පශු වෛද්‍ය කේස්..

DJ චි කේ යි යා

Well-known member
  • Aug 31, 2011
    2,205
    397
    83
    මචන්ලා අපේ පැත්තට ඇවිල්ලා ඉන්න පශුවෛද්‍ය ඩොකා දැන් අවුරුදු 12ක් විතර මෙහේමයි ඉන්නේ බන්. කිසි මාරුවීමක්වත් ගන්නේ නෑ. මීට කලින් හොඳ ඩොකාලා ඇවිල්ලා මාස ගානයි හිටියේ බන් කවුරුහරි පෙත්සම් ගහලා යවනවා. මූ හද්ද අවුල් ඩොකෙක් ඒත් මූ අවුරුදු ගානක් තිස්සේ මෙහෙ. මුගේ අවුල් කියන්නේ බන් සතෙක්ව අමාරු වෙලා ගෙනිච්චොත් අනිවාර්යෙන්ම සතා මැරෙනවාමයි. මූ හැම එකටම දෙන්නේ එකම බෙහෙත් සෙට් එක. advanced ප්‍රතිකාරයක් කෙරෙන්නෙම නෑ. සතෙක්ට කැන්සර් තුවාලයක් තියේ නම් බෙටඩීන් ටිකක් ගාන්න විතරක් නිර්දේශ කරන ජාතියේ එකෙක්. තව දෙයක් බන් මූ ක්ලිනික් එකක් දාගෙන ඉන්නේ. ඉතින් අපි වැක්සින් කරගන්න පශු වෛද්‍ය කාර්යාලයට ගියොත් ජලභීතිකා එන්නත නම් විදින්න තියෙන්නේ, මූ කියනවා හවස ක්ලිනික් එකට එන්න කියලා. ඉතින් අපි ත්‍රීවීල් වලට ගෙවාගෙන හද්ද ඩොටේ තියෙන මුගේ ක්ලිනික් එකට යන්න ඕන. පශු වෛද්‍ය කාර්යාලයේම නෝටිස් එකක් ගහලා තියෙන්නේ බල්ලන්ට ප්‍රතිකාර කරන්න ඕන නම් උදේ 10ට කලින් එන්න, මූ 10න් පස්සේ ෆීල්ඩ් විසිට් යනවා කියලා. ඒක නම් මං හිතන්නේ ලීගල් ඇති ඒකනේ ප්‍රසිද්ධියේ දාලා තියෙන්නේ. ඒත් මූ 10න් පස්සේ එතන හිටියත් බෙහෙත් විදින්න නම් ක්ලිනික් එකටම ගෙන්න ගන්නවා. අපිට මෙහෙමයි කියලා මෙලෝ දෙයක් මුගෙන් කෙරෙන්නේ නෑ බන්. දැන් අවුරුදු ගානක් විදෙව්වා ඇති අපියි අපේ බල්ලොයි. මුගෙන් ගැලවෙන්නයි ඕන. උඹලට මේ සමාන අත්දැකීම් තියේද එහෙනම් මොනාද කළේ කියලා දැනගන්නයි මේක ලිව්වේ. ලියුමක් ලියලා ඉහල තැනකට දාන්න හදන්නේ දැන් නම් මං. වැඩක් වෙයිද දන්නෑ. ඒත් ඒක කරනවා. තව උඹලගේ අදහස් දැනගන්න ඕන.
     

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,422
    1
    32,093
    113
    - උඩරට -
    AIDS තියෙන ලෙඩෙක්ගෙ ලේ ටිකක් ගනින් ඉන්ජෙක්ශන් කට්ටකට..
    අරන් පරිස්සමෙන් අරන් තියපන්..
    බලු ඩොකා යන වේලාවක් බලලා ඔලුවට ගෝනීයක් දාල අර කට්ටෙන් ඇනලා ලේ ටික උගේ ඇගට දාලා උබල මාරු වෙයන් 😅
    ටික දවසකින් අරූ ගෙදර
     

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,422
    1
    32,093
    113
    - උඩරට -
    අපේ පැත්තේ එකෙක් ඉන්නවා ඌ ගෙදරත් කරනවා තව ගෙවල් වලට ගිහිල්ලත් කරනවා.. ඌ ඉන්ජෙක්ශන් එකක් ගැහුවොත් බල්ලා මැරෙනවා 😅 වැක්සීනූත් ගහනවා .. ගහලා ස්ටීකරේ අලවලා යනවා පොතේ.. ඌ වෙදකම් කරපු බල්ලෝ සේරම මැරිලා 😁 ඒ ගෙවල් වලින් ඌට සාප කරනව.

    ඌ ගැන හොය්ලා බලපුවාම ඌ ඩොකෙක් නෙවේ..ඩොකා ගාව හිටපු සේවකයෙක් 🤣 ඩොකාගෙයි උගෙයි මුල් නම එකයි.. නොදන්න එවුන් හිතන්නේ ඌ ඩොකා කියලා 🤣 මෙච්චර කල් ගහලා තියෙන්නේ එක්ස්පයර් බෙහෙත් ලු 🤣 උගේ කෙල්ල (දුව) ඉන්නේ ඕස්ට්‍රේලියාවේ. බලපන් ඉතින්..