Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Education
පයිනස් වගාව
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

[ATTACH=full]193483[/ATTACH]මධ්‍යම කඳුකරය වනසන (පයිනස් )වගාව

හොඳින් වැඩුණු පයිනස් ගස් තිබෙන කඳුකර වනාන්තරයක සංචාරයේ යෙදෙන්න බොහෝ දෙනෙකු ප්‍රිය කරනවා. ඒ, පයිනස් ශාකයෙහි තිබෙන සුන්දරත්වය නිසාත්, විදෙස් රටක සැරිසරනවා වැනි හැඟීමක් ඔබට දැනෙන නිසාත්. නමුත් එම සුන්දර පයිනස් ගස පිටුපස ඉතාමත් අසුන්දර කතාවක් තිබෙනවා. මීට වසර 40කට පමණ පෙර මධ්‍යම කඳුකරය තුළ මහා පරිමාණයෙන් පයිනස් වගාව අරඹනු ලැබුවා. ඉන් අනතුරුව වසරින් වසර විශාල පාරිසරික හානියක් සිදු කළ පයිනස් ශාකය මේ වන විට මධ්‍යම කඳුකරයට විශාල හානියක් සිදු කර අවසන්.

ශ්‍රී ලංකාව තුළ පයිනස් වගාව ඇරඹුණු හැටි

පැරණි වාර්තාවලට අනුව මුල්ම වරට ශ්‍රී ලංකාවට පයිනස් ශාකය හඳුන්වා දී ඇත්තේ 1870 වසරේ දී යි. එලෙස හඳුන්වාදුන් පයිනස් ශාකය 1920 වසරේ දී පමණ වගාවක් ලෙසින් රෝපණය කිරීම ආරම්භ කළා. ඒ අනුව pinus patula නම් පයිනස් ප්‍රභේදය මීටර් 1600කට වඩා උසින් යුත් කඳුකර බිම්වල වගා කළත් එය මහා පරිමාණයේ වගාවක් වුණේ නැහැ. ඉන් පසුව 1952 වසරේ දී පමණ මීටර් 900කට වඩා වැඩි බිම්වල pinus caribaea නම් පයිනස් විශේෂය වගාකරනු ලැබුවා.

පයිනස් වගාව කඳුකරය තුළ ව්‍යාප්ත වුණු හැටි

1950 දශකය පමණ වන විට සුළු පරිමාණයෙන් කඳුකරය තුළ වගා කරමින් තිබුණු පයිනස් වගාව සීඝ්රයෙන් කඳුකරය පුරා ව්‍යාප්ත කිරීම ආරම්භ කළේ 60 දශකයේ දී යි. ඒ අනුව 1983 වසර පමණ වන විට කඳුකරයේ හෙක්ටයාර් 2300ක පමණ පයිනස් රෝපණය කර තිබුණා. එහි දී පතන් බිම්වල වන වගාවක් ලෙසින් පයිනස් ශාකය රෝපණය කිරීමට නිර්දේශ වී තිබුණත් පතන් නොවන බිම්වල පවා පයිනස් වගාව සිදුකිරීම ඉතාමත් කණගාටුදායක සිදුවීමක් වුණා.

පයිනස් වගාවට එරෙහිව පැමිණි විරෝධය

ලංකාවේ මධ්‍යම කඳුකරය වසාගනිමින් මහා පරිමාණයෙන් පයිනස් වගාවන් ඇතිවන විට ඉන් ඇතිවන පාරිසරික හානිය පෙන්වා දීමට පරිසරවේදීන් කටයුතු කරනු ලැබුවා. මෙරට සිටි ප්‍රකට උද්භිද විද්‍යාඥයෙකු වුණු මහාචාර්ය අලවත්තාගොඩ ප්‍රේමදාස, අන්තර්ජාතික මට්ටමේ පරිසරවේදීන් දෙදෙනෙකු වුණු රනිල් සේනානායක සහ ජෙරී මොස් වැනි පුද්ගලයන් පයිනස් වගාවෙන් වන හානිය පිළිබඳව හඬක් නගනු ලැබුවා. එසේම එම අවධියේ පළ වුණු පුවත්පත්වලට ලිපි පවා ලිවීමට ඔවුන් කටයුතු කළේ මෙම විනාශයෙන් මධ්‍යම කඳුකරය බේරාගැනීම අරමුණ ඇතිව යි. නමුත් ඔවුන් නැගූ හඬට කන් නොදුන් අදාල බළධාරීන් දිගින් දිගටම කඳුකරය තුළ පයිනස් වගා කරනු ලැබුවා.

පයිනස් ශාකය ලංකාව වැනි රටකට ගැලපෙනවා ද?

පයිනස් ශාකය ශ්‍රී ලංකාවට විනාශකාරී ප්රතිඵලයන් උදාකර දුන්නේ එම ශාකය තුළ ඇති ඇතැම් ලක්ෂණ මෙරට පරිසරය සමග නොගැලපුනු නිසා යි. සාමාන්‍යයෙන් පයිනස් ශාක ස්වභාවිකම වැවෙන්නේ ජලය අධික පරිසරයක යි. පයිනස් ස්වභාවිකම වැවෙන දැඩි ශීත රටවලට ශීත කාලයේ දී අධික හිම පතනයක් ලැබෙනවා. ඉන් පසුව වසන්ත සමය එළඹෙන විට එම හිම දියවන නිසා ජලය අධික පරිසරයක් නිර්මාණය වනවා. ඉන් අනතුරුව ශාකවල දළු දැමීම ආරම්භ වන නිසා පසේ ඇති අධික ජල ප්‍රමාණය ඉවත් කර පස තරමක් වියළි තත්ත්වයකට පත් කිරීම අත්‍යවශ්‍ය වන්නේ පසේ සිටින ක්ෂුද්‍ර ජීවීන්ගේ ක්‍රියාකාරීත්වය ඇති කිරීම සඳහා යි. එම නිසාම පයිනස් ශාකයේ ස්වභාවය වන්නේ පසෙන් අධික ජල ප්‍රමාණයක් උරාගෙන උරාගන්නා ජලය පත්‍ර මඟින් පරිසරයට මුදා හැරීම යි. ඒ අනුව පයිනස් වැනි ශාකයක් ලංකාව වැනි රටකට යෝග්‍ය වන්නේ නැහැ.

පයිනස්වලින් සිදුවන පරිසර විනාශය

ඉංග්‍රීසි ජාතිකයන් කඳුකර බිම්වල පිහිටි වනාන්තර එළි පෙහෙලි කර විවිධ වැවිලි භෝගයන් වගා කරනු ලැබුවා. එම නිසාම කඳුකරයේ ඇතැම් ප්‍රදේශවල පතන බිම් නිර්මාණය වුණා. කඳුකරයට පයිනස් වගාව හඳුන්වා දුන්නේ විවිධ වගාවන් නිසා අහිමි වුණු වනාන්තර පද්ධතිය යළි ඇති කිරීමේ අරමුණෙන්. නමුත් එලෙස හඳුන්වා දුන් වගාව නිසා පාරිසරික හානි රැසක් සිදු වුණා.

ස්වාභාවික ජීවන චක්‍ර විනාශ වීම

සාමාන්‍යයෙන් ස්වභාවික වනාන්තරයක් තුළ ජීවීන් විශාල ගණනක් සහජීවනයෙන් ජීවත් වනවා. එහි දී සෑම ජීවියෙකුම අනිත් ජීවියාගේ පැවැත්මට අත්‍යවශ්‍ය වනවා. ඒ අනුව වනයක ප්‍රධාන ජීවී වර්ගය වන්නේ ශාක යි. අප ජීවත්වන නිවර්තන කලාපයේ විශාල ශාක විවිධත්වයක් තිබෙන නිසාම විවිධ ශාක මත යැපෙන ජීවීන් සිටිනවා. එලෙස පැවති පරිසර පද්ධතියක තිබුණු ශාක ඉවත් කර එහි එකම ශාකයක් වගා කිරීම නිසා වෙනස්ම තත්ත්වයක් නිර්මාණය වනවා. එසේම එවැනි පරිසරයකට නොගැලපෙන පයිනස් වැනි ශාකයක් කඳුකරය පුරාවටම රෝපණය කළ විට ස්වභාවික ජීවි පද්ධතීන් විනාශ වනවා.

පස නිසරු වීම

ගසක පත්‍ර පොළවට එක්වීමෙන් පසුව ඉක්මනින්ම දිරාපත් වුණත් පයිනස් පත්‍ර දිරාපත්වීමට බොහෝ කාලයක් ගතවනවා. එසේම පයිනස් ශාක පත්‍රවල අඩංගු ලිග්නින් ප්‍රමාණය දේශීය ශාකවලට වඩා වැඩි නිසා කිසිදු ජීවියෙකු පයිනස් ශාක පත්‍ර ආහාරයට ගන්නේ නැහැ. එම නිසා පොළවට වැටෙන අධික පයිනස් පත්‍ර ප්‍රමාණය ස්වභාවික ක්‍රියාවලියට අනුව ජීර්ණය වී පසට එක් වීමට විශාල කාලයක් ගතවනවා. ඒ අනුව මෙම පරිසර පද්ධතිය තුළ දී පසෙන් උරාගන්නා පොහොර යළි ඉක්මනින්ම පසට ලබා දීමේ චක්‍රීය ක්‍රියාවලිය බිඳවැටෙනවා. එලෙස පොහොර චක්‍රය බිඳවැටීම නිසා පසේ සමතුලිතතාවය ද බිඳවැටෙන බව පැහැදිලිවම පෙනී යන කරුණක්. එසේම ඉතාමත් ගැඹුරට විහි දී යන පයිනස් ශාකයේ මුල් උරාගන්නා පොහොර යළි පසට ලබා නොදීම හේතුවෙන් පස නිසරු වීමක් සිදුවනවා. පයිනස් වත්තකට ගොස් බිම වැටී ඇති කොළ රොඩු ඈත් කර බැලූ විට එය හොඳින්ම නිරීක්ෂණය කිරීමට හැකියි.

ගිනි ගැනීම් ඇතිවීම

වියළි කාලයේ දී බිම වැටෙන පයිනස් පත්‍ර පහසුවෙන්ම ගිනි ගැනීම සිදුවනවා. එසේම පයිනස් පත්‍රවල තිබෙන වාෂ්පශීලී රසායනික ද්‍රව්‍යය නිසා ගිනි ගැනීම වඩාත් පහසු කරවනවා පමණක් නොව පැතිරීම ද වඩාත් පහසු කරවනවා.

එසේම පයිනස් පත්‍ර ගිනිගැනීමේ දී පසට එකතු වන රසායනික සංයෝග පාංශු ජීවීන්ට අහිතකර වනවා.

ජල උල්පත් සිඳී යාම

පයිනස් වගාකරන ලද බිමක පාංශු ජීවීන්ගේ ක්‍රියාකාරිත්වය අවම මට්ටමක පවතින නිසා මතුපිට පස ඝන වීමක් සිදුවනවා. එසේම වියළි කාලයේ දී සිදුවන ගිනි ගැනීම් නිසා පසට එකතු වන රසායනික සංයෝගත් මතුපිට පස ඝනවීමට දායකත්වය ලබාදෙනවා. එලෙස මතුපිට පස ඝන වීමෙන් පසුව වැසි ජලය පසට උරා නොගෙන වේගයෙන් ගලායාමක් සිදුවනවා. එම නිසා පොළව යට තිබෙන ජල උල්පත් වැසි ජලයෙන් පිරීයන්නේ නැහැ. එලෙස උල්පත් සිඳී යාම නිසා එම ප්‍රදේශවල ජනතාවට ජල හිඟයකට මුහුණ පෑමට පවා සිදුවනවා.

පාංශු ඛාදනය සිදුවීම

වියළි කාලවල දී බිම වැටෙන පයිනස් පත්‍ර ගිනි ගැනීම නිසා පස නිරාවරණය වීමක් සිදුවනවා. ඉන් පසුව මෝසම් සමයේ දී ඇතිවන අධික වර්ෂාවත් සමගින් වැටෙන වර්ෂා ජලය පසට උරාගැනීමකින් තොරව වේගයෙන් ගලා යන නිසා පාංශු ඛාදනය අධිකව සිදුවනවා. එලෙස අඛණ්ඩව සිදුවන පාංශු ඛාදනය නිසා නායයෑම් වැනි අනතුරු පසුකලෙක දී ඇති වීමේ අවදානමක් තිබෙන බව අවසන් වශයෙන් සිහිපත් කළ යුතු යි.

මූලාශ්‍රයයන්- පයිනස් ගස පරිසරයම බිලිගනී ද?- K.K.H දයානන්ද

Nadun Liyanagedara

[QUOTE="reuse, post: 28469689, member: 200727"] [ATTACH type="full"]193483[/ATTACH]මධ්‍යම කඳුකරය වනසන (පයිනස් )වගාව 🌲🌲🌲🌲🌲🌲🌲🌲🌲🌲🌲🌲🌲🌲🌲 හොඳින් වැඩුණු පයිනස් ගස් තිබෙන කඳුකර වනාන්තරයක සංචාරයේ යෙදෙන්න බොහෝ දෙනෙකු ප්‍රිය කරනවා. ඒ, පයිනස් ශාකයෙහි තිබෙන සුන්දරත්වය නිසාත්, විදෙස් 👉රටක සැරිසරනවා වැනි හැඟීමක් ඔබට දැනෙන නිසාත්. නමුත් එම සුන්දර පයිනස් ගස පිටුපස ඉතාමත් අසුන්දර කතාවක් තිබෙනවා. මීට වසර 40කට පමණ පෙර මධ්‍යම කඳුකරය තුළ මහා පරිමාණයෙන් පයිනස් වගාව අරඹනු ලැබුවා. ඉන් අනතුරුව වසරින් වසර විශාල පාරිසරික හානියක් සිදු කළ පයිනස් ශාකය මේ වන විට මධ්‍යම කඳුකරයට විශාල හානියක් සිදු කර අවසන්. ශ්‍රී ලංකාව තුළ පයිනස් වගාව ඇරඹුණු හැටි පැරණි වාර්තාවලට අනුව මුල්ම වරට ශ්‍රී ලංකාවට පයිනස් ශාකය හඳුන්වා දී ඇත්තේ 1870 වසරේ දී යි. එලෙස හඳුන්වාදුන් පයිනස් ශාකය 1920 වසරේ දී පමණ වගාවක් ලෙසින් රෝපණය කිරීම ආරම්භ කළා. ඒ අනුව pinus patula නම් පයිනස් ප්‍රභේදය මීටර් 1600කට වඩා උසින් යුත් කඳුකර බිම්වල වගා කළත් එය මහා පරිමාණයේ වගාවක් වුණේ නැහැ. ඉන් පසුව 1952 වසරේ දී පමණ මීටර් 900කට වඩා වැඩි බිම්වල pinus caribaea නම් පයිනස් විශේෂය වගාකරනු ලැබුවා. පයිනස් වගාව කඳුකරය තුළ ව්‍යාප්ත වුණු හැටි 1950 දශකය පමණ වන විට සුළු පරිමාණයෙන් කඳුකරය තුළ වගා කරමින් තිබුණු පයිනස් වගාව සීඝ්රයෙන් කඳුකරය පුරා ව්‍යාප්ත කිරීම ආරම්භ කළේ 60 දශකයේ දී යි. ඒ අනුව 1983 වසර පමණ වන විට කඳුකරයේ හෙක්ටයාර් 2300ක පමණ පයිනස් රෝපණය කර තිබුණා. එහි දී පතන් බිම්වල වන වගාවක් ලෙසින් පයිනස් ශාකය රෝපණය කිරීමට නිර්දේශ වී තිබුණත් පතන් නොවන බිම්වල පවා පයිනස් වගාව සිදුකිරීම ඉතාමත් කණගාටුදායක සිදුවීමක් වුණා. පයිනස් වගාවට එරෙහිව පැමිණි විරෝධය ලංකාවේ මධ්‍යම කඳුකරය වසාගනිමින් මහා පරිමාණයෙන් පයිනස් වගාවන් ඇතිවන විට ඉන් ඇතිවන පාරිසරික හානිය පෙන්වා දීමට පරිසරවේදීන් කටයුතු කරනු ලැබුවා. මෙරට සිටි ප්‍රකට උද්භිද විද්‍යාඥයෙකු වුණු මහාචාර්ය අලවත්තාගොඩ ප්‍රේමදාස, අන්තර්ජාතික මට්ටමේ පරිසරවේදීන් දෙදෙනෙකු වුණු රනිල් සේනානායක සහ ජෙරී මොස් වැනි පුද්ගලයන් පයිනස් වගාවෙන් වන හානිය පිළිබඳව හඬක් නගනු ලැබුවා. එසේම එම අවධියේ පළ වුණු පුවත්පත්වලට ලිපි පවා ලිවීමට ඔවුන් කටයුතු කළේ මෙම විනාශයෙන් මධ්‍යම කඳුකරය බේරාගැනීම අරමුණ ඇතිව යි. නමුත් ඔවුන් නැගූ හඬට කන් නොදුන් අදාල බළධාරීන් දිගින් දිගටම කඳුකරය තුළ පයිනස් වගා කරනු ලැබුවා. පයිනස් ශාකය ලංකාව වැනි රටකට ගැලපෙනවා ද? පයිනස් ශාකය ශ්‍රී ලංකාවට විනාශකාරී ප්රතිඵලයන් උදාකර දුන්නේ එම ශාකය තුළ ඇති ඇතැම් ලක්ෂණ මෙරට පරිසරය සමග නොගැලපුනු නිසා යි. සාමාන්‍යයෙන් පයිනස් ශාක ස්වභාවිකම වැවෙන්නේ ජලය අධික පරිසරයක යි. පයිනස් ස්වභාවිකම වැවෙන දැඩි ශීත රටවලට ශීත කාලයේ දී අධික හිම පතනයක් ලැබෙනවා. ඉන් පසුව වසන්ත සමය එළඹෙන විට එම හිම දියවන නිසා ජලය අධික පරිසරයක් නිර්මාණය වනවා. ඉන් අනතුරුව ශාකවල දළු දැමීම ආරම්භ වන නිසා පසේ ඇති අධික ජල ප්‍රමාණය ඉවත් කර පස තරමක් වියළි තත්ත්වයකට පත් කිරීම අත්‍යවශ්‍ය වන්නේ පසේ සිටින ක්ෂුද්‍ර ජීවීන්ගේ ක්‍රියාකාරීත්වය ඇති කිරීම සඳහා යි. එම නිසාම පයිනස් ශාකයේ ස්වභාවය වන්නේ පසෙන් අධික ජල ප්‍රමාණයක් උරාගෙන උරාගන්නා ජලය පත්‍ර මඟින් පරිසරයට මුදා හැරීම යි. ඒ අනුව පයිනස් වැනි ශාකයක් ලංකාව වැනි රටකට යෝග්‍ය වන්නේ නැහැ. පයිනස්වලින් සිදුවන පරිසර විනාශය ඉංග්‍රීසි ජාතිකයන් කඳුකර බිම්වල පිහිටි වනාන්තර එළි පෙහෙලි කර විවිධ වැවිලි භෝගයන් වගා කරනු ලැබුවා. එම නිසාම කඳුකරයේ ඇතැම් ප්‍රදේශවල පතන බිම් නිර්මාණය වුණා. කඳුකරයට පයිනස් වගාව හඳුන්වා දුන්නේ විවිධ වගාවන් නිසා අහිමි වුණු වනාන්තර පද්ධතිය යළි ඇති කිරීමේ අරමුණෙන්. නමුත් එලෙස හඳුන්වා දුන් වගාව නිසා පාරිසරික හානි රැසක් සිදු වුණා. ස්වාභාවික ජීවන චක්‍ර විනාශ වීම සාමාන්‍යයෙන් ස්වභාවික වනාන්තරයක් තුළ ජීවීන් විශාල ගණනක් සහජීවනයෙන් ජීවත් වනවා. එහි දී සෑම ජීවියෙකුම අනිත් ජීවියාගේ පැවැත්මට අත්‍යවශ්‍ය වනවා. ඒ අනුව වනයක ප්‍රධාන ජීවී වර්ගය වන්නේ ශාක යි. අප ජීවත්වන නිවර්තන කලාපයේ විශාල ශාක විවිධත්වයක් තිබෙන නිසාම විවිධ ශාක මත යැපෙන ජීවීන් සිටිනවා. එලෙස පැවති පරිසර පද්ධතියක තිබුණු ශාක ඉවත් කර එහි එකම ශාකයක් වගා කිරීම නිසා වෙනස්ම තත්ත්වයක් නිර්මාණය වනවා. එසේම එවැනි පරිසරයකට නොගැලපෙන පයිනස් වැනි ශාකයක් කඳුකරය පුරාවටම රෝපණය කළ විට ස්වභාවික ජීවි පද්ධතීන් විනාශ වනවා. පස නිසරු වීම ගසක පත්‍ර පොළවට එක්වීමෙන් පසුව ඉක්මනින්ම දිරාපත් වුණත් පයිනස් පත්‍ර දිරාපත්වීමට බොහෝ කාලයක් ගතවනවා. එසේම පයිනස් ශාක පත්‍රවල අඩංගු ලිග්නින් ප්‍රමාණය දේශීය ශාකවලට වඩා වැඩි නිසා කිසිදු ජීවියෙකු පයිනස් ශාක පත්‍ර ආහාරයට ගන්නේ නැහැ. එම නිසා පොළවට වැටෙන අධික පයිනස් පත්‍ර ප්‍රමාණය ස්වභාවික ක්‍රියාවලියට අනුව ජීර්ණය වී පසට එක් වීමට විශාල කාලයක් ගතවනවා. ඒ අනුව මෙම පරිසර පද්ධතිය තුළ දී පසෙන් උරාගන්නා පොහොර යළි ඉක්මනින්ම පසට ලබා දීමේ චක්‍රීය ක්‍රියාවලිය බිඳවැටෙනවා. එලෙස පොහොර චක්‍රය බිඳවැටීම නිසා පසේ සමතුලිතතාවය ද බිඳවැටෙන බව පැහැදිලිවම පෙනී යන කරුණක්. එසේම ඉතාමත් ගැඹුරට විහි දී යන පයිනස් ශාකයේ මුල් උරාගන්නා පොහොර යළි පසට ලබා නොදීම හේතුවෙන් පස නිසරු වීමක් සිදුවනවා. පයිනස් වත්තකට ගොස් බිම වැටී ඇති කොළ රොඩු ඈත් කර බැලූ විට එය හොඳින්ම නිරීක්ෂණය කිරීමට හැකියි. ගිනි ගැනීම් ඇතිවීම වියළි කාලයේ දී බිම වැටෙන පයිනස් පත්‍ර පහසුවෙන්ම ගිනි ගැනීම සිදුවනවා. එසේම පයිනස් පත්‍රවල තිබෙන වාෂ්පශීලී රසායනික ද්‍රව්‍යය නිසා ගිනි ගැනීම වඩාත් පහසු කරවනවා පමණක් නොව පැතිරීම ද වඩාත් පහසු කරවනවා. එසේම පයිනස් පත්‍ර ගිනිගැනීමේ දී පසට එකතු වන රසායනික සංයෝග පාංශු ජීවීන්ට අහිතකර වනවා. ජල උල්පත් සිඳී යාම පයිනස් වගාකරන ලද බිමක පාංශු ජීවීන්ගේ ක්‍රියාකාරිත්වය අවම මට්ටමක පවතින නිසා මතුපිට පස ඝන වීමක් සිදුවනවා. එසේම වියළි කාලයේ දී සිදුවන ගිනි ගැනීම් නිසා පසට එකතු වන රසායනික සංයෝගත් මතුපිට පස ඝනවීමට දායකත්වය ලබාදෙනවා. එලෙස මතුපිට පස ඝන වීමෙන් පසුව වැසි ජලය පසට උරා නොගෙන වේගයෙන් ගලායාමක් සිදුවනවා. එම නිසා පොළව යට තිබෙන ජල උල්පත් වැසි ජලයෙන් පිරීයන්නේ නැහැ. එලෙස උල්පත් සිඳී යාම නිසා එම ප්‍රදේශවල ජනතාවට ජල හිඟයකට මුහුණ පෑමට පවා සිදුවනවා. පාංශු ඛාදනය සිදුවීම වියළි කාලවල දී බිම වැටෙන පයිනස් පත්‍ර ගිනි ගැනීම නිසා පස නිරාවරණය වීමක් සිදුවනවා. ඉන් පසුව මෝසම් සමයේ දී ඇතිවන අධික වර්ෂාවත් සමගින් වැටෙන වර්ෂා ජලය පසට උරාගැනීමකින් තොරව වේගයෙන් ගලා යන නිසා පාංශු ඛාදනය අධිකව සිදුවනවා. එලෙස අඛණ්ඩව සිදුවන පාංශු ඛාදනය නිසා නායයෑම් වැනි අනතුරු පසුකලෙක දී ඇති වීමේ අවදානමක් තිබෙන බව අවසන් වශයෙන් සිහිපත් කළ යුතු යි. මූලාශ්‍රයයන්- පයිනස් ගස පරිසරයම බිලිගනී ද?- K.K.H දයානන්ද ✍️Nadun Liyanagedara [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom