Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Yesterday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Tuesday at 10:51 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
පන්දාහේ, දාහේ අලුත්ම සෙල්ලම
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පන්දාහේ, දාහේ අලුත්ම සෙල්ලම

පන්දාහේ, දාහේ අලුත්ම සෙල්ලම

* වලානෙන් කළ තවත් වැටලීමක්

කඳාන ඩි. ආර්. ඕ පාර ප්‍රදේශයේ පිහිටි සුවිසල් නිවසක හිමිකරුවකු වන ප්‍රියන්ත සමාජය හමුවේ පෙනී සිටියේ යමක් කමක් ඇති ව්‍යාපාරිකයකු ලෙසින්ය. ඔහුගේ ඇතුළාන්තය පිළිබඳ හරිහැටි අවබෝධයකින් පසුනොවූ ප්‍රදේශයේ බොහෝදෙනෙක් ඔහු පිළිබඳ හඳුනාගෙන සිට ඇත්තේ කථාබහෙන් මෙන්ම හැසිරීමෙන් ද ඔහු ප්‍රියමනාප පුද්ගලයකු ලෙසින්ය. ප්‍රියන්ත යනු කලක පටන් කූඨ ලෙස රට්ටුන් රවටන ජාවාරම්කරුවකු බව එම ප්‍රදේශයේ ජනතාව පමණක් නොව මුළු රටම දැනගන්නේ ඉකුත් දිනක වලාන දූෂණ මර්දන ඒකකයේ නිලධාරීන් පිරිසක් එක්ව කළ වැටලීමකින් අනතුරුවය.

වලාන දූෂණ මර්දන ඒකකයේ අධ්යක්ෂ සහකාර පොලිස් අධිකාරී හේමාල් මහතාට සිය පෞද්ගලික ඔත්තුකරුවකු මාර්ගයෙන් ඉකුත් දිනක යම් තොරතුරක් ලබා දෙන්නේය. ඉන් කියෑවී ඇත්තේ කඳාන ප්‍රදේශයේ පදිංචිකරුවකු වන ප්‍රියන්ත නැමැත්තා විසින් කලක පටන් පවත්වා ගෙන ගොස් ඇති කූඨ ජාවාරමක් පිළිබඳ තොරතුරකි.

ඒ අනුව තම නිලධාරීන් දැනුවත් කරන සහකාර පොලිස් අධිකාරීවරයා හැකි ඉක්මනින් ප්‍රියන්ත නමැත්තා පිළිබඳ නිවැරදි සොයා බැලීමක් කරන ලෙසත් ඔහු නීති විරෝධි කටයුත්තක නිරතව ඇත්නම් වහාම අත්අඩංගුවට ගන්නා ලෙසත් දැනුම්දී ඇත. ඒ අනුව ක්‍රියාත්මකවන වලාන දූෂණ මර්දන ඒකකයේ නිලධාරීන් පිරිසක් ප්‍රියන්ත පිළිබඳව සූක්ෂම ලෙස සොයා බැලීමක් සිදුකරන අතර කලක පටන් ප්‍රියන්ත විසින් කරගෙන ගොස් තිබූ මහා පරිමාණ ජාවාරමේ සියළු තොරතුරු රට හමුවේ හෙළිදරව් වන්නේ ඉන් අනතුරුවය.

ඒ අනුව දිනක් වෙනත් පුද්ගලයකු මාර්ගයෙන් ඇති කරගත් හිතවත්කමක් මත ප්‍රියන්ත හා යම් කිසි කථාබහක් ඇති කර ගන්නේය. නෙළුව ප්‍රදේශයේ පදිංචිකරුවකු ලෙස ව්‍යාජ රංගනයක යෙදෙන පොලිස් නිලධාරියා ඒ වන විටත් ප්‍රියන්ත පිළිබඳ බොහෝ තොරතුරු හෙළිදරව් කරගෙන තිබූ අතර මුල්වරට ප්‍රියන්ත සමග දුරකථනයෙන් සංවාදය අරඹා ඇත්තේ එම තොරතුරුවලට ගැළපෙන අයුරින්ය.

"හලෝ... ප්‍රියන්ත මහත්තයද"

"ඔව්... කවුද කථා කරන්නෙ"

"මම සමන්... පදිංචිය නෙළුවෙ... මහත්තය ඉලෙක්ට්‍රික් බඩු බිස්නස් කරනව කියල මට කිව්වෙ මගෙ යාළුවෙක්. මමත් පොඩි බිස්නස් එකක් කරනව. මටත්... මහත්තයගෙන් බඩු ටිකක් ගන්න පුළුවන්ද බලන්න කථා කළේ"

"පුළුවන්.... එන්න අපි මුණගැහිල කථා කරමු... මල්ලි අපේ ගෙදර එන්න....

ඒ ආකාරයට පළමු දුරකථන ඇමතුම ගන්නා පොලිස් නිලධාරියා තවත් දිනක් දෙකක් ප්‍රියන්ත සමග දුරකථනයෙන් සම්බන්ධ වෙමින් සමීප ඇසුරක් ගොඩනඟා ගන්නේය. එලෙස කථා කරනු ලබන්නේ තමන්ව අත්අඩංගුවට ගැනීමට මාන බලමින් සිටින පොලිස් නිලධාරීන් පිරිස අතරින් එක් අයකු බව නොදන්නා ප්‍රියන්ත තමන්ගේ වගතුග එකක් නෑර පොලිස් නිලධාරියා හමුවේ ප්‍රකාශ කර ඇත්තේ තමන්ගේ තවත් ගොදුරක් බවට ඔහුව ද පත්කර ගැනීමේ අරමුණින්ය.

දිනක් නැවතත් ප්‍රියන්තට දුරකථන ඇමතුමක් ලබා ගන්නා ව්‍යාපාරික වෙස්ගත් පොලිස් නිලධාරියා ප්‍රියන්ත ගෙන් විමසා ඇත්තේ අලෙවිය පිණිස ඔහු සන්තකයේ පවතින බඩු භාණ්ඩ පිළිබඳවය. එයට ප්‍රියන්ත විසින් පවසා සිටින්නේ පහත සඳහන් පිළිතුරය.

"මෙහෙමයි මල්ලි.... මගෙ ළඟ බිස්නස් කීපයක් තියෙනවා. එකක් තමයි ඉලෙක්ට්‍රික් අයිටම්. මේ හැම බඩුවක් ම වරායෙන් පන්නන ඒව. මම ඒව ගොඩක් අඩුවට දෙනව. ඒ... එකක්. තව බිස්නස් එකක් තියෙනව.. ඒ තමයි අරක්කු සිගරැට්.. ඒවත් හොරබඩු. තව බිස්නස් එකක් තියෙනව. ඒක මල්ලිට කරන්න බැරි වෙයි. ලොකු සල්ලියක් යනව. මට තේරෙනව මල්ලි අහිංසකයෙක් කියල. මල්ලිගෙ තියෙන මනුස්සකම හින්ද මම ඒකත් කියන්නම් මේක තමයි... මම කරන හොඳම බිස්නස් එක. අවුරුද්දක් දෙකක් කරගත්තොත් මල්ලීට ගොඩ යන්න පුළුවන්. මගෙ එක්ක ඒ බිස්නස් එක කරල ගොඩගිය හුඟක් අය රටේ ඉන්නව. මල්ලි කැමැතිනම් මගෙ එක්ක සෙට් වෙන්න පුළුවන්..."

එතෙක් දිනක් තමන් පුල පුලා බලා සිටි තොරතුරට අවශ්‍ය වැදගත්ම දේ හෙළිවන්නේ එතැන් සිට බව තේරුම්ගත් පොලිස් නිලධාරියා "ඒ.... මොකක්ද.. මහත්තයා.." යනුවෙන් විමසා ඇත්තේ වැදගත්ම දේ අසා දැන ගැනීමේ අටියෙන්ය. එයට පිළිතුරු ලබාදෙමින් ප්‍රියන්ත ප්‍රකාශ කර සිටින්නෙ මෙවැන්නක්ය.

"මගේ ළඟ සල්ලි තියෙනව මල්ලි. ඔයා මට ලක්ෂයක් දුන්නොත් මම ඒකට ලක්ෂ තුනක් දෙනව. දැන් ඔයා හිතයි ඒවා හොර සල්ලි කියල නෑ.. මේව හොර සල්ලි නෙවෙයි. ඒවා මට ලැබෙන විදිහත් කියන්නම්කො. මේ සල්ලි ලංකාවෙ වලංගු සල්ලි. අපේ රටට සල්ලි අච්චුගහන තැන තමයි මේකත් අච්චු ගහන්නෙ. එහෙම කරද්දි "රිජෙක්ට්" වෙන සල්ලි තමයි මේව. සාමාන්‍යයෙන් එහෙම රිජෙක්ට් වෙන සල්ලි එළියට එන්නෙ නෑ. ඇතුළෙදීම පුච්චල දානව. නමුත්... මගෙ යාළුවෙක්ගෙ මාර්ගයෙන් මේව මට එනව. මේ බිස්නස් එක මම හැමෝ එක්කම කරන්නෙ නෑ. සීය දෙනෙක් ආවොත් මට විශ්වාස දහදෙනෙක් එක්ක විතර මම මේක කරනව. මල්ලිට පුළුවන්නම් ලක්ෂයක් ගේන්න මම ඒකට ලක්ෂ තුනක් දෙනව පහක් ගෙනාවොත් පහළොවක් දෙනව. බිස්නස් එක යන්නෙ ලක්ෂෙට උඩින් මල්ලිව විශ්වාස කරල මේක කිව්වෙ. කල්පනා කරල බලන්න..."

සියල්ල හෙළිකර ගන්නා පොලිස් නිලධාරියා එම විස්තරය තම ඉහළ නිලධාරීන්ට දැනුම් දෙන අතර ප්‍රියන්තව අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම අරඹා ඇත්තේ ඉන් අනතුරුවය. දින දෙකකට පසුව රුපියල් ලක්ෂ දෙක හමාරක් බෑගයක දමා ගන්නා පොලිස් නිලධාරීන් දෙදෙනකු ප්‍රියන්ත පදිංචි කඳානේ ඩී. ආර්. ඕ පාරේ නිවසට පිටත්ව යන්නේය. එහිදී ප්‍රියන්ත විසින් රුපියල් පන්දහසේ නෝට්ටුවක් ව්‍යාපාරික වෙස්ගත් පොලිස් නිලධාරීන්ට ලබාදෙමින් ප්‍රකාශ කර ඇත්තේ එම රුපියල් පන්දහසේ නෝට්ටුවේ මොනයම් හෝ වෙනසක් තිබේනම් එය ඔහුට පෙන්වන ලෙසින්ය. එය හොඳින් පරීක්ෂා කර ඇති පොලිස් නිලධාරීන් එම නෝට්ටුව නැවත ප්‍රියන්ත අතට පත් කරමින් ප්‍රකාශ කර ඇත්තේ කිසිම වෙනසක් දකින්නට නොලැබූ බවත්ය. එහිදී තවදුරටත් විශ්වාසය තහවුරු කර ගැනීම ප්‍රියන්ත විසින් පවසා සිටින්නේ මෙවැන්නක්ය.

"වෙනසක් තියෙනව... මම ඒක මල්ලිට පෙන්වන්නම් මේ... බලන්න. මේ පන්දාහෙ කොළේ අපි ගනුදෙනු කරන කොළයට වඩා දශමයක් දෙකක් ලොකුයි. එච්චරයි වෙනස. මේව මැෂින් දාල චෙක්කරාට අහුවෙන්නෙ නෑ. මම කිව්වෙ නැතත් ඒක කාටවත් පේන්නෙ නෑ මල්ලි. හරි දැන් ඔයගොල්ලො කීයක් අද ගෙනාව ද?..."

"ලක්ෂ දෙකයි"

"හරි... අපි බිස්නස් එක කරමු. ඔයගොල්ලො වාඩිවෙලා ඉන්න. මම කැලණියට ගිහින් සල්ලි අරන් එන්නම්" ලොකු සල්ලියක් මම ගෙදර තියන් ඉන්නෙ නෑ මල්ලි. ඔය සල්ලි ටික මට දෙන්න පැයකින් බිස්නස් එක ඉවර කරමු."

ජාවාරම්කරු ප්‍රියන්ත එසේ පැවැසීමත් සමඟ රුපියල් ලක්ෂ දෙකේ හිමිකරු ලෙස පෙනී සිටි පොලිස් නිලධාරියා ඊට අකමැත්ත ප්‍රකාශ කර ඇත. ප්‍රියන්ත කෙරෙහි ඇතිවූ සැකය මත ඔවුන් එදින ගනුදෙනුව සිදුනොකොට රැගෙන ගිය මුදලද සමග ආපසු පැමිණි අතර නැවතත් දුරකථන ඇමතුමක් ගන්නා ප්‍රියන්ත සමග හිතවත් පොලිස් නිලධාරියා ප්‍රියන්තට පවසා ඇත්තේ තමන් සමග පැමිණි මිතුරා අකමැතිවීම හේතුවෙන් ගනුදෙනුව සිදුනොවූ බවත් වෙනත් දිනක තමන් මුදල් රැගෙන ප්‍රියන්ත මුණගැසීමට පැමිණෙන බවත්ය.

ඒ අනුව දින කීපයකට පසු රුපියල් ලක්ෂ එක හමාරක් රැගෙන ප්‍රියන්ත මුණගැසීමට යන ව්‍යාපාරිකයන් ලෙස පෙනී සිටි පොලිස් නිලධාරීන් දෙදෙනා එදිනද ප්‍රියන්තව මුණ ගැසෙන්නේය. එදින ප්‍රියන්ත මුණගැසීමට තවත් පිරිසක් යන අතර ඔවුන් වලාන දූෂණ මර්දන ඒකකයේ නිලධාරීන් පිරිසක්ය. ඔවුන්ව වෙනත් තැනක ර`දවන වෙස්වළාගත් පොලිස් නිලධාරීන් එදින ප්‍රියන්තව මුණගැසීමට පිටත්ව යන්නේ ඔහුව අත්අඩංගුවට ගැනීමට සැලසුම් සකස් කිරීමෙන් අනතුරුවය.

මුදල් ද රැගෙන ප්‍රියන්තගේ නිවසට යන පොලිස් නිලධාරීන් ප්‍රියන්ත සමග කථාබහ කරන අතරතුර ප්‍රියන්තට පවසා ඇත්තේ තමන්ට නැවතත් "සාම්පල්" පරීක්ෂා කිරීමට අවශ්‍ය බවය. ඒ අනුව නිවස තුළට යන ප්‍රියන්ත රුපියල් දහසේ නෝට්ටුවක් රැගෙන එන අතර එතෙක් වේලා මඟ රැක සිටි අනිකුත් පොලිස් නිලධාරීන් පිරිස නිවස වටලනු ලබන්නේ ප්‍රියන්තට කිසිවක් සිතා ගැනීමට පවා ඉඩ නොතබමින්ය. තමන් පොලිසියට කොටුවූ බව තේරුම්ගත් ඔහු පොලිස් ප්‍රශ්න කිරීම් හමුවේ එතෙක් දිනක් සිදුකරන ලද ජාවාරම පිළිබඳ සියලු තොරතුරු හෙළිකර ඇත්තේ ඉන් අනතුරුවය.

එම තොරතුරුවලට අනුව මොහු විසින් කලක් තිස්සේ මෙම ජාවාරම සිදුකරගෙන ගොස් ඇත. ඒ සඳහා තවත් පුද්ගලයන් කීපදෙනකුගේ සහයෝගය ද ප්‍රියන්තට ලැබී ඇත. ඔවුන්ට ද ඒ සඳහා ප්‍රියන්ත විසින් මුදල් ගෙවා ඇත. පොලිසිය විසින් සොයා ගෙන ඇති තොරතුරුවලට අනුව ප්‍රියන්ත ඇතුළු පිරිස විසින් සිදුකර ඇත්තේ අමුතුම ආකාරයේ රංගනයක්ය. ඔවුන්ගේ උගුලට හසුවූ පුද්ගලයන් මෙන්ම ව්‍යාපාරිකයන් ලෙස පෙනී සිටි පොලිස් නිලධාරීන් දෙදෙනාට ද ප්‍රියන්ත ඇතුළු කණ්ඩායම විසින් කියා ඇත්තේ ඔවුන් සතු මුදල් හොර නෝට්ටු නොවන බවය. එය සැබෑවක්ය. ප්‍රියන්ත විසින් සිදුකරන්නේ ලංකාවේ වලංගු රුපියල් දහසේ සහ පන්දහසේ නෝට්ටුවක් ගෙන ජලයේ ඔබා එය ස්ත‍්‍රික්කයක ආධාරයෙන් රත් කිරීමය. එවිට එම නෝට්ටුව යම් ප්‍රමාණයකට විශාල වීමක් සිදුවන්නේය. ගනුදෙනුකරුවන් ඔහුගේ උගුලේ වැටී ඇත්තේ එම වෙනස්කම හේතුවෙන්ය.

ඉන් අනතුරුව පුවත්පත් දැන්වීම් සහ වෙනත් හිතවක්කම් මත හඳුනා ගන්නා රටේ විවිධ ප්‍රදේශවල පුද්ගලයන් රවටමින් ඔවුන් සතු මුදල් විශාල වශයෙන් වංචා සහගත ලෙස ප්‍රියන්ත ඇතුළු පිරිස විසින් ලබාගෙන ඇත්තේ ඉන් අනතුරුවය.

ඒ අනුව තමන් වෙත පැමිණෙන ගනුදෙනුකරුවන්ට වතුරේ ඔබා ස්ත්රික්කයෙන් මදින ලද ලංකාවේ වලංගු මුදල් නෝට්ටු පෙන්වන ඔවුන් එකට තුන අනුපාතයට වැඩි මුදලක් ලබා දෙන බව පවසමින් ගනුදෙනුකරුවන් රැගෙන එන මුදල් ඔවුන් විසින් ලබාගෙන ඇත. ඉන් අනතුරුව තුන් ගුණයක් මුදල් රැගෙන එන බව පවසමින් ප්‍රියන්ත නිවසින් පිටත්ව යන්නේය. ගනුදෙනුකරු ප්‍රියන්තගේ නිවස තුළ ඔහු එනතුරු මග බලමින් සිටින අතර ගිවිස ගත් කාල වේලාව තුළ ඔහු නැවත නිවසට පැමිණෙන්නේ නැත.

පැයක් දෙකක් ගත වූ පසු ඔහු ගනුදෙනුකරු අමතා කියා සිටින්නේ මුළු මුදලම එදින ලබා දිය නොහැකි බවත් පසුදින ගනුදෙනුව සම්පූර්ණ කළ හැකි බවත් ය. ඒ අනුව රුපියල් ලක්ෂයක් ලබා ගන්නා පුද්ගලයාට එදින රුපියල් පහළොස් දහසක් හෝ ඊට ආසන්න මුදලක් ලබා දෙන ප්‍රියන්ත ගනුදෙනුකරුට වෙනත් දිනක තමන් මුණගැසීමට පැමිණෙන ලෙස දැනුම් දෙන්නේය.

ප්‍රියන්ත විසින් මෙම කූට ගනුදෙනුවට හසුකර ගන්නේ ඈත දුෂ්කර පළාත්වල අහිංසක මිනිසුන් බැවින් ඔවුන් එම උගුලට හසුව දින ගණනක් පැමිණිය ද ඔවුන් ප්‍රියන්තට දුන් මුදල හෝ නැවත ලබා ගැනීමට සමත් වී නොමැත. ඊට අමතරව පොලිසිය විසින් හෙළි කරගෙන ඇති තොරතුරුවලට අනුව ප්‍රියන්ත ඇතුළු ඔහුගේ සහචරයන් අතර "හොරා පොලිස්" කණ්ඩායමක් ද සිටින අතර මුදල් රැගෙන ප්‍රියන්ත නිවසින් පිට වූ පසු එම "හොරා පොලිස්"කණ්ඩායම ප්‍රියන්තගේ නිවස වටලන්නේය. නිවසෙහි හොරබඩු ඇති බව පවසමින් එලෙස නිවස වටලන හොරා පොලිස් කණ්ඩායම දුටු සැණින් ගනුදෙනුකරු තක්කු මුක්කු වන අතර එතැන් සිට ඔහුගේ උත්සාහය වන්නේ පොලිසියට හසු නොවී නිවසින් පිටව ඒමය. මේ ආකාරයේ විවිධ උපාය උපක්‍රම භාවිත කරමින් ප්‍රියන්ත ඇතුළු කල්ලිය මෙතෙක් කලක් පවත්වාගෙන ආ කූට ව්‍යාපාරය ඉකුත් දිනක වලාන දූෂණ මර්දන ඒකකයේ නිලධාරීන්ගේ මැදිහත් වීම මත නිමාවට පත්ව ඇත්තේ බඩුත් සමඟ ප්‍රියන්තව පොලිසියට කොටුවීමත් සමඟය.

මේ ආකාරයට රටේ විවිධ තැන්වල විවිධ උපක්‍රම භාවිත කරමින් අහිංසක මිනිසුන් රවටන අතර තවමත් බොහෝ දෙනෙක් එහි ගොදුරු බවට පත්වන්නේය. ප්‍රියන්ත විසින් මිනිසුන් රවටා ඇත්තේ අමුතුම ක්‍රම සහ විධි භාවිත කරමින් බව පොලිසිය විසින් සොයාගනු ලබන්නේ දීර්ඝ සොයා බැලීමකින් අනතුරුවය. වැඩි මුදල් ඉපැයීමේ ආශාවෙන් තමන් සතුව පැවැති මුදල පවා අහිමි කරගත් පිරිසක් පිළිබඳ මේ කථාවෙන් අනාවරණය වන අතර මෙම මෙහෙයුම සිදු කර ඇත්තේ වලාන දූෂණ මර්දන ඒකකයේ වැඩ බලන අධ්යක්ෂ සහකාර පොලිස් අධිකාරී හේමාල් ප්‍රශාන්ත, ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක රංජිත් රාජපක්ෂ යන මහත්වරුන්ගේ පූර්ණ උපදෙස් මත උ. පො. ප. සම්පත්, පො සැ. 42520 ජයරත්න පො.සැ. 34950 සම්පත්. පො. කො. 428 ජයලාල්, පො. කො. 409 විඡේරත්න, පො.කො. 72646 අරුණ, පො. කො. 77981 ප්රබුද්ධ, පො. කො. 30848 තේනුවර, පො. සැ. රි. 17014 තිලකරත්න, පො. කො. 75056 ඉන්දික, පො කො. රි. 89431 අබේරත්න සහ කා. පො. කො. ඩිල්කි යන පොලිස් නිලධාරීන් විසින් ය.

[QUOTE="bravehearts, post: 23440197, member: 513648"] [b]පන්දාහේ, දාහේ අලුත්ම සෙල්ලම[/b] [COLOR="Navy"][SIZE="3"]පන්දාහේ, දාහේ අලුත්ම සෙල්ලම * වලානෙන් කළ තවත් වැටලීමක් කඳාන ඩි. ආර්. ඕ පාර ප්‍රදේශයේ පිහිටි සුවිසල් නිවසක හිමිකරුවකු වන ප්‍රියන්ත සමාජය හමුවේ පෙනී සිටියේ යමක් කමක් ඇති ව්‍යාපාරිකයකු ලෙසින්ය. ඔහුගේ ඇතුළාන්තය පිළිබඳ හරිහැටි අවබෝධයකින් පසුනොවූ ප්‍රදේශයේ බොහෝදෙනෙක් ඔහු පිළිබඳ හඳුනාගෙන සිට ඇත්තේ කථාබහෙන් මෙන්ම හැසිරීමෙන් ද ඔහු ප්‍රියමනාප පුද්ගලයකු ලෙසින්ය. ප්‍රියන්ත යනු කලක පටන් කූඨ ලෙස රට්ටුන් රවටන ජාවාරම්කරුවකු බව එම ප්‍රදේශයේ ජනතාව පමණක් නොව මුළු රටම දැනගන්නේ ඉකුත් දිනක වලාන දූෂණ මර්දන ඒකකයේ නිලධාරීන් පිරිසක් එක්ව කළ වැටලීමකින් අනතුරුවය. වලාන දූෂණ මර්දන ඒකකයේ අධ්යක්ෂ සහකාර පොලිස් අධිකාරී හේමාල් මහතාට සිය පෞද්ගලික ඔත්තුකරුවකු මාර්ගයෙන් ඉකුත් දිනක යම් තොරතුරක් ලබා දෙන්නේය. ඉන් කියෑවී ඇත්තේ කඳාන ප්‍රදේශයේ පදිංචිකරුවකු වන ප්‍රියන්ත නැමැත්තා විසින් කලක පටන් පවත්වා ගෙන ගොස් ඇති කූඨ ජාවාරමක් පිළිබඳ තොරතුරකි. ඒ අනුව තම නිලධාරීන් දැනුවත් කරන සහකාර පොලිස් අධිකාරීවරයා හැකි ඉක්මනින් ප්‍රියන්ත නමැත්තා පිළිබඳ නිවැරදි සොයා බැලීමක් කරන ලෙසත් ඔහු නීති විරෝධි කටයුත්තක නිරතව ඇත්නම් වහාම අත්අඩංගුවට ගන්නා ලෙසත් දැනුම්දී ඇත. ඒ අනුව ක්‍රියාත්මකවන වලාන දූෂණ මර්දන ඒකකයේ නිලධාරීන් පිරිසක් ප්‍රියන්ත පිළිබඳව සූක්ෂම ලෙස සොයා බැලීමක් සිදුකරන අතර කලක පටන් ප්‍රියන්ත විසින් කරගෙන ගොස් තිබූ මහා පරිමාණ ජාවාරමේ සියළු තොරතුරු රට හමුවේ හෙළිදරව් වන්නේ ඉන් අනතුරුවය. ඒ අනුව දිනක් වෙනත් පුද්ගලයකු මාර්ගයෙන් ඇති කරගත් හිතවත්කමක් මත ප්‍රියන්ත හා යම් කිසි කථාබහක් ඇති කර ගන්නේය. නෙළුව ප්‍රදේශයේ පදිංචිකරුවකු ලෙස ව්‍යාජ රංගනයක යෙදෙන පොලිස් නිලධාරියා ඒ වන විටත් ප්‍රියන්ත පිළිබඳ බොහෝ තොරතුරු හෙළිදරව් කරගෙන තිබූ අතර මුල්වරට ප්‍රියන්ත සමග දුරකථනයෙන් සංවාදය අරඹා ඇත්තේ එම තොරතුරුවලට ගැළපෙන අයුරින්ය. "හලෝ... ප්‍රියන්ත මහත්තයද" "ඔව්... කවුද කථා කරන්නෙ" "මම සමන්... පදිංචිය නෙළුවෙ... මහත්තය ඉලෙක්ට්‍රික් බඩු බිස්නස් කරනව කියල මට කිව්වෙ මගෙ යාළුවෙක්. මමත් පොඩි බිස්නස් එකක් කරනව. මටත්... මහත්තයගෙන් බඩු ටිකක් ගන්න පුළුවන්ද බලන්න කථා කළේ" "පුළුවන්.... එන්න අපි මුණගැහිල කථා කරමු... මල්ලි අපේ ගෙදර එන්න.... ඒ ආකාරයට පළමු දුරකථන ඇමතුම ගන්නා පොලිස් නිලධාරියා තවත් දිනක් දෙකක් ප්‍රියන්ත සමග දුරකථනයෙන් සම්බන්ධ වෙමින් සමීප ඇසුරක් ගොඩනඟා ගන්නේය. එලෙස කථා කරනු ලබන්නේ තමන්ව අත්අඩංගුවට ගැනීමට මාන බලමින් සිටින පොලිස් නිලධාරීන් පිරිස අතරින් එක් අයකු බව නොදන්නා ප්‍රියන්ත තමන්ගේ වගතුග එකක් නෑර පොලිස් නිලධාරියා හමුවේ ප්‍රකාශ කර ඇත්තේ තමන්ගේ තවත් ගොදුරක් බවට ඔහුව ද පත්කර ගැනීමේ අරමුණින්ය. දිනක් නැවතත් ප්‍රියන්තට දුරකථන ඇමතුමක් ලබා ගන්නා ව්‍යාපාරික වෙස්ගත් පොලිස් නිලධාරියා ප්‍රියන්ත ගෙන් විමසා ඇත්තේ අලෙවිය පිණිස ඔහු සන්තකයේ පවතින බඩු භාණ්ඩ පිළිබඳවය. එයට ප්‍රියන්ත විසින් පවසා සිටින්නේ පහත සඳහන් පිළිතුරය. "මෙහෙමයි මල්ලි.... මගෙ ළඟ බිස්නස් කීපයක් තියෙනවා. එකක් තමයි ඉලෙක්ට්‍රික් අයිටම්. මේ හැම බඩුවක් ම වරායෙන් පන්නන ඒව. මම ඒව ගොඩක් අඩුවට දෙනව. ඒ... එකක්. තව බිස්නස් එකක් තියෙනව.. ඒ තමයි අරක්කු සිගරැට්.. ඒවත් හොරබඩු. තව බිස්නස් එකක් තියෙනව. ඒක මල්ලිට කරන්න බැරි වෙයි. ලොකු සල්ලියක් යනව. මට තේරෙනව මල්ලි අහිංසකයෙක් කියල. මල්ලිගෙ තියෙන මනුස්සකම හින්ද මම ඒකත් කියන්නම් මේක තමයි... මම කරන හොඳම බිස්නස් එක. අවුරුද්දක් දෙකක් කරගත්තොත් මල්ලීට ගොඩ යන්න පුළුවන්. මගෙ එක්ක ඒ බිස්නස් එක කරල ගොඩගිය හුඟක් අය රටේ ඉන්නව. මල්ලි කැමැතිනම් මගෙ එක්ක සෙට් වෙන්න පුළුවන්..." එතෙක් දිනක් තමන් පුල පුලා බලා සිටි තොරතුරට අවශ්‍ය වැදගත්ම දේ හෙළිවන්නේ එතැන් සිට බව තේරුම්ගත් පොලිස් නිලධාරියා "ඒ.... මොකක්ද.. මහත්තයා.." යනුවෙන් විමසා ඇත්තේ වැදගත්ම දේ අසා දැන ගැනීමේ අටියෙන්ය. එයට පිළිතුරු ලබාදෙමින් ප්‍රියන්ත ප්‍රකාශ කර සිටින්නෙ මෙවැන්නක්ය. "මගේ ළඟ සල්ලි තියෙනව මල්ලි. ඔයා මට ලක්ෂයක් දුන්නොත් මම ඒකට ලක්ෂ තුනක් දෙනව. දැන් ඔයා හිතයි ඒවා හොර සල්ලි කියල නෑ.. මේව හොර සල්ලි නෙවෙයි. ඒවා මට ලැබෙන විදිහත් කියන්නම්කො. මේ සල්ලි ලංකාවෙ වලංගු සල්ලි. අපේ රටට සල්ලි අච්චුගහන තැන තමයි මේකත් අච්චු ගහන්නෙ. එහෙම කරද්දි "රිජෙක්ට්" වෙන සල්ලි තමයි මේව. සාමාන්‍යයෙන් එහෙම රිජෙක්ට් වෙන සල්ලි එළියට එන්නෙ නෑ. ඇතුළෙදීම පුච්චල දානව. නමුත්... මගෙ යාළුවෙක්ගෙ මාර්ගයෙන් මේව මට එනව. මේ බිස්නස් එක මම හැමෝ එක්කම කරන්නෙ නෑ. සීය දෙනෙක් ආවොත් මට විශ්වාස දහදෙනෙක් එක්ක විතර මම මේක කරනව. මල්ලිට පුළුවන්නම් ලක්ෂයක් ගේන්න මම ඒකට ලක්ෂ තුනක් දෙනව පහක් ගෙනාවොත් පහළොවක් දෙනව. බිස්නස් එක යන්නෙ ලක්ෂෙට උඩින් මල්ලිව විශ්වාස කරල මේක කිව්වෙ. කල්පනා කරල බලන්න..." සියල්ල හෙළිකර ගන්නා පොලිස් නිලධාරියා එම විස්තරය තම ඉහළ නිලධාරීන්ට දැනුම් දෙන අතර ප්‍රියන්තව අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම අරඹා ඇත්තේ ඉන් අනතුරුවය. දින දෙකකට පසුව රුපියල් ලක්ෂ දෙක හමාරක් බෑගයක දමා ගන්නා පොලිස් නිලධාරීන් දෙදෙනකු ප්‍රියන්ත පදිංචි කඳානේ ඩී. ආර්. ඕ පාරේ නිවසට පිටත්ව යන්නේය. එහිදී ප්‍රියන්ත විසින් රුපියල් පන්දහසේ නෝට්ටුවක් ව්‍යාපාරික වෙස්ගත් පොලිස් නිලධාරීන්ට ලබාදෙමින් ප්‍රකාශ කර ඇත්තේ එම රුපියල් පන්දහසේ නෝට්ටුවේ මොනයම් හෝ වෙනසක් තිබේනම් එය ඔහුට පෙන්වන ලෙසින්ය. එය හොඳින් පරීක්ෂා කර ඇති පොලිස් නිලධාරීන් එම නෝට්ටුව නැවත ප්‍රියන්ත අතට පත් කරමින් ප්‍රකාශ කර ඇත්තේ කිසිම වෙනසක් දකින්නට නොලැබූ බවත්ය. එහිදී තවදුරටත් විශ්වාසය තහවුරු කර ගැනීම ප්‍රියන්ත විසින් පවසා සිටින්නේ මෙවැන්නක්ය. "වෙනසක් තියෙනව... මම ඒක මල්ලිට පෙන්වන්නම් මේ... බලන්න. මේ පන්දාහෙ කොළේ අපි ගනුදෙනු කරන කොළයට වඩා දශමයක් දෙකක් ලොකුයි. එච්චරයි වෙනස. මේව මැෂින් දාල චෙක්කරාට අහුවෙන්නෙ නෑ. මම කිව්වෙ නැතත් ඒක කාටවත් පේන්නෙ නෑ මල්ලි. හරි දැන් ඔයගොල්ලො කීයක් අද ගෙනාව ද?..." "ලක්ෂ දෙකයි" "හරි... අපි බිස්නස් එක කරමු. ඔයගොල්ලො වාඩිවෙලා ඉන්න. මම කැලණියට ගිහින් සල්ලි අරන් එන්නම්" ලොකු සල්ලියක් මම ගෙදර තියන් ඉන්නෙ නෑ මල්ලි. ඔය සල්ලි ටික මට දෙන්න පැයකින් බිස්නස් එක ඉවර කරමු." ජාවාරම්කරු ප්‍රියන්ත එසේ පැවැසීමත් සමඟ රුපියල් ලක්ෂ දෙකේ හිමිකරු ලෙස පෙනී සිටි පොලිස් නිලධාරියා ඊට අකමැත්ත ප්‍රකාශ කර ඇත. ප්‍රියන්ත කෙරෙහි ඇතිවූ සැකය මත ඔවුන් එදින ගනුදෙනුව සිදුනොකොට රැගෙන ගිය මුදලද සමග ආපසු පැමිණි අතර නැවතත් දුරකථන ඇමතුමක් ගන්නා ප්‍රියන්ත සමග හිතවත් පොලිස් නිලධාරියා ප්‍රියන්තට පවසා ඇත්තේ තමන් සමග පැමිණි මිතුරා අකමැතිවීම හේතුවෙන් ගනුදෙනුව සිදුනොවූ බවත් වෙනත් දිනක තමන් මුදල් රැගෙන ප්‍රියන්ත මුණගැසීමට පැමිණෙන බවත්ය. ඒ අනුව දින කීපයකට පසු රුපියල් ලක්ෂ එක හමාරක් රැගෙන ප්‍රියන්ත මුණගැසීමට යන ව්‍යාපාරිකයන් ලෙස පෙනී සිටි පොලිස් නිලධාරීන් දෙදෙනා එදිනද ප්‍රියන්තව මුණ ගැසෙන්නේය. එදින ප්‍රියන්ත මුණගැසීමට තවත් පිරිසක් යන අතර ඔවුන් වලාන දූෂණ මර්දන ඒකකයේ නිලධාරීන් පිරිසක්ය. ඔවුන්ව වෙනත් තැනක ර`දවන වෙස්වළාගත් පොලිස් නිලධාරීන් එදින ප්‍රියන්තව මුණගැසීමට පිටත්ව යන්නේ ඔහුව අත්අඩංගුවට ගැනීමට සැලසුම් සකස් කිරීමෙන් අනතුරුවය. මුදල් ද රැගෙන ප්‍රියන්තගේ නිවසට යන පොලිස් නිලධාරීන් ප්‍රියන්ත සමග කථාබහ කරන අතරතුර ප්‍රියන්තට පවසා ඇත්තේ තමන්ට නැවතත් "සාම්පල්" පරීක්ෂා කිරීමට අවශ්‍ය බවය. ඒ අනුව නිවස තුළට යන ප්‍රියන්ත රුපියල් දහසේ නෝට්ටුවක් රැගෙන එන අතර එතෙක් වේලා මඟ රැක සිටි අනිකුත් පොලිස් නිලධාරීන් පිරිස නිවස වටලනු ලබන්නේ ප්‍රියන්තට කිසිවක් සිතා ගැනීමට පවා ඉඩ නොතබමින්ය. තමන් පොලිසියට කොටුවූ බව තේරුම්ගත් ඔහු පොලිස් ප්‍රශ්න කිරීම් හමුවේ එතෙක් දිනක් සිදුකරන ලද ජාවාරම පිළිබඳ සියලු තොරතුරු හෙළිකර ඇත්තේ ඉන් අනතුරුවය. එම තොරතුරුවලට අනුව මොහු විසින් කලක් තිස්සේ මෙම ජාවාරම සිදුකරගෙන ගොස් ඇත. ඒ සඳහා තවත් පුද්ගලයන් කීපදෙනකුගේ සහයෝගය ද ප්‍රියන්තට ලැබී ඇත. ඔවුන්ට ද ඒ සඳහා ප්‍රියන්ත විසින් මුදල් ගෙවා ඇත. පොලිසිය විසින් සොයා ගෙන ඇති තොරතුරුවලට අනුව ප්‍රියන්ත ඇතුළු පිරිස විසින් සිදුකර ඇත්තේ අමුතුම ආකාරයේ රංගනයක්ය. ඔවුන්ගේ උගුලට හසුවූ පුද්ගලයන් මෙන්ම ව්‍යාපාරිකයන් ලෙස පෙනී සිටි පොලිස් නිලධාරීන් දෙදෙනාට ද ප්‍රියන්ත ඇතුළු කණ්ඩායම විසින් කියා ඇත්තේ ඔවුන් සතු මුදල් හොර නෝට්ටු නොවන බවය. එය සැබෑවක්ය. ප්‍රියන්ත විසින් සිදුකරන්නේ ලංකාවේ වලංගු රුපියල් දහසේ සහ පන්දහසේ නෝට්ටුවක් ගෙන ජලයේ ඔබා එය ස්ත‍්‍රික්කයක ආධාරයෙන් රත් කිරීමය. එවිට එම නෝට්ටුව යම් ප්‍රමාණයකට විශාල වීමක් සිදුවන්නේය. ගනුදෙනුකරුවන් ඔහුගේ උගුලේ වැටී ඇත්තේ එම වෙනස්කම හේතුවෙන්ය. ඉන් අනතුරුව පුවත්පත් දැන්වීම් සහ වෙනත් හිතවක්කම් මත හඳුනා ගන්නා රටේ විවිධ ප්‍රදේශවල පුද්ගලයන් රවටමින් ඔවුන් සතු මුදල් විශාල වශයෙන් වංචා සහගත ලෙස ප්‍රියන්ත ඇතුළු පිරිස විසින් ලබාගෙන ඇත්තේ ඉන් අනතුරුවය. ඒ අනුව තමන් වෙත පැමිණෙන ගනුදෙනුකරුවන්ට වතුරේ ඔබා ස්ත්රික්කයෙන් මදින ලද ලංකාවේ වලංගු මුදල් නෝට්ටු පෙන්වන ඔවුන් එකට තුන අනුපාතයට වැඩි මුදලක් ලබා දෙන බව පවසමින් ගනුදෙනුකරුවන් රැගෙන එන මුදල් ඔවුන් විසින් ලබාගෙන ඇත. ඉන් අනතුරුව තුන් ගුණයක් මුදල් රැගෙන එන බව පවසමින් ප්‍රියන්ත නිවසින් පිටත්ව යන්නේය. ගනුදෙනුකරු ප්‍රියන්තගේ නිවස තුළ ඔහු එනතුරු මග බලමින් සිටින අතර ගිවිස ගත් කාල වේලාව තුළ ඔහු නැවත නිවසට පැමිණෙන්නේ නැත. පැයක් දෙකක් ගත වූ පසු ඔහු ගනුදෙනුකරු අමතා කියා සිටින්නේ මුළු මුදලම එදින ලබා දිය නොහැකි බවත් පසුදින ගනුදෙනුව සම්පූර්ණ කළ හැකි බවත් ය. ඒ අනුව රුපියල් ලක්ෂයක් ලබා ගන්නා පුද්ගලයාට එදින රුපියල් පහළොස් දහසක් හෝ ඊට ආසන්න මුදලක් ලබා දෙන ප්‍රියන්ත ගනුදෙනුකරුට වෙනත් දිනක තමන් මුණගැසීමට පැමිණෙන ලෙස දැනුම් දෙන්නේය. ප්‍රියන්ත විසින් මෙම කූට ගනුදෙනුවට හසුකර ගන්නේ ඈත දුෂ්කර පළාත්වල අහිංසක මිනිසුන් බැවින් ඔවුන් එම උගුලට හසුව දින ගණනක් පැමිණිය ද ඔවුන් ප්‍රියන්තට දුන් මුදල හෝ නැවත ලබා ගැනීමට සමත් වී නොමැත. ඊට අමතරව පොලිසිය විසින් හෙළි කරගෙන ඇති තොරතුරුවලට අනුව ප්‍රියන්ත ඇතුළු ඔහුගේ සහචරයන් අතර "හොරා පොලිස්" කණ්ඩායමක් ද සිටින අතර මුදල් රැගෙන ප්‍රියන්ත නිවසින් පිට වූ පසු එම "හොරා පොලිස්"කණ්ඩායම ප්‍රියන්තගේ නිවස වටලන්නේය. නිවසෙහි හොරබඩු ඇති බව පවසමින් එලෙස නිවස වටලන හොරා පොලිස් කණ්ඩායම දුටු සැණින් ගනුදෙනුකරු තක්කු මුක්කු වන අතර එතැන් සිට ඔහුගේ උත්සාහය වන්නේ පොලිසියට හසු නොවී නිවසින් පිටව ඒමය. මේ ආකාරයේ විවිධ උපාය උපක්‍රම භාවිත කරමින් ප්‍රියන්ත ඇතුළු කල්ලිය මෙතෙක් කලක් පවත්වාගෙන ආ කූට ව්‍යාපාරය ඉකුත් දිනක වලාන දූෂණ මර්දන ඒකකයේ නිලධාරීන්ගේ මැදිහත් වීම මත නිමාවට පත්ව ඇත්තේ බඩුත් සමඟ ප්‍රියන්තව පොලිසියට කොටුවීමත් සමඟය. මේ ආකාරයට රටේ විවිධ තැන්වල විවිධ උපක්‍රම භාවිත කරමින් අහිංසක මිනිසුන් රවටන අතර තවමත් බොහෝ දෙනෙක් එහි ගොදුරු බවට පත්වන්නේය. ප්‍රියන්ත විසින් මිනිසුන් රවටා ඇත්තේ අමුතුම ක්‍රම සහ විධි භාවිත කරමින් බව පොලිසිය විසින් සොයාගනු ලබන්නේ දීර්ඝ සොයා බැලීමකින් අනතුරුවය. වැඩි මුදල් ඉපැයීමේ ආශාවෙන් තමන් සතුව පැවැති මුදල පවා අහිමි කරගත් පිරිසක් පිළිබඳ මේ කථාවෙන් අනාවරණය වන අතර මෙම මෙහෙයුම සිදු කර ඇත්තේ වලාන දූෂණ මර්දන ඒකකයේ වැඩ බලන අධ්යක්ෂ සහකාර පොලිස් අධිකාරී හේමාල් ප්‍රශාන්ත, ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක රංජිත් රාජපක්ෂ යන මහත්වරුන්ගේ පූර්ණ උපදෙස් මත උ. පො. ප. සම්පත්, පො සැ. 42520 ජයරත්න පො.සැ. 34950 සම්පත්. පො. කො. 428 ජයලාල්, පො. කො. 409 විඡේරත්න, පො.කො. 72646 අරුණ, පො. කො. 77981 ප්රබුද්ධ, පො. කො. 30848 තේනුවර, පො. සැ. රි. 17014 තිලකරත්න, පො. කො. 75056 ඉන්දික, පො කො. රි. 89431 අබේරත්න සහ කා. පො. කො. ඩිල්කි යන පොලිස් නිලධාරීන් විසින් ය. [/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom