Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
පව් කරන කොට අනිත් අය ඇදගෙන යනවා පින්කරන කො"
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පව් කරන කොට අනිත් අය ඇදගෙන යනවා පින්කරන කො&#34

බොහෝ දෙනෙක් අහන ප්‍රශ්නයක් තමයි මොකක්ද? ‘පින’ කියන්නෙ කියලා . මෙය අටුවාවේ සඳහන් වන්නේ ‘හදයං පුනාතීති පුඤ්ඤං’ යනුවෙන්.

තමන්ගෙ සිතින් ඇතිවන සතුට අප පින කියා හඳුන්වනවා. ඒ සතුටත් යහපත් දෙයක් කිරීම නිසා හටගත් සතුටක් විය යුතුයි. මත්වතුර පානය කරලත් සතුටු වෙනව කියල ඒ පානය කරන කරන අය කියනව නේ.

හැබැයි පින් නැහැ.

බුදුරජාණන් වහන්සේගේ දේශනාවේ පැහැදිලිව සඳහන් වනවා. ‘දීමට හැකි වුවත් ඒ දෙන ඇතැම් දෙයින් පින් සිදුනොවේ. මොනවද? මේ පින් සිදුනොවන ලබාදීම්. ඒවා දන් ලෙසින් ලබාදීමට පුළුවන්. එහෙත් ඒවා දාන නොවේ. පින් සිදු නොවේ. ඉන් පළමුවැන්න මත්වතුරයි. විවාහ මංගල උත්සවයක් අවසානයේ ඇතැම් අයගෙන් මෙවැනි ප්‍රකාශයක් නිකුත්විය හැකියි. ‘කොච්චර වුනත් මං සෑහෙන දෙනෙක් සතුටු කළා’ අපේ මඟුල් ගෙදර දවසෙ කට්ටිය හොඳට බීල සතුටු වුණා.

ඒක කවදාවත් දානමය පින්කමකට අයිති වෙන්නෙ නෑ.අපට හුඟක් දේ දීමට හෙවත් දානයට අයත් යැයි සිතා කටයුතු කරන්න පුළුවන්. අපි හොඳ උදාහරණයක් ගනිමු.අපට සංගීතය ලබා දෙන්න පුළුවන්. නොමිලේ සංගීත සංදර්ශන පවත්වන්න පුළුවන්. මොකක්ද? සංගීත සංදර්ශනයෙන් වෙන්නෙ කාමය උද්දීපනය කිරීම එහෙමනම් සංගීත සංදර්ශන පැවැත්වීම දානයට අයිති වෙන්නෙ නෑ. එය පින්කමක් නෙමෙයි.

එමෙන්ම අනුන් පිනවීමට යැයි තම සිරුර ලබා දීමත් කිසිවිටක දානයක් වන්නේ නැහැ.

රූප ශබ්ද ආදියෙන් දානය ලබා දීම අසීරුයි. දාන දිය හැකි රූප ශබ්ද ආදිය තිබෙනවා. චෛත්‍යයක්, විහාරස්ථානයක් පෙන්වීම (රූප) පින්කමක් එහෙත් කාමය උද්දීපනය වන බොරුව, සොරකම ආදි අකුසල ධර්මයන් වැඩීමට ඉවහල් වන දේ ලබාදීම පෙන්වීම දානයට අයත් වන්නේ නැහැ. අපට ඕනෑම දෙයක් ලබා දෙන්න පුළුවන්. ඒත් අප පින්දීම ගැන කල්පනා කළ යුතු වනවා.

පින් අනුමෝදන් කරවිය යුතුයි. මෙහිදී අප තවත් කරුණක් ගැන අවධානය යොමු කළ යුතුයි. පින් අනුමෝදන් කරනවා නම්, පව් අනුමෝදන් කරන්න බැරිද? අද සමාජයේ වැඩි පිරිසක් පව් අනුමෝදන් කරවීමයි සිදු කරන්නේ. තමන් කරන වැරැදි වැඩවලට, වැරැදි කතාවලට වැරැදි සිතිවිලි ඇති කරන්න අනෙක් අය ඇද ගැනීමෙන් කරන්නේ පව් අනුමෝදන් කරවීම තමයි.

දුම් වැටියක් පානය කරන කෙනෙක් තව කී දෙනෙක් ඒකට හවුල් කර ගන්නවද? බලන්න කී දෙනෙක් හවුල් කර ගන්නවද ඒ පාපයට මත්වතුර බොන තැනැත්තා තනියම බොනවද? බලන්න කී දෙනෙක් ඒ වැඩේට හවුල් කරගන්නවද? සූදුවට යන තැනැත්තා තනියම යනවද? කී දෙනෙක් ඒකට ඇදගෙන යනවද? සතෙක් මරන්න නැත්නම් දඩයම් කරන්න යන තැනැත්තා ඒකට කී දෙනෙක් හවුල් කර ගන්නවද? අනිත් අය පාපයේ කොටස් කරුවන් බවට පත් කර ගන්නවා.

ඔබට තේරෙනවද? සමාජයේ බහුතරයක් පව් අනුමෝදන් කරනා බව.

සමාජයේ තරුණ දියණියන් තමන් පේ‍්‍රම සම්බන්ධයක් ඇති කර ගැනීමට උත්සාහ දරන තරුණයන් හමුවීමට තනිවම යනවාද? තමන්ගේ යෙහෙළියක් සමඟයි යන්නෙ. ඒ යෙහෙළියත් අර වැරැදි වැඩේට යොමු කරවනවා.

ඒත් අප පින් අනුමෝදන් කිරීමේදී හුඟක් වෙලාවට එය තනිවමයි සිදු කිරීමට උත්සාහ කරන්නෙ. ටිකක් හිතල බලන්න තමන් විහාරස්ථානයට දානය රැගෙන යන අවස්ථාවේ තවත් පිරිසක් දානයක් ගෙනැවිත් තිබුණහොත් මොකද වෙන්නෙ.

හොරෙන් එබිල බලනව, ඒ අය මොනවද ගෙනැල්ල තියෙන්නෙ කියල. බුද්ධ පූජාව දෙකට බෙදා ගෙන තියන්නෙ ඇයි? එකට එකතු වෙලා බුද්ධ පූජාව තියන්න බැරි. ඇයි පින්කමට සියලු දෙනාම සහභාගි කරවාගන්න බැරි. පව් කරනකොට අනිත් අය ඇදගෙන යනවා.පින් කරන කොට පුළුවන් තරම් තනිවෙන්න බලනව. පින් අනුමෝදන් කිරීම නැත්නම් පත්තානුමෝදනා පුදුමාකාර සත්චාරිත්‍ර ධර්මයක්. ඒ තුළ රැකෙන ආචාර් ධර්ම අප්‍රමාණයි. ඔබ පින් අනුමෝදන් කිරීමේදී අනුගමනය කරන වැරැදි පිළිවෙත් රැසක් තිබෙනවා. එයින් එකක් තමයි තටුවක් තැබීම. ඒක පැරැණි චාරිත්‍රයක් කියල කරනව. තවත් එකක් බෙදල ව්‍යංජන බෙදල පින් අනුමෝදන් කරවන මියගිය පුද්ගලයා මත්වතුර බිව්වනම් එයිනුත් ටිකක් තියලා, සුරුට්ටු සිගරට් තියල වටේට වැලිත් දාල මේ තටුව තියනව. ධර්ම දේශනාවට කලින්. ඕකෙන් පින් දෙන්න පුළුවන්ද?

ඒක තියල නිකන් ඉන්නෙත් නෑ. බොරු විප්‍රකාරත් හදා ගන්නව. තටුවෙන් මුකුත් අඩුවෙලා නැත්නම් මොකක්ද? කියන්න ‘අනේ අපේ ඥාතියා මල පෙරේතයෙක් වෙලානෙ. ඒකයි තටුවෙහි මුකුත් අඩුවෙලා නැත්තෙ.’

අඩුවෙලා තිබුනොත් හොඳයි ‘අනේ ඇවිල්ල කාල ගිහින්, එයා හොඳ තැනක ඉන්නවා’ මෙහෙම කියන්න අපට පුළුවන්ද? සිල්වත් ගුණවත් ස්වාමීන් වහන්සේ වැඩම කරවා දානමය පින්කමක් කරනවා නම් තවත් තටුවක් තියන්න ඕනෑ ද? යාග කරන්න ඕනෑ ද? මිය ගිය ඥාතීන්ට පින් දෙන්න . ඒ නිසා හොඳ කරලා අපට අනිත් අයට පින් අනුමෝදන් කරවන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේ වෘක්ෂයක් මුල සිට දානය වළඳන අවස්ථාවකදී වෘක්ෂයේ සිටි දේවතාවා මිනිස් අතක් මවා බුදුරජාණන් වහන්සේ දෙසට දිගු කළා. බුදුරජාණන් වහන්සේ වැළඳීමට නියමිතව සිටියේ අවසන් බත් පිඩයි. උන් වහන්සේ අවසන් බත් පිඩ මිනිස් අත උඩින් තැබුවා. බත් පිඬ තිබූ පසුව එක අත දෑතක් වුණා. ඒ දෙවියන් දෑතින් බත් පිඬු යලිත් බුදුරජාණන් වහන්සේට පූජා කළා.

ඒ බත් පිඬු දෙවියන්ගේ දෙයක් ලෙස සලකා බුදුරජාණන් වහන්සේට පූජා කිරීමෙන් ඒ දෙවියන් සම්‍යක් දෘෂ්ඨික දේවතාවකු බවට පත්වුණා.

පින්කම් සිදු කරනු ලබන ස්ථානවල සියලු කාර්යයන් සඳහා දෙවියන් සම්බන්ධ වනවා. බෙර දවුල් වාදනය කරනවානම් උඩුවියන් බඳිනවා නම්, ස්වාමින් වහන්සේට සාධුු නාද පවත්වනවා නම් ඒ සියල්ලටම දෙවියන් සම්බන්ධ වනවා. හොඳින් මතක තබාගන්න දෙවියන්ට ආකාසට්ඨාච භූ®ම්මට්ටා කියල කිව්වට පින් ගන්න බැහැ. අප පින්කමක් කරන විට දෙවියන් එහි කොටස්කරුවන් බවට පත්වනවා.

ගෙදරක බුද්ධ පූජාව තබන විට දෙවියන් ඊට දිව්‍ය සුවඳ මිශ්‍ර කරනවා.දෙවියොත් ඒ පින්කමේ කොටස්කරුවන් බවට පත්වනවා.

එහෙත් අද පින් අනුමෝදන් කරන ඇතැම් ස්ථානයන්හි දිව්‍ය සුවඳට වඩා දැනෙන්නෙ සුවඳ නොවන වෙනත් දේ බව ඔබට අමුතුවෙන් පහදා දිය යුතු නැහැ.

හොඳ දෙයක් කරල අපි සාධූ නාද පවත්වන කොට ‘සාධු’ කියන වචනය මිය ගිය ඥාතීන් දන්නව. ඒ තුළින් ඔවුන්ට චිත්ත පී‍්‍රතිය ඇති වෙලා දිව්‍යමය සම්පත් ලැබෙනවා. තමන් ඉන්න දුගතිවලින් අත්මිදෙන්න පුළුවන්. බෞද්ධ දර්ශනයේ පවතින පින් අනුමෝදන් කිරීම කොයිතරම් බලවත්ද කියා ඔබට වැටහෙනවා ඇති. ඔබ පින් අනුමෝදන් කිරීම තුළින් විශාල ඥාති පිරිසක් එකතු කර ගන්නවා. ඔවුන්ට ඥාති සංග්‍රහ පවත්වනවා. පින් අනුමෝදන් කරවීමට අප බොහෝ විටම යොදා ගන්නේ බුද්ධ දේශනාවයි. බුදුසසුන රකිමින් ස්වාමින් වහන්සේ ආරක්ෂා කිරීම තුළින් අප පින් අනුමෝදන් කරවීමට විශාල දායකත්වයක් ගන්නවා.

මේ පින් අප සෑම සියලු දෙනාට උතුම් නිවන් අවබෝධය පිණිස හේතු වේවා…වාසනා වේවා...තෙරුවන් සරණයි…!!!!

ශාස්ත්‍රපති

දොඩම්පහළ රාහුල හිමි

[QUOTE="Iron Monger, post: 16204565, member: 349634"] [b]පව් කරන කොට අනිත් අය ඇදගෙන යනවා පින්කරන කො"[/b] [SIZE=5] බොහෝ දෙනෙක් අහන ප්‍රශ්නයක් තමයි මොකක්ද? ‘පින’ කියන්නෙ කියලා . මෙය අටුවාවේ සඳහන් වන්නේ ‘හදයං පුනාතීති පුඤ්ඤං’ යනුවෙන්. තමන්ගෙ සිතින් ඇතිවන සතුට අප පින කියා හඳුන්වනවා. ඒ සතුටත් යහපත් දෙයක් කිරීම නිසා හටගත් සතුටක් විය යුතුයි. මත්වතුර පානය කරලත් සතුටු වෙනව කියල ඒ පානය කරන කරන අය කියනව නේ. හැබැයි පින් නැහැ. බුදුරජාණන් වහන්සේගේ දේශනාවේ පැහැදිලිව සඳහන් වනවා. ‘දීමට හැකි වුවත් ඒ දෙන ඇතැම් දෙයින් පින් සිදුනොවේ. මොනවද? මේ පින් සිදුනොවන ලබාදීම්. ඒවා දන් ලෙසින් ලබාදීමට පුළුවන්. එහෙත් ඒවා දාන නොවේ. පින් සිදු නොවේ. ඉන් පළමුවැන්න මත්වතුරයි. විවාහ මංගල උත්සවයක් අවසානයේ ඇතැම් අයගෙන් මෙවැනි ප්‍රකාශයක් නිකුත්විය හැකියි. ‘කොච්චර වුනත් මං සෑහෙන දෙනෙක් සතුටු කළා’ අපේ මඟුල් ගෙදර දවසෙ කට්ටිය හොඳට බීල සතුටු වුණා. ඒක කවදාවත් දානමය පින්කමකට අයිති වෙන්නෙ නෑ.අපට හුඟක් දේ දීමට හෙවත් දානයට අයත් යැයි සිතා කටයුතු කරන්න පුළුවන්. අපි හොඳ උදාහරණයක් ගනිමු.අපට සංගීතය ලබා දෙන්න පුළුවන්. නොමිලේ සංගීත සංදර්ශන පවත්වන්න පුළුවන්. මොකක්ද? සංගීත සංදර්ශනයෙන් වෙන්නෙ කාමය උද්දීපනය කිරීම එහෙමනම් සංගීත සංදර්ශන පැවැත්වීම දානයට අයිති වෙන්නෙ නෑ. එය පින්කමක් නෙමෙයි. එමෙන්ම අනුන් පිනවීමට යැයි තම සිරුර ලබා දීමත් කිසිවිටක දානයක් වන්නේ නැහැ. රූප ශබ්ද ආදියෙන් දානය ලබා දීම අසීරුයි. දාන දිය හැකි රූප ශබ්ද ආදිය තිබෙනවා. චෛත්‍යයක්, විහාරස්ථානයක් පෙන්වීම (රූප) පින්කමක් එහෙත් කාමය උද්දීපනය වන බොරුව, සොරකම ආදි අකුසල ධර්මයන් වැඩීමට ඉවහල් වන දේ ලබාදීම පෙන්වීම දානයට අයත් වන්නේ නැහැ. අපට ඕනෑම දෙයක් ලබා දෙන්න පුළුවන්. ඒත් අප පින්දීම ගැන කල්පනා කළ යුතු වනවා. පින් අනුමෝදන් කරවිය යුතුයි. මෙහිදී අප තවත් කරුණක් ගැන අවධානය යොමු කළ යුතුයි. පින් අනුමෝදන් කරනවා නම්, පව් අනුමෝදන් කරන්න බැරිද? අද සමාජයේ වැඩි පිරිසක් පව් අනුමෝදන් කරවීමයි සිදු කරන්නේ. තමන් කරන වැරැදි වැඩවලට, වැරැදි කතාවලට වැරැදි සිතිවිලි ඇති කරන්න අනෙක් අය ඇද ගැනීමෙන් කරන්නේ පව් අනුමෝදන් කරවීම තමයි. දුම් වැටියක් පානය කරන කෙනෙක් තව කී දෙනෙක් ඒකට හවුල් කර ගන්නවද? බලන්න කී දෙනෙක් හවුල් කර ගන්නවද ඒ පාපයට මත්වතුර බොන තැනැත්තා තනියම බොනවද? බලන්න කී දෙනෙක් ඒ වැඩේට හවුල් කරගන්නවද? සූදුවට යන තැනැත්තා තනියම යනවද? කී දෙනෙක් ඒකට ඇදගෙන යනවද? සතෙක් මරන්න නැත්නම් දඩයම් කරන්න යන තැනැත්තා ඒකට කී දෙනෙක් හවුල් කර ගන්නවද? අනිත් අය පාපයේ කොටස් කරුවන් බවට පත් කර ගන්නවා. ඔබට තේරෙනවද? සමාජයේ බහුතරයක් පව් අනුමෝදන් කරනා බව. සමාජයේ තරුණ දියණියන් තමන් පේ‍්‍රම සම්බන්ධයක් ඇති කර ගැනීමට උත්සාහ දරන තරුණයන් හමුවීමට තනිවම යනවාද? තමන්ගේ යෙහෙළියක් සමඟයි යන්නෙ. ඒ යෙහෙළියත් අර වැරැදි වැඩේට යොමු කරවනවා. ඒත් අප පින් අනුමෝදන් කිරීමේදී හුඟක් වෙලාවට එය තනිවමයි සිදු කිරීමට උත්සාහ කරන්නෙ. ටිකක් හිතල බලන්න තමන් විහාරස්ථානයට දානය රැගෙන යන අවස්ථාවේ තවත් පිරිසක් දානයක් ගෙනැවිත් තිබුණහොත් මොකද වෙන්නෙ. හොරෙන් එබිල බලනව, ඒ අය මොනවද ගෙනැල්ල තියෙන්නෙ කියල. බුද්ධ පූජාව දෙකට බෙදා ගෙන තියන්නෙ ඇයි? එකට එකතු වෙලා බුද්ධ පූජාව තියන්න බැරි. ඇයි පින්කමට සියලු දෙනාම සහභාගි කරවාගන්න බැරි. පව් කරනකොට අනිත් අය ඇදගෙන යනවා.පින් කරන කොට පුළුවන් තරම් තනිවෙන්න බලනව. පින් අනුමෝදන් කිරීම නැත්නම් පත්තානුමෝදනා පුදුමාකාර සත්චාරිත්‍ර ධර්මයක්. ඒ තුළ රැකෙන ආචාර් ධර්ම අප්‍රමාණයි. ඔබ පින් අනුමෝදන් කිරීමේදී අනුගමනය කරන වැරැදි පිළිවෙත් රැසක් තිබෙනවා. එයින් එකක් තමයි තටුවක් තැබීම. ඒක පැරැණි චාරිත්‍රයක් කියල කරනව. තවත් එකක් බෙදල ව්‍යංජන බෙදල පින් අනුමෝදන් කරවන මියගිය පුද්ගලයා මත්වතුර බිව්වනම් එයිනුත් ටිකක් තියලා, සුරුට්ටු සිගරට් තියල වටේට වැලිත් දාල මේ තටුව තියනව. ධර්ම දේශනාවට කලින්. ඕකෙන් පින් දෙන්න පුළුවන්ද? ඒක තියල නිකන් ඉන්නෙත් නෑ. බොරු විප්‍රකාරත් හදා ගන්නව. තටුවෙන් මුකුත් අඩුවෙලා නැත්නම් මොකක්ද? කියන්න ‘අනේ අපේ ඥාතියා මල පෙරේතයෙක් වෙලානෙ. ඒකයි තටුවෙහි මුකුත් අඩුවෙලා නැත්තෙ.’ අඩුවෙලා තිබුනොත් හොඳයි ‘අනේ ඇවිල්ල කාල ගිහින්, එයා හොඳ තැනක ඉන්නවා’ මෙහෙම කියන්න අපට පුළුවන්ද? සිල්වත් ගුණවත් ස්වාමීන් වහන්සේ වැඩම කරවා දානමය පින්කමක් කරනවා නම් තවත් තටුවක් තියන්න ඕනෑ ද? යාග කරන්න ඕනෑ ද? මිය ගිය ඥාතීන්ට පින් දෙන්න . ඒ නිසා හොඳ කරලා අපට අනිත් අයට පින් අනුමෝදන් කරවන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේ වෘක්ෂයක් මුල සිට දානය වළඳන අවස්ථාවකදී වෘක්ෂයේ සිටි දේවතාවා මිනිස් අතක් මවා බුදුරජාණන් වහන්සේ දෙසට දිගු කළා. බුදුරජාණන් වහන්සේ වැළඳීමට නියමිතව සිටියේ අවසන් බත් පිඩයි. උන් වහන්සේ අවසන් බත් පිඩ මිනිස් අත උඩින් තැබුවා. බත් පිඬ තිබූ පසුව එක අත දෑතක් වුණා. ඒ දෙවියන් දෑතින් බත් පිඬු යලිත් බුදුරජාණන් වහන්සේට පූජා කළා. ඒ බත් පිඬු දෙවියන්ගේ දෙයක් ලෙස සලකා බුදුරජාණන් වහන්සේට පූජා කිරීමෙන් ඒ දෙවියන් සම්‍යක් දෘෂ්ඨික දේවතාවකු බවට පත්වුණා. පින්කම් සිදු කරනු ලබන ස්ථානවල සියලු කාර්යයන් සඳහා දෙවියන් සම්බන්ධ වනවා. බෙර දවුල් වාදනය කරනවානම් උඩුවියන් බඳිනවා නම්, ස්වාමින් වහන්සේට සාධුු නාද පවත්වනවා නම් ඒ සියල්ලටම දෙවියන් සම්බන්ධ වනවා. හොඳින් මතක තබාගන්න දෙවියන්ට ආකාසට්ඨාච භූ®ම්මට්ටා කියල කිව්වට පින් ගන්න බැහැ. අප පින්කමක් කරන විට දෙවියන් එහි කොටස්කරුවන් බවට පත්වනවා. ගෙදරක බුද්ධ පූජාව තබන විට දෙවියන් ඊට දිව්‍ය සුවඳ මිශ්‍ර කරනවා.දෙවියොත් ඒ පින්කමේ කොටස්කරුවන් බවට පත්වනවා. එහෙත් අද පින් අනුමෝදන් කරන ඇතැම් ස්ථානයන්හි දිව්‍ය සුවඳට වඩා දැනෙන්නෙ සුවඳ නොවන වෙනත් දේ බව ඔබට අමුතුවෙන් පහදා දිය යුතු නැහැ. හොඳ දෙයක් කරල අපි සාධූ නාද පවත්වන කොට ‘සාධු’ කියන වචනය මිය ගිය ඥාතීන් දන්නව. ඒ තුළින් ඔවුන්ට චිත්ත පී‍්‍රතිය ඇති වෙලා දිව්‍යමය සම්පත් ලැබෙනවා. තමන් ඉන්න දුගතිවලින් අත්මිදෙන්න පුළුවන්. බෞද්ධ දර්ශනයේ පවතින පින් අනුමෝදන් කිරීම කොයිතරම් බලවත්ද කියා ඔබට වැටහෙනවා ඇති. ඔබ පින් අනුමෝදන් කිරීම තුළින් විශාල ඥාති පිරිසක් එකතු කර ගන්නවා. ඔවුන්ට ඥාති සංග්‍රහ පවත්වනවා. පින් අනුමෝදන් කරවීමට අප බොහෝ විටම යොදා ගන්නේ බුද්ධ දේශනාවයි. බුදුසසුන රකිමින් ස්වාමින් වහන්සේ ආරක්ෂා කිරීම තුළින් අප පින් අනුමෝදන් කරවීමට විශාල දායකත්වයක් ගන්නවා. මේ පින් අප සෑම සියලු දෙනාට උතුම් නිවන් අවබෝධය පිණිස හේතු වේවා…වාසනා වේවා...තෙරුවන් සරණයි…!!!! [/SIZE][SIZE=5]ශාස්ත්‍රපති දොඩම්පහළ රාහුල හිමි[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom