Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Yesterday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Tuesday at 10:51 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
පවුල්_නසනා_මුදල්_රකුසා . . .
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පවුල්_නසනා_මුදල්_රකුසා . . .

පවුල් නසනා මුදල් රකුසා . . .

මුදල් හේතු කොටගෙන ආතතිය සහ ආරවුල් හටගැනීම ගොඩක් පවුල්වල දක්නට ලැබෙන දෙයක්. පුදුමය නම්, විවාහක යුවළක් අතර මුදල් පිළිබඳව ආරවුලක් හටගත්විට ඔවුන්ගේ වාදයන් නොසිතූ විරූ අතීත සිද්ධි හා සැසඳී සැබැවින්ම වෙනත් ස්වරූපයකින් ඉස්මතු වීම යි. මේ තත්වය බොහෝ විවාහ ජීවිත වලට දැඩි බලපෑමක් එල්ල කිරීමට සමත් වී ඇති බව මේ පිළිබඳ සිදු කළ සමීක්ෂණ වලින් අනාවරණය වී තිබෙනවා.

‘‘ඔහෙගෙ මහ උන්දැල දෙනවයි කිව්ව දෑවැද්ද දුන්න නං මේ ටික වෙන්නෙ නෑ… ඔය මූණට රැවටිලා මට ඒක කරගන්න බැරිවුනානෙ…!”

‘‘ඒ කාලෙ කොහොම ද කිව්වෙ…! යන්නෙ කාර් වලින්, කන්නෙ හෝටල් වලින්…, අන්තිමට මම යි රැවටුනේ… දැන් කන්න කියල කිසි ම දෙයක් ගේ ඇතුලෙ නෑ… මේව හෙණ ගහන අපරාධ මනුස්සයෝ….!”

මේ නිවසක් තුළින් අසල්වැසි ගෙවල් දෙක තුනක් දක්වා වුව පැතිරිය හැකි අවලාදයන්ගෙන් දෙකක් පමණ යි. මේ සෑම ආරවුලක් ම මුදල් අගහිඟකම් මුල් කරගෙන හට ගන්නා බව පැහැදිලි කරුණක්.

මුදල් හා සම්බන්ධ පවුල්-අවුල් තවත් ආකාර කිහිපයකින් දැකිය හැකියි. මේ අතර මූලිකත්වය ගැනීම (බලය) පිළිබඳ ගැටුම්, තම තමන් අගය කරන දේවල්වල වෙනස්කම්, හෝ වෙනත් මුදල් හා සම්බන්ධ යම් කරුණක් ප්‍රධාන විය හැකි බව මෙම සමීක්ෂණ වාර්තාව පෙන්වා දෙනවා.

බල-අවුල

ධනය සහ බලය යන්න බොහෝ විට සමාන්තර මාර්ගයක් ඔස්සේ පවතින දෙයක්. නිවසක ගෘහමූලික වූ සැමියාගේ වැටුපට වඩා භාර්යාවගේ වැටුප සරු නම්, ඇතැම් අවස්ථා වල දී භාර්යාවගේ මුදල් පවා ස්වාමියාගේ කටයුතු වලට වියදම් කරයි නම්, ධනයේ සෙවණැල්ල සේ පවතින බලකාමය භාර්යාවගේ මනසට වැටීමට බොහෝ දුරට ඉඩකඩ තිබෙනවා.

ඇතැම් පවුල් වල ආරවුල් වල මූලය සොයා යාමේ දී, බිරිය විසින් සැමියා යටපත්කොට තම මුදලේ බලය පෙන්වා ඔහු ව පහත් කිරීම ම හේතු වී ඇති බව අපට දැනගන්නට ලැබී තිබෙනවා. ධනය මුල්කරගෙන ස්වාමියා යටපත් කිරීමේ දී, ඔහු ස්වභාවයෙන් ම ඉවසීමෙන් තොර පුද්ගලයෙකු නම්, බිරියත් එසේ නම්, එවන් විවාහ සබඳතා ඉතා ඉක්මණින් දෙදරා යා හැකියි.

ධන බලය හා සබැඳි ආරවුල් වලට මුල් වූ තවත් හේතුවක් ලෙස, ජීවත් වන නිවස ද හේතුවක් වූ අවස්ථා ගැන ඔබ අසා තිබෙනවා ද?

අවස්ථා කිහිපයක දී ම නිවසෙන් එලවා දැමීමත් සමග අවසන් වූ විවාහ සබදතා පිළිබඳ ව අපට බොහෝවිට අසන්නට ලැබෙනවා. මේ එළවා දැමීම් අතර බහුතරයක් ම භාර්යාවට අයිති නිවසේ ජීවත් වූ ස්වාමිවරුන් බවයි පෙනී යන්නේ. යම් හෙයකින් ජීවත් වන නිවස භාර්යාව සතු නම්, කල් යාමේ දී ඇතිවන ආරවුල් වල දී සෘජු ව ම භුක්තිය මුල්කරගෙන නිවසෙන් එලවා දැමීම් සිදුවිය හැකියි. එසේ නොවුව ද එම සංකල්පය නිසා නිවසේ ආධිපත්‍යය තමා සතු කරගැනීමට පෙළඹීම, සියුම් හෝ අමනාපකම් වලට මුලපුරන බවට සමාජයෙන් අසන්නට ලැබෙන සිදුවීම් සාක්ෂි දරනවා.

‘‘මේක මගේ ගෙදර…. මට ඕන විදියටයි මම ඉන්නෙ… ඔහෙට එපා නම් යන එකයි ඇත්තේ…!”

ඇඳුම්…ඇඳුම්…ඇඳුම්…

රුචි අරුචි කම්, මනාප අමනාප කම් යනාදිය පුද්ගලානුබද්ධ ආකල්ප අනුව වෙනස් වෙන දේවල්. මේ කාරණය අප හොඳින් තේරුම් ගත යුතු දෙයක්.

කාන්තාවන් ආභරණ, ඇඳුම්-පැළඳුම්, සුවඳ විලවුන් ආදියට, ආදරබර ටෙලිනාට්‍ය සහ චිත්‍රපට වලට සහ සුරංගනා පේ‍්‍රම කතා සහිත පුවත්පත් වලට දැඩි කැමැත්තක් දක්වන බව ප්‍රසිද්ධ කාරණයක්. නමුත් පිරිමින් ගේ ආකල්ප බොහෝ විට මීට වඩා වෙනස් ආකාරයකින් තමයි ඉස්මතු වන්නේ. ඔවුන් ආභරණ වලට, ආදරබර ටෙලිනාට්‍ය මෙන් ම චිත්‍රපට වලටත් සුරංගනා පේ‍්‍රම කතා සහිත පුවත්පත් වලටත් විශේෂ කැමැත්තක් නොදක්වන නමුත්, හොඳ වාහනයකට, විනෝද සාදයන් වලට, සංගීතයට, ක්‍රීඩාවට සහ ප්‍රවේගකාරී චිත්‍රපට වලට කැමැත්තක් දක්වන බව පෙනෙන්නට තිබෙනවා. මේ අනුව, ස්වාමියා කැමති දේට බිරිඳ අකමැති වීමත්, බිරිඳ කැමති දේට ස්වාමියා අකමැති වීමත් නිසා අර්බුධ අවස්ථාවක දී එවන් දෑ මුල් කරගෙන වාද විවාද ඇති කරගැනීම සුලභ ව දැකිය හැකි කරුණක්.

මේ රුචි අරුචි කම් වල වෙනස නිසා එක් අයෙකුගේ වියදමක් තවත් අයෙකුට නිශ්ඵල දෙයක් යැයි පෙනෙන්නට පුළුවන්.

‘‘මේ බලන්න, පෙරේදත් ඇඳුම් ගත්ත නේද? මොකද්ද මේකෙ තේරුම. මට හිඟාකන්නයි වෙන්නෙ මෙහෙම ගියොත්…!”

‘‘ඇයි අනේ…මම මොනව හරි ගත්තොත් තමයි ඔයාට වැරදි. ඔයාට පාටි දාන්නයි ක්‍රිකට් මැච් බලන්න යන්නයි වාහනේට කෑලි හයිකරන්නයි සල්ලි තියෙනවා. මම මේ ඉදල හිටල ඇඳුමක් දෙකක් ගත්තම ඔයා හිඟන්නෙක් වෙනවා….!”

‘‘ඒව එහෙම තමයි. මයි කාර් මයි පැට්‍රෝල්..”

මේ ගැටුම් වලට හේතුව, එකිනෙකාගේ රුචි අරුචි කම් තේරුම් නොගැනීම යි. සෑම විට ම විවාපත් වූ යුවලක් විසින් එකිනෙකාගේ රුචි අරුචිකම් වල විවිධත්වය පිළිබඳ ව අවබෝධයකින් සිටිය යුතු යි. එසේ නොසිටියහොත් මුදල් හා සම්බන්ධ මෙවන් ගැටුම් අවසාන වන්නේ තමාටත් තම සහකරුටත් කිසිදු යහපතක් සිදු නොවන ආකාරයට යි.

‘‘ඇයි අනේ එහෙම කියන්නේ… මම යනව ගෙදර… මට බෑ මේ ඔහෙත් එක්ක පවුල් කන්න…!”

කෝකටත් දෑවැද්ද…!

ආර්ථික අපහසුතා ඉස්මතු වන අවස්ථාවන් හි දී මානසික ආතතිය මුල්කරගෙන වාද විවාද ඇතිවන්නට පුලූවන්. ඇතැම් විට, මුදල් හා සම්බන්ධ නොවන වෙනත් ආරවුල්, අවසානයේ දී මුදල් මූලික කොටගත් වාද බවට පත් වී නිමා වන්නේ දෙදෙනාගේ ම මානසික වියවුල තව තවත් උත්සන්න කරවමින්.

‘‘මට කිඹුහුමක් ගියත් ඉතිං…ඔයාට මතක් වෙන්නෙ මගෙ දෑවැද්දනෙ…!” මෙවන් ප්‍රකාශ ඔබේ කණ වැකී තිබේ ද? මේ පිළිබඳ ව අප දැඩි අවධානයකින් සිටිය යුතු වන්නේ, ඇත්තෙන් ම ඔබ ඔබේ සහකාරිය හෝ සහකරුවා කුපිත කරවන්නේ පදනම් විරහිත හේතුවක් නිසා විය හැකි බැවිනි.

එක් අයෙකු තුල මුදල් නිසා මානසික ආතතියක් හටගත් විට ඔවුන් සාමාන්‍යයෙන් ඉවසීම අඩු සහ විශාල පීඩනයකින් පෙළෙන බව දකින්නට පුළුවන්. මේ හේතුවෙන් ඔවුන් නොදැනුවත්ව ම අනිත් සහකරුවා හෝ සහකාරිය සමඟ මුදල් වලට කිසිම සම්බන්දයක් නැති වෙනත් ආරවුල් වලට යොමු වීමේ ඉඩ කඩ තිබෙනවා. මේ තත්වය අනෙක් සහකරුට හෝ සහකාරියට දැඩි මානසික අවුලක් ඇතිකරවන්නක් විය හැකියි. ඇතැම් අවස්ථා වල ඔවුන් මත්පැන් පානයට පවා යොමු වෙන්නේ මේ මානසික වියවුල ඉවසා සිටිය නොහැකි නිසයි.

නමුත් මත්පැන් පානයෙන් සිහිමුලා වන ඔවුන් කිසිදු පාලනයකින් තොර ව තම මානසික වියවුල නිවසට පැමිණ පිට කරන්නේ ආරවුල් තත්වය දෙගුණ තෙගුණ කරවමින්. බීමත් ස්වාමියාගේ තාඩන පීඩන ඉවසාගත නොහැකි ව තම ස්වාමියා මරා දමන්නට පෙළඹුන බිරින්දෑවරු පවා අප සමාජය තුළ දක්නට ලැබෙන්නේ මේ ගැටලූවට ස්ථිරසාර පිළියමක් ලබා දීමට නොහැකි වූ නිසා නොවේ ද? ඒ නිසා, මේ මුදල් මුල් කොටගත් පවුල්-අවුල් වලට නැවතීමේ තිත තබාගැනීම පිණිස පෙරුම් පුරන දහස් සංඛ්‍යාත පිරිසක් වෙනුවෙන් මේ සටහන ප්‍රයෝජනවත් වනු ඇති. ඒ නිසා, ධර්මානුකූල ජීවිතයක් තුළින් මෙම ධන-ආරවුල විස`දා ගන්නා ආකාරය පිළිබඳ ව දැන් අපි විමසා බලමු.

මත් රකුසා

ආර්ථික අපහසුතා හේතුවෙන් හෝ වෙනත් ඕනෑම දෙයක් නිසා බීමත්කමට යොමු වීම තවත් අපාය දොරටුවක විවර කරගැනීමක්. ඇතැම් පවුල් වල ආර්ථික අපහසුතා වලට ප්‍රධානත ම හේතුව වී ඇත්තේ මේ බේබදුකම යි. මෙය වර්තමාන ලාංකීය සමාජයේ මුල් බැසගත් සාමාජයීය ප්‍රශ්නයක් ද වී තිබෙන බව සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් සිදු කරන ලද පරීක්ෂණ වාර්තා සාක්ෂි දරනවා. ඇත්තෙන් ම මෙය ඉතා දරුණු ඛේදවාචකයක්. බොහෝ ස්වාමිවරු තමා විසින් උපයන ලද මුදල බීමත්කමට වියදම් කරන්නේ තමාගේ අඹුදරුවන් ගැන කිසිදු තැකීමකින් තොරව යි. මේ නිසා ම අගාධයෙන් අගාධයට යන පවුල් අනන්තවත් අපට දැකගත හැකියි.

මත් පැන් මෙන් ම, සල්ලාලකම, රාත්‍රී සමාජ ශාලා, කැසිනෝ උන්මාදය, සවාරි උණ සහ තරු පහේ බඩගින්න, වැනි බොහෝ හේතු ගණනාවක් පවුලක ආර්ථික අවපාතයන් ඇති වීමට මුල් වී තිබිය හැකියි. මේ නිසා දරුවන්ට දෙමාපියන් මෙන් ම අධ්‍යාපනය ද අනාගතය ද අහිමි වන අවස්ථා එමට යි. ඇත්තෙන් ම මෙහි අවසානය ඛේදවාචකයක් වීමේ අවදානමක් තිබෙනවා. මේ තත්වය සමනයට පත් කිරීමට මහන්සි ගත යුත්තේ ඒ නිස යි.

මුදල් යුද්ධයේ සුල මුල

‘‘වේදනං පටිච්ච තණ්හා, තණ්හා පටිච්ච පරියේසනං”වශයෙන් බුදු රජාණන් වහන්සේ මහා නිධාන සූත්‍රයේ දී දේශනා කොට වදාළා. ‘විඳීම මුල්කරගෙන තණ්හාව ඇති වෙනවා. තණ්හාව මුල් කරගෙන තමයි ඒ විඳින ලද දේ සොයන්න පටන් ගන්නේ…’ යන්නයි එහි සරල අදහස වන්නේ.

ලස්සන මාලයක්, ඇඳුමක්, සුවඳ විලවුන් කුප්පියක්, ආහාර වට්ටෝරුවක්, නවීන ශීතකරණයක් හෝ අසල්වැසි නිවසට ගෙන ආ ඕනෑම දෙයක් දුටු විට තමන්ටත් ඒ දේ කෙරෙහි තණ්හාවක් වීමට බොහෝ දුරට ඉඩ කඩ තිබෙන බව ඔබ මේ වන විටත් තේරුම් අරගෙන ඇති. එවිට තමාගේ මෙන් ම තම ස්වාමියාගේ ආර්ථික මට්ටම පිළිබඳ නිසි අවබෝධයක් නොමැති වීමත් තණ්හාවට වසඟ වීමත් නිසා පහසුවෙන් ම එය සොයා යාමට පෙළඹෙන්නට පුලූවන් බව හොඳින් මතක තබා ගන්න. එවිට එය ඔබට අවශ්‍යම දෙයක් බවට පත්වේවි..! සිතේ හටගත් බලවත් තණ්හාව යටපත් කරගත නොහැකි වුව හොත් එය ලබාගැනීම වෙනුවෙන් දියත් කරන මානසික මෙහෙයුම අවසන් වන්නේ ස්වාමියා සමග ඇති කරගන්නා ආරවුලකින්. ඇත්තෙන්ම, මේ ආරවුල් වලට මුල එක්කෝ මාලයක්, නැත්තං සාරියක්, එහෙමත් නැත්තං රෙදි සෝදන යන්ත්‍රයක් බව සිහි කළ හැකි වුව හොත් යම් දවසක ඔබට ම ඔබ ගැන ලැජ්ජාවක් ඇති වේවි. ඔබේ දරුවාට, පිය සෙනෙහස අහිමි වූයේ සාරියක්, හෝ මාලයක් නිසා නම් එය කොයිතරම් නම් දරුණු ඛේදවාචකයක් වනු ඇත්දැයි ඔබට වැටහෙනවා ද!

මුදල් හා බැඳුනු ආරවුල් නවතමු.

මුදල් සහ විවාහය යන්න මානසික ආතති ඇතිකර දෙන එක්වීමක්. ඇත්තෙන් ම, විවාහය මුදල් මත රඳා පවතින දෙයක් නො වී එය මෛත්‍රිය, කරුණාව, මුදිතාව, සහ උපේක්ෂාව මත ගොඩනැගෙන ආදර සබඳතාවයක් ම වුවහොත් ඒ තුළින් ප්‍රීතිමත් ජීවිතයකට මං පෙත් හෙළි පෙහෙලි කරනවා.

ඒක සාටක නම් බමුණා ඉතාමත් ම දිළිඳු කෙනෙක්. ඔහුටත් ඔහුගේ බිරියටත් උඩු කය ආවරණයට තිබුණේ එක ම එක සලූ පොටක් පමණයි. නමුත් ඔවුන් එය සහයෝගයෙන් පරිහරණය කළා. ඒ පවුල කොයිතරම් දිළිඳු වුවත් මුදල නිසා ගැටුම් ඇති නොවුනේ, ඔවුන් බුදු රජාණන් වහන්සේ සරණ ගොස් සිටි නිස යි. සැමියා සහ බිරිඳ අවබෝධයෙන් යුතු ව බුදු රජාණන් වහන්සේ ව සරණ ගොස් සිටියි නම්, මේ පවුල් අවුල් කිසි දිනෙක ඇති වන්නේ නෑ. සියලූ ගැටලූ ඉස්මතු වන්නේ, ධර්මානුකූල ජීවිතයෙන් බැහැර වීමෙන් පසුව යි.

ධර්මානුකූල ව ජීවිතය දෙස බලමින්, සාමකාමී ව තම නිවසේ ආර්ථික අවපාතයන් ට විසඳුම් සෙවීමට උත්සාහ කරන්න. ඒ සඳහා උපකාරී වන ක්‍රම කිහිපයක් අප ඉදිරිපත් කිරීමට කල්පනා කළා.

1. සංසුන් වන්න

ක්‍රෝධයට පත් වූ විට, මිනිසුන් ඇතැම් පීඩාකාරී දේවල් කියා පසුව ඒ කියූ දෙය ආපසු ගන්නට හැකිනම් කියා සිතනවා. නමුත්, එය එසේ කළ නොහැකියි.

ආර්ථිකය ගැන කථාබහේදී විවාහය සහ මුදල් හා සබැඳි ආතතීන් සමනයට පත්කරගෙන ඒ කථාබහට එක්වන්න මතක තබා ගන්න. උදාහරණයක් ලෙස, ස්වාමියාගේ ආර්ථික ගැටලූ බිරියගෙන් ලැබීමට තිබුණ දායාදයක් මත සමනය වීමට ඉඩ තිබුණා නම්, ඒ පිළිබඳ අප්‍රසාදයෙන් යුතු ව කිසිසේත් ම බිරිඳ සමග ආර්ථික ගැටලූ පිළිබඳ සාකච්ඡා නොකළ යුතු යි.

ස්වාමියාගේ ආදායම බිරිඳගේ ගේ ආදායමටත් වඩා අඩු තත්වයක පවතින අවස්ථාවක් ගැන සිතා බලමු. මෙවන් අවස්ථාවක බිරිඳක් වන ඔබ ඒ පිළිබඳ අප්‍රසාදයෙන් යුතු ව ස්වාමියා හා සාකච්ඡා කළහොත් ඔබේ කෝපය විසින් ස්වාමියාගේ ආර්ථික මට්ටම පහත හෙළන වදන් පිට කරවා ඔහු සමග මහා ආරවුලක් නිර්මාණය කරවීමට ඉඩ තිබෙනවා. ඒ නිසා ආර්ථික ප්‍රශ්නයක් පිළිබඳ සාකච්ඡා කිරීමට ප්‍රථම ඔබේ ආර්ථික පරිහානියට විවාහය හේතු වී ඇති සියලූ ආකාර අමතක කොට දමා, ආතතිය සමනය කොට, සහකරු පිළිබඳ සෙනෙහසින් යුතු ව මෙම ගැටලූව පොදු ගැටලූවක් යැයි සිතා සංසිඳීමෙන් ම සාකච්ඡාවට යොමු වන්න. මේ සඳහා මෙත් සිත වැඞීම, අන් අයත් තමන් සේ ම දුකට පත් වන බව සිහිකිරීම, ස්වාමියා ද තමා මෙන් ම සසරේ සැරිසරන අයෙකු බව සිහිකොට සම සිත් ඇති කරගැනීම, මඳ වෙලාවක් ආසනයක් මත සිට සිහියෙන් හුස්ම ගැනීම සහ හෙළීම, හෝ තම සිත් සංසිඳවිය හැකි ආකාරයේ බුදුගුණ කවි පෙළකට සවන්දීම වැනි ක්රමෝපායන් භාවිතා කළ හැකියි.

එකිනෙකාව සංසුන් කරවා ගැනීම තුලින් ඔබගේ විවාහය රැකගන්නට උපකාරයක් වනවා වගේම මුදල් පිළිබඳ ප්‍රශ්ණත් විසඳා ගැනීමට එය රුකුළක් වනු ඇති බව මතක තබා ගන්න.

2. ඔබේ ආර්ථික තත්වය ගැන පැහැදිලි දැක්මක් ඇති කරගන්න

එය සතුටට කරුණක් නොවුනත් ඔබගේ සැබෑ ආර්ථික තත්වය ගැන පැහැදිලි අවබෝධයක් ඔබ දෙපළ තුල ම පැවතීම ඉතාම වැදගත් දෙයක්. ඔබ සතුව ඇති ධනය (මුදල් ප්‍රමාණය), ණය ප්‍රමාණයන් සහ හරි හම්බකරන මුදල් වියදම්වන ආකාරය ගැන ඔබ දෙපළ ම හොඳින් දැන සිටිය යුතුයි.

බොහෝ වෙලාවට වැඩි වශයෙන් විය හියදම් සැකසීම සිදු කරන්නේ ඔබ දෙදෙනාගෙන් එක් අයෙක් පමණක් විය හැකියි. කෙසේ නමුත්, මුදල් පිළිබඳ ගැටළුවලට පිළිතුරු සෙවීමේදී ඔබ දෙපළම ඔබගේ සැබෑ ආර්ථික තත්වය ගැන දැන සිටීම ඉතාම වැදගත්. කිසිවක් නොසඟවා සියල්ලම ඉදිරිපත් කර දෙදෙනාම එක්වී ඒ පිළිබඳව හදාරන්න. ඒ පිළිබඳ අවබෝධයක් නොමැති වීමෙන් තමයි, ‘ආර්යා භාර්යා’ නම් පාපී භාර්යාව බිහිවන්නේ.

ඇය, බඩජාරී තැනැත්තියක්. නිවැසියන්ට පරුෂ වචනයෙන් බැණ වදිමින්, ආර්යාවක් මෙන් තමයි ජීවත් වන්නේ. කොයිතරම් කෑමට රුචිකත්වයක් දක්වයි ද යත්, ඇය දින 45ක බ්‍රොයිලර් කිකිලියක් මෙන් රූපවාහිනිය ඉදිරිපස ම බලාසිටියදී ම තරබාරු වනු දැකිය හැකි යි. ඒ වගේ ම, උත්සව අවස්ථාවක දී, මිනිස් ග්‍රහණයට හසු වූ හස්ති රාජිණියක් තම ගෙලේ දම්වැල් එල්ලාගෙන මාර්ගයේ යන්නා සේ බොහෝ කොට රන් ආභරණ එක පිට එක එල්ලා ගැනීමට මැය ප්‍රිය කරනවා. ඇත්තෙන් ම ඇය නඩත්තු කිරීමට ස්වාමියාගේ වැටුප කිසිසේත් ම ප්‍රමාණවත් වන්නේ නෑ. මේ බුදුරජාණන් වහන්සේ සප්ත භාර්යා සූත්‍රයේ දී හෙළිදරව් කල පාපී භාර්යාවක් වන ‘ආර්යා භාර්යාව’ යි. මෙම තත්වය ඇති වන්නේ තම පවුලේ ආර්ථික මට්ටම පිළිබඳ ව බිරිඳ තුළ නිසි අවබෝධයක් නොමැති වීම නිස යි.

3. විසඳුම් කෙරෙහි අවධානය යොමු කරන්න

මේ මුදල් අගහිඟකම් නම් වූ කටුක සත්‍යයට මුහුණ දෙනවිට කෝපය උත්සන්න වී අනෙකාට වරද පැටවීමේ නැඹුරුතාවක් දක්නට ලැබෙනවා.

ඇත්තෙන් ම එපා…!

එය ඔබ විවාහ ජීවිතයේ ආතති තත්වය දෙගුණ තෙගුණ කරවීමට හේතු විය හැකියි. අනිත් අතට එය ඔබව විසඳුම් කෙරෙන් ඈත් කරවන්නත් ඉඩ තිබෙනවා. මේ වෙනුවෙන් ඔබ වර්තමානයේ සිටින තත්වය පිළිඅරගත යුතු යි. ඉන්පසු අනාගත ආර්ථික ස්ථාවරත්වයකට උපකාර වන වඩාත් පැහැදිලි සැලැස්මක් ගොඩනගා ගැනීම පිණිස දෙදෙනා ම කටයුතු කළ යුතු යි.

තවෙකකුට චෝදනා කිරීමට පෙර, තමා ඒ වරදෙන් නිවැරදි දැයි සොයා බලන ලෙස බුද්ධ දේශනාවේ සඳහන් වෙනවා. තමා ද සියයට එකකින් හෝ ඒ වරදට කොටස් කරුවෙක් නම්, කිසිලෙසකින් එහි වගකීම තවෙකකු පිට පවරන්න එපා. ඇත්තෙන් ම විරුද්ධ පාර්ශවය දුර්වල නම් ඒ කෙනාගේ සිතේ දැඩි මානසික පීඩනයකට එය හේතු වේවි. එසේ ම, විරුද්ධ පාර්ශවය ශක්තිමත් නම්, ඒ වරද පැටවීමෙන් ඇතිවන ආරවුල මසක් පමණ මතකයේ රැඳෙන ගුටිබැට හුවමාරුවකින් කෙළවර විය හැකියි. ඇත්තෙන් ම වැදගත් වන්නේ වරද තවෙකකුට පැටවීම නොව, සමගි ව වත්මන් තත්වයට විසඳුම් සෙවීම නොවේ ද..!

ඒ නිසා ඔබේ ජීවන සහකරුවා සමග එක් වී, මේ වෙනුවෙන් පැහැදිලි ධර්මානුකූල විසඳුමක් සෙවීමට මහන්සි ගන්න.

4. එකට වැඩ කරන්න

‘ඔලූ දෙකකින් කල්පනා කිරීම එක ඔලූවකට වඩා හොඳයි’ (Two heads are better than one) කියා බටහිර කියමනක් තිබෙනවා. ඇත්තෙන් ම දෙදෙනා විසින් ම තම ආර්ථිකය ගැන සොයා බැලිය යුතු බව මුලින් ම පෙන්වා දුන්නේ බුදුරජාණන් වහන්සේ විසින්. ඒ මීට වර්ෂ 2556කට පමණ පෙරාතුව යි. ස්වාමියාගේ කර්මාන්ත පිළිබඳව බිරිඳ විසින් ද හොඳින් සොයා බැලිය යුතු බවත් ඒ පිළිබඳව දක්ෂ විය යුතු බවත් පවසමින් උග්ග ගෘහපතිතුමාගේ නව යොවුන් දියණියට සිදු කරන අවවාදයක් අංගුත්තර නිකායේ දී අපට මුණගැසෙනවා. ඒ නිසා එකිනෙකාට සහය වීම, විවාහයක් සාර්ථක වීමට විශාල වශයෙන් හේතු වන බවයි අපට පෙනී යන්නේ.

මේ නිසා, එකට එක් වී දෙපළට ම සරිලන පරිදි නිවසේ අය වැයක් සකස් කරගෙන එයට අනුකූලව කටයුතු කරන්න. එය ඔබ එකිනෙකාට මෙන්ම දරුවන් ඇත්නම් එම දරුවන්ටද ඉටු කරන යුතුකමකි. එසේ ම, ආදායමෙන් යම් කොටසක් දානයක් පිණිස වෙන් කරන්න. මසකට වරක් හෝ, මාස කිහිපයකට වරක් එළැඹෙන නිශ්චිත දිනයක දී පවුලේ සියලූ දෙනාගේ සහභාගිත්වයෙන් සංඝයා වහන්සේලාට දානයක් පූජා කොට හොඳ ධර්මානුශාසනාවකින් සිත ශක්තිමත් කරගන්න. නිවා සනසවා ගන්න. ඒ වෙනුවෙන්, ආදායමෙන් කොටසක් ‘පින’ පිණිස වෙන් කිරීම මනා පිටුවහලක් වනු ඇත.

එසේ ම, පවුලේ ආර්ථික සංවර්ධනය පිලිබඳ මෙවන් සාකච්ඡාවක දී හැමවිට ම අනෙකාගේ අදහසට ගරු කරන්න. ඔබේ විවාහය සහ ආර්ථික තත්වය හොඳ වන්නේ ඔබ දෙපළ ම තම මුදල් නිසි පරිදි එකම කණ්ඩායමක් හැටියට හසුරුවන විට පමණි. ඒ නිසා සාමකාමී සාකච්ඡාවකට පෙර මේ කාරණා හොඳින් මතකයේ තබා ගැනීම වැදගත්.

මිනිසත් බව දුර්ලභයි. දුර්ලභ වූ මිනිසත් බව ගෙවා දැමීමත් අතිශයින් ම දුෂ්කර කටයුත්තක්. මේ දුශ්කර ලෙස ජය ගත වූ ඉලක්කයන් ජයගැනීමට බුදුරජාණන් වහන්සේගේ ධර්මය බොහෝ සෙයින් උපකාරී වෙනවා. ඔබේ සතුට මුදල් වැනි ලාමක දේවල් වලින් බිඳී යා නො දී සාමකාමී විවාහ ජීවිතයක් ගත කිරීම උදෙසා ධර්මානුකූල දිවිපැවැත්මකට අවතීර්ණ වීමට අද පටන් මහන්සි ගන්න.

චින්තක සිල්වා

ඕක් රිජ් ජාතික විද්‍යාගාරය

අමෙරිකා එක්සත් ජනපදය

[QUOTE="chathupatiya, post: 13454817, member: 48903"] [b]පවුල්_නසනා_මුදල්_රකුසා . . .[/b] [SIZE="4"][COLOR="Purple"][B][SIZE="5"]පවුල් නසනා මුදල් රකුසා . . .[/SIZE][/B] [IMG]http://i452.photobucket.com/albums/qq241/chathupatiya/Main-Image2_zpsd1377697.jpg[/IMG] මුදල් හේතු කොටගෙන ආතතිය සහ ආරවුල් හටගැනීම ගොඩක් පවුල්වල දක්නට ලැබෙන දෙයක්. පුදුමය නම්, විවාහක යුවළක් අතර මුදල් පිළිබඳව ආරවුලක් හටගත්විට ඔවුන්ගේ වාදයන් නොසිතූ විරූ අතීත සිද්ධි හා සැසඳී සැබැවින්ම වෙනත් ස්වරූපයකින් ඉස්මතු වීම යි. මේ තත්වය බොහෝ විවාහ ජීවිත වලට දැඩි බලපෑමක් එල්ල කිරීමට සමත් වී ඇති බව මේ පිළිබඳ සිදු කළ සමීක්ෂණ වලින් අනාවරණය වී තිබෙනවා. ‘‘ඔහෙගෙ මහ උන්දැල දෙනවයි කිව්ව දෑවැද්ද දුන්න නං මේ ටික වෙන්නෙ නෑ… ඔය මූණට රැවටිලා මට ඒක කරගන්න බැරිවුනානෙ…!” ‘‘ඒ කාලෙ කොහොම ද කිව්වෙ…! යන්නෙ කාර් වලින්, කන්නෙ හෝටල් වලින්…, අන්තිමට මම යි රැවටුනේ… දැන් කන්න කියල කිසි ම දෙයක් ගේ ඇතුලෙ නෑ… මේව හෙණ ගහන අපරාධ මනුස්සයෝ….!” මේ නිවසක් තුළින් අසල්වැසි ගෙවල් දෙක තුනක් දක්වා වුව පැතිරිය හැකි අවලාදයන්ගෙන් දෙකක් පමණ යි. මේ සෑම ආරවුලක් ම මුදල් අගහිඟකම් මුල් කරගෙන හට ගන්නා බව පැහැදිලි කරුණක්. මුදල් හා සම්බන්ධ පවුල්-අවුල් තවත් ආකාර කිහිපයකින් දැකිය හැකියි. මේ අතර මූලිකත්වය ගැනීම (බලය) පිළිබඳ ගැටුම්, තම තමන් අගය කරන දේවල්වල වෙනස්කම්, හෝ වෙනත් මුදල් හා සම්බන්ධ යම් කරුණක් ප්‍රධාන විය හැකි බව මෙම සමීක්ෂණ වාර්තාව පෙන්වා දෙනවා. [B][SIZE="5"]බල-අවුල[/SIZE][/B] ධනය සහ බලය යන්න බොහෝ විට සමාන්තර මාර්ගයක් ඔස්සේ පවතින දෙයක්. නිවසක ගෘහමූලික වූ සැමියාගේ වැටුපට වඩා භාර්යාවගේ වැටුප සරු නම්, ඇතැම් අවස්ථා වල දී භාර්යාවගේ මුදල් පවා ස්වාමියාගේ කටයුතු වලට වියදම් කරයි නම්, ධනයේ සෙවණැල්ල සේ පවතින බලකාමය භාර්යාවගේ මනසට වැටීමට බොහෝ දුරට ඉඩකඩ තිබෙනවා. ඇතැම් පවුල් වල ආරවුල් වල මූලය සොයා යාමේ දී, බිරිය විසින් සැමියා යටපත්කොට තම මුදලේ බලය පෙන්වා ඔහු ව පහත් කිරීම ම හේතු වී ඇති බව අපට දැනගන්නට ලැබී තිබෙනවා. ධනය මුල්කරගෙන ස්වාමියා යටපත් කිරීමේ දී, ඔහු ස්වභාවයෙන් ම ඉවසීමෙන් තොර පුද්ගලයෙකු නම්, බිරියත් එසේ නම්, එවන් විවාහ සබඳතා ඉතා ඉක්මණින් දෙදරා යා හැකියි. ධන බලය හා සබැඳි ආරවුල් වලට මුල් වූ තවත් හේතුවක් ලෙස, ජීවත් වන නිවස ද හේතුවක් වූ අවස්ථා ගැන ඔබ අසා තිබෙනවා ද? අවස්ථා කිහිපයක දී ම නිවසෙන් එලවා දැමීමත් සමග අවසන් වූ විවාහ සබදතා පිළිබඳ ව අපට බොහෝවිට අසන්නට ලැබෙනවා. මේ එළවා දැමීම් අතර බහුතරයක් ම භාර්යාවට අයිති නිවසේ ජීවත් වූ ස්වාමිවරුන් බවයි පෙනී යන්නේ. යම් හෙයකින් ජීවත් වන නිවස භාර්යාව සතු නම්, කල් යාමේ දී ඇතිවන ආරවුල් වල දී සෘජු ව ම භුක්තිය මුල්කරගෙන නිවසෙන් එලවා දැමීම් සිදුවිය හැකියි. එසේ නොවුව ද එම සංකල්පය නිසා නිවසේ ආධිපත්‍යය තමා සතු කරගැනීමට පෙළඹීම, සියුම් හෝ අමනාපකම් වලට මුලපුරන බවට සමාජයෙන් අසන්නට ලැබෙන සිදුවීම් සාක්ෂි දරනවා. ‘‘මේක මගේ ගෙදර…. මට ඕන විදියටයි මම ඉන්නෙ… ඔහෙට එපා නම් යන එකයි ඇත්තේ…!” [B][SIZE="5"]ඇඳුම්…ඇඳුම්…ඇඳුම්…[/SIZE][/B] රුචි අරුචි කම්, මනාප අමනාප කම් යනාදිය පුද්ගලානුබද්ධ ආකල්ප අනුව වෙනස් වෙන දේවල්. මේ කාරණය අප හොඳින් තේරුම් ගත යුතු දෙයක්. කාන්තාවන් ආභරණ, ඇඳුම්-පැළඳුම්, සුවඳ විලවුන් ආදියට, ආදරබර ටෙලිනාට්‍ය සහ චිත්‍රපට වලට සහ සුරංගනා පේ‍්‍රම කතා සහිත පුවත්පත් වලට දැඩි කැමැත්තක් දක්වන බව ප්‍රසිද්ධ කාරණයක්. නමුත් පිරිමින් ගේ ආකල්ප බොහෝ විට මීට වඩා වෙනස් ආකාරයකින් තමයි ඉස්මතු වන්නේ. ඔවුන් ආභරණ වලට, ආදරබර ටෙලිනාට්‍ය මෙන් ම චිත්‍රපට වලටත් සුරංගනා පේ‍්‍රම කතා සහිත පුවත්පත් වලටත් විශේෂ කැමැත්තක් නොදක්වන නමුත්, හොඳ වාහනයකට, විනෝද සාදයන් වලට, සංගීතයට, ක්‍රීඩාවට සහ ප්‍රවේගකාරී චිත්‍රපට වලට කැමැත්තක් දක්වන බව පෙනෙන්නට තිබෙනවා. මේ අනුව, ස්වාමියා කැමති දේට බිරිඳ අකමැති වීමත්, බිරිඳ කැමති දේට ස්වාමියා අකමැති වීමත් නිසා අර්බුධ අවස්ථාවක දී එවන් දෑ මුල් කරගෙන වාද විවාද ඇති කරගැනීම සුලභ ව දැකිය හැකි කරුණක්. මේ රුචි අරුචි කම් වල වෙනස නිසා එක් අයෙකුගේ වියදමක් තවත් අයෙකුට නිශ්ඵල දෙයක් යැයි පෙනෙන්නට පුළුවන්. ‘‘මේ බලන්න, පෙරේදත් ඇඳුම් ගත්ත නේද? මොකද්ද මේකෙ තේරුම. මට හිඟාකන්නයි වෙන්නෙ මෙහෙම ගියොත්…!” ‘‘ඇයි අනේ…මම මොනව හරි ගත්තොත් තමයි ඔයාට වැරදි. ඔයාට පාටි දාන්නයි ක්‍රිකට් මැච් බලන්න යන්නයි වාහනේට කෑලි හයිකරන්නයි සල්ලි තියෙනවා. මම මේ ඉදල හිටල ඇඳුමක් දෙකක් ගත්තම ඔයා හිඟන්නෙක් වෙනවා….!” ‘‘ඒව එහෙම තමයි. මයි කාර් මයි පැට්‍රෝල්..” මේ ගැටුම් වලට හේතුව, එකිනෙකාගේ රුචි අරුචි කම් තේරුම් නොගැනීම යි. සෑම විට ම විවාපත් වූ යුවලක් විසින් එකිනෙකාගේ රුචි අරුචිකම් වල විවිධත්වය පිළිබඳ ව අවබෝධයකින් සිටිය යුතු යි. එසේ නොසිටියහොත් මුදල් හා සම්බන්ධ මෙවන් ගැටුම් අවසාන වන්නේ තමාටත් තම සහකරුටත් කිසිදු යහපතක් සිදු නොවන ආකාරයට යි. ‘‘ඇයි අනේ එහෙම කියන්නේ… මම යනව ගෙදර… මට බෑ මේ ඔහෙත් එක්ක පවුල් කන්න…!” [B][SIZE="5"]කෝකටත් දෑවැද්ද…! [/SIZE][/B] ආර්ථික අපහසුතා ඉස්මතු වන අවස්ථාවන් හි දී මානසික ආතතිය මුල්කරගෙන වාද විවාද ඇතිවන්නට පුලූවන්. ඇතැම් විට, මුදල් හා සම්බන්ධ නොවන වෙනත් ආරවුල්, අවසානයේ දී මුදල් මූලික කොටගත් වාද බවට පත් වී නිමා වන්නේ දෙදෙනාගේ ම මානසික වියවුල තව තවත් උත්සන්න කරවමින්. ‘‘මට කිඹුහුමක් ගියත් ඉතිං…ඔයාට මතක් වෙන්නෙ මගෙ දෑවැද්දනෙ…!” මෙවන් ප්‍රකාශ ඔබේ කණ වැකී තිබේ ද? මේ පිළිබඳ ව අප දැඩි අවධානයකින් සිටිය යුතු වන්නේ, ඇත්තෙන් ම ඔබ ඔබේ සහකාරිය හෝ සහකරුවා කුපිත කරවන්නේ පදනම් විරහිත හේතුවක් නිසා විය හැකි බැවිනි. එක් අයෙකු තුල මුදල් නිසා මානසික ආතතියක් හටගත් විට ඔවුන් සාමාන්‍යයෙන් ඉවසීම අඩු සහ විශාල පීඩනයකින් පෙළෙන බව දකින්නට පුළුවන්. මේ හේතුවෙන් ඔවුන් නොදැනුවත්ව ම අනිත් සහකරුවා හෝ සහකාරිය සමඟ මුදල් වලට කිසිම සම්බන්දයක් නැති වෙනත් ආරවුල් වලට යොමු වීමේ ඉඩ කඩ තිබෙනවා. මේ තත්වය අනෙක් සහකරුට හෝ සහකාරියට දැඩි මානසික අවුලක් ඇතිකරවන්නක් විය හැකියි. ඇතැම් අවස්ථා වල ඔවුන් මත්පැන් පානයට පවා යොමු වෙන්නේ මේ මානසික වියවුල ඉවසා සිටිය නොහැකි නිසයි. නමුත් මත්පැන් පානයෙන් සිහිමුලා වන ඔවුන් කිසිදු පාලනයකින් තොර ව තම මානසික වියවුල නිවසට පැමිණ පිට කරන්නේ ආරවුල් තත්වය දෙගුණ තෙගුණ කරවමින්. බීමත් ස්වාමියාගේ තාඩන පීඩන ඉවසාගත නොහැකි ව තම ස්වාමියා මරා දමන්නට පෙළඹුන බිරින්දෑවරු පවා අප සමාජය තුළ දක්නට ලැබෙන්නේ මේ ගැටලූවට ස්ථිරසාර පිළියමක් ලබා දීමට නොහැකි වූ නිසා නොවේ ද? ඒ නිසා, මේ මුදල් මුල් කොටගත් පවුල්-අවුල් වලට නැවතීමේ තිත තබාගැනීම පිණිස පෙරුම් පුරන දහස් සංඛ්‍යාත පිරිසක් වෙනුවෙන් මේ සටහන ප්‍රයෝජනවත් වනු ඇති. ඒ නිසා, ධර්මානුකූල ජීවිතයක් තුළින් මෙම ධන-ආරවුල විස`දා ගන්නා ආකාරය පිළිබඳ ව දැන් අපි විමසා බලමු. [B][SIZE="5"]මත් රකුසා[/SIZE][/B] ආර්ථික අපහසුතා හේතුවෙන් හෝ වෙනත් ඕනෑම දෙයක් නිසා බීමත්කමට යොමු වීම තවත් අපාය දොරටුවක විවර කරගැනීමක්. ඇතැම් පවුල් වල ආර්ථික අපහසුතා වලට ප්‍රධානත ම හේතුව වී ඇත්තේ මේ බේබදුකම යි. මෙය වර්තමාන ලාංකීය සමාජයේ මුල් බැසගත් සාමාජයීය ප්‍රශ්නයක් ද වී තිබෙන බව සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් සිදු කරන ලද පරීක්ෂණ වාර්තා සාක්ෂි දරනවා. ඇත්තෙන් ම මෙය ඉතා දරුණු ඛේදවාචකයක්. බොහෝ ස්වාමිවරු තමා විසින් උපයන ලද මුදල බීමත්කමට වියදම් කරන්නේ තමාගේ අඹුදරුවන් ගැන කිසිදු තැකීමකින් තොරව යි. මේ නිසා ම අගාධයෙන් අගාධයට යන පවුල් අනන්තවත් අපට දැකගත හැකියි. මත් පැන් මෙන් ම, සල්ලාලකම, රාත්‍රී සමාජ ශාලා, කැසිනෝ උන්මාදය, සවාරි උණ සහ තරු පහේ බඩගින්න, වැනි බොහෝ හේතු ගණනාවක් පවුලක ආර්ථික අවපාතයන් ඇති වීමට මුල් වී තිබිය හැකියි. මේ නිසා දරුවන්ට දෙමාපියන් මෙන් ම අධ්‍යාපනය ද අනාගතය ද අහිමි වන අවස්ථා එමට යි. ඇත්තෙන් ම මෙහි අවසානය ඛේදවාචකයක් වීමේ අවදානමක් තිබෙනවා. මේ තත්වය සමනයට පත් කිරීමට මහන්සි ගත යුත්තේ ඒ නිස යි. [B][SIZE="5"]මුදල් යුද්ධයේ සුල මුල [/SIZE][/B] ‘‘වේදනං පටිච්ච තණ්හා, තණ්හා පටිච්ච පරියේසනං”වශයෙන් බුදු රජාණන් වහන්සේ මහා නිධාන සූත්‍රයේ දී දේශනා කොට වදාළා. ‘විඳීම මුල්කරගෙන තණ්හාව ඇති වෙනවා. තණ්හාව මුල් කරගෙන තමයි ඒ විඳින ලද දේ සොයන්න පටන් ගන්නේ…’ යන්නයි එහි සරල අදහස වන්නේ. ලස්සන මාලයක්, ඇඳුමක්, සුවඳ විලවුන් කුප්පියක්, ආහාර වට්ටෝරුවක්, නවීන ශීතකරණයක් හෝ අසල්වැසි නිවසට ගෙන ආ ඕනෑම දෙයක් දුටු විට තමන්ටත් ඒ දේ කෙරෙහි තණ්හාවක් වීමට බොහෝ දුරට ඉඩ කඩ තිබෙන බව ඔබ මේ වන විටත් තේරුම් අරගෙන ඇති. එවිට තමාගේ මෙන් ම තම ස්වාමියාගේ ආර්ථික මට්ටම පිළිබඳ නිසි අවබෝධයක් නොමැති වීමත් තණ්හාවට වසඟ වීමත් නිසා පහසුවෙන් ම එය සොයා යාමට පෙළඹෙන්නට පුලූවන් බව හොඳින් මතක තබා ගන්න. එවිට එය ඔබට අවශ්‍යම දෙයක් බවට පත්වේවි..! සිතේ හටගත් බලවත් තණ්හාව යටපත් කරගත නොහැකි වුව හොත් එය ලබාගැනීම වෙනුවෙන් දියත් කරන මානසික මෙහෙයුම අවසන් වන්නේ ස්වාමියා සමග ඇති කරගන්නා ආරවුලකින්. ඇත්තෙන්ම, මේ ආරවුල් වලට මුල එක්කෝ මාලයක්, නැත්තං සාරියක්, එහෙමත් නැත්තං රෙදි සෝදන යන්ත්‍රයක් බව සිහි කළ හැකි වුව හොත් යම් දවසක ඔබට ම ඔබ ගැන ලැජ්ජාවක් ඇති වේවි. ඔබේ දරුවාට, පිය සෙනෙහස අහිමි වූයේ සාරියක්, හෝ මාලයක් නිසා නම් එය කොයිතරම් නම් දරුණු ඛේදවාචකයක් වනු ඇත්දැයි ඔබට වැටහෙනවා ද! [B][SIZE="5"]මුදල් හා බැඳුනු ආරවුල් නවතමු.[/SIZE][/B] මුදල් සහ විවාහය යන්න මානසික ආතති ඇතිකර දෙන එක්වීමක්. ඇත්තෙන් ම, විවාහය මුදල් මත රඳා පවතින දෙයක් නො වී එය මෛත්‍රිය, කරුණාව, මුදිතාව, සහ උපේක්ෂාව මත ගොඩනැගෙන ආදර සබඳතාවයක් ම වුවහොත් ඒ තුළින් ප්‍රීතිමත් ජීවිතයකට මං පෙත් හෙළි පෙහෙලි කරනවා. ඒක සාටක නම් බමුණා ඉතාමත් ම දිළිඳු කෙනෙක්. ඔහුටත් ඔහුගේ බිරියටත් උඩු කය ආවරණයට තිබුණේ එක ම එක සලූ පොටක් පමණයි. නමුත් ඔවුන් එය සහයෝගයෙන් පරිහරණය කළා. ඒ පවුල කොයිතරම් දිළිඳු වුවත් මුදල නිසා ගැටුම් ඇති නොවුනේ, ඔවුන් බුදු රජාණන් වහන්සේ සරණ ගොස් සිටි නිස යි. සැමියා සහ බිරිඳ අවබෝධයෙන් යුතු ව බුදු රජාණන් වහන්සේ ව සරණ ගොස් සිටියි නම්, මේ පවුල් අවුල් කිසි දිනෙක ඇති වන්නේ නෑ. සියලූ ගැටලූ ඉස්මතු වන්නේ, ධර්මානුකූල ජීවිතයෙන් බැහැර වීමෙන් පසුව යි. ධර්මානුකූල ව ජීවිතය දෙස බලමින්, සාමකාමී ව තම නිවසේ ආර්ථික අවපාතයන් ට විසඳුම් සෙවීමට උත්සාහ කරන්න. ඒ සඳහා උපකාරී වන ක්‍රම කිහිපයක් අප ඉදිරිපත් කිරීමට කල්පනා කළා. [B][SIZE="5"]1. සංසුන් වන්න[/SIZE][/B] ක්‍රෝධයට පත් වූ විට, මිනිසුන් ඇතැම් පීඩාකාරී දේවල් කියා පසුව ඒ කියූ දෙය ආපසු ගන්නට හැකිනම් කියා සිතනවා. නමුත්, එය එසේ කළ නොහැකියි. ආර්ථිකය ගැන කථාබහේදී විවාහය සහ මුදල් හා සබැඳි ආතතීන් සමනයට පත්කරගෙන ඒ කථාබහට එක්වන්න මතක තබා ගන්න. උදාහරණයක් ලෙස, ස්වාමියාගේ ආර්ථික ගැටලූ බිරියගෙන් ලැබීමට තිබුණ දායාදයක් මත සමනය වීමට ඉඩ තිබුණා නම්, ඒ පිළිබඳ අප්‍රසාදයෙන් යුතු ව කිසිසේත් ම බිරිඳ සමග ආර්ථික ගැටලූ පිළිබඳ සාකච්ඡා නොකළ යුතු යි. ස්වාමියාගේ ආදායම බිරිඳගේ ගේ ආදායමටත් වඩා අඩු තත්වයක පවතින අවස්ථාවක් ගැන සිතා බලමු. මෙවන් අවස්ථාවක බිරිඳක් වන ඔබ ඒ පිළිබඳ අප්‍රසාදයෙන් යුතු ව ස්වාමියා හා සාකච්ඡා කළහොත් ඔබේ කෝපය විසින් ස්වාමියාගේ ආර්ථික මට්ටම පහත හෙළන වදන් පිට කරවා ඔහු සමග මහා ආරවුලක් නිර්මාණය කරවීමට ඉඩ තිබෙනවා. ඒ නිසා ආර්ථික ප්‍රශ්නයක් පිළිබඳ සාකච්ඡා කිරීමට ප්‍රථම ඔබේ ආර්ථික පරිහානියට විවාහය හේතු වී ඇති සියලූ ආකාර අමතක කොට දමා, ආතතිය සමනය කොට, සහකරු පිළිබඳ සෙනෙහසින් යුතු ව මෙම ගැටලූව පොදු ගැටලූවක් යැයි සිතා සංසිඳීමෙන් ම සාකච්ඡාවට යොමු වන්න. මේ සඳහා මෙත් සිත වැඞීම, අන් අයත් තමන් සේ ම දුකට පත් වන බව සිහිකිරීම, ස්වාමියා ද තමා මෙන් ම සසරේ සැරිසරන අයෙකු බව සිහිකොට සම සිත් ඇති කරගැනීම, මඳ වෙලාවක් ආසනයක් මත සිට සිහියෙන් හුස්ම ගැනීම සහ හෙළීම, හෝ තම සිත් සංසිඳවිය හැකි ආකාරයේ බුදුගුණ කවි පෙළකට සවන්දීම වැනි ක්රමෝපායන් භාවිතා කළ හැකියි. එකිනෙකාව සංසුන් කරවා ගැනීම තුලින් ඔබගේ විවාහය රැකගන්නට උපකාරයක් වනවා වගේම මුදල් පිළිබඳ ප්‍රශ්ණත් විසඳා ගැනීමට එය රුකුළක් වනු ඇති බව මතක තබා ගන්න. [B][SIZE="5"] 2. ඔබේ ආර්ථික තත්වය ගැන පැහැදිලි දැක්මක් ඇති කරගන්න[/SIZE][/B] එය සතුටට කරුණක් නොවුනත් ඔබගේ සැබෑ ආර්ථික තත්වය ගැන පැහැදිලි අවබෝධයක් ඔබ දෙපළ තුල ම පැවතීම ඉතාම වැදගත් දෙයක්. ඔබ සතුව ඇති ධනය (මුදල් ප්‍රමාණය), ණය ප්‍රමාණයන් සහ හරි හම්බකරන මුදල් වියදම්වන ආකාරය ගැන ඔබ දෙපළ ම හොඳින් දැන සිටිය යුතුයි. බොහෝ වෙලාවට වැඩි වශයෙන් විය හියදම් සැකසීම සිදු කරන්නේ ඔබ දෙදෙනාගෙන් එක් අයෙක් පමණක් විය හැකියි. කෙසේ නමුත්, මුදල් පිළිබඳ ගැටළුවලට පිළිතුරු සෙවීමේදී ඔබ දෙපළම ඔබගේ සැබෑ ආර්ථික තත්වය ගැන දැන සිටීම ඉතාම වැදගත්. කිසිවක් නොසඟවා සියල්ලම ඉදිරිපත් කර දෙදෙනාම එක්වී ඒ පිළිබඳව හදාරන්න. ඒ පිළිබඳ අවබෝධයක් නොමැති වීමෙන් තමයි, ‘ආර්යා භාර්යා’ නම් පාපී භාර්යාව බිහිවන්නේ. ඇය, බඩජාරී තැනැත්තියක්. නිවැසියන්ට පරුෂ වචනයෙන් බැණ වදිමින්, ආර්යාවක් මෙන් තමයි ජීවත් වන්නේ. කොයිතරම් කෑමට රුචිකත්වයක් දක්වයි ද යත්, ඇය දින 45ක බ්‍රොයිලර් කිකිලියක් මෙන් රූපවාහිනිය ඉදිරිපස ම බලාසිටියදී ම තරබාරු වනු දැකිය හැකි යි. ඒ වගේ ම, උත්සව අවස්ථාවක දී, මිනිස් ග්‍රහණයට හසු වූ හස්ති රාජිණියක් තම ගෙලේ දම්වැල් එල්ලාගෙන මාර්ගයේ යන්නා සේ බොහෝ කොට රන් ආභරණ එක පිට එක එල්ලා ගැනීමට මැය ප්‍රිය කරනවා. ඇත්තෙන් ම ඇය නඩත්තු කිරීමට ස්වාමියාගේ වැටුප කිසිසේත් ම ප්‍රමාණවත් වන්නේ නෑ. මේ බුදුරජාණන් වහන්සේ සප්ත භාර්යා සූත්‍රයේ දී හෙළිදරව් කල පාපී භාර්යාවක් වන ‘ආර්යා භාර්යාව’ යි. මෙම තත්වය ඇති වන්නේ තම පවුලේ ආර්ථික මට්ටම පිළිබඳ ව බිරිඳ තුළ නිසි අවබෝධයක් නොමැති වීම නිස යි. [B][SIZE="5"]3. විසඳුම් කෙරෙහි අවධානය යොමු කරන්න[/SIZE][/B] මේ මුදල් අගහිඟකම් නම් වූ කටුක සත්‍යයට මුහුණ දෙනවිට කෝපය උත්සන්න වී අනෙකාට වරද පැටවීමේ නැඹුරුතාවක් දක්නට ලැබෙනවා. ඇත්තෙන් ම එපා…! එය ඔබ විවාහ ජීවිතයේ ආතති තත්වය දෙගුණ තෙගුණ කරවීමට හේතු විය හැකියි. අනිත් අතට එය ඔබව විසඳුම් කෙරෙන් ඈත් කරවන්නත් ඉඩ තිබෙනවා. මේ වෙනුවෙන් ඔබ වර්තමානයේ සිටින තත්වය පිළිඅරගත යුතු යි. ඉන්පසු අනාගත ආර්ථික ස්ථාවරත්වයකට උපකාර වන වඩාත් පැහැදිලි සැලැස්මක් ගොඩනගා ගැනීම පිණිස දෙදෙනා ම කටයුතු කළ යුතු යි. තවෙකකුට චෝදනා කිරීමට පෙර, තමා ඒ වරදෙන් නිවැරදි දැයි සොයා බලන ලෙස බුද්ධ දේශනාවේ සඳහන් වෙනවා. තමා ද සියයට එකකින් හෝ ඒ වරදට කොටස් කරුවෙක් නම්, කිසිලෙසකින් එහි වගකීම තවෙකකු පිට පවරන්න එපා. ඇත්තෙන් ම විරුද්ධ පාර්ශවය දුර්වල නම් ඒ කෙනාගේ සිතේ දැඩි මානසික පීඩනයකට එය හේතු වේවි. එසේ ම, විරුද්ධ පාර්ශවය ශක්තිමත් නම්, ඒ වරද පැටවීමෙන් ඇතිවන ආරවුල මසක් පමණ මතකයේ රැඳෙන ගුටිබැට හුවමාරුවකින් කෙළවර විය හැකියි. ඇත්තෙන් ම වැදගත් වන්නේ වරද තවෙකකුට පැටවීම නොව, සමගි ව වත්මන් තත්වයට විසඳුම් සෙවීම නොවේ ද..! ඒ නිසා ඔබේ ජීවන සහකරුවා සමග එක් වී, මේ වෙනුවෙන් පැහැදිලි ධර්මානුකූල විසඳුමක් සෙවීමට මහන්සි ගන්න. [B][SIZE="5"] 4. එකට වැඩ කරන්න[/SIZE][/B] ‘ඔලූ දෙකකින් කල්පනා කිරීම එක ඔලූවකට වඩා හොඳයි’ (Two heads are better than one) කියා බටහිර කියමනක් තිබෙනවා. ඇත්තෙන් ම දෙදෙනා විසින් ම තම ආර්ථිකය ගැන සොයා බැලිය යුතු බව මුලින් ම පෙන්වා දුන්නේ බුදුරජාණන් වහන්සේ විසින්. ඒ මීට වර්ෂ 2556කට පමණ පෙරාතුව යි. ස්වාමියාගේ කර්මාන්ත පිළිබඳව බිරිඳ විසින් ද හොඳින් සොයා බැලිය යුතු බවත් ඒ පිළිබඳව දක්ෂ විය යුතු බවත් පවසමින් උග්ග ගෘහපතිතුමාගේ නව යොවුන් දියණියට සිදු කරන අවවාදයක් අංගුත්තර නිකායේ දී අපට මුණගැසෙනවා. ඒ නිසා එකිනෙකාට සහය වීම, විවාහයක් සාර්ථක වීමට විශාල වශයෙන් හේතු වන බවයි අපට පෙනී යන්නේ. මේ නිසා, එකට එක් වී දෙපළට ම සරිලන පරිදි නිවසේ අය වැයක් සකස් කරගෙන එයට අනුකූලව කටයුතු කරන්න. එය ඔබ එකිනෙකාට මෙන්ම දරුවන් ඇත්නම් එම දරුවන්ටද ඉටු කරන යුතුකමකි. එසේ ම, ආදායමෙන් යම් කොටසක් දානයක් පිණිස වෙන් කරන්න. මසකට වරක් හෝ, මාස කිහිපයකට වරක් එළැඹෙන නිශ්චිත දිනයක දී පවුලේ සියලූ දෙනාගේ සහභාගිත්වයෙන් සංඝයා වහන්සේලාට දානයක් පූජා කොට හොඳ ධර්මානුශාසනාවකින් සිත ශක්තිමත් කරගන්න. නිවා සනසවා ගන්න. ඒ වෙනුවෙන්, ආදායමෙන් කොටසක් ‘පින’ පිණිස වෙන් කිරීම මනා පිටුවහලක් වනු ඇත. එසේ ම, පවුලේ ආර්ථික සංවර්ධනය පිලිබඳ මෙවන් සාකච්ඡාවක දී හැමවිට ම අනෙකාගේ අදහසට ගරු කරන්න. ඔබේ විවාහය සහ ආර්ථික තත්වය හොඳ වන්නේ ඔබ දෙපළ ම තම මුදල් නිසි පරිදි එකම කණ්ඩායමක් හැටියට හසුරුවන විට පමණි. ඒ නිසා සාමකාමී සාකච්ඡාවකට පෙර මේ කාරණා හොඳින් මතකයේ තබා ගැනීම වැදගත්. මිනිසත් බව දුර්ලභයි. දුර්ලභ වූ මිනිසත් බව ගෙවා දැමීමත් අතිශයින් ම දුෂ්කර කටයුත්තක්. මේ දුශ්කර ලෙස ජය ගත වූ ඉලක්කයන් ජයගැනීමට බුදුරජාණන් වහන්සේගේ ධර්මය බොහෝ සෙයින් උපකාරී වෙනවා. ඔබේ සතුට මුදල් වැනි ලාමක දේවල් වලින් බිඳී යා නො දී සාමකාමී විවාහ ජීවිතයක් ගත කිරීම උදෙසා ධර්මානුකූල දිවිපැවැත්මකට අවතීර්ණ වීමට අද පටන් මහන්සි ගන්න. [B] චින්තක සිල්වා ඕක් රිජ් ජාතික විද්‍යාගාරය අමෙරිකා එක්සත් ජනපදය[/B][/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom