පහරකෑමෙන් වැටුණු කෙනා මියගියේ හෘදයාබාධය&

thinking_guy

Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    පහරකෑමෙන් වැටුණු කෙනා මියගියේ හෘදයාබාධය&

    විජේබාහු ගුණවර්ධන විදුහල්පතිවරයෙකි. ඔහු දිගු කලක සිට ඉඩම් නඩුවක පැටලී සිටියේය. මේ ඉඩම් නඩුවට පැටලී සිටි
    අනෙක් පාර්ශ්වයන්ද සුළු පටු අය නොවේ. ඉංජිනේරුවරයෙක්, වෛද්‍යවරයෙක් සහ පෞද්ගලික ආයතනයක කළමනාකරුවෙක්
    ඒ අය අතර වූහ. මේ ඉඩම් හුටපටය එකිනෙකා කෙරෙහි වෛරයෙන් වෙළෙන බැණ අඬ ගසා ගැනීම් සිදුකෙරෙන තරමටම ඔඩු දුවා තිබිණ.


    දිනක් ගුණවර්ධන මහතා රාජකාරී ගමනක් ගොස් ආපසු නිවසට පැමිණෙමින් සිටියේ සිය යතුරු පැදියෙනි. ඒ වන විට වෙලාව රාත්‍රි
    හතට පමණ වන්නට ඇත. නිවසට ආසන්නයේ පාළු ස්ථානයකදී පොල්ලක්ද රැගෙන පාර හරස් කළ ඉඩම් නඩුවේ එක් පාර්ශ්වකරුවෙක්
    ඔහු සමග ගැටුමකට සැරසුණේය.
    තමුසෙට මේ ඉඩමේ කිසිම අයිතියක් නැහැ. තමුසේ දැන්වත් මේකෙන් අයින්වෙලා යනවා.
    ‘‘ඇයි තමුසේ මට තර්ජනයක්ද කරන්නේ? ඒක අපේ සීයගෙන් අපිට අයිතිවුණ ඉඩමක්. තමුසෙලා තමයි පිටින් කඩාවැටිලා ඉඩම
    අයිති කරගන්න දඟලන්නේ. ඉතිං මං මොකටද නඩුවෙන් අයින් වෙන්නේ. අනික මම නඩු දැම්මේ නැහැනේ. තමුසෙලානේ නඩු දැම්මේ.’’
    ‘‘ආ එහෙමද? නඩුවෙන් බැරි නම් අපි තමුසෙව මෙහෙම හරි යවන්න ලෑස්තියි’’ කියමින් පොල්ලත් රැගෙන ඉදිරියට පැන්න පුද්ගලයා
    ගුණවර්ධන මහතාට පහර පිට පහර දෙන්නට විය. ඔහු යතුරු පැදියෙන් වැටුණ පසුව පහරදීම අතහැර දැමූ පහරදුන් පුද්ගලයා පලාගියේය.

    image_28ad5f5aa4.jpg


    මාර්ගයේ ගමන් ගත් පුද්ගලයෙක් ගුණවර්ධන මහතා වැටී සිටිනු දැක නිවැසියන්ට පණිවුඩය දුන්නේය. පසුව අසල්වැසියන්ද සමග එක්ව
    ගුණවර්ධන මහතාගේ බිරිඳ හා පුතා ගුණවර්ධන මහතාව රෝහල් ගත කළේය. එහෙත් ඒ වන විටත් ඔහු මියගොස් ඇතැයි වෛද්‍යවරු පැවසූහ.
    ගුණවර්ධන මහතා මිය යාමත් සමග ඔහුට පහරදුන්නේ යැයි සැකපිට ඉඩම් නඩුවේ එක් පාර්ශ්වකරුවෙකු අත්අඩංගුවට ගනු ලැබිණ. සිරුර
    පශ්චාත් මරණ පරීක්ෂණයට යොමු කරනු ලැබිණ. මරණය සිදුවූයේ කෙසේද යන්න නිශ්චිතවම කිව හැක්කේ පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාව
    නිකුත් කළ පසුවය.
    මිය ගිය ගුණවර්ධන ඉස්කෝලේ මහත්තයාගේ සිරුරේ පිටින් පැවති තුවාල පළමුව අධිකරණ වෛද්‍යවරයාගේ පරීක්ෂණයට ලක් විය. පිට
    දෙපැත්තේම සෙන්ටීමීටර් 1.5ක් පමණ පළල සෙන්ටි මීටර් විස්සක් පමණ දිග එක ළඟ සමාන්තරව විහිදුණ තැළුම් තුවාල දෙකක් දක්නට
    ලැබිණ. මේ තුවාල දෙක මැද සෙන්ටීමීටර් 03ක් පමණ පළල හිස් ඉඩක් තිබූ අතර එහි කිසිදු තුවාලයක් නොවීය. මේ තැළුම් තුවාල දෙක ඉහළ
    කෙළවරෙන් එකට සම්බන්ධ වී තිබේ. මේ ආකාරයට පිටෙහි වම් පැත්තෙත් දකුණු පැත්තෙත් තුවාල දක්නට ලැබිණ.
    වෙනත් තුවාල දක්නට නොවූ අතර සිරුර කපා පරීක්ෂා කරනු ලැබිණ. එහිදී පිටෙහි වම්පැත්තේ තුවාලයට යටින් හතරවෙනි හා පස්වෙනි ඉළඇට
    කැඩී ඇති බව දක්නට ලැබිණ. පෙනහලුවලට පිටින් පපු කුහරයේ මිලිලීටර් 400ක පමණ රුධිරය ප්‍රමාණයක් එකතු වී තිබිණ. වම් පෙනහැල්ල
    අර්ධ වශයෙන් ඇකිලී තිබෙන ආකාරයක්ද දැකිය හැකි විය.
    හෘදය වස්තුවේ වම් කිරීටක ධමනියේ ඇතුළත කොලෙස්ටරෝල් තැන්පත් වීම නිසා එහි රුධිර ගමනාගමනය 90%ක් පමණ අවහිර වී තිබිණ.
    මෙවැනි අයෙකුගේ හෘදය වස්තුවේ මාංශ පේශිවලට රුධිර ගමනාගමනය අවහිර වේ. එය හෘදයාබාධ තත්ත්වයක් ඇතිවීමේ ලක්ෂණයකි.


    ගුණවර්ධන ඉස්කෝලේ මහත්තයාගේ හෘදය පරීක්ෂා කිරීමේදී පැය විසිහතරක් ඇතුළත හෘදයාබාධයකට ලක්වූ ලක්ෂණ දැකිය හැකි විය. හෘදය
    වස්තුවේ එක් පැත්තක මාංශ පේශි රතු වී තිබිණ. එම කොටසෙන් සාම්පලයක් රසායනාගාර පරීක්ෂාවට ලක් කරනු ලැබිණ. එහිදී අන්වීක්ෂීය
    පරික්ෂාවට ලක් කළ පේශි කොටසේ සෛල පැය විසිහතරක් වැනි කාලයක් ඇතුළත මිය යන්නට පටන්ගෙන තිබූ බව දැකිය හැකි විය. එනම්
    ගුණවර්ධන මහතා මිය යන්නට පෙර හෘද පේශිවල කොටසක් මිය යන්නට පටන් ගෙන තිබූ බව තහවුරු විය. පෙනහලු ඉදිමී ඇති ආකාරයක්ද
    දැකිය හැකි විය. ඒ අනුව මොහුගේ මරණය සිදුව තිබෙන්නේ හෘදයාබාධයකින් බව අධිකරණ වෛද්‍යවරයා නිගමනය කළේය.
    එසේ නම් ගුණවර්ධන ඉස්කෝලේ මහත්තයාට පහරදුන්නැයි සැකපිට අත්අඩංගුවට ගත් පුද්ගලයා ඝාතන චෝදනාවෙන් නිදහස් වන්නේද?
    එය එකවර තීරණය කළ නොහැකිය. මරණකරු මිය ගියේ හෘදයාබාධයකින් වුවත් ඔහුට හෘදයාබාධය ඇති වුණේ කෙසේද යන නිගමනය
    කිරීමටද අධිකරණ වෛද්‍යවරයාට වගකීමක් පැවරේ.


    මරණයට පත් ගුණවර්ධනගේ බිඳී ගිය ඉළ ඇට දෙකකට ඇතුළතින් පෙනහලුවලට පිටින් හෘද කුහරයේ රුධිරය විශාල වශයෙන් එකතුවී තිබූ
    බව අප මීට පෙර සඳහන් කර තිබේ. මෙලෙස අධික වශයෙන් රුධිරය එක තැනක එකතුවීම නිසා රුධිර නාලිකාවල රුධිරය අඩුවේ. සිරුරේ
    මාංශ පේශිවලට ඔක්සිජන් ප්‍රවාහනය කරනු ලබන්නේ රුධිරයේ රතු රුධිරානු තුළිනි. රුධිර නාලිකාවල රුධිරය අඩුවීමෙන් ඔක්සිජන් සැපයීම
    අඩුවේ. ඒ නිසා සෛලවල ක්‍රියාකාරිත්වය අඩපණ වේ.
    පහරදීම නිසා ඇතිවන බිය වීමෙන් හා කලබලකාරීත්වය විසින් ඇඩ්‍රිනලින් හෝමෝනය වැඩිපුර ශ්‍රාවය වේ. මෙම හෝමෝනය පුද්ගලයෙකු
    තුළ ආතතිය ඇති කිරීමට සමත් වේ. අධික ලෙස ඇඩ්‍රිනලින් ස්‍රාවය වීම නිසා හෘදය වස්තුවේ ස්පන්දනය අධික ලෙස වේගවත් වේ. හෘද ස්පන්ධනය
    වැඩිවන විට ඒ සමග මාංශ පේශිවල ක්‍රියාකාරිත්වය වැඩිවේ. එහෙත් එසේ ක්‍රියාකාරී වීමට නම් සෛලවලට හොඳ ඔක්සිජන් සැපයුමක් අවශ්‍ය
    වේ. එහෙත් ගුණවර්ධනගේ කිරීටක ධමනි අවහිර වීම නිසා රුධිර සැපයුම අඩුය. එසේම පහරදීම නිසා ශරීර අභ්‍යන්තරයේ ඇති වූ තුවාල
    හේතුවෙන් පපු කුහරයේ අධික ලෙස රුධිරය එකතු වීමෙන් ගුණවර්ධනගේ රුධිර නාලවල රුධිරය අඩුවීමත් රතු රුධිරානු අඩුවීමත් නිසා
    මාංශ පේශිවලට ඔක්සිජන් සැපයුම අඩාල වී ඇත.


    මේ නිසා ගුණවර්ධනගේ හෘද පේශිවල සෛල මිය යාම ආරම්භ වී ඇත. ගුණවර්ධනගේ මිය යාමට හේතුව හෘදය වස්තුවේ ක්‍රියාකාරිත්වය
    අඩපණ වීමය. එනම් ඔහු හෘදයාබාධයකට ගොදුරු වීමය.


    කිරීටක ධමනි අවහිර වීම ඔහුගේ හෘදයාබාධයට හේතු වන නමුත් මෙම අවස්ථාවේ එය සිදුව තිබෙන්නේ පහරදීම නිසා ඇතිවූ බිය වීමෙන්
    අධික ලෙස ඇඩ්‍රිනලීන් ස්‍රාවය වීම සමග සිදුවන හෘද ස්පන්දනයේ වේගය වැඩිවීමත්, ඒ වේගයට සරිලන පරිදි හෘද පේශිවලට ඔක්සිජන්
    සැපයුම අඩාළ වීමත්, එසේ අඩාළවන්නේ පහරදීම නිසා රුධිර නාලවලින් අධික ලෙස රුධිරය පිටවී පපු කුහරයේ තැන්පත් වීමෙන් සිරුරේ
    ක්‍රියාකාරිත්වය පවත්වාගෙන යාමට ප්‍රමාණවත් පරිදි රුධිර නාලවල රුධිරය නොමැති වීමත්, නිසාය.
    ඒ අනුව මරණයට හේතුව හෘදයාබාධයක් වුවත් එය මේ මොහොතේ ඇති වූයේ පහරදීම නිසා බවට නිගමනය කරනු ලැබීමෙන් අත්අඩංගුවට
    ගත් සැකකරුට එරෙහිව ඝාතන චෝදනා ගොනු කළ හැකි විය.


    (මෙහි එන නම් ගම් මනඃකල්පිත ඒවා බව කරුණාවෙන් සලකන්න.)


    හලාවත මහ රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍ය රමේෂ් අලගියවන්න මහතා සමග කළ සාකච්ඡාවක් ඇසුරෙන් ලිව්වේ මුදිතා දයානන්ද


    උපුටාගැනීම ලංකාදීප
     

    The Hacker

    Well-known member
  • Oct 22, 2012
    2,726
    1
    2,428
    113
    127.0.0.1
    BUMP
    මගෙත් ආසම ෆීල්ඩ් එකක් අධිකරණ වෛද්‍ය පරීක්ෂණ ... කොහෙද මෙඩිසින් කලේ නෑ නේ යන්න
     

    The Hacker

    Well-known member
  • Oct 22, 2012
    2,726
    1
    2,428
    113
    127.0.0.1
    සාවධ්‍ය මිනිමරුමකට වැරදිකරු වෙන්නේඑතකොට මරණ දඩුවම / ජිව්තාන්තය දක්වා සිර දඩුවම් දෙන්නේ නෑ , උපරිම බරපතල වැඩ සහිත අවුරුදු 6 ක සිර දඩුවම් ද කොහෙද
     

    ruwantheekshana

    Well-known member
  • Mar 10, 2008
    5,878
    1,328
    113
    සාවධ්‍ය මිනිමරුමකට වැරදිකරු වෙන්නේඑතකොට මරණ දඩුවම / ජිව්තාන්තය දක්වා සිර දඩුවම් දෙන්නේ නෑ , උපරිම බරපතල වැඩ සහිත අවුරුදු 6 ක සිර දඩුවම් ද කොහෙද


    Saawadya Kiwwe?
     

    JohnnySS

    Well-known member
  • Apr 17, 2018
    3,371
    541
    113
    කොහෙවත් නෑ
    මරණ චේතනාවක් තිබිල නෑනෙ. බය කරන්න ගහල තියෙන්නෙ
    උඹද ගැහුවේ...:sorry:
    ඒක තේරෙනව බන්...කරන්න දෙයක් නෑ...ඌ එහෙම කිව්වට දඩුවම ෂුවර්...සාපරාදී ක්‍රියාවක්...ඌ සැලසුම් කරලනේ ගැහුවේ...
     

    The Hacker

    Well-known member
  • Oct 22, 2012
    2,726
    1
    2,428
    113
    127.0.0.1
    Saawadya Kiwwe?

    මරණ චේතනාවකින් තොරව , වක්‍රාකාරව මරපු එකක් කියලා ඔප්පු කරන්න පුළුවන් උනොත් සාවධ්‍ය මරණ කියලා සලකන්නේ .