Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
iphone x used
AssassiN1
Updated:
Yesterday at 10:30 PM
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Saturday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
ElaKiri.com
News and Updates
ප්‍රගීත් අතුරුදහන් කළ අය පස් වසක් නිදැල්ල
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ප්‍රගීත් අතුරුදහන් කළ අය පස් වසක් නිදැල්&#3517

ප්‍රගීත් අතුරුදහන් කළ අය පස් වසක් නිදැල්ලේ

ප්‍රගීත් එක්නැලිගොඩ: පස් වසක් නිහඬ තිස් වසක අරගලකාරී ජීවිතයක්

අපේ ජීවිතවලට ලහි ලහිව අන්ධකාරය කඩාවැටෙමින් තිබූ භීම සමයෙක, මානවීය මිත්‍ර සන්ථවයට මුල් ඇදෙන්නට හැකි ගැඹුරුම තැනුත්, අවස්ථාවාදී උපයෝගීතාවට පාවෙන්නට හැකි ඉහළම ඉම් පෙදෙසුත් ගැන ඉතා කෙටි නමුත් ඊයම් බරු සා බර පාඩමක් කියාදුන් නොඋස්, සුනංගු මිනිසෙක් අපේ සුරක්ෂා ස්ථානය වූ අඳුරු මහල් ගොඩනැඟිල්ලේ පියගැට පෙළ බැස කොළොම්පුරේ අනන්ත මංමාවත් මැද මැකී ගියේ ය. ඒ 2009 ජනේරුවයි.

වසරකට පසු, 2010 ජනේරුවේ ඒ මිනිසා රළ නඟන රණකාමයෙන් සැදි කොළොම්පුර ජනී ජනයා මැද, විලෙහි ලෑ ලූණු මිටක් සේ අදිසි වනවිට අප සිටියේ එතැනින් සැතපුම් දස දහස්ගණන් දුර දැවැන්ත නඟර මැද හිස ගිනිගෙන දුවන ජනී ජනයා අතරේ, සුනංගුව හේතුවෙන් මැකී වියැකී යමිනි.

ප්‍රගීත් එක්නැලිගොඩ නම් මිනිසා අතුරුදහන්ව අදට පස්වසකි. මනුෂ්‍යභාවයේ ලංසුව දිනෙන් දින සිල්ලරව යන බිමක ‘ඔහුට සිදුවූයේ කුමක්දැ’යි අසන කටහඬවල්වලට වඩා ‘ඔහු කවුද? කළේ මොනවාදැ?’යි අසන කටහඬවල් ගණන වැඩිය. උදුරා ගැනෙන මනුස්ස ජීවිතවල වටිනාකම පුද්ගල උසට මහතට දිගට පළලට පර්යාය වන්නේයයි අදහන කොදෙව්වකට පිළිතුරු බඳින්නට සිදුවීමම ඛේදයකි.

ඉදින් අද අපි ඔහුගැන කිසිත් නොකියන්නෙමු. ඔහු සුස්මනය කළ බිම්කඩෙහි, ඔහු සමඟ එකට සුස්මනය කළවුන්ගෙන් කිහිප දෙනෙකුට ඔහුගැන කියන්නට ඉඩහරිමු.

සන්ධ්‍යා එක්නැලිගොඩ

තවත් එක් අතුරුදහන්වූවකු සේ මතකයෙන් පවා වැළැලී යාමට නියමිතව තිබූ ප්‍රගීත් අද වනතුරුත් අදෘෂ්‍යමාන තලයක ජීවමාන කරවන්නී ඔහුගේ බිරිය සන්ධ්‍යා ප්‍රියංගනී එක්නැලිගොඩ ය. කෙතරම් දුෂ්කර කර්තව්‍යයක් වුව පස්වසක් පුරාවට ඇය අයෝමය දිරියකින් එය සිදුකළාය.

සන්ධ්‍යා පළමු වතාවට ප්‍රගීත් දකින්නී ’88 අගදී ඇන්ටන් මාකස්ගේ ස්ත්‍රී මධ්‍යස්ථානයේදීය. ඇය එහි සේවය කරමින් සිටියාය. ඔහුට තවත් විවිධාකාර වෘත්තීය සමිති සමඟ මෙන්ම ස්ත්‍රී මධ්‍යස්ථානය සමඟද පයුරු පාසානම් තිබිණි.

‘‘ඒත් මට ප්‍රගීත් එක්ක මුළින්ම හරියට කතාකරන්න ලැබුණේ ’89 මුල. එතකොට එයා ඇන්ටන් මාකස්ගේ කොළඹ වෘත්තීය සමිති කාර්යාලයට සම්බන්ධයි. මං ගියේ ඔහු ලවා මගේ ළමා පොතකට චිත්‍ර අන්දගන්න. මං යනකොට ප්‍රගීත් මොකද්දෝ වැඩක්. චිත්‍රයක් අඳිනවා. විනාඩි විස්සක් විතරම ඔළුවවත් නූස්සා ඔහු වැඬේ කරගෙන ගියා. ඒක සත්‍යජිත් රායිගේ චිත්‍රයක්. ‘සිනෙසිත්’ සඟරාවට. එයා ඒක හරි අපූරුවට ඇඳල තිබුණා.’’ පළමු මතක හිටින හමුව ගැන අඩසියවස් අඩක් එපිට ස්මරණයන් වෙත සන්ධ්‍යා ආපසු යන්නී එලෙසිනි.

1991 අගදී ඇය ස්ත්‍රී මධ්‍යස්ථානයෙන් ඉවත්වන්නීය. සේවාදායකයාට එරෙහිව නඩු කියන්නීය. ස්ත්‍රී මධ්‍යස්ථානය සමඟ පැවැති හිතවත්කම් නොතකා ප්‍රගීත් සන්ධ්‍යාගේ නඩුවට උදව්කරන්නේය. ‘‘අපිට අසාධාරණයක් වුණ බවත්, අපේ සටන සාධාරණ බවත් පිළිගත් ප්‍රගීත් එවැනි සටනක් කරන්නේ කොහොමදැ’යි නොදැන හිටි අපට හුඟක් උදව් කළා. ප්‍රගීත් එතකොට මගේ යාළුවෙක් විතරයි.’’

’92 දී යහළුකම පෙමකට පෙරැළී, 92 අග ඔවුහු විවාහ වෙති. එහෙත් සන්ධ්‍යා ඔහුගේ වතගොතක්, අතීතයක් ගැන දැනසිටි දෙයක් නැති තරම්ය. ඔහු ඒවා කීවේ නැත. නොකී නිසා ඇය ඇසුවේත් නැත. ‘‘මට ඒවයෙන් වැඩක් තිබුණෙත් නෑ.’’ ඇය කියන්නී ය.

“එතකොට මොනවද සන්ධ්‍යා ප්‍රගීත් ගැන විවාහ වෙනකොට දැනගෙන හිටියේ?’’ මම විමසමි.

‘‘ප්‍රගීත් එක්නැළිගොඩ කියලා පුද්ගලයෙක් හිටියා. දක්ෂයි. නිශ්ශබ්දයි. කල්පනාකාරීයි. කතාකරන වචන කිහිපය තියුණුයි. උපහාසයෙන් අනූනයි. විහිදුණු දක්ෂතා තිබුණා. අඳින්න පුළුවන්. ලියන්නත් දක්ෂයි. අඩු පහසුකම් යටතේ වැඩකරන්න පුළුවන්. අපූරු කාටූන් ශෛලියක් තිබුණා. විවිධ දේවල් ගැන සොයා බලන්න පර්යේශණ කරන්න පුදුම උනන්දුවක් දැක්වුවා. පර්යේශණ විෂයයන් විවිධයි. ගොවිතැනේ ඉඳලා රසායනික අවි දක්වා.’’

ජනතා විමුක්ති පෙරමුණු දේශපාලනය නිසා ගෙදරින් එළියට බට ප්‍රගීත්, වසර ගණනකට පසු නැවත ගෙදර යවන ලද්දේ සිය පියානන්ගේ අභාවය පිළිබඳ සතියක් පමා වූ විදුලි පුවත විසිනි. ඒ විවාහයට කලිනි. ‘‘එදයින් පස්සේ ඔහු කවදාවත් ගෙදර ගිහින් නෑ. කොටින්ම අදටත් මං ඔහුගේ පවුලේ අය ගැන තොරතුරක් දන්නේ නෑ,’’සන්ධ්‍යා කියන්නී ය.

‘‘ප්‍රගීත් ඉන්න කාලේ ගෙදර නිතරම පිරිලා. වෙලාවක් අවේලාවක් නැතිව විවිධ අය ඔහු සොයා ආවා. ඇතැමුන් විවිධ වැඩ කරවගන්න. ලියන, අඳින වැඩ, මුද්‍රණ වැඩ, ප්‍රචාරණ වැඩ. සමහරු ආවේ කතා කරකර ඉන්න.’’

1988දී ජනතා විමුක්ති පෙරමුණ විසින් කෲර ලෙස ඝාතනය කරන ලද වාමාංශික ක්‍රියාධරයකු වූ නන්දසේන සිල්වාගේ අළු තැන්පත් කළ බඳුන වසර දහයක් තිස්සේ සිය නිවසේ තබා රැකගත්තේ ප්‍රගීත් ය.

‘‘නන්දෙගෙ මරණය ගැන එයා පුදුම කම්පාවකින් හිටියේ. අළු බඳුන කවදා හරි පවුලේ අයට බාරදෙන්න කියලා අපේ ගෙදර තියාගෙන හිටියා. ඒත් ඒක බාරදෙන්න කෙනෙක් හිටියේ නෑ. අන්තිමේ එයා 1998දී නන්දෙගේ අළු කළුගෙඟ් පා කළා.’’

ප්රගීත්ගේ අතුරුදහන් වීමෙන් පසු ආණ්ඩුවේ බලධරයන්ට පමණක් නොව ජනමාධ්‍යයේ ඇතැම් පොල්ම:කාරයන්ටත් තිබුණු ප්‍රධාන ගැටලූව වූයේ ඔහුගේ ජීවිත හිමිකම නොව ඔහු මාධ්‍යවේදියෙක්ද නැද්ද යන්නයි.

‘‘ප්‍රගීත් අතුරුදහන් වුණාට පස්සේ ඔහු කවුද, කරමින් හිටියේ මොනවද කියනඑක ගැන මට පොලීසියට, උසාවියට සාක්කි ඉදිරිපත් කරන්න සිදුවුණා. ඔහු සම්බන්ධවෙලා හිටපු සමහර තැන්වලින් කියන්න ගත්තා ‘ප්‍රගීත් අපි එක්ක හිටියේ නෑ’ කියලා. නිදසුනකට ‘යුක්තිය’ ප්‍රගීත් තමන් එක්ක හිටපු බව කියන්න කිසිම සාක්කියක් දුන්නේ නෑ.

‘‘ප්‍රගීත් හොයාගැනීමේ සටනෙදී මේ රටේ වගේම පිරටරවලත් බොහොම දෙනෙක් පුදුමාකාර සහයෝගයක් ලබාදෙනවා. ඇතැම්විට බස් එකට සල්ලි දුන්නාම මාව අඳුනාගන්න කොන්දොස්තර සහෝදරවරු සල්ලි ආපහු දෙනවා. මගතොටේ හමුවන බොහෝ අය දිරිගන්වන සුළු වචනයක් හරි කියන්න ඉදිරිපත් වෙනවා.

‘‘ඒත් සමහර තැන්වලින් සිදුවන කෙනෙහිලිකම් ගැනනම් කණගාටුවක් ඇතිවෙනවා. මං කියන්නේ පොලීසියෙන් උසාවියෙන් ආණ්ඩුවේ දේශපාලකයන්ගෙන් නෙමෙයි. මිනිසුන්ගේ අයිතීන් වෙනුවෙන් වැඩකරනවා කියන අයගෙන්මත් ඇතැම් විට එවැනි නොසලකා හැරීම් සිදුවෙනවා. වින්දිතයන් තමන්ගේ දුකම කියමින්, තමන් වෙනුවෙන් සටන් කිරීම ඒ අයට බාරදීලා ඉන්නකං ඒ අය කැමතියි. ඒත් තමන්ට අහිමි කරනලද දේවල් ගැන වින්දිතයන් ස්වාධීනව සටන් කරන්න ඉදිරිපත් වෙනකොට ඒ ඇතැම් අයටත් ඒක රුස්සන්නේ නෑ. නමුත් මං ඒවගෙන් සැලෙන්නේ නෑ. මට ස්ථිර අරමුණක් තියෙනවා. පළමුවැන්න ප්‍රගීත් හොයාගන්න එක. ඔහුට වුණේ මොකක්ද, ඒකට වගකිවයුත්තේ කවුද කියලා හොයාගන්න එක. ඊළඟට ප්‍රගීත් වගේම මේ රටේ අතුරුදහන් කරපු, මරාදමපු මනුස්ස ජීවිතවලට සිද්ද වුණේ මොකද්ද කියලා හොයන එක. ඒවාට යුක්තිය ඉටුකරගැනීමට බලකරන එක. එවැනි මනුස්ස ඛේදවාචක මේ පොලොවෙන් තුරන් කිරීමේ සටනට මගේ ශක්ති පමණින් දායක වීම. දුෂ්කරයි තමයි. ඒත් ජීවිතේ තියෙනකං මං ඒකට කැපවෙනවා.

රාජා උස්වැටකෙයියාව

raja uswetakeiyyawa

ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ රාජා උස්වැටකෙයියාවට ප්‍රගීත් හා තිබුණේ කාලයෙන් දිගු වූද, ගුණයෙන් ගැඹුරු වූද ඇසුරකි. එය වෙසෙසින් ‘80 දශකයේ මැද සිට, ජවිපෙ දෙවැනි නැඟිටීම ඔස්සේ පැනනැඟුණු මුළුමහත් භීෂණ සමය පුරා ස්වභාවයෙන් දෘඩ එකක්ව වැඩිණි. වැඩිවශයෙන් මහනුවර ගෙවුණු මේ කාලය ‘කම්කරු ගොවි ආයතනය’ සෙවනේ, මාක්ස්වාදී ප්රවේශයකින් ලංකාව තුළ මානව විද්‍යා ශාස්ත්‍රීය සම්ප්රදායයක් ස්ථාපිත කිරීමෙහිලා වෙහෙසුණු ආචාර්ය නිව්ටන් ගුණසිංහ ඇසුරේ පෝෂණය වූවකි.

කලෙක ජවිපෙ දේශපාලනයෙහි බැරෑරුම්ව නියැලුණු ප්‍රගීත්, ’80 ජූලි වර්ජනය කෙරේ පක්ෂය දැක්වූ සතුරු ආකල්පයන්ට විරුද්ධව සිටගත් අතලොස්සෙහි සිටියෙකි. ජවිපෙන් කැඞී වෙන්වන ඔහු ජූලි වර්ජනයේ විකෘති පලවිපාක ඔස්සේ මානව අයිතීන් විෂයයෙහි උනන්දු තරුණ කි්රයාකාරිකයකුගේ භූමිකාවට පිවිසෙයි. ’83 කළු ජූලිය විසින් ඇතිකළ කම්පනය ඔහු වෙත වර්ගවාදී ගොහොරුවේ තුච්ඡත්වය පිළිබඳ වේදනාකාරී අවබෝධය ගෙනාවේය. රාජා උස්වැටකෙයියාවට තරුණ ප්‍රගීත් හමුවන්නේ මෙකලය.

‘‘මේ කාලෙ අපි ඇත්ත පත්තරේ ගිය යූනුස්ගෙ කාටූන් ලොකුවට පිටපත් කරලා මහනුවර නගරයේ තාප්පවල අලවනවා. ඒක එක්තරා විදියක රහසිගත අරගලයක්. ප්‍රගීත් තමයි වැඩිපුරම මේ කාටූන් පිටපත් කළේ.

‘‘අපි එස් බාලක්‍රිෂ්ණන්ගේ ‘ලංකා සමාජ ආයතනයේ’ අනුග්‍රහයෙන් කරගෙන ගිය ‘විමසුම’ සඟරාවේ වැඩකරන කාලයේ ප්‍රගීත් එහි සමීපතමයෙක්. මේ වෙනකොට ආචාර්ය නිව්ටන් ගුණසිංහත් ආපහු ලංකාවට ඇවිත් ‘කම්කරු ගොවි ආයතනය’ පිහිටුවන්න මුල්වෙලා හිටියා. බර්ටි ගජමෙරගෙදර, ජයරත්න මලියගොඩ, වගේ අය එක්ක මමත්, ප්‍රගීත් හා සී ජේ අමරතුංගත් නිව්ටන් ඇසුරේ කිසියම් විදියක බුද්ධිමය ශාස්ත්‍රීය සංවාදයක නියැලිලා හිටියා. නිව්ටන් අන්තෝනියෝ ග්රාම්ස්චි, ලූයී අල්තුසර්, නිකෝස් පුලන්සාස් වගේ මාක්ස්වාදී දේශපාලන චින්තකයන් ලංකාවට හඳුන්වා දෙමින් දේශන මාලාවක් කළා. අපි එහි ශ්‍රාවකයන් වගේම සංවිධාන සහායකයන් විදියටත්, මේ නව දැනුම සමඟ නිරන්තර වාද සංවාද කරන්නන් විදියටත් නිව්ටන් ඇසුරේ හිටියා. නිව්ටන්ගේ පර්යේෂණ සහායකයෙක් විදියටත් ප්‍රගීත් කටයුතු කළා.

මගේ මතකය නිවැරැදි නම් නිව්ටන් ගොවි කම්කරු ආයතනයේ කළ දේශන මාලාව අලළා පලකළ ‘අන්තෝනියෝ ග්රාම්ස්චි – කෙටි හැඳින්වීමක්’ කියන කෘතියේ වගේම නිව්ටන්ගේ උපාධි නිබන්ධනය ඇසුරෙන් පලකළ ‘උඩරට ගමක පන්ති පෙළගැස්ම’ කෘතියේත් පිටකවර නිර්මාණය කළේ ප්‍රගීත්. නිව්ටන් විසින් ’80 දශකය මැදදී අවුළුවන ලද ‘චූල සම්ප්රදායය හා මහා සම්ප්රදායය’ පිළිබඳ ආන්දෝලනාත්මක වාදයේදී මහා සම්ප්රදායයට නිව්ටන් බැටදෙනකොට ප්රගීතුත් ඔහු සමඟ හිටියා.’’

අාචාර්ය නිව්ටන් ගුණසිංහ

newton gunasinghe

රාජා උස්වැටකෙයියාව ඇතුළු පිරිසක් එක්සත් සමාජවාදී පෙරමුණෙන් ඡන්ද සටන්වලට යනවිට, ප්‍රගීත් ඔවුන් අත්හැර නොයන සගයෙක් වී සිටියේය. ආණ්ඩුවේ හා ජවිපෙ භීෂණය මැද පැවැති පළමු පළාත්සභා මැතිවරණයේදී මෙන්ම ’89 මහ මැතිවරණයේදීද ප්‍රගීත් ඒ සටනට උරදුන් අයුරු රාජා මෙනෙහි කරයි.

‘‘89 පාර්ලිමේන්තු මැතිවරණයට එක්සත් සමාජවාදී පෙරමුණෙන් තරග කරනකොට අපි දෙපැත්තකින් භීෂණයකට මුහුණ දීලා හිටියා. එක පැත්තකින් ආණ්ඩුවේ භීෂණය. අනෙක් පැත්තෙන් අවි අමෝරාගත් ජවිපෙ. ඒ අතරරේ ශ්‍රීලනිපයත් අපට හිරිහැර කළා. ප්‍රගීත් අපේ ප්‍රබලම ආධාරකාරයෙක්. අපේ ප්රචාරක වැඩ සම්පූර්ණයෙන්ම සැලසුම් කළේ ප්‍රගීත්. ඊට අමතරව මගේ ආරක්ෂාවට හිටියෙත් ප්‍රගීත්. අපි මැතිවරණ රැස්වීම්වලට ගියේ බස්වලින්. අති දුෂ්කර හා භීෂණකාරී ගමන්. ප්‍රගීත් පිස්තෝලය ඉනේ ගහගෙන ‘රාජා ඉස්සරහින් යන්න. මං පස්සෙන් එන්නං’ කියනවා. කතාබහක් නෑ. අපිව අඳුනන්නෙ නෑ වගේ ඉන්නේ. හැබැයි ව්‍යාඝ්‍රයෙක් වගේ වටපිටාව ඉවකරමින්.

‘‘දිනනවද පරදිනවද කියන එක ප්‍රගීත්ට වැදගත් වුණේ නෑ. ඔහු ජීවිතයත් මරණයත් අතර ඒ සටනේ හිටියා. ඡන්දය ඉවර වුණාම අපට නුවර ඉන්න බැරිවුණා. අපි කොළඹ ගියා. ප්රගීත්ටත් අපිත් එක්ක නුවර අතහැරලා කොළඹ යන්න සිදුවුණා.’’

ප්රගීත්ගේ පුද්ගල චරිතය ගැන රාජාගේ නිරීක්ෂණය තියුණුය, උණුසුම්ය. එහි සංක්ෂිප්තය මෙ’පරිද්දෙනි.

‘‘ප්‍රගීත් කියන්නේ එඩිතර, සූක්ෂ්ම, හෙමින් වැඩකරන කෙනෙක්. හෙමින් වුණාට අඛණ්ඩව වැඩකළා. විවේක ගත්තේ නෑ. හතිවැටුණේ නෑ. ඔහුගේ කතාබහේ බලවත් උපහාසයක් තිබුණා. දේශපාලන උපහාසයක්. හරිම විවේචනාත්මකයි. හැමෝම දකින මතුපිට දේට වඩා හැමදේකම ගැඹුරක් ඔහු දැක්කා. ඒ වගේම කිසි දේකට සැලෙන්නේ නැති මිනිහෙක්. විද්‍යාව ගැන තදබල උනන්දුවක් තිබුණු දැඩි හේතුවාදියෙක්. ඒ වගේම ඔහුතුළ හොඳ වගාකරුවෙකුත් හිටියා.

‘‘ඔහු තරමක් ගුප්ත චරිතයක්. ඒ ඔහුගේ හැටි. කැපී පෙනෙන්න, මතුපිටට එන්න උත්සාහ නොකළ චරිතයක්. රහසිගත දේශපාලනය කරන්න ඉතාම ගැලපෙන මිනිහෙක්. ඔහු බයත් නෑ. භීෂණ සමයේ වුණත් බය නැතිව හැමතැනම ඇවිද්දා. හැබැයි ප්‍රවේසමෙන්, කල්පනාවෙන්. ඔහු හරිම සූක්ෂ්මයි. රට වටේම මිතුරන් හිටියා. මිතුරන් වෙනුවෙන් දේශපාලනික මැදිහත්වීම් කරද්දී එහි භයානක පලවිපාක ගැන තැකුවේ නෑ.’’

අාචාර්ය සුනිල් විජේසිරිවර්ධන

sunil wijesiriwardane

තුරුණු සමාජ දේශපාලන කි‍්‍රයාකාරිකයකු වශයෙන් ප්රගීත්ගේ කොළඹ ජීවන පරිච්ඡේදයේ ආරම්භක අවදිය ගැන සමීප අත්දැකීම් ඇත්තෙකි, ආචාර්ය සුනිල් විජේසිරිවර්ධන. ඒ ’80 දශකය අගය. භීෂණ සමයයි. සමාජ විද්‍යාඥයින්ගේ සංගමයේ ප්‍රබලයන් වූ චාල්ස් අබේසේකර, ආචාර්ය නිව්ටන් ගුණසිංහ වැන්නන් ඇසුරට ‘අධ්‍යයන කවය’ නමින් අවිධිමත්ව රොක්වූ සුනිල් විජේසිරිවර්ධන, පියල් සෝමරත්න, සුනිල් බැස්ටියන්, සීජේ අමරතුංග ඇතුළු තරුණ නඩයට ප්‍රගීත් ද යාවජීව සාමාජිකයකු ලෙස එක්විය. එකල සුනිල් මාවත සඟරාවේ සංස්කාරකවරයා ය.

“අපි සතියකට වතාවක් වගේ හමුවුණා. ඒ හමුවීම් පවා සිදුවුණේ තරමක් රහසිගතව. මොකද අපි හැමකෙනෙකුටම බිය කියන එක දැනෙමින් තිබුණා. මේ හමුවීම්වලදී මා ප්රගීත්ගේ බුද්ධිමය තියුණු භාවයත්, නිර්මාණාත්මක හැකියාවත් තේරුම් ගත්තා. ඔහු මේ කාලයේ යම් විදියක යටිබිම්ගත ස්වරූපයකටත් වැඩකරමින් හිටියා. ජවිපෙ ෆැසිස්ට් ස්වරූපයට එරෙහිව. විජේවීරගේ දේශපාලනය ෆැසිස්ට්වාදී බව පෙන්වමින් ඔහු යටිබිම්ගත ප්රචාරක වැඩපිළිවෙළක් දියත් කළා. ඔහු විජේවීරගේ රුව යොදාගෙන මේ ෆැසිස්ට් ලක්ෂණ නිර්මාණාත්මක ප්‍රබලත්වයකින් යුතුව මතුකරන විලාසයෙන් තමයි මුලින්ම මං ඔහුගේ නිර්මාණාත්මක ඇඳීමේ හැකියාව දැක්කේ.

“ඒ අතර ඔහු ‘මාවත’ට සමීප වුණා. ඒ වනවිට මාවත යමින් හිටියේ චීන ලයින් එකක ජාතිකවාදී දිශාවකට. අපි මේක ප්රතිසංස්කරණයකට ලක්කරමින් එය මාක්ස්වාදී ග්රාම්ස්චියානු පාරකට ගන්න වැඩකරමින් හිටියා. අපි එහි වූ ජාතිකවාදී දිශානතියට විරුද්ධ වෙමින් ඒ මතවාද ප්‍රශ්න කළා. මේකත් එක්ක ප්‍රගීත් අපිට තවත් සමීප වුණා. මාවත අලූතින් ප්‍රතිනිර්මාණය කරනකොට සඟරාව සැලසුම්කිරීම වගේම ඇතුළත සංඛේත සිතුවම් හා කවර බොහෝ ගණනකුත් නිමවුණේ ප්‍රගීත් අතින්. ඔහු මාවතට කෙටි ලිපිත් ලව්වා. මේ ක්‍රියාදාමය වසර දෙක තුනක් පැවතුණා.’’

අනතුරුව සුනිල් ප්‍රගීත් සමීප ඇසුරට වසර ගණනක විරාමයක් වැටෙයි. එහෙත් ප්‍රගීත් අතුරුදහන් වන්නට ආසන්න සමයේ ඔවුහු නැවතත් සමීපස්ථයෝ වෙති.

‘‘ඒ 2008 වසර. මට නැවතත් නිතර නිතර ප්‍රගීත් හමුවෙන්න ගත්තා. මං මගේ ‘පුරවැසි මංපෙත්’ කෘතිය අවසන් කරමින් හිටියේ. එහි පරිච්ඡේදයක් තියෙනවා සිංහල සංස්කෘතියේ තියෙන අභ්‍යන්තර ගැටලූ හා එහි අන්තර් සම්බන්ධතා ගැන. සංස්කෘතිය කියන්නේ ඉතාම ගැටලූ සහගත තැනක් කියන එක මගේ මූලික තර්කයක් වුණා. මේ සම්බන්ධයෙන් මට ප්‍රගීත් එක්ක වරින් වර සංවාද කරන්න පුළුවන් වුණා. ඒක මට මේ තර්ක ගොඩනැගීමේදී හුඟක් ප්‍රයෝජනවත් වුණා.’’

ලංකාවේ කුල ධූරාවලියට අයත් සියලූ තොරතුරු එක්තැන්කොට බැලූ කල්හි එම ධූරාවලිය උඩු යටිකුරු ස්වභාවයක් දරන්නේය යන්න ප්රගීත්ගේ අදහස වූ බව සුනිල් පවසයි. සාමාන්‍ය ධූරාවලියකට ප්‍රතිවිරුද්ධ මේ ස්වභාවය ප්‍රගීත් ලියූ ‘‘ශ්‍රී ලාංකීය රාජ්‍යය හා ප්රජාතන්ත්රවාදය’’ නම් ලිපියේ ඔහු ගොනුකරන්නේ මෙලෙසිනි.

‘‘……ලංකාවේ කුල ධූරාවලිය පහළට ගමන් කරන විට, ක්‍රමයෙන් කුඩා වී ගොස්, එය පිරමීඩයක් හිස පහළට සිටින සේ පිහිටවූ ආකාරයක් ගනී. එම ස්වභාවයද ධූරාවලිය ශක්තිමත් වීමට ඇති තවත් හේතුවකි. පීඩකයා සංඛ්‍යාත්මකව විශාල වීමත් පීඩිතයා සංඛ්‍යාත්මකව කුඩා වීමත් නිසා දුර්වල බව එහි තේරුමයි. මේ නිසා පීඩකයාට පක්ෂපාතීත්වය දැක්වීමෙන්, තම පැවැත්ම රැකගැනීමේ පරාධීන චින්තනයකින් කුල සමාජ පෞරුෂය සංයුක්ත වී තිබේ.’’

කුලය යන්න සංස්කෘතික ප්‍රවාදයක් ලෙස නැවත නැවත ප්රතිනිෂ්පාදනය වන බවත්, කුල ප්රශ්නය අවතක්සේරු කැරුණත් එහි ගැඹුරු ව්‍යූහය විසින් ඇතිකරන සංස්කෘතික බලපෑම තියුණු බවත් ප්‍රගීත් තර්ක කරනේය’යි සුනිල් පවසයි.

ප්‍රගීත් අතුරුදන් වී වසර පහක් පිරෙන විට ලංකාව නම් විගඩමට ලොල් භූ වපසරිය ඇතුළේ ඇතැම් දෑ උඩුකුරුවද, තවත් දෑ යටිකුරුවද, බොහෝ දෑ උඩුයටිකුරුවද තිබේ. රටට අලූත් ජනාධිපතිවරයෙක් ලැබී තිබේ. අලූත් ආණ්ඩුවක් හා කැබිනට්ටුවක් ලැබී තිබේ. ජාතික විධායක සභාවකුත් ලැබී තිබේ.

‘අතුරුදහන් වූබව කියන ප්‍රගීත් විදෙස් රටක රහසිගතව දේශපාලන රැුකවරණ ලබා සිටින්නේය’යි තෙවසරකට පෙර ජිනීවාහි එක්සත් ජාතීන්ගේ වදහිංසාවලට එරෙහි කමිටුව හමුවේ කියා, අනතුරුව ප්‍රගීත් ඉන්නා තැනක් ‘දෙයියො දනී’යි ලංකාවේ අධිකරණයක් හමුවේ කී මොහාන් පීරිස්, අගවිනිසුරු පුටුවෙන් බැස යන්නට ඔන්න මෙන්න බව ඇතැම්හු කියති. තවෙකෙක් කියන්නෙ ඔහු එම තනතුරේ පැලපදියම් වීමට ‘ඞීල් දමමින්’ සිටින බව ය. ‘ප්‍රගීත් වෙස්වලාගෙන ප්‍රංශයේ සුවසේ වෙසෙන්නේය’යි දිවුරා කී මන්තී‍්‍ර අරුන්දික ප්‍රනාන්දු නව ජනාධිපති සිරිසේනට සහාය පළකිරීමට එක්වී සිටී. තව තවත් අය තව තවත් තැන්වල ය. සුවසේ ය. නිවිහැනහිල්ලේ ය.

එහෙත් මේ පස්වස පුරාම ප්‍රගීත් සොයා මංමාවත් ගානේ ඇවිද්ද බිරිය සන්ධ්‍යා සහ දරු දෙදෙනා සංජය – හරිත්, ඊයේත් සිටියෝ මහපාරේ ය.

කොළඹ කොටුවේ දුම්රියපොළ ඉදිරිපිට ප්රගීත්ගේ කාටූන් චිත්‍ර එල්ලාගෙන කාෂ්ටක අව්වේ වේලෙමිනි.

ඔවුන් සිය ආදරණීයයා සමඟ, අඩුම තරමේ ඔහු වෙනුවෙන් පසිඳලූ යුක්තියක් සමඟ ආපසු ගෙදර යන්නේ කවදාද?

සනත් බාලසූරිය

[QUOTE="dj gamaya, post: 17793186, member: 61857"] [b]ප්‍රගීත් අතුරුදහන් කළ අය පස් වසක් නිදැල්ල[/b] [CENTER][COLOR=DarkGreen][B][SIZE=7]ප්‍රගීත් අතුරුදහන් කළ අය පස් වසක් නිදැල්ලේ[/SIZE][/B][/COLOR] [B][SIZE=4][COLOR=Blue]ප්‍රගීත් එක්නැලිගොඩ:[/COLOR] පස් වසක් නිහඬ තිස් වසක අරගලකාරී ජීවිතයක් අපේ ජීවිතවලට ලහි ලහිව අන්ධකාරය කඩාවැටෙමින් තිබූ භීම සමයෙක, මානවීය මිත්‍ර සන්ථවයට මුල් ඇදෙන්නට හැකි ගැඹුරුම තැනුත්, අවස්ථාවාදී උපයෝගීතාවට පාවෙන්නට හැකි ඉහළම ඉම් පෙදෙසුත් ගැන ඉතා කෙටි නමුත් ඊයම් බරු සා බර පාඩමක් කියාදුන් නොඋස්, සුනංගු මිනිසෙක් අපේ සුරක්ෂා ස්ථානය වූ අඳුරු මහල් ගොඩනැඟිල්ලේ පියගැට පෙළ බැස කොළොම්පුරේ අනන්ත මංමාවත් මැද මැකී ගියේ ය. ඒ 2009 ජනේරුවයි. වසරකට පසු, 2010 ජනේරුවේ ඒ මිනිසා රළ නඟන රණකාමයෙන් සැදි කොළොම්පුර ජනී ජනයා මැද, විලෙහි ලෑ ලූණු මිටක් සේ අදිසි වනවිට අප සිටියේ එතැනින් සැතපුම් දස දහස්ගණන් දුර දැවැන්ත නඟර මැද හිස ගිනිගෙන දුවන ජනී ජනයා අතරේ, සුනංගුව හේතුවෙන් මැකී වියැකී යමිනි. ප්‍රගීත් එක්නැලිගොඩ නම් මිනිසා අතුරුදහන්ව අදට පස්වසකි. මනුෂ්‍යභාවයේ ලංසුව දිනෙන් දින සිල්ලරව යන බිමක ‘ඔහුට සිදුවූයේ කුමක්දැ’යි අසන කටහඬවල්වලට වඩා ‘ඔහු කවුද? කළේ මොනවාදැ?’යි අසන කටහඬවල් ගණන වැඩිය. උදුරා ගැනෙන මනුස්ස ජීවිතවල වටිනාකම පුද්ගල උසට මහතට දිගට පළලට පර්යාය වන්නේයයි අදහන කොදෙව්වකට පිළිතුරු බඳින්නට සිදුවීමම ඛේදයකි. ඉදින් අද අපි ඔහුගැන කිසිත් නොකියන්නෙමු. ඔහු සුස්මනය කළ බිම්කඩෙහි, ඔහු සමඟ එකට සුස්මනය කළවුන්ගෙන් කිහිප දෙනෙකුට ඔහුගැන කියන්නට ඉඩහරිමු. [COLOR=Blue]සන්ධ්‍යා එක්නැලිගොඩ[/COLOR] තවත් එක් අතුරුදහන්වූවකු සේ මතකයෙන් පවා වැළැලී යාමට නියමිතව තිබූ ප්‍රගීත් අද වනතුරුත් අදෘෂ්‍යමාන තලයක ජීවමාන කරවන්නී ඔහුගේ බිරිය සන්ධ්‍යා ප්‍රියංගනී එක්නැලිගොඩ ය. කෙතරම් දුෂ්කර කර්තව්‍යයක් වුව පස්වසක් පුරාවට ඇය අයෝමය දිරියකින් එය සිදුකළාය. සන්ධ්‍යා පළමු වතාවට ප්‍රගීත් දකින්නී ’88 අගදී ඇන්ටන් මාකස්ගේ ස්ත්‍රී මධ්‍යස්ථානයේදීය. ඇය එහි සේවය කරමින් සිටියාය. ඔහුට තවත් විවිධාකාර වෘත්තීය සමිති සමඟ මෙන්ම ස්ත්‍රී මධ්‍යස්ථානය සමඟද පයුරු පාසානම් තිබිණි. ‘‘ඒත් මට ප්‍රගීත් එක්ක මුළින්ම හරියට කතාකරන්න ලැබුණේ ’89 මුල. එතකොට එයා ඇන්ටන් මාකස්ගේ කොළඹ වෘත්තීය සමිති කාර්යාලයට සම්බන්ධයි. මං ගියේ ඔහු ලවා මගේ ළමා පොතකට චිත්‍ර අන්දගන්න. මං යනකොට ප්‍රගීත් මොකද්දෝ වැඩක්. චිත්‍රයක් අඳිනවා. විනාඩි විස්සක් විතරම ඔළුවවත් නූස්සා ඔහු වැඬේ කරගෙන ගියා. ඒක සත්‍යජිත් රායිගේ චිත්‍රයක්. ‘සිනෙසිත්’ සඟරාවට. එයා ඒක හරි අපූරුවට ඇඳල තිබුණා.’’ පළමු මතක හිටින හමුව ගැන අඩසියවස් අඩක් එපිට ස්මරණයන් වෙත සන්ධ්‍යා ආපසු යන්නී එලෙසිනි. 1991 අගදී ඇය ස්ත්‍රී මධ්‍යස්ථානයෙන් ඉවත්වන්නීය. සේවාදායකයාට එරෙහිව නඩු කියන්නීය. ස්ත්‍රී මධ්‍යස්ථානය සමඟ පැවැති හිතවත්කම් නොතකා ප්‍රගීත් සන්ධ්‍යාගේ නඩුවට උදව්කරන්නේය. ‘‘අපිට අසාධාරණයක් වුණ බවත්, අපේ සටන සාධාරණ බවත් පිළිගත් ප්‍රගීත් එවැනි සටනක් කරන්නේ කොහොමදැ’යි නොදැන හිටි අපට හුඟක් උදව් කළා. ප්‍රගීත් එතකොට මගේ යාළුවෙක් විතරයි.’’ ’92 දී යහළුකම පෙමකට පෙරැළී, 92 අග ඔවුහු විවාහ වෙති. එහෙත් සන්ධ්‍යා ඔහුගේ වතගොතක්, අතීතයක් ගැන දැනසිටි දෙයක් නැති තරම්ය. ඔහු ඒවා කීවේ නැත. නොකී නිසා ඇය ඇසුවේත් නැත. ‘‘මට ඒවයෙන් වැඩක් තිබුණෙත් නෑ.’’ ඇය කියන්නී ය. “එතකොට මොනවද සන්ධ්‍යා ප්‍රගීත් ගැන විවාහ වෙනකොට දැනගෙන හිටියේ?’’ මම විමසමි. ‘‘ප්‍රගීත් එක්නැළිගොඩ කියලා පුද්ගලයෙක් හිටියා. දක්ෂයි. නිශ්ශබ්දයි. කල්පනාකාරීයි. කතාකරන වචන කිහිපය තියුණුයි. උපහාසයෙන් අනූනයි. විහිදුණු දක්ෂතා තිබුණා. අඳින්න පුළුවන්. ලියන්නත් දක්ෂයි. අඩු පහසුකම් යටතේ වැඩකරන්න පුළුවන්. අපූරු කාටූන් ශෛලියක් තිබුණා. විවිධ දේවල් ගැන සොයා බලන්න පර්යේශණ කරන්න පුදුම උනන්දුවක් දැක්වුවා. පර්යේශණ විෂයයන් විවිධයි. ගොවිතැනේ ඉඳලා රසායනික අවි දක්වා.’’ ජනතා විමුක්ති පෙරමුණු දේශපාලනය නිසා ගෙදරින් එළියට බට ප්‍රගීත්, වසර ගණනකට පසු නැවත ගෙදර යවන ලද්දේ සිය පියානන්ගේ අභාවය පිළිබඳ සතියක් පමා වූ විදුලි පුවත විසිනි. ඒ විවාහයට කලිනි. ‘‘එදයින් පස්සේ ඔහු කවදාවත් ගෙදර ගිහින් නෑ. කොටින්ම අදටත් මං ඔහුගේ පවුලේ අය ගැන තොරතුරක් දන්නේ නෑ,’’සන්ධ්‍යා කියන්නී ය. ‘‘ප්‍රගීත් ඉන්න කාලේ ගෙදර නිතරම පිරිලා. වෙලාවක් අවේලාවක් නැතිව විවිධ අය ඔහු සොයා ආවා. ඇතැමුන් විවිධ වැඩ කරවගන්න. ලියන, අඳින වැඩ, මුද්‍රණ වැඩ, ප්‍රචාරණ වැඩ. සමහරු ආවේ කතා කරකර ඉන්න.’’ 1988දී ජනතා විමුක්ති පෙරමුණ විසින් කෲර ලෙස ඝාතනය කරන ලද වාමාංශික ක්‍රියාධරයකු වූ නන්දසේන සිල්වාගේ අළු තැන්පත් කළ බඳුන වසර දහයක් තිස්සේ සිය නිවසේ තබා රැකගත්තේ ප්‍රගීත් ය. ‘‘නන්දෙගෙ මරණය ගැන එයා පුදුම කම්පාවකින් හිටියේ. අළු බඳුන කවදා හරි පවුලේ අයට බාරදෙන්න කියලා අපේ ගෙදර තියාගෙන හිටියා. ඒත් ඒක බාරදෙන්න කෙනෙක් හිටියේ නෑ. අන්තිමේ එයා 1998දී නන්දෙගේ අළු කළුගෙඟ් පා කළා.’’ ප්රගීත්ගේ අතුරුදහන් වීමෙන් පසු ආණ්ඩුවේ බලධරයන්ට පමණක් නොව ජනමාධ්‍යයේ ඇතැම් පොල්ම:කාරයන්ටත් තිබුණු ප්‍රධාන ගැටලූව වූයේ ඔහුගේ ජීවිත හිමිකම නොව ඔහු මාධ්‍යවේදියෙක්ද නැද්ද යන්නයි. ‘‘ප්‍රගීත් අතුරුදහන් වුණාට පස්සේ ඔහු කවුද, කරමින් හිටියේ මොනවද කියනඑක ගැන මට පොලීසියට, උසාවියට සාක්කි ඉදිරිපත් කරන්න සිදුවුණා. ඔහු සම්බන්ධවෙලා හිටපු සමහර තැන්වලින් කියන්න ගත්තා ‘ප්‍රගීත් අපි එක්ක හිටියේ නෑ’ කියලා. නිදසුනකට ‘යුක්තිය’ ප්‍රගීත් තමන් එක්ක හිටපු බව කියන්න කිසිම සාක්කියක් දුන්නේ නෑ. ‘‘ප්‍රගීත් හොයාගැනීමේ සටනෙදී මේ රටේ වගේම පිරටරවලත් බොහොම දෙනෙක් පුදුමාකාර සහයෝගයක් ලබාදෙනවා. ඇතැම්විට බස් එකට සල්ලි දුන්නාම මාව අඳුනාගන්න කොන්දොස්තර සහෝදරවරු සල්ලි ආපහු දෙනවා. මගතොටේ හමුවන බොහෝ අය දිරිගන්වන සුළු වචනයක් හරි කියන්න ඉදිරිපත් වෙනවා. ‘‘ඒත් සමහර තැන්වලින් සිදුවන කෙනෙහිලිකම් ගැනනම් කණගාටුවක් ඇතිවෙනවා. මං කියන්නේ පොලීසියෙන් උසාවියෙන් ආණ්ඩුවේ දේශපාලකයන්ගෙන් නෙමෙයි. මිනිසුන්ගේ අයිතීන් වෙනුවෙන් වැඩකරනවා කියන අයගෙන්මත් ඇතැම් විට එවැනි නොසලකා හැරීම් සිදුවෙනවා. වින්දිතයන් තමන්ගේ දුකම කියමින්, තමන් වෙනුවෙන් සටන් කිරීම ඒ අයට බාරදීලා ඉන්නකං ඒ අය කැමතියි. ඒත් තමන්ට අහිමි කරනලද දේවල් ගැන වින්දිතයන් ස්වාධීනව සටන් කරන්න ඉදිරිපත් වෙනකොට ඒ ඇතැම් අයටත් ඒක රුස්සන්නේ නෑ. නමුත් මං ඒවගෙන් සැලෙන්නේ නෑ. මට ස්ථිර අරමුණක් තියෙනවා. පළමුවැන්න ප්‍රගීත් හොයාගන්න එක. ඔහුට වුණේ මොකක්ද, ඒකට වගකිවයුත්තේ කවුද කියලා හොයාගන්න එක. ඊළඟට ප්‍රගීත් වගේම මේ රටේ අතුරුදහන් කරපු, මරාදමපු මනුස්ස ජීවිතවලට සිද්ද වුණේ මොකද්ද කියලා හොයන එක. ඒවාට යුක්තිය ඉටුකරගැනීමට බලකරන එක. එවැනි මනුස්ස ඛේදවාචක මේ පොලොවෙන් තුරන් කිරීමේ සටනට මගේ ශක්ති පමණින් දායක වීම. දුෂ්කරයි තමයි. ඒත් ජීවිතේ තියෙනකං මං ඒකට කැපවෙනවා. [COLOR=Blue]රාජා උස්වැටකෙයියාව raja uswetakeiyyawa[/COLOR] ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ රාජා උස්වැටකෙයියාවට ප්‍රගීත් හා තිබුණේ කාලයෙන් දිගු වූද, ගුණයෙන් ගැඹුරු වූද ඇසුරකි. එය වෙසෙසින් ‘80 දශකයේ මැද සිට, ජවිපෙ දෙවැනි නැඟිටීම ඔස්සේ පැනනැඟුණු මුළුමහත් භීෂණ සමය පුරා ස්වභාවයෙන් දෘඩ එකක්ව වැඩිණි. වැඩිවශයෙන් මහනුවර ගෙවුණු මේ කාලය ‘කම්කරු ගොවි ආයතනය’ සෙවනේ, මාක්ස්වාදී ප්රවේශයකින් ලංකාව තුළ මානව විද්‍යා ශාස්ත්‍රීය සම්ප්රදායයක් ස්ථාපිත කිරීමෙහිලා වෙහෙසුණු ආචාර්ය නිව්ටන් ගුණසිංහ ඇසුරේ පෝෂණය වූවකි. කලෙක ජවිපෙ දේශපාලනයෙහි බැරෑරුම්ව නියැලුණු ප්‍රගීත්, ’80 ජූලි වර්ජනය කෙරේ පක්ෂය දැක්වූ සතුරු ආකල්පයන්ට විරුද්ධව සිටගත් අතලොස්සෙහි සිටියෙකි. ජවිපෙන් කැඞී වෙන්වන ඔහු ජූලි වර්ජනයේ විකෘති පලවිපාක ඔස්සේ මානව අයිතීන් විෂයයෙහි උනන්දු තරුණ කි්රයාකාරිකයකුගේ භූමිකාවට පිවිසෙයි. ’83 කළු ජූලිය විසින් ඇතිකළ කම්පනය ඔහු වෙත වර්ගවාදී ගොහොරුවේ තුච්ඡත්වය පිළිබඳ වේදනාකාරී අවබෝධය ගෙනාවේය. රාජා උස්වැටකෙයියාවට තරුණ ප්‍රගීත් හමුවන්නේ මෙකලය. ‘‘මේ කාලෙ අපි ඇත්ත පත්තරේ ගිය යූනුස්ගෙ කාටූන් ලොකුවට පිටපත් කරලා මහනුවර නගරයේ තාප්පවල අලවනවා. ඒක එක්තරා විදියක රහසිගත අරගලයක්. ප්‍රගීත් තමයි වැඩිපුරම මේ කාටූන් පිටපත් කළේ. ‘‘අපි එස් බාලක්‍රිෂ්ණන්ගේ ‘ලංකා සමාජ ආයතනයේ’ අනුග්‍රහයෙන් කරගෙන ගිය ‘විමසුම’ සඟරාවේ වැඩකරන කාලයේ ප්‍රගීත් එහි සමීපතමයෙක්. මේ වෙනකොට ආචාර්ය නිව්ටන් ගුණසිංහත් ආපහු ලංකාවට ඇවිත් ‘කම්කරු ගොවි ආයතනය’ පිහිටුවන්න මුල්වෙලා හිටියා. බර්ටි ගජමෙරගෙදර, ජයරත්න මලියගොඩ, වගේ අය එක්ක මමත්, ප්‍රගීත් හා සී ජේ අමරතුංගත් නිව්ටන් ඇසුරේ කිසියම් විදියක බුද්ධිමය ශාස්ත්‍රීය සංවාදයක නියැලිලා හිටියා. නිව්ටන් අන්තෝනියෝ ග්රාම්ස්චි, ලූයී අල්තුසර්, නිකෝස් පුලන්සාස් වගේ මාක්ස්වාදී දේශපාලන චින්තකයන් ලංකාවට හඳුන්වා දෙමින් දේශන මාලාවක් කළා. අපි එහි ශ්‍රාවකයන් වගේම සංවිධාන සහායකයන් විදියටත්, මේ නව දැනුම සමඟ නිරන්තර වාද සංවාද කරන්නන් විදියටත් නිව්ටන් ඇසුරේ හිටියා. නිව්ටන්ගේ පර්යේෂණ සහායකයෙක් විදියටත් ප්‍රගීත් කටයුතු කළා. මගේ මතකය නිවැරැදි නම් නිව්ටන් ගොවි කම්කරු ආයතනයේ කළ දේශන මාලාව අලළා පලකළ ‘අන්තෝනියෝ ග්රාම්ස්චි – කෙටි හැඳින්වීමක්’ කියන කෘතියේ වගේම නිව්ටන්ගේ උපාධි නිබන්ධනය ඇසුරෙන් පලකළ ‘උඩරට ගමක පන්ති පෙළගැස්ම’ කෘතියේත් පිටකවර නිර්මාණය කළේ ප්‍රගීත්. නිව්ටන් විසින් ’80 දශකය මැදදී අවුළුවන ලද ‘චූල සම්ප්රදායය හා මහා සම්ප්රදායය’ පිළිබඳ ආන්දෝලනාත්මක වාදයේදී මහා සම්ප්රදායයට නිව්ටන් බැටදෙනකොට ප්රගීතුත් ඔහු සමඟ හිටියා.’’ [COLOR=Blue]අාචාර්ය නිව්ටන් ගුණසිංහ newton gunasinghe [/COLOR]රාජා උස්වැටකෙයියාව ඇතුළු පිරිසක් එක්සත් සමාජවාදී පෙරමුණෙන් ඡන්ද සටන්වලට යනවිට, ප්‍රගීත් ඔවුන් අත්හැර නොයන සගයෙක් වී සිටියේය. ආණ්ඩුවේ හා ජවිපෙ භීෂණය මැද පැවැති පළමු පළාත්සභා මැතිවරණයේදී මෙන්ම ’89 මහ මැතිවරණයේදීද ප්‍රගීත් ඒ සටනට උරදුන් අයුරු රාජා මෙනෙහි කරයි. ‘‘89 පාර්ලිමේන්තු මැතිවරණයට එක්සත් සමාජවාදී පෙරමුණෙන් තරග කරනකොට අපි දෙපැත්තකින් භීෂණයකට මුහුණ දීලා හිටියා. එක පැත්තකින් ආණ්ඩුවේ භීෂණය. අනෙක් පැත්තෙන් අවි අමෝරාගත් ජවිපෙ. ඒ අතරරේ ශ්‍රීලනිපයත් අපට හිරිහැර කළා. ප්‍රගීත් අපේ ප්‍රබලම ආධාරකාරයෙක්. අපේ ප්රචාරක වැඩ සම්පූර්ණයෙන්ම සැලසුම් කළේ ප්‍රගීත්. ඊට අමතරව මගේ ආරක්ෂාවට හිටියෙත් ප්‍රගීත්. අපි මැතිවරණ රැස්වීම්වලට ගියේ බස්වලින්. අති දුෂ්කර හා භීෂණකාරී ගමන්. ප්‍රගීත් පිස්තෝලය ඉනේ ගහගෙන ‘රාජා ඉස්සරහින් යන්න. මං පස්සෙන් එන්නං’ කියනවා. කතාබහක් නෑ. අපිව අඳුනන්නෙ නෑ වගේ ඉන්නේ. හැබැයි ව්‍යාඝ්‍රයෙක් වගේ වටපිටාව ඉවකරමින්. ‘‘දිනනවද පරදිනවද කියන එක ප්‍රගීත්ට වැදගත් වුණේ නෑ. ඔහු ජීවිතයත් මරණයත් අතර ඒ සටනේ හිටියා. ඡන්දය ඉවර වුණාම අපට නුවර ඉන්න බැරිවුණා. අපි කොළඹ ගියා. ප්රගීත්ටත් අපිත් එක්ක නුවර අතහැරලා කොළඹ යන්න සිදුවුණා.’’ ප්රගීත්ගේ පුද්ගල චරිතය ගැන රාජාගේ නිරීක්ෂණය තියුණුය, උණුසුම්ය. එහි සංක්ෂිප්තය මෙ’පරිද්දෙනි. ‘‘ප්‍රගීත් කියන්නේ එඩිතර, සූක්ෂ්ම, හෙමින් වැඩකරන කෙනෙක්. හෙමින් වුණාට අඛණ්ඩව වැඩකළා. විවේක ගත්තේ නෑ. හතිවැටුණේ නෑ. ඔහුගේ කතාබහේ බලවත් උපහාසයක් තිබුණා. දේශපාලන උපහාසයක්. හරිම විවේචනාත්මකයි. හැමෝම දකින මතුපිට දේට වඩා හැමදේකම ගැඹුරක් ඔහු දැක්කා. ඒ වගේම කිසි දේකට සැලෙන්නේ නැති මිනිහෙක්. විද්‍යාව ගැන තදබල උනන්දුවක් තිබුණු දැඩි හේතුවාදියෙක්. ඒ වගේම ඔහුතුළ හොඳ වගාකරුවෙකුත් හිටියා. ‘‘ඔහු තරමක් ගුප්ත චරිතයක්. ඒ ඔහුගේ හැටි. කැපී පෙනෙන්න, මතුපිටට එන්න උත්සාහ නොකළ චරිතයක්. රහසිගත දේශපාලනය කරන්න ඉතාම ගැලපෙන මිනිහෙක්. ඔහු බයත් නෑ. භීෂණ සමයේ වුණත් බය නැතිව හැමතැනම ඇවිද්දා. හැබැයි ප්‍රවේසමෙන්, කල්පනාවෙන්. ඔහු හරිම සූක්ෂ්මයි. රට වටේම මිතුරන් හිටියා. මිතුරන් වෙනුවෙන් දේශපාලනික මැදිහත්වීම් කරද්දී එහි භයානක පලවිපාක ගැන තැකුවේ නෑ.’’ [COLOR=Blue]අාචාර්ය සුනිල් විජේසිරිවර්ධන sunil wijesiriwardane[/COLOR] තුරුණු සමාජ දේශපාලන කි‍්‍රයාකාරිකයකු වශයෙන් ප්රගීත්ගේ කොළඹ ජීවන පරිච්ඡේදයේ ආරම්භක අවදිය ගැන සමීප අත්දැකීම් ඇත්තෙකි, ආචාර්ය සුනිල් විජේසිරිවර්ධන. ඒ ’80 දශකය අගය. භීෂණ සමයයි. සමාජ විද්‍යාඥයින්ගේ සංගමයේ ප්‍රබලයන් වූ චාල්ස් අබේසේකර, ආචාර්ය නිව්ටන් ගුණසිංහ වැන්නන් ඇසුරට ‘අධ්‍යයන කවය’ නමින් අවිධිමත්ව රොක්වූ සුනිල් විජේසිරිවර්ධන, පියල් සෝමරත්න, සුනිල් බැස්ටියන්, සීජේ අමරතුංග ඇතුළු තරුණ නඩයට ප්‍රගීත් ද යාවජීව සාමාජිකයකු ලෙස එක්විය. එකල සුනිල් මාවත සඟරාවේ සංස්කාරකවරයා ය. “අපි සතියකට වතාවක් වගේ හමුවුණා. ඒ හමුවීම් පවා සිදුවුණේ තරමක් රහසිගතව. මොකද අපි හැමකෙනෙකුටම බිය කියන එක දැනෙමින් තිබුණා. මේ හමුවීම්වලදී මා ප්රගීත්ගේ බුද්ධිමය තියුණු භාවයත්, නිර්මාණාත්මක හැකියාවත් තේරුම් ගත්තා. ඔහු මේ කාලයේ යම් විදියක යටිබිම්ගත ස්වරූපයකටත් වැඩකරමින් හිටියා. ජවිපෙ ෆැසිස්ට් ස්වරූපයට එරෙහිව. විජේවීරගේ දේශපාලනය ෆැසිස්ට්වාදී බව පෙන්වමින් ඔහු යටිබිම්ගත ප්රචාරක වැඩපිළිවෙළක් දියත් කළා. ඔහු විජේවීරගේ රුව යොදාගෙන මේ ෆැසිස්ට් ලක්ෂණ නිර්මාණාත්මක ප්‍රබලත්වයකින් යුතුව මතුකරන විලාසයෙන් තමයි මුලින්ම මං ඔහුගේ නිර්මාණාත්මක ඇඳීමේ හැකියාව දැක්කේ. “ඒ අතර ඔහු ‘මාවත’ට සමීප වුණා. ඒ වනවිට මාවත යමින් හිටියේ චීන ලයින් එකක ජාතිකවාදී දිශාවකට. අපි මේක ප්රතිසංස්කරණයකට ලක්කරමින් එය මාක්ස්වාදී ග්රාම්ස්චියානු පාරකට ගන්න වැඩකරමින් හිටියා. අපි එහි වූ ජාතිකවාදී දිශානතියට විරුද්ධ වෙමින් ඒ මතවාද ප්‍රශ්න කළා. මේකත් එක්ක ප්‍රගීත් අපිට තවත් සමීප වුණා. මාවත අලූතින් ප්‍රතිනිර්මාණය කරනකොට සඟරාව සැලසුම්කිරීම වගේම ඇතුළත සංඛේත සිතුවම් හා කවර බොහෝ ගණනකුත් නිමවුණේ ප්‍රගීත් අතින්. ඔහු මාවතට කෙටි ලිපිත් ලව්වා. මේ ක්‍රියාදාමය වසර දෙක තුනක් පැවතුණා.’’ අනතුරුව සුනිල් ප්‍රගීත් සමීප ඇසුරට වසර ගණනක විරාමයක් වැටෙයි. එහෙත් ප්‍රගීත් අතුරුදහන් වන්නට ආසන්න සමයේ ඔවුහු නැවතත් සමීපස්ථයෝ වෙති. ‘‘ඒ 2008 වසර. මට නැවතත් නිතර නිතර ප්‍රගීත් හමුවෙන්න ගත්තා. මං මගේ ‘පුරවැසි මංපෙත්’ කෘතිය අවසන් කරමින් හිටියේ. එහි පරිච්ඡේදයක් තියෙනවා සිංහල සංස්කෘතියේ තියෙන අභ්‍යන්තර ගැටලූ හා එහි අන්තර් සම්බන්ධතා ගැන. සංස්කෘතිය කියන්නේ ඉතාම ගැටලූ සහගත තැනක් කියන එක මගේ මූලික තර්කයක් වුණා. මේ සම්බන්ධයෙන් මට ප්‍රගීත් එක්ක වරින් වර සංවාද කරන්න පුළුවන් වුණා. ඒක මට මේ තර්ක ගොඩනැගීමේදී හුඟක් ප්‍රයෝජනවත් වුණා.’’ ලංකාවේ කුල ධූරාවලියට අයත් සියලූ තොරතුරු එක්තැන්කොට බැලූ කල්හි එම ධූරාවලිය උඩු යටිකුරු ස්වභාවයක් දරන්නේය යන්න ප්රගීත්ගේ අදහස වූ බව සුනිල් පවසයි. සාමාන්‍ය ධූරාවලියකට ප්‍රතිවිරුද්ධ මේ ස්වභාවය ප්‍රගීත් ලියූ ‘‘ශ්‍රී ලාංකීය රාජ්‍යය හා ප්රජාතන්ත්රවාදය’’ නම් ලිපියේ ඔහු ගොනුකරන්නේ මෙලෙසිනි. ‘‘……ලංකාවේ කුල ධූරාවලිය පහළට ගමන් කරන විට, ක්‍රමයෙන් කුඩා වී ගොස්, එය පිරමීඩයක් හිස පහළට සිටින සේ පිහිටවූ ආකාරයක් ගනී. එම ස්වභාවයද ධූරාවලිය ශක්තිමත් වීමට ඇති තවත් හේතුවකි. පීඩකයා සංඛ්‍යාත්මකව විශාල වීමත් පීඩිතයා සංඛ්‍යාත්මකව කුඩා වීමත් නිසා දුර්වල බව එහි තේරුමයි. මේ නිසා පීඩකයාට පක්ෂපාතීත්වය දැක්වීමෙන්, තම පැවැත්ම රැකගැනීමේ පරාධීන චින්තනයකින් කුල සමාජ පෞරුෂය සංයුක්ත වී තිබේ.’’ කුලය යන්න සංස්කෘතික ප්‍රවාදයක් ලෙස නැවත නැවත ප්රතිනිෂ්පාදනය වන බවත්, කුල ප්රශ්නය අවතක්සේරු කැරුණත් එහි ගැඹුරු ව්‍යූහය විසින් ඇතිකරන සංස්කෘතික බලපෑම තියුණු බවත් ප්‍රගීත් තර්ක කරනේය’යි සුනිල් පවසයි. ප්‍රගීත් අතුරුදන් වී වසර පහක් පිරෙන විට ලංකාව නම් විගඩමට ලොල් භූ වපසරිය ඇතුළේ ඇතැම් දෑ උඩුකුරුවද, තවත් දෑ යටිකුරුවද, බොහෝ දෑ උඩුයටිකුරුවද තිබේ. රටට අලූත් ජනාධිපතිවරයෙක් ලැබී තිබේ. අලූත් ආණ්ඩුවක් හා කැබිනට්ටුවක් ලැබී තිබේ. ජාතික විධායක සභාවකුත් ලැබී තිබේ. ‘අතුරුදහන් වූබව කියන ප්‍රගීත් විදෙස් රටක රහසිගතව දේශපාලන රැුකවරණ ලබා සිටින්නේය’යි තෙවසරකට පෙර ජිනීවාහි එක්සත් ජාතීන්ගේ වදහිංසාවලට එරෙහි කමිටුව හමුවේ කියා, අනතුරුව ප්‍රගීත් ඉන්නා තැනක් ‘දෙයියො දනී’යි ලංකාවේ අධිකරණයක් හමුවේ කී මොහාන් පීරිස්, අගවිනිසුරු පුටුවෙන් බැස යන්නට ඔන්න මෙන්න බව ඇතැම්හු කියති. තවෙකෙක් කියන්නෙ ඔහු එම තනතුරේ පැලපදියම් වීමට ‘ඞීල් දමමින්’ සිටින බව ය. ‘ප්‍රගීත් වෙස්වලාගෙන ප්‍රංශයේ සුවසේ වෙසෙන්නේය’යි දිවුරා කී මන්තී‍්‍ර අරුන්දික ප්‍රනාන්දු නව ජනාධිපති සිරිසේනට සහාය පළකිරීමට එක්වී සිටී. තව තවත් අය තව තවත් තැන්වල ය. සුවසේ ය. නිවිහැනහිල්ලේ ය. එහෙත් මේ පස්වස පුරාම ප්‍රගීත් සොයා මංමාවත් ගානේ ඇවිද්ද බිරිය සන්ධ්‍යා සහ දරු දෙදෙනා සංජය – හරිත්, ඊයේත් සිටියෝ මහපාරේ ය. කොළඹ කොටුවේ දුම්රියපොළ ඉදිරිපිට ප්රගීත්ගේ කාටූන් චිත්‍ර එල්ලාගෙන කාෂ්ටක අව්වේ වේලෙමිනි. ඔවුන් සිය ආදරණීයයා සමඟ, අඩුම තරමේ ඔහු වෙනුවෙන් පසිඳලූ යුක්තියක් සමඟ ආපසු ගෙදර යන්නේ කවදාද?[/SIZE][/B] [COLOR=DarkGreen][B][SIZE=5]සනත් බාලසූරිය[/SIZE][/B][/COLOR] [/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom