Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
පහන් සිතින් දන්දෙමු
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පහන් සිතින් දන්දෙමු

දිනක් වච්චගොත්ත නම් පරිබ්‍රාජකයා බුදුරජාණන් වහන්සේ මුණගැසී ගරු සැලකිළි දක්වා අසනවා “ගෞතමයන් වහන්ස, ඔබ වහන්සේ මෙසේ වදාරා තිබේද? මටම දන් දෙන්න. අනෙක් ශාස්තෘන් වහන්සේලාට දන් දෙන්න එපා. මගේ ශ්‍රාවකයන්ටම දන් දෙන්න. අනෙක් ශ්‍රාවකයන්ට දෙන්න එපා. මට පමණක් දෙන දානයේ මහත්ඵල මහානිශංස ලැබෙනවා, අනෙක් අයට දෙන දානයේ මහත්ඵල මහානිශංස ලැබෙන්නේ නැහැ. මගේ ශ්‍රාවකයන්ට දෙන දානයේ මහත්ඵල මහානිංශස ලැබෙනවා අනෙක් ආගම්වල අයට දෙන දානයෙහි මහත්ඵල මහානිශංස ලැබෙන්නේ නැහැ කියා. එසේ නොමැතිනම් එය අභූතයෙන් චෝදනා කිරීමක්ද?

ඒ අවස්ථාවේ බුදුරජාණන් වහන්සේ වදාළා බ්‍රාහ්මණය, යම් කෙනෙක් මේ ආකාරයට කියනවානම් එය භාග්‍යවතුන් වහන්සේට අභූතයෙන් චෝදනා කිරීමක්. බ්‍රාහ්මණය, දන් දීමට කැමැති කෙනෙක් වෙනත් පුද්ගලයෙකු විසින් වළක්වනු ලබනවානම්, ඒ වළක්වන්නා තුන්දෙනෙකුට අනතුරක් කළා වෙනවා. ඒ

* දායකයාගේ පිනට අනතුරක් කිරීම (ඒ දානය වළක්වන්නා විසින් ඒ පින නැතිකර දමනවා.)

* ප්‍රතිග්‍රාහකයාට (දානය පිළිගන්නාට) ලැබෙන්න තිබෙන දේ (ලාභය) නැතිකර දැමීම.

* ඒ දෙකටම වැඩිය භයානක දේ තමන් විනාශ කර ගත් පුද්ගලයෙක් බවට පත්වීම.

අප දන්නවා අනුන් දෙන දානයක් තව අයෙකු වළක්වනවානම් එය කරුණාවෙන්, මෛත්‍රියෙන් කරන දෙයක් නොවේ. දෙන පුද්ගලයා ගැන හෝ ලබන්නා ගැන අනිවාර්යයෙන් ඊර්ෂ්‍යාවක් ඇතිවිය යුතුයි. ඒ දීමනාව වළක්වන විටම ඔහුගේ අධ්‍යාත්මය පිරිහෙනවා. සිත කෙලෙසෙනවා. ද්වේෂයෙන්, ලෝභයෙන්, ඊර්ෂ්‍යාවෙන්, පළිගැනීමෙන්, කුහකකමින් සිත පුරෝගෙන තමන්ගේ අභ්‍යන්තරය විනාශ කරගත් කෙනෙක් වෙනවා.

දුසිල්වතාටත් දන් දෙමුද?

අපි සිතමු ,යම් පුද්ගලයෙක් තවත් කෙනෙකුට යමක් දෙනවිට එය වැළැක්වීමේ චේතනාවෙන් කියනවානම් මෙයාගේ හැටි ඔයා දන්නේ නැහැ. මේ කරන්නේ විශාල බොරුවක් . මොනවත් දෙන්න එපා කියා එය හොඳ දෙයක් නොවේ. සොරෙකුට හරි දෙනවානම් ඒ දීමනාව තුළ දෙන පුද්ගලයාට පිනක් රැස්වෙනවා. යමක් ලබන්නා සිල්වන්ත වන තරමට ආනිශංස වැඩිබව ඇත්තයි. නමුත් නරක පුද්ගලයෙකුට හෝ හොඳ සිතින් යමක් දෙනවානම් ඒ හොඳ සිත ඇතිකර ගත් පුද්ගලයාගේ ශක්තිය වැඩිවෙනවා.

අද සමාජයේ අප දකිනවා පාරඅයිනේ, බස්නැවතුම්පළ, බස්රථවල සිඟමන් යදින අය සිටිනවා. ඔවුන් දෙස බලා යම් කෙනෙකුට අනුකම්පාවක් ඇතිවෙනවා අනේ මේ පුද්ගලයා සසරේදී නම් කිසිදු දානයක් දුන් කෙනෙක් නොවේ. ඒකයි මේ ලෙස අනෙක් අයගෙන් යදින්නේ කියා සිතා පිරිසුදු චේතනාවෙන් යමක් දීමේදී ඒ අසල සිටින තවත් පුද්ගලයෙක් කියනවා මේ වගේ මිනිස්සුන්ට දන් දෙන්න හොඳ නැහැ. මත්ද්‍රව්‍ය බොන පුද්ගලයෙක් වගේ. අප දෙන නිසයි මේ මිනිස්සු අතපය තියාගෙන හිඟා කන්නේ කියා දෙන දේ වළක්වන්නට හදනවා. එසේ නොකර අප සිතන්න ඕන මේ දේ ලබන පුද්ගලයා මේ මුදලෙන් සුරාව පානය කළත්, වෙනත් මත්ද්‍රව්‍යය භාවිත කළත්, වෙනත් වැරැදි වැඩකට යෙදවූවත් එය මට අදාල කාරණයක් නොවේ. අප සිතන්න ඕන මට මේ පිනක් කර ගන්න ළඟටම ආපු අවස්ථාවක්. හැමදාම මට මෙසේ සල්ලි දෙන්න හැකියාවක් නොතිබෙන්න පුළුවන්. ඒ වගේම දෙන්න කෙනෙක් නො ලැබෙන්නත් පුළුවන්. ඒ නිසා මට යමක් දෙන්න හැකියාව තිබියදීත්, දෙන්න කෙනෙක් සිටිද්දීත් මෙය ලබාදීම තමයි හොඳම අවස්ථාව කියා.

සැබෑ අතහැරීම

අප දන්නවා ආනිශංස වැඩිවෙන්න නම් යමක් ලබන්නාත් ඒ දේ දෙන්නාත් සිල්වත් වීම අවශ්‍යයි. මෙහිදී යමක් ලබන්නා දුස්සීලයි කියා දැනගත්විට දෙන පුද්ගලයා තවත් හොඳින් සිල්වත් වී එය ලබා දෙනවානම් එහි විශාල ආනිශංසයක් රැස්වෙනවා. යමක් ලබන්නා සිල්වන්තයි කියා දැනගත්විට දෙදෙනාගේම සිතේ කරුණාව මෛත්‍රීය පෙරදැරි වෙනවා.එය ස්වභාවයෙන්ම වෙන අතර එයට වීර්යයක් ඇතිකරගත යුතු නැහැ. නමුත් ලබන්නා දුස්සීලයි කියා දැන දැනත් ඒ දුස්සීල මිනිසා කෙරෙහි කරුණාවක්, මෛත්‍රියක් උපදවාගන්න පුළුවන්නම් එතැනයි අතහැරීමේ උපයෝගිතාව වැඩි. එය සැබෑ අතහැරීමක්. අමාරුකම්, බාධක, සිතිලිවිලි නරක අතට හැරීගෙන එද්දී ඒවා මැඩපවත්වාගෙන හොඳ අතට හරවා ගැනීම විශාල දක්ෂකමක්. සිත පැහැදුණු අවස්ථාවක යමක් අතහරිනවා කියන එක අරුමයක් නොවේ. එය කිරීම පහසුයි. අමාරු අවස්ථාවේ අතහැරීමයි දක්ෂකම වන්නේ.

උග්ග ගෘහපතියාගේ අතහැරීම

දිනක් උග්ග ගෘහපතියා ස්වාමින් වහන්සේ පිරිසක් මුණගැසී කියනවා ස්වාමිනි, මම දන් දෙන්න ඉතා කැමැතියි. දිනක් මම දානයක් දීමට සූදානම් කොට පන්සල් ගානේ ගොස් ස්වාමින් වහන්සේට ආරාධනා කළා. ඒ අවස්ථාවේ මට හිතවත් සම්‍යක් දෘෂ්ටික දෙවිවරු ඇවිත් කියනවා ගෘහපතිතුමනි, ඔබ අසවල් පන්සලේ ස්වාමින් වහන්සේට දානයට ආරාධනා කළානේ. උන්වහන්සේ ඉතාමත් සිල්වන්ත හිමිනමක්. උන්වහන්සේට දානය පූජා කිරීම ඔබගේ භාග්‍යයක්. ඒ වගේම ගෘහපතිතුමනි, ඔබ එහා පන්සලේ හාමුදුරුවන්ට දානයට ආරාධනා කළානේ. උන්වහන්සේ සකෘදාගාමි මාර්ගඵලලාභියෙක්. උන්වහන්සේට දෙන දානයත් අපතේ යාමක් නැහැ. ගෘහපතිතුමනි දකුණු ප්‍රදේශයේ පන්සලේ ස්වාමින් වහන්සේට දානයට ආරාධනා කළානේ. උන්වහන්සේ රහතන් වහන්සේ නමක්. ඒ දානය මහත්ඵලයි මහානිශංසයි. ඒ වගේම ඔබ අර ඈත තිබෙන පන්සලේ ස්වාමින් වහන්සේටත් දානයට ආරාධනා කළානේ. උන්වහන්සේ නම් දුස්සීලයි. උන්වහන්සේට දෙන දානයේ නම් ඔබට කිසිදු පිනක් රැස්නොවේ කියා කිව්වා. ඉතින් මේක විශ්වාසවන්ත ආරංචියක්. දෙවියන් විසින් කියු පණිවුඩයක්. මේ ගෘහපතියා කියනවා ස්වාමිනි, මේ භික්ෂුව දුස්සීලයි කියල දැන දැනත් මම මගේ සිත රැක ගත්තා. මගේ සිතේ කිසිදු ද්වේෂයක්, කෝපයක් හටගත්තේ නැහැ. රහතන් වහන්සේට දානය පූජා කරද්දී මගේ සිතේ යම් මෛත්‍රියක් තිබුණාද? ඒ ආකාරයෙන්ම දුස්සීල භික්ෂුවට දානය පූජා කරද්දී මගේ සිතේ මෛත්‍රිය තිබුණා කියා මේ ගෘහපතිතුමා කියා සිටියා.

ඉතින් ඔබ සිතන්න ඔබ යමක් දෙනවානම් ඒ ලබන්නා කෙරෙහි ඔබේ සිතේ ද්වේශයක්, අකැමැත්තක් හට ගන්නේ ඇයි. ඔහු දුස්සීල නිසා. අප දන්නවා දුස්සීල කෙනෙකුට යමක් දුන් විට තමන්ට ලැබෙන ආනිශංස අඩු බව. එසේ නොමැතිව අනේ මේ දුස්සීල පුද්ගලයාට පවු කරන්න භයක් නැහැනේ කියා ඔහු ගැන අනුකම්පාවෙන් නොවේ. මේ දුස්සීල පුද්ගලයාට නොදී මේ දානය සිල්වත් කෙනෙකුට දුන්නානම් මට පින වැඩියිනේ කියා අපේ සිතට යම් කෝපයක් ඉස්මතු වෙනවා. එතැන බැඳීමක්, ආශාවක් තිබෙන්නේ. යමක් ලබන්නා දුස්සීලයි කිය කියා දැන දැනත් ඒ ඇතිවන පටිඝය තරහව, මානය, ක්ලේශය මැඬපවත්වන්න පුළුවන්නම් එයයි මහත්ඵල වෙන්නේ. එතැනයි නියමාකාරයෙන් කෙලෙස් හැකිළෙන්නේ.

නියම අතහැරීම

අප ආනිශංස පැත්ත බලාගෙනම දුන්නානම් නොදැනීම සංසාරය දිගු වෙනවා. දන් දුන් නිසා භවබෝග සම්පත් ලැබුණත් ඒ සමඟම කෙලෙස් වැඩිවෙනවා. ඒ නිසා සැබෑ අතහැරීම පදනම් කරගෙන යමක් දුස්සීල කෙනෙකුට හෝ දන් දෙනවානම් එය තමයි නියම අතහැරීම. ඒ නිසා සිල්වන්තයෙකුට වුවත් අතහැරීමේ අභිලාශයෙන් කර්මඵල දැනගෙන දන් දෙනවානම්, ඒ අතහැරීමත් ඉතා හොඳ අතහැරීමක්.

ඒ නිසා අප කම්පාවෙන්න හොඳ නැහැ අපරාදේ මම මේ මනුස්සයාට මේ දේ දුන්නේ. මට නොදී ඉන්න තිබුණායි යමක් දුන් පසු සිතන්න එපා. ඒ වගේම කෙනෙක් දැන දැනම දුස්සීල කෙනෙකුට යමක් දෙනවානම් ඒ දේත් වළක්වන්න එපා. සීලවන්ත හෝ දුස්සීල හෝ මොනයම් කෙනෙකුට දන් දීමක් කරනවිට වළක්වනවානම් එය පාපයක් වෙනවා.

බුදුරජාණන් වහන්සේ වදාළා මහණෙනි, යම් කෙනෙක් මඩ ගොඩක, ජරා වළක ඉන්න සතුන් කෙරෙහි කරුණාවෙන්, මෛත්‍රියෙන් කෑම කාලා පිගාන සෝදා මේ ඉඳුල් වතුර විසි කරද්දී සිතුවොත් මේ පුංචි ඉඳුල් කෑලි කාලා පුංචි සතෙකු හරි සුවපත් වේවා කියා එයත් එක් දානයක්. ඒ අනුව අපට එදිනෙදා තුන්වේලක් දානය දෙන්න පුළුවන්. අපේ නිවසේ තිබෙන ඉඳුල් සෝදන බේසමට හෝ හොඳ චේතනාවෙන් ඉඳුල් සෝදා දමනවානම් ඒ ඉඳුල් ගසාගෙන ගොස් යම් වළකට හෝ තැනකට ඒ ජලය රැස් වෙනවා. එතැන සිටින කුඩා ජීවින්ට එය ආහාරයක්. ඒ හැඟීමෙන් අවබෝධයෙන් යුතුව යම් කෙනෙක් කටයුතු කරනවා නම් නියම අතහැරීම එයයි.

-ශ්රාස්ත්රපති,

රාජකීය පණ්ඩිත

තලල්ලේ චන්දකිත්ති හිමි

[QUOTE="kungpupanda, post: 21352803, member: 404084"] [b]පහන් සිතින් දන්දෙමු[/b] දිනක් වච්චගොත්ත නම් පරිබ්‍රාජකයා බුදුරජාණන් වහන්සේ මුණගැසී ගරු සැලකිළි දක්වා අසනවා “ගෞතමයන් වහන්ස, ඔබ වහන්සේ මෙසේ වදාරා තිබේද? මටම දන් දෙන්න. අනෙක් ශාස්තෘන් වහන්සේලාට දන් දෙන්න එපා. මගේ ශ්‍රාවකයන්ටම දන් දෙන්න. අනෙක් ශ්‍රාවකයන්ට දෙන්න එපා. මට පමණක් දෙන දානයේ මහත්ඵල මහානිශංස ලැබෙනවා, අනෙක් අයට දෙන දානයේ මහත්ඵල මහානිශංස ලැබෙන්නේ නැහැ. මගේ ශ්‍රාවකයන්ට දෙන දානයේ මහත්ඵල මහානිංශස ලැබෙනවා අනෙක් ආගම්වල අයට දෙන දානයෙහි මහත්ඵල මහානිශංස ලැබෙන්නේ නැහැ කියා. එසේ නොමැතිනම් එය අභූතයෙන් චෝදනා කිරීමක්ද? [IMG]http://www.lakehouse.lk/budusarana/2017/02/18/z_p04-Pahan.jpg[/IMG]ඒ අවස්ථාවේ බුදුරජාණන් වහන්සේ වදාළා බ්‍රාහ්මණය, යම් කෙනෙක් මේ ආකාරයට කියනවානම් එය භාග්‍යවතුන් වහන්සේට අභූතයෙන් චෝදනා කිරීමක්. බ්‍රාහ්මණය, දන් දීමට කැමැති කෙනෙක් වෙනත් පුද්ගලයෙකු විසින් වළක්වනු ලබනවානම්, ඒ වළක්වන්නා තුන්දෙනෙකුට අනතුරක් කළා වෙනවා. ඒ [COLOR=Green]* දායකයාගේ පිනට අනතුරක් කිරීම (ඒ දානය වළක්වන්නා විසින් ඒ පින නැතිකර දමනවා.) [/COLOR] [COLOR=Green] * ප්‍රතිග්‍රාහකයාට (දානය පිළිගන්නාට) ලැබෙන්න තිබෙන දේ (ලාභය) නැතිකර දැමීම. [/COLOR] [COLOR=Green] * ඒ දෙකටම වැඩිය භයානක දේ තමන් විනාශ කර ගත් පුද්ගලයෙක් බවට පත්වීම.[/COLOR] අප දන්නවා අනුන් දෙන දානයක් තව අයෙකු වළක්වනවානම් එය කරුණාවෙන්, මෛත්‍රියෙන් කරන දෙයක් නොවේ. දෙන පුද්ගලයා ගැන හෝ ලබන්නා ගැන අනිවාර්යයෙන් ඊර්ෂ්‍යාවක් ඇතිවිය යුතුයි. ඒ දීමනාව වළක්වන විටම ඔහුගේ අධ්‍යාත්මය පිරිහෙනවා. සිත කෙලෙසෙනවා. ද්වේෂයෙන්, ලෝභයෙන්, ඊර්ෂ්‍යාවෙන්, පළිගැනීමෙන්, කුහකකමින් සිත පුරෝගෙන තමන්ගේ අභ්‍යන්තරය විනාශ කරගත් කෙනෙක් වෙනවා. [CENTER] [B]දුසිල්වතාටත් දන් දෙමුද?[/B][/CENTER] අපි සිතමු ,යම් පුද්ගලයෙක් තවත් කෙනෙකුට යමක් දෙනවිට එය වැළැක්වීමේ චේතනාවෙන් කියනවානම් මෙයාගේ හැටි ඔයා දන්නේ නැහැ. මේ කරන්නේ විශාල බොරුවක් . මොනවත් දෙන්න එපා කියා එය හොඳ දෙයක් නොවේ. සොරෙකුට හරි දෙනවානම් ඒ දීමනාව තුළ දෙන පුද්ගලයාට පිනක් රැස්වෙනවා. යමක් ලබන්නා සිල්වන්ත වන තරමට ආනිශංස වැඩිබව ඇත්තයි. නමුත් නරක පුද්ගලයෙකුට හෝ හොඳ සිතින් යමක් දෙනවානම් ඒ හොඳ සිත ඇතිකර ගත් පුද්ගලයාගේ ශක්තිය වැඩිවෙනවා. අද සමාජයේ අප දකිනවා පාරඅයිනේ, බස්නැවතුම්පළ, බස්රථවල සිඟමන් යදින අය සිටිනවා. ඔවුන් දෙස බලා යම් කෙනෙකුට අනුකම්පාවක් ඇතිවෙනවා අනේ මේ පුද්ගලයා සසරේදී නම් කිසිදු දානයක් දුන් කෙනෙක් නොවේ. ඒකයි මේ ලෙස අනෙක් අයගෙන් යදින්නේ කියා සිතා පිරිසුදු චේතනාවෙන් යමක් දීමේදී ඒ අසල සිටින තවත් පුද්ගලයෙක් කියනවා මේ වගේ මිනිස්සුන්ට දන් දෙන්න හොඳ නැහැ. මත්ද්‍රව්‍ය බොන පුද්ගලයෙක් වගේ. අප දෙන නිසයි මේ මිනිස්සු අතපය තියාගෙන හිඟා කන්නේ කියා දෙන දේ වළක්වන්නට හදනවා. එසේ නොකර අප සිතන්න ඕන [COLOR=Magenta]මේ දේ ලබන පුද්ගලයා මේ මුදලෙන් සුරාව පානය කළත්, වෙනත් මත්ද්‍රව්‍යය භාවිත කළත්, වෙනත් වැරැදි වැඩකට යෙදවූවත් එය මට අදාල කාරණයක් නොවේ. අප සිතන්න ඕන මට මේ පිනක් කර ගන්න ළඟටම ආපු අවස්ථාවක්. හැමදාම මට මෙසේ සල්ලි දෙන්න හැකියාවක් නොතිබෙන්න පුළුවන්. ඒ වගේම දෙන්න කෙනෙක් නො ලැබෙන්නත් පුළුවන්. ඒ නිසා මට යමක් දෙන්න හැකියාව තිබියදීත්, දෙන්න කෙනෙක් සිටිද්දීත් මෙය ලබාදීම තමයි හොඳම අවස්ථාව කියා.[/COLOR] [CENTER][COLOR=Magenta] [/COLOR][B]සැබෑ අතහැරීම[/B][/CENTER] අප දන්නවා ආනිශංස වැඩිවෙන්න නම් යමක් ලබන්නාත් ඒ දේ දෙන්නාත් සිල්වත් වීම අවශ්‍යයි. මෙහිදී යමක් ලබන්නා දුස්සීලයි කියා දැනගත්විට දෙන පුද්ගලයා තවත් හොඳින් සිල්වත් වී එය ලබා දෙනවානම් එහි විශාල ආනිශංසයක් රැස්වෙනවා. යමක් ලබන්නා සිල්වන්තයි කියා දැනගත්විට දෙදෙනාගේම සිතේ කරුණාව මෛත්‍රීය පෙරදැරි වෙනවා.එය ස්වභාවයෙන්ම වෙන අතර එයට වීර්යයක් ඇතිකරගත යුතු නැහැ. නමුත් ලබන්නා දුස්සීලයි කියා දැන දැනත් ඒ දුස්සීල මිනිසා කෙරෙහි කරුණාවක්, මෛත්‍රියක් උපදවාගන්න පුළුවන්නම් එතැනයි අතහැරීමේ උපයෝගිතාව වැඩි. එය සැබෑ අතහැරීමක්. අමාරුකම්, බාධක, සිතිලිවිලි නරක අතට හැරීගෙන එද්දී ඒවා මැඩපවත්වාගෙන හොඳ අතට හරවා ගැනීම විශාල දක්ෂකමක්. සිත පැහැදුණු අවස්ථාවක යමක් අතහරිනවා කියන එක අරුමයක් නොවේ. එය කිරීම පහසුයි. අමාරු අවස්ථාවේ අතහැරීමයි දක්ෂකම වන්නේ. [CENTER] [B]උග්ග ගෘහපතියාගේ අතහැරීම[/B][/CENTER] [COLOR=Purple]දිනක් උග්ග ගෘහපතියා ස්වාමින් වහන්සේ පිරිසක් මුණගැසී කියනවා ස්වාමිනි, මම දන් දෙන්න ඉතා කැමැතියි. දිනක් මම දානයක් දීමට සූදානම් කොට පන්සල් ගානේ ගොස් ස්වාමින් වහන්සේට ආරාධනා කළා. ඒ අවස්ථාවේ මට හිතවත් සම්‍යක් දෘෂ්ටික දෙවිවරු ඇවිත් කියනවා ගෘහපතිතුමනි, ඔබ අසවල් පන්සලේ ස්වාමින් වහන්සේට දානයට ආරාධනා කළානේ. උන්වහන්සේ ඉතාමත් සිල්වන්ත හිමිනමක්. උන්වහන්සේට දානය පූජා කිරීම ඔබගේ භාග්‍යයක්. ඒ වගේම ගෘහපතිතුමනි, ඔබ එහා පන්සලේ හාමුදුරුවන්ට දානයට ආරාධනා කළානේ. උන්වහන්සේ සකෘදාගාමි මාර්ගඵලලාභියෙක්. උන්වහන්සේට දෙන දානයත් අපතේ යාමක් නැහැ. ගෘහපතිතුමනි දකුණු ප්‍රදේශයේ පන්සලේ ස්වාමින් වහන්සේට දානයට ආරාධනා කළානේ. උන්වහන්සේ රහතන් වහන්සේ නමක්. ඒ දානය මහත්ඵලයි මහානිශංසයි. ඒ වගේම ඔබ අර ඈත තිබෙන පන්සලේ ස්වාමින් වහන්සේටත් දානයට ආරාධනා කළානේ. උන්වහන්සේ නම් දුස්සීලයි. උන්වහන්සේට දෙන දානයේ නම් ඔබට කිසිදු පිනක් රැස්නොවේ කියා කිව්වා. ඉතින් මේක විශ්වාසවන්ත ආරංචියක්. දෙවියන් විසින් කියු පණිවුඩයක්. මේ ගෘහපතියා කියනවා ස්වාමිනි, මේ භික්ෂුව දුස්සීලයි කියල දැන දැනත් මම මගේ සිත රැක ගත්තා. මගේ සිතේ කිසිදු ද්වේෂයක්, කෝපයක් හටගත්තේ නැහැ. රහතන් වහන්සේට දානය පූජා කරද්දී මගේ සිතේ යම් මෛත්‍රියක් තිබුණාද? ඒ ආකාරයෙන්ම දුස්සීල භික්ෂුවට දානය පූජා කරද්දී මගේ සිතේ මෛත්‍රිය තිබුණා කියා මේ ගෘහපතිතුමා කියා සිටියා.[/COLOR] ඉතින් ඔබ සිතන්න ඔබ යමක් දෙනවානම් ඒ ලබන්නා කෙරෙහි ඔබේ සිතේ ද්වේශයක්, අකැමැත්තක් හට ගන්නේ ඇයි. ඔහු දුස්සීල නිසා. අප දන්නවා දුස්සීල කෙනෙකුට යමක් දුන් විට තමන්ට ලැබෙන ආනිශංස අඩු බව. එසේ නොමැතිව අනේ මේ දුස්සීල පුද්ගලයාට පවු කරන්න භයක් නැහැනේ කියා ඔහු ගැන අනුකම්පාවෙන් නොවේ. මේ දුස්සීල පුද්ගලයාට නොදී මේ දානය සිල්වත් කෙනෙකුට දුන්නානම් මට පින වැඩියිනේ කියා අපේ සිතට යම් කෝපයක් ඉස්මතු වෙනවා. එතැන බැඳීමක්, ආශාවක් තිබෙන්නේ. යමක් ලබන්නා දුස්සීලයි කිය කියා දැන දැනත් ඒ ඇතිවන පටිඝය තරහව, මානය, ක්ලේශය මැඬපවත්වන්න පුළුවන්නම් එයයි මහත්ඵල වෙන්නේ. එතැනයි නියමාකාරයෙන් කෙලෙස් හැකිළෙන්නේ. [CENTER] [B]නියම අතහැරීම[/B][/CENTER] අප ආනිශංස පැත්ත බලාගෙනම දුන්නානම් නොදැනීම සංසාරය දිගු වෙනවා. දන් දුන් නිසා භවබෝග සම්පත් ලැබුණත් ඒ සමඟම කෙලෙස් වැඩිවෙනවා. ඒ නිසා සැබෑ අතහැරීම පදනම් කරගෙන යමක් දුස්සීල කෙනෙකුට හෝ දන් දෙනවානම් එය තමයි නියම අතහැරීම. ඒ නිසා සිල්වන්තයෙකුට වුවත් අතහැරීමේ අභිලාශයෙන් කර්මඵල දැනගෙන දන් දෙනවානම්, ඒ අතහැරීමත් ඉතා හොඳ අතහැරීමක්. ඒ නිසා අප කම්පාවෙන්න හොඳ නැහැ අපරාදේ මම මේ මනුස්සයාට මේ දේ දුන්නේ. මට නොදී ඉන්න තිබුණායි යමක් දුන් පසු සිතන්න එපා. ඒ වගේම කෙනෙක් දැන දැනම දුස්සීල කෙනෙකුට යමක් දෙනවානම් ඒ දේත් වළක්වන්න එපා. සීලවන්ත හෝ දුස්සීල හෝ මොනයම් කෙනෙකුට දන් දීමක් කරනවිට වළක්වනවානම් එය පාපයක් වෙනවා. බුදුරජාණන් වහන්සේ වදාළා මහණෙනි, යම් කෙනෙක් මඩ ගොඩක, ජරා වළක ඉන්න සතුන් කෙරෙහි කරුණාවෙන්, මෛත්‍රියෙන් කෑම කාලා පිගාන සෝදා මේ ඉඳුල් වතුර විසි කරද්දී සිතුවොත් මේ පුංචි ඉඳුල් කෑලි කාලා පුංචි සතෙකු හරි සුවපත් වේවා කියා එයත් එක් දානයක්. ඒ අනුව අපට එදිනෙදා තුන්වේලක් දානය දෙන්න පුළුවන්. අපේ නිවසේ තිබෙන ඉඳුල් සෝදන බේසමට හෝ හොඳ චේතනාවෙන් ඉඳුල් සෝදා දමනවානම් ඒ ඉඳුල් ගසාගෙන ගොස් යම් වළකට හෝ තැනකට ඒ ජලය රැස් වෙනවා. එතැන සිටින කුඩා ජීවින්ට එය ආහාරයක්. ඒ හැඟීමෙන් අවබෝධයෙන් යුතුව යම් කෙනෙක් කටයුතු කරනවා නම් නියම අතහැරීම එයයි. -ශ්රාස්ත්රපති, රාජකීය පණ්ඩිත [URL="http://www.lakehouse.lk/budusarana/2017/02/18/tmp.asp?ID=fea02"][B]තලල්ලේ චන්දකිත්ති හිමි[/B][/URL] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom