Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Today at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
පර ස්ත්‍රී සේවනයෙහි බරපතළ බව
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පර ස්ත්‍රී සේවනයෙහි බරපතළ බව

[ATTACH]52546[/ATTACH]

පර ස්ත්‍රී සේවනයෙහි බරපතළ බව

පසේනදී කෝසල කාම භෝගී රජෙකි. සැණකෙළියෙන් රජ මැඳුර නිතරම විචිත්‍ර වෙයි. බොහෝ සැණකෙළි දිනයන්හි රජු ස්වර්ණාභරණයෙන්, සැරැහූ පුණ්ඩරික හස්තියා පිට නැගී විනෝද චාරිකාවෙහි යෙදීම සිරිතකි. එවැනි සංචාරයන්හිදි ජනයාද අපමණ පීඩාවට පත් කෙරෙයි. එනම් රාජපුරුෂයෝ මාර්ග අවහිර දුරු කරන්නට මඟියන්ට පහර දී එළවා දමති. පීඩා ලද වැසියෝද සතුටින් රජු දෙස බලති.

මෙසේ එක් දිනක් රජු සංචාරයෙහි යද්දී සත්මහල් ප්‍රාසාදයක ඉහළ තලයේ සිටි එක්තරා කාන්තාවක් කවුළුවක් හැර පහළ මාර්ගයේ යන රජු දෙස බැලුවාය. රජුද එවේලෙහි උඩ බැලුවේය. කාන්තාව වහාම හිස සඟවා ගනිමින් කවුළු දොර වසා දැමුවාය. එහෙත් රජු එය දුටුවේ පූර්ණ චන්ද්‍රයා වළා ගැබක සැඟවී ගියාක් මෙන්ය. රජුගේ සිත ඈ කෙරෙහි වසඟව ඇය දැකීමේ රාගයෙන් පෙළෙන්නට විය. කෙතරම් ද යත් ඇතුපිටින් වැටෙන්නාක් තරම් රජ සිත රාගයෙන් වසග විය. සංචාරය නැවතු රජතුමා වහාම නගරයට ප්‍රවේශ වී එක් විශ්වාසනීය අමාත්‍යයෙකු ගෙන්වා තමන්ගේ වුවමනාව කියා සිටියේය. ඇමැතිවරයා රජුගෙන් අසා සිටියේ තමා මේ වෙනුවෙන් කුමක් කළ යුතුද කියාය. එවිට රජතුමා කීවේ වහාම එම නිවසට ගොස් ඇය සස්වාමිකද අස්වාමිකද යන්න සොයා බලා එන ලෙසයි.

ඔහු එහි ගොස් ඇය සස්වාමික බව දැන රජුට දැන්වීය. එවිට රජතුමා එම සැමියා මාලිගාවට කැඳවා ගෙන එන ලෙස අණ කළේය. ඇමැතිවරයා එම නිවසට ගොස් රජුගේ නියෝගය එම කාන්තාවගේ සැමියාට දැන්වීය.බියජනක අනතුරක සේයා දුටු මෙම අහිංසක සැමියා රජ අණ ප්‍රතික්ෂේප කළ නොහැකි හෙයින් භීතියෙන්ද ශෝකයෙන්ද රජ ගෙදරට පැමිණියේය.

රජතුමා හමුවට පැමිණි මොහුට රජු අණ කළේ අදින් පසු මාලිගාවෙහි සේවය කරන ලෙසයි. එහෙත් මේ මිනිසා කියා සිටියේ දේවයිනි, මට රජ මැදුරේ සේවය අවශ්‍ය නැත. මා කරන සේවයෙන් ඔබතුමන්ට අයබද්දක් ගෙවන්නට පොරොන්දු වන බවය. එවැනි අය බද්දකින් තමන්ට ඇති ප්‍රයෝජනයක් නැති බවත් වහාම රජ මැදුරේ සේවය කළයුතු බවත් කියා ඊට අවශ්‍ය ආයුධ දී සේවයට පිටත් කරන්නැයි නියෝග කළේය. අනතුරුව එම පුරුෂයා මරණ භීතියෙන් යුතුව රජුට අප්‍රමාදීව මෙහෙවර ඉටු කළේය. රාජ දඬුවම් ලැබීමට හේතුවන කිසිදු වැරැද්දක් තමාගෙන් සිදුනොවීමට ඔහු වග බලා ගත්තේය.

මේ අතර රජුගේ කාමදානය දිනෙන්දින වැඩිවන්නට වූ අතර මෙම මිනිසා මරා ඔහුගේ බිරිඳ මාලිගාවට ගෙන්වා ගැනීම පිණිස විවිධ සැලැසුම් පිළියෙළ කළේය. ඒ අතර එක් දිනක් රජතුමා මෙම මිනිසා කැඳවා මෙතැන් සිට යොදුන් සියයක් ගිය තැන නදියක් ඇති බවත් එහි ගොස් එයින් රන්වන් මැටි පිඩක්ද එහි පිපුණු කුමුදු හා උපුල් මල් ද රැගෙන තමා නාන වේලාවෙහි මංගල පොකුණට රැගෙන ආ යුතු බවට නියෝග කළේය. නිසි වේලාවට පැමිණිය නොහැකි වුවහොත් මරා දමන බවට ද තර්ජනය කළේය.

කුමුදු, උපුල් හා අරුණුවන් මැටි කෙසේ ලබත්දැයි මරණ භයින් භීතියට පත් සේවකයා ශෝකයෙන් ගෙදරට ගොස් ඒ බව තම සොඳුරට ද කියා ඈ උයන ලද ආහාරයෙන් කොටසක් ඉක්මනින් අනුභවකොට ගමනට පිටත්ව යාමට අවශ්‍ය බව කීය. ඔහු තම ආහාර අනුභව කිරීමට පෙර මාර්ගයෙහි ගිය මගියෙකු හටද ආහාර දානයක් දුන්නේය. තවත් බත් මිටක් ගඟට දමා මාළුන්ට ආහාරවේවායි පැතීය. අවසන තමා කළ මේ පුණ්යකර්ම දෙකේ පින් අනුමෝදන් වන යම් දෙවිදේවතා කෙනෙකු වෙත්නම් ඒ පිනෙන් මා මෙම මරණයෙන් මුදා, කුමුදු උපුල් හා අරුණුවන් මැටි ගෙන්වා දෙන්නැයි තුන් වරක්ම ඉල්ලා සිටියේය. නදියට අධිගෘහිත නා රජුගේ මොහුගේ මේ හඬ අසා මහලු වෙසක්ගෙන එහි පැමිණ ඔහුගේ අරමුණූ ඉටු කර දුන්නේය.

මේ අතර දුෂ්ට රජු කළේ කල්වේලා ඇතිවම දොර වස්වා යතුරු තමා වෙතට ගෙන්වා ගත්තේය. මිනිසා දොරටු පාලයා වෙත ගොස් දොර අරවා ගන්නට උත්සාහ කළද එය ව්‍යර්ථ වී ගියේය. නිසැකයෙන්ම තමා මරන්නට කළ උපායක් බව දැනගත් ඒ මිනිසා වාසල් දොරේ උළුවස්ස මත මැටි පිඩ තබා ඒ මත මල්ගසා සියලු නගරවාසීනට ඇසෙන සේ තමා රාජ අණ ඉටු කළ බව දැන ගන්නැයි’යි කෑ ගසා කියා සිටියේය. අනතුරුව යා යුතු මගක් නොදැන පන්සලට ගොස් අසරණයෙකු සේ නිදා ගත්තේය .

රජුගේ කාමගින්න ක්‍රමයෙන් වැඩිවී පසුදින පාන්දරින්ම මේ මිනිසා මරා ඔහුගේ බිරිඳ මැදුරට ගෙන්වා ගනිමින් එළිවන තුරු නිදි වරමින් කල්පනා කළේය. නිදිනොලද රජුට ලෝකුඹු නරකයෙහි සැට යොදුන් පමණ වූ ලෝහ සැළියෙක පැසෙන මිනිසුන් සතර දෙනෙකු හිස් ඔසවා කරන බිහිසුණු ශබ්ද හතරක් ඇසෙන්නට විය. රජු උදෑසනම පුරෝහිත කැඳවා, මේ ගැන පැවසු විට එම බමුණා රජු ඇසුශබ්ද කවරේද’යි විමසීය. දු,ස,න,සො යන ශබ්ද බව රජ කී විට ඒවායේ අරුත් විමසන්නට නොදත් බමුණා මෙය රජුට භයානක විපතක් වන්නට හැකි බවත් පවසා එයින් මිදෙන්නට මහා බිලි පූජාවක් කොට යාගයක් කිරීම අවශ්‍ය බවට උපදෙස් දුන්නේය.

කාමාග්නියෙන් ක්ලාන්තව සිටි රජුගෙන් මල්ලිකා දේවිය මේ ගැන විමසන්නට විය.ජීවිතයට අනතුරක් ඇති බවත් එයින් මිදෙන්නට යාගයක් කළ යුතු බවට පුරෝහිතයා උපදෙස් දුන් බව රජු ශෝකයෙන් මල්ලිකාවට කීය. එසේම සර්වශන යාගයෙන් තම ජීවිතය බේරාගත හැකි බවද කීය. මල්ලිකාව රජුට පවසන්නේ රජතුමනි ඔබ තරම් අඳබාලයෙකු මේ ලොව තවත් නැත. එකෙක් මරා තවත් එකෙකුගේ ජීවිතය ලැබෙන්නේ කෙසේද? මෝඩ බමුණාගේ උපදෙස් ලබා මේ සත්ව සංහාරයක් සිදු කරන්නේ ඇයි? ලෝකාග්‍ර බුදුරජාණන් වහන්සේ වෙත මේ ගැටලුව ඉදිරිපත් කරමු’යි මල්ලිකාවෝ යෝජනා කළහ.

ඊට එකඟ වු රජතුමා විහාරයට ගොස් බුදුන් වහන්සේ බැහැදැක කලබලයෙන්ම මෙම ගැටලුව ඉදිරිපත් කළේය. එවිට බුදුන් වහන්සේ මහරජ බිය නොවන්න. ඔබගේ ජීවිතයට කිසිදු අනතුරක් නැත. පව්කළ පිරිසකගේ තම දුක් විඳීම ප්‍රකාශ කරන ශබ්ද හතරක් ඔබට ඇසී ඇතැයි කීය. ඒ කවර පව්කම්දැයි ඇසූවිට බුදුපියාණන් වහන්සේට වදාළේ පෙර කාශ්‍යප බුදුසමයෙහි සිටුවරු සිව් දෙනෙකු කාමභෝගීව ජීවත්ව අභිරූපි කාන්තාවන් සොයා සොයා මුදල් වියදම්කොට පරස්ත්‍රි සේවනයෙහි යෙදී එහි විපාකයෙන් ලොකුඹු නරකයෙහි ඉපිද අපමණ, දුක්වේදනා විඳීන බවත් ඔවුන් විසින් කියන්නට උත්සාහ ගන්නා දෙයක් කියාගත නොහැකිව අකුරක් පමණක් ප්‍රකාශ වී ඇති බවයි. අනතුරවැ එම අකුරු හතරෙහි අර්ථ ලෙස ඔවුන් කළ පාපය ප්‍රකාශ කරන බවත් බුදුරදහු වදාළහ. එය ඇසූ රජතුමාට මහත් සංවේගයක් ඇතිවිය. පර ස්ත්‍රී සේවනයෙහි බරපතළ බව වැටහිණි. තමාත් අන්‍ය ස්ත්රින් කෙරෙහි ස්නේහ උපදවා මේ විපතට වැටෙන්නට යන බව හොඳින් දැන මින් පසු පරදාර සේවනය නොකරන්නෙමි’යි අදිටන් කළේය.

අනතුරුව බුදුහිමියෝ අඳ බාලයන්ට සංසාරය දීර්ඝ වන අයුරු පහදා දහම් දෙසා වදාළහ.එහි පැමිණ සිට සේවකයාද මේදහම අසා සෝවාන් විය. රජු සිරගෙවල රඳවා සිටි මෙවැනි මිනිසුන් බොහෝ දෙනෙක් එම බන්ධනවලින් නිදහස් කළේය. සියල්ලෝ ශාන්තිය ලදහ.

කොළඔ විශ්වවිද්‍යාලයේ සිංහලඅධ්යයන අංශ ප්‍රධාන

අගලකඩ සිරිසුමන හිමි

[QUOTE="jeewan tk, post: 16952465, member: 336776"] [b]පර ස්ත්‍රී සේවනයෙහි බරපතළ බව[/b] [ATTACH]52546._xfImport[/ATTACH] [COLOR="red"][SIZE="5"]පර ස්ත්‍රී සේවනයෙහි බරපතළ බව[/SIZE][/COLOR] [COLOR="Blue"][SIZE="4"]පසේනදී කෝසල කාම භෝගී රජෙකි. සැණකෙළියෙන් රජ මැඳුර නිතරම විචිත්‍ර වෙයි. බොහෝ සැණකෙළි දිනයන්හි රජු ස්වර්ණාභරණයෙන්, සැරැහූ පුණ්ඩරික හස්තියා පිට නැගී විනෝද චාරිකාවෙහි යෙදීම සිරිතකි. එවැනි සංචාරයන්හිදි ජනයාද අපමණ පීඩාවට පත් කෙරෙයි. එනම් රාජපුරුෂයෝ මාර්ග අවහිර දුරු කරන්නට මඟියන්ට පහර දී එළවා දමති. පීඩා ලද වැසියෝද සතුටින් රජු දෙස බලති. මෙසේ එක් දිනක් රජු සංචාරයෙහි යද්දී සත්මහල් ප්‍රාසාදයක ඉහළ තලයේ සිටි එක්තරා කාන්තාවක් කවුළුවක් හැර පහළ මාර්ගයේ යන රජු දෙස බැලුවාය. රජුද එවේලෙහි උඩ බැලුවේය. කාන්තාව වහාම හිස සඟවා ගනිමින් කවුළු දොර වසා දැමුවාය. එහෙත් රජු එය දුටුවේ පූර්ණ චන්ද්‍රයා වළා ගැබක සැඟවී ගියාක් මෙන්ය. රජුගේ සිත ඈ කෙරෙහි වසඟව ඇය දැකීමේ රාගයෙන් පෙළෙන්නට විය. කෙතරම් ද යත් ඇතුපිටින් වැටෙන්නාක් තරම් රජ සිත රාගයෙන් වසග විය. සංචාරය නැවතු රජතුමා වහාම නගරයට ප්‍රවේශ වී එක් විශ්වාසනීය අමාත්‍යයෙකු ගෙන්වා තමන්ගේ වුවමනාව කියා සිටියේය. ඇමැතිවරයා රජුගෙන් අසා සිටියේ තමා මේ වෙනුවෙන් කුමක් කළ යුතුද කියාය. එවිට රජතුමා කීවේ වහාම එම නිවසට ගොස් ඇය සස්වාමිකද අස්වාමිකද යන්න සොයා බලා එන ලෙසයි. ඔහු එහි ගොස් ඇය සස්වාමික බව දැන රජුට දැන්වීය. එවිට රජතුමා එම සැමියා මාලිගාවට කැඳවා ගෙන එන ලෙස අණ කළේය. ඇමැතිවරයා එම නිවසට ගොස් රජුගේ නියෝගය එම කාන්තාවගේ සැමියාට දැන්වීය.බියජනක අනතුරක සේයා දුටු මෙම අහිංසක සැමියා රජ අණ ප්‍රතික්ෂේප කළ නොහැකි හෙයින් භීතියෙන්ද ශෝකයෙන්ද රජ ගෙදරට පැමිණියේය. රජතුමා හමුවට පැමිණි මොහුට රජු අණ කළේ අදින් පසු මාලිගාවෙහි සේවය කරන ලෙසයි. එහෙත් මේ මිනිසා කියා සිටියේ දේවයිනි, මට රජ මැදුරේ සේවය අවශ්‍ය නැත. මා කරන සේවයෙන් ඔබතුමන්ට අයබද්දක් ගෙවන්නට පොරොන්දු වන බවය. එවැනි අය බද්දකින් තමන්ට ඇති ප්‍රයෝජනයක් නැති බවත් වහාම රජ මැදුරේ සේවය කළයුතු බවත් කියා ඊට අවශ්‍ය ආයුධ දී සේවයට පිටත් කරන්නැයි නියෝග කළේය. අනතුරුව එම පුරුෂයා මරණ භීතියෙන් යුතුව රජුට අප්‍රමාදීව මෙහෙවර ඉටු කළේය. රාජ දඬුවම් ලැබීමට හේතුවන කිසිදු වැරැද්දක් තමාගෙන් සිදුනොවීමට ඔහු වග බලා ගත්තේය. මේ අතර රජුගේ කාමදානය දිනෙන්දින වැඩිවන්නට වූ අතර මෙම මිනිසා මරා ඔහුගේ බිරිඳ මාලිගාවට ගෙන්වා ගැනීම පිණිස විවිධ සැලැසුම් පිළියෙළ කළේය. ඒ අතර එක් දිනක් රජතුමා මෙම මිනිසා කැඳවා මෙතැන් සිට යොදුන් සියයක් ගිය තැන නදියක් ඇති බවත් එහි ගොස් එයින් රන්වන් මැටි පිඩක්ද එහි පිපුණු කුමුදු හා උපුල් මල් ද රැගෙන තමා නාන වේලාවෙහි මංගල පොකුණට රැගෙන ආ යුතු බවට නියෝග කළේය. නිසි වේලාවට පැමිණිය නොහැකි වුවහොත් මරා දමන බවට ද තර්ජනය කළේය. කුමුදු, උපුල් හා අරුණුවන් මැටි කෙසේ ලබත්දැයි මරණ භයින් භීතියට පත් සේවකයා ශෝකයෙන් ගෙදරට ගොස් ඒ බව තම සොඳුරට ද කියා ඈ උයන ලද ආහාරයෙන් කොටසක් ඉක්මනින් අනුභවකොට ගමනට පිටත්ව යාමට අවශ්‍ය බව කීය. ඔහු තම ආහාර අනුභව කිරීමට පෙර මාර්ගයෙහි ගිය මගියෙකු හටද ආහාර දානයක් දුන්නේය. තවත් බත් මිටක් ගඟට දමා මාළුන්ට ආහාරවේවායි පැතීය. අවසන තමා කළ මේ පුණ්යකර්ම දෙකේ පින් අනුමෝදන් වන යම් දෙවිදේවතා කෙනෙකු වෙත්නම් ඒ පිනෙන් මා මෙම මරණයෙන් මුදා, කුමුදු උපුල් හා අරුණුවන් මැටි ගෙන්වා දෙන්නැයි තුන් වරක්ම ඉල්ලා සිටියේය. නදියට අධිගෘහිත නා රජුගේ මොහුගේ මේ හඬ අසා මහලු වෙසක්ගෙන එහි පැමිණ ඔහුගේ අරමුණූ ඉටු කර දුන්නේය. මේ අතර දුෂ්ට රජු කළේ කල්වේලා ඇතිවම දොර වස්වා යතුරු තමා වෙතට ගෙන්වා ගත්තේය. මිනිසා දොරටු පාලයා වෙත ගොස් දොර අරවා ගන්නට උත්සාහ කළද එය ව්‍යර්ථ වී ගියේය. නිසැකයෙන්ම තමා මරන්නට කළ උපායක් බව දැනගත් ඒ මිනිසා වාසල් දොරේ උළුවස්ස මත මැටි පිඩ තබා ඒ මත මල්ගසා සියලු නගරවාසීනට ඇසෙන සේ තමා රාජ අණ ඉටු කළ බව දැන ගන්නැයි’යි කෑ ගසා කියා සිටියේය. අනතුරුව යා යුතු මගක් නොදැන පන්සලට ගොස් අසරණයෙකු සේ නිදා ගත්තේය . රජුගේ කාමගින්න ක්‍රමයෙන් වැඩිවී පසුදින පාන්දරින්ම මේ මිනිසා මරා ඔහුගේ බිරිඳ මැදුරට ගෙන්වා ගනිමින් එළිවන තුරු නිදි වරමින් කල්පනා කළේය. නිදිනොලද රජුට ලෝකුඹු නරකයෙහි සැට යොදුන් පමණ වූ ලෝහ සැළියෙක පැසෙන මිනිසුන් සතර දෙනෙකු හිස් ඔසවා කරන බිහිසුණු ශබ්ද හතරක් ඇසෙන්නට විය. රජු උදෑසනම පුරෝහිත කැඳවා, මේ ගැන පැවසු විට එම බමුණා රජු ඇසුශබ්ද කවරේද’යි විමසීය. දු,ස,න,සො යන ශබ්ද බව රජ කී විට ඒවායේ අරුත් විමසන්නට නොදත් බමුණා මෙය රජුට භයානක විපතක් වන්නට හැකි බවත් පවසා එයින් මිදෙන්නට මහා බිලි පූජාවක් කොට යාගයක් කිරීම අවශ්‍ය බවට උපදෙස් දුන්නේය. කාමාග්නියෙන් ක්ලාන්තව සිටි රජුගෙන් මල්ලිකා දේවිය මේ ගැන විමසන්නට විය.ජීවිතයට අනතුරක් ඇති බවත් එයින් මිදෙන්නට යාගයක් කළ යුතු බවට පුරෝහිතයා උපදෙස් දුන් බව රජු ශෝකයෙන් මල්ලිකාවට කීය. එසේම සර්වශන යාගයෙන් තම ජීවිතය බේරාගත හැකි බවද කීය. මල්ලිකාව රජුට පවසන්නේ රජතුමනි ඔබ තරම් අඳබාලයෙකු මේ ලොව තවත් නැත. එකෙක් මරා තවත් එකෙකුගේ ජීවිතය ලැබෙන්නේ කෙසේද? මෝඩ බමුණාගේ උපදෙස් ලබා මේ සත්ව සංහාරයක් සිදු කරන්නේ ඇයි? ලෝකාග්‍ර බුදුරජාණන් වහන්සේ වෙත මේ ගැටලුව ඉදිරිපත් කරමු’යි මල්ලිකාවෝ යෝජනා කළහ. ඊට එකඟ වු රජතුමා විහාරයට ගොස් බුදුන් වහන්සේ බැහැදැක කලබලයෙන්ම මෙම ගැටලුව ඉදිරිපත් කළේය. එවිට බුදුන් වහන්සේ මහරජ බිය නොවන්න. ඔබගේ ජීවිතයට කිසිදු අනතුරක් නැත. පව්කළ පිරිසකගේ තම දුක් විඳීම ප්‍රකාශ කරන ශබ්ද හතරක් ඔබට ඇසී ඇතැයි කීය. ඒ කවර පව්කම්දැයි ඇසූවිට බුදුපියාණන් වහන්සේට වදාළේ පෙර කාශ්‍යප බුදුසමයෙහි සිටුවරු සිව් දෙනෙකු කාමභෝගීව ජීවත්ව අභිරූපි කාන්තාවන් සොයා සොයා මුදල් වියදම්කොට පරස්ත්‍රි සේවනයෙහි යෙදී එහි විපාකයෙන් ලොකුඹු නරකයෙහි ඉපිද අපමණ, දුක්වේදනා විඳීන බවත් ඔවුන් විසින් කියන්නට උත්සාහ ගන්නා දෙයක් කියාගත නොහැකිව අකුරක් පමණක් ප්‍රකාශ වී ඇති බවයි. අනතුරවැ එම අකුරු හතරෙහි අර්ථ ලෙස ඔවුන් කළ පාපය ප්‍රකාශ කරන බවත් බුදුරදහු වදාළහ. එය ඇසූ රජතුමාට මහත් සංවේගයක් ඇතිවිය. පර ස්ත්‍රී සේවනයෙහි බරපතළ බව වැටහිණි. තමාත් අන්‍ය ස්ත්රින් කෙරෙහි ස්නේහ උපදවා මේ විපතට වැටෙන්නට යන බව හොඳින් දැන මින් පසු පරදාර සේවනය නොකරන්නෙමි’යි අදිටන් කළේය. අනතුරුව බුදුහිමියෝ අඳ බාලයන්ට සංසාරය දීර්ඝ වන අයුරු පහදා දහම් දෙසා වදාළහ.එහි පැමිණ සිට සේවකයාද මේදහම අසා සෝවාන් විය. රජු සිරගෙවල රඳවා සිටි මෙවැනි මිනිසුන් බොහෝ දෙනෙක් එම බන්ධනවලින් නිදහස් කළේය. සියල්ලෝ ශාන්තිය ලදහ.[/SIZE][/COLOR] [COLOR="Red"][SIZE="5"]කොළඔ විශ්වවිද්‍යාලයේ සිංහලඅධ්යයන අංශ ප්‍රධාන අගලකඩ සිරිසුමන හිමි[/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom