Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
පරාජයේ කම්පනය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

රාජපක්ෂ පරාජයේ කම්පනය සහ මෛත්‍රී ආගමනය

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පරාජය දකුණේ ජනතාව තුළ මහත් කම්පනයක් ඇති කරනු ලැබීය. ඔහුට විරුද්ධව ඡන්දය දුන් අය තුළ පවා ඒ කම්පනය දක්නට විය.

එතුමාගේ පරාජයට ප්‍රධාන හේතුව උතුරේ හා නැගෙනහිර දෙමළ හා මුස්ලිම් ඡන්ද බව කාහටත් පෙනෙන ප්‍රසිද්ධ කරුණය. උතුර හා නැගෙනහිර ඡන්ද අහිමි වීම තුළ තිබෙන්නේ දිගු කතාන්දරයකි. උතුර හා නැගෙනහිර ඉතා සංවිධානාත්මක ලෙස මහින්ද විරෝධී ඡන්දයක යෙදුණු බව පැහැදිලිය.

රාජපක්ෂ රජය උතුරට සැපයූ භෞතික සම්පත් ප්‍රමාණය අති විශාලය. ඇතැම් විට දකුණටත් වඩා උතුරට සැලකූ ප්‍රමාණය අති මහත්ය. එහෙත් උතුර පෙරළා රාජපක්ෂ රජයට ස්තුති කළේ නැත. උතුරේ ජනතා සිත් දිනා ගැන්මට නොහැකි වූයේ මන්දැයි යන්න රාජපක්ෂවරුන් නැවත නැවතත් සිතා බැලිය යුතු කාරණයකි.

උතුරේ දෙමළ ජනයා කරන ඉල්ලීම් ඉටුකළ හැකි ඒවා නොවේ. එහි තිබෙන හමුදා කඳවුර ඉවත් කරන්නැයි ඔවුහු ඉල්ලා සිටිති. උතුරේ පමණක් නොව දකුණේද හමුදා කඳවුරු තිබේ. උතුර යනු සාමකාමී පළාතක් නොවේ. උතුර දකුණට මාරාන්තික යුද්ධයක් උරුම කර දුන් ප්රදේශයකි. රාජපක්ෂ රජය ඒ මාරාන්තික යුද්ධයෙන් රට ගලවා ගත්තේ ඉමහත් වෑයමකිනි. 30 අවුරුදු යුද්ධය යනු සුළු පටු කාලයක් නොවේ.

එහෙත් උතුරට දුන් පළාත් සභාව ඔවුන්ට පරිපාලන කටයුතු කර ගැනීමට තරම් පහසුකම් සහිත එකක් කළා නම් උතුරේ ජනතාව සන්තෝෂ වනු ඇත. නමුත් උතුරේ දේශපාලනඥයන් ලද දෙයින් සතුටු වන්නෝ නොවෙති. එක රටක් තුළ එක්ව ජීවත් වීමේ අගය ඔවුහු වටහා නොගන්නා තාක් කල් ගැටලුව පවතී.

සුළු ජාතික ඡන්ද මේසා ප්‍රමාණයක් ලබාගත් මෛත්‍රී රජය මුහුණ දිය යුතු ප්‍රධානම ගැටලුවද මෙයයි. උතුරේ දෙමළ ජනතාව ඉල්ලන ප්‍රමාණයෙන් දිය යුත්තේ කුමන ප්රමාණයදැයි වටහා නොගතහොත් මෛත්‍රී රජය පවත්වා ගෙන යැමට දකුණේ ජනතාව ඉඩ නොදෙනු ඇත. රාජපක්ෂ රජය උතුර පාලනය කළේ දැඩි ප්රතිපත්තියකිනි. එබැවින් උතුරේ ජනතාව දැඩි පිළිතුරක් දුන්නේද එබැවිනි.

එහෙත් මහින්ද රාජපක්ෂ මහතා පරාජය වූයේ උතුරේ සහ නැගෙනහිර දෙමළ මුස්ලිම් ඡන්ද නිසාමද?

අපේ රටේ රජුන් තනන්නා තොණ්ඩමන් යෑයි ප්‍රසිද්ධ දේශපාලන කියමනක් තිබේ. මෙවරද එය ක්‍රියාත්මක වී ඇති බව පෙනේ. වතුකරයේ දෙමළ ජනයා වැඩිපුර සිටිතැයි සැලකෙන ප්‍රදේශයක් ලෙස සැලකිල්ලට ගතහොත් නුවරඑළිය, මස්කෙළිය ආසනයෙන් මහින්ද රාජපක්ෂට ලැබී ඇත්තේ ඡන්ද 57718 ක් පමණි. මෛත්‍රී මහතාට වැඩි ඡන්දම එක්ලක්ෂ දහතුන් දහසකට වඩා ලැබී තිබුණි. නමුත් තොණ්ඩමන් පෙනී සිටියේ රාජපක්ෂ රජය වෙනුවෙනි. එහෙත් ඔහුගේ ජනතාව ඡන්දය දී ඇත්තේ මහින්ද රාජපක්ෂට විරුද්ධවය. මේ සංසිද්ධිය වූයේ ආරුමුගම් තොණ්ඩමන් නොදැනුවත්ව යෑයි සිතිය හැකිද? උපන්ගෙයි මෝඩයෙකු වුවද මෙය විශ්වාස නොකරනු ඇත.

මහින්ද රාජපක්ෂ මහතාගේ පරාජයට උතුරු නැගෙනහිර සුළු ජාතික ඡන්දවලටත්, වතුකරයේ ඡන්දවලටත් එහා ගිය තවත් හේතුවක් තිබෙන බව පෙනේ. ඒ යහපාලනය පිළිබඳ ප්රශ්නයයි. මහින්ද රජයට එරෙහිව විපක්ෂයෙන් නැගුණු බරපතළ චෝදනාවලින් එකක් වූයේද යහ පාලනයයි.

යහ පාලනය යනු නීතිය හා යුක්ති ධර්මය සෑම දෙනාටම එක සමානව තිබීම යන්නයි. රාජපක්ෂ රජයෙන් සෑම දෙනාටම සමාන යුක්ති ධර්මය හැම විටම ක්‍රියාත්මක වූයේ නැත. සරත් ෆොන්සේකා හමුදාපතිවරයාගේ නිල පදවි සියල්ල අහෝසි කිරීම සහ ඔහු සිරගත කිරීම, ශිරාණි බණ්ඩාරනායක මහත්මියගේ අගවිනිසුරු පදවිය අහෝසි කිරීම වැනි දෑ නිත්‍යනුකූලව කරන ලද්දක් සේ පෙන්නුම් කළ නමුදු ඒවා කළේ යුක්ති ධර්මයට අනුව නොවන බැව් රටේ පිළිගැනීම විය.

භාරත ලක්ෂ්මන් ඝාතනයේ දී රජය ක්‍රියා කළ ආකාරයද මහින්ද රජයේ කීර්තිමත් බව පළුදු කරන්නක් විය. අපරාධකරුවා එක රැයකට හෝ බන්ධනාගාරගත නොවීය. එමෙන්ම අපරාධකරු ඇප ලැබූ සැණින් ගියේ අරලියගහ මන්දිරයටය. නීතිය කෙළෙසන ඇතමුන්ට රාජ්‍ය රැකවරණය ලැබෙන බව මහජනයාට ප්‍රදර්ශනය විණි.

කොළොන්නාව දේශපාලන නායිකාව මේ ජනාධිපතිවරණයේ දී මෛත්‍රී පිලට එකතු වූයේ ඒ අසාධාරණය නිසාවෙනි. කොළොන්නාව ආසනය මහින්ද රාජපක්ෂ මහතා පරාජය වන්නේ වැඩි ඡන්ද දාහත්දහස් ගණනක් මෛත්‍රී පිලට දෙමින් බව ඊට සාක්ෂියකි.

කොට්ටාව - මාතර අධිවේගී මාර්ගයේ දී අධි වේගයෙන් රිය පැදවීම නිසා රජයේ නියෝජ්‍ය ඇමැතිවරයකුට දඩ කොළයක් දුන් වරදට එම පොලිස් නිලධාරියාට අන්තිමේදී සිදු වූයේ සේවයෙන් ඉවත් වී ගෙදර යන්නටය. ඒ සිද්ධිය වුවද බැර වන්නේ මහින්ද රජයේ යහ පාලනයේ තරම කියා පාන පරාජයටය.

මර්වින් සිල්වා මහතා සහ ඔහුගේ පුත්‍රයාට සම්බන්ධ සිද්ධීන්වල අවසන් සිද්ධියේදී හැර අන් සෑම සිදුවීමකදීම වාසිය ලැබුණේ පිය පුතු දෙදෙනාටය. ඔවුන් ආරක්ෂා කිරිමේ පිළිවෙත දෙස ජනතාව බැලුවේ කලකිරුණු සිතිනි.

සමහර ඇමැතිවරු ප්රවෘත්ති සාකච්ඡාවලදී හැසිරුණේ මැරයන් විලසිනි. මාධ්‍යවේදීන්ට පිළිතුරු දුන්නේ "ඔව් අප එහෙම තමයි. මොකද කියන්නේ" යෑයි යන තග් විලාසයෙනි.

රටේ ප්රබුද්ධ දේශපාලන මනසින් යුත් මිනිසුන් මේවා දෙස බලා සිටියේ කලකිරුණු සිතිනි. උගතුන්, බුද්ධිමතුන්, ප්රබුද්ධ කලාකරුවන්, ප්රබුද්ධ මනස් ඇති යහපත් මිනිසුන් වාමාංශිකයන් බොහෝ දෙනෙක් මේ මැතිවරණයේදී මහින්ද රාජපක්ෂ මහතාට විරුද්ධව ඡන්දය දුන්නේ එබැවිනි. එසේ නොමැතිව ඔවුන් යූ.එන්.පී. කාරයන් බවට පෙරළී නොවේ. යහ පාලනය නැති බව තේරුම් ගත් හෙයිනි. දකුණේ බොහෝ තැන්වලින් මහින්ද රාජපක්ෂ මහතා ජයග්‍රහණය කර තිබූ බව ඇත්තය. නමුත් එතුමා ලැබූ ඡන්ද ප්‍රමාණය පහළගොස් තිබුණි. ස්වාධීන පොලිස් කොමිසමක් තිබුණේ නම් අධිවේගී මාර්ගයේ පොලිස් නිලධාරියාට ගෙදර යන්නට සිදු වන්නේ නැත. ස්වාධීන අධිකරණ ක්‍රමයක් තිබුණේ නම් ශිරාණි බණ්ඩාරනායක මහත්මියට අගවිනිසුරුකම අහිමි වන්නේ නැත.

අල්ලස් හෝ දූෂණ කොමිසම ස්වාධීන එකක් නම් ඇමැතිවරු කිහිප දෙනෙක්ම දැන් සිටිය යුත්තේ හිර ගෙදරය. එහෙත් එසේ වූයේ නැත.

මෛත්‍රී පිල තැබූ එක් පොරොන්දුවක් වූයේ ඉහත ආයතන ස්වාධීන කරන බවය. ප්රබුද්ධ දේශපාලන මතධාරීහු ඊට එකඟ විය. ඔවුන් මෛත්‍රී පිලට ඡන්දය දුන්නේ එබැවින් මිස යූ.එන්.පී. ය ජයග්‍රහණය කරවන්නට නොවේ.

මහින්ද රාජපක්ෂ යනු හොඳ මිනිසෙකි. තම රටවැසියා කෙරෙහි වූ ආදරය කරුණාව දයාව හිතෛෂී භාවය ඔහු කෙරෙන් නිරායාසයෙන් පළවූ ගුණාංගයන්ය. කුඩා දරුවන් වඩාගෙන හුරතල් කරන්නට වුවද කෙනෙකුට හොඳ හුරුවක් තිබිය යුතුය. එවැන්නකට හෘදයාංගම හැඟීමක් කෙනකුට තිබිය යුතුය. මව්බිම, බුදු දහම සහ සිංහල ජාතිය කෙරෙහි ඔහු හදවතින්ම ඇළුම් කළේය. ඔහුගේ පරාජයෙන් රටවැසියා කඳුළු සැලුවේ එබැවිනි. ඔහුගේ පරාජය රටවැසියන් බොහෝ දෙනෙකුට සිත් වේදනා දෙන්නක් විය.

එහෙත් පරාජයට හේතුව සුළු ජාතික ඡන්ද පදනම පමණකැයි තක්සේරු කිරීම වැරැදි එකකි. රටෙහි සංවර්ධනය, රැකීරක්ෂා සුලබ කිරීම, ජනතාවගේ ජීවන මට්ටම යහපත් තත්ත්වයක පවත්වාගෙන යැම ආදී කරුණුවලදී රාජපක්ෂ රජය සිටියේ ප්‍රශංසනීය තැනකය. එහෙත් යහ පාලනය තිබුණේ නැත. යහ පාලනය තිබුණේ නම් වරෙන්තු සැකකරුවකුව සිටියදී මුතුහෙට්ටිගම නියෝජ්‍ය ඇමැතිවරයා ප්‍රසිද්ධ රැස්වීමක ගී ගයයිද?

දැන් එළඹ තිබෙන්නේ ඒවා නැති යුගයකටයි. මෛත්‍රී යුගය යනු වචනාර්ථයෙන්ම යහපත් යුගයක නාමකරණයයි.

ජනතාව මෛත්‍රී යුගය කෙබඳු එකක් වේදැයි බලා සිටී.

චන්ද්‍රසිරි දොඩන්ගොඩ divaina

[QUOTE="bravehearts, post: 17780194, member: 513648"] [B][SIZE="4"]රාජපක්ෂ පරාජයේ කම්පනය සහ මෛත්‍රී ආගමනය [IMG]http://www.divaina.com/2015/01/18/pic/f5.jpg[/IMG] හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පරාජය දකුණේ ජනතාව තුළ මහත් කම්පනයක් ඇති කරනු ලැබීය. ඔහුට විරුද්ධව ඡන්දය දුන් අය තුළ පවා ඒ කම්පනය දක්නට විය. එතුමාගේ පරාජයට ප්‍රධාන හේතුව උතුරේ හා නැගෙනහිර දෙමළ හා මුස්ලිම් ඡන්ද බව කාහටත් පෙනෙන ප්‍රසිද්ධ කරුණය. උතුර හා නැගෙනහිර ඡන්ද අහිමි වීම තුළ තිබෙන්නේ දිගු කතාන්දරයකි. උතුර හා නැගෙනහිර ඉතා සංවිධානාත්මක ලෙස මහින්ද විරෝධී ඡන්දයක යෙදුණු බව පැහැදිලිය. රාජපක්ෂ රජය උතුරට සැපයූ භෞතික සම්පත් ප්‍රමාණය අති විශාලය. ඇතැම් විට දකුණටත් වඩා උතුරට සැලකූ ප්‍රමාණය අති මහත්ය. එහෙත් උතුර පෙරළා රාජපක්ෂ රජයට ස්තුති කළේ නැත. උතුරේ ජනතා සිත් දිනා ගැන්මට නොහැකි වූයේ මන්දැයි යන්න රාජපක්ෂවරුන් නැවත නැවතත් සිතා බැලිය යුතු කාරණයකි. උතුරේ දෙමළ ජනයා කරන ඉල්ලීම් ඉටුකළ හැකි ඒවා නොවේ. එහි තිබෙන හමුදා කඳවුර ඉවත් කරන්නැයි ඔවුහු ඉල්ලා සිටිති. උතුරේ පමණක් නොව දකුණේද හමුදා කඳවුරු තිබේ. උතුර යනු සාමකාමී පළාතක් නොවේ. උතුර දකුණට මාරාන්තික යුද්ධයක් උරුම කර දුන් ප්රදේශයකි. රාජපක්ෂ රජය ඒ මාරාන්තික යුද්ධයෙන් රට ගලවා ගත්තේ ඉමහත් වෑයමකිනි. 30 අවුරුදු යුද්ධය යනු සුළු පටු කාලයක් නොවේ. එහෙත් උතුරට දුන් පළාත් සභාව ඔවුන්ට පරිපාලන කටයුතු කර ගැනීමට තරම් පහසුකම් සහිත එකක් කළා නම් උතුරේ ජනතාව සන්තෝෂ වනු ඇත. නමුත් උතුරේ දේශපාලනඥයන් ලද දෙයින් සතුටු වන්නෝ නොවෙති. එක රටක් තුළ එක්ව ජීවත් වීමේ අගය ඔවුහු වටහා නොගන්නා තාක් කල් ගැටලුව පවතී. සුළු ජාතික ඡන්ද මේසා ප්‍රමාණයක් ලබාගත් මෛත්‍රී රජය මුහුණ දිය යුතු ප්‍රධානම ගැටලුවද මෙයයි. උතුරේ දෙමළ ජනතාව ඉල්ලන ප්‍රමාණයෙන් දිය යුත්තේ කුමන ප්රමාණයදැයි වටහා නොගතහොත් මෛත්‍රී රජය පවත්වා ගෙන යැමට දකුණේ ජනතාව ඉඩ නොදෙනු ඇත. රාජපක්ෂ රජය උතුර පාලනය කළේ දැඩි ප්රතිපත්තියකිනි. එබැවින් උතුරේ ජනතාව දැඩි පිළිතුරක් දුන්නේද එබැවිනි. එහෙත් මහින්ද රාජපක්ෂ මහතා පරාජය වූයේ උතුරේ සහ නැගෙනහිර දෙමළ මුස්ලිම් ඡන්ද නිසාමද? අපේ රටේ රජුන් තනන්නා තොණ්ඩමන් යෑයි ප්‍රසිද්ධ දේශපාලන කියමනක් තිබේ. මෙවරද එය ක්‍රියාත්මක වී ඇති බව පෙනේ. වතුකරයේ දෙමළ ජනයා වැඩිපුර සිටිතැයි සැලකෙන ප්‍රදේශයක් ලෙස සැලකිල්ලට ගතහොත් නුවරඑළිය, මස්කෙළිය ආසනයෙන් මහින්ද රාජපක්ෂට ලැබී ඇත්තේ ඡන්ද 57718 ක් පමණි. මෛත්‍රී මහතාට වැඩි ඡන්දම එක්ලක්ෂ දහතුන් දහසකට වඩා ලැබී තිබුණි. නමුත් තොණ්ඩමන් පෙනී සිටියේ රාජපක්ෂ රජය වෙනුවෙනි. එහෙත් ඔහුගේ ජනතාව ඡන්දය දී ඇත්තේ මහින්ද රාජපක්ෂට විරුද්ධවය. මේ සංසිද්ධිය වූයේ ආරුමුගම් තොණ්ඩමන් නොදැනුවත්ව යෑයි සිතිය හැකිද? උපන්ගෙයි මෝඩයෙකු වුවද මෙය විශ්වාස නොකරනු ඇත. මහින්ද රාජපක්ෂ මහතාගේ පරාජයට උතුරු නැගෙනහිර සුළු ජාතික ඡන්දවලටත්, වතුකරයේ ඡන්දවලටත් එහා ගිය තවත් හේතුවක් තිබෙන බව පෙනේ. ඒ යහපාලනය පිළිබඳ ප්රශ්නයයි. මහින්ද රජයට එරෙහිව විපක්ෂයෙන් නැගුණු බරපතළ චෝදනාවලින් එකක් වූයේද යහ පාලනයයි. යහ පාලනය යනු නීතිය හා යුක්ති ධර්මය සෑම දෙනාටම එක සමානව තිබීම යන්නයි. රාජපක්ෂ රජයෙන් සෑම දෙනාටම සමාන යුක්ති ධර්මය හැම විටම ක්‍රියාත්මක වූයේ නැත. සරත් ෆොන්සේකා හමුදාපතිවරයාගේ නිල පදවි සියල්ල අහෝසි කිරීම සහ ඔහු සිරගත කිරීම, ශිරාණි බණ්ඩාරනායක මහත්මියගේ අගවිනිසුරු පදවිය අහෝසි කිරීම වැනි දෑ නිත්‍යනුකූලව කරන ලද්දක් සේ පෙන්නුම් කළ නමුදු ඒවා කළේ යුක්ති ධර්මයට අනුව නොවන බැව් රටේ පිළිගැනීම විය. භාරත ලක්ෂ්මන් ඝාතනයේ දී රජය ක්‍රියා කළ ආකාරයද මහින්ද රජයේ කීර්තිමත් බව පළුදු කරන්නක් විය. අපරාධකරුවා එක රැයකට හෝ බන්ධනාගාරගත නොවීය. එමෙන්ම අපරාධකරු ඇප ලැබූ සැණින් ගියේ අරලියගහ මන්දිරයටය. නීතිය කෙළෙසන ඇතමුන්ට රාජ්‍ය රැකවරණය ලැබෙන බව මහජනයාට ප්‍රදර්ශනය විණි. කොළොන්නාව දේශපාලන නායිකාව මේ ජනාධිපතිවරණයේ දී මෛත්‍රී පිලට එකතු වූයේ ඒ අසාධාරණය නිසාවෙනි. කොළොන්නාව ආසනය මහින්ද රාජපක්ෂ මහතා පරාජය වන්නේ වැඩි ඡන්ද දාහත්දහස් ගණනක් මෛත්‍රී පිලට දෙමින් බව ඊට සාක්ෂියකි. කොට්ටාව - මාතර අධිවේගී මාර්ගයේ දී අධි වේගයෙන් රිය පැදවීම නිසා රජයේ නියෝජ්‍ය ඇමැතිවරයකුට දඩ කොළයක් දුන් වරදට එම පොලිස් නිලධාරියාට අන්තිමේදී සිදු වූයේ සේවයෙන් ඉවත් වී ගෙදර යන්නටය. ඒ සිද්ධිය වුවද බැර වන්නේ මහින්ද රජයේ යහ පාලනයේ තරම කියා පාන පරාජයටය. මර්වින් සිල්වා මහතා සහ ඔහුගේ පුත්‍රයාට සම්බන්ධ සිද්ධීන්වල අවසන් සිද්ධියේදී හැර අන් සෑම සිදුවීමකදීම වාසිය ලැබුණේ පිය පුතු දෙදෙනාටය. ඔවුන් ආරක්ෂා කිරිමේ පිළිවෙත දෙස ජනතාව බැලුවේ කලකිරුණු සිතිනි. සමහර ඇමැතිවරු ප්රවෘත්ති සාකච්ඡාවලදී හැසිරුණේ මැරයන් විලසිනි. මාධ්‍යවේදීන්ට පිළිතුරු දුන්නේ "ඔව් අප එහෙම තමයි. මොකද කියන්නේ" යෑයි යන තග් විලාසයෙනි. රටේ ප්රබුද්ධ දේශපාලන මනසින් යුත් මිනිසුන් මේවා දෙස බලා සිටියේ කලකිරුණු සිතිනි. උගතුන්, බුද්ධිමතුන්, ප්රබුද්ධ කලාකරුවන්, ප්රබුද්ධ මනස් ඇති යහපත් මිනිසුන් වාමාංශිකයන් බොහෝ දෙනෙක් මේ මැතිවරණයේදී මහින්ද රාජපක්ෂ මහතාට විරුද්ධව ඡන්දය දුන්නේ එබැවිනි. එසේ නොමැතිව ඔවුන් යූ.එන්.පී. කාරයන් බවට පෙරළී නොවේ. යහ පාලනය නැති බව තේරුම් ගත් හෙයිනි. දකුණේ බොහෝ තැන්වලින් මහින්ද රාජපක්ෂ මහතා ජයග්‍රහණය කර තිබූ බව ඇත්තය. නමුත් එතුමා ලැබූ ඡන්ද ප්‍රමාණය පහළගොස් තිබුණි. ස්වාධීන පොලිස් කොමිසමක් තිබුණේ නම් අධිවේගී මාර්ගයේ පොලිස් නිලධාරියාට ගෙදර යන්නට සිදු වන්නේ නැත. ස්වාධීන අධිකරණ ක්‍රමයක් තිබුණේ නම් ශිරාණි බණ්ඩාරනායක මහත්මියට අගවිනිසුරුකම අහිමි වන්නේ නැත. අල්ලස් හෝ දූෂණ කොමිසම ස්වාධීන එකක් නම් ඇමැතිවරු කිහිප දෙනෙක්ම දැන් සිටිය යුත්තේ හිර ගෙදරය. එහෙත් එසේ වූයේ නැත. මෛත්‍රී පිල තැබූ එක් පොරොන්දුවක් වූයේ ඉහත ආයතන ස්වාධීන කරන බවය. ප්රබුද්ධ දේශපාලන මතධාරීහු ඊට එකඟ විය. ඔවුන් මෛත්‍රී පිලට ඡන්දය දුන්නේ එබැවින් මිස යූ.එන්.පී. ය ජයග්‍රහණය කරවන්නට නොවේ. මහින්ද රාජපක්ෂ යනු හොඳ මිනිසෙකි. තම රටවැසියා කෙරෙහි වූ ආදරය කරුණාව දයාව හිතෛෂී භාවය ඔහු කෙරෙන් නිරායාසයෙන් පළවූ ගුණාංගයන්ය. කුඩා දරුවන් වඩාගෙන හුරතල් කරන්නට වුවද කෙනෙකුට හොඳ හුරුවක් තිබිය යුතුය. එවැන්නකට හෘදයාංගම හැඟීමක් කෙනකුට තිබිය යුතුය. මව්බිම, බුදු දහම සහ සිංහල ජාතිය කෙරෙහි ඔහු හදවතින්ම ඇළුම් කළේය. ඔහුගේ පරාජයෙන් රටවැසියා කඳුළු සැලුවේ එබැවිනි. ඔහුගේ පරාජය රටවැසියන් බොහෝ දෙනෙකුට සිත් වේදනා දෙන්නක් විය. එහෙත් පරාජයට හේතුව සුළු ජාතික ඡන්ද පදනම පමණකැයි තක්සේරු කිරීම වැරැදි එකකි. රටෙහි සංවර්ධනය, රැකීරක්ෂා සුලබ කිරීම, ජනතාවගේ ජීවන මට්ටම යහපත් තත්ත්වයක පවත්වාගෙන යැම ආදී කරුණුවලදී රාජපක්ෂ රජය සිටියේ ප්‍රශංසනීය තැනකය. එහෙත් යහ පාලනය තිබුණේ නැත. යහ පාලනය තිබුණේ නම් වරෙන්තු සැකකරුවකුව සිටියදී මුතුහෙට්ටිගම නියෝජ්‍ය ඇමැතිවරයා ප්‍රසිද්ධ රැස්වීමක ගී ගයයිද? දැන් එළඹ තිබෙන්නේ ඒවා නැති යුගයකටයි. මෛත්‍රී යුගය යනු වචනාර්ථයෙන්ම යහපත් යුගයක නාමකරණයයි. ජනතාව මෛත්‍රී යුගය කෙබඳු එකක් වේදැයි බලා සිටී.[/SIZE][/B] චන්ද්‍රසිරි දොඩන්ගොඩ divaina [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom