පරිපාලන කරුමය
ශ්‍රී ලංකා පරිපාලන සේවය කොයිබට ද? – මෙය අපේ උරුමය ද ? අපේ කරුමය ද?
වෙබ් පිටුවකින් උපුටා ගත්තෙමි.
අමාත්‍යාංශ වල ලේකම්ලා ලොකු සල්ලිකාරයො නේද?අල්ලසක් අරන් අහු උනා ළඟදි කෝටි ගානක්. සීනි කම්හල ව්කුණන්න උදව් කරන්නම් කියලා

අප රටේ පවතින අධ්‍යාපන ක්‍රමය රාජ්‍ය සේවයට බඳවා ගැනීම, උසස් කිරීම් සහ රාජ්‍ය පරිපාලන සේවයේ ක්‍රියාකාරිත්වය අද වනවිට දැඩි අර්බුද ගණනාවකට හේතු වී ඇත. විශ්ව ගම්මානයක සාඩම්බර පාර්ශවකරුවන් ලෙස ලොව දියුණු රටවල් සමග අත්වැල් බැඳ ගැනීමෙහි ලා සිහින දකින අපි උක්ත කරුණු හේතුවෙන් කිසි දිනෙක එම සංවර්ධිත සමාජතල වලට ලඟා විමට නොහැකිව අරගල කරමින් සිටිමු. පැවතුණු රජයන්ට, පවතින රජයට බැණ අඬ ගසමින් දේශපාලනඥයන් පමණක් දැඩි දෝෂ දර්ශනයට ලක් කරමින් සිටින අපි අපේම ඡන්දය ලබා දී නැවත නැවතත් මෙම කර්කශ වූ දේශපාලන ක්‍ෂේත්‍රයෙහි යහමින් වැජඹෙන්නන් බලයට පත් කර ගනිමු. “අපිට මේ ආණ්ඩුවෙන් රස්සාවක්වත් දීගන්න බැරි වුණා” මෙය අද දේශපාලන ලොක්කන්ගේ මුවින් පිටවෙන ජනප්‍රිය වැකියක් වී ඇත. මෙම වැකිය තුලින්ම ගම්‍ය වන ප්‍රධාන කරුණක් වන්නේ අප සමාජය කොතරම් දුරට නිර්වින්දනය වී ඇත්දැයි යන්නය. නිශ්චිත බඳවා ගැනිමේ පටිපාටි, උසස් වීමේ ක්‍රමවේද පවතින රටක මෙවන් තත්වයක් කිසිදා ඇති විය නොහැක. එම තත්ත්වය ඇතිවිය නොහැක්කාසේම එවන් වැකි ප්‍රකාශ කිරිම ද රටක ජනතාව වෙත කරන දැඩි අවමානයකි. එයින් පැහැදිලි ලෙස පෙනි යන්නේ සමාජ තලයේ බොහෝ දෙනා රජයේ රැකියාවකට ලොබ බඳිමින් දේශපාලනඥයන්ට ගැතිකම් කිරිමේ ක්‍රමවේදයන්ට අනුගත වී ඇති බවකි. මේ පිළිබඳ හොඳින් දන්නා දේශපාලනඥයන් ද නියම ජන විඥානය අවදි වීමට නොදී ජනප්‍රිය තත්ත්වයන්ට අනුගත වෙමින් කටයුතු කරමින් සිටී.
මෙම තත්වයන් හි ඉතා බැරෑරුම් අවස්ථා ලෙස අද වනවිට පත්ව ඇත්තේ රාජ්‍ය පරිපාලන සේවයයි. කිසිඳු පුද්ගලයකුගේ අධ්‍යාපන අයිතියට හෝ දක්ෂතාවලට අවමන් කිරිමට මා තුළ කිසිඳු බලාපොරොත්තුවක් නොමැත. එහෙත් රාජ්‍ය පරිපාලන සේවයේ බොහෝ නිලධාරීන් කලා උපාධි වලින් පරිපූර්ණව රාජ්‍ය සේවයට එක් වූවෝ වෙති. ආයතන සංග්‍රහය, මුදල් රෙගුලාසි වල කෙල පැමිණි ඔවුහු ඒ තුළ සිරවී සිටිති. නව්‍ය අදහස් නවෝත්පාදන සදහා ඔවුන්ගේ සිර කූඩුවල ඉඩක් නොමැත. දොස්තරවරු, ඉංජිනේරුවරු මෙන්ම අනෙකුත් වෘත්තිකයන් රාශියක් ද පරිපාලනය වන්නේ මෙවන් වූ පරිපාලන නිලධාරින් රැසකගෙනි. අමාත්‍යංශයක ස්ථිර ලේකම්වරයෙක් ලෙස පත්වීම් ලබන බොහෝ දෙනා අවු.55 ටත් වැඩිය. ඉතිරි අවුරුදු ප්‍රමාණය කෙසේ හෝ ගෙවා දමා වාහන බලපත්‍රයත් සමග විශ්‍රාම යාමට තම මනස සකස් කර ගන්නා මොවුහු නවෝත්පාදන හරහා යමක් කර ගැනීමට ගොස් අත පුච්චා ගැනීමට කැමැත්තෝ නොවෙති. “අළුත් අළුත් දේ නොතකන ජාතිය ලොව නොනගී” යනු පැරණි කියමනක් වුවත් එය මෙවන් රාජ්‍ය පරිපාලනයක් තුලින් ඉටු වේ දැයි තවදුරටත් බලාපොරොත්තු විය නොහැක. තම උසස්විම්, විදේශ ගමන්,විදේශ ශිෂ්‍යත්ව උදෙසා දේශපාලනඥයන්ට ගොට්ට අල්ලන මොවුහු පවතින රජයේ අමාත්‍යවරයාගේ සිතුම් පැතුම් හඳුනාගෙන එයට අනුගත වෙමින් කටයුතු කරන්නේ ජාතික ප්‍රතිපත්ති සැලසුම් පිළිබඳ සිතන්නන්ට කිසිඳු ඉඩක් නොතබමිනි.
මොවුන් සර්ලා ය. මැඩම්ලා ය. එසේ නොමැති ආමන්ත්‍රණ ක්‍රමවේද බොහෝ දෙනෙක් නොරුස්සයි. වාහනය පැමිණෙන විට කන්තෝරුවේ පියන් වාහනය ලඟට යා යුතුය. ඔහුගේ කෑම මල්ල මෙන්ම බ්‍රීෆ් කේසය ද රැගෙන ඔවුන් පසුපස ගමන් කරන්නේ ඉපැරණි රජ දවස ආවතේවකරුවන් සිහියට නංවමිනි. ඈත පිටිසර ගමකින් පැමිණ දුක් මහන්සියෙන් උපාධියක් ලබා ගන්නා මොවුන් කෙසේ හෝ රාජ්‍ය සේවයට අවතීර්ණ වන්නේ රටට ඵලදායී ලෙස යමක් කිරිමට වඩා රාජ්‍ය සේවයේ ඇති රැකියා සුරක්ෂිතභාවය වටහා ගෙන පමණි. ඉතා කුඩාවට තම ජිවිතය පටන්ගත් මොවුන්ගෙන් වැඩි දෙනෙක් අද වනවිට කෝටිපතියන් වි ඇත්තේ කෙසේදැයි සොයා බැලිය යුතු කරුණකි. වංචාව, දූෂණය, නාස්තිය ඉහ වහා ගිය රටක දේශපාලනඥයන්ට පමණක් දෙස් දෙවොල් තබමින් ජීවත්වනවාට වඩා මෙහි සැබෑ යථාර්ථය අපි තේරුම් ගත යුතුය. අවුරුදු 5කට 6 කට බලයට පත්වන රජයක කුමන පුද්ගලයන් පැමිණිය ද ඔවුන්ගේ මූලික අභිමතාර්ථ රාජ්‍ය සේවකයා විසින් හඳුනා ගැනේ. ඒ අනුව වහා හැඩ ගැසෙන මොවුන් තමන් විසින් මෙතෙක් ක්‍රියාත්මක කරගෙන ආ සන්දර්භය වෙනස් කර නොගනිමින් එහි තුළ බඩ පිනුම් ගසන්නේ අවු.60 දක්වා මෙම වෘත්තියේ නියැලෙන බවත් දේශපාලන වේදිකාවේ සිටින්නන් හා ඔවුන්ගේ පත්වීම් තාවකාලික බවත් හොඳින් වටහා ගෙනය.
අද හඬ නගන බොහෝ වෘත්තිය සංගම් ජාතික ප්‍රතිපත්තින් සැලසුම්කරණය මගින් තම අයිතිවාසිකම් වැඩි දියුණු කර ගැනීමට වඩා හුදෙක් තම පෞද්ගලික න්‍යාය පත්‍ර තුල සිරවී කටයුතු කිරිම මෙම තත්ත්වය තව තවත් අවාසනාවන්ත ඉරණමක් කරා ගෙන යනු ලබයි. රාජ්‍ය පරිපාලන සේවය සඳහා ඉතා ක්‍රමවත්වූත්, අර්ථවත්වූත් දැඩි තරඟකාරි රටාවක් සහිත විභාග ක්‍රමයක් මගින් තෝරා ගත යුතු අතර, එසේ තෝරා ගත්තවුන්ගේ කැමැත්ත හා දක්ෂතා අනුව ඔවුන්ට අදාල ක්ෂේත්‍රවල වෘත්තිය පුහුණුවක් ලබා දීම අනිවාර්ය වේ. එම පුහුණු පාඨමාලාවන් සඳහා විදේශ පුහුණුව වැඩි කිරිම අනිවාර්ය වන අතර වයස අවු.45ට ආසන්න වයසක දී අමාත්‍යංශ ලේකම්වරයෙකු ලෙස කටයුතු කිරීමේ අවස්ථා ලබා දීමේ තරඟකාරී ක්‍රමවේදයන් ද ඇති කළ යුතුය. බොහෝ අවස්ථාවල ජාත්‍යන්තර මට්ටමේ රැස්වීම් සඳහා රට නියෝජනය වන්නේ මෙම පරිපාලන නිලධාරින්ගෙන් වන අතර ඔවුන්ගේ වෘත්තිය දැනුම හා අදහස් ප්‍රකාශ කිරිමේ හැකියාවේ තීව්‍රත්වය මත අප රටට හිමි කරගත හැකි දේ බොහෝය. එමෙන්ම එම ක්‍රියාවලියෙහි දුර්වලතාවයන් නිසා අප රටට අහිමිවිය හැකි දේ ද බොහෝය.
උක්ත කරුණු ඉතා සංක්ෂිප්තව දැක්වුවත් මෙය උදාහරණ සහිතව දක්වන්නේ නම් පිටු ගණනක්, පොත් ගණනක් හෝ ලිවිය හැකි මාතෘකාවක් වනු ඇත. ශක්තිමත් රාජ්‍ය සේවයක් තිබීම පෞද්ගලික අංශයට ආරක්ෂකයෙකු වන්නා සේම ආභරණයක් ද වේ. එය මැනවින් වටහාගෙන රාජ්‍ය පරිපාලන සේවය විධිමත් කිරිම අද වනවිට කාලින අවශ්‍යතාවයක් වී ඇත. කෙසේ වෙතත් ඉතා දක්ෂ ලෙස තම රාජකාරි ඉටු කරමින් සිටින පරිපාලන නිලධාරීන් අතලොස්සක් අප සතුව ඇත. ඔවුන් සඳහා මේ ලිපියෙහි කරුණු අදාළ නොවනු ඇත.