නේ නැතුව වරෙන් අයිනට!"

‘‘අම්මේ අර පේන්නේ සපත්තු කඩේ . අපි එතනින් යනකොට, මම චුට්ටක් බලලා එනකං

අම්මා හොඳ අම්මා වාගේ පාරෙන් ඉන්ඩ හරිද? මම ටක්ගාලා බලලා එන්නං."

‘‘උක්කුං මාව මහපාරේ කෑගස්සවන්ඩ එපා . මම ආයේ කියන්නෑ."

‘‘බෑ, මම යනවමයි."

‘‘.....දීං.....දීං.....!!!"

ක්ෂණිකව දකුණතේ තිබුණ මල්ල වමතට ගත් සිරිමාවතී, කොලුවාගේ පිට හරහා වැරෙන්

පහරවල් දෙකක් ගැසුවාය. හුස්ම හිරවන තරම් තදින් ඒ පහරවල් වැදුනද, කොලුවා

කිසිත් නොකීවේය. නොහැඬුවේය. ඇසන නැගුණ කදුළු බිඳු දෑතේම පිටි අල්ලෙන්

පිස දැමු කොලුවා, සිරිමාවතීවද පසුකොට වේගයෙන් ඉදිරියට ඇවිදින්නට විය.

කවුරුන්හෝ බලාසිටිනවාදැයි වට පිට බැලු සිරිමාවතී කිසිදු හැඟීමක් නැති

මුහුණකින් යුතුව තමාට හැකි උපරිම වේගයෙන් කොලුවා පසුපස ඇවිද ගියාය.

සපත්තු කඩය ඉදිරිපිට නැවතුන උක්කුං, ආපසු හැරී, සිරිමාවතී තමන් ළඟට

පැමිණෙන තෙක් බලා සිටියේය.

‘‘අම්මේ....අනේ!"

කිසිවක් නොකි සිරිමාවතී, සපත්තු කඩය දෙසට බයාදු බැල්මක් හෙළුවාය . ඒ

නිහඬ අවසරයෙන් පිබිදුන උක්කුං විමසිලිමත් දෑසින් යුතුව කඩය තුළට

පිවිසුනේය. මොහොතක් කල්පනාකරමින් සිටි සිරිමාවතීද උක්කුං පසුපස ඇදුනාය.

දැන් කොලුවා සතුටු සිතින් සපත්තු රාක්ක අතර ඇවිදිමින්, නොබෝ දිනකින් මව

විසින් මිලදි ගෙන දෙනු ලබන සෙරෙප්පු පෝඩුව සොයයි. සිරිමාවතීද කොලුවා

පිටුපස ඔහේ ඇවිදිමින් සීටි,

සාප්පු සේවකයන්ට වගේ වගක් නැත. රේඩියෝවේ විකාශය වන ක්‍රිකට් විස්තර

විචාරය උච්චතම අවස්ථාවට පැමිණ ඇති නිසා, ඔවුන්ට සාප්පුව පිළිබඳව මතකයක්වත්

නැත. මේ තරගයෙන් ශ්‍රී ලංකාව පැරදුණහොත්, අවසන් වටයෙන්ද ඉවත්ව ආපසු එන්නට

වන්නේය. මේ අවසාන පන්දු වාර තුනයි. දිනන්නට ලකුණු තිස් එකක් රැස් කළ

යුතුය.

‘‘අම්මේ මේ තියෙන්නේ! මෙන්න මේක!"

‘‘හ්ම්.‘‘

‘‘එච්චර ගණන් නෑ අම්මේ සේල් දාලා හාරසිය අනූ නමයයි. අර අතන තව පාට ගොඩක්

තියනවා , එව්වත් මේ ජාතියෙද කොහෙද!"

උක්කුං මදක් එපිටින් තිබු සපත්තු රාක්කයක් වෙත දිව ගියාය. තවත් මොහොතක්

හිටි තැනම රැදී උන් සිරිමාවතී, උක්කුං ළගට පියමැන්නාය.

‘‘අපි යං වෙන දවසක එමූ."

කිසිදු අකමැත්තක් ප්‍රකාශ නොකළ උක්කුං, මවට අවනතව කඩෙන් එළියට පය

එසෙව්වේය . සාප්පු සේවකයන්ට වගේ වගක් නැත.

කොලුවාද ඇදගන හනිකට පොල තුළට පිවිසි සිරිමාවතී , තමාසන්තකව තිබූ එකම

නෝට්ටුව වන සිරිතූංග පෙරදා රැයේ දුන් රුපියල් දහස අවසන් වනතෙක් තමන්ට

අවශ්‍ය දෑ සුළු ප්‍රමාණවලින් මිලදී ගත්තාය. අවසානයේ ඉතිරිවූ රුපියල්

අනූවෙන් , ගල්සියඹලා ගොටු දෙකක් ගෙන එකක් පුතණුවන්ට දී, අනෙක දීයණිය

වෙනුවෙන් මල්ලට රුවාගත්තාය.

‘‘යං පුතේ අපි අක්කවත් එක්කගෙනම ගෙදර යං."

සිරිමාවතිගේ දියණිය තම නිවසේ වෙසෙනවාට වඩා වැඩිකාලයක් පද්මලතා ටීචර්ගේ

නිවසේ වාසය කරයි. සැමියා කොළඹ නතරවී රැකියාවක යෙදෙන නිසා, එම නිවසේ තනිවම

වාසය කරන පද්මලතා, පාසල අවසන්ව දැරියද කැටුව ඇගේ නිවසට යන්නීය. උදෑසන පාසලට

පැමිණෙනවිට එක්කාගන එන්නීය. දැරිය තම නිවසට යන්නේ . සුරනිමල මහතා නිවසට

පැමිණෙන සිකුරාදා හවසට පමණි. එදිනද සිකුරාදාවක් බැවින්, දියණිය කැටුව යන

අදහසින් සිරිමාවති, ගුරුතුමියගේ නිවසේ ගේට්ටුව අසලට පැමිණ හඬ නගා කතා කළාය.

‘‘සුදු මැණික .....සුදු මැණික... ටීචර් .....ටීචර්....සුදු මැණික .........!‘‘

‘‘ආ, ඉන්ඩ සිරිමා මම ගේට්ටුව අරිනකං."

ගුරුතුමිය නිවස තුල සිට හඬ නැගුවාය . දොර හැරගෙන ගේට්ටුව වෙත පැමීණ එහි

අගුල පන්නනවාත් සමගම, සුදුමැණිකේද නිවසින් එළියට පැමීණ තම මවට සහ

මලණුවන්ට එක්වුවාය,

‘‘අනේ, අනේ ගෑණු ළමයා අම්මා දැක්ක ගමන් ඔය ගෙදර දුහන්ඩ හදන්නේ, ඉස්කෝලෙන්

දුන්න ගෙදර වැඩ ඉවර කරන්නේ මමද? අපුරුයි සිහි කල්පනාව! යනවා, යනවා. ගිහිල්ලා

පොත් බෑග් එක අරගන එනවා."

ලැජ්ජාව මුසු සිනහවකින් මුව සරසාගත් සුදුමැණිකේ නැවතත් නිවස තුළට යන්නට දොර

අසලට යන විට, පද්මලතා ආදරබර හඬකින් දැරිය ඇමතුවාය

‘‘ ඉරේෂා... අර ෆ්‍රිජ් එකේ තියන කේක් කෑල්ලත් අරගන ගිහිල්ලා මල්ලි එක්ක කන්න පුතේ."

පොත් බෑගය රැගත් දියණියද කැටුව මගට පිවිසි සිරිමාවතී, මල්ල තුළින් ගත් ගල්සියඹලා ගොට්ට

ඇයට පිරිනැමුවාය. තිදෙනා වැලි පාරදිගේ නිවසට පියමනින අතර

උක්කුං කටහඬ අවදි කලේය.

‘‘අක්කේ, සපත්තු කඩේ ලස්සන සෙරෙප්පු ජාතියක් තියනවා. අම්මා මට දෙකක් අරගන

දෙනවා කියුවා."

‘‘එහෙනං මටත් ඕන."

‘‘සුදුමැණිකට කුට්ටං දෙක තුනක්ම තියෙන්නේ. මල්ලිට නෑනේ."

‘‘ඒ අම්මා අරන් දුන්න ඒවයැ? ටීචර් අරන් දුන්න ඒවනේ!"

‘‘ පොල් අතු ටික විකුණලා ඔයාටත් අරගන දෙන්නං."

‘‘මෙයාට නාවන මගුලකුත් ගත්තා. මටත් ඒකක් තිබ්බනං හොඳට තෑගි ලැබෙයි!"

සිරිමාවති සහ සුදුමැණිකේ කොක් හඬලා සිනාසෙන විට, ඒ ඇයිදැයි තේරුම් ගැනිමට

බැරිව අසරණවූ උක්කුං, තම සොහොයුරිට මිට මොලවා පහරක් ගැසුවේය.

‘‘මොකද බතලියේ හිනාවෙන්නේ?"

‘‘ඌයි ....! රිදෙනව මැට්ටෝ! කොල්ලන්ට කොහෙද කොටහළු මගුල් ගන්නේ?"

කුමක් හෝ තමන්ට වැරදී ඇති බව තේරුම්ගත් උක්කුං, ලැජ්ජාවෙන් කරබාගෙන, කඩුල්ල

පැන ගෙවත්තට පිවිස, ගෙයි ගොම මැටි ගෑ එළිපත්තේ හිඳගත්තේය . ඒ අසලින්ම

හිඳගත් සුදුමැණිකා, තම පාසල් බෑගය ඇර, කේක් කෑල්ල ගෙන දෙකට කඩා, ලොකු කැබැල්ල

මලයන්ඩියට දුන්නාය.

අත් බෑගය සහ එළවළු මල්ල බිම තැබු සිරිමාවති, දොර හැර මල්ල තුළ තිබු යමක්

ගෙන උක්කුං වෙතට පෑවාය,

‘‘ආ මයේ පුතේ."

පුදුමයෙන් පුදුමයට පත්ව ප්‍රීතියෙන් පිනාගිය උක්කුං, තොරතෝංචියක් නැතිව

කියවන්නට ගත්තේය.

‘‘පටි සෙරෙප්පු දෙකක්! අම්මා කොයිවෙලේද අම්මේ මේක ගත්තේ? මම දැක්කෙක්වත්

නැනේ. මම ගන්ඩ හිටියේ නිල් පාට එකක්. කළුපාටත් හොදයි, මම අර ඉස්කෝල

සපත්තු බල බලා ඉන්න කොටද අම්මා මේක ගත්තේ? අපරාදේ මට කියන්ඩයි තිබ්බේ. තව

මීටත් වඩා හොද එව්වා තිබ්බද දන්නෑ."

මුහුණ හකුළුවා, කට ඇදකරගත් සුදු මැණිකේ.

‘‘අප්පෝ! මේකද මෙයා මෙච්චර අගේ කරපු සෙරෙප්පු දෙක?"

උක්කුං සෙරෙප්පු දෙක අතගාමීන්, ලස්සන බලමින්, නහයට ළං කර, නැවුම් රබර්සුවද

උරමින් ඉන්නවා දකින සිරිමාවතීගේ සිතට නැගෙන ලැජ්ජාශීලී , වරදකාරී හෑගීම දෙතොලට

නැගෙන බයාදු සිනහවෙන් පිළිබිඹු වෙයි. උක්කුං බිම හිඳගෙන සෙරෙප්පු දෙක දෙපයට අදින්නට

පටන් ගන්නා විට, තම දරු දෙදෙනාට මුහුණ දීමට අපහසු තාවයක් දැනුණ බැවින් ඇය ගේ තුළට

යන්නට හැරුණා පමණි.

‘‘හොඳ වැඩේ ....පංඩිතයට හොඳ වැඩේ! අම්මා අරගන ඇවිත් තියෙන්නේ එකම පැත්තේ

සෙරෙප්පු දෙකක්! "

එකවරම පසුපසට හැරුණ සිරිමාවතී, දුටු දෙයින් හිසට අකූණක් වැදුණා මෙන්

ගල්ගැසි ගියාය. තම දෙපා වලට අන්දන ලද සෙරෙප්පු දෙක දිහා කඳුළු පිරි

දෙනෙතින් බලා සිටින උක්කුංව දකින සිරිමාවතීට, "....අනේ මාව මැරිලවත් යන්නේ

නැනේ!" යැයි සිතිණ.

‘‘අම්මේ අපි දැම්ම ගිහිල්ලා මේක මාරු කරගන එමුද ?"

‘‘ඕක ආයේ මාරු කරන්න බැ රත්තරනේ. මම උඹට වෙන දෙකක් අරගන දෙන්නං පස්සේ."

උක්කුං ලගින් බිම දණ ඔබා ගත් සිරිමාවතී මහත් ආදරයෙන් තම පුතු තුරුලට ගෙන

හිස සිමිබාය. හඬක් නොනැගුනද දෙදෙනාම කදුළු වගුරුවමින් හඬනවා දුටු

සුදුමැණිකා සිනා සෙමින් හඬ අවදි කළාය.

‘‘දැන් ඉතින් ඕකට ඔච්චර හොටු හූරන්ඩ ඕනද? ඒ මොකද මාරු කරන්න බැරි? අපි

සල්ලි දීලා ගෙනාපු ගමන්නේ! එයාල දැන ගන්න එපැය මාරු කරන් නැතුව අපිට

හරියට බඩු දෙන්න."

‘‘සේල් දාපුවා හන්දා ආයේ මාරු කරන්න බෑ කියුවා දරුවෝ."

‘‘අනේ මන්දා අම්මට තේරෙන්නේ නැති හැටියක්! එහෙම කියුවට අපිට එකම කකුලට

දාන සෙරෙප්පු දෙකක් කන්ඩද අම්මේ? එයාලගේ වැරැද්දනේ. එයාලා මාරු කරලා දෙන්ඩ

ඕන."

‘‘නෑ, නෑ, කොහොමටවත් ආයේ මාරු කරන් නෑ කියුවා."

‘‘අනේ අම්මේ අපි ගිහිල්ලා අහලා බලමුකෝ , අක්කවත් එක්කගෙන යං."

‘‘අනේ මට වද නොදී හිටහල්ලා දරුවනේ ."

‘‘හරිම අසාධාරණයි මේක නං! තාත්තා ආපුවහම තාත්තත් එක්ක ගිහිල්ලා එයාලට

බැනලා මාරු ඇරගන එන්ඩයි තියෙන්නේ."

"හොදට අහපල්ලා දෙන්නම. මේ කතාව තාත්තට එහෙම කියලා තිබ්බොත් මම වහ

ටිකක් කාලා මැරෙන එක මැරෙනවාමයි. අම්මට ආදරයක් තියනවානං දෙන්නම කට

පියාගන හිටපල්ලා."

කෝපයෙන් සහ දුකින් අතිශයින්ම කලබලයට පත්ව, විරූපී මුහුණින් හඬමින්

තමන්ට තර්ජනය කරන තම මව දුටු දරුවන් දෙදෙනා , බෙහෙවින් බියට පත්ව, 'අද

අම්මට මොනවා වෙලාද මන්දා' යැයි සිතමින් පසුබා ගියහ.

කකුලේ තිබු සෙරෙප්පු දෙක ගලවා අතට ගත් උක්කුං, ඒ දෙස බලාගන කල්පනාවට

වැටුණේය. සුදු මැණිකාද කිසිත් නොකියා ගෙතුලට වැදුණාය. කුස්සියට ගිය

සිරිමාවතී සිතින් තමන්ටම ශාපකරගනිමින් එළවළු මල්ල අස්කරන්නට පටන් ගත්තාය.

ටිකකින් හිමිහිට කුස්සියට පැමීණි උක්කුං සිරිමාවතී ඇමතුවාය.

‘‘අම්මේ."

‘‘අම්මේ."

‘‘හ්ම්."

‘‘අම්මේ... මට තාත්තගේ අර රේසරේ දෙනවද?"

‘‘ඒ මොකටද, ළමයින්ට මොකටද රේසර්? ඕක කඩලා දැම්මහම තාත්තා රුවුළ කපන්නේ

මොකෙන්ද?"

‘‘අළුත් එක නෙමෙයි අනේ. අර වහලේ පොල් අතු අස්සේ ගහලා තියන පරණ එක."

සිරිමාවතී හිඳගෙන උන් හිරමනය මතින් නැගිට විත්, පොල් අතු වහලයෙන්

රේසරය රැගෙන උක්කුංට දුන්නාය.

‘‘අත එහෙම කපා ගන්නෑ, හරිද? මොනවද උඹ දැන් කරන්ඩ යන්නේ?"

‘‘වැඩක්. කරහම බලන්ඩකෝ."

උක්කුං සිරිමාවතීට ලස්සන සිනහවකින් සංග්‍රහ කර එළියට දිව්වේය.

"පව් මගේ අසරණ දරු පැටව් දෙන්නා!" සිරිමාවතී තමාටම කියා ගනිමින්

කුස්සියට ගියාය. හාල් ගරා රෑ පතට ලිප තැබූ ඈ, හාල් මැස්සන් ටිකක් මැටි

කෝප්පයට දමාගෙන කුස්සියේ උළු අස්ස යටින් හිඳගෙන, කඩන, කඩන හාල් මැස්සන්

ඔළුව බළලාට විසිකලාය.

‘‘අම්මේ මල්ලී මගේ නූල් ඉදිකටු තියන පෙට්ටිය අරගත්තා."

‘‘මල්ලි ආයේ දෙයි දරුවෝ. ඔන්න ඔහේ දෙන්ඩ."

‘‘මගේ එව්වා ඔක්කොම ගන්නවා. කිසි දෙයක් තියාගන්න නෑ."

තවත් මොන මොනවාදෝ මුණු මුණු ගාමින් සුදු මැණිකා ආපසු ගේ තුළට පිය මැන්නාය.

කුස්සියේ වැඩ කරමින් හෝරාවක් එකහමාරක් ගතවන විට, ටිකෙන් ටික සිරිමාවතී ගේ

මනස ප්‍රකෘති තත්වයට පත් වූවාය. වියා ඇති පොල් අතු ගොඩට තව පොල් අතු හාර

සීයක්වත් එකතු කර ලොරියක් පිරෙන්නටම පොල් අතු රැස්කර වැඩි මුදලකට විකුණා

දරු දෙදෙනාටම සෙරෙප්පු රැගෙන දෙනවායයි සිහින දකිමින් සිටි සිරිමාවති,

සිහින ලොවින් එක් වරම පිබිදුණේ, එළිපත්තේ සිට සුදු මැණිකා කෑ ගසන හඬිනි.

‘‘අම්මේ, මෙන්න බලන්න මල්ලී කරලා තියන වැඩේ!"

'ඒ පාර මුන් දෙන්නා මොන ජල්ලියක් නටලද දන්නෑ," යැයි හිතමින් හනිකට එළියට

දිවගිය සිරිමාවති දුටු දෙයින් විස්මයට පත්වුවාය. සුදු මැණිකා අමුතු

සතෙක් දැක්කාක් මෙන් උක්කුංගේ කකුල් දෙස බලාහිදී . අර සෙරෙප්පු දෙක පය

ලාගත් කොලුවා, ආඩම්බර ලීලාවෙන් ඉනට අත්දෙක තබාගන අක්කණ්ඩිය සමග සිනාසේ.

සෙරෙප්පු දෙකේ පෙර මෙන් කිසිදු වරදක් පෙනෙන්නට නොමැත. කකුල් දෙකටම ගානට මිම්මට

තිබේ.

‘‘කොහොමද මල්ලී ඔයා සෙරෙප්පු දෙක හරිගැස්සුවේ?"

‘‘මම ඉතින් මැට්ටනේ. කියා දෙන්නෙම නෑ."

‘‘අපෝ අහ ගෙන ඉගන ගන්ඩම වැඩේ!"

‘‘මොකක්ද උක්කුං පුතේ සෙරෙප්පු දෙකට කෙරුවේ?"

සෙරෙප්පු දෙක ගලවා අතට ගත් උක්කුං, බැරෑරුම් පෙනුමක් ආරුඪ කරගන, පියවරෙන්

පියවර, තමන්කළ වික්‍රමය විස්තර කරන්නට පටන් ගත්තේය.

‘‘හොඳට තියන සෙරෙප්පුවට මම මොකුත් කළේ නෑ. දාන්න බැරි එක විතරයි හැදුවේ. මේ බලන්ඩ

සෙරෙප්පුවේ අඩිය උඩයි, යටයි වෙනසක් නෑ. දෙපැත්තෙම එකම විදිහට

කට්ට තියෙන්නේ. මේ පටි දෙකත් දෙපැත්තට කෑලී හතරකට ජරස් බරස් කෑලි දාලා

අලවලා, අපිට ඕන ගානට තද කරන්ඩ තියෙන්නේ. අඩියට පටිය අල්ලලා තියෙන්නේ අඩිය

හදනකොටම පටිය ඇතුළට දාලා. මම පටිය තියන තැනින් කපලා පටි හතර කරකවලා

අනිත් පැත්තට ගත්තා. එතකොට නිකම්ම අපිට ඕන පැත්තට සෙරෙප්පුව හැරෙනවා,

ජරස් බරස් කෑලි ටිකයි, නම ගහපු හම් කෑල්ලයි ගලවලා හරි විදිහට මැහුවා, කාටවත්

බෑ දැන් හොයන්ඩ හැදුවා කියලා."

‘‘උඹත් තාත්තා වාගේම හපනෙක් මයේ පුතේ. මයේ රත්තරන, කවදාවත් අනුන්ගේ දෙයක්

නොකියා ගන්ඩ එපා."

මේක ගත්තේ මගේ යාලුවකුගේ බ්ලොග් එකකින්...... මිනිහ නියම කතා කාරයා.... අටම්පහුර බ්ලොග් එක කරන්නෙ එයා තමයි.

http://atampahura.blogspot.com/

[QUOTE="lkkanika, post: 14589371, member: 139899"] [b]පටි සෙරෙප්පු...... කෙටි කථාව[/b] [SIZE="4"]''උක්කුං පුතේ උඹ ආවද මහත්තයො , ඔය ඇඳුම ගලවලා දිලා බත් බෙදාගන කාහං , මම මේ රෙදි කෑලි ටික මිරිකගෙන එන්නං, අපි දෙන්නා පොළට දුහලා එමු'' ''අප්පේ මට බෑ. මට මහන්සියි.'' ''නැත්තං තනියම ගියා කියලා උඹලගේ තාත්තා ඇවිත් මට කෑගහයි.'' ''ඉතින් අම්මත් කෑගහන්ඩ.'' ''ආවොත් මම උඹට ගල්සියඹලා රුපියල් දෙකක අරන් දෙනවා.'' ''මම ගෙදර ඉන්නං. අම්මා එනකොට ගල්සියඹලා ගේන්ඩ.'' ''මම නාගන එනකොට ලෑස්තිවෙලා හිටියේ නැත්තං බලාගනින් මම උඹට කරන දේ. මහ මිනිහා වාගේමයි මා ගැන අනුකම්පාවක් නැ උඹගෙත්.'' බෙරි කරගත් මුහුණින් යුතු උක්කුං විසින් ගෙනවිත් දුන් කලිසම සහ කමීසය තරහින් උදුරාගත් සිරිමාවතී, කිලිටි රෙදි දැමු තහඩු බේසමට එයද ඔබා උකුලට ඔසවා සිර කරගෙන , කුස්සිය පිටිපස තිබු කොහු ලණුව ගැට ගැසු බාල්දිය රැගෙන හනිකට ගල් ළිදට පිය මැන්නාය. බේසම ලිං මිදුලේ තැබු සිරිමාවතී බාල්දිය තුළ තිබු සල් බාර් සබන් පොත්ත සහ සිරිතුංගගේ කිලිටි සරම ලිං ගැට්ට උඩ තබා , බේසම තුළ තිබු රෙදි මතට වතුර බාල්දි කිහිපයක් ළිඳෙන් ගෙන හෙළුවාය. තවත් වතුර බාල්දියක් රැගෙන පසකින් තැබු ඈ, සිරිතුංගගේ සරම ඔළුවෙන් ඇඟට රුවාගෙන සරමේ ඉහළ කොන කටින් සපාගන, හැඳ සිටි බාච්චු ගවුම් කඩමාල්ල උරහිසින් පන්නා බිමට හෙළුවාය. හපාගන සිටි සරම කටින් ගෙන පපුවට ගැට ගැසීමට පෙර, හිස බීමට හරවා සරම තුළින් පෙනෙන තම වැහැරුණු සිරුර සහ ගලවා දැමු වැරහැල්ල දෙස මොහොතක් බලා සිටි සිරිමාවතීගේ සිත අතීතයට දිව ගියාය. සිරිතුංග සමග හාදව නිවසින් පලා ඒමට පෙර, මාපිය සෙවණේ ලද සියලු සුඛවිහරණයන් සිහිවන විට ඇගේ නෙතගට කඳුළක් නැගෙනුයේ තමා ගැන ඇතිවන ආත්මානුකම්පාවකින් නොව, තම දියණිය සහ පුතණුවන් ගෙවනාවූ දුක්ඛිත ජිවිතය හේතුවෙන් තමා ගැනම ඇතිවන වරදකාරී හැඟීම් නිසාය. දියණිය උපන් විගසම වාගේ දිනයක, එවකට සිරිතුංග සමග තමන් විසු නිවසට හදිස්සියේම පැමිණි තම මව විසින් හැඳ සිටි සාරි පොටින් දෑස් පිස දමමින් පැවසූ වදන්, ළිඳ අසල සරුවට වැවුණු බට පදුරු වල සිරි සිරියට මුසුව නැවතත් දෝංකාර දෙමින් ඇසෙන්නා සේ සිරිමාවතිට දැනෙන්නට විය. ‘‘පොඩ්ඩියේ තාත්තා හොඳටෝම ලෙඩ ගානේ. තුන්තිස්පැයේ උඹට දෙස් දෙවොල්මයි දොඩවන්නේ. උඹට කිසිදෙයක් නොදෙනවාමයි කියලා ඔන්න අයියට කියලා අද්වකාත් මහත්තයෙක් ගෙන්නලා අයියට හාඩ්වෙයාර් එක තියන කෑල්ල එක්ක, මහගෙදර වත්ත පොල් කෑල්ලත් ලියුවා. සිල්ලර කඩ කෑල්ල අක්කට, කන්දේ කෑල්ලත් එක්ක. කූඹුරත් උන් දෙන්නටම තමා, මම වැඳලා වාගේ, ඔන්න මට අපේ අප්පච්චිලා දුන්න ඉහළගම ඉඩං කෑල්ල උඹට දෙන්න කැමති කර ගත්තා . හැබැයි තාත්තා කියනවා උඹ සිරිතුංගව අත ඇරලා ආවොතින් විතරයි ඒක දෙන්නේ කියලා." ‘‘ඇයි අම්මේ මොකක්ද තාත්තට තියන අසනීපේ?" ‘‘එදා රෑ මමත් කඩේ ඉඳලා ගෙදර එන්ඩ හදන කොට තාත්තා ගණන් හිලව් බලලම ගෙදර එන්නං කියලා, ...බයිසා.....එක්ක මාව ගෙදර එව්වා, අයියත් හාඩ්වෙයාර් කෑල්ල වහලා නැදුන්ගමු ගිහින්. ගෙදර එන්ඩ පරක්කු හන්දා මග බලාන ඉඳලා බැරිම තැන හාමිනා එක්ක ආයේ කඩේට ආවා. එතකොටත් ගණන් පොතයි සල්ලියි මේසය උඩ දිග ඇරගන තාත්තා මේසයට ඔළුව ගහගන හිටියා. ඇඟට අත තියලා කතාකරහමයි දැක්කේ කට පැත්තට ගිහිල්ලා කියලා. එදා ඉදන් දැන් හත් අට මාසයක් උණා නැගිටාගන්ඩ බැ. දැන්නං යාන්තං පටල පටලා කතා කරනවා." ‘‘අනේ අම්මෙ මට තාත්තව බලන්ඩ ඕන. මම ගෙදර එන්ඩද?" ‘‘එනවනං සිරිතුංගව අතඇරලා වරෙන් , එහෙම නැතුව ඇවිත් අර මනුස්සයාගේ අසනීපය තවත් වැඩිකරන්ඩ එපා, ඉහළගම ඉඩමේ උඹට සිල්ලර කඩයක් දාලා දෙන්නං. ඒක කරගන ටික දවසක් ඉදලා වෙන පිළිවළක් බලන්ඩ බැරියැයි." ‘‘පුංචිම කාලේ අපේ ගෙදරට ආපු දවසේ ඉදන් සිරිතුංගගේ දාඩිය මහන්සියෙං තමා ඔය කඩ දෙකයි, වතුපිටි ටිකයි දියුණු උණේ. මට මොන දේ ලැබුණත් මම සිරිතුංගව නං අත ඇරලා එන්නේ නෑ, අම්මේ. අනිත් දේවල් දුන්නා වාගේ ඕකත් අක්කටයි අයියටයිම බෙදලා දෙන්ඩ." ‘‘එහෙනං උඹ මේ නරාවලේම දුක් විඳ විඳ හිටපං. කවදාවත් කියන එකක් අහපු ගෑනියෙක්ද උඹ? දරුවෙකුත් ලැබුණ හන්දා දෙමව්පියන්ගේ අගේ දැනිලා ඔලමොට්ටල මොළය පැදිලා ඇති කියලා හිතුවා. වැදූ කැක්කුම දරාන ඉන්ඩ බැරි හන්දා, අනික එවුන්වත් කැමති කොරං තෝ බලන්ඩ ආවාට, මට තලන්ඩ ඕන බූවල්ලෙන්!'' තම දෙමාපියන් සහ සොහොයුරා සොහොයුරිය ගැන හිතට නැගෙන දැඩි වෛයිරයේ බලයෙන් කිලිටි රෙදි ටික තදින් පොළවේ ගසා මිරිකාගත් සිරිමාවතී, හනිකට වතුර පනිට්ටු දෙකක් ඇඟට හලාගන නිවසට පිය මැන්නාය, මුලින් අකමැත්ත ප්‍රකාශ කළද, තමා සන්තකව ඇති එකම හොඳ ඇඳුමින් සැරසී පෙරමග බලා සිටින උක්කුං දකිනවිට නැගුණ සිනහව දෙතොලට එක් නොකර, හදවත තුළ සිරකරගත් සිරිමාවතී, එළිපත්තේ ගැටගැසූ කොහුලණු වැලේ තිබූ ඉරුණු තුවාය ගෙන හනිකට හිස පිස දැම්මාය. තුවාය ඇඟ වටා දවටාගන තෙත සරම වැලට විසිකළ ඈ, ඇතුල් ගෙට පිවිස වසර කිහිපයක් පැරණි අංඩ දැමු තිසරපටිය හැද ඊට උඩින් චීත්ත ගවුම ඇඟලාගෙන, රෙද්දෙන් මැසු ගමන් මල්ලද අතට ගෙන, එහි ඇති ඇතුල් සාක්කුවේ දැමූ මූදල් නෝට්ටුව ඇතිදැයි සැක හැර දැනගෙන, පිට ලෑලි දොර අඩවල් කරමින් මගට බැස්සාය. කඩුල්ලේ ඉහළ පොල්ල මත නැග කැටකෑල කොටය අල්ලාගන කඩුල්ල පදිමින් සිටි උක්කුං, තම මව කඩුල්ල පනිනවාත් එක්කම ගුරු පාර මැද්දට පැන තම මවට එක් වෙමින් ඉදිරියට පිය මැන්නේය. ‘‘පුතේ ඔන්න උඹ මග දිගට, අරව මේවා ඉල්ල ඉල්ල මට කරදර කරන්නේ එහෙම නෑ හරිද‘‘ ‘‘එහෙනං මට ගල්සියඹලා අරන් දෙනවා කියලා කියුවේ?" ‘‘මං කියන්නේ වෙන මොකවත් ඉල්ලන්ඩ එපා කියලා." ‘‘හ්ම්." අඩියක් දෙකක් ඉක්මන්කළ උක්කුං, සිරිමාවතිගේ අතේ එල්ලි තවත් කතාවකට මුල පිරුවේය. ‘‘අපේ තාත්තට අස්සයෙක් පයින් ගහලද අම්මේ?" ‘‘මොකක්.. මෙහේ කොහෙන්ද බං අස්සයෝ‘?" ‘‘ඒක තමා මමත් කල්පනා කළේ. අද උදෙත් ඔය හොදට හිටියේ. සරත් මාමට පිස්සුද කොහෙද." ‘‘සරත් මොනවද කියුවේ?" ‘‘උදේ තාත්තා දුන්න රුපියල් දෙක අරගන කිරිටොෆී ගන්ඩ කඩේ ගියහම, සරත් මාමා කඩේ ඉදලා .....'ආ කොල්ලෝ, උඹලගේ තාත්තට අස්සයෙක් පයින්ගහලා උඹලට අද ජයයි නේද?' කියුවා." ‘‘එහෙනං ඒක තමා ඊයේ කටගොන්නක් බීගන ඇවිත් සුද්දා වගේ මහ ලොකුවට රුපියල් දාහක් දික්කරේ. හම්බවෙන තුට්ටු දෙක අස්සයන්ට පූජා කරලා, ඉදලා හිටලා දිනන එකවත් වියදං නොකර මගේ අතට දෙනවානං, මම මොන තරම් දේවල් කරනවද! හම්බෙච්ච එකෙන් වැඩි හරියක් සරත්ලට අරක්කු පළවලා, ඉතුරු වෙච්ච දාහ තමයි එහෙනං මට දික්කරේ! ඔකුන් බලාගන ඉන්නේ කාගේ හරි සාක්කුවකට බැහැලා සුද්ද කරන්ඩනේ." ‘‘අස්සයන්ට පූජා කරනවා කියන්නේ මොකක්ද අම්මේ?" ‘‘අහ ගනින් උඹලගේ තාත්තගෙන්." ලැබුණ උත්තරයෙන් පසුබාගිය කොලුවා, කිසිවක් නොකියා පාර දිගේ ඇති බොරළු කැට වලට පයින් ගසමින් පිය මනින්නට විය. ‘‘ගල්වලට පයින් ගහලා ඔය සෙරෙප්පු දෙක කඩාගන්ඩද හදන්නේ?" ‘‘අම්මේ මට අර ජරස් බරස් ගාලා පටි අලවන සෙරෙප්පු දෙකක් අරගන දෙන්ඩකෝ." ‘‘ඔව්වට කොහෙන්ද පුතේ සල්ලි ?" ‘‘දැන් හැමෝම දාන්නේ එව්වා." ‘‘පොල් අතු ටික විකුණලා අරගන දෙන්නංකො." ‘‘එහෙනං අපි අද යන ගමන් හොඳ දෙකක් බලමු. එතකොට පස්සේ ඇවිත් ගන්ඩ පුළුවන්නේ." ‘‘මොන විකාර වැඩක්ද ඒ? වද නොදී යමං." ‘‘අනේ අම්මේ නිකං ගිහිල්ලා බලමුකෝ." ‘‘මගෙන් ගුටි කන්නේ නැතුව කට වහගන වරෙන්." කොලුවා දැන් දිගින් දිගටම, 'අනේ අම්මේ, අනේ අම්මේ' යැයි කියමින් දඟලයි. ගුරු පාරෙන් මහ පාරට පිවිස, ටවුමට කිට්ටුකර ඇති ඇති නිසා ඉඳ හිට පැමිණෙන වාහනයකට හැපේදෝයි බියෙන්, සිරිමාවතී උක්කුං අතින් අල්ලා පාර අයිනට දැම්මාය. ‘‘පාර මැද්දේ නටලා වාහනයකට අඩ තියන්නේ නැතුව වරෙන් අයිනට!" ‘‘අම්මේ අර පේන්නේ සපත්තු කඩේ . අපි එතනින් යනකොට, මම චුට්ටක් බලලා එනකං අම්මා හොඳ අම්මා වාගේ පාරෙන් ඉන්ඩ හරිද? මම ටක්ගාලා බලලා එන්නං." ‘‘උක්කුං මාව මහපාරේ කෑගස්සවන්ඩ එපා . මම ආයේ කියන්නෑ." ‘‘බෑ, මම යනවමයි." ‘‘.....දීං.....දීං.....!!!" ක්ෂණිකව දකුණතේ තිබුණ මල්ල වමතට ගත් සිරිමාවතී, කොලුවාගේ පිට හරහා වැරෙන් පහරවල් දෙකක් ගැසුවාය. හුස්ම හිරවන තරම් තදින් ඒ පහරවල් වැදුනද, කොලුවා කිසිත් නොකීවේය. නොහැඬුවේය. ඇසන නැගුණ කදුළු බිඳු දෑතේම පිටි අල්ලෙන් පිස දැමු කොලුවා, සිරිමාවතීවද පසුකොට වේගයෙන් ඉදිරියට ඇවිදින්නට විය. කවුරුන්හෝ බලාසිටිනවාදැයි වට පිට බැලු සිරිමාවතී කිසිදු හැඟීමක් නැති මුහුණකින් යුතුව තමාට හැකි උපරිම වේගයෙන් කොලුවා පසුපස ඇවිද ගියාය. සපත්තු කඩය ඉදිරිපිට නැවතුන උක්කුං, ආපසු හැරී, සිරිමාවතී තමන් ළඟට පැමිණෙන තෙක් බලා සිටියේය. ‘‘අම්මේ....අනේ!" කිසිවක් නොකි සිරිමාවතී, සපත්තු කඩය දෙසට බයාදු බැල්මක් හෙළුවාය . ඒ නිහඬ අවසරයෙන් පිබිදුන උක්කුං විමසිලිමත් දෑසින් යුතුව කඩය තුළට පිවිසුනේය. මොහොතක් කල්පනාකරමින් සිටි සිරිමාවතීද උක්කුං පසුපස ඇදුනාය. දැන් කොලුවා සතුටු සිතින් සපත්තු රාක්ක අතර ඇවිදිමින්, නොබෝ දිනකින් මව විසින් මිලදි ගෙන දෙනු ලබන සෙරෙප්පු පෝඩුව සොයයි. සිරිමාවතීද කොලුවා පිටුපස ඔහේ ඇවිදිමින් සීටි, සාප්පු සේවකයන්ට වගේ වගක් නැත. රේඩියෝවේ විකාශය වන ක්‍රිකට් විස්තර විචාරය උච්චතම අවස්ථාවට පැමිණ ඇති නිසා, ඔවුන්ට සාප්පුව පිළිබඳව මතකයක්වත් නැත. මේ තරගයෙන් ශ්‍රී ලංකාව පැරදුණහොත්, අවසන් වටයෙන්ද ඉවත්ව ආපසු එන්නට වන්නේය. මේ අවසාන පන්දු වාර තුනයි. දිනන්නට ලකුණු තිස් එකක් රැස් කළ යුතුය. ‘‘අම්මේ මේ තියෙන්නේ! මෙන්න මේක!" ‘‘හ්ම්.‘‘ ‘‘එච්චර ගණන් නෑ අම්මේ සේල් දාලා හාරසිය අනූ නමයයි. අර අතන තව පාට ගොඩක් තියනවා , එව්වත් මේ ජාතියෙද කොහෙද!" උක්කුං මදක් එපිටින් තිබු සපත්තු රාක්කයක් වෙත දිව ගියාය. තවත් මොහොතක් හිටි තැනම රැදී උන් සිරිමාවතී, උක්කුං ළගට පියමැන්නාය. ‘‘අපි යං වෙන දවසක එමූ." කිසිදු අකමැත්තක් ප්‍රකාශ නොකළ උක්කුං, මවට අවනතව කඩෙන් එළියට පය එසෙව්වේය . සාප්පු සේවකයන්ට වගේ වගක් නැත. කොලුවාද ඇදගන හනිකට පොල තුළට පිවිසි සිරිමාවතී , තමාසන්තකව තිබූ එකම නෝට්ටුව වන සිරිතූංග පෙරදා රැයේ දුන් රුපියල් දහස අවසන් වනතෙක් තමන්ට අවශ්‍ය දෑ සුළු ප්‍රමාණවලින් මිලදී ගත්තාය. අවසානයේ ඉතිරිවූ රුපියල් අනූවෙන් , ගල්සියඹලා ගොටු දෙකක් ගෙන එකක් පුතණුවන්ට දී, අනෙක දීයණිය වෙනුවෙන් මල්ලට රුවාගත්තාය. ‘‘යං පුතේ අපි අක්කවත් එක්කගෙනම ගෙදර යං." සිරිමාවතිගේ දියණිය තම නිවසේ වෙසෙනවාට වඩා වැඩිකාලයක් පද්මලතා ටීචර්ගේ නිවසේ වාසය කරයි. සැමියා කොළඹ නතරවී රැකියාවක යෙදෙන නිසා, එම නිවසේ තනිවම වාසය කරන පද්මලතා, පාසල අවසන්ව දැරියද කැටුව ඇගේ නිවසට යන්නීය. උදෑසන පාසලට පැමිණෙනවිට එක්කාගන එන්නීය. දැරිය තම නිවසට යන්නේ . සුරනිමල මහතා නිවසට පැමිණෙන සිකුරාදා හවසට පමණි. එදිනද සිකුරාදාවක් බැවින්, දියණිය කැටුව යන අදහසින් සිරිමාවති, ගුරුතුමියගේ නිවසේ ගේට්ටුව අසලට පැමිණ හඬ නගා කතා කළාය. ‘‘සුදු මැණික .....සුදු මැණික... ටීචර් .....ටීචර්....සුදු මැණික .........!‘‘ ‘‘ආ, ඉන්ඩ සිරිමා මම ගේට්ටුව අරිනකං." ගුරුතුමිය නිවස තුල සිට හඬ නැගුවාය . දොර හැරගෙන ගේට්ටුව වෙත පැමීණ එහි අගුල පන්නනවාත් සමගම, සුදුමැණිකේද නිවසින් එළියට පැමීණ තම මවට සහ මලණුවන්ට එක්වුවාය, ‘‘අනේ, අනේ ගෑණු ළමයා අම්මා දැක්ක ගමන් ඔය ගෙදර දුහන්ඩ හදන්නේ, ඉස්කෝලෙන් දුන්න ගෙදර වැඩ ඉවර කරන්නේ මමද? අපුරුයි සිහි කල්පනාව! යනවා, යනවා. ගිහිල්ලා පොත් බෑග් එක අරගන එනවා." ලැජ්ජාව මුසු සිනහවකින් මුව සරසාගත් සුදුමැණිකේ නැවතත් නිවස තුළට යන්නට දොර අසලට යන විට, පද්මලතා ආදරබර හඬකින් දැරිය ඇමතුවාය ‘‘ ඉරේෂා... අර ෆ්‍රිජ් එකේ තියන කේක් කෑල්ලත් අරගන ගිහිල්ලා මල්ලි එක්ක කන්න පුතේ." පොත් බෑගය රැගත් දියණියද කැටුව මගට පිවිසි සිරිමාවතී, මල්ල තුළින් ගත් ගල්සියඹලා ගොට්ට ඇයට පිරිනැමුවාය. තිදෙනා වැලි පාරදිගේ නිවසට පියමනින අතර උක්කුං කටහඬ අවදි කලේය. ‘‘අක්කේ, සපත්තු කඩේ ලස්සන සෙරෙප්පු ජාතියක් තියනවා. අම්මා මට දෙකක් අරගන දෙනවා කියුවා." ‘‘එහෙනං මටත් ඕන." ‘‘සුදුමැණිකට කුට්ටං දෙක තුනක්ම තියෙන්නේ. මල්ලිට නෑනේ." ‘‘ඒ අම්මා අරන් දුන්න ඒවයැ? ටීචර් අරන් දුන්න ඒවනේ!" ‘‘ පොල් අතු ටික විකුණලා ඔයාටත් අරගන දෙන්නං." ‘‘මෙයාට නාවන මගුලකුත් ගත්තා. මටත් ඒකක් තිබ්බනං හොඳට තෑගි ලැබෙයි!" සිරිමාවති සහ සුදුමැණිකේ කොක් හඬලා සිනාසෙන විට, ඒ ඇයිදැයි තේරුම් ගැනිමට බැරිව අසරණවූ උක්කුං, තම සොහොයුරිට මිට මොලවා පහරක් ගැසුවේය. ‘‘මොකද බතලියේ හිනාවෙන්නේ?" ‘‘ඌයි ....! රිදෙනව මැට්ටෝ! කොල්ලන්ට කොහෙද කොටහළු මගුල් ගන්නේ?" කුමක් හෝ තමන්ට වැරදී ඇති බව තේරුම්ගත් උක්කුං, ලැජ්ජාවෙන් කරබාගෙන, කඩුල්ල පැන ගෙවත්තට පිවිස, ගෙයි ගොම මැටි ගෑ එළිපත්තේ හිඳගත්තේය . ඒ අසලින්ම හිඳගත් සුදුමැණිකා, තම පාසල් බෑගය ඇර, කේක් කෑල්ල ගෙන දෙකට කඩා, ලොකු කැබැල්ල මලයන්ඩියට දුන්නාය. අත් බෑගය සහ එළවළු මල්ල බිම තැබු සිරිමාවති, දොර හැර මල්ල තුළ තිබු යමක් ගෙන උක්කුං වෙතට පෑවාය, ‘‘ආ මයේ පුතේ." පුදුමයෙන් පුදුමයට පත්ව ප්‍රීතියෙන් පිනාගිය උක්කුං, තොරතෝංචියක් නැතිව කියවන්නට ගත්තේය. ‘‘පටි සෙරෙප්පු දෙකක්! අම්මා කොයිවෙලේද අම්මේ මේක ගත්තේ? මම දැක්කෙක්වත් නැනේ. මම ගන්ඩ හිටියේ නිල් පාට එකක්. කළුපාටත් හොදයි, මම අර ඉස්කෝල සපත්තු බල බලා ඉන්න කොටද අම්මා මේක ගත්තේ? අපරාදේ මට කියන්ඩයි තිබ්බේ. තව මීටත් වඩා හොද එව්වා තිබ්බද දන්නෑ." මුහුණ හකුළුවා, කට ඇදකරගත් සුදු මැණිකේ. ‘‘අප්පෝ! මේකද මෙයා මෙච්චර අගේ කරපු සෙරෙප්පු දෙක?" උක්කුං සෙරෙප්පු දෙක අතගාමීන්, ලස්සන බලමින්, නහයට ළං කර, නැවුම් රබර්සුවද උරමින් ඉන්නවා දකින සිරිමාවතීගේ සිතට නැගෙන ලැජ්ජාශීලී , වරදකාරී හෑගීම දෙතොලට නැගෙන බයාදු සිනහවෙන් පිළිබිඹු වෙයි. උක්කුං බිම හිඳගෙන සෙරෙප්පු දෙක දෙපයට අදින්නට පටන් ගන්නා විට, තම දරු දෙදෙනාට මුහුණ දීමට අපහසු තාවයක් දැනුණ බැවින් ඇය ගේ තුළට යන්නට හැරුණා පමණි. ‘‘හොඳ වැඩේ ....පංඩිතයට හොඳ වැඩේ! අම්මා අරගන ඇවිත් තියෙන්නේ එකම පැත්තේ සෙරෙප්පු දෙකක්! " එකවරම පසුපසට හැරුණ සිරිමාවතී, දුටු දෙයින් හිසට අකූණක් වැදුණා මෙන් ගල්ගැසි ගියාය. තම දෙපා වලට අන්දන ලද සෙරෙප්පු දෙක දිහා කඳුළු පිරි දෙනෙතින් බලා සිටින උක්කුංව දකින සිරිමාවතීට, "....අනේ මාව මැරිලවත් යන්නේ නැනේ!" යැයි සිතිණ. ‘‘අම්මේ අපි දැම්ම ගිහිල්ලා මේක මාරු කරගන එමුද ?" ‘‘ඕක ආයේ මාරු කරන්න බැ රත්තරනේ. මම උඹට වෙන දෙකක් අරගන දෙන්නං පස්සේ." උක්කුං ලගින් බිම දණ ඔබා ගත් සිරිමාවතී මහත් ආදරයෙන් තම පුතු තුරුලට ගෙන හිස සිමිබාය. හඬක් නොනැගුනද දෙදෙනාම කදුළු වගුරුවමින් හඬනවා දුටු සුදුමැණිකා සිනා සෙමින් හඬ අවදි කළාය. ‘‘දැන් ඉතින් ඕකට ඔච්චර හොටු හූරන්ඩ ඕනද? ඒ මොකද මාරු කරන්න බැරි? අපි සල්ලි දීලා ගෙනාපු ගමන්නේ! එයාල දැන ගන්න එපැය මාරු කරන් නැතුව අපිට හරියට බඩු දෙන්න." ‘‘සේල් දාපුවා හන්දා ආයේ මාරු කරන්න බෑ කියුවා දරුවෝ." ‘‘අනේ මන්දා අම්මට තේරෙන්නේ නැති හැටියක්! එහෙම කියුවට අපිට එකම කකුලට දාන සෙරෙප්පු දෙකක් කන්ඩද අම්මේ? එයාලගේ වැරැද්දනේ. එයාලා මාරු කරලා දෙන්ඩ ඕන." ‘‘නෑ, නෑ, කොහොමටවත් ආයේ මාරු කරන් නෑ කියුවා." ‘‘අනේ අම්මේ අපි ගිහිල්ලා අහලා බලමුකෝ , අක්කවත් එක්කගෙන යං." ‘‘අනේ මට වද නොදී හිටහල්ලා දරුවනේ ." ‘‘හරිම අසාධාරණයි මේක නං! තාත්තා ආපුවහම තාත්තත් එක්ක ගිහිල්ලා එයාලට බැනලා මාරු ඇරගන එන්ඩයි තියෙන්නේ." "හොදට අහපල්ලා දෙන්නම. මේ කතාව තාත්තට එහෙම කියලා තිබ්බොත් මම වහ ටිකක් කාලා මැරෙන එක මැරෙනවාමයි. අම්මට ආදරයක් තියනවානං දෙන්නම කට පියාගන හිටපල්ලා." කෝපයෙන් සහ දුකින් අතිශයින්ම කලබලයට පත්ව, විරූපී මුහුණින් හඬමින් තමන්ට තර්ජනය කරන තම මව දුටු දරුවන් දෙදෙනා , බෙහෙවින් බියට පත්ව, 'අද අම්මට මොනවා වෙලාද මන්දා' යැයි සිතමින් පසුබා ගියහ. කකුලේ තිබු සෙරෙප්පු දෙක ගලවා අතට ගත් උක්කුං, ඒ දෙස බලාගන කල්පනාවට වැටුණේය. සුදු මැණිකාද කිසිත් නොකියා ගෙතුලට වැදුණාය. කුස්සියට ගිය සිරිමාවතී සිතින් තමන්ටම ශාපකරගනිමින් එළවළු මල්ල අස්කරන්නට පටන් ගත්තාය. ටිකකින් හිමිහිට කුස්සියට පැමීණි උක්කුං සිරිමාවතී ඇමතුවාය. ‘‘අම්මේ." ‘‘අම්මේ." ‘‘හ්ම්." ‘‘අම්මේ... මට තාත්තගේ අර රේසරේ දෙනවද?" ‘‘ඒ මොකටද, ළමයින්ට මොකටද රේසර්? ඕක කඩලා දැම්මහම තාත්තා රුවුළ කපන්නේ මොකෙන්ද?" ‘‘අළුත් එක නෙමෙයි අනේ. අර වහලේ පොල් අතු අස්සේ ගහලා තියන පරණ එක." සිරිමාවතී හිඳගෙන උන් හිරමනය මතින් නැගිට විත්, පොල් අතු වහලයෙන් රේසරය රැගෙන උක්කුංට දුන්නාය. ‘‘අත එහෙම කපා ගන්නෑ, හරිද? මොනවද උඹ දැන් කරන්ඩ යන්නේ?" ‘‘වැඩක්. කරහම බලන්ඩකෝ." උක්කුං සිරිමාවතීට ලස්සන සිනහවකින් සංග්‍රහ කර එළියට දිව්වේය. "පව් මගේ අසරණ දරු පැටව් දෙන්නා!" සිරිමාවතී තමාටම කියා ගනිමින් කුස්සියට ගියාය. හාල් ගරා රෑ පතට ලිප තැබූ ඈ, හාල් මැස්සන් ටිකක් මැටි කෝප්පයට දමාගෙන කුස්සියේ උළු අස්ස යටින් හිඳගෙන, කඩන, කඩන හාල් මැස්සන් ඔළුව බළලාට විසිකලාය. ‘‘අම්මේ මල්ලී මගේ නූල් ඉදිකටු තියන පෙට්ටිය අරගත්තා." ‘‘මල්ලි ආයේ දෙයි දරුවෝ. ඔන්න ඔහේ දෙන්ඩ." ‘‘මගේ එව්වා ඔක්කොම ගන්නවා. කිසි දෙයක් තියාගන්න නෑ." තවත් මොන මොනවාදෝ මුණු මුණු ගාමින් සුදු මැණිකා ආපසු ගේ තුළට පිය මැන්නාය. කුස්සියේ වැඩ කරමින් හෝරාවක් එකහමාරක් ගතවන විට, ටිකෙන් ටික සිරිමාවතී ගේ මනස ප්‍රකෘති තත්වයට පත් වූවාය. වියා ඇති පොල් අතු ගොඩට තව පොල් අතු හාර සීයක්වත් එකතු කර ලොරියක් පිරෙන්නටම පොල් අතු රැස්කර වැඩි මුදලකට විකුණා දරු දෙදෙනාටම සෙරෙප්පු රැගෙන දෙනවායයි සිහින දකිමින් සිටි සිරිමාවති, සිහින ලොවින් එක් වරම පිබිදුණේ, එළිපත්තේ සිට සුදු මැණිකා කෑ ගසන හඬිනි. ‘‘අම්මේ, මෙන්න බලන්න මල්ලී කරලා තියන වැඩේ!" 'ඒ පාර මුන් දෙන්නා මොන ජල්ලියක් නටලද දන්නෑ," යැයි හිතමින් හනිකට එළියට දිවගිය සිරිමාවති දුටු දෙයින් විස්මයට පත්වුවාය. සුදු මැණිකා අමුතු සතෙක් දැක්කාක් මෙන් උක්කුංගේ කකුල් දෙස බලාහිදී . අර සෙරෙප්පු දෙක පය ලාගත් කොලුවා, ආඩම්බර ලීලාවෙන් ඉනට අත්දෙක තබාගන අක්කණ්ඩිය සමග සිනාසේ. සෙරෙප්පු දෙකේ පෙර මෙන් කිසිදු වරදක් පෙනෙන්නට නොමැත. කකුල් දෙකටම ගානට මිම්මට තිබේ. ‘‘කොහොමද මල්ලී ඔයා සෙරෙප්පු දෙක හරිගැස්සුවේ?" ‘‘මම ඉතින් මැට්ටනේ. කියා දෙන්නෙම නෑ." ‘‘අපෝ අහ ගෙන ඉගන ගන්ඩම වැඩේ!" ‘‘මොකක්ද උක්කුං පුතේ සෙරෙප්පු දෙකට කෙරුවේ?" සෙරෙප්පු දෙක ගලවා අතට ගත් උක්කුං, බැරෑරුම් පෙනුමක් ආරුඪ කරගන, පියවරෙන් පියවර, තමන්කළ වික්‍රමය විස්තර කරන්නට පටන් ගත්තේය. ‘‘හොඳට තියන සෙරෙප්පුවට මම මොකුත් කළේ නෑ. දාන්න බැරි එක විතරයි හැදුවේ. මේ බලන්ඩ සෙරෙප්පුවේ අඩිය උඩයි, යටයි වෙනසක් නෑ. දෙපැත්තෙම එකම විදිහට කට්ට තියෙන්නේ. මේ පටි දෙකත් දෙපැත්තට කෑලී හතරකට ජරස් බරස් කෑලි දාලා අලවලා, අපිට ඕන ගානට තද කරන්ඩ තියෙන්නේ. අඩියට පටිය අල්ලලා තියෙන්නේ අඩිය හදනකොටම පටිය ඇතුළට දාලා. මම පටිය තියන තැනින් කපලා පටි හතර කරකවලා අනිත් පැත්තට ගත්තා. එතකොට නිකම්ම අපිට ඕන පැත්තට සෙරෙප්පුව හැරෙනවා, ජරස් බරස් කෑලි ටිකයි, නම ගහපු හම් කෑල්ලයි ගලවලා හරි විදිහට මැහුවා, කාටවත් බෑ දැන් හොයන්ඩ හැදුවා කියලා." ‘‘උඹත් තාත්තා වාගේම හපනෙක් මයේ පුතේ. මයේ රත්තරන, කවදාවත් අනුන්ගේ දෙයක් නොකියා ගන්ඩ එපා."[/SIZE] මේක ගත්තේ මගේ යාලුවකුගේ බ්ලොග් එකකින්...... මිනිහ නියම කතා කාරයා.... අටම්පහුර බ්ලොග් එක කරන්නෙ එයා තමයි. [url]http://atampahura.blogspot.com/[/url] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom