Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
පරණ ලියුම් මිටියක් !
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පරණ ලියුම් මිටියක් !

පරණ ලියුම් මිටියක් !

කේ.සී.ජේ.රත්නායක

විවර

''කලවිටිගොඩැල්ලේ ඇස්. ඇම්. අමරසූරිය වෛද්‍යාචාර්යතුමා වෙතටයි.

කළු තල සුදු තල මී පැණි ගිතෙල් අමුක්කරා ගේ කුරුළු බිත්තර බිං කොහොඹ කිරිබදු අල කස්තුරි කංසා සහ ගම්මාලු කිරි යන බෙහෙත් ඖෂධ සියල්ලම මහියංගනයෙන් ද පිටකොටුවේ ගබෝස් වීදීයෙන්ද විශ්වාසවන්තයකු ලවා ගෙන්වා ගතිමි. එනමුත් නිරිත දිසාවට ගිය දිය ලබු මුලක් සහ සැල්දිරි යන දෙකත් වළිකුකුළු බිත්තර ද යන ජාති තුන කොයි තැනකින්වත් සොයා ගැනීමට නුපුළුවන්වීම නිසා බෙහෙත සෑදීමට දුන් නැකත් දිනයද නිරපරාදේ ගෙවී ගියේය. හැකිනම් මීට විසඳුමක් තිබේදැයි දැන ගැනීමට කැමැත්තෙමි.

මෙයට විශ්වාසීවූ - ඩග්ලස් ගජසිංහ - මූදූකටුව - මාරවිල

1951 ක් වූ දෙසෙම්බර් මස 11 දින. ''

'' මාරවිල ඩග්ලස් ගජසිංහ හාමු මහත්මා වෙතටයි .

ලබන වර්ෂයේ ජනවාරී මස 18 දින තෙක් කෝණ මාසය හෙයින් සුබ නැකත් නොයෙදෙයි. එහෙත් ඒ කාලය සෙසු බෙහෙත් ඖෂධ සොයා ගැනීමට මිඩංගු කළ හැකිව තිබෙන්නේය. නත්තල් උත්සවයත් ජනේරුවත් පසු වූ පුර පක්ෂයේ දිනෙක නෝනා මහත්තයා සමඟ මෙහි පැමිණ දින කිහිපයක් ගතකිරීමට හැකියාවක් වෙතොත් මෙහිදීම බෙහෙත් ඖෂධය සාදා ප්‍රතිකර්ම කිරීමටද පුළුවන. ඒ වෙනුවෙන් ඔබතුමන්ලාට උදව් පිණිස අත් උදව්කරුවකු සපයා දීමට පුළුවන. ඔබ දෙපළ මෙතුවක් කළාක් මෙන් මස් මාංශයෙන් සහ ඌෂ්ණ කෑම් බීම් ආදියෙන් තවදුරටත් වැළකී සිටීම යහපත් වෙයි.

මෙයට විශ්වාසීවූ -ඇස්.ඇම්.අමරසූරිය.

1951ක් වූ දෙසෙම්බර් 17 දින.''

'' කලවිටිගොඩැල්ලේ ඇස්. ඇම්. අමරසූරිය වෛද්‍යාචාර්යතුමා වෙතටයි.

ඔබතුමන්ගේ වෙහෙස මහන්සියෙන් සහ සංග්‍රහ සත්කාරයෙන්ද අසීරු බෙහෙත් ඖෂධ සොයා ගෙන කරන ලද්දා වූ වෙදකම සම්බන්ධයෙන්ද මගේත් මැතිනියගේත් ස්තූති ප්‍රශංසාව නැවත නැවත සිහිපත් කරමි. එහෙත් අපගේ අත් උදව්වට ඉදිරිපත්වූ කරුණාදාස තරුණයා ගොදුරුවූ විපත්තියේ තරම අපගේ හද කම්පා කරයි. ඔහු ඉක්මනින් සුවපත් වේවායි පතමු. ඔහු වෙනුවෙන් කළ යුතු බෙහෙත් ප්‍රතිකාර සහ ඊට අමතර දේ සඳහා ද වූ උවමනාවන් පිණිස මනිඕඩරයක් මේ සමඟ එවා තිබේ. තවත් උවමනා දෙයක් වේ නම් දැනුම් දෙන්න. අපි දෙදෙනාම නුදුරු දිනයෙක ඔහුගේ සුව දුක් බැලීමට එන බව දැනුම් දෙන්න. කොළඹ ආරෝග්‍යශාලාවකට රැගෙන විත් ප්‍රතිකාර කළොත් ඔහුගේ බිඳී ගිය අස්ථි සන්ධි ඉක්මනින් සුවපත් කළ හැකි යැයි මගේ මැතිනියගේ අදහස වී තිබේ. කොහොම නමුත් ඔහුගේ ප්‍රතිකාර ගැන ඔබතුමා හොඳ යහපත් දෙයක් කරනු ඇති බැව් අපට විශ්වාසයි.

මෙයට විශ්වාසීවූ - ඩග්ලස් ගජසිංහ සමඟ මේරියන් ගජසිංහ

1952ක් වූ පෙබරවාරි මස 02 දින. ''

'' මාරවිල ඩග්ලස් ගජසිංහ හාමු මහත්මා වෙතටයි .

ඔබතුමා සහ මැතිනිය විසින් එවන්නට යෙදුණු ලිපිය සිංහලට පරිවර්තනය කොට දෙවරක්ම කරුණාදාසට කියා දීමට මට සිදුවිය. ඔහු බොහොම සතුටට පත්ව එකී ලිපිය ඔහු ළඟ තබාගත යුතු යැයි කියා එය ඉල්ලා ගත් නමුත් මනිඕඩරය බාර ගැනීමට නම් කිසිසේත් නොහැකි බැව් තදින් කියන හෙයින් එය ආපසු ඔබතුමා වෙත එවන්නට සිදුවිය. බෙහෙත් ඖෂධ සොයා දීම මහත් පිංකමක් යැයි කියන ඔහු එපමණක් ඇතැයි කියන නමුත් කොළඹ ආරෝග්‍යශාලාවකට ගොස් ප්‍රතිකාර ගැනීමට කැමති බැව් කියයි. මොහුගේ බිඳී ගිය අස්ථි සන්ධිය අපගේ ප්රතිකාරවලින් යථා තත්ත්වයට පත්කළ හැකි බව ඔහු හොඳට දැන සිටිනාතර මෙසේ කොළඹ ඉංග්‍රීසි ආරෝග්‍යශාලාවකට ගොස් ප්‍රතිකාර ලැබීමට කැමැතිවීම විමතියට හේතුවක් වන නමුත් ඊට මගේ විරුද්ධතාවක් නැති බවත් කියන්නට කැමැත්තෙමි.

මෙයට විශ්වාසීවූ -ඇස්.ඇම්.අමරසූරිය.

1952 ක් වූ පෙබරවාරි 10 දින.''

'' කලවිටිගොඩැල්ලේ ඇස්. ඇම්. අමරසූරිය වෛද්‍යාචාර්යතුමා වෙතටයි.

ඔබතුමා විසින් එවන ලද ලිපිය සම්බන්ධයෙන් මාත් මගේ මැතිනියත් බොහෝ වේලා කතාබස් කෙළෙමු. ඇත්තෙන්ම කරුණාදාස තරුණයා එකී ගල් කුළු අතරින් පහතට ඇද වැටුණේ මාගේ ප්‍රතිකාර පිණිස බෙහෙත් ඖෂධ සොයා ගිය අතරවාරයේය. මා අතින් සිදු වූ අත්වරදක් නොවන්නට ඔහුට මෙවැනි විපත්තියක් සිදු නොවන්නට ඉඩ තිබිණ. ඒ මොහොතේ අධික වෙහෙස නිසා මා සිටියේ හුණුගල් කැළේ ගල් කන්ද පාමුලය. කරුණාදාස තරුණයාත් මාගේ මැතිනියත් ගල් පර්වතයේ මුදුනට නැග ගියේ වළි කුකුළන් සිටිනවා යැයි කී ඉසව්වක් උඩක සිට හඳුනා ගැනීමටයි. ඔවුන් දෙදෙනා එසේ ගොස් සෑහෙන කාලයක් ගත වූ හෙයින්ද මා කතාකරන හඬ ඔවුන්ට නො ඇසෙන්නට සහ ඔවුන් කතා කරන හඬ මට නො ඇසෙන්නට වූ හෙයින්ද මම ගල් කන්ද නගින අතරවාරයේ ගසක සිට කුරුමාණම් අල්ලමින් සිටි කොළ දිවියාට වෙඩි තැබුවේ කලබලය නිසා බිය වූ හෙයිනි. වෙඩි ශබ්දය නිසා මට කරදරයක් වන්නට ඇතැයි සිතූ කරුණාදාස තරුණයා ගල් තලාවෙන් වහා බිමට පැන්නේ යැයි මගේ මැතිනිය මට පසුව විස්තර පහදා දුන් හෙයින් මම මහත් සංවේගයට පත්වීමී. මේ සිද්ධිය ඔබට මුලින් නොකීවේ මා තුළ ඇති වරදකාරී සිතිවිල්ල නිසාය. කෙසේ නමුත් සතියක් හමාරක් මාත් මගේ මැතිනියත් සමඟ අවදානම් වනාන්තරයේ සැරිසරමින් සහ අප දෙදෙනා ආරක්ෂා කරමින් ද මහත් පරිත්‍යාගශීලීත්වයෙන් කටයුතු කළ කරුණාදාස තරුණයා වෙනුවෙන් නොකළ හැකි උපකාරයක් නොමැත. එහෙයින් ඔහු කොළඹට රැගෙන යෑමට මාත් මගේ මැතිනියත් නොබෝ දිනකින් පැමිණෙන බව පමණක් කරුණාදාස තරුණයාට දැනුම් දෙන්න. මේ ලිපියේ සෙසු කරුණු සිංහලට පරිවර්තනය කොට කරුණාදාස තරුණයාට නොකිව යුතු බව මගේ මැතිනියගේ අදහසයි. මාද ඊට එකඟ වන්නේ ශාරීරිකව වේදනාවට පත්ව සිටින ඔහුගේ සිත ද වේදනාවට පත් නොකළ යුතු හෙයිනි.

මෙයට විශ්වාසීවූ - ඩග්ලස් ගජසිංහ සමඟ මේරියන් ගජසිංහ

1952ක් වූ පෙබරවාරි මස 20 දින. ''

'' කලවිටිගොඩැල්ලේ ඇස්. ඇම්. අමරසූරිය වෛද්‍යාචාර්යතුමා වෙතටයි.

අවසන් වරට ඔබට ලියූවායින් මාස පහකට පසුව මේ ලිපිය ලියන්නේ ඉතා සතුටිනි. කරුණාදාස තරුණයා දැන් ඉතා හොඳින් නීරෝගීව සිටියි. එහෙත් ඔහු දිගටම අප සමඟ සිටිනු ඇත. තව නොබෝ දිනකින් ඔහු රියදුරු පුහුණුව මෙන්ම ඉංග්‍රිසියෙන් කාර්යාල කටයුතු කිරීමට ඉගෙන ගත් පසුව අපගේ වතුපිටිවල ආදායම් ගිණුම් කටයුතු ඔහුට පවරන්නට මාත් මගේ මැතිනියත් අපේක්ෂා කරමු. කරුණාදාස තරුණයා වැනි හිතෛෂී පරිත්‍යාගශීලින් මේ කාලයේ බොහෝ විරල හෙයින් ඔහු රැකබලා ගැනීම අපගේ යුතුකමකි. එමෙන්ම ඔහු උගත් බුද්ධිමත් තරුණයෙකි. ඉඩ ලද විගසම අප තිදෙනාම ඔබ දකින්නට ඒමට ඉතා කැමැත්තෙන් සිටිමු. ඔබතුමාට දිගාසිරි පතන බැව් කරුණාදාස තරුණයා කියන අතර ඔහු සමඟ ඒ ප්‍රාර්ථනාවට අපි දෙදෙනාත් එක්වීමු.

මෙයට විශ්වාසීවූ - ඩග්ලස් ගජසිංහ සමඟ මේරියන් ගජසිංහ

1952ක් වූ ජූලි මස 24 දින. ''

'' කලවිටිගොඩැල්ලේ ඇස්. ඇම්. අමරසූරිය වෛද්‍යාචාර්යතුමා වෙතටයි.

ඔබතුමා සුවෙන් නිදුකින් ඇතැයි සිතමු . ඉතා ඉක්මනින් ඔබ දැක බලා ගැනීමට පැමිණීමට සිතා සිටින නමුත් ඒ සඳහා මෙතෙක් ඉස්පාසුවක් නොලැබීම ගැන මාත් මගේ මැතිනියත් කනගාටුවන අතර ඉතාමත් ප්‍රීතියෙන් දැනුම් දිය යුතු ආරංචියක් තිබේ. මේ රටේ සහ එංගලන්තයේ දොස්තරවරුන් වරින්වර මා පරීක්ෂා කළ නමුත් ඔවුන් බොහෝ දෙනාගේ නිගමනය වූයේ පියකු වීමට තරම් සරුභාවයක් මා තුළ නොමැති බවයි. එසේ නමුත් අවසන්වරට මා පරීක්ෂා කළ නිකලස් ඇන්තනී ප්‍රනාන්දු දොස්තර මහතා පමණක් කියා සිටියේ දේව කරුණාවෙන් විශ්වාසවන්තව සිටියොත් කලාතුරකින් නමුත් මට පියකු වීමට ඉඩ තිබෙන බවයි. එතුමා එමගින් ඉඟි කෙළේ තවදුරටත් දොස්තරවරුන්ගේ ප්‍රතිකාර විශ්වාස නොකොට කළ යුතු වෙනත් පිළියම් ආදියට යොමුවන ලෙසයි. ඔබතුමා ගැන අපට අසන්නට ලැබුණේ මේ අතරවාරයේදීයි. ඉතිං ඒ කළා වූ ඖෂධ ප්‍රතිකාරවල ප්‍රතිඵල දැන් ලැබී තිබේ. මගේ මැතිනිය දැන් ඉන්නා වූ තත්ත්වය අනුව ඔතරම් දුර බැහැර ගමනාගමනය කිරීම අයෝග්‍ය විය හැකි යැයි අපට සිතෙයි. තවදුරටත් කළ යුතු නොකළ යුතු දේ වෙත්නම් උපදෙස් ලබා දෙන මෙන් ඉල්ලමු. මේ කළා වූ උපකාරය සම්බන්ධයෙන් නැවත නැවත අපගේ කෘතඥතාව ඔබ වෙත හිමිවෙයි.

මෙයට විශ්වාසීවූ - ඩග්ලස් ගජසිංහ සමඟ මේරියන් ගජසිංහ

1952ක් වූ අගෝස්තු මස 13 දින. ''

'' මාරවිල ඩග්ලස් ගජසිංහ හාමු මහත්මා වෙතටයි .

ඔබ තුමාගේ ලිපිය දැකීමෙන් මම ඉමහත් ප්‍රීතියට සහ පුදුමයට පත්වීමු. නිකලස් ඇන්තනී ප්‍රනාන්දු දොස්තර මහත්මාණෝ මගේද සමීප මිතුරකු වෙයි. එතුමා කී ලෙසම ඔබ දෙපළට විශ්වාසයේත් කරුණාවේත් පිහිට ලැබී තිබේ. අන් කෙනෙකුට අත්විය යුතු කීර්තියක් ප්‍රශංසාවක් වෙත්නම් එය මා විසින් බාර ගනු ලැබීම නුහුමනාය. මාගේ බෙහෙත් ප්‍රතිකාර පංතියේ සුළු ප්‍රගතියක් හෝ ලැබීමට නම් යටත් පිරිසෙයින් එක් සූර්ය වර්ෂයක්වත් හමාර වනතෙක් නියමිත මාත්‍රාවෙන් බෙහෙත් ඖෂධ ගතයුතු බැව් ප්රත්යක්ෂ ශාස්ත්‍ර නියමය වෙයි. එහෙත් ඉන් අඩ වර්ෂයක්වත් ගෙවී යෑමට පෙර මේ ලබා ඇති ප්‍රගතිය පුදුම සහගතය. ඇතැම් විට කරුණාදාස තරුණයා කෙරෙහි ඔබ දෙපළ විසින් පෙන්වනු ලැබූ කරුණාවේ මහිමය ඊට හේතුවන්නට ඇත. කෙසේ නමුත් මේ කාලයේ අමුතු දේ සිදුවන බැව් පිළිගන්නට සිදුවෙයි. අස්ථි සන්ධි බිඳී යෑම් පිළිබඳ ප්‍රතිකාර බොහෝ සාර්ථකව මෙහිදී කළ හැකිව තිබියදී කරුණාදාස තරුණයා කොළඹ ඉංග්‍රීසි ආරෝග්‍යශාලාවකට යෑමට උනන්දුවීමද එබඳු පුදුමයකි. ඊටත් වඩා මගේ පුදුමයට හේතු වී තිබෙන්නේ පෙබරවාරි 20 දාතම සහිත ඔබගේ ලිපියේ කියා ඇති පරිදි හුණුගල් කැළේ කොයි තැනකවත් වළි කුකුළෝ නොසිටිමයි. එසේම වළිකුකුළෝ සිටින ඉසව්වක් සොයා ගැනීමට ගල්තලාවක් උඩට නැග යෑමට කරුණාදාස තරුණයාට සිත් පහළ වූයේ ඇයි දැයි මට නොවැටහෙන්නේ විලක පිහිනන මත්සයන් දැකීමට ගහකට බඩගෑම කෙතරම් අනුවණ ද වළි කුකුළන් සෙවීමට කන්දක් නැගීමද එබදු වන හෙයිනි. කෙසේ නමුත් එදින කිසිවකුගේ හෝ ජීවිතය විනාශ නොවී නින්දාවෙන් ගැලවීමට ලැබීම ඔබ දෙපළගේත් කරුණාදාස තරුණයාගේත් පෙර පිනක් නිසා සිදු වූ දෙයක් බැව් මට ඒත්තූ ගැන්වෙයි. යහපතක්ම වේවා !

මෙයට විශ්වාසීවූ -ඇස්.ඇම්.අමරසූරිය.

1952 ක් වූ අගෝස්තු 21 දින.''

( කොළඹ මැකලම් පාරේ පැරැණි පොත් අලෙවි කරනු ලබන වෙළෙදසැලක වූ අබල දුබල බ්‍රිටැනිකා විශ්ව කෝෂයේ වෙළුමක් තුළ තිබූ මේ ලිපි කට්ටලය සොයා ගත් මගේ මිතුරකු මේ ලිපි සියල්ලම මට පෙන්වූ අතර ඔහුගේ කුහුල වී තිබුණේ කරුණාදාස නම් තරුණයා පිළිබඳව හටගත් නොවැදගත් සැකයකි. එහෙත් මා තවමත් සිතමින් සිටින්නේ මීට බොහෝ කලකට පෙර මාරවිල සිට සැතපුම් සියයක් පමණ දුරින් පිහිටි කලවිටිගොඩැල්ලටත් එහි සිට පෙරළා මාරවිලත් අතර හුවමාරු වූ ලිපි මෙසේ එක් තැනක තිබී සම්භ වූයේ කෙසේද යනුයි. එමෙන්ම 1952 ක් වූ අගෝස්තු 21 දිනට පසුව කිසිදු ලිපියක් හුවමාරු වී නැති බවත් පෙනෙයි. ඇතැම් විට මාරවිලට ගියහොත් හොඳ කතාවක් සොයා ගැනීමටද ඉඩ තිබේ.)

[QUOTE="banda065, post: 22223233, member: 27834"] [b]පරණ ලියුම් මිටියක් ![/b] [SIZE="4"][COLOR="Blue"] පරණ ලියුම් මිටියක් ! කේ.සී.ජේ.රත්නායක විවර ''කලවිටිගොඩැල්ලේ ඇස්. ඇම්. අමරසූරිය වෛද්‍යාචාර්යතුමා වෙතටයි. කළු තල සුදු තල මී පැණි ගිතෙල් අමුක්කරා ගේ කුරුළු බිත්තර බිං කොහොඹ කිරිබදු අල කස්තුරි කංසා සහ ගම්මාලු කිරි යන බෙහෙත් ඖෂධ සියල්ලම මහියංගනයෙන් ද පිටකොටුවේ ගබෝස් වීදීයෙන්ද විශ්වාසවන්තයකු ලවා ගෙන්වා ගතිමි. එනමුත් නිරිත දිසාවට ගිය දිය ලබු මුලක් සහ සැල්දිරි යන දෙකත් වළිකුකුළු බිත්තර ද යන ජාති තුන කොයි තැනකින්වත් සොයා ගැනීමට නුපුළුවන්වීම නිසා බෙහෙත සෑදීමට දුන් නැකත් දිනයද නිරපරාදේ ගෙවී ගියේය. හැකිනම් මීට විසඳුමක් තිබේදැයි දැන ගැනීමට කැමැත්තෙමි. මෙයට විශ්වාසීවූ - ඩග්ලස් ගජසිංහ - මූදූකටුව - මාරවිල 1951 ක් වූ දෙසෙම්බර් මස 11 දින. '' '' මාරවිල ඩග්ලස් ගජසිංහ හාමු මහත්මා වෙතටයි . ලබන වර්ෂයේ ජනවාරී මස 18 දින තෙක් කෝණ මාසය හෙයින් සුබ නැකත් නොයෙදෙයි. එහෙත් ඒ කාලය සෙසු බෙහෙත් ඖෂධ සොයා ගැනීමට මිඩංගු කළ හැකිව තිබෙන්නේය. නත්තල් උත්සවයත් ජනේරුවත් පසු වූ පුර පක්ෂයේ දිනෙක නෝනා මහත්තයා සමඟ මෙහි පැමිණ දින කිහිපයක් ගතකිරීමට හැකියාවක් වෙතොත් මෙහිදීම බෙහෙත් ඖෂධය සාදා ප්‍රතිකර්ම කිරීමටද පුළුවන. ඒ වෙනුවෙන් ඔබතුමන්ලාට උදව් පිණිස අත් උදව්කරුවකු සපයා දීමට පුළුවන. ඔබ දෙපළ මෙතුවක් කළාක් මෙන් මස් මාංශයෙන් සහ ඌෂ්ණ කෑම් බීම් ආදියෙන් තවදුරටත් වැළකී සිටීම යහපත් වෙයි. මෙයට විශ්වාසීවූ -ඇස්.ඇම්.අමරසූරිය. 1951ක් වූ දෙසෙම්බර් 17 දින.'' '' කලවිටිගොඩැල්ලේ ඇස්. ඇම්. අමරසූරිය වෛද්‍යාචාර්යතුමා වෙතටයි. ඔබතුමන්ගේ වෙහෙස මහන්සියෙන් සහ සංග්‍රහ සත්කාරයෙන්ද අසීරු බෙහෙත් ඖෂධ සොයා ගෙන කරන ලද්දා වූ වෙදකම සම්බන්ධයෙන්ද මගේත් මැතිනියගේත් ස්තූති ප්‍රශංසාව නැවත නැවත සිහිපත් කරමි. එහෙත් අපගේ අත් උදව්වට ඉදිරිපත්වූ කරුණාදාස තරුණයා ගොදුරුවූ විපත්තියේ තරම අපගේ හද කම්පා කරයි. ඔහු ඉක්මනින් සුවපත් වේවායි පතමු. ඔහු වෙනුවෙන් කළ යුතු බෙහෙත් ප්‍රතිකාර සහ ඊට අමතර දේ සඳහා ද වූ උවමනාවන් පිණිස මනිඕඩරයක් මේ සමඟ එවා තිබේ. තවත් උවමනා දෙයක් වේ නම් දැනුම් දෙන්න. අපි දෙදෙනාම නුදුරු දිනයෙක ඔහුගේ සුව දුක් බැලීමට එන බව දැනුම් දෙන්න. කොළඹ ආරෝග්‍යශාලාවකට රැගෙන විත් ප්‍රතිකාර කළොත් ඔහුගේ බිඳී ගිය අස්ථි සන්ධි ඉක්මනින් සුවපත් කළ හැකි යැයි මගේ මැතිනියගේ අදහස වී තිබේ. කොහොම නමුත් ඔහුගේ ප්‍රතිකාර ගැන ඔබතුමා හොඳ යහපත් දෙයක් කරනු ඇති බැව් අපට විශ්වාසයි. මෙයට විශ්වාසීවූ - ඩග්ලස් ගජසිංහ සමඟ මේරියන් ගජසිංහ 1952ක් වූ පෙබරවාරි මස 02 දින. '' '' මාරවිල ඩග්ලස් ගජසිංහ හාමු මහත්මා වෙතටයි . ඔබතුමා සහ මැතිනිය විසින් එවන්නට යෙදුණු ලිපිය සිංහලට පරිවර්තනය කොට දෙවරක්ම කරුණාදාසට කියා දීමට මට සිදුවිය. ඔහු බොහොම සතුටට පත්ව එකී ලිපිය ඔහු ළඟ තබාගත යුතු යැයි කියා එය ඉල්ලා ගත් නමුත් මනිඕඩරය බාර ගැනීමට නම් කිසිසේත් නොහැකි බැව් තදින් කියන හෙයින් එය ආපසු ඔබතුමා වෙත එවන්නට සිදුවිය. බෙහෙත් ඖෂධ සොයා දීම මහත් පිංකමක් යැයි කියන ඔහු එපමණක් ඇතැයි කියන නමුත් කොළඹ ආරෝග්‍යශාලාවකට ගොස් ප්‍රතිකාර ගැනීමට කැමති බැව් කියයි. මොහුගේ බිඳී ගිය අස්ථි සන්ධිය අපගේ ප්රතිකාරවලින් යථා තත්ත්වයට පත්කළ හැකි බව ඔහු හොඳට දැන සිටිනාතර මෙසේ කොළඹ ඉංග්‍රීසි ආරෝග්‍යශාලාවකට ගොස් ප්‍රතිකාර ලැබීමට කැමැතිවීම විමතියට හේතුවක් වන නමුත් ඊට මගේ විරුද්ධතාවක් නැති බවත් කියන්නට කැමැත්තෙමි. මෙයට විශ්වාසීවූ -ඇස්.ඇම්.අමරසූරිය. 1952 ක් වූ පෙබරවාරි 10 දින.'' '' කලවිටිගොඩැල්ලේ ඇස්. ඇම්. අමරසූරිය වෛද්‍යාචාර්යතුමා වෙතටයි. ඔබතුමා විසින් එවන ලද ලිපිය සම්බන්ධයෙන් මාත් මගේ මැතිනියත් බොහෝ වේලා කතාබස් කෙළෙමු. ඇත්තෙන්ම කරුණාදාස තරුණයා එකී ගල් කුළු අතරින් පහතට ඇද වැටුණේ මාගේ ප්‍රතිකාර පිණිස බෙහෙත් ඖෂධ සොයා ගිය අතරවාරයේය. මා අතින් සිදු වූ අත්වරදක් නොවන්නට ඔහුට මෙවැනි විපත්තියක් සිදු නොවන්නට ඉඩ තිබිණ. ඒ මොහොතේ අධික වෙහෙස නිසා මා සිටියේ හුණුගල් කැළේ ගල් කන්ද පාමුලය. කරුණාදාස තරුණයාත් මාගේ මැතිනියත් ගල් පර්වතයේ මුදුනට නැග ගියේ වළි කුකුළන් සිටිනවා යැයි කී ඉසව්වක් උඩක සිට හඳුනා ගැනීමටයි. ඔවුන් දෙදෙනා එසේ ගොස් සෑහෙන කාලයක් ගත වූ හෙයින්ද මා කතාකරන හඬ ඔවුන්ට නො ඇසෙන්නට සහ ඔවුන් කතා කරන හඬ මට නො ඇසෙන්නට වූ හෙයින්ද මම ගල් කන්ද නගින අතරවාරයේ ගසක සිට කුරුමාණම් අල්ලමින් සිටි කොළ දිවියාට වෙඩි තැබුවේ කලබලය නිසා බිය වූ හෙයිනි. වෙඩි ශබ්දය නිසා මට කරදරයක් වන්නට ඇතැයි සිතූ කරුණාදාස තරුණයා ගල් තලාවෙන් වහා බිමට පැන්නේ යැයි මගේ මැතිනිය මට පසුව විස්තර පහදා දුන් හෙයින් මම මහත් සංවේගයට පත්වීමී. මේ සිද්ධිය ඔබට මුලින් නොකීවේ මා තුළ ඇති වරදකාරී සිතිවිල්ල නිසාය. කෙසේ නමුත් සතියක් හමාරක් මාත් මගේ මැතිනියත් සමඟ අවදානම් වනාන්තරයේ සැරිසරමින් සහ අප දෙදෙනා ආරක්ෂා කරමින් ද මහත් පරිත්‍යාගශීලීත්වයෙන් කටයුතු කළ කරුණාදාස තරුණයා වෙනුවෙන් නොකළ හැකි උපකාරයක් නොමැත. එහෙයින් ඔහු කොළඹට රැගෙන යෑමට මාත් මගේ මැතිනියත් නොබෝ දිනකින් පැමිණෙන බව පමණක් කරුණාදාස තරුණයාට දැනුම් දෙන්න. මේ ලිපියේ සෙසු කරුණු සිංහලට පරිවර්තනය කොට කරුණාදාස තරුණයාට නොකිව යුතු බව මගේ මැතිනියගේ අදහසයි. මාද ඊට එකඟ වන්නේ ශාරීරිකව වේදනාවට පත්ව සිටින ඔහුගේ සිත ද වේදනාවට පත් නොකළ යුතු හෙයිනි. මෙයට විශ්වාසීවූ - ඩග්ලස් ගජසිංහ සමඟ මේරියන් ගජසිංහ 1952ක් වූ පෙබරවාරි මස 20 දින. '' '' කලවිටිගොඩැල්ලේ ඇස්. ඇම්. අමරසූරිය වෛද්‍යාචාර්යතුමා වෙතටයි. අවසන් වරට ඔබට ලියූවායින් මාස පහකට පසුව මේ ලිපිය ලියන්නේ ඉතා සතුටිනි. කරුණාදාස තරුණයා දැන් ඉතා හොඳින් නීරෝගීව සිටියි. එහෙත් ඔහු දිගටම අප සමඟ සිටිනු ඇත. තව නොබෝ දිනකින් ඔහු රියදුරු පුහුණුව මෙන්ම ඉංග්‍රිසියෙන් කාර්යාල කටයුතු කිරීමට ඉගෙන ගත් පසුව අපගේ වතුපිටිවල ආදායම් ගිණුම් කටයුතු ඔහුට පවරන්නට මාත් මගේ මැතිනියත් අපේක්ෂා කරමු. කරුණාදාස තරුණයා වැනි හිතෛෂී පරිත්‍යාගශීලින් මේ කාලයේ බොහෝ විරල හෙයින් ඔහු රැකබලා ගැනීම අපගේ යුතුකමකි. එමෙන්ම ඔහු උගත් බුද්ධිමත් තරුණයෙකි. ඉඩ ලද විගසම අප තිදෙනාම ඔබ දකින්නට ඒමට ඉතා කැමැත්තෙන් සිටිමු. ඔබතුමාට දිගාසිරි පතන බැව් කරුණාදාස තරුණයා කියන අතර ඔහු සමඟ ඒ ප්‍රාර්ථනාවට අපි දෙදෙනාත් එක්වීමු. මෙයට විශ්වාසීවූ - ඩග්ලස් ගජසිංහ සමඟ මේරියන් ගජසිංහ 1952ක් වූ ජූලි මස 24 දින. '' '' කලවිටිගොඩැල්ලේ ඇස්. ඇම්. අමරසූරිය වෛද්‍යාචාර්යතුමා වෙතටයි. ඔබතුමා සුවෙන් නිදුකින් ඇතැයි සිතමු . ඉතා ඉක්මනින් ඔබ දැක බලා ගැනීමට පැමිණීමට සිතා සිටින නමුත් ඒ සඳහා මෙතෙක් ඉස්පාසුවක් නොලැබීම ගැන මාත් මගේ මැතිනියත් කනගාටුවන අතර ඉතාමත් ප්‍රීතියෙන් දැනුම් දිය යුතු ආරංචියක් තිබේ. මේ රටේ සහ එංගලන්තයේ දොස්තරවරුන් වරින්වර මා පරීක්ෂා කළ නමුත් ඔවුන් බොහෝ දෙනාගේ නිගමනය වූයේ පියකු වීමට තරම් සරුභාවයක් මා තුළ නොමැති බවයි. එසේ නමුත් අවසන්වරට මා පරීක්ෂා කළ නිකලස් ඇන්තනී ප්‍රනාන්දු දොස්තර මහතා පමණක් කියා සිටියේ දේව කරුණාවෙන් විශ්වාසවන්තව සිටියොත් කලාතුරකින් නමුත් මට පියකු වීමට ඉඩ තිබෙන බවයි. එතුමා එමගින් ඉඟි කෙළේ තවදුරටත් දොස්තරවරුන්ගේ ප්‍රතිකාර විශ්වාස නොකොට කළ යුතු වෙනත් පිළියම් ආදියට යොමුවන ලෙසයි. ඔබතුමා ගැන අපට අසන්නට ලැබුණේ මේ අතරවාරයේදීයි. ඉතිං ඒ කළා වූ ඖෂධ ප්‍රතිකාරවල ප්‍රතිඵල දැන් ලැබී තිබේ. මගේ මැතිනිය දැන් ඉන්නා වූ තත්ත්වය අනුව ඔතරම් දුර බැහැර ගමනාගමනය කිරීම අයෝග්‍ය විය හැකි යැයි අපට සිතෙයි. තවදුරටත් කළ යුතු නොකළ යුතු දේ වෙත්නම් උපදෙස් ලබා දෙන මෙන් ඉල්ලමු. මේ කළා වූ උපකාරය සම්බන්ධයෙන් නැවත නැවත අපගේ කෘතඥතාව ඔබ වෙත හිමිවෙයි. මෙයට විශ්වාසීවූ - ඩග්ලස් ගජසිංහ සමඟ මේරියන් ගජසිංහ 1952ක් වූ අගෝස්තු මස 13 දින. '' '' මාරවිල ඩග්ලස් ගජසිංහ හාමු මහත්මා වෙතටයි . ඔබ තුමාගේ ලිපිය දැකීමෙන් මම ඉමහත් ප්‍රීතියට සහ පුදුමයට පත්වීමු. නිකලස් ඇන්තනී ප්‍රනාන්දු දොස්තර මහත්මාණෝ මගේද සමීප මිතුරකු වෙයි. එතුමා කී ලෙසම ඔබ දෙපළට විශ්වාසයේත් කරුණාවේත් පිහිට ලැබී තිබේ. අන් කෙනෙකුට අත්විය යුතු කීර්තියක් ප්‍රශංසාවක් වෙත්නම් එය මා විසින් බාර ගනු ලැබීම නුහුමනාය. මාගේ බෙහෙත් ප්‍රතිකාර පංතියේ සුළු ප්‍රගතියක් හෝ ලැබීමට නම් යටත් පිරිසෙයින් එක් සූර්ය වර්ෂයක්වත් හමාර වනතෙක් නියමිත මාත්‍රාවෙන් බෙහෙත් ඖෂධ ගතයුතු බැව් ප්රත්යක්ෂ ශාස්ත්‍ර නියමය වෙයි. එහෙත් ඉන් අඩ වර්ෂයක්වත් ගෙවී යෑමට පෙර මේ ලබා ඇති ප්‍රගතිය පුදුම සහගතය. ඇතැම් විට කරුණාදාස තරුණයා කෙරෙහි ඔබ දෙපළ විසින් පෙන්වනු ලැබූ කරුණාවේ මහිමය ඊට හේතුවන්නට ඇත. කෙසේ නමුත් මේ කාලයේ අමුතු දේ සිදුවන බැව් පිළිගන්නට සිදුවෙයි. අස්ථි සන්ධි බිඳී යෑම් පිළිබඳ ප්‍රතිකාර බොහෝ සාර්ථකව මෙහිදී කළ හැකිව තිබියදී කරුණාදාස තරුණයා කොළඹ ඉංග්‍රීසි ආරෝග්‍යශාලාවකට යෑමට උනන්දුවීමද එබඳු පුදුමයකි. ඊටත් වඩා මගේ පුදුමයට හේතු වී තිබෙන්නේ පෙබරවාරි 20 දාතම සහිත ඔබගේ ලිපියේ කියා ඇති පරිදි හුණුගල් කැළේ කොයි තැනකවත් වළි කුකුළෝ නොසිටිමයි. එසේම වළිකුකුළෝ සිටින ඉසව්වක් සොයා ගැනීමට ගල්තලාවක් උඩට නැග යෑමට කරුණාදාස තරුණයාට සිත් පහළ වූයේ ඇයි දැයි මට නොවැටහෙන්නේ විලක පිහිනන මත්සයන් දැකීමට ගහකට බඩගෑම කෙතරම් අනුවණ ද වළි කුකුළන් සෙවීමට කන්දක් නැගීමද එබදු වන හෙයිනි. කෙසේ නමුත් එදින කිසිවකුගේ හෝ ජීවිතය විනාශ නොවී නින්දාවෙන් ගැලවීමට ලැබීම ඔබ දෙපළගේත් කරුණාදාස තරුණයාගේත් පෙර පිනක් නිසා සිදු වූ දෙයක් බැව් මට ඒත්තූ ගැන්වෙයි. යහපතක්ම වේවා ! මෙයට විශ්වාසීවූ -ඇස්.ඇම්.අමරසූරිය. 1952 ක් වූ අගෝස්තු 21 දින.'' ( කොළඹ මැකලම් පාරේ පැරැණි පොත් අලෙවි කරනු ලබන වෙළෙදසැලක වූ අබල දුබල බ්‍රිටැනිකා විශ්ව කෝෂයේ වෙළුමක් තුළ තිබූ මේ ලිපි කට්ටලය සොයා ගත් මගේ මිතුරකු මේ ලිපි සියල්ලම මට පෙන්වූ අතර ඔහුගේ කුහුල වී තිබුණේ කරුණාදාස නම් තරුණයා පිළිබඳව හටගත් නොවැදගත් සැකයකි. එහෙත් මා තවමත් සිතමින් සිටින්නේ මීට බොහෝ කලකට පෙර මාරවිල සිට සැතපුම් සියයක් පමණ දුරින් පිහිටි කලවිටිගොඩැල්ලටත් එහි සිට පෙරළා මාරවිලත් අතර හුවමාරු වූ ලිපි මෙසේ එක් තැනක තිබී සම්භ වූයේ කෙසේද යනුයි. එමෙන්ම 1952 ක් වූ අගෝස්තු 21 දිනට පසුව කිසිදු ලිපියක් හුවමාරු වී නැති බවත් පෙනෙයි. ඇතැම් විට මාරවිලට ගියහොත් හොඳ කතාවක් සොයා ගැනීමටද ඉඩ තිබේ.) [IMG]http://www.silumina.lk/sites/all/themes/dailynews/logo.png[/IMG][/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom