පහන් තරුව...

Ameesha2

Well-known member
  • May 17, 2011
    678
    1,811
    93
    colombo


    අහස මේකුළු පීර පීරා නුඹ සොයයි

    සහන් තරු එලි නුඹ සොයයි

    නුඹ ලඟම රැඳි

    නුඹට නොපෙනෙන

    පහන් තරුවයි

    ඒ මමයි



    ගං දෑල දිය දෝව දෝවා

    ආදරේ දිය සරැලි නංවා

    නුඹ ඇදෙයි

    ඉවුරු තෙර මා ලතැවෙනා බව

    දන්නවා දැයි සැක සිතෙයි



    මගේ නෙතු අග පාර පාරා

    හීන සිතුවිලි සීනු හඬවා

    නුඹ සරයි

    නුඹේ නෙතු මා රිදවනා බව

    නුඹ දනීදෝ මට සිතෙයි



    ගායනය : හසරි බුලත්සිංහල

    පද රචනය : ශාන් දෙල්කඳුරාරච්චි

    සංගීතය : ජයන්ග දැඩිගම