Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Yesterday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
පරාක්‍රමබාහු රජුගේ ගල් පොකුණ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සිලාපොක්ඛරණී - කුමාර පොකුණ වූ පරාක්‍රමබාහු රජුගේ ගල් පොකුණ

පොලොන්නරැවේ ඇතුළු නුවර නැගෙනහිර සීමා ප්‍රාකාරයෙන් පහතට බැසීමට පඩි පෙලක් ඇත. එම පඩිපෙල බැස ගිය විට දැනට කුමාර පොකුණ ලෙසින් හැඳින්වෙන ශෛලමය පොකුණක සහ ඒ අසලම දකුණු දිශාවට වන්නට පිහිටි තවත් මණ්ඩපයක් දැකිය හැක. දැනට මේ ශෛලමය පොකුණට භාවිතා වන කුමාර පොකුණ යන්න පැහැදිලිවම එහි පැරණි නම නොවන මුත් H.C.P. බෙල් 1911-1912 වසර සඳහා වූ පුරාවිද්‍යා කොමසාරිස්වරයාගේ පාලන වාර්තාවේ පවා එම නම භාවිතා කරන බැවින් ඒ වනවිටද පොදු ජනතාව අතර එම නම භාවිතයේ වූ බව පෙනේ. රාජකීය පොකුණ ලෙස ද මෙම පොකුණ හැඳින්වේ.

මහාවංශයේ මහා පරාක්‍රමබාහු රජු පොළොන්නරුව නගරය තුල ඉදි කල වෛජයන්ත ප්‍රාසාදය, රාජවෙශ්‍යභූජංග මණ්ඩපය ආදි ගොඩනැගිලි පිළිබඳව වූ විස්තරයෙන් අනතුරුව මාළිගාව අසල ප්‍රදේශයේ කරවූ ගෙඋයන පිළිබඳව විස්තරයක් ඉදිරිපත් කරන අතර කොඳවැලින් වෙළුණු රුක් වලින් යුක්ත, නොයෙක් මල් රොන් රස විඳින මත් බඹර හඬ ඇසෙන, සපු, අශෝක, මදටිය, පුවක්, වැටකේ, සල්, පලොල්, කොළොම්, අඹ, දඹ, මූනමල්, පොල්, කෙළිඳ ගස් වලින්ද, කෙම්වැල්, මාලතීවැල්, මල්ලිකාවැල්, තමලුවැල්, සත්පෙති, දෑසමන් වැල් වලින්ද යුක්ත නන්දන උයන මෙන් අලංකාර වූ එම උයන එහි යන්නවුන්ගේ සිත් සතුටු කරන බව එහි විස්තර වේ.මොනරුන්ගේ රාවයෙන්ද, කොවුලන් ගේ කූජනයෙන්ද, යුක්ත වූ එම උයනේ පියුම් උපුල් වලින් ගැවසුණු විල්ළිහිණියන්ගේ රාවයෙන් යුතු, මනා ඉවුරු ඇති විල්, ඇත් දළින් නිමවුණු බොහෝ රූපයන්ගෙන් බබලන කුළුණු වලින් ශක්තිමත් වූ, යන්ත්‍ර මාර්ගයෙන් ජලනලයෙන් විසිරුණු වැසිවසින මේකුළු බඳු අලංකාර දිය දහරින් යුතු, නෙත් පැහැරගන්නා වූ ධාරාඝරයකින්ද සැරසිණ. එම උයන සඳුන් දැවයෙන් කළ බොහෝ කුළුණු වලින් අලංකාර වූ පොළෝතලයට අලංකාරයක් වූ, අසමාන වූ, බබලන්නාවූ විමානයකින්ද, අෂ්ටාස්රාකාර මණ්ඩපයකින් හා වෘත්තාකාර මණ්ඩපයකින්ද, සිත් සතුටු කරන නාගදරණයක සිරිය උසුලන විශාල මණ්ඩපයකින්ද යුක්ත විය.

බොහෝ මිනිසුන්ගේ සිත් සතුටු කළ මෙම උයනෙහි ගල් පොකුණ (සිලාපොක්ඛරණී), රජුන් අතර ප්‍රධාන වූ පරාක්‍රමබාහු රජුගේ සිත් සතුටු කල බව මහාවංශයේ එන ගාථා වලින් විස්තර වේ. එසේම හැමවිටම බොහෝ සෙයින් රමණීය වූ මංගල පොකුණ (මංගලපොක්ඛරණී) තිබූ උයන, නන්දා නැමැති පොකුණෙන් යුත් නන්දන උයන, සුවඳවත් දියෙන් පිරුණු උතුම් පුණ්ණා නම් පොකුණ (පුණ්ණා පොක්ඛරණී ) රජු නැමැති සඳ සතුටු කරමින් බබලයි. වසන්ත නම් ගුහාවකින් හා පොකුණුවලින් යුක්ත එම උයන සැමදා බොහෝ අලංකාරයෙන් හා සෞභාග්‍යයෙන් යුක්තව පෙනුන බවද මහාවංශය තව දුරටත් විස්තර කරයි.

ඉහත විස්තරයෙහි එන විවිධ පොකුණු සහ අනෙකුත් මණ්ඩප, ධාරාඝර ආදී ඉදි කිරීම අතරින් සිලාපොක්ඛරණි ලෙසින් හැඳින්වුන පොකුණ අද ජන ව්‍යවහාරයේ කුමාර පොකුණ ලෙසින් හැඳින්වෙන පොකුණ ලෙස හඳුනාගෙන ඇත. පරාක්‍රමබාහු රජ මාළිගාව අසල නටබුන් අතර හමුවන එකම ශෛලමය (සිලා) පොකුණ එය වන බැවින් මෙම හඳුනාගැනීම නිවැරදි විය යුතුය. 1911-1912 වර්ෂ සඳහා වී සිය පාලන වාර්තාවේ මෙම 'කුමාර පොකුණ' පිළිබඳව විස්තරයක් ඉදිරිපත් කරන H.C.P. බෙල් මෙම පොකුණ තුල තිබී ගනේෂ රූපයක්, හිස සුන් කුඩා නන්දි ගවයාගේ රූපයක්, විශාල සිංහ රූපයක හිස සහ ශරීරයේ කැබලි, පිරිමි සිංහ රූප තුනක් (ඔහුගේ විස්තරයට අනුව මෙසේ හඳුන්වන්නේ ඉහත රූපයේ දැක්වෙන පොකුණට ගලා එන වතුර එයට වැක්කිරීම සිදුවන පිලී බව පෙනේ.) සහ විශාල රවුම් පද්මාසන පාදස්ථලයක් (මේ වර්තමානයේ පොකුණේ හරි මැද තබා ඇත) මෙය පිළිමයක පාදස්ථලයක් [Massive 'Padmasana' pedestal of some image, in double flexure moulding, circular...] ලෙසට බෙල් හඳුනා ගත් අතර මෙම ගල් ආසනය ජල ක්‍රීඩා අතරතුරේදී විවේක ගැනීම උදෙසා ඉදි කරන්නට ඇති බව තවත් මතයකි. බෙල් මහතා විසින් විහාරයක් ලෙස හඳුනා ගන්නා මේ අසලම පිහිටි එහි දෙපසින්ම පිවිසීමට පියගැට පෙලවල් සහිත මණ්ඩපය ඇඳුම් මාරු කිරීම උදෙසා වූ කාමරය (සළු මණ්ඩප) ලෙස ඇතැම් විද්වතුන් විසින් හඳුනාගෙන ඇත. සදකඩ පහන් කොරවක් ගල් හා කැටයම් වලින් හෙබි මහාවංශයේ විස්තර වන නාග දරණයක සිරිය උසුලන මණ්ඩපය මෙය විය හැකිය.

පහළ සිට ඉහළට යන විට කුඩා වන වෙදිකා තුනකින් යුක්තව සම්පූර්ණ කළු ගලින් නිමවා ඇති පොකුණ දිගින් අඩි 44 ක් සහ පලලින් අඩි 38 වන අතර පතුලේ දිග අඩි 31.6 ක් සහ පලල අඩි 27.3 ක් වේ. පොකුණේ බටහිර දෙසින් පොකුණට පඩි පෙලක් දැකිය හැකි අතර එම පඩිපෙල දෙපස සිංහ රූප දෙකකි. පරාක්‍රම සමුද්‍රයේ ජලය බැස යන අසල පිහිටි ඇල මාර්ගයේ සිට භූගත නල පද්ධතියක් මගින් මෙම පොකුණට ගෙන එන ජලය මකර රූප සහිත පීලි ඔස්සේ පොකුණට වැටෙන අතර පොකුණේ බටහිර පැත්තේ එවැනි පිලී 2 ක් සහ අනෙක් පැති වල එක බැගින් පීලි 5ක් තිබී ඇත. එසේ වැටෙන ජලය පිටවීම සඳහා වූ භූගත කාණුවක් පොකුණ තුල දැකිය හැක. අවශ්‍ය අවස්ථා වලදී ජලය උතුරා යෑම වැලැක්වීමට ජලය පිටවීම සඳහා වූ සොරොව් දොර ලී වලින් තනා තිබෙන්නට ඇති අතර එම දොරටුව ඇතුළු කල විවරයක් පොකුණේ නැගෙනහිර දිශාවේ දක්නට ඇත.

Fb[ATTACH=full]155244[/ATTACH]

CEYLON

[QUOTE="IMUNA, post: 27221026, member: 392391"] සිලාපොක්ඛරණී - කුමාර පොකුණ වූ පරාක්‍රමබාහු රජුගේ ගල් පොකුණ පොලොන්නරැවේ ඇතුළු නුවර නැගෙනහිර සීමා ප්‍රාකාරයෙන් පහතට බැසීමට පඩි පෙලක් ඇත. එම පඩිපෙල බැස ගිය විට දැනට කුමාර පොකුණ ලෙසින් හැඳින්වෙන ශෛලමය පොකුණක සහ ඒ අසලම දකුණු දිශාවට වන්නට පිහිටි තවත් මණ්ඩපයක් දැකිය හැක. දැනට මේ ශෛලමය පොකුණට භාවිතා වන කුමාර පොකුණ යන්න පැහැදිලිවම එහි පැරණි නම නොවන මුත් H.C.P. බෙල් 1911-1912 වසර සඳහා වූ පුරාවිද්‍යා කොමසාරිස්වරයාගේ පාලන වාර්තාවේ පවා එම නම භාවිතා කරන බැවින් ඒ වනවිටද පොදු ජනතාව අතර එම නම භාවිතයේ වූ බව පෙනේ. රාජකීය පොකුණ ලෙස ද මෙම පොකුණ හැඳින්වේ. මහාවංශයේ මහා පරාක්‍රමබාහු රජු පොළොන්නරුව නගරය තුල ඉදි කල වෛජයන්ත ප්‍රාසාදය, රාජවෙශ්‍යභූජංග මණ්ඩපය ආදි ගොඩනැගිලි පිළිබඳව වූ විස්තරයෙන් අනතුරුව මාළිගාව අසල ප්‍රදේශයේ කරවූ ගෙඋයන පිළිබඳව විස්තරයක් ඉදිරිපත් කරන අතර කොඳවැලින් වෙළුණු රුක් වලින් යුක්ත, නොයෙක් මල් රොන් රස විඳින මත් බඹර හඬ ඇසෙන, සපු, අශෝක, මදටිය, පුවක්, වැටකේ, සල්, පලොල්, කොළොම්, අඹ, දඹ, මූනමල්, පොල්, කෙළිඳ ගස් වලින්ද, කෙම්වැල්, මාලතීවැල්, මල්ලිකාවැල්, තමලුවැල්, සත්පෙති, දෑසමන් වැල් වලින්ද යුක්ත නන්දන උයන මෙන් අලංකාර වූ එම උයන එහි යන්නවුන්ගේ සිත් සතුටු කරන බව එහි විස්තර වේ.මොනරුන්ගේ රාවයෙන්ද, කොවුලන් ගේ කූජනයෙන්ද, යුක්ත වූ එම උයනේ පියුම් උපුල් වලින් ගැවසුණු විල්ළිහිණියන්ගේ රාවයෙන් යුතු, මනා ඉවුරු ඇති විල්, ඇත් දළින් නිමවුණු බොහෝ රූපයන්ගෙන් බබලන කුළුණු වලින් ශක්තිමත් වූ, යන්ත්‍ර මාර්ගයෙන් ජලනලයෙන් විසිරුණු වැසිවසින මේකුළු බඳු අලංකාර දිය දහරින් යුතු, නෙත් පැහැරගන්නා වූ ධාරාඝරයකින්ද සැරසිණ. එම උයන සඳුන් දැවයෙන් කළ බොහෝ කුළුණු වලින් අලංකාර වූ පොළෝතලයට අලංකාරයක් වූ, අසමාන වූ, බබලන්නාවූ විමානයකින්ද, අෂ්ටාස්රාකාර මණ්ඩපයකින් හා වෘත්තාකාර මණ්ඩපයකින්ද, සිත් සතුටු කරන නාගදරණයක සිරිය උසුලන විශාල මණ්ඩපයකින්ද යුක්ත විය. බොහෝ මිනිසුන්ගේ සිත් සතුටු කළ මෙම උයනෙහි ගල් පොකුණ (සිලාපොක්ඛරණී), රජුන් අතර ප්‍රධාන වූ පරාක්‍රමබාහු රජුගේ සිත් සතුටු කල බව මහාවංශයේ එන ගාථා වලින් විස්තර වේ. එසේම හැමවිටම බොහෝ සෙයින් රමණීය වූ මංගල පොකුණ (මංගලපොක්ඛරණී) තිබූ උයන, නන්දා නැමැති පොකුණෙන් යුත් නන්දන උයන, සුවඳවත් දියෙන් පිරුණු උතුම් පුණ්ණා නම් පොකුණ (පුණ්ණා පොක්ඛරණී ) රජු නැමැති සඳ සතුටු කරමින් බබලයි. වසන්ත නම් ගුහාවකින් හා පොකුණුවලින් යුක්ත එම උයන සැමදා බොහෝ අලංකාරයෙන් හා සෞභාග්‍යයෙන් යුක්තව පෙනුන බවද මහාවංශය තව දුරටත් විස්තර කරයි. ඉහත විස්තරයෙහි එන විවිධ පොකුණු සහ අනෙකුත් මණ්ඩප, ධාරාඝර ආදී ඉදි කිරීම අතරින් සිලාපොක්ඛරණි ලෙසින් හැඳින්වුන පොකුණ අද ජන ව්‍යවහාරයේ කුමාර පොකුණ ලෙසින් හැඳින්වෙන පොකුණ ලෙස හඳුනාගෙන ඇත. පරාක්‍රමබාහු රජ මාළිගාව අසල නටබුන් අතර හමුවන එකම ශෛලමය (සිලා) පොකුණ එය වන බැවින් මෙම හඳුනාගැනීම නිවැරදි විය යුතුය. 1911-1912 වර්ෂ සඳහා වී සිය පාලන වාර්තාවේ මෙම 'කුමාර පොකුණ' පිළිබඳව විස්තරයක් ඉදිරිපත් කරන H.C.P. බෙල් මෙම පොකුණ තුල තිබී ගනේෂ රූපයක්, හිස සුන් කුඩා නන්දි ගවයාගේ රූපයක්, විශාල සිංහ රූපයක හිස සහ ශරීරයේ කැබලි, පිරිමි සිංහ රූප තුනක් (ඔහුගේ විස්තරයට අනුව මෙසේ හඳුන්වන්නේ ඉහත රූපයේ දැක්වෙන පොකුණට ගලා එන වතුර එයට වැක්කිරීම සිදුවන පිලී බව පෙනේ.) සහ විශාල රවුම් පද්මාසන පාදස්ථලයක් (මේ වර්තමානයේ පොකුණේ හරි මැද තබා ඇත) මෙය පිළිමයක පාදස්ථලයක් [Massive 'Padmasana' pedestal of some image, in double flexure moulding, circular...] ලෙසට බෙල් හඳුනා ගත් අතර මෙම ගල් ආසනය ජල ක්‍රීඩා අතරතුරේදී විවේක ගැනීම උදෙසා ඉදි කරන්නට ඇති බව තවත් මතයකි. බෙල් මහතා විසින් විහාරයක් ලෙස හඳුනා ගන්නා මේ අසලම පිහිටි එහි දෙපසින්ම පිවිසීමට පියගැට පෙලවල් සහිත මණ්ඩපය ඇඳුම් මාරු කිරීම උදෙසා වූ කාමරය (සළු මණ්ඩප) ලෙස ඇතැම් විද්වතුන් විසින් හඳුනාගෙන ඇත. සදකඩ පහන් කොරවක් ගල් හා කැටයම් වලින් හෙබි මහාවංශයේ විස්තර වන නාග දරණයක සිරිය උසුලන මණ්ඩපය මෙය විය හැකිය. පහළ සිට ඉහළට යන විට කුඩා වන වෙදිකා තුනකින් යුක්තව සම්පූර්ණ කළු ගලින් නිමවා ඇති පොකුණ දිගින් අඩි 44 ක් සහ පලලින් අඩි 38 වන අතර පතුලේ දිග අඩි 31.6 ක් සහ පලල අඩි 27.3 ක් වේ. පොකුණේ බටහිර දෙසින් පොකුණට පඩි පෙලක් දැකිය හැකි අතර එම පඩිපෙල දෙපස සිංහ රූප දෙකකි. පරාක්‍රම සමුද්‍රයේ ජලය බැස යන අසල පිහිටි ඇල මාර්ගයේ සිට භූගත නල පද්ධතියක් මගින් මෙම පොකුණට ගෙන එන ජලය මකර රූප සහිත පීලි ඔස්සේ පොකුණට වැටෙන අතර පොකුණේ බටහිර පැත්තේ එවැනි පිලී 2 ක් සහ අනෙක් පැති වල එක බැගින් පීලි 5ක් තිබී ඇත. එසේ වැටෙන ජලය පිටවීම සඳහා වූ භූගත කාණුවක් පොකුණ තුල දැකිය හැක. අවශ්‍ය අවස්ථා වලදී ජලය උතුරා යෑම වැලැක්වීමට ජලය පිටවීම සඳහා වූ සොරොව් දොර ලී වලින් තනා තිබෙන්නට ඇති අතර එම දොරටුව ඇතුළු කල විවරයක් පොකුණේ නැගෙනහිර දිශාවේ දක්නට ඇත. Fb[ATTACH type="full"]155244[/ATTACH] CEYLON [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom