පද රුත් රස: සඳවත
කෙටිකතා, නවකතා, කවි, ගීත පදමාලා මෙන්ම විවිධ රචනා ලියූ ගුවන්විදුලි වැඩසටහන් පිටපත් නාට්‍ය මෙන්ම විචිත්රාංග රැසක් සම්පාදනය කළ ලීලාරත්න කංකානම්ගේ ලේඛකයාගේ නව නිර්මාණ කියවන්ට අවස්ථාව ලදිමි. සඳවත කෘතිය ගීයට නැඹුරු පද්‍ය සමුච්චයකි. සංයමයෙන් යුත් භාවික බස් වහරක් භාවිත කරන්නට තතනන අප ලේඛකයා මුහුකුරා ගිය ජීවන අත්දැකීම් සිය නිර්මාණ වෙත පමුණුවයි. සංකේත, උපමාරූපක මඟින් තම සිතැඟි බණවා ව්‍යංගාර්ථවත් යෙදුම් සහිත වාගුක්ති බවට පත්කරන්ට රචකයා වෑයම් කරයි.
රූපකයෙන් ගහණ කවි දහරකි. එහි ශාන්ත වූ සෞන්දර්යයක් ධ්වනිත වන්නේ ය. සත්‍යය, ධර්මය, ප්‍රේමය, ශාන්තිය අහිංසාව බඳු මානව ගුණධර්ම අප ජීවිතයෙන් පළට වන්නේ නැතිද? කන, බොන, නිඳන, හිඳින, වාඩිවෙන, හැසිරෙන, අඳින, පලඳින, අප ඉරියාපථ යුක්ත සංවරභාවය වල්මත්වීද? හිතේ ශාන්තිය අගතියට පත් ව නැතිවී ගිය සතුට සුවය වල්මත් වූ මංමුලාවැල් පෑගුණු මේ මනුසත් උයනේ හිත්පපුකම් හි සුනිශිත මනෝ භාව සහ නැණෙළිය වල් වැදිලාද? කවියාට නූතන දඟර කම්බි ගැහුණු සමාජ ව්‍යූහයේ වපසරියට පිවිසෙන්නට බිය සැක ඇතිවේ. ඉසියුම්වේදිත මවන්නට කැස කවියා ධවල පිරුවටය වසාගත් උවැසිය වෙතින් සිල් සුවඳ විඳී. අද බොහෝ යව්වන උවැසි උවසුවෝ සැහැදැ නුවණින් සෙත්සිරිය විමසති. මුළු ලොවෙහි අසංස්කෘතික අශිෂ්ට විපරීතය හමුවේ ඔවුහු උභතෝකෝටිකයට ද හසුවෙති.
සොකරි එන්නී සබයෙන් අවසර ගන්නී යනුවෙන් ප්‍රචලිත වූ පාදයකට මාත්‍රා 20 බැඟින් යෙදුණු ඡන්දසක් මෙහි භාවිතය. අපේ ශාන්තිකර්ම සාහිත්‍ය යේ ප්‍රකට ඡන්දසකි ඔය දෙමළ සංස්කෘතිය අපට සිහිකරයි. දෙමළ ජනයාගේ සෙම්බු කළය ඉතා පිරිසුදුය. විචිත්‍රවත් චමත්කාරජනක නැටුම් ගැයුම් වැයුම් පිරුණු මේ සැකැසිය දෙවියන් හා බැඳුණු ආධ්‍යාත්මික භාවයෙන් ද භක්ති කර්ම යෝගයෙන් ද ප්රබෝධජනකය. මනහර තරුණියකගේ රුව අප හච චිත්රණය කරයි. ඇගේ ගිගිරි නද අප සිත් පුබුදු කරයි.
කෝඩුකාරිය තරුණ තරුණියන්ගේ සරසවි සිහිනය අභියෝගයට ලක් කරන කවියකි. අප කවියාගේ රචනා ඇසුරින් ගීතතාව ඉස්මතු වෙයි.
දවස් සියයකට පමණ පසුව අප සරසවි දිවි පෙවෙත මල් පල දළු ලා වැඩෙන්නට පටන් ගනියි. ලක්ෂ සංඛ්‍යාත තරුණ පිරිස අතරින් කීදෙනෙකුට සරසවි වරම් හිමිද? විසල් ගැටලු මතුවී ඇති ක්ෂේත්රයක් නම් කලා - ශාස්ත්‍ර පීඨයන්හිය. ඇමෙරිකාව වැනි රටවල ලිබරල් ආට් නමින් යුත් ශාස්ත්‍රීය උපාධියක් හැදෑරීමෙන් කිසියම් පිරිපුන් බවත් ඡාත්රගණයා ඇසුරෙහි පිළිසිඳෙතැයි අභ්යුපගමයක් පවතියි. ඊට ඉල්ලුම වැඩිය. අප රටේ විශ්වවිද්‍යාල ඔස්සේ ද සමාජ ස්තරායණයේ බැරෑරුම් පරතරයක් ඇත.
සමාජයක් බිහිවෙමින් පවතී. අක්මුල් නැති සංසාරය මෙනි. අප කවියා මේ සරසවි දිළිඳුකම කවියට නඟයි. දුක් ගැහැට පිරිවිතර පසක් කරයි. ඇතැම් ශිෂ්‍යයෝ රෑ වැඩමුරවල නිරත වී ශිෂ්‍යාධාර මහපොළින් අම්මා තාත්තාට ද කිසියම් මුදලක් තැපෑලෙන් යවති. අපි බොහෝ සේ කාලය, ධනය, ශ්‍රමය, වචන, සිතුවිලි නැති නාස්ති කරමින් සිටිමු. සරසවි කෝඩුකාරියගේ පුද්ගල ව්‍යක්තිත්වය ස්වීයත්වය කොහිද? ඇගේ ස්ත්‍රීත්වය කුමන පෞරුෂයකින් යටපත් වෙයිද? ඇය කාට ගොදුරු බිමක් වෙයිද? කාංසාවක් කනස්සල්ලක් හිත ඉපැදෙයි. සියලු අඳුරු ගැර¼ඩි හැව අරිමින් නව ජීවනයකින් ජීවිතය අත්විඳින ප්‍රහර්ෂණීය සුබෝදාව කවදා ළඟා වන්නේ ද? කවියෙහි යටිතලයෙහි මේ සංකල්පය වියත් වෙයි.
සඳවත

සමාධිය
සඳ එළිය පතිතවී
වෙහෙර බිම වසාගෙන
සිහිල් පිනි පැන් ඉසුණු
කැකුළු මල් විකසිතව
බවුන් වැඩූ සිත් පියසෙ
තුන් දොරටු වැසී ඇත
අරමුණෙක එක් සිත් ව
කෙලෙස් බව දුරස් කොට
දඟකාර ගමනකට
විරාමය තැබූ ලෙස
නටන නිල් නුවන් පෙළ
නැඹුරු කොට මිහිකතට
නඟනු ඇත දෙපා පෙළ
පියවරෙන් පියවරට
නැමුණු සිත සන්සුන්ව
හැගුම් ගිරිශිඛර මත
නුරා හිරු එළිය නැත
භක්තිමත් පරිසරය
සමාධිගත සිල් සුවඳ
සිත කෙලෙස් නිවනු ඇත
යොවුන් වියෙ උවැසියගෙ
ගත වසා සුදුවතින්
භාග්‍යවත් බවින් පොහොසත්

මිනිස් බවට උවමක්
රතු තිලක නළලත මැද තබා සිටින්නී
ගිගිරි හඩින් දොඩමලු වුණ පාද සලන්නී
සෙම්බු කළේ හිස මත ගෙන දෙවට පනින්නී
ගොම මැටි ගෑ පැල ඇතුළට පාද නඟන්නී
සුපිපි කුසුම් දිගු වරලස පුරා ගසන්නී
සතුටු සිනාවෙන් වුවනත සරසා ගන්නී
ළමැද සිඹින විලස ගෙලෙහි මාල බඳින්නී
දික් වූ රන් තෝඩු දෙකක් කන් පලඳින්නී
පාද සලඹ පා ජාලා පලඳා ගන්නී
දෑත් පුරා වළලු පැලඳ හඬ නංවන්නී
අඹ කොළගෙයි උළුවස්සේ එල්ලා ගන්නී
භක්තිය පිරි සිත් මැදුරේ දෙව් පුද දෙන්නී
සමන් සඳුන් කොකුමඟරා සුවඳ සලන්නී
මුදු හදවත කරුණාවෙන් පොඟවා ලන්නී
රන් දේදුන්නක නැඟිලා පියා සලන්නී
උතුම් මිනිස් බවට ලොවේ උවමන් වන්නී
රතු තිලක නළලත මැද තබා සිටින්නී
ගිගිරි හඩින් දොඩමලු වුණ පාද සලන්නී
සෙම්බු කළේ හිස මත ගෙන දෙවට පනින්නී
ගොම මැටි ගෑ පැල ඇතුළට පාද නඟන්නී
සුපිපි කුසුම් දිගු වරලස පුරා ගසන්නී
සතුටු සිනාවෙන් වුවනත සරසා ගන්නී
ළමැද සිඹින විලස ගෙලෙහි මාල බඳින්නී
දික් වූ රන් තෝඩු දෙකක් කන් පලඳින්නී
පාද සලඹ පා ජාලා පලඳා ගන්නී
දෑත් පුරා වළලු පැලඳ හඬ නංවන්නී
අඹ කොළගෙයි උළුවස්සේ එල්ලා ගන්නී
භක්තිය පිරි සිත් මැදුරේ දෙව් පුද දෙන්නී
සමන් සඳුන් කොකුමඟරා සුවඳ සලන්නී
මුදු හදවත කරුණාවෙන් පොඟවා ලන්නී
රන් දේදුන්නක නැඟිලා පියා සලන්නී
උතුම් මිනිස් බවට ලොවේ උවමන් වන්නී
සොකරි එන්නී සබයෙන් අවසර ගන්නී යනුවෙන් ප්‍රචලිත වූ පාදයකට මාත්‍රා 20 බැඟින් යෙදුණු ඡන්දසක් මෙහි භාවිතය. අපේ ශාන්තිකර්ම සාහිත්‍ය යේ ප්‍රකට ඡන්දසකි ඔය දෙමළ සංස්කෘතිය අපට සිහිකරයි. දෙමළ ජනයාගේ සෙම්බු කළය ඉතා පිරිසුදුය. විචිත්‍රවත් චමත්කාරජනක නැටුම් ගැයුම් වැයුම් පිරුණු මේ සැකැසිය දෙවියන් හා බැඳුණු ආධ්‍යාත්මික භාවයෙන් ද භක්ති කර්ම යෝගයෙන් ද ප්රබෝධජනකය. මනහර තරුණියකගේ රුව අප හච චිත්රණය කරයි. ඇගේ ගිගිරි නද අප සිත් පුබුදු කරයි.
කෝඩුකාරිය තරුණ තරුණියන්ගේ සරසවි සිහිනය අභියෝගයට ලක් කරන කවියකි. අප කවියාගේ රචනා ඇසුරින් ගීතතාව ඉස්මතු වෙයි.
ගිරි සිකර තරණය කොට
සටහන් පොත් තුරුළට ගෙන
පියවර මනිනා හිමිදිරියේ
රුවක් දකිමි මිහිදුම් මැද
බුද්ධියෙ රන් දෙවොල කරා පියනඟනා
සියුමැලි ගත වෙහෙස පෙඟුණු
බිම රැඳවුණු දිගටි දෑස
සරසවියට කෝඩුවෙන් ම
ආ බව වත කමල කියයි
කමකට නැති මෝස්තරය
ඇඳුම් පැලඳුමෙන් පෙනේය
මුවැත්තියක තුළ සුසැදුණු
බිය සැක මුව තුළ නළියයි
නෙතග අහිංසක බැල්මෙන්
ගැමි හැදියාවක් පෙනේය
අබියස සරසවි පොකුණේ
පිපුණා වූ සියපත සේ
කය රැඳුණත් සරසවි බිම
සිත ගෙදරින් බැහැර නොහේ
වුවනත ලියැවී පෙනේය
හද නළියන සාංකාව
සටහන් පොත් තුරුළට ගෙන
පියවර මනිනා හිමිදිරියේ
රුවක් දකිමි මිහිදුම් මැද
බුද්ධියෙ රන් දෙවොල කරා පියනඟනා
සියුමැලි ගත වෙහෙස පෙඟුණු
බිම රැඳවුණු දිගටි දෑස
සරසවියට කෝඩුවෙන් ම
ආ බව වත කමල කියයි
කමකට නැති මෝස්තරය
ඇඳුම් පැලඳුමෙන් පෙනේය
මුවැත්තියක තුළ සුසැදුණු
බිය සැක මුව තුළ නළියයි
නෙතග අහිංසක බැල්මෙන්
ගැමි හැදියාවක් පෙනේය
අබියස සරසවි පොකුණේ
පිපුණා වූ සියපත සේ
කය රැඳුණත් සරසවි බිම
සිත ගෙදරින් බැහැර නොහේ
වුවනත ලියැවී පෙනේය
හද නළියන සාංකාව
දවස් සියයකට පමණ පසුව අප සරසවි දිවි පෙවෙත මල් පල දළු ලා වැඩෙන්නට පටන් ගනියි. ලක්ෂ සංඛ්‍යාත තරුණ පිරිස අතරින් කීදෙනෙකුට සරසවි වරම් හිමිද? විසල් ගැටලු මතුවී ඇති ක්ෂේත්රයක් නම් කලා - ශාස්ත්‍ර පීඨයන්හිය. ඇමෙරිකාව වැනි රටවල ලිබරල් ආට් නමින් යුත් ශාස්ත්‍රීය උපාධියක් හැදෑරීමෙන් කිසියම් පිරිපුන් බවත් ඡාත්රගණයා ඇසුරෙහි පිළිසිඳෙතැයි අභ්යුපගමයක් පවතියි. ඊට ඉල්ලුම වැඩිය. අප රටේ විශ්වවිද්‍යාල ඔස්සේ ද සමාජ ස්තරායණයේ බැරෑරුම් පරතරයක් ඇත.
සමාජයක් බිහිවෙමින් පවතී. අක්මුල් නැති සංසාරය මෙනි. අප කවියා මේ සරසවි දිළිඳුකම කවියට නඟයි. දුක් ගැහැට පිරිවිතර පසක් කරයි. ඇතැම් ශිෂ්‍යයෝ රෑ වැඩමුරවල නිරත වී ශිෂ්‍යාධාර මහපොළින් අම්මා තාත්තාට ද කිසියම් මුදලක් තැපෑලෙන් යවති. අපි බොහෝ සේ කාලය, ධනය, ශ්‍රමය, වචන, සිතුවිලි නැති නාස්ති කරමින් සිටිමු. සරසවි කෝඩුකාරියගේ පුද්ගල ව්‍යක්තිත්වය ස්වීයත්වය කොහිද? ඇගේ ස්ත්‍රීත්වය කුමන පෞරුෂයකින් යටපත් වෙයිද? ඇය කාට ගොදුරු බිමක් වෙයිද? කාංසාවක් කනස්සල්ලක් හිත ඉපැදෙයි. සියලු අඳුරු ගැර¼ඩි හැව අරිමින් නව ජීවනයකින් ජීවිතය අත්විඳින ප්‍රහර්ෂණීය සුබෝදාව කවදා ළඟා වන්නේ ද? කවියෙහි යටිතලයෙහි මේ සංකල්පය වියත් වෙයි.
- ප්‍රණීත
සිංහල සාහිත්‍යයට ලැදි එළකිරි කොල්ලො කෙල්ලො ටික වෙනුවෙන්ම මෙ වගේ ලිපි පෙළක්ම ටිකෙන් ටික පෝස්ට් කරන්න හිතාගෙන ඉන්නෙ.
Last edited: