Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
පමා වෙලා කරන පිනෙන් පාඩුවමයි වෙන්නේ…
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පමා වෙලා කරන පිනෙන් පාඩුවමයි වෙන්නේ…

පින්වතුනේ, පින්වත් දරුවනේ, ඔබ දන්නවා ඇති බුදුවරයන් වහන්සේලාගේ ශාසන තුළ යම් සමානකමක් තියෙනවා.

ඒ කියන්නේ හැම බුදුරජාණන් වහන්සේටම අග්‍රශ්‍රාවකයන් වහන්සේලා ඉන්නවා.

මහා ශ්‍රාවකයන් වහන්සේලා ඉන්නවා.

ඒ ඒ ශ්‍රාවකයන් විසින් සසරේ

රැස් කරන ලද පින්වලට අනුව අග තනතුරු ලැබෙනවා.

එවැනි සමානකම් ගොඩාක් තියෙනවා.

මේ කථාවෙන් කියැවෙන්නේ එකම සළුවක් පරිහරණය කළ බ්‍රාහ්මණයෙකු ගැනයි.

මොහුට කිව්වේ ‘ඒකසාටක’ කියලයි.

එහි තේරුම එකම සළුවක් තියෙන කෙනා යන්නයි.

මොහු වාසය කළේ සැවැත් නුවරයි.

බුදුරජුන් කෙරෙහි ලොකු පැහැදීමක් මොහු තුළ තිබුණා.

මොහුට තිබුණේ එකම සළුවක් නිසා තම බිරිඳත් සමඟ එකට ගමනක් යන්න වාසනාව තිබුණේ නෑ.

ගමනක් යද්දී පළමුවෙන්ම බිරිඳ හෝ මොහු හෝ සළුව පොරොවාගෙන යනවා.

ඒ ගමන ගොස් ආපසු පැමිණි පසුයි අනිත් කෙනා වෙන ගමනක් යන්නේ.

බුදුරජාණන් වහන්සේ චාරිකාවේ වැඩම කොට අවසානයේ වස් කාලය සඳහා සැවැත් නුවරට වැඩියා.

උන්වහන්සේ දම්සභා මණ්ඩපයෙහි වැඩසිට ලෝකයාට සැප උදාකරන උතුම් ධර්මය දේශනා කරනවා.

දැන් මේ බ්‍රාහ්මණයාටත්, බිරිඳටත් බණ ඇසීමට යන්න හරි ආසයි.

නමුත් දෙදෙනාටම එකවර යන්න විදිහක් නෑ.

තියෙන්නේ එක සළුවයිනෙ.

“සොඳුරී, බුදුරජාණන් වහන්සේ අද දහම් දෙසනවා.

ඉතින් දවල් බණ අසන්න යන්නේ කවුද? ඔයාද? මමද?”

“ස්වාමීනී, මං දවල්ට යන්නම්. ස්ත්‍රීන් වූ අපි රාත්‍රී කාලෙ ඇවිද යන එක හොඳ නෑ.

මං බණ අසා ඇවිදින් ඔයාට සළුව දෙන්නම්.

ඔයා රාත්‍රියට බණ අහන්න යන්න.”

“සොඳුරී, සංසාරෙ අපි කුමක්දෝ මහා පිනක් කරලා තියෙනවා.

ඒ නිසා තමයි බුදු කෙනෙක් පහළ වී සිටිද්දී,

ඒ සම්බුදු බණ ඇසෙන මායිමේ අපටත් ඉන්න වාසනාව ලැබුණේ.

නමුත් කුමක්දෝ අවාසනාවකුත් තියෙනවා.

ඒ නිසානේ අපි දෙන්නට එකට සළු දෙකක් පොරොවාගෙන බණ අසන්න යන්න වාසනාව නැත්තේ…”

“ස්වාමීනී, එහෙම හිතන්න එපා.

නැතිබැරිකම අපට ප්‍රශ්නයක් වුණේ නෑනේ…

උතුම් සම්බුදු බණපදයක් ඇහෙද්දි නම් මට බඩගින්නවත් දැනෙන්නෙ නෑ.

ජීවිතයට පුදුම රැකවරණයක් මේ ධර්මයෙන් සැළසෙන්නේ.”

ඉතින් මේ ඒකසාටක බමුණා දවල් කාලෙ ගෙදර නැවතුණා.

බැමිණිය බණ අසන්නට ගියා.

සවස් වරුවේ ඒ එකම සළුව පොරොවාගෙන බමුණා බණ ඇසීමට පිටත් වුණා.

බුදුරජාණන් වහන්සේ සුමුදු මුදු ස්වරයෙන්,

කුරවීක නදින් ගාම්භීර වූ ආර්ය සත්‍යය දේශනා කරද්දී මේ බ්‍රාහ්මණයාගේ චිත්තප්‍රීතිය ඉහවහා ගියා. ඇඟ කිලිපොලා ගියා.

නිම්හිම් නැති සතුටක් ඇතිවුණා.

ඔහු තනියම කල්පනා කරන්න පටන් ගත්තා.

‘අනේ මට පූජා කරගන්න මොකවත් නෑනේ…

මෙච්චර ලස්සන බණ පදයක් ඇහිලත් මගේ හිතේ පැහැදීමට තරම් මං මොනවද පූජා කරගන්නේ…? ඔව්…!

ම්…. මේ සළුව නම් තියෙනවා.

මං සිත පහදවාගෙන මේ සළුව පූජා කරගන්න ඕන.

අනේ…. ඒත්…. මේක පූජා කළොත් මටත්, බිරිඳටත් පොරොවන්න දෙයක් නැතුව යනවා.’

එතකොට ඔහුගේ දානමය චේතනාව යටපත් වෙලා ගියා.

තමන්ටත්, බිරිඳටත් පෙරවීමට ඇත්තේ එකම සළුවක් නිසා ඒ අවශ්‍යතාවයම මතු වුණා.

ආයෙමත් බණ අසන්න පටන් ගත්තා.

හරිම සතුටුයි. සිත පිනා යනවා.

‘අනේ… මං මේ සළුව පූජා කරගන්න ඕන…. එක්කො බෑ….’

එතකොට ආයෙමත් සැදැහැබර දානමය චේතනාව යටපත් වෙලා අවශ්‍යතාවය ඉස්මතු වුණා.

මැදියම් රැයත් ළං වුණා.

ආයෙමත් සිත පිනා යනවා. දෙන්නමයි හිත.

බ්‍රාහ්මණයා පොරොවා සිටි ඒ සළුව අත්දෙකෙන් මිරිකාගත්තා. දැන් මෙයා හිතනවා…

‘හප්පේ…! මං කොතරම් ශ්‍රද්ධාවෙන්ද මේ සළුව පූජා කරන්න ආසා කළේ…

ඒත්… මේ සිත පස්සටමයි අදින්නේ. අවශ්යතාවයමයි මතු කර කර දෙන්නේ…

මේ අවශ්‍යතාවයේ වේශයෙන් මේ සිතේ ශ්‍රද්ධාව යටපත් වෙලා යන්නේ ලෝභය නිසාවත්ද?

හප්පේ….! දන් දීමත් යුද්ධයක් වගේ දෙයක් නොවැ… නෑ… නෑ…

මං මේක පූජා කරගන්න ඕන… ම්…. ම්….

එක්කො බෑ…. දීලා කොහොමද?

එතකොට අපිට සළුවක් කොහෙන්ද?’

මැදියම් රැය ගෙවී ගියා.

දැන් පාන්දර වේගෙන එනවා. කාටවත් නිදිමතක් නෑ.

හැමෝම හරිම සතුටින් බුදුරජුන්ගෙන් ධර්මය ශ්‍රවණය කරනවා.

මොහුටත් හොඳට වැටහෙනවා. හරිම සතුටුයි.

මෙයා ආයෙමත් තම සළුව තදින් මිරිකාගෙන අත්මිටි මොළොවාගෙන හිතනවා,

‘බෑ…. බෑ…. අවශ්‍යතාවයටම යටවෙලා ඉන්න බෑ.

සංසාරෙ කොච්චර නම් කාලයක් අපි සත්තු වෙලා ඉන්න ඇද්ද?

එතකොට අපිට සළු කෝ…?

එතකොට අපි හිටියේ ඇඳුම් නැතුව නේද?

ප්‍රේත ලෝකයේ වැටිලා කොච්චර නම් කාලයක් අපි ඉන්න ඇද්ද?

එතකොට වස්ත්‍ර කෝ…?

නිරයේ වැටිලා මොනතරම් දුක් විඳින්න ඇද්ද? එතකොට මොන සළුද?

අනික සළු නැති අය මොනතරම් ඉන්නවද?

මට සළුවක්වත් තියෙනවා….

මට පූජා කරන්න දෙයක් තියෙනවා…

ඉතින් මේ සළුවටම ආසා කරගෙන හිටියොත් කිසි දෙයක් දෙන්න බැරිව යනවා…

අනික, මේක තමයි මා සන්තක එකම වස්තුව.

ගොඩාක් වස්තුව ඇති කෙනෙකුට නම් එයින් කොටසක් දුන්නා කියලා ලොකු අඩුවක් තේරෙන්නෙ නෑ.

නමුත් මං වගේ කෙනෙකුට මෙවැනි දෙයක් පූජා කළ ගමන් විශාල අඩුවක් දැනෙනවා…

සියල්ල දුන්නා වගේ…! ඔව්…!

දැන් මං මේ සටන කරන්නේ බණ අහන්න ආපු වෙලාවේ ඉඳලයි. බෑ… බෑ…

තවදුරටත් අවශ්‍යතාවයක නාමයෙන් ඇති වූ ලෝභයට යටත් වෙන්න බෑ. ඔව්…!

මං මේක…. මගේ මේ එකම එක ලස්සන උතුරු සළුව පූජා කරනවා….

පූජා කරනවාමයි.’

ඉතින් ඒකසාටක බමුණා අර සළුව කරෙන් ඉවත් කළා.

ලස්සනට නැමුවා.

බුදුරජාණන් වහන්සේ ළඟට ගෙන ගොස් ශ්‍රී පාද පද්මය අසල තැබුවා.

වන්දනා කළා.

ඔහුට හයියෙන් කියැවුණා,

“දැන් හරි! මං දිනුවෝ…..! හරියට හරි! දැන් මං දිනුවෝ…..!” කියලා.

එවේලෙහි බණ ඇසීමට කොසොල් රජතුමාත් පැමිණ සිටියා.

ඒ වචන ඇසූ ගමන් රජතුමා තැති ගත්තා.

“හෑ…. මොකක්….? දිනුවෝ….? මොකක්ද දිනලා තියෙන්නේ….?

මුන්දෑ කුමන්ත්රණයක්වත් කරලද? හප්පේ…! එහෙම වුණොත් විනාසයි!”

එහෙම හිතපු රජතුමා ඇමතියෙකුට කනට කරලා කිව්වා.

“ඉක්මනට විමසපන්…. ඉක්මනට විමසපන්…. මේ පුද්ගලයා දින්නලු!

ඒක වෙන්න බැහැනෙ… මං දන්නා තරමින් කිසි කුමන්ත්‍රණයක් තිබුණෙ නෑ.”

ඇමතියා දුවගෙන ගිහින් බමුණාට ළංවෙලා හොඳට හිනහවෙලා විස්තරේ අහගත්තා.

ආයෙමත් හිනහවෙවී ඇවිදින් විස්තරේ රජතුමාට කිව්වා.

රජතුමාටත් හිනහා ගියා. දුක හිතුණා.

රජතුමා එතනදිම බමුණාව කැඳෙව්වා.

“ඔව් බ්‍රාහ්මණය, නුඹ කළේ දුෂ්කර දෙයක් තමයි.

සිත ඇතුළේ ලොකු යුද්ධයක් කොට නුඹ ජය අරගෙන තියෙනවා.

මං ඒ වෙනුවෙන් නුඹට සළකන්න කැමතියි.”

ඉතින් රජතුමා ඔහුට අලුත්ම සළු දෙකක් දුන්නා.

දැන් මොහු තුළ කිසි ලෝභකමක් නෑ.

ඒවා පිළිගත් සැණින්ම බුදුරජාණන් වහන්සේට පූජා කළා.

එතකොට රජතුමා සළු හතරක් දුන්නා.

ඒවාත් බුදුරජාණන් වහන්සේට පූජා කළා. ආයෙමත් සළු අටකුත්,

සළු දහසයකුත් දුන්නා.

දැන් මොහු තුළ ලෝභකමක් ඇත්තෙම නෑ.

ඉතාම පහසුවෙන් අත්හරිනවා. ඒ සියලු සළු බුදුරජාණන් වහන්සේට පූජා කළා.

එතකොට රජතුමා සළු තිස්දෙකක් දුන්නා. බමුණා මෙහෙම කල්පනා කළා.

‘මේ වතාවේ මං සළු දෙකක් ගන්න ඕන. නැත්නම් හරි නෑ….’

එවේලෙහි ඔහු සළු දෙක ගත්තේ දිගින් දිගටම රජතුමා සළු දෙන නිසා එය වළක්වන්නයි.

ඉතුරු සළු තිහම බුදුරජාණන් වහන්සේට පූජා කළා.

ගෞතම බුදුරජුන්ට කළ මේ සළු පූජාවේදී මොහුට ලැබුණේ සළු තිස්දෙකයි.

හරිම පුදුමයි!

රජතුමාට මේ බ්‍රාහ්මණයා ගැන හරි ආදරයක් ඇතිවුණා.

එකම සළුවක් වෙනුවෙන් රැයක් පුරාවට සිතත් සමඟ පොරබදා ලෝභ සිත යටපත් කිරීම ගැනත්,

සැදැහැබර දානමය චේතනාව ඉස්මතු කරගැනීම ගැනත් රජුට ඇත්තෙන්ම සතුටුයි.

ඔහු ඇමතිවරුන්ට කිව්වා,

“ඇමතිවරුනි, මට තවමත් මතක් වෙන්නේ මෙයා කරපු හපන්කම ගැනයි.

තුන්යමක් පුරාවට මහා සටනක් කළා නෙව! අන්තිමේදී ජයගත්තා….

හැබෑවටම දුෂ්කර දෙයක්.

මගේ අන්තඃපුරයේ තියෙන කම්බිලිවලින් වටිනාම කම්බිලි දෙක අරගෙන එන්න.”

ඉතින් රජතුමා ලක්ෂයක් වටිනා කම්බිලි දෙකක් අර බ්‍රාහ්මණයාට තෑගි දුන්නා.

එය පිළිගත් බමුණා කල්පනා කළා,

‘අනේ මෙච්චර වටිනා දේවල් ගැලපෙන්නේ මට නම් නෙවෙයි.

ඒකාන්තයෙන්ම බුදුරජාණන් වහන්සේට පූජාවක් පිණිසමයි මෙය සුදුසු වන්නේ.’

ඉතින් ඔහු බුදුරජුන්ගෙන් අවසර ගත්තා.

ගන්ධ කුටියට ගොස් බුදුරජාණන් වහන්සේ වැඩසිටින යහනට ඉහළින් වියනක් කොට බැන්දා.

අනිත් කම්බිලිය තම නිවසේ භික්ෂූන් වහන්සේලා දන් වළඳවන තැන වියනක් කොට බැන්දා.

පසුවදා සවස්වරුවේ කොසොල් රජතුමා ගන්ධ කුටියට ගිය වේලෙහි

බුදුරජුන්ගේ සයනයට ඉහළින් තමන් අර බමුණාට තෑගි දුන් කම්බිලිය බැඳ තිබෙන අයුරු දැක්කා.

“භාග්‍යවතුන් වහන්ස, අපූරු වියනක් තියෙනවා නෙව.”

“එසේය මහරජතුමනි, ඒකසාටක බ්‍රාහ්මණයා විසිනුයි එය පූජා කළේ.”

රජතුමා තවත් සතුටට පත්වුණා. මෙහෙම කල්පනා කළා.

‘මං පැහැදිලා ඉන්නෙත් භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ගැනයි.

ඒකසාටක බමුණා පැහැදිලා ඉන්නෙත් බුදුරජාණන් වහන්සේ ගැනයි.

ඒ නිසා තවමත් ඔහුට සෑහෙන තෑග්ගක් දෙන්න බැරිව ගියා.’

එතකොට රජ්ජුරුවෝ අර බමුණාට ඇතුන් හතර දෙනෙකුයි,

අශ්වයන් හතර දෙනෙකුයි,

කහවණු දහසකුයි, උපස්ථායක ස්ත්‍රීන් හතර දෙනෙකුයි,

දාසියන් හතර දෙනෙකුයි, පුරුෂයන් හතර දෙනෙකුයි,

ගම්වර හතරකුයි තෑගි දුන්නා.

භික්ෂූන් වහන්සේලා දම්සභා මණ්ඩපයේදී මේ ගැන කතා වුණා.

“හරි පුදුමයි නෙව. චූලඒකසාටක උන්නැහේ ගැන කාලයක් තිස්සේ අපි දන්නවා.

මුන්දැ හරිම අහිංසකයි. පුදුම වැඬේ මේකයි.

රාත්තිරිය පුරාවට සිතත් සමඟ සටන් කොළා කියලා අන්තිමේදී ජය අරගෙන පුංචි පූජාවක් කරගත්තා.

විපාකය හරි පුදුමයි.

හැම දෙයින්ම හතර ගානෙ ලැබුණා නෙව.

මෙයින් පෙනෙන්නේ අවංකවම හිත පහදවාගෙන කළ පින්කමේ විපාක වහ වහා ලැබෙන බවයි.”

මෙය බුදුරජාණන් වහන්සේට සැළ වුණා.

“පින්වත් මහණෙනි,

අපේ ඒකසාටකට ලැබුණු තෑග්ගේ වෙනසක් තියෙනවා.

ඔහු රාත්‍රී පළමු යාමයෙහි සළුව පූජා කළා නම්,

ඔහුට ඔය තෑග්ග ලැබෙන්නේ එකකින් දහසය ගානේ.

මධ්‍යම යාමයේ සළුව පූජා කළා නම් ඔහුට ඔය තෑගි ලැබෙන්නේ එකකින් අට ගානේ.

අන්තිම අවස්ථාවේ නෙව පූජාව කරගත්තේ.

ඒ නිසයි හතර ගානේ ලැබුණේ. මෙයින් එක දෙයක් පැහැදිලිව පෙනෙනවා.

පින්කමක් කරද්දී ඒ පුණ්‍ය සිතුවිලි පහළ වූ වේලේ සිතට වීරිය ගෙන ඒ පින කරගන්න ඕන.

පිනට ප්‍රමාද විය යුතු නෑ.”

මෙය වදාළ බුදුරජාණන් වහන්සේ අරුත් කැටි කරන ලද මිහිරි දම් රස වැගිරෙන මේ සොඳුරු ගාථාව වදාළා.

අභිත්ථරේථ කල්‍යාණේ – පාපා චිත්තං නිවාරයේ

දන්ධං හි කරෝතෝ පුඤ්ඤං – පාපස්මිං රමතී මනෝ

පිනක් කරන විට ඉතින් – හනිකට කරපන්නේ

පාපී සිතුවිලි සිතින් – නිති වළකාපන්නේ

පමා වෙලා කරන පිනෙන් – පාඩුවමයි වෙන්නේ

මේ සිත නම් පවිටු දෙයට – ඇලෙමින් හැසිරෙන්නේ

පින්වතුනේ, පින්වත් දරුවනේ,

පින් කරන්න හිතෙන අවස්ථා අපටත් ඇතිවෙනවා.

අපටත් දන් දෙන්න හිතෙනවා.

සිල් රකින්න හිතෙනවා.

වන්දනාවේ යන්න හිතෙනවා.

පුද පූජාවල් කරන්න හිතෙනවා. එක්කො බෑ කියලත් හිතෙනවා.

පස්සෙ කරමු කියලා හිතෙනවා. වෙන වෙන වැඩ ඉස්සරහට එනවා.

පින පස්සට යනවා.

හොඳට සල්ලි තියෙන වෙලාවට පින් කරන්න හිතෙද්දි පවා වෙන වෙන අවශ්‍යතා මතුවෙලා අර පින අහිමි වෙනවා.

බණ අසන්න අවස්ථාව ලැබෙද්දී ප්‍රමාදය නිසා මග ඇරිලා යනවා.

සිල් රකින්න හිතුණත් ඒ සැදැහැබර සිත බලවත් නැත්නම් කම්මැලි හිතෙනවා.

දන් දෙන්න හිතුණත් ඒ දීමේ චේතනාව බලවත් නැත්නම් හිත පස්සට අදිනවා.

‘ඔච්චර දෙන්න ඕන නෑ… ටිකක් දුන්නම ඇති.

මේ වෙලාවේ වියදම් කරන්න ඕන නෑ. පස්සෙ බැරියැ…’

අපි දන්නෙම නැතුව මේ සිතුවිලි විසින් අපව වෙලා ගන්නවා.

ටිකෙන් ටික පින මඟහැරී යනවා.

අන්තිමේදී දුක හිතෙන්න වුණත් පුළුවනි.

‘අනේ අපට මොනතරම් පින් කිරීමේ අවස්ථාවන් ලැබුණද?

ඒත් අපට පින් කරගන්න බැරිවුණා නෙව’ කියලා.

මේ නිසා පින් කිරීමේදී පින ගැන දැනුවත්ව සිටීම හරි වැදගත්. අපට මේ ජීවිතයේ යම් සාර්ථකත්වයක් තියෙනවා නම්,

ඒ සෑම සාර්ථකත්වයක් පිටුපසම තියෙන්නේ අප විසින් සසරේ කරන ලද පිනයි!

මෙය දැනසිටීම ඉතාම වැදගත්!

පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ

[QUOTE="AshenTM, post: 24138489, member: 179565"] [b]පමා වෙලා කරන පිනෙන් පාඩුවමයි වෙන්නේ…[/b] [IMG]https://i0.wp.com/dhammapada.mahamevnawa.lk/wp-content/uploads/2019/01/eka-sataka-bamuna-780x410.jpg[/IMG] [CENTER][SIZE="5"]පින්වතුනේ, පින්වත් දරුවනේ, ඔබ දන්නවා ඇති බුදුවරයන් වහන්සේලාගේ ශාසන තුළ යම් සමානකමක් තියෙනවා. ඒ කියන්නේ හැම බුදුරජාණන් වහන්සේටම අග්‍රශ්‍රාවකයන් වහන්සේලා ඉන්නවා. මහා ශ්‍රාවකයන් වහන්සේලා ඉන්නවා. ඒ ඒ ශ්‍රාවකයන් විසින් සසරේ රැස් කරන ලද පින්වලට අනුව අග තනතුරු ලැබෙනවා. එවැනි සමානකම් ගොඩාක් තියෙනවා. මේ කථාවෙන් කියැවෙන්නේ එකම සළුවක් පරිහරණය කළ බ්‍රාහ්මණයෙකු ගැනයි. මොහුට කිව්වේ ‘ඒකසාටක’ කියලයි. එහි තේරුම එකම සළුවක් තියෙන කෙනා යන්නයි. මොහු වාසය කළේ සැවැත් නුවරයි. බුදුරජුන් කෙරෙහි ලොකු පැහැදීමක් මොහු තුළ තිබුණා. මොහුට තිබුණේ එකම සළුවක් නිසා තම බිරිඳත් සමඟ එකට ගමනක් යන්න වාසනාව තිබුණේ නෑ. ගමනක් යද්දී පළමුවෙන්ම බිරිඳ හෝ මොහු හෝ සළුව පොරොවාගෙන යනවා. ඒ ගමන ගොස් ආපසු පැමිණි පසුයි අනිත් කෙනා වෙන ගමනක් යන්නේ. බුදුරජාණන් වහන්සේ චාරිකාවේ වැඩම කොට අවසානයේ වස් කාලය සඳහා සැවැත් නුවරට වැඩියා. උන්වහන්සේ දම්සභා මණ්ඩපයෙහි වැඩසිට ලෝකයාට සැප උදාකරන උතුම් ධර්මය දේශනා කරනවා. දැන් මේ බ්‍රාහ්මණයාටත්, බිරිඳටත් බණ ඇසීමට යන්න හරි ආසයි. නමුත් දෙදෙනාටම එකවර යන්න විදිහක් නෑ. තියෙන්නේ එක සළුවයිනෙ. “සොඳුරී, බුදුරජාණන් වහන්සේ අද දහම් දෙසනවා. ඉතින් දවල් බණ අසන්න යන්නේ කවුද? ඔයාද? මමද?” “ස්වාමීනී, මං දවල්ට යන්නම්. ස්ත්‍රීන් වූ අපි රාත්‍රී කාලෙ ඇවිද යන එක හොඳ නෑ. මං බණ අසා ඇවිදින් ඔයාට සළුව දෙන්නම්. ඔයා රාත්‍රියට බණ අහන්න යන්න.” “සොඳුරී, සංසාරෙ අපි කුමක්දෝ මහා පිනක් කරලා තියෙනවා. ඒ නිසා තමයි බුදු කෙනෙක් පහළ වී සිටිද්දී, ඒ සම්බුදු බණ ඇසෙන මායිමේ අපටත් ඉන්න වාසනාව ලැබුණේ. නමුත් කුමක්දෝ අවාසනාවකුත් තියෙනවා. ඒ නිසානේ අපි දෙන්නට එකට සළු දෙකක් පොරොවාගෙන බණ අසන්න යන්න වාසනාව නැත්තේ…” “ස්වාමීනී, එහෙම හිතන්න එපා. නැතිබැරිකම අපට ප්‍රශ්නයක් වුණේ නෑනේ… උතුම් සම්බුදු බණපදයක් ඇහෙද්දි නම් මට බඩගින්නවත් දැනෙන්නෙ නෑ. ජීවිතයට පුදුම රැකවරණයක් මේ ධර්මයෙන් සැළසෙන්නේ.” ඉතින් මේ ඒකසාටක බමුණා දවල් කාලෙ ගෙදර නැවතුණා. බැමිණිය බණ අසන්නට ගියා. සවස් වරුවේ ඒ එකම සළුව පොරොවාගෙන බමුණා බණ ඇසීමට පිටත් වුණා. බුදුරජාණන් වහන්සේ සුමුදු මුදු ස්වරයෙන්, කුරවීක නදින් ගාම්භීර වූ ආර්ය සත්‍යය දේශනා කරද්දී මේ බ්‍රාහ්මණයාගේ චිත්තප්‍රීතිය ඉහවහා ගියා. ඇඟ කිලිපොලා ගියා. නිම්හිම් නැති සතුටක් ඇතිවුණා. ඔහු තනියම කල්පනා කරන්න පටන් ගත්තා. ‘අනේ මට පූජා කරගන්න මොකවත් නෑනේ… මෙච්චර ලස්සන බණ පදයක් ඇහිලත් මගේ හිතේ පැහැදීමට තරම් මං මොනවද පූජා කරගන්නේ…? ඔව්…! ම්…. මේ සළුව නම් තියෙනවා. මං සිත පහදවාගෙන මේ සළුව පූජා කරගන්න ඕන. අනේ…. ඒත්…. මේක පූජා කළොත් මටත්, බිරිඳටත් පොරොවන්න දෙයක් නැතුව යනවා.’ එතකොට ඔහුගේ දානමය චේතනාව යටපත් වෙලා ගියා. තමන්ටත්, බිරිඳටත් පෙරවීමට ඇත්තේ එකම සළුවක් නිසා ඒ අවශ්‍යතාවයම මතු වුණා. ආයෙමත් බණ අසන්න පටන් ගත්තා. හරිම සතුටුයි. සිත පිනා යනවා. ‘අනේ… මං මේ සළුව පූජා කරගන්න ඕන…. එක්කො බෑ….’ එතකොට ආයෙමත් සැදැහැබර දානමය චේතනාව යටපත් වෙලා අවශ්‍යතාවය ඉස්මතු වුණා. මැදියම් රැයත් ළං වුණා. ආයෙමත් සිත පිනා යනවා. දෙන්නමයි හිත. බ්‍රාහ්මණයා පොරොවා සිටි ඒ සළුව අත්දෙකෙන් මිරිකාගත්තා. දැන් මෙයා හිතනවා… ‘හප්පේ…! මං කොතරම් ශ්‍රද්ධාවෙන්ද මේ සළුව පූජා කරන්න ආසා කළේ… ඒත්… මේ සිත පස්සටමයි අදින්නේ. අවශ්යතාවයමයි මතු කර කර දෙන්නේ… මේ අවශ්‍යතාවයේ වේශයෙන් මේ සිතේ ශ්‍රද්ධාව යටපත් වෙලා යන්නේ ලෝභය නිසාවත්ද? හප්පේ….! දන් දීමත් යුද්ධයක් වගේ දෙයක් නොවැ… නෑ… නෑ… මං මේක පූජා කරගන්න ඕන… ම්…. ම්…. එක්කො බෑ…. දීලා කොහොමද? එතකොට අපිට සළුවක් කොහෙන්ද?’ මැදියම් රැය ගෙවී ගියා. දැන් පාන්දර වේගෙන එනවා. කාටවත් නිදිමතක් නෑ. හැමෝම හරිම සතුටින් බුදුරජුන්ගෙන් ධර්මය ශ්‍රවණය කරනවා. මොහුටත් හොඳට වැටහෙනවා. හරිම සතුටුයි. මෙයා ආයෙමත් තම සළුව තදින් මිරිකාගෙන අත්මිටි මොළොවාගෙන හිතනවා, ‘බෑ…. බෑ…. අවශ්‍යතාවයටම යටවෙලා ඉන්න බෑ. සංසාරෙ කොච්චර නම් කාලයක් අපි සත්තු වෙලා ඉන්න ඇද්ද? එතකොට අපිට සළු කෝ…? එතකොට අපි හිටියේ ඇඳුම් නැතුව නේද? ප්‍රේත ලෝකයේ වැටිලා කොච්චර නම් කාලයක් අපි ඉන්න ඇද්ද? එතකොට වස්ත්‍ර කෝ…? නිරයේ වැටිලා මොනතරම් දුක් විඳින්න ඇද්ද? එතකොට මොන සළුද? අනික සළු නැති අය මොනතරම් ඉන්නවද? මට සළුවක්වත් තියෙනවා…. මට පූජා කරන්න දෙයක් තියෙනවා… ඉතින් මේ සළුවටම ආසා කරගෙන හිටියොත් කිසි දෙයක් දෙන්න බැරිව යනවා… අනික, මේක තමයි මා සන්තක එකම වස්තුව. ගොඩාක් වස්තුව ඇති කෙනෙකුට නම් එයින් කොටසක් දුන්නා කියලා ලොකු අඩුවක් තේරෙන්නෙ නෑ. නමුත් මං වගේ කෙනෙකුට මෙවැනි දෙයක් පූජා කළ ගමන් විශාල අඩුවක් දැනෙනවා… සියල්ල දුන්නා වගේ…! ඔව්…! දැන් මං මේ සටන කරන්නේ බණ අහන්න ආපු වෙලාවේ ඉඳලයි. බෑ… බෑ… තවදුරටත් අවශ්‍යතාවයක නාමයෙන් ඇති වූ ලෝභයට යටත් වෙන්න බෑ. ඔව්…! මං මේක…. මගේ මේ එකම එක ලස්සන උතුරු සළුව පූජා කරනවා…. පූජා කරනවාමයි.’ [IMG]https://i0.wp.com/dhammapada.mahamevnawa.lk/wp-content/uploads/2019/01/Art-copyright.jpg[/IMG] ඉතින් ඒකසාටක බමුණා අර සළුව කරෙන් ඉවත් කළා. ලස්සනට නැමුවා. බුදුරජාණන් වහන්සේ ළඟට ගෙන ගොස් ශ්‍රී පාද පද්මය අසල තැබුවා. වන්දනා කළා. ඔහුට හයියෙන් කියැවුණා, “දැන් හරි! මං දිනුවෝ…..! හරියට හරි! දැන් මං දිනුවෝ…..!” කියලා. එවේලෙහි බණ ඇසීමට කොසොල් රජතුමාත් පැමිණ සිටියා. ඒ වචන ඇසූ ගමන් රජතුමා තැති ගත්තා. “හෑ…. මොකක්….? දිනුවෝ….? මොකක්ද දිනලා තියෙන්නේ….? මුන්දෑ කුමන්ත්රණයක්වත් කරලද? හප්පේ…! එහෙම වුණොත් විනාසයි!” එහෙම හිතපු රජතුමා ඇමතියෙකුට කනට කරලා කිව්වා. “ඉක්මනට විමසපන්…. ඉක්මනට විමසපන්…. මේ පුද්ගලයා දින්නලු! ඒක වෙන්න බැහැනෙ… මං දන්නා තරමින් කිසි කුමන්ත්‍රණයක් තිබුණෙ නෑ.” ඇමතියා දුවගෙන ගිහින් බමුණාට ළංවෙලා හොඳට හිනහවෙලා විස්තරේ අහගත්තා. ආයෙමත් හිනහවෙවී ඇවිදින් විස්තරේ රජතුමාට කිව්වා. රජතුමාටත් හිනහා ගියා. දුක හිතුණා. රජතුමා එතනදිම බමුණාව කැඳෙව්වා. “ඔව් බ්‍රාහ්මණය, නුඹ කළේ දුෂ්කර දෙයක් තමයි. සිත ඇතුළේ ලොකු යුද්ධයක් කොට නුඹ ජය අරගෙන තියෙනවා. මං ඒ වෙනුවෙන් නුඹට සළකන්න කැමතියි.” ඉතින් රජතුමා ඔහුට අලුත්ම සළු දෙකක් දුන්නා. දැන් මොහු තුළ කිසි ලෝභකමක් නෑ. ඒවා පිළිගත් සැණින්ම බුදුරජාණන් වහන්සේට පූජා කළා. එතකොට රජතුමා සළු හතරක් දුන්නා. ඒවාත් බුදුරජාණන් වහන්සේට පූජා කළා. ආයෙමත් සළු අටකුත්, සළු දහසයකුත් දුන්නා. දැන් මොහු තුළ ලෝභකමක් ඇත්තෙම නෑ. ඉතාම පහසුවෙන් අත්හරිනවා. ඒ සියලු සළු බුදුරජාණන් වහන්සේට පූජා කළා. එතකොට රජතුමා සළු තිස්දෙකක් දුන්නා. බමුණා මෙහෙම කල්පනා කළා. ‘මේ වතාවේ මං සළු දෙකක් ගන්න ඕන. නැත්නම් හරි නෑ….’ එවේලෙහි ඔහු සළු දෙක ගත්තේ දිගින් දිගටම රජතුමා සළු දෙන නිසා එය වළක්වන්නයි. ඉතුරු සළු තිහම බුදුරජාණන් වහන්සේට පූජා කළා. ගෞතම බුදුරජුන්ට කළ මේ සළු පූජාවේදී මොහුට ලැබුණේ සළු තිස්දෙකයි. හරිම පුදුමයි! රජතුමාට මේ බ්‍රාහ්මණයා ගැන හරි ආදරයක් ඇතිවුණා. එකම සළුවක් වෙනුවෙන් රැයක් පුරාවට සිතත් සමඟ පොරබදා ලෝභ සිත යටපත් කිරීම ගැනත්, සැදැහැබර දානමය චේතනාව ඉස්මතු කරගැනීම ගැනත් රජුට ඇත්තෙන්ම සතුටුයි. ඔහු ඇමතිවරුන්ට කිව්වා, “ඇමතිවරුනි, මට තවමත් මතක් වෙන්නේ මෙයා කරපු හපන්කම ගැනයි. තුන්යමක් පුරාවට මහා සටනක් කළා නෙව! අන්තිමේදී ජයගත්තා…. හැබෑවටම දුෂ්කර දෙයක්. මගේ අන්තඃපුරයේ තියෙන කම්බිලිවලින් වටිනාම කම්බිලි දෙක අරගෙන එන්න.” ඉතින් රජතුමා ලක්ෂයක් වටිනා කම්බිලි දෙකක් අර බ්‍රාහ්මණයාට තෑගි දුන්නා. එය පිළිගත් බමුණා කල්පනා කළා, ‘අනේ මෙච්චර වටිනා දේවල් ගැලපෙන්නේ මට නම් නෙවෙයි. ඒකාන්තයෙන්ම බුදුරජාණන් වහන්සේට පූජාවක් පිණිසමයි මෙය සුදුසු වන්නේ.’ ඉතින් ඔහු බුදුරජුන්ගෙන් අවසර ගත්තා. ගන්ධ කුටියට ගොස් බුදුරජාණන් වහන්සේ වැඩසිටින යහනට ඉහළින් වියනක් කොට බැන්දා. අනිත් කම්බිලිය තම නිවසේ භික්ෂූන් වහන්සේලා දන් වළඳවන තැන වියනක් කොට බැන්දා. පසුවදා සවස්වරුවේ කොසොල් රජතුමා ගන්ධ කුටියට ගිය වේලෙහි බුදුරජුන්ගේ සයනයට ඉහළින් තමන් අර බමුණාට තෑගි දුන් කම්බිලිය බැඳ තිබෙන අයුරු දැක්කා. “භාග්‍යවතුන් වහන්ස, අපූරු වියනක් තියෙනවා නෙව.” “එසේය මහරජතුමනි, ඒකසාටක බ්‍රාහ්මණයා විසිනුයි එය පූජා කළේ.” රජතුමා තවත් සතුටට පත්වුණා. මෙහෙම කල්පනා කළා. ‘මං පැහැදිලා ඉන්නෙත් භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ගැනයි. ඒකසාටක බමුණා පැහැදිලා ඉන්නෙත් බුදුරජාණන් වහන්සේ ගැනයි. ඒ නිසා තවමත් ඔහුට සෑහෙන තෑග්ගක් දෙන්න බැරිව ගියා.’ එතකොට රජ්ජුරුවෝ අර බමුණාට ඇතුන් හතර දෙනෙකුයි, අශ්වයන් හතර දෙනෙකුයි, කහවණු දහසකුයි, උපස්ථායක ස්ත්‍රීන් හතර දෙනෙකුයි, දාසියන් හතර දෙනෙකුයි, පුරුෂයන් හතර දෙනෙකුයි, ගම්වර හතරකුයි තෑගි දුන්නා. භික්ෂූන් වහන්සේලා දම්සභා මණ්ඩපයේදී මේ ගැන කතා වුණා. “හරි පුදුමයි නෙව. චූලඒකසාටක උන්නැහේ ගැන කාලයක් තිස්සේ අපි දන්නවා. මුන්දැ හරිම අහිංසකයි. පුදුම වැඬේ මේකයි. රාත්තිරිය පුරාවට සිතත් සමඟ සටන් කොළා කියලා අන්තිමේදී ජය අරගෙන පුංචි පූජාවක් කරගත්තා. විපාකය හරි පුදුමයි. හැම දෙයින්ම හතර ගානෙ ලැබුණා නෙව. මෙයින් පෙනෙන්නේ අවංකවම හිත පහදවාගෙන කළ පින්කමේ විපාක වහ වහා ලැබෙන බවයි.” මෙය බුදුරජාණන් වහන්සේට සැළ වුණා. “පින්වත් මහණෙනි, අපේ ඒකසාටකට ලැබුණු තෑග්ගේ වෙනසක් තියෙනවා. ඔහු රාත්‍රී පළමු යාමයෙහි සළුව පූජා කළා නම්, ඔහුට ඔය තෑග්ග ලැබෙන්නේ එකකින් දහසය ගානේ. මධ්‍යම යාමයේ සළුව පූජා කළා නම් ඔහුට ඔය තෑගි ලැබෙන්නේ එකකින් අට ගානේ. අන්තිම අවස්ථාවේ නෙව පූජාව කරගත්තේ. ඒ නිසයි හතර ගානේ ලැබුණේ. මෙයින් එක දෙයක් පැහැදිලිව පෙනෙනවා. පින්කමක් කරද්දී ඒ පුණ්‍ය සිතුවිලි පහළ වූ වේලේ සිතට වීරිය ගෙන ඒ පින කරගන්න ඕන. පිනට ප්‍රමාද විය යුතු නෑ.” මෙය වදාළ බුදුරජාණන් වහන්සේ අරුත් කැටි කරන ලද මිහිරි දම් රස වැගිරෙන මේ සොඳුරු ගාථාව වදාළා. අභිත්ථරේථ කල්‍යාණේ – පාපා චිත්තං නිවාරයේ දන්ධං හි කරෝතෝ පුඤ්ඤං – පාපස්මිං රමතී මනෝ පිනක් කරන විට ඉතින් – හනිකට කරපන්නේ පාපී සිතුවිලි සිතින් – නිති වළකාපන්නේ පමා වෙලා කරන පිනෙන් – පාඩුවමයි වෙන්නේ මේ සිත නම් පවිටු දෙයට – ඇලෙමින් හැසිරෙන්නේ පින්වතුනේ, පින්වත් දරුවනේ, පින් කරන්න හිතෙන අවස්ථා අපටත් ඇතිවෙනවා. අපටත් දන් දෙන්න හිතෙනවා. සිල් රකින්න හිතෙනවා. වන්දනාවේ යන්න හිතෙනවා. පුද පූජාවල් කරන්න හිතෙනවා. එක්කො බෑ කියලත් හිතෙනවා. පස්සෙ කරමු කියලා හිතෙනවා. වෙන වෙන වැඩ ඉස්සරහට එනවා. පින පස්සට යනවා. හොඳට සල්ලි තියෙන වෙලාවට පින් කරන්න හිතෙද්දි පවා වෙන වෙන අවශ්‍යතා මතුවෙලා අර පින අහිමි වෙනවා. බණ අසන්න අවස්ථාව ලැබෙද්දී ප්‍රමාදය නිසා මග ඇරිලා යනවා. සිල් රකින්න හිතුණත් ඒ සැදැහැබර සිත බලවත් නැත්නම් කම්මැලි හිතෙනවා. දන් දෙන්න හිතුණත් ඒ දීමේ චේතනාව බලවත් නැත්නම් හිත පස්සට අදිනවා. ‘ඔච්චර දෙන්න ඕන නෑ… ටිකක් දුන්නම ඇති. මේ වෙලාවේ වියදම් කරන්න ඕන නෑ. පස්සෙ බැරියැ…’ අපි දන්නෙම නැතුව මේ සිතුවිලි විසින් අපව වෙලා ගන්නවා. ටිකෙන් ටික පින මඟහැරී යනවා. අන්තිමේදී දුක හිතෙන්න වුණත් පුළුවනි. ‘අනේ අපට මොනතරම් පින් කිරීමේ අවස්ථාවන් ලැබුණද? ඒත් අපට පින් කරගන්න බැරිවුණා නෙව’ කියලා. මේ නිසා පින් කිරීමේදී පින ගැන දැනුවත්ව සිටීම හරි වැදගත්. අපට මේ ජීවිතයේ යම් සාර්ථකත්වයක් තියෙනවා නම්, ඒ සෑම සාර්ථකත්වයක් පිටුපසම තියෙන්නේ අප විසින් සසරේ කරන ලද පිනයි! මෙය දැනසිටීම ඉතාම වැදගත්! [RIGHT]පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ[/RIGHT][/SIZE][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom