ප්ලාස්ටික් බෝතල් වල අඩියේ ඇති ලේබලයේ සදහ&#3505

dynamite1234

Well-known member
  • Apr 17, 2014
    5,303
    2,275
    113
    ප්ලාස්ටික් බෝතල් වල අඩියේ ඇති ලේබලයේ සදහ&#3505

    ප්ලාස්ටික් බෝතල් අද පරිසරයටද මහත් ව්‍යසනයක් බවට පත්වී ඇත. එමෙන්ම ප්ලාස්ටික් බෝතල් භාවිතා කිරීමෙන් ශරීරය සෞඛ්‍යටද බලපෑමක් ඇතිවේ. ඔබ මිලදී ගන්නා ප්ලාස්ටික් බීම බෝතල් වල අඩියේ සංකේත හා අක්ෂර දක්වා තිබෙනවා ඔබ දැක ඇති. එහෙත් ඒවයේ තේරුම් ඔබ දැන සිටියාද? පහත දැක්වෙන්නේ එවැනි සංකේත හා අක්ෂර වල දක්වා ඇති දේවල් ගැනයි.

    01. PET හෝ PETE
    මෙම බෝතල් වර්ගය එක් වරක් පමණක් භාවිතය සදහා නිපදවා ඇත. නැවත නැවත භාවිතා කිරීමේදී මෙම බෝතලය නිපදවීමට යොදාගන්නා අමුද්‍රව්‍ය වලින් පිටකරන දෑ ශරීරයේ හෝමෝන ක්‍රියාකාරිත්වයට බාධා ඇති කළ හැකි අතර මේවා පිළිකා කාරකද වේ.

    02. HDP හෝ HDPE
    භාවිතයට වඩාත් සුදුසුම ප්ලාස්ටික් අමුද්‍රව්‍ය යොදාගෙන නිර්මාණය කර ඇත. සෞඛ්‍ය කෙරෙහි අඩුම බලපෑමක් ගෙන දෙන බෝතල් වර්ගය මෙයයි.

    03. PVC හෝ 3V
    මෙම බෝතල් නිෂ්පාදනය කිරීම සදහා විෂ රසායන ද්‍රව්‍යයත් භාවිතා කරන නිසා නැවත නැවත භාවිතා කිරීම සුදුසුම නැත. එමෙන්ම මේවා පිළිස්සීමේදී නිකුත්වන වායුව ආඝ්‍රානය කිරීමත් සෞඛට දැඩි තර්ජනයක් ඇතිකෙරේ.

    04. LDPE
    මෙම ප්ලාස්ටික් වර්ගය බොහෝ විට ප්ලාස්ටික් මලු නිෂ්පාදනය කිරීමට යොදාගනී. ශරීරයට ඇති අවධානම අඩුය. එහෙත් දිරාපත් නොවන නිසා පරිසරයට හානිකරය.

    05. PP
    මෙයත් අඩු අවදානම් සහිත ප්ලාස්ටික් වර්ගයකි. යෝගට් ඇසුරුම් හා ඖෂධ බහාලුම් නිෂ්පාදනය කිරීමට යොදාගනී

    06. PS
    මෙම ප්ලාස්ටික් වර්ගය Stiren නැමති පිළිකාකාරකය නිකුත් කරයි. මේවා බොහෝවිට භාවිතා වන්නේ ආහාර ඇසුරුම් කිරීමට හා කෝපි කෝප්ප නිෂ්පාදනය කිරීමටයි.

    07. PC හෝ කිසිවක් සදහන් නොවන
    භාවිතා කිරීමට නුසුදුසුම ප්ලාස්ටික් වර්ගය මෙයයි. මෙය නිෂ්පාදනය කිරීමට යොදාගන්නා අමුද්‍රව්‍ය වල BPA අඩංගු වේ.


    plasticnumbers.png



    මින් පසු ඔබ ප්ලාස්ටික් බීම බෝතල් මිලදී ගන්නේනම් විෂ අඩුම HDPE/PP බෝතල් මිලට ගන්න. PETE/PVC/PS/PC ප්ලාස්ටික් භාවිතය අවම කරන්න. මේවා නැවත නැවත භාවිතා කිරීමෙන් වළකින්න.

    Source -Srilife.lk/topics/health-beauty/ප්ලාස්ටික්-බෝතල්-වල-අඩියේ-ඇති-ලේබලයේ-සදහන්-වන-දේ-ඔබ-දැනසිටියාද
     
    • Like
    Reactions: Podi Dagaya