ප්‍රංශ ජාතිකයා ඝාතනය කරයි

Lewke

Member
Jun 4, 2014
5,523
581
0
In the darkness
ප්‍රංශ ජාතිකයා ඝාතනය කරයි

ඇල්ජීරියාවේදී පැහැරගත් ප්‍රංශ ජාතිකයා ඝාතනය කරයි

is-jihadists-behead-frenchman.si.jpg


පසුගිය ඉරිදා දිනයේදී ඇල්ජීරියාවේදී ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්තාවාදී සංවිධානයට සම්බන්ධ කණ්ඩායමක් විසින් පැහැරගැනීමට ලක්වූ ප්‍රංශ ජාතික හරවේ ගවුඩෙල් හිස ගසා ඝාතනය කර ඇතැයි වාර්තා වී තිබේ. මෙම ඝාතනය ප්‍රකාශයට සැලවීමත් සමග ප්‍රංශ ජනාධිපති ෆ්‍රන්කොයි හොලැන්ඩේ එක්සත් ජාතීන්ගේ මහ සමුළුව අමතමින් පවසා ඇත්තේ මෙම ඝාතනය අමානුෂික සහ බියගුලු ක්‍රියාවක් ලෙසය.

ඔහු වැඩිදුරටත් එහිදී ප්‍රකාශ කර ඇත්තේ ත්‍රස්තවාදීන්ට එරෙහි සටන නොනවත්වා ක්‍රියාත්මක කළ යුතු බවත් එය වේගවත්ව කළ යුතුය යන්නයි. එසේම ප්‍රංශය ආරම්භ කළ ගුවන් ප්‍රහාර ඉරාකයේ සහ සිරියාවේ තවදුරටත් ක්‍රියාත්මක කරන බවත් පවසා ඇත.

අප ත්‍රස්තයන්ට එරෙහි සටන දිගටම සිදුකරන බවත් විශේෂයෙන් ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්ත කල්ලිය මේ වන විට සිදුකරමින් සිටින ක්‍රියාදාමයන්ට විරුද්ධව කුමන ප්‍රදේශයක වුවද සටන් කිරීමට සූදානම් බවත් ප්‍රකාශ කර ඇත.

මෙම ඝාතනය සිදුවූ ඇල්ජීරියාවේ බලධාරීන් නිවේදනයක් මගින් ප්‍රකාශයට පත්කර ඇත්තේ මෙම ඝාතනයට සම්බන්ධවූවන් නීතියේ රැහැනට කොටුකර ගැනීම සඳහා සෑම පියවරක්ම ගැනීමට සූදානම් බවය. එරට විදේශ අමාත්‍ය රම්ටානේ ලමාම්රා සඳහන් කර ඇත්තේ තම රට ත්‍රස්තවාදයට කිසිසේත් හිස නමන්නේ නැති බවත් මෙම සිද්ධිය හේතුවෙන් තමන් තව තවත් ශක්තිමත්ව සටන් වැදීමට ක්‍රියාකරන බවත් ප්‍රකාශ කර ඇත.

ඇල්ජීරියාවේ අල්-කිලාෆා ත්‍රස්ත කල්ලිය 55 හැවිරිදි නර්වේ ගවුඩෙල් ඝාතනය ප්‍රදර්ශනය කෙරෙන වීඩියෝ පටයක් නිකුත් කර එය සනාථ කර ඇත. එහි වැඩිදුරටත් අන්තර්ගතවී ඇත්තේ ප්‍රංශ රජයට රුධිරය තුළින් කෙරෙන දැන්වීමක් ලෙස මෙය ප්‍රකාශයට පත්කළ බවත්ය.

මීට සතියකට පෙරද මෙම ඉස්ලාමිය ත්‍රස්තවාදීහු මෙවන් අයුරින්ම ඇමෙරිකානු මාධ්‍යවේදීන් දෙදෙනෙකු සහ බ්‍රිතාන්‍ය සහන සේවකයකුද ඝාතනයට ලක්කර තිබිණ. දැනට ඔවුන්ගේ අත්අඩංගුවට පත්ව සිටින බ්‍රිතාන්‍ය ජාතිකයකුද ඝාතනය කරන බවට අනතුරු හඟවා ඇත.

පසුගිය ඉරිදා මෙම කල්ලිය නිවේදනයක් මගින් ප්‍රකාශ කර තිබි ඇත්තේ ඇමෙරිකානුවන් සහ බටහිර සුදු ජාතිකයින් ඉලක්ක කර ප්‍රහාර සිදුකරන බවත් විශේෂයෙන් යුරෝපීය රටක් වන ප්‍රංශය මෙහිදී මුල්තැනට තබන බවය.


Rivira . lk​
 

waruna87

Well-known member
  • Apr 22, 2014
    555
    81
    83
    Eheliyagoda
    පසුගිය අගොස්තු මාසයේදී ජනපති මහින්ද රාජපක්ෂ මහතා කළ නිවේදනය අනුව පලස්තීනයට ඇමෙරිකානු ඩොලර් මිලියනයක මූල්‍ය පරිත්‍යාගය ඊයේ (25දා) සවස ලබාදුන් බව ජනපති මාධ්‍ය ප්‍රකාශක හා ජාත්‍යන්තර මාධ්‍ය ඒකකය කියයි:growl::growl::growl::growl::growl:
     
    Last edited: