පළාත්සභා_ඡන්දෙ?

Indika Buddika

Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    පළාත්සභා_ඡන්දෙ?

    ජනාධිපතිවරණයකට පෙර පළාත් සභා මැතිවරණයක් - ජනපති දන්වයි
    maithri.jpg


    ජනාධිපතිවරණයක් පිළිබඳව විවිධ කතා නිර්මාණය කරමින් මේ වන විටත් පැවැත්විය යුතුව ඇති පළාත් සභා මැතිවරණය කල් දැමීමට ඇතැම් පිරිස් කටයුතු කරමින් සිටින බව ජනාධිපතිවරයා පවසයි.

    මේ වන විට පළාත් සභා 06 ක කටයුතු අක්‍රීය වී තිබෙන අතර එය ප්‍රජාතන්ත්‍රවාදයට කිසිසේත් හිතකර තත්ත්වයක් නොවන බව පෙන්වා දූන් ජනාධිපතිවරයා 13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මගින් අපේක්ෂා කළ අරමුණුවලට ද පටහැනි බව සඳහන් කළේය.

    එබැවින් ජනාධිපතිවරණයක් ගැන කථා කරන අය ඊට පෙර පළාත් සභා මැතිවරණයකට සූදානම් විය යුතු බව සඳහන් කළ ජනාධිපතිවරයා තමන් ඒ පිළිබඳ මේ වන විටත් මැතිවරණ කොමසාරිස්වරයා සමඟ සාකච්ඡා කර තිබෙන බව ද කියා සිටියේ ය.

    ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඉදිරි ප්‍රතිසංවිධාන කටයුතු පිළිබඳ පළාත් මට්ටමින් අදාළ සංවිධායකවරු කැඳවා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන සාකච්ඡා මාලාවේ ඌව සහ මධ්‍යම පළාත් සංවිධායකවරු සමඟ හමුවට අද (13) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේය.

    මෙහිදී අදහස් දැක්වූ ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ ඉතා ඉක්මනින් පළාත් සභා මැතිවරණයක් පවත්වා ජනතාවගේ ඡන්ද අයිතිය ලබා දීමට කටයුතු කළ යුතු බවයි.

    එමෙන්ම නව අමාත්‍ය මණ්ඩලය පත් කර සති 03 කට වැඩි කාලයක් ඉක්ම ගිය ද ඒ ඒ අමාත්‍යංශවලට අදාළ සංස්ථා, මණ්ඩල සහ ව්‍යවස්ථාපිත ආයතන සඳහා සභාපතිවරු සහ අධ්‍යක්ෂ මණ්ඩල පත් නොකිරීම පිළිබඳව ඇතැම් පාර්ශවයන් ජනාධිපති කාර්යාලයට ඇගිල්ල දිගු කරමින් සිටින බව පැවසු ජනාධිපතිවරයා එය සම්පූර්ණයෙන් වැරදි මතයක් බව කියා සිටියේ ය.

    මෙම තත්ත්වයට අදාළ අමාත්‍යාංශ වගකිව යුතු අතර එමෙන්ම අදාළ නිර්දේශ අග්‍රාමාත්‍ය කාර්යාලය විසින් ජනාධිපති කාර්යාලය වෙත ඉදිරිපත් නොකිරීම මෙම ප්‍රමාදයට හේතු වී ඇති බව පෙන්වා දූන් ජනාධිපතිවරයා මේ පිළිබඳ කිසිදූ වගකීමක් ජනාධිපති කාර්යාලය භාර නොගන්නා බව සඳහන් කළේය.

    කෙසේ වෙතත් සංස්ථා, මණ්ඩල හා ව්‍යවස්ථාපිත ආයතන සඳහා සභාපතිවරු සහ අධ්‍යක්ෂ මණ්ඩල පත් කිරීමේදී ඒ සඳහා නිර්දේශ ඉදිරිපත් කිරීමට පත් කළ කමිටුව හරහා අනිවාර්යයෙන් එම කටයුතු සිදූ විය යුතු බව ජනාධිපතිවරයා වැඩිදුරටත් අවධාරණය කළේය.

    ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ජ්‍යෙෂ්ඨ උප සභාපති නිමල් සිරිපාල ද සිල්වා මහතා, ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහ ලේකම් දයාසිරි ජයසේකර මහතා, පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා මහතා, ඌව පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය චාමර සම්පත් දසනායක යන මහත්වරුන් ඇතුළු පිරිසක් ද මීට එක්ව සිටියහ.


    Source: Gossiplankanews
     

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,897
    2
    115,949
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    පරණ ක්‍රමේට පුලුවන් ඇති..පළාත් සභා මැතිවරණය කල් දාන්නෙ නම් ඉතින් දිනන,පරදිල සීන් එක දිගටම ජනාධිපතිවරණෙට සහ 2020 පාර්ලිමේන්තු මැතිවරණෙටත් වෙයි කියල වෙන්ඩ ඇති,ඒක අවාසියිනෙ..ජනාධිපතිවරණෙකදි ඉල්ලන්නෙ එක්කෙනෙක් නිසා ගොඩදාගන්න එක ලේසියි කියල හිතනව ඇති. :rolleyes:
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඉක්මනට තියන්න අපිට ටිකක් විනෝද වෙන්න :yes: මේ ටිකේ කිසි ගතියක් නෑ නෙ හරිම කම්මැලියි :no:
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ඡන්දෙට කැමතියි අකමැතියි විදියට උන් උන්ම බෙදි බෙදී කියවනවා...
    අපිට කිය කිය ඉන්න නෙවෙයි දැනටම අවුරුද්දක් ගිහිල්ලා පරක්කු වෙලා..
    තොපි තීරණයක් අරගනිව් පාර්ලිමේන්තුවේදී අලුත් ක්‍රමේද පරණ ක්‍රමේද කියලා..
    එක්කො ඡන්දේ තියපියව් නැත්තන් ඕවා කැන්සල් කරපියව් :baffled::rofl: