Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
News
පරිස්සමෙන් පරිහරණය කරන්න
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පරිස්සමෙන් පරිහරණය කරන්න

ලංකාවේ ජනමාධ්‍ය | අනතුරුදායකයි ...! පරිස්සමෙන් පරිහරණය කරන්න

(නියමුවා - කතුවැකිය)

ලංකාවේ ප්‍රධාන ධාරාවේ ජනමාධ්‍යවල හැසිරීම පිළිබඳ සමාජය තුළ විටින් විට විවේචන මතුවූයේ කලෙක සිටය. පසුගිය, අප්‍රේල් 21 දා සිදුවූ බෝම්බ ප්‍රහාරයත් සමග රට තුළ ඇවිලවීමට උත්සාහ කළ හා තවමත් උත්සාහ කරන ජාතිවාදී රැල්ල සඳහා ලංකාවේ සමහර ජනමාධ්‍ය විසින් කරනු ලබන මැදිහත්වීම ඉතාම බරපතළය; භයානකය.

ලංකාවේ ජනමාධ්‍ය ප්‍රධාන වර්ග දෙකකි. එක් කොටසක් රජයට අයිති රාජ්‍ය ජනමාධ්‍ය වන අතර, අනෙක් කොටස පෞද්ගලික ජනමාධ්‍ය වේ. අප දන්නා කලෙක සිට රජයේ ජනමාධ්‍යයන් හැසිරෙන්නේ රජයට පක්ෂපාතී ලෙසය. ඒ නිසා පවතින ආණ්ඩුව රැකීමත් ආණ්ඩුවට වාසිදායක පුවත් නිර්මාණය කිරීම හා එවැනි පුවත් පමණක් ප්‍රචාරණය කිරීමත් රාජ්‍ය මාධ්‍යවල ස්වභාවය වී තිබේ. රටේ කුමන ආණ්ඩුවක් තිබුණත් රාජ්‍ය මාධ්‍ය සිදුකරන්නේ එම ආණ්ඩුවට “කඬේ යාමය.”

මේ නිසාම සමාජය තුළ රාජ්‍ය මාධ්‍ය කෙරේ තිබූ විශ්වාසය බිඳවැටුණු අතර ජනතාව පෞද්ගලික හිමිකාරිත්වය සහිත ජනමාධ්‍ය වෙත ආකර්ෂණය විය. දැන් පෞද්ගලික විද්‍යුත් හා මුද්‍රිත ජනමාධ්‍ය ආයතන රැසක්ම රාජ්‍ය මාධ්‍යවලට වඩා බොරු කියන, වැරදි මත පතුරන, වගකීමක් නොමැතිව කටයුතු කරන හා කුමන හෝ දේශපාලන කඳවුරකට පක්ෂපාතීව කටයුතු කරන ඒවා වී තිබේ.

මෙහි ප්‍රතිඵලය වී ඇත්තේ කුමක්ද? පළමුවැන්න ජනතාවට සත්‍ය තොරතුරු දැනගැනීමට ඇති අයිතිය අහිමි වීමය. දෙවැන්න ජනතාවගේ ඔළු කුහර අසත්‍ය හා අතාර්කික තොරතුරු හා විග්රහයන්ගෙන් පිරීයාමය. තෙවැන්න ජනතාවගේ චින්තනය හැසිරවීම ජනමාධ්‍ය විසින් පැහැරගෙන එය තම දේශපාලන අරමුණු වෙනුවෙන් යෙදවීමය.

මේ මොහොත වන විට ලංකාවේ ප්‍රධාන හා ප්‍රබල ජනමාධ්‍ය ආයතන හිමිකරුවෝ පැහැදිලිවම මහින්ද රාජපක්ෂ කණ්ඩායමේ දේශපාලනය වෙනුවෙන් සමාජයේ මත හසුරුවන්නෝ බවට පත්ව සිටිති. තවදුරටත් ඔවුන් ‘ස්වාධීන’ ජනමාධ්‍ය නොවේ. මේ නිසාම ඔවුන් රාජ්‍ය මාධ්‍ය තරම්වත් සමාජයේ සදාචාරයට ගරුකරන්නේ නැත. ඔවුන්ගේ එකම අරමුණ තම දේශපාලන කඳවුර වෙනුවෙන් ඊට වාසි වන පුවත් මවමින් හා සොයමින් පළ කිරීමය. මෙය පැහැදිලිවම ජනතාවගේ චින්තනය හා බැඳුණු ප්රශ්නයන් වේ. ඔවුන් විසින් සිදුකරමින් සිටින්නේ ජනතාවගේ සිතීමේ ශක්තිය නැතිකොට ඔවුන් අතාර්කික පිරිසක් බවට පත්කොට ඔවුනට සාදා නිමකළ Ready Made ප්රවෘත්ති ගෙඩි පිටින් ඔළුවලට ඇතුළ් කිරීමය.

අනෙක් අතට මේ බොහෝ මාධ්‍ය ආයතන කළු සල්ලිවලින් හෝ සාධාරණ ලෙස උපයා නොගත් මුදල්වලින් නඩත්තු වන ආයතනයන්ය. ඔවුන්ට නැවත කළු සල්ලි සෙවීමට, නැවත අසාධාරණ ලෙස මහා පරිමාණයෙන් දේපළ රැස්කිරීමට උදව්කරන පාලනය ගෙන්වා ගත යුතුය. මාධ්‍ය සදාචාරය නොසලකා ඔවුන් මෙලෙස නිරුවතින් හැසිරෙන්නේ ඒ අනුවය.

මෙය සරල ප්‍රශ්නයක් නොවේ. මේ ඔවුන් සිදුකරමින් සිටින්නේ, රටක ජනතාවගේ චින්තනය මොට කිරීමය. ෆිදෙල් වරක් කියූ ලෙසම මෙම මාධ්‍ය මඟින් සිදුකරන බරපතළම අපරාධය ‘බොරු’ කීම නොවේ. මිනිසුන් තුළ සාවද්‍ය පරාවර්තනයන් ඇති කිරීමය. බොරුව ඍණාත්මක බලපෑමක් කරන්නේ ජනතාවගේ දැනුම මතය. එහෙත් සාවද්‍ය පරාවර්තනය හානිකර බලපෑම් කරන්නේ ජනතාවගේ චින්තනය මතය. එනම් නිවැරදිව හා නිරවුල්ව සිතන ජනතාවක් වෙනුවට ජනමාධ්‍ය මගින් හදාදෙන ඕනෑම බොරුවක් ගෙඩිපිටින් ගිලින අතාර්කික චින්තනයක් සහිත ජනතාවක් නිර්මාණය කිරීමය.

ජන මාධ්‍යවල මෙම හැසිරීම ඉතාම අහිතකරය. මහජනතාවට අයත් විද්‍යුත් සංඛ්‍යාත යොදා ගනිමින් ඔවුන් සිදුකරමින් සිටින්නේ එක් අතකින් මානසික වහලුන් පිරිසක් බිහිකිරීමත්, සමාජයක් නොමඟ යැවීමත් හා සමාජ සාරධර්ම අමු අමුවේ බිඳ දැමීමත්ය. ජනමාධ්‍ය පරිස්සමෙන් පරිහරණය කළ යුත්තේ මේ නිසාය.

මේ වන විට ධනවාදයේ අරාජිකත්වයත්, සමාජයේ පසුගාමීත්වයත් තාක්ෂණික මෙවලම්වල දියුණුවත් නිසා නූතන ජනමාධ්‍ය මුළුමනින්ම මිනිස් සමාජයේ මිනිසාගේ චින්තනය ඔවුන්ගේ ග්‍රහණයට ගෙන තිබේ. මිනිස් චින්තනය හැසිරවීමේ අයිතිය ඔවුන් විසින් තමන් අතට ගෙන තිබේ. සමාජය, සොබාදහම හා මිනිසා අතර, අතරමැදියා වී ඇත්තේ මේ මහා ජනමාධ්‍ය සමාගම්ය. සතුට නිපදවන්නේද ඔවුන්ය. විනෝදය නිපදවන්නේද ඔවුන්ය. තරු බිහිකරන්නේද ඔවුන්ය. එසේම සමාජ මතය පාලනය කොට හසුරුවන්නේද ඔවුන්ය. ජනතාව වෙත වැරදි, බොරු හා මිථ්‍යා මත පොම්ප කරන්නේද ඔවුන්ය. සමාජයක් කන - බොන, අඳින - පළඳින දේවල සිට සිතන ආකාරයද තීරණය කරන්නේ ඔවුන්ය. ප්රශ්නය බරපතළ වන්නේ ඒ නිසාය.

මෙම ජනමාධ්‍යවල බලපෑම වර්තමානයේ මීට පෙර කිසිකලෙක නොතිබූ තරම් ප්රබලව තිබේ. එසේම පිරිහීමට ලක්ව තිබේ. එබැවින් මෙම වැරදි සදාචාර හා මානව විරෝධී ජනමාධ්‍ය ජාලවල බලපෑමෙන් සමාජයේ මිනිස් චින්තනය ගලවා ගත යුතු යුගය එළඹ තිබේ. ඒ සඳහාද මෙම හැකියාව ඇති උගතුන්, විද්වතුන් හා කලාකරුවන්, සමාජයට මත ගෙනයන්නන්, හොඳ මාධ්‍යවේදීන් පෙරමුණ ගත යුතුය. විකල්ප ජනමාධ්‍ය පෙරට ගත යුතුය. ජනතාවත්, ජනමාධ්‍යත්, ජනමාධ්‍ය ඒකාධිකාරයේ වහල්බවින් මුදාගැනීම තවදුරටත් ප්‍රමාද කළ යුතු නැත. ජනතාව ජනමාධ්‍ය ඇසුරු කළ යුතුය. එහෙත් පරෙස්සමෙනි. මන්ද ඒවා අනතුරුදායක විය හැකි බැවිනි.

[QUOTE="supunmalkanthi, post: 24541120, member: 560852"] [b]පරිස්සමෙන් පරිහරණය කරන්න[/b] [SIZE="5"]ලංකාවේ ජනමාධ්‍ය | අනතුරුදායකයි ...! පරිස්සමෙන් පරිහරණය කරන්න (නියමුවා - කතුවැකිය) ලංකාවේ ප්‍රධාන ධාරාවේ ජනමාධ්‍යවල හැසිරීම පිළිබඳ සමාජය තුළ විටින් විට විවේචන මතුවූයේ කලෙක සිටය. පසුගිය, අප්‍රේල් 21 දා සිදුවූ බෝම්බ ප්‍රහාරයත් සමග රට තුළ ඇවිලවීමට උත්සාහ කළ හා තවමත් උත්සාහ කරන ජාතිවාදී රැල්ල සඳහා ලංකාවේ සමහර ජනමාධ්‍ය විසින් කරනු ලබන මැදිහත්වීම ඉතාම බරපතළය; භයානකය. ලංකාවේ ජනමාධ්‍ය ප්‍රධාන වර්ග දෙකකි. එක් කොටසක් රජයට අයිති රාජ්‍ය ජනමාධ්‍ය වන අතර, අනෙක් කොටස පෞද්ගලික ජනමාධ්‍ය වේ. අප දන්නා කලෙක සිට රජයේ ජනමාධ්‍යයන් හැසිරෙන්නේ රජයට පක්ෂපාතී ලෙසය. ඒ නිසා පවතින ආණ්ඩුව රැකීමත් ආණ්ඩුවට වාසිදායක පුවත් නිර්මාණය කිරීම හා එවැනි පුවත් පමණක් ප්‍රචාරණය කිරීමත් රාජ්‍ය මාධ්‍යවල ස්වභාවය වී තිබේ. රටේ කුමන ආණ්ඩුවක් තිබුණත් රාජ්‍ය මාධ්‍ය සිදුකරන්නේ එම ආණ්ඩුවට “කඬේ යාමය.” මේ නිසාම සමාජය තුළ රාජ්‍ය මාධ්‍ය කෙරේ තිබූ විශ්වාසය බිඳවැටුණු අතර ජනතාව පෞද්ගලික හිමිකාරිත්වය සහිත ජනමාධ්‍ය වෙත ආකර්ෂණය විය. දැන් පෞද්ගලික විද්‍යුත් හා මුද්‍රිත ජනමාධ්‍ය ආයතන රැසක්ම රාජ්‍ය මාධ්‍යවලට වඩා බොරු කියන, වැරදි මත පතුරන, වගකීමක් නොමැතිව කටයුතු කරන හා කුමන හෝ දේශපාලන කඳවුරකට පක්ෂපාතීව කටයුතු කරන ඒවා වී තිබේ. මෙහි ප්‍රතිඵලය වී ඇත්තේ කුමක්ද? පළමුවැන්න ජනතාවට සත්‍ය තොරතුරු දැනගැනීමට ඇති අයිතිය අහිමි වීමය. දෙවැන්න ජනතාවගේ ඔළු කුහර අසත්‍ය හා අතාර්කික තොරතුරු හා විග්රහයන්ගෙන් පිරීයාමය. තෙවැන්න ජනතාවගේ චින්තනය හැසිරවීම ජනමාධ්‍ය විසින් පැහැරගෙන එය තම දේශපාලන අරමුණු වෙනුවෙන් යෙදවීමය. මේ මොහොත වන විට ලංකාවේ ප්‍රධාන හා ප්‍රබල ජනමාධ්‍ය ආයතන හිමිකරුවෝ පැහැදිලිවම මහින්ද රාජපක්ෂ කණ්ඩායමේ දේශපාලනය වෙනුවෙන් සමාජයේ මත හසුරුවන්නෝ බවට පත්ව සිටිති. තවදුරටත් ඔවුන් ‘ස්වාධීන’ ජනමාධ්‍ය නොවේ. මේ නිසාම ඔවුන් රාජ්‍ය මාධ්‍ය තරම්වත් සමාජයේ සදාචාරයට ගරුකරන්නේ නැත. ඔවුන්ගේ එකම අරමුණ තම දේශපාලන කඳවුර වෙනුවෙන් ඊට වාසි වන පුවත් මවමින් හා සොයමින් පළ කිරීමය. මෙය පැහැදිලිවම ජනතාවගේ චින්තනය හා බැඳුණු ප්රශ්නයන් වේ. ඔවුන් විසින් සිදුකරමින් සිටින්නේ ජනතාවගේ සිතීමේ ශක්තිය නැතිකොට ඔවුන් අතාර්කික පිරිසක් බවට පත්කොට ඔවුනට සාදා නිමකළ Ready Made ප්රවෘත්ති ගෙඩි පිටින් ඔළුවලට ඇතුළ් කිරීමය. අනෙක් අතට මේ බොහෝ මාධ්‍ය ආයතන කළු සල්ලිවලින් හෝ සාධාරණ ලෙස උපයා නොගත් මුදල්වලින් නඩත්තු වන ආයතනයන්ය. ඔවුන්ට නැවත කළු සල්ලි සෙවීමට, නැවත අසාධාරණ ලෙස මහා පරිමාණයෙන් දේපළ රැස්කිරීමට උදව්කරන පාලනය ගෙන්වා ගත යුතුය. මාධ්‍ය සදාචාරය නොසලකා ඔවුන් මෙලෙස නිරුවතින් හැසිරෙන්නේ ඒ අනුවය. මෙය සරල ප්‍රශ්නයක් නොවේ. මේ ඔවුන් සිදුකරමින් සිටින්නේ, රටක ජනතාවගේ චින්තනය මොට කිරීමය. ෆිදෙල් වරක් කියූ ලෙසම මෙම මාධ්‍ය මඟින් සිදුකරන බරපතළම අපරාධය ‘බොරු’ කීම නොවේ. මිනිසුන් තුළ සාවද්‍ය පරාවර්තනයන් ඇති කිරීමය. බොරුව ඍණාත්මක බලපෑමක් කරන්නේ ජනතාවගේ දැනුම මතය. එහෙත් සාවද්‍ය පරාවර්තනය හානිකර බලපෑම් කරන්නේ ජනතාවගේ චින්තනය මතය. එනම් නිවැරදිව හා නිරවුල්ව සිතන ජනතාවක් වෙනුවට ජනමාධ්‍ය මගින් හදාදෙන ඕනෑම බොරුවක් ගෙඩිපිටින් ගිලින අතාර්කික චින්තනයක් සහිත ජනතාවක් නිර්මාණය කිරීමය. ජන මාධ්‍යවල මෙම හැසිරීම ඉතාම අහිතකරය. මහජනතාවට අයත් විද්‍යුත් සංඛ්‍යාත යොදා ගනිමින් ඔවුන් සිදුකරමින් සිටින්නේ එක් අතකින් මානසික වහලුන් පිරිසක් බිහිකිරීමත්, සමාජයක් නොමඟ යැවීමත් හා සමාජ සාරධර්ම අමු අමුවේ බිඳ දැමීමත්ය. ජනමාධ්‍ය පරිස්සමෙන් පරිහරණය කළ යුත්තේ මේ නිසාය. මේ වන විට ධනවාදයේ අරාජිකත්වයත්, සමාජයේ පසුගාමීත්වයත් තාක්ෂණික මෙවලම්වල දියුණුවත් නිසා නූතන ජනමාධ්‍ය මුළුමනින්ම මිනිස් සමාජයේ මිනිසාගේ චින්තනය ඔවුන්ගේ ග්‍රහණයට ගෙන තිබේ. මිනිස් චින්තනය හැසිරවීමේ අයිතිය ඔවුන් විසින් තමන් අතට ගෙන තිබේ. සමාජය, සොබාදහම හා මිනිසා අතර, අතරමැදියා වී ඇත්තේ මේ මහා ජනමාධ්‍ය සමාගම්ය. සතුට නිපදවන්නේද ඔවුන්ය. විනෝදය නිපදවන්නේද ඔවුන්ය. තරු බිහිකරන්නේද ඔවුන්ය. එසේම සමාජ මතය පාලනය කොට හසුරුවන්නේද ඔවුන්ය. ජනතාව වෙත වැරදි, බොරු හා මිථ්‍යා මත පොම්ප කරන්නේද ඔවුන්ය. සමාජයක් කන - බොන, අඳින - පළඳින දේවල සිට සිතන ආකාරයද තීරණය කරන්නේ ඔවුන්ය. ප්රශ්නය බරපතළ වන්නේ ඒ නිසාය. මෙම ජනමාධ්‍යවල බලපෑම වර්තමානයේ මීට පෙර කිසිකලෙක නොතිබූ තරම් ප්රබලව තිබේ. එසේම පිරිහීමට ලක්ව තිබේ. එබැවින් මෙම වැරදි සදාචාර හා මානව විරෝධී ජනමාධ්‍ය ජාලවල බලපෑමෙන් සමාජයේ මිනිස් චින්තනය ගලවා ගත යුතු යුගය එළඹ තිබේ. ඒ සඳහාද මෙම හැකියාව ඇති උගතුන්, විද්වතුන් හා කලාකරුවන්, සමාජයට මත ගෙනයන්නන්, හොඳ මාධ්‍යවේදීන් පෙරමුණ ගත යුතුය. විකල්ප ජනමාධ්‍ය පෙරට ගත යුතුය. ජනතාවත්, ජනමාධ්‍යත්, ජනමාධ්‍ය ඒකාධිකාරයේ වහල්බවින් මුදාගැනීම තවදුරටත් ප්‍රමාද කළ යුතු නැත. ජනතාව ජනමාධ්‍ය ඇසුරු කළ යුතුය. එහෙත් පරෙස්සමෙනි. මන්ද ඒවා අනතුරුදායක විය හැකි බැවිනි.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom