පවුලේ නම්බුව රැකගන්න පියා දූවරුන් මරා දම&#3514

somadasa

Well-known member
  • Jul 3, 2009
    16,314
    982
    113
    PoosHouse
    පවුලේ නම්බුව රැකගන්න පියා දූවරුන් මරා දම&#3514

    පවුලේ නම්බුව රැකගන්න
    පියා දූවරුන් මරා දමයි!

    d7.jpg
    ලෝකයම කම්පා කළ සිදු වීමක්‌ ගැන පසුගිය සතියේ කැනඩාවේ ඔන්ටාරියෝ ප්‍රාන්තයේදී නඩු තීන්දුවක්‌ ලැබුණා. තාත්තා කෙනෙක්‌, එම තාත්තාගේ දෙවැනි බිරිඳ සහ එම තාත්තාගේ බෑණා දිවි ඇති තෙක්‌ හිරේට නියම වුණා. මේ තාත්තා කළ වරද කුමක්‌ද? තම දෙවන බිරිඳ සමග එකතු වී තමන්ගේම ලෙයින් හැදුනු සුරූපී දියණියන් තිදෙනා ඝාතනය කිරීමයි. ඒ සඳහා ඔහු තම දෙවැනි බිරියගේ පුතාද හවුල් කර ගත්තා.

    මේ පවුල ඇෆ්ගන් ජන්මයක්‌ ඇති පිරිසක්‌. ධනවත් සංක්‍රමණිකයන්ට තම රටේ නේවාසික වීසා ලබා දීමේ වැඩ පිළිවෙළක්‌ කැනඩාවේ තිබෙනවා. ඇෆ්ගනිස්‌ථානයේ තිබෙන දරුණු යුද්ධමය තත්ත්වය නිසා මේ පිරිස වසර 2001 දී කැනඩාවට සංක්‍රමණය වූණා. කැනේඩියානු සමාජය ඉතා විවෘත සමාජයක්‌. ටික කලකින්ම දැරියන් තිදෙනා, එනම් සෙයිනබ් (19) සහාර් (21) ගීති (13) රාත්‍රි ගමන් යැමටත්, සුහද -සම්භාෂණවලට සහභාගි වීමටත් ඉතා කෙටි ඇඳුම් ඇඳගෙන පින්තූරවලට පෙනී සිටින්නටත් පුරුදු වුණා. දැරියන්ගේ නියම මවගේ වයස අවුරුදු 53 යි. දෙවන බිරිඳ විසින් පළමුවන බිරිඳට සැලකුවේ වහළියකට සලකන ආකාරයටයි. ඒ අතර නව යුවලගේ පුතා ඇයට පහර දුන්නා. සැමියාත් පහර දුන්නා. එහෙත් දරුවන් වෙනුවෙන් ඒ සියල්ල දරා ගැනීමට ඇයට සිදු වුණා.

    දැරියන් තිදෙනා බටහිර ලෝකයේ ගති සිරිත් වැළඳ ගැනීම ගැන මේ මූලධර්මවාදී මුස්‌ලිම් පියා කල්පනා කළේ මහත් වෛරයෙන්. ඔවුන් තම පවුලට ද්‍රෝහී වූ බවත් අවනම්බු කළ බවත් ඔහුගේ පිළිගැනීම වූණා. ඇෆ්ගන් මූලධර්මවාදයට අනුව පවුලට අපකීර්තිය ගෙනෙන ගැහැනුන්ට අයත් වන්නේ මරණයයි. ඒ නිසා දැරියන් මැරීමට ඔවුන් තීරණය කළා.

    d7-1.jpg
    තම අප්‍රසාදය පිටතට නොපෙන්වූ පියාත් ඔහුගේ දෙවන බිරියත් පුත්‍රයාත් කැනඩාවේ ඔන්ටාරියෝ ප්‍රාන්තයේ පිහිටි නයගරා ඇල්ල බැලීමට විනෝද සංචාරයක්‌ සංවිධානය කළා. ඒ වසර 2009 දවසක. ඉන් පසු දැරියන් තුන්දෙනාගේ මළ සිරුරු සහ ගමනට එක්‌වූ ඔවුන්ගේ සැබෑ මවගේ සිරුර කිංස්‌ටන් ප්‍රදේශයේ ඇළක ගිලී තිබූ රථයක්‌ තුළ තිබී හමු වුණා. මේ විනෝද ගමන ගියේ 10 දෙනකුගෙන් සමන්විත කණ්‌ඩායමක්‌. ඔවුන් නයගරාව බලන්නට යන විට දිය ඇල්ල අසල පිහිටි හෝටලයක 10 දෙනකු සඳහා කාමර වෙන් කරගෙන තිබුණා. පසුව එන මඟදී කිංස්‌ටන් ප්‍රදේශයේදී නැවතීමට සැලසුම් කර තිබූ අතර ඒ සඳහා ඔවුන් වෙන් කර තිබුණේ හෝටල් කාමර 6 ක්‌ පමණයි. ආපසු එන ගමනේදී හතර දෙනකු අඩුවන බව ඔවුන් කල් තබාම සැලසුම් කර තිබූ හැටි මේ අනුව පොලිසියට පෙනී ගියා. පොලිසිය නිහඬව සිට දැරියන්ගේ පියාගේ නිවසේ දුරකථන සංවාද පටිගත කිරීම සඳහා උසාවි නියෝගයක්‌ ලබාගෙන පටිගත කිරීමේ කටයුතු පටන් ගත්තා.

    පියා සහ පුතා දැරියන් තිදෙනාගේ මරණ ගැන මහත් සතුටකින් පසුවන බව ඒ පටිගත කෙරුණු සංවාදවලදී හෙළි වුණා. ඔවුන් මිනීමැරුම සැලසුම් කළේ මෙසේයි. දැරියන් තිදෙනා තම සුළු මව සමග එක රථයක යනවා. එය පදවන්නේ වැඩිමහල් දියණිය. ආපසු එන අතර කිංස්‌ටන් ඇළ ඉවුරට ඇවිත් කාර් රථය නවත්වන ලෙස පිටුපසින් එන රථයේ සිටින පියා සෙලියුලර් දුරකථනයෙන් ලොකු දුවට කියනවා. ඒ සමගම පිටුපසින් එන මෝටර් රථය දැරියන් සිටින රථයේ හප්පා ඇළට තල්ලු කරනවා.

    තමන්ට මරණය අත වනන බව මේ දැරියන් තිදෙනාගෙන් බාල දියණිය දැන සිටියා. ඒ අනුව කැනේඩියානු ප්‍රාන්ත රජය හමු වූ ඇය තමන්ට රැකවරණය සලසා දෙන ලෙස ඉල්ලා තිබෙනවා. එහෙත් ඒ ඉල්ලීම ඉටු වී නැහැ.

    දැරියන් තිදෙනා අසවල් දිනයේ මැරිය යුතු බව ඔවුන්ගේ පියා හරියටම තීන්දු කර තිබෙන්නේ ඡායාරූප ඇල්බමයක්‌ දැකීමෙන් පසුවයි. දැරියන් තිදෙනා තරුණ පිරිමි ළමයින් කණ්‌ඩායමක්‌ සමග විනෝදයෙන් සිටින හැටි එම පින්තූරයේ තිබෙනවා.

    මේ නඩුව වසර 03 ක්‌ තිස්‌සේ විභාග කෙරුණා. විත්ති කරුවන් දිවි ඇති තෙක්‌ හිරේ දැමීම නිශ්ඵල බවත් ඔවුන්ද කිංස්‌ටන් ඇළට තල්ලු කර මරා දැමිය යුතු බවත් සමහරුන්ගේ මතය වී තිබෙනවා.

    ලන්ඩන් ටෙලිග්‍රාෆ්
    සංඛ්‍යානාද වෙදගෙවත්ත
     
    • Like
    Reactions: pizzu puza

    Asi R

    Active member
  • Jul 24, 2010
    514
    48
    28
    ඔහොම ගොන් වැඩ කරන උන්ගෙන් එකෙක් දෙන්නෙක් අල්ලලා වැඩක් නෑ.
    සියලු රටවල් නීති සම්පදනය කරලා හරි ඇෆ්ගන් මූලධර්මවාදය ඉවත් කරන්න ඕනේ.
    මොලේ තියෙන එකේක් හරි ඔය ඇෆ්ගන් මූලධර්මවාදයෙන් ඉවත් වෙන්නේ නැත්තේ, එහෙම කරොත් දඩුවම මරනය නිසා.(ගොන් මූලධර්මවාදය වදවීයාම වලක්වා ගන්න තමයි එහෙම නීතියක් දාන්න ඇත්තේ.)
    මේ ගොන් මූලධර්මවාදයන් ලොකයෙන් ඉවත් කරලා දාන්න කාලේ හරි.
     

    uzi101

    Member
    Dec 7, 2011
    1,677
    172
    0
    මේ මෝඩ හරක් ඔහොමමයි. අනේ අම්මපා මුන්ව උල තියලා මරන්න ඕනේ
     

    naleen rox

    Well-known member
  • Jun 2, 2011
    3,339
    853
    113
    Ceylon
    mun ithin kaloth karanne oya wage moda thirisan gon wada thama, thamange daruwanta mehema karanawanam anith minissunta monawa nokaraida?

    :no::no::no::no:
     

    Epic Madness

    Banned
    Jan 2, 2012
    1,139
    124
    0
    Canada is a very peaceful country. I don't understand why the heck they make violent acts in a such country. those people should not be executed because that's not the way in a civilized society. by giving them the life time punishment I think it proves clearly how peaceful is Canada. violent ,extremist people should not emigrate to those countries. and stay where they came from.