Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Yesterday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Tuesday at 10:51 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri PRO!
පවුල්වාදයේ හවුල්වාදය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පවුල්වාදයේ හවුල්වාදය

පවුල්වාදයේ හවුල්වාදය

1948 වර්ෂයේ දී කොරියානු අර්ධද්වීපය දෙකඩ කරමින් කොරියානු ප්රජාතන්ත්රවාදී මහජන සමූහාණ්ඩුව හෙවත් උතුරු කොරියාව බිහිවුයේ කිම් ඉල් සුන්ග් එරට උත්තරීතර නායකයා ලෙසින් පත්වෙමිනි. මුල් කාලීනව ප්‍රබල අගමැතිවරයෙකුවූ මොහු පසුකාලීනව එරට ජනාධිපතිවරයා බවට පත්විය. වසර 56 ක් ඉතා දැඩි පාලන රටාවක් ගෙන ගිය කිම් ඉල් සුන්ග් ජනාධිපතිධූරයේ කටයුතු කරමින් සිටින අතරතුරදීම මියගිය අතර ඔහුගෙන් පසුව ඔහුගේ පුත් කිම් ජොන්ග් ඉල් උතුරු කොරියාවේ උත්තරීතර නායකත්වයට පත්වේ.

කිම් ජොන්ග් ඉල් වසර 17 ක් එරට පාලන බලය ගෙන ගිය අතර ඔහුගේ ඇවෑමෙන් පසුව 2011 වර්ෂයේදී ඔහුගේ පුත් කිම් ජොන්ග් උන් උතුරු කොරියානු සමූහාණ්ඩුවේ උත්තරීතර නායකයා වශයෙන් ප්‍රථම වතාවට පත්විය. ඔහුගේ පාලනය යටතේ පැවති ප්‍රථම ජාතික මැතිවරණය ඉකුත් මාර්තු මස 09 වන දින පැවැත්වුණේ එරට ඉහළම දේශපාලන තනතුරට නැවත වතාවක් පත්වීමට අවශ්‍ය ඡන්ද ප්‍රමාණය කිම් ජොන්ග් උන් වෙත හිමිකර දෙමිනි. පුරා දශක 06 කට අධික කාලයක් පිය-පුතු-මුණුබුරු පාලනය ගෙන ගිය උතුරු කොරියානු සමූහාණ්ඩු රාජ්‍යය පවුල්වාදී දේශපාලන රටාවට ප්‍රබල උදාහරණයක් වශයෙන් හඳුනා ගත හැකිය.

පවුල්වාදී දේශපාලනය ලෝක දේශපාලනය තුළ මෙන්ම ලාංකීය දේශපාලනය තුළ ද ශතවර්ෂ ගණනාවක සිට පැවත එන සංකල්පයකි. ලේ උරුමය මත හෝ විවාහ සබඳතා මත හෝ ඇතිවන ඥාතීත්වය දේශපාලනය තුළ විශේෂ සුදුසුකමක් ලෙස සලකමින් පාලන බලය මෙහෙයවීමට අවස්ථාව සලසා ගැනීම පවුල්වාදී දේශපාලනය ලෙස හඳුනා ගත හැකිය.

ඉංගී්රසි භාෂාවෙන් පවුල්වාදී දේශපාලනය යන්න Dynastic Politics යන නමින් හඳුන්වනු ලැබේ. පූර්වගාමී දේශපාලනඥයෙකු තමන්ගේ අනුක්රමයෙන් දේශපාලන ගමන්මගට නව නියෝජිතයෙකු ලෙස පත්වීමට තම පවුලේ සාමාජිකයන්ට අවස්ථා ලබා දීමේ කි‍්‍රයාවලිය Dynastic Politics හෙවත් පවුල්වාදී දේශපාලනය ලෙසින් විකිපීඩියා විශ්වකෝෂය තුළ නිර්වචනයව ඇත.

Dynastic Politics යනු බලය සංකේන්ද්‍රගත වූ පවුල් විසින් තමන් සතු බලය හැසිරවීමට තම පවුලේ අනෙකුත් සාමාජිකයන්ට ඉඩකඩ සපයා දීම වේ, එසේම පවුල්වාදී දේශපාලනය යනු ඈත ඉතිහාසයේ පටන්ම බලසම්පන්න පවුල් තුළ නිරන්තරයෙන් දක්නට ලැබුණු බල හුවමාරු ක්රමවේදයකි.

පවුල්වාදී රාජ්‍ය පාලනය ලෝක ඉතිහාසයේ පළමු වරට ඇතිවුනා යැයි සැලකෙන්නේ 14 වන සියවසේදී පමණය. රාජකීය පවුල් හා රාජාණ්ඩු පාලන තන්ත්රයන්ගෙන් සැකසුණු සමාජයේ රාජ්‍ය ලේ උරුමයට රාජ්‍යත්වය හිමිවීම චාරිත්‍රයක් ලෙස කි‍්‍රයාත්මක විය. රාජ රුධිර නාලිකා තර්කය මත හිඳිමින් ඉංගී්රසි, ප්‍රංශ, මෝගල්, තායි, පෝලන්ත, පේරු රාජ්‍යයන්වල රාජ්‍ය කුමාර කුමාරිකාවන් රාජ්‍යත්වයට පත්වූයේ ඔටුන්නට උරුමකම් කියමිනි.

රජ කෙනෙකුගෙන් පසුව ඔහුගේ පුතෙකු හෝ සහෝදරයෙකු රජවීම හා රාජ්‍ය බලය ලැබූවෙකු ඥාතීත්වයට හා පරිවාර ඥාතීන්ට තනතුරු ප්‍රධානය කිරීම එකී සමාජයේ සුවිශේෂ ලක්ෂණයන් විය. චීනය තුළ වසර 300 ගණනක් පුරා විහිදුණු පවුල් පාලන ධූරාවලි දැකගත හැකිවේ. මධ්‍යතන යුගයේ පල්ලියෙහි පාප්වහන්සේ සහ බිෂෝප්වරු පත් කිරීම ඥාතීත්වය මූලික කරගෙන සිදුකෙරුණු අතර අතර එය පාප් පෙළපත ලෙසින් හඳුන්වයි. පාලන බලය පවුල වටා සංකේන්ද්‍රගත වීමත් ඒ ඔස්සේ විශ්වාසනීය පරිපාලන ක්‍රමවේදයක් ගෙන යාමත් එහි මූලික අරමුණ විය. නමුදු පසුකාලීනව ප්‍රජාතන්ත්‍රවදී දේශපාලන ක්‍රමවේදයේ මතුවීම හමුවේ බල අපහරණය, අසාධාරණය, හා දණ්ඩ මුක්තිය රජයන දේශපාලන ක්‍රමවේදයක් වශයෙන්ද පවුල්වාදී දේශපාලනය ඉස්මතු විය.

මෙහිදී ලෝක දේශපාලනය තුළ වර්තමානයේ පවා පවුල් දේශපාලනය දක්නට ලැබීම අවධානය යොමු කළ යුතු කරුණකි. සුපිරි ප්රජාතන්ත්රවාදය පවතින එක්සත් ජනපදයේ පවා පිය-පුතු ජනාධිපතිවරුන් රට පාලනය කර තිබේ. කෙනඩි පවුල, බුෂ් පවුල සහ ක්ලින්ටන් පවුල ඇමරිකාව තුළ දක්නට ලැබෙන ප්‍රබල දේශපාලන පවුල් වේ.

ඉන්දියාවේ ගාන්ධි-නේරු පවුල් පාලනය ප්රජාතන්ත්රවාදී ලෝකයේ කි‍්‍රයාත්මක පැරණිතම පවුල්වාදී දේශපාලනය ලෙසින් හැඳින්විය හැක. එකම පවුලේ පියා-දියණිය-මුණුබුරා යන තිදෙනාම රාජ්‍ය පාලනයේ ප්‍රධානත්වය දැරූ ලොව එකම උදාහරණය ඉන්දියාවෙන් හමුවේ - ඒ ජවහර්ලාල් නේරු, ඉන්දිරා ගාන්ධි සහ රජිව් ගාන්ධි යන අගමැතිවරුන්ය. නිදහස ලැබීමෙන් පසු වසර 66 ක ඉතිහාසය තුළ වසර 50 කට ආසන්න කාලයක් පුරා ඉන්දියාව පාලනය කිරීමට එමගින් ගාන්ධි-නේරු පවුල් සමත් විය.

පූර්වගාමී දේශපාලන ප්‍රබලයින් කෙරෙහි තිබූ විශ්වාසය හා ඔවුන් කෙරෙහි පැවති ආකල්පය දේශපාලන පවුලකින් පැවත එන නවක නියෝජිතයන් කෙරෙහි තීන්දු තීරණ ගැනීමේදී සාමාන්‍ය ජනතාවට සෘජුවම බලපානු ලබන බව දේශපාලන විද්‍යාඥයින් හා මනෝ විද්‍යාඥයින් විසින් පෙන්වා දෙනු ලැබේ. නුපුරුදු නියෝජිතයෙකු කෙරෙහි විශ්වාසය තබනවාට වඩා දේශපාලන පවුලකට නෑකම් කියන නියෝජිතයෙකු කෙරෙහි විශ්වාසය තැබීමට අවිඥාණිකව ඔවුන්ගේ මනස සැකසෙන බව මනෝවිද්‍යාඥයෝ තවදුරටත් පැහැදිලි කරති.

රුසියාවේ ජනාධිපති විලැඩිමියර් පූටින් තම රජය මුල සිටම මෙහෙයවන ලද්දේ සිය පවුලේ සාමාජිකයන් මූලික කරගනිමිනි. ඇනටෝල් පර්සියා කෝප් නමැති අගමැතිගේ බෑණා සිය ඥාතී සබන්ධතාවය නිසා තමන් එතෙක් දැරූ තනතුරෙන් ඉල්ලා අස්වීමට ගියද පූටින් එම ලිපිය භාර නොගත්තේය. බල ශක්ති ඇමති වික්ටර් ක්රිබස් වෙන්කෝ, සෞඛ්‍ය ඇමතිණිය වූ තත්යානා ගොලිකෝවාගේ ස්වාමිපුරුෂයාය. ආරක්ෂක ඇමතිවරයාගේ පුතා විවාහවී සිටින්නේ කෝරසමිලීන් ප්‍රදේශයේ නියෝජ්‍ය ඇමතිවරයාගේ දියණිය සමගය. මේ ආදී ලෙසින් රුසියානු පාලන තන්ත්රය තුළ පූටින්ගේ බල අධිකාරිය වටා 35 ආකාරයක ඥාති සබඳතා ජාලයක් පැහැදිලිවම හඳුනා ගත හැකිය.

ප්‍රංශයේ නිකොලස් සාකෝසි ජනාධිපතිවීමට පෙර බටහිරදිග ප්‍රංශයේ නිවුලි සුර් සෙයිනේ නම් ප්‍රදේශයේ ආණ්ඩුකාරවරයා ලෙස කටයුතු කළේය. ජනාධිපතිධූරයට පත් වීමෙන් අනතුරුව එම දිස්ත්‍රික් මැතිවරණයට ඉදිරිපත්වූ මුල් අපේක්ෂකයෙකු මැතිවරණ ව්‍යාපාරයෙන් ඉවත් කර ඒ හරහා තම පුත් ජීන් සාකෝසිට මැතිවරණයට තර`ගවැදීම සඳහා අවස්ථාවක් ලබා දීමට නිකොලස් සාකෝසි විසින් උත්සාහ කරන ලදි. මෙම සිදුවීම එකල ප්‍රංශය තුළ මහත් ආන්දෝලනයට ලක් විය.

1970 දශකයේ මුල් භාගය තුළ පාකිස්ථානයේ අගමැතිධූරය දැරූ, පාකිස්ථාන් ජනතා පක්ෂයේ නිර්මාතෘවරයා වූ සුල්ෆිකර් අලී බූතෝගේ දියණිය බෙනාසීර් භූතෝ ද පසුකාලීනව ජනතා පක්ෂය නියෝජනය කරමින් දේශපාලනයට පිවිසුණි. ඇය පාකිස්ථානයේ 11 වන අගමැතිවරිය ලෙස වසර ගණනාවක් එරට පාලන බලය හසුරුවන ලදි. කි‍්‍රයාකාරී දේශපාලනයට සිය සැමියා වූ අසීෆ් අල් සර්දාරිවද සම්බන්ධ කරගන්නට බෙනාසීර් භූතෝ කටයුතු කළේ පාකිස්ථානු ජනතා පක්ෂයේ සභාපතීත්වය ඔහුට පවරමිනි. බෙනාසීර් භූතෝගේ ඝාතනයත් සමග අල් සර්දාරි පාකිස්ථානයේ 11 වන ජනාධිපතිවරයා බවට පත්වූ අතර සිය පුත් බිලාවල් භූතෝ සර්දාරි තම පක්ෂයේ නව සභාපතිවරයා ලෙස පත් කරන්නට අල් සර්දාරි කටයුතු කළේය.

මාලදිවයින් රජයේ හිටපු ජනාධිපති අබ්දුල් ගයුම් තම රජයේ කැබිනට් මණ්ඩලය තුළ සහෝදරයන් 13 දෙනෙකුට ඉඩකඩ සලසන ලද අතර ඊට අමතරව මස්සිනාවරුන්ට සහ සිය පාසැල් සගයන්ටද දේශපාලන නිලතල ලබා දෙන්නට ඔහු කටයුතු කළේය.

බංග්ලාදේශයේ සමාරම්භක නායකයා වූ ශෙයික් මුජිබර් රහ්මන්ගේ දියණිය වන ශෙයික් හසීනා බංග්ලාදේශයේ වර්තමාන අගමැතිනිය ලෙසින් කටයුතු කරයි. ශෙයික් මුජිබර් රහ්මන්ගේ පාලනය බිඳ දැමීමට හමුදා කුමන්ත්‍රණයක් සිදු කර බලය අත්පත් කරගත් ෂියා උර් රහ්මන්ගේ බිරිඳ කලීඩා ෂියා බංග්ලාදේශයේ වර්තමාන විපක්ෂ නායිකාව වේ. ඒ අනුව, පවුල් පසුබිම හරහා දේශපාලනයට පිවිසි කාන්තාවන් දෙදෙනෙකු එකම රටක ආණ්ඩු සහ විපක්ෂ දේශපාලන කි‍්‍රයාකාරීත්වය තුළ එදිරිවාදී භුමිකාවන් නියෝජනය කරන ලෝක දේශපාලනයේ සුවිශේෂී නිදසුන බංග්ලාදේශයයි.

ලාංකීය දේශපාලන ගමන් මග පුරා පවුල්වාදී දේශපාලන ලක්ෂණ බොහෝ ලෙසින් දැකගැනීමට හැකිවේ. දේශපාලනමය අර්බුද හා දේශපාලන ඝාතන හමුවේ එයට විකල්පයක් ලෙසින් එම පවුලේම නියෝජිතයෙකුට අවස්ථාව ලබාදීම ලාංකීය දේශපාලනය තුළ සිරිතක් ලෙසින් පැවත ආ ලක්ෂණයකි.

උදාහරණයක් ලෙසින් S.W.R.D බණ්ඩාරනායක මහතාගේ ඝාතනයෙන් පසු සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණිය අගමැති ලෙසින් පත්විය. සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණියගේ පාලන සමය තුළ ඇගේ පවුලේ ඥාතීන් පාලන තන්ත්රයේ නොයෙක් තනතුරුවලට සම්බන්ධව කටයුතු කිරීම සුලබ දසුනක් විය. රටේ පාලනය නිවැරදිව ගෙනයාමට අවශ්‍ය ශක්තිමත් දේශපාලනමය බලය හා විශ්වාසනීයත්වය ගොඩනගා ගැනීම එමගින් ඇය බලාපොරොත්තු වූවාය.

1931 ලංකාවේ ඩොනමෝර් ආණ්ඩුක්‍රම ව්‍යස්ථාව යටතේ ස්ථාපිත කරන ලද ව්‍යවස්ථාදායකය වූ රාජ්‍ය මණ්ත්‍රණ සභාවේ ප්‍රධානයා වූ ෆ්‍රැන්සිස් මොලමුරේ කථානායකතුමන් හා ඔහුගේ බිරිඳ ඇඞ්ලින් මොලමුරේ ආර්යාව ශී‍්‍ර ලාංකීය පවුල්වාදී දේශපාලන ඉතිහාසයේ මුල් කාලීන නිදසුනකි. සිංහල වැඩවසම් රදළ පවුලකින් පැවත ආ ඔවූහූ පසුකාලීන ප්‍රබල දේශපාලන කි්රයාකාරීකයන් බවට පත් වූහ. ඉන් පසුව, මතුවූ ගුණවර්ධන පවුල, සේනානායක පවුල, බණ්ඩාරනායක පවුල ආදී දේශපාලන පවුල් පරම්පරා කිහිපයක්ම රටේ බලය හැසිරවීමට කි‍්‍රයාකාරීව කටයුතු කළේය.

සමාජ විද්‍යාත්මක විග්රහයට අනුව පවුල නමැති ඒකකය න්‍යෂ්ටිමය පවුල (Nuclear Family) සහ ව්‍යාප්තවාදී පවුල (Extended Family) වශයෙන් ආකාර දෙකකින් හඳුනා ගත හැක. මෙම සංකල්පයම පවුල්වාදී දේශපාලනයට අදාළ කරගතහොත් න්‍යෂ්ටිමය පවුල් දේශපාලනය සහ ව්‍යාප්තවාදී පවුල් දේශපාලනය යනුවෙන් ආකාර දෙකක් දැක්විය හැක. න්ගඍග ජයවර්ධන සහ රණසිංහ පේ‍්‍රමදාස වැන්නන්ගේ දේශපාලන කි‍්‍රයාකාරීත්වය තුළට හුදෙක් ඔවුන්ගේ පවුලේ සාමාජිකයක් පමණක් සහභාගී කරගන්නා ලද අතර එය න්‍යෂ්ටිමය පවුල් දේශපාලනයට (Nuclear Family politics) ප්‍රබල නිදසුනකි. සේනානායක, බණ්ඩාරනායක හා රාජපක්ෂ පවුල් දේශපාලනය තුළ සහෝදර සහෝදරියන් මෙන්ම පරම්පරාවන් කිහිපයක ඥාතීන්ගේ සහභාගීත්වය දැකිය හැකි හෙයින් ඒවා ව්‍යාප්තවාදී පවුල් දේශපාලනයට (Extended Family politics) නිදසුන්ය.

ඉන්දියාවේ ගාන්ධි-නේරු පවුල පවුල්වාදී දේශපාලනය පිළිබඳ කෙරෙන අධ්‍යනයන්හිදී සුලබව කතා කෙරෙන දේශපාලන පවුලක් ලෙසින් හඳුනාගත හැක. ඒ හා සමානවම අවධානයට ලක්වන දේශපාලන පවුලක් ලෙස ශී‍්‍ර ලංකාවේ බණ්ඩාරනායක පවුල හැඳින්විය හැක. බණ්ඩාරනායක පවුලේ කි‍්‍රයාකාරී දේශපාලනයේ ආරම්භකයා ලෙසින් ීගඋගඍගෘ බණ්ඩාරනායක මහතා හඳුනාගත හැකි අතර එතුමා 1956 පෙරැුළියත් සමග මෙරට අග්‍රාමාත්‍ය ධූරයට පත්විණි. බණ්ඩාරනායක මහතා ඝාතනය වීමෙන් අනතුරුව ඔහුගේ බිරිඳ සිරිමාවෝ බණ්ඩාරනායක මහත්මියගේ කි‍්‍රයාකාරී දේශපාලන ආගමනය සිදුවන අතර ඇය 1960 දී ශී‍්‍ර ලංකා අග්‍රමාත්‍ය ධූරයට පත්වනුයේ එවැනි තත්ත්වයකට පැමිණි ලොව ප්‍රථම කාන්තාව වශයෙනි. මේ දෙපළගේ දියණිය වන චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග බස්නාහිර පළාත් මහ ඇමති ධූරයේද, මෙරට අග්‍රමාත්‍ය ධූරයේද කටයුතු කරන ලද අතර 1994 සිට 2005 තෙක් මෙරට විධායක ජනාධිපතිවරිය වශයෙන්ද ඈ කටයුතු කළාය. ඇගේ පාලන සමයේ මුල් කාලය තුළ ඇගේ මව - සිරිමාවෝ බණ්ඩාරනායක මෙරට අගමැතිණිය වශයෙන් කටයුතු කළා මෙන්ම ඇගේ සහෝදරයා වූ අනුර බණ්ඩාරනායක එක්සත් ජාතික පක්ෂයෙන් පාර්ලිමේන්තුවට තේරී පත්ව ශී‍්‍ර ලංකා පාර්ලිමේන්තුවේ කතානායකවරයා වශයෙන් කටයුතු කළේය.

මෑත කාලීන ලාංකීය දේශපාලනය තුළද පවුල්වාදී දේශපාලන ලක්ෂණ හඳුනා ගත හැකවීම විශේෂිත කරුණකි. රාජපක්ෂ දේශපාලනය මේ සඳහා ප්රමුඛ නිදසුනකි. 1936 දී දොන් මැතිව් රාජපක්ෂ මහතා එවකට පැවති රාජ්‍ය මන්ත්‍රණ සභාවට තේරී පත්වීමෙන් ඇරැඹි රාජපක්ෂ පවුල් දේශපාලනය D.M. රාජපක්ෂ, D.A. රාජපක්ෂ, ජෝර්ඡ් රාජපක්ෂ ආදීන් හරහා අද වනවිට වර්තමාන ජනාධිපති මහින්ද රාජපක්ෂ, ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ, ආර්ථික සංවර්ධන අමාත්‍ය හා ජනාධිපති උපදේශක බැසිල් රාජපක්ෂ, කතානායක චමල් රාජපක්ෂ ආදීන් මෙන්ම ඌව මහ ඇමති ශෂීන්ද්‍ර රාජපක්ෂ සහ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ දක්වාම විහිදී ඇත.

මෙරට පවුල්වාදී දේශපාලනයෙහි හටගෙන ඇති නව ප්‍රවණතාවයක් නම් ජාතික දේශපාලනයේ ප්‍රබල පුද්ගලයන්ගේ දරුවන්, සහෝදර සහෝදරියන් හෝ පවුලේ සෙසු ඥාතීන් ප්‍රාදේශීය හා පළාත් සභා දේශපාලනයට පැමිණිමේ වර්ධනීය තත්ත්වයක් ඇතිව තිබීමයි. අතීතයේ පවුල්වාදී දේශපාලනය තුළ කිසියම් දේශපාලන පවුලකින් නව සාමාජිකයන් දේශපාලනයට පිවිසීම කාලානුරූපීව සහ සමාජ අවශ්‍යතාමත සිදුවූවත් වර්තමානයේ සිදුවෙමින් පවතිනුයේ ප්‍රබල දේශපාලඥයින් පාලන බලයේ රැඳී සිටින අතරම රාජ්‍ය බලය හා රාජ්‍ය සම්පත් යොදා ගනිමින් පවුලේ සෙසු සාමාජිකයන්ට කෘතීම ලෙස දේශපාලන පරිසරයක් තනාදීමයි.

ශී‍්‍ර ලංකාවේ මෑතකාලීනව පැවති පළාත් සභා මැතිවරණ කිහිපයේදීම නාමයෝජනා ලබා දුන් නව දේශපාලන අපේක්ෂකයන්ගෙන් බහුතරයක් දැනට දේශපාලනයේ නියැළී සිටින මැති ඇමතිවරුන්ගේ පවුලේ සාමාජිකයන් වීම තුළ ඉහත කාරණය ප්‍රත්‍යක්ෂවේ. ශී‍්‍ර ලංකාව තුළ පළාත් සභා මැතිවරණයක් පැවැත්වීමට මූලික අරමුණ වූයේ සුළු ජාතිකයන් ඇතුළු සමාජයේ සෑම ස්ථරයක්ම නියෝජනය කරන නියෝජිතයන් හට පාලන බලය හැසිරවීමට අවස්ථාව හිමිකරදීමයි. නමුත් මෙම නව ප්‍රවණතාව හමුවේ පළාත් සභා මැතිවරණ තුළ එකී මූලික අරමුණ ඉටු වන්නේද යන්න ගැටළුවකි. පසුගියදා පැවති මධ්‍යම පළාත් සභා මැතිවරණයේදී දේශපාලන පක්ෂයන්ගෙන් ඉදිරිපත් වූ නියෝජිතයන් පිළිබඳව සලකා බැලීමේදී පවුල්වාදී දේශපාලන ලක්ෂණ සෑම තැනකම දක්නට ලැබිණි.

නිදසුන් ලෙස මධ්‍යම පළාත් සභා මැතිවරණයට තරඟ කළ අනුරුද්ධ ලංකා ජයරත්න අග්‍රමාත්‍ය දී.මූ. ජයරත්න මහතාගේ පුත්‍රයාය, සාලින්ද බණ්ඩාර දිසානායක එස්.බී. දිසානායක ඇමතිවරයාගේ සහෝදරයාය, ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතාගේ පුත්‍රයා ද අපේක්ෂකයන් අතර විය. මධ්‍යම පළාත් සභාවට තරඟ වැදුණු පරාක්‍රම දිසානායක ප්‍රවාහන නියෝජ්‍ය ඇමති රෝහණ දිසානායකගේ සොහොයුරෙකි, චින්තන ඒකනායක අමාත්‍ය නන්දිමිත්ර ඒකනායක මහතාගේ පුත්‍රයායි. එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරන ජ්‍යේෂ්ඨ දේශපාලනඥයෙකු වන ඇලික් අලූවිහාරේ මහතාගේ පුත් රංජිත් අලූවිහාරේ එක්සත් ජාතික පක්ෂයෙන් මෙවර මධ්‍යම පළාතට තර`ග කරන ලද අතර අභාවප්‍රාප්ත හිටපු කෘෂිකර්ම ඇමති විෙඡ්රත්න බණ්ඩාරගේ පුතාවන සංජීව කවිරත්න මහතා මෙන්ම බෑණාවන රෝහණ බණ්ඩාරනායක ද මෙවර පළාත් සභාවට තරඟ කරන ලදි. දේශපාලන ප්රබලයෙකු වූ සරත් කෝන්ගහගේ බිරිඳ ශාන්තිනී කෝන්ගහගේ සහ ගාමිණි දිසානායකගේ පුත් මයන්ත දිසානායකද මෙවර මධ්‍යම පළාත් සභාවට තර`ග කරන ලදි.

මේ ආදී ලෙසින් පැවති පළාත් සභා සහ ප්‍රාදේශීය සභා මැතිවරණ කිහිපයේදීමත් පැවැත්වීමට නියමිත බස්නාහිර සහ දකුණු පළාත් සභා මැතිවරණ තුළත් බහුතරයක් වූ අපේක්ෂකයන් ලෙසින් නාමයෝජනා හිමිවී ඇත්තේ දේශපාලන පවුල්වල සාමාජික පුද්ගලයන්ටය. නිදසුන් වශයෙන් සෙනාල් වෙල්ගම, හිරුණිකා පේ‍්‍රමචන්ද්‍ර, ඉසුරු දොඩංගොඩ, කාවින්ද ජයවර්ධන, කාංචන විෙඡ්සේකර, චතුර ගලප්පත්ති, මල්ෂා කුමාරතුංග, පසඳ යාපා අබේගුණවර්ධන, තාරක නානයක්කාර, රන්දිම ගමගේ, අසේල ද සිල්වා, දුල්ශාන් කාරියවසම්, M.K. කසුන්, සංජීව කරුණාතිලක ආදී අපේක්ෂකයන් දැක්විය හැක.

පවතින දේශපාලන ක්‍රමය තුළ ප්‍රභල දේශපාලනඥයින් සිය පවුලේ පරම්පරා කිහිපයක සාමාජිකයින් මැතිවරණ අපේක්ෂකයින් ලෙස ඉදිරිපත් කරමින් ජයග්‍රහණය අත්කරදීමට කටයුතු කරයි. ඒ සඳහා ඔවුන් තමන් සතු රාජ්‍ය බලය මෙන්ම මූල්‍යමය ශක්තියද ප්‍රයෝජනය ගනු ලබන නිසාවෙන් සාමාන්‍ය අපේක්ෂකයෙකු හට ජනතා නියෝජිතයෙකු ලෙසින් සමාජය තුළ මතුවීමට ඇති ඉඩකඩ සීමාවේ.

පවුල්වාදී දේශපාලනය ක්‍රමය තුළ අතීතයේදී දැවැන්ත දේශපාලන ප්රතිරූපයන් බිහිවිය. එය වර්තමානයටද පොදු තත්ත්වයකි. නමුත්, පාලන බලය හැසිරවීමේ ප්‍රායෝගික දැනුමකින් තොර නියෝජිතයන් රටේ පාලන බලය අතට ගැනීමේ අවධානමක්ද පවුල්වාදී දේශපාලනය හරහාම ඇති වෙමින් පවතී. සාමාන්‍ය පවුලකින් පැවත එන නිසි සුදුසුකම් සහිත අපේක්ෂකයෙකුට මේ හරහා අවස්ථාව නොලැබීමට වැඩි ඉඩකඩක් ඇත. එය සැබෑ ප්රජාතන්ත්රවාදී කි‍්‍රයාකාරීත්වයට තර්ජනයකි.

මෙම ලිපිය 2014 මාර්තු 17 වනදා 'දිවයින' පුවත්පතෙහි 'එතෙර හා මෙතෙර පවුල් දේශපාලනය' නමින් පළවිය.

[QUOTE="Pissu_Matta, post: 19794679, member: 556347"] [b]පවුල්වාදයේ හවුල්වාදය[/b] [CENTER][SIZE="6"]පවුල්වාදයේ හවුල්වාදය[/SIZE] [IMG]http://2.bp.blogspot.com/-_QCScIDY6Oc/U274TdubmmI/AAAAAAAAAkI/d1pSYVFqR4o/s1600/korea.jpg[/IMG] [SIZE="4"]1948 වර්ෂයේ දී කොරියානු අර්ධද්වීපය දෙකඩ කරමින් කොරියානු ප්රජාතන්ත්රවාදී මහජන සමූහාණ්ඩුව හෙවත් උතුරු කොරියාව බිහිවුයේ කිම් ඉල් සුන්ග් එරට උත්තරීතර නායකයා ලෙසින් පත්වෙමිනි. මුල් කාලීනව ප්‍රබල අගමැතිවරයෙකුවූ මොහු පසුකාලීනව එරට ජනාධිපතිවරයා බවට පත්විය. වසර 56 ක් ඉතා දැඩි පාලන රටාවක් ගෙන ගිය කිම් ඉල් සුන්ග් ජනාධිපතිධූරයේ කටයුතු කරමින් සිටින අතරතුරදීම මියගිය අතර ඔහුගෙන් පසුව ඔහුගේ පුත් කිම් ජොන්ග් ඉල් උතුරු කොරියාවේ උත්තරීතර නායකත්වයට පත්වේ. කිම් ජොන්ග් ඉල් වසර 17 ක් එරට පාලන බලය ගෙන ගිය අතර ඔහුගේ ඇවෑමෙන් පසුව 2011 වර්ෂයේදී ඔහුගේ පුත් කිම් ජොන්ග් උන් උතුරු කොරියානු සමූහාණ්ඩුවේ උත්තරීතර නායකයා වශයෙන් ප්‍රථම වතාවට පත්විය. ඔහුගේ පාලනය යටතේ පැවති ප්‍රථම ජාතික මැතිවරණය ඉකුත් මාර්තු මස 09 වන දින පැවැත්වුණේ එරට ඉහළම දේශපාලන තනතුරට නැවත වතාවක් පත්වීමට අවශ්‍ය ඡන්ද ප්‍රමාණය කිම් ජොන්ග් උන් වෙත හිමිකර දෙමිනි. පුරා දශක 06 කට අධික කාලයක් පිය-පුතු-මුණුබුරු පාලනය ගෙන ගිය උතුරු කොරියානු සමූහාණ්ඩු රාජ්‍යය පවුල්වාදී දේශපාලන රටාවට ප්‍රබල උදාහරණයක් වශයෙන් හඳුනා ගත හැකිය. පවුල්වාදී දේශපාලනය ලෝක දේශපාලනය තුළ මෙන්ම ලාංකීය දේශපාලනය තුළ ද ශතවර්ෂ ගණනාවක සිට පැවත එන සංකල්පයකි. ලේ උරුමය මත හෝ විවාහ සබඳතා මත හෝ ඇතිවන ඥාතීත්වය දේශපාලනය තුළ විශේෂ සුදුසුකමක් ලෙස සලකමින් පාලන බලය මෙහෙයවීමට අවස්ථාව සලසා ගැනීම පවුල්වාදී දේශපාලනය ලෙස හඳුනා ගත හැකිය. ඉංගී්රසි භාෂාවෙන් පවුල්වාදී දේශපාලනය යන්න Dynastic Politics යන නමින් හඳුන්වනු ලැබේ. පූර්වගාමී දේශපාලනඥයෙකු තමන්ගේ අනුක්රමයෙන් දේශපාලන ගමන්මගට නව නියෝජිතයෙකු ලෙස පත්වීමට තම පවුලේ සාමාජිකයන්ට අවස්ථා ලබා දීමේ කි‍්‍රයාවලිය Dynastic Politics හෙවත් පවුල්වාදී දේශපාලනය ලෙසින් විකිපීඩියා විශ්වකෝෂය තුළ නිර්වචනයව ඇත. [IMG]http://1.bp.blogspot.com/-rfJI57UxxZA/U274pLH1P2I/AAAAAAAAAkY/Qo_aJ0eD7vg/s1600/Untitled-2.png[/IMG] Dynastic Politics යනු බලය සංකේන්ද්‍රගත වූ පවුල් විසින් තමන් සතු බලය හැසිරවීමට තම පවුලේ අනෙකුත් සාමාජිකයන්ට ඉඩකඩ සපයා දීම වේ, එසේම පවුල්වාදී දේශපාලනය යනු ඈත ඉතිහාසයේ පටන්ම බලසම්පන්න පවුල් තුළ නිරන්තරයෙන් දක්නට ලැබුණු බල හුවමාරු ක්රමවේදයකි. පවුල්වාදී රාජ්‍ය පාලනය ලෝක ඉතිහාසයේ පළමු වරට ඇතිවුනා යැයි සැලකෙන්නේ 14 වන සියවසේදී පමණය. රාජකීය පවුල් හා රාජාණ්ඩු පාලන තන්ත්රයන්ගෙන් සැකසුණු සමාජයේ රාජ්‍ය ලේ උරුමයට රාජ්‍යත්වය හිමිවීම චාරිත්‍රයක් ලෙස කි‍්‍රයාත්මක විය. රාජ රුධිර නාලිකා තර්කය මත හිඳිමින් ඉංගී්රසි, ප්‍රංශ, මෝගල්, තායි, පෝලන්ත, පේරු රාජ්‍යයන්වල රාජ්‍ය කුමාර කුමාරිකාවන් රාජ්‍යත්වයට පත්වූයේ ඔටුන්නට උරුමකම් කියමිනි. රජ කෙනෙකුගෙන් පසුව ඔහුගේ පුතෙකු හෝ සහෝදරයෙකු රජවීම හා රාජ්‍ය බලය ලැබූවෙකු ඥාතීත්වයට හා පරිවාර ඥාතීන්ට තනතුරු ප්‍රධානය කිරීම එකී සමාජයේ සුවිශේෂ ලක්ෂණයන් විය. චීනය තුළ වසර 300 ගණනක් පුරා විහිදුණු පවුල් පාලන ධූරාවලි දැකගත හැකිවේ. මධ්‍යතන යුගයේ පල්ලියෙහි පාප්වහන්සේ සහ බිෂෝප්වරු පත් කිරීම ඥාතීත්වය මූලික කරගෙන සිදුකෙරුණු අතර අතර එය පාප් පෙළපත ලෙසින් හඳුන්වයි. පාලන බලය පවුල වටා සංකේන්ද්‍රගත වීමත් ඒ ඔස්සේ විශ්වාසනීය පරිපාලන ක්‍රමවේදයක් ගෙන යාමත් එහි මූලික අරමුණ විය. නමුදු පසුකාලීනව ප්‍රජාතන්ත්‍රවදී දේශපාලන ක්‍රමවේදයේ මතුවීම හමුවේ බල අපහරණය, අසාධාරණය, හා දණ්ඩ මුක්තිය රජයන දේශපාලන ක්‍රමවේදයක් වශයෙන්ද පවුල්වාදී දේශපාලනය ඉස්මතු විය. මෙහිදී ලෝක දේශපාලනය තුළ වර්තමානයේ පවා පවුල් දේශපාලනය දක්නට ලැබීම අවධානය යොමු කළ යුතු කරුණකි. සුපිරි ප්රජාතන්ත්රවාදය පවතින එක්සත් ජනපදයේ පවා පිය-පුතු ජනාධිපතිවරුන් රට පාලනය කර තිබේ. කෙනඩි පවුල, බුෂ් පවුල සහ ක්ලින්ටන් පවුල ඇමරිකාව තුළ දක්නට ලැබෙන ප්‍රබල දේශපාලන පවුල් වේ. [IMG]http://4.bp.blogspot.com/-dxNNhwIkJNY/U2741W2hNSI/AAAAAAAAAkg/uwRtqs7-m3k/s1600/Kennedy_bros.jpg[/IMG] ඉන්දියාවේ ගාන්ධි-නේරු පවුල් පාලනය ප්රජාතන්ත්රවාදී ලෝකයේ කි‍්‍රයාත්මක පැරණිතම පවුල්වාදී දේශපාලනය ලෙසින් හැඳින්විය හැක. එකම පවුලේ පියා-දියණිය-මුණුබුරා යන තිදෙනාම රාජ්‍ය පාලනයේ ප්‍රධානත්වය දැරූ ලොව එකම උදාහරණය ඉන්දියාවෙන් හමුවේ - ඒ ජවහර්ලාල් නේරු, ඉන්දිරා ගාන්ධි සහ රජිව් ගාන්ධි යන අගමැතිවරුන්ය. නිදහස ලැබීමෙන් පසු වසර 66 ක ඉතිහාසය තුළ වසර 50 කට ආසන්න කාලයක් පුරා ඉන්දියාව පාලනය කිරීමට එමගින් ගාන්ධි-නේරු පවුල් සමත් විය. [IMG]http://4.bp.blogspot.com/-JFOd0tiEIus/U2748iK5nAI/AAAAAAAAAko/FmtlUGCAQTM/s1600/gandhi.jpg[/IMG] පූර්වගාමී දේශපාලන ප්‍රබලයින් කෙරෙහි තිබූ විශ්වාසය හා ඔවුන් කෙරෙහි පැවති ආකල්පය දේශපාලන පවුලකින් පැවත එන නවක නියෝජිතයන් කෙරෙහි තීන්දු තීරණ ගැනීමේදී සාමාන්‍ය ජනතාවට සෘජුවම බලපානු ලබන බව දේශපාලන විද්‍යාඥයින් හා මනෝ විද්‍යාඥයින් විසින් පෙන්වා දෙනු ලැබේ. නුපුරුදු නියෝජිතයෙකු කෙරෙහි විශ්වාසය තබනවාට වඩා දේශපාලන පවුලකට නෑකම් කියන නියෝජිතයෙකු කෙරෙහි විශ්වාසය තැබීමට අවිඥාණිකව ඔවුන්ගේ මනස සැකසෙන බව මනෝවිද්‍යාඥයෝ තවදුරටත් පැහැදිලි කරති. රුසියාවේ ජනාධිපති විලැඩිමියර් පූටින් තම රජය මුල සිටම මෙහෙයවන ලද්දේ සිය පවුලේ සාමාජිකයන් මූලික කරගනිමිනි. ඇනටෝල් පර්සියා කෝප් නමැති අගමැතිගේ බෑණා සිය ඥාතී සබන්ධතාවය නිසා තමන් එතෙක් දැරූ තනතුරෙන් ඉල්ලා අස්වීමට ගියද පූටින් එම ලිපිය භාර නොගත්තේය. බල ශක්ති ඇමති වික්ටර් ක්රිබස් වෙන්කෝ, සෞඛ්‍ය ඇමතිණිය වූ තත්යානා ගොලිකෝවාගේ ස්වාමිපුරුෂයාය. ආරක්ෂක ඇමතිවරයාගේ පුතා විවාහවී සිටින්නේ කෝරසමිලීන් ප්‍රදේශයේ නියෝජ්‍ය ඇමතිවරයාගේ දියණිය සමගය. මේ ආදී ලෙසින් රුසියානු පාලන තන්ත්රය තුළ පූටින්ගේ බල අධිකාරිය වටා 35 ආකාරයක ඥාති සබඳතා ජාලයක් පැහැදිලිවම හඳුනා ගත හැකිය. ප්‍රංශයේ නිකොලස් සාකෝසි ජනාධිපතිවීමට පෙර බටහිරදිග ප්‍රංශයේ නිවුලි සුර් සෙයිනේ නම් ප්‍රදේශයේ ආණ්ඩුකාරවරයා ලෙස කටයුතු කළේය. ජනාධිපතිධූරයට පත් වීමෙන් අනතුරුව එම දිස්ත්‍රික් මැතිවරණයට ඉදිරිපත්වූ මුල් අපේක්ෂකයෙකු මැතිවරණ ව්‍යාපාරයෙන් ඉවත් කර ඒ හරහා තම පුත් ජීන් සාකෝසිට මැතිවරණයට තර`ගවැදීම සඳහා අවස්ථාවක් ලබා දීමට නිකොලස් සාකෝසි විසින් උත්සාහ කරන ලදි. මෙම සිදුවීම එකල ප්‍රංශය තුළ මහත් ආන්දෝලනයට ලක් විය. [IMG]http://3.bp.blogspot.com/-fz_eg2slfVE/U275DDJqzYI/AAAAAAAAAkw/JtmWtLt-uEE/s1600/nicko.jpg[/IMG] 1970 දශකයේ මුල් භාගය තුළ පාකිස්ථානයේ අගමැතිධූරය දැරූ, පාකිස්ථාන් ජනතා පක්ෂයේ නිර්මාතෘවරයා වූ සුල්ෆිකර් අලී බූතෝගේ දියණිය බෙනාසීර් භූතෝ ද පසුකාලීනව ජනතා පක්ෂය නියෝජනය කරමින් දේශපාලනයට පිවිසුණි. ඇය පාකිස්ථානයේ 11 වන අගමැතිවරිය ලෙස වසර ගණනාවක් එරට පාලන බලය හසුරුවන ලදි. කි‍්‍රයාකාරී දේශපාලනයට සිය සැමියා වූ අසීෆ් අල් සර්දාරිවද සම්බන්ධ කරගන්නට බෙනාසීර් භූතෝ කටයුතු කළේ පාකිස්ථානු ජනතා පක්ෂයේ සභාපතීත්වය ඔහුට පවරමිනි. බෙනාසීර් භූතෝගේ ඝාතනයත් සමග අල් සර්දාරි පාකිස්ථානයේ 11 වන ජනාධිපතිවරයා බවට පත්වූ අතර සිය පුත් බිලාවල් භූතෝ සර්දාරි තම පක්ෂයේ නව සභාපතිවරයා ලෙස පත් කරන්නට අල් සර්දාරි කටයුතු කළේය. මාලදිවයින් රජයේ හිටපු ජනාධිපති අබ්දුල් ගයුම් තම රජයේ කැබිනට් මණ්ඩලය තුළ සහෝදරයන් 13 දෙනෙකුට ඉඩකඩ සලසන ලද අතර ඊට අමතරව මස්සිනාවරුන්ට සහ සිය පාසැල් සගයන්ටද දේශපාලන නිලතල ලබා දෙන්නට ඔහු කටයුතු කළේය. බංග්ලාදේශයේ සමාරම්භක නායකයා වූ ශෙයික් මුජිබර් රහ්මන්ගේ දියණිය වන ශෙයික් හසීනා බංග්ලාදේශයේ වර්තමාන අගමැතිනිය ලෙසින් කටයුතු කරයි. ශෙයික් මුජිබර් රහ්මන්ගේ පාලනය බිඳ දැමීමට හමුදා කුමන්ත්‍රණයක් සිදු කර බලය අත්පත් කරගත් ෂියා උර් රහ්මන්ගේ බිරිඳ කලීඩා ෂියා බංග්ලාදේශයේ වර්තමාන විපක්ෂ නායිකාව වේ. ඒ අනුව, පවුල් පසුබිම හරහා දේශපාලනයට පිවිසි කාන්තාවන් දෙදෙනෙකු එකම රටක ආණ්ඩු සහ විපක්ෂ දේශපාලන කි‍්‍රයාකාරීත්වය තුළ එදිරිවාදී භුමිකාවන් නියෝජනය කරන ලෝක දේශපාලනයේ සුවිශේෂී නිදසුන බංග්ලාදේශයයි. ලාංකීය දේශපාලන ගමන් මග පුරා පවුල්වාදී දේශපාලන ලක්ෂණ බොහෝ ලෙසින් දැකගැනීමට හැකිවේ. දේශපාලනමය අර්බුද හා දේශපාලන ඝාතන හමුවේ එයට විකල්පයක් ලෙසින් එම පවුලේම නියෝජිතයෙකුට අවස්ථාව ලබාදීම ලාංකීය දේශපාලනය තුළ සිරිතක් ලෙසින් පැවත ආ ලක්ෂණයකි. උදාහරණයක් ලෙසින් S.W.R.D බණ්ඩාරනායක මහතාගේ ඝාතනයෙන් පසු සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණිය අගමැති ලෙසින් පත්විය. සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණියගේ පාලන සමය තුළ ඇගේ පවුලේ ඥාතීන් පාලන තන්ත්රයේ නොයෙක් තනතුරුවලට සම්බන්ධව කටයුතු කිරීම සුලබ දසුනක් විය. රටේ පාලනය නිවැරදිව ගෙනයාමට අවශ්‍ය ශක්තිමත් දේශපාලනමය බලය හා විශ්වාසනීයත්වය ගොඩනගා ගැනීම එමගින් ඇය බලාපොරොත්තු වූවාය. [IMG]http://3.bp.blogspot.com/-bT3ya2l_0v0/U275KmoBgqI/AAAAAAAAAk4/q1oUpmrDrqI/s1600/Untitled-1.jpg[/IMG] 1931 ලංකාවේ ඩොනමෝර් ආණ්ඩුක්‍රම ව්‍යස්ථාව යටතේ ස්ථාපිත කරන ලද ව්‍යවස්ථාදායකය වූ රාජ්‍ය මණ්ත්‍රණ සභාවේ ප්‍රධානයා වූ ෆ්‍රැන්සිස් මොලමුරේ කථානායකතුමන් හා ඔහුගේ බිරිඳ ඇඞ්ලින් මොලමුරේ ආර්යාව ශී‍්‍ර ලාංකීය පවුල්වාදී දේශපාලන ඉතිහාසයේ මුල් කාලීන නිදසුනකි. සිංහල වැඩවසම් රදළ පවුලකින් පැවත ආ ඔවූහූ පසුකාලීන ප්‍රබල දේශපාලන කි්රයාකාරීකයන් බවට පත් වූහ. ඉන් පසුව, මතුවූ ගුණවර්ධන පවුල, සේනානායක පවුල, බණ්ඩාරනායක පවුල ආදී දේශපාලන පවුල් පරම්පරා කිහිපයක්ම රටේ බලය හැසිරවීමට කි‍්‍රයාකාරීව කටයුතු කළේය. සමාජ විද්‍යාත්මක විග්රහයට අනුව පවුල නමැති ඒකකය න්‍යෂ්ටිමය පවුල (Nuclear Family) සහ ව්‍යාප්තවාදී පවුල (Extended Family) වශයෙන් ආකාර දෙකකින් හඳුනා ගත හැක. මෙම සංකල්පයම පවුල්වාදී දේශපාලනයට අදාළ කරගතහොත් න්‍යෂ්ටිමය පවුල් දේශපාලනය සහ ව්‍යාප්තවාදී පවුල් දේශපාලනය යනුවෙන් ආකාර දෙකක් දැක්විය හැක. න්ගඍග ජයවර්ධන සහ රණසිංහ පේ‍්‍රමදාස වැන්නන්ගේ දේශපාලන කි‍්‍රයාකාරීත්වය තුළට හුදෙක් ඔවුන්ගේ පවුලේ සාමාජිකයක් පමණක් සහභාගී කරගන්නා ලද අතර එය න්‍යෂ්ටිමය පවුල් දේශපාලනයට (Nuclear Family politics) ප්‍රබල නිදසුනකි. සේනානායක, බණ්ඩාරනායක හා රාජපක්ෂ පවුල් දේශපාලනය තුළ සහෝදර සහෝදරියන් මෙන්ම පරම්පරාවන් කිහිපයක ඥාතීන්ගේ සහභාගීත්වය දැකිය හැකි හෙයින් ඒවා ව්‍යාප්තවාදී පවුල් දේශපාලනයට (Extended Family politics) නිදසුන්ය. ඉන්දියාවේ ගාන්ධි-නේරු පවුල පවුල්වාදී දේශපාලනය පිළිබඳ කෙරෙන අධ්‍යනයන්හිදී සුලබව කතා කෙරෙන දේශපාලන පවුලක් ලෙසින් හඳුනාගත හැක. ඒ හා සමානවම අවධානයට ලක්වන දේශපාලන පවුලක් ලෙස ශී‍්‍ර ලංකාවේ බණ්ඩාරනායක පවුල හැඳින්විය හැක. බණ්ඩාරනායක පවුලේ කි‍්‍රයාකාරී දේශපාලනයේ ආරම්භකයා ලෙසින් ීගඋගඍගෘ බණ්ඩාරනායක මහතා හඳුනාගත හැකි අතර එතුමා 1956 පෙරැුළියත් සමග මෙරට අග්‍රාමාත්‍ය ධූරයට පත්විණි. බණ්ඩාරනායක මහතා ඝාතනය වීමෙන් අනතුරුව ඔහුගේ බිරිඳ සිරිමාවෝ බණ්ඩාරනායක මහත්මියගේ කි‍්‍රයාකාරී දේශපාලන ආගමනය සිදුවන අතර ඇය 1960 දී ශී‍්‍ර ලංකා අග්‍රමාත්‍ය ධූරයට පත්වනුයේ එවැනි තත්ත්වයකට පැමිණි ලොව ප්‍රථම කාන්තාව වශයෙනි. මේ දෙපළගේ දියණිය වන චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග බස්නාහිර පළාත් මහ ඇමති ධූරයේද, මෙරට අග්‍රමාත්‍ය ධූරයේද කටයුතු කරන ලද අතර 1994 සිට 2005 තෙක් මෙරට විධායක ජනාධිපතිවරිය වශයෙන්ද ඈ කටයුතු කළාය. ඇගේ පාලන සමයේ මුල් කාලය තුළ ඇගේ මව - සිරිමාවෝ බණ්ඩාරනායක මෙරට අගමැතිණිය වශයෙන් කටයුතු කළා මෙන්ම ඇගේ සහෝදරයා වූ අනුර බණ්ඩාරනායක එක්සත් ජාතික පක්ෂයෙන් පාර්ලිමේන්තුවට තේරී පත්ව ශී‍්‍ර ලංකා පාර්ලිමේන්තුවේ කතානායකවරයා වශයෙන් කටයුතු කළේය. මෑත කාලීන ලාංකීය දේශපාලනය තුළද පවුල්වාදී දේශපාලන ලක්ෂණ හඳුනා ගත හැකවීම විශේෂිත කරුණකි. රාජපක්ෂ දේශපාලනය මේ සඳහා ප්රමුඛ නිදසුනකි. 1936 දී දොන් මැතිව් රාජපක්ෂ මහතා එවකට පැවති රාජ්‍ය මන්ත්‍රණ සභාවට තේරී පත්වීමෙන් ඇරැඹි රාජපක්ෂ පවුල් දේශපාලනය D.M. රාජපක්ෂ, D.A. රාජපක්ෂ, ජෝර්ඡ් රාජපක්ෂ ආදීන් හරහා අද වනවිට වර්තමාන ජනාධිපති මහින්ද රාජපක්ෂ, ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ, ආර්ථික සංවර්ධන අමාත්‍ය හා ජනාධිපති උපදේශක බැසිල් රාජපක්ෂ, කතානායක චමල් රාජපක්ෂ ආදීන් මෙන්ම ඌව මහ ඇමති ශෂීන්ද්‍ර රාජපක්ෂ සහ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ දක්වාම විහිදී ඇත. මෙරට පවුල්වාදී දේශපාලනයෙහි හටගෙන ඇති නව ප්‍රවණතාවයක් නම් ජාතික දේශපාලනයේ ප්‍රබල පුද්ගලයන්ගේ දරුවන්, සහෝදර සහෝදරියන් හෝ පවුලේ සෙසු ඥාතීන් ප්‍රාදේශීය හා පළාත් සභා දේශපාලනයට පැමිණිමේ වර්ධනීය තත්ත්වයක් ඇතිව තිබීමයි. අතීතයේ පවුල්වාදී දේශපාලනය තුළ කිසියම් දේශපාලන පවුලකින් නව සාමාජිකයන් දේශපාලනයට පිවිසීම කාලානුරූපීව සහ සමාජ අවශ්‍යතාමත සිදුවූවත් වර්තමානයේ සිදුවෙමින් පවතිනුයේ ප්‍රබල දේශපාලඥයින් පාලන බලයේ රැඳී සිටින අතරම රාජ්‍ය බලය හා රාජ්‍ය සම්පත් යොදා ගනිමින් පවුලේ සෙසු සාමාජිකයන්ට කෘතීම ලෙස දේශපාලන පරිසරයක් තනාදීමයි. ශී‍්‍ර ලංකාවේ මෑතකාලීනව පැවති පළාත් සභා මැතිවරණ කිහිපයේදීම නාමයෝජනා ලබා දුන් නව දේශපාලන අපේක්ෂකයන්ගෙන් බහුතරයක් දැනට දේශපාලනයේ නියැළී සිටින මැති ඇමතිවරුන්ගේ පවුලේ සාමාජිකයන් වීම තුළ ඉහත කාරණය ප්‍රත්‍යක්ෂවේ. ශී‍්‍ර ලංකාව තුළ පළාත් සභා මැතිවරණයක් පැවැත්වීමට මූලික අරමුණ වූයේ සුළු ජාතිකයන් ඇතුළු සමාජයේ සෑම ස්ථරයක්ම නියෝජනය කරන නියෝජිතයන් හට පාලන බලය හැසිරවීමට අවස්ථාව හිමිකරදීමයි. නමුත් මෙම නව ප්‍රවණතාව හමුවේ පළාත් සභා මැතිවරණ තුළ එකී මූලික අරමුණ ඉටු වන්නේද යන්න ගැටළුවකි. පසුගියදා පැවති මධ්‍යම පළාත් සභා මැතිවරණයේදී දේශපාලන පක්ෂයන්ගෙන් ඉදිරිපත් වූ නියෝජිතයන් පිළිබඳව සලකා බැලීමේදී පවුල්වාදී දේශපාලන ලක්ෂණ සෑම තැනකම දක්නට ලැබිණි. නිදසුන් ලෙස මධ්‍යම පළාත් සභා මැතිවරණයට තරඟ කළ අනුරුද්ධ ලංකා ජයරත්න අග්‍රමාත්‍ය දී.මූ. ජයරත්න මහතාගේ පුත්‍රයාය, සාලින්ද බණ්ඩාර දිසානායක එස්.බී. දිසානායක ඇමතිවරයාගේ සහෝදරයාය, ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතාගේ පුත්‍රයා ද අපේක්ෂකයන් අතර විය. මධ්‍යම පළාත් සභාවට තරඟ වැදුණු පරාක්‍රම දිසානායක ප්‍රවාහන නියෝජ්‍ය ඇමති රෝහණ දිසානායකගේ සොහොයුරෙකි, චින්තන ඒකනායක අමාත්‍ය නන්දිමිත්ර ඒකනායක මහතාගේ පුත්‍රයායි. එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරන ජ්‍යේෂ්ඨ දේශපාලනඥයෙකු වන ඇලික් අලූවිහාරේ මහතාගේ පුත් රංජිත් අලූවිහාරේ එක්සත් ජාතික පක්ෂයෙන් මෙවර මධ්‍යම පළාතට තර`ග කරන ලද අතර අභාවප්‍රාප්ත හිටපු කෘෂිකර්ම ඇමති විෙඡ්රත්න බණ්ඩාරගේ පුතාවන සංජීව කවිරත්න මහතා මෙන්ම බෑණාවන රෝහණ බණ්ඩාරනායක ද මෙවර පළාත් සභාවට තරඟ කරන ලදි. දේශපාලන ප්රබලයෙකු වූ සරත් කෝන්ගහගේ බිරිඳ ශාන්තිනී කෝන්ගහගේ සහ ගාමිණි දිසානායකගේ පුත් මයන්ත දිසානායකද මෙවර මධ්‍යම පළාත් සභාවට තර`ග කරන ලදි. මේ ආදී ලෙසින් පැවති පළාත් සභා සහ ප්‍රාදේශීය සභා මැතිවරණ කිහිපයේදීමත් පැවැත්වීමට නියමිත බස්නාහිර සහ දකුණු පළාත් සභා මැතිවරණ තුළත් බහුතරයක් වූ අපේක්ෂකයන් ලෙසින් නාමයෝජනා හිමිවී ඇත්තේ දේශපාලන පවුල්වල සාමාජික පුද්ගලයන්ටය. නිදසුන් වශයෙන් සෙනාල් වෙල්ගම, හිරුණිකා පේ‍්‍රමචන්ද්‍ර, ඉසුරු දොඩංගොඩ, කාවින්ද ජයවර්ධන, කාංචන විෙඡ්සේකර, චතුර ගලප්පත්ති, මල්ෂා කුමාරතුංග, පසඳ යාපා අබේගුණවර්ධන, තාරක නානයක්කාර, රන්දිම ගමගේ, අසේල ද සිල්වා, දුල්ශාන් කාරියවසම්, M.K. කසුන්, සංජීව කරුණාතිලක ආදී අපේක්ෂකයන් දැක්විය හැක. පවතින දේශපාලන ක්‍රමය තුළ ප්‍රභල දේශපාලනඥයින් සිය පවුලේ පරම්පරා කිහිපයක සාමාජිකයින් මැතිවරණ අපේක්ෂකයින් ලෙස ඉදිරිපත් කරමින් ජයග්‍රහණය අත්කරදීමට කටයුතු කරයි. ඒ සඳහා ඔවුන් තමන් සතු රාජ්‍ය බලය මෙන්ම මූල්‍යමය ශක්තියද ප්‍රයෝජනය ගනු ලබන නිසාවෙන් සාමාන්‍ය අපේක්ෂකයෙකු හට ජනතා නියෝජිතයෙකු ලෙසින් සමාජය තුළ මතුවීමට ඇති ඉඩකඩ සීමාවේ. පවුල්වාදී දේශපාලනය ක්‍රමය තුළ අතීතයේදී දැවැන්ත දේශපාලන ප්රතිරූපයන් බිහිවිය. එය වර්තමානයටද පොදු තත්ත්වයකි. නමුත්, පාලන බලය හැසිරවීමේ ප්‍රායෝගික දැනුමකින් තොර නියෝජිතයන් රටේ පාලන බලය අතට ගැනීමේ අවධානමක්ද පවුල්වාදී දේශපාලනය හරහාම ඇති වෙමින් පවතී. සාමාන්‍ය පවුලකින් පැවත එන නිසි සුදුසුකම් සහිත අපේක්ෂකයෙකුට මේ හරහා අවස්ථාව නොලැබීමට වැඩි ඉඩකඩක් ඇත. එය සැබෑ ප්රජාතන්ත්රවාදී කි‍්‍රයාකාරීත්වයට තර්ජනයකි.[/SIZE] මෙම ලිපිය 2014 මාර්තු 17 වනදා 'දිවයින' පුවත්පතෙහි 'එතෙර හා මෙතෙර පවුල් දේශපාලනය' නමින් පළවිය. [/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom