Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Today at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
පරාර්ථකාමීත්වය බොරුවක්!
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

1.නියම ආර්ත්මාර්ථකාමියෙක් යනු සමාජය විසින් හඳුන්වන පරාර්ථකාමීයෙක්මයි.

2.හැබැයි නියම පරාර්ථකාමියෙක් වීමට හැඟීම්,දැනීම් සහ ඒ සම්බන්ධ සිදුවීම් වල මතකය අහිමි වීම,සහ ego එක 100% ක් නැතිවිය යුතුයි.

ඒ මං හොයාගත්ත තර්ක දෙක. ඉතිං ඔය දෙවෙනි කාරණේ මේ ලෝකේ මනුස්සයෙක්ට ප්‍රැක්ටිකලි කොහොමවත් කරන්න බැරි දෙයක්. හැබැයි පරාර්ථකාමිත්වයේ(Altruism) නිර්වචනය ගත්තොත් නිර්වචනය වෙන්නේ,

තමන්ගේ අවශ්‍යතා හෝ ප්රතිලාභ නොසලකා, අන් අයගේ යහපත සඳහා ක්‍රියා කිරීමේ ප්‍රවණතාවයක් විදිහට. ඒත් මම කලින් කිව්ව විදිහට හැඟීම්,දැනීම් හා ඒ සම්බන්ධ මතකය සහ ego එක 100% ක්ම නැති වෙච්ච මිනිස්සු නැති නිසා, අර පරාර්ථකාමිත්වය නිර්වචනට කරද්දි යොදාගන්න "තමන්ගේ අවශ්‍යතා හෝ ප්රතිලාභ නොසලකා" කියන කාරණය විහිළුවක් වෙනවා. හේතුව ඕනම මනුස්සයෙක් තව කවුරු හරි ගැන හිතන්නේ,උදව් කරන්නේ ඒ තමන් ගැන දැඩි ලෙස හිතන නිසයි. දැඩි ආර්ත්මාර්ථකාමිත්වය නිසයි. හැබැයි මේ තමන් ගැන හිතන දැඩි සිතුවිල්ල තමන්ගේ ශරීරය,වස්තුව,ගෞරවය විය යුතුම නැහැ. මේක හැබැයි අනිවාර්යයෙන්ම තමන්ගේ ආත්මය සම්බන්ධය දෙයක්. තව පිරිසකට තේරෙන විදිහකට වෙන අර්ථ සහිත වචන වලින් කිව්වොත් සිත/මනස/මොළය සම්බන්ධ දෙයක්. ආර්ත්මාර්ථකාමිත්වය හටගන්නේ භෞතික දෙයක් නිසාම නෙවේ. මොකද ego එක තියෙන්නෙ මනසේ/ආත්මයේ. ඒකයි මිනිස්සු අනුන් වෙනුවෙන් ජීවිතය වුනත් කැපකරනවා වගේ පේන්නෙ. මැරෙන්නේ,ශරීරයේ අවයව පවා දන් දෙන්නේ. මොකද එහෙම දීමෙන් එයා සතුටු වෙනවා එහෙම නොදීමට වඩා කියලා එයාට ඒමොහොතේ ක්ෂණික හිතෙනවා. සිතුවිලි finalize වෙන්න අඩුම milliseconds ගානක් ඇති. ඒවා හැබැයි ඒ මොහොතේ ඇතිවෙන සිතුවිලි. පස්සේ අපරාධේ කියලා හිතෙන්නත් පුළුවන් නොහිතෙන්නත් පුළුවන්.

ඉතිං යම් අවස්ථාවකදී අනුන් වෙනුවෙන් යමක් නොකර හිඳීමෙන් ඒකෙනාට ඇතිවෙන guilty feelings, පස්සෙ කාලෙක පසුතැවෙන්න වීම,කණගාටු වෙන්න සිදුවීම, පින් පව් භීතිය වගේ දේවල් වළක්වා ගැනීමට, එහෙමත් නැත්නම්, ලකුණු දාගැනීමට, කර්ම ප්රතිලාභ බලාපොරොත්තුව, සමාජ ගෞරවය,අන් අයට වඩා උසස් වීමට, ආත්ම තෘප්තියට වගේ දේවල් වලට තමා මිනිස්සු අනුන් වෙනුවෙන් හිතන්නේ. ඒ කියන්නේ මේ කාරණා ටික නැති තැන මිනිස්සු අනිත් අය වෙනුවෙන් දෙයක් කරන්නෑ. මේ දැඩි ආර්ත්මාර්ථකාමිත්වය නිසාම තමා මිනිස්සු 100% ශුද්ධ දෙයක් ලෙස හිතන් ඉන්න පරාර්ථකාමීත්වය හටගන්නේ.

අපි උදාහරණයකට ගමුකෝ පරාර්ථකාමිත්වය සහ ආදරය දරුණුම විදිහට, "මාරයි" කියලා සමාජය දකින තැනක්. එතනින් එහා වෙන උදාහරණ ඕනේ නෑනෙ.

හිතන්න,තමන් වැඩියෙන්ම ආදරේ කරන තමන් නොවන කෙනෙක් මැරෙන්න යනවා, එයාට හදවතක් බද්ද කරන්න ඕනේ. වෙන හදවතක් හොයාගන්න නැති නිසා ඔයා තීරණය කරනවා ඔයා මැරිලා ඔයාගේ හදවත ගන්න ඉඩදෙන්න. හැබැයි එතන තියෙන්නෙත් ආර්ත්මාර්ථයක්. හේතුව ඒ කෙනා මැරුනොත් තමන්ට දුක ඉවසගන්න බෑ තමන්ටත් මැරෙන්න හිතෙයි/තමන්ට ඒ පුද්ගලයගෙ හයිය නැතුව ජීවත් වෙන්න බෑ etc. ඔය වගේ සිතුවිලි නිසා තමා ඒ කැපකිරීම කරන්නේ. හැබැයි ඒකේ ප්‍රතිඵලය හොඳ දෙයක් වෙන්න පුළුවන්. ආර්ත්මාර්ථකාමිත්වය නිසා හෝ අනුන්ට යහපතක් වෙන එක හොඳයි තමා අපි හැමෝම එහෙමයි. ඒත් මට කියන්න ඕන උනේ උත්කර්ෂයට නංවන තරම් ශුද්ධ නෑ මේක.

"ආදරය" කියන්නෙත් ඔය වගේ බයිලාවක්නේ. සමාජය විසින් පරාර්ථකාමීත්වය ඔබ්බවපු දෙයක්නේ. නමුත් ඒකටත් උදාහරණයකින් පැහැදිලි කරොත්. ඔයා ආදරේම කරන කෙනා මැරුණු දුකට ඔයා මැරෙනවා. ඒ මැරෙන්නේ ආදරේ නාමෙන් නෙවේ ඔයාට ඒ දුක දරාගන්න බෑ/ඒ හයිය නැතුව ඉන්න බෑ/ "මැරිලා හොල්මන් දෙකක් වෙලා හරි එකට ඉන්නවා" etc. ඔය වගේ මිනිස් සිතුවිලි නිසා. අපි ඕකෙම අනිත් පැත්ත ගමු. ඔයා මැරෙනවා. ඔයා ආදරේ කෙනෙක් ජීවත් වෙනවා. අපි හිතමු ඇත්තටම අර මැරිලා ගන්ධබ්බයෙක් වෙනවා කියනවා වගේ ඔයා ඉන්නවා කියලා. ඔයා කැමති අර ජීවත් වෙලා ඉන්න ඔයා වැඩියෙන්ම ආදරේ,ඔයාට නැතුව බැරි,ඔයා කියන දේවල් ඇහෙන්නෙ නැති ,ස්පර්ශ කරන්න බැරි කෙනා accident එකකින් හරි මැරිලා ඔයා ළඟට එනවටද? එයා සැපසේ පණපිටින් ජීවත් වෙලා ඉන්නවටද?

ඔයාගේ අවංක උත්තරේ තේරුම් කරයි ඇත්තටම මේ ලෝකේ තියෙන්නෙ ආර්ත්මාර්ථකාමිත්වය විතරයි කියලා. සැබෑ පරාර්ථකාමියෙක් වෙන්න බෑ. මම දන්නෑ බුදු වුනොත් පුළුවන්ද කියලා. එහෙම වෙනවනම් බුදුවෙනවා කියන එකේ තේරුම හැඟීම් දැනීම් හා ඒ සම්බන්ධ මතකය සහ ego එක මුළුමනින්ම නැති කිරීම විය යුතුයි.

මෙච්චර මේක පැහැදිලි කරේ ඇයි ඇහුවොත් හේතුව කාටවත් අපහස කිරීම,විහිළුවකට ගැනීම නෙවේ. නමුත් ඇත්ත පෙන්වීම,චින්තනය පුළුල් කිරීම,දැනුම බෙදාහැරීම වගේ හේතු නිසයි. ඒකත් මගේ ආර්ත්මාර්ථකාමිත්වයක්. මොකද නොකිය හිටියොත් මට අපරාධේ කියලා හිතෙයි, සමාජය මෝඩ වීමෙන් වෙන අතුරු බලපෑම් පස්සෙ කාලෙක මටත් බලපායි වගේ එකක්.

ආර්ත්මාර්ථකාමයෙන් හෝ අනුන්ට යහපතක් වීම හොඳයි ඒත් මිනිස් මනස ගැන ගැඹුරින් නොහිතන එදිනෙදා වැඩ එක්ක කාර්යබහුල මිනිස්සු ඉන්න ලෝකයක ඔවුන් දකින පරාර්ථකාමීත්වය ඉතාමත් ශුද්ධ දෙයක් ලෙස වටහාගෙන ඉන්නවා. ඒකේ භයානක පැත්තක් තියෙනවා.

-Chicken kottu (AL) -

[QUOTE="Chicken Kottu, post: 31137788, member: 582093"] 1.නියම ආර්ත්මාර්ථකාමියෙක් යනු සමාජය විසින් හඳුන්වන පරාර්ථකාමීයෙක්මයි. 2.හැබැයි නියම පරාර්ථකාමියෙක් වීමට හැඟීම්,දැනීම් සහ ඒ සම්බන්ධ සිදුවීම් වල මතකය අහිමි වීම,සහ ego එක 100% ක් නැතිවිය යුතුයි. ඒ මං හොයාගත්ත තර්ක දෙක. ඉතිං ඔය දෙවෙනි කාරණේ මේ ලෝකේ මනුස්සයෙක්ට ප්‍රැක්ටිකලි කොහොමවත් කරන්න බැරි දෙයක්. හැබැයි පරාර්ථකාමිත්වයේ(Altruism) නිර්වචනය ගත්තොත් නිර්වචනය වෙන්නේ, තමන්ගේ අවශ්‍යතා හෝ ප්රතිලාභ නොසලකා, අන් අයගේ යහපත සඳහා ක්‍රියා කිරීමේ ප්‍රවණතාවයක් විදිහට. ඒත් මම කලින් කිව්ව විදිහට හැඟීම්,දැනීම් හා ඒ සම්බන්ධ මතකය සහ ego එක 100% ක්ම නැති වෙච්ච මිනිස්සු නැති නිසා, අර පරාර්ථකාමිත්වය නිර්වචනට කරද්දි යොදාගන්න "තමන්ගේ අවශ්‍යතා හෝ ප්රතිලාභ නොසලකා" කියන කාරණය විහිළුවක් වෙනවා. හේතුව ඕනම මනුස්සයෙක් තව කවුරු හරි ගැන හිතන්නේ,උදව් කරන්නේ ඒ තමන් ගැන දැඩි ලෙස හිතන නිසයි. දැඩි ආර්ත්මාර්ථකාමිත්වය නිසයි. හැබැයි මේ තමන් ගැන හිතන දැඩි සිතුවිල්ල තමන්ගේ ශරීරය,වස්තුව,ගෞරවය විය යුතුම නැහැ. මේක හැබැයි අනිවාර්යයෙන්ම තමන්ගේ ආත්මය සම්බන්ධය දෙයක්. තව පිරිසකට තේරෙන විදිහකට වෙන අර්ථ සහිත වචන වලින් කිව්වොත් සිත/මනස/මොළය සම්බන්ධ දෙයක්. ආර්ත්මාර්ථකාමිත්වය හටගන්නේ භෞතික දෙයක් නිසාම නෙවේ. මොකද ego එක තියෙන්නෙ මනසේ/ආත්මයේ. ඒකයි මිනිස්සු අනුන් වෙනුවෙන් ජීවිතය වුනත් කැපකරනවා වගේ පේන්නෙ. මැරෙන්නේ,ශරීරයේ අවයව පවා දන් දෙන්නේ. මොකද එහෙම දීමෙන් එයා සතුටු වෙනවා එහෙම නොදීමට වඩා කියලා එයාට ඒමොහොතේ ක්ෂණික හිතෙනවා. සිතුවිලි finalize වෙන්න අඩුම milliseconds ගානක් ඇති. ඒවා හැබැයි ඒ මොහොතේ ඇතිවෙන සිතුවිලි. පස්සේ අපරාධේ කියලා හිතෙන්නත් පුළුවන් නොහිතෙන්නත් පුළුවන්. ඉතිං යම් අවස්ථාවකදී අනුන් වෙනුවෙන් යමක් නොකර හිඳීමෙන් ඒකෙනාට ඇතිවෙන guilty feelings, පස්සෙ කාලෙක පසුතැවෙන්න වීම,කණගාටු වෙන්න සිදුවීම, පින් පව් භීතිය වගේ දේවල් වළක්වා ගැනීමට, එහෙමත් නැත්නම්, ලකුණු දාගැනීමට, කර්ම ප්රතිලාභ බලාපොරොත්තුව, සමාජ ගෞරවය,අන් අයට වඩා උසස් වීමට, ආත්ම තෘප්තියට වගේ දේවල් වලට තමා මිනිස්සු අනුන් වෙනුවෙන් හිතන්නේ. ඒ කියන්නේ මේ කාරණා ටික නැති තැන මිනිස්සු අනිත් අය වෙනුවෙන් දෙයක් කරන්නෑ. මේ දැඩි ආර්ත්මාර්ථකාමිත්වය නිසාම තමා මිනිස්සු 100% ශුද්ධ දෙයක් ලෙස හිතන් ඉන්න පරාර්ථකාමීත්වය හටගන්නේ. අපි උදාහරණයකට ගමුකෝ පරාර්ථකාමිත්වය සහ ආදරය දරුණුම විදිහට, "මාරයි" කියලා සමාජය දකින තැනක්. එතනින් එහා වෙන උදාහරණ ඕනේ නෑනෙ. හිතන්න,තමන් වැඩියෙන්ම ආදරේ කරන තමන් නොවන කෙනෙක් මැරෙන්න යනවා, එයාට හදවතක් බද්ද කරන්න ඕනේ. වෙන හදවතක් හොයාගන්න නැති නිසා ඔයා තීරණය කරනවා ඔයා මැරිලා ඔයාගේ හදවත ගන්න ඉඩදෙන්න. හැබැයි එතන තියෙන්නෙත් ආර්ත්මාර්ථයක්. හේතුව ඒ කෙනා මැරුනොත් තමන්ට දුක ඉවසගන්න බෑ තමන්ටත් මැරෙන්න හිතෙයි/තමන්ට ඒ පුද්ගලයගෙ හයිය නැතුව ජීවත් වෙන්න බෑ etc. ඔය වගේ සිතුවිලි නිසා තමා ඒ කැපකිරීම කරන්නේ. හැබැයි ඒකේ ප්‍රතිඵලය හොඳ දෙයක් වෙන්න පුළුවන්. ආර්ත්මාර්ථකාමිත්වය නිසා හෝ අනුන්ට යහපතක් වෙන එක හොඳයි තමා අපි හැමෝම එහෙමයි. ඒත් මට කියන්න ඕන උනේ උත්කර්ෂයට නංවන තරම් ශුද්ධ නෑ මේක. "ආදරය" කියන්නෙත් ඔය වගේ බයිලාවක්නේ. සමාජය විසින් පරාර්ථකාමීත්වය ඔබ්බවපු දෙයක්නේ. නමුත් ඒකටත් උදාහරණයකින් පැහැදිලි කරොත්. ඔයා ආදරේම කරන කෙනා මැරුණු දුකට ඔයා මැරෙනවා. ඒ මැරෙන්නේ ආදරේ නාමෙන් නෙවේ ඔයාට ඒ දුක දරාගන්න බෑ/ඒ හයිය නැතුව ඉන්න බෑ/ "මැරිලා හොල්මන් දෙකක් වෙලා හරි එකට ඉන්නවා" etc. ඔය වගේ මිනිස් සිතුවිලි නිසා. අපි ඕකෙම අනිත් පැත්ත ගමු. ඔයා මැරෙනවා. ඔයා ආදරේ කෙනෙක් ජීවත් වෙනවා. අපි හිතමු ඇත්තටම අර මැරිලා ගන්ධබ්බයෙක් වෙනවා කියනවා වගේ ඔයා ඉන්නවා කියලා. ඔයා කැමති අර ජීවත් වෙලා ඉන්න ඔයා වැඩියෙන්ම ආදරේ,ඔයාට නැතුව බැරි,ඔයා කියන දේවල් ඇහෙන්නෙ නැති ,ස්පර්ශ කරන්න බැරි කෙනා accident එකකින් හරි මැරිලා ඔයා ළඟට එනවටද? එයා සැපසේ පණපිටින් ජීවත් වෙලා ඉන්නවටද? ඔයාගේ අවංක උත්තරේ තේරුම් කරයි ඇත්තටම මේ ලෝකේ තියෙන්නෙ ආර්ත්මාර්ථකාමිත්වය විතරයි කියලා. සැබෑ පරාර්ථකාමියෙක් වෙන්න බෑ. මම දන්නෑ බුදු වුනොත් පුළුවන්ද කියලා. එහෙම වෙනවනම් බුදුවෙනවා කියන එකේ තේරුම හැඟීම් දැනීම් හා ඒ සම්බන්ධ මතකය සහ ego එක මුළුමනින්ම නැති කිරීම විය යුතුයි. මෙච්චර මේක පැහැදිලි කරේ ඇයි ඇහුවොත් හේතුව කාටවත් අපහස කිරීම,විහිළුවකට ගැනීම නෙවේ. නමුත් ඇත්ත පෙන්වීම,චින්තනය පුළුල් කිරීම,දැනුම බෙදාහැරීම වගේ හේතු නිසයි. ඒකත් මගේ ආර්ත්මාර්ථකාමිත්වයක්. මොකද නොකිය හිටියොත් මට අපරාධේ කියලා හිතෙයි, සමාජය මෝඩ වීමෙන් වෙන අතුරු බලපෑම් පස්සෙ කාලෙක මටත් බලපායි වගේ එකක්.😅 ආර්ත්මාර්ථකාමයෙන් හෝ අනුන්ට යහපතක් වීම හොඳයි ඒත් මිනිස් මනස ගැන ගැඹුරින් නොහිතන එදිනෙදා වැඩ එක්ක කාර්යබහුල මිනිස්සු ඉන්න ලෝකයක ඔවුන් දකින පරාර්ථකාමීත්වය ඉතාමත් ශුද්ධ දෙයක් ලෙස වටහාගෙන ඉන්නවා. ඒකේ භයානක පැත්තක් තියෙනවා. -Chicken kottu (AL) - [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom