Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ප්රභාකරන්ට මම ගරුකරමි
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ප්රභාකරන්ට මම ගරුකරමි

”ප්රභාකරන්ගේ මයිල් ගහක් තරම්වත් ජනාධිපති මහින්ද රාජපක්ෂ නොවටිනා” බව ඔහු කීවේය. ඒ ඇයිදැයි ඇසීමට අපි ඔහු හමුවුණෙමු. ඒ ඔහු ප්රජාතන්ත්රවාදී පක්ෂයේ නායක හිටපු හමුදාපති සරත් ෆොන්සේකාය. ඔහු පළ කළ අදහස මෙසේ පෙළ ගස්වමු.

ප්රශ්නය: ඉදිරියේ පැවැත්වීමට නියමිත පළාත් සභා මැතිවරණයේදී තබා තිබෙන බලාපොරොත්තු මොනවාද?

පිළිතුර: පක්ෂය ලියාපදිංචි කරලා මාස හතරකින් තමයි අපි මෙයට පෙර තිබුණ පළාත් සභා මැතිවරණයට ගියේ. එතැනදි අපි අපේ පක්ෂයට හොඳ අඩිතාලමක් දා ගත්තා. දැන් අපි ඉතාම ශක්තිමත් ස්ථාවරයක ඉන්නවා. පක්ෂය ජනතාව අතරට ගිහින් තියෙනවා. ලංකාව පුරාම අපේ පක්ෂය ව්‍යාප්ත වෙලා තියෙනවා. දකුණට හා බස්නාහිරට ඉතාම හොඳ ශක්තිමත් කණ්ඩායමක් දාලා තියෙනවා. ගිය පාරත් කවුරුත් බලාපොරොත්තු නොවුණු ප්‍රතිඵලයක් අපි අරගෙන පෙන්නුවා. මේ පාරත් අපි රට වෙනුවෙන් මේ පාහර දේශපාලන සංස්කෘතිය වෙනස් කිරීම වෙනුවෙන් අපි කැපවීමෙන් කටයුතු කරනවා. ඒ නිසා ගියපාර වගේම කවුරුත් මවිතවන ප්‍රතිඵලයක් අපි අරගෙන පෙන්වනවා.

ප්රශ්නය: ඔබ කියපු විදියටම ගිය පාර ලැබුණේ අනපේක්ෂිත ප්‍රතිඵලයක්. බස්නාහිර හා දකුණ වෙනස් කියලා ඔබ හිතන්නේ නැද්ද?

පිළිතුර: ගිය පාර ප්‍රතිඵලයට වඩා වැඩි ප්‍රතිඵලයක් අපට ලැබෙනවා. බස්නාහිරදි ගිය මහ මැතිවරණයේදි හදාගත් පදනමක් තියෙනවා. දකුණෙත් අපට විශ්වාසයි ලොකු පෙරැළියක් කරන්න පුළුවන් වෙයි කියලා. දැනටමත් ලැබෙන ප්‍රතිචාර හොඳයි. ඔබ වෙනස් කිව්වට ඒ වෙනස අපට වාසිදායකයි.

ප්රශ්නය: කවුද ඔබේ මහ ඇමැති අපේක්ෂකයා හෝ අපේක්ෂිකාව?

පිළිතුර: අපි එහෙම නම් කරන්නේ නෑ. හැමෝම හොඳට වැඩ කරන කරට කර ඉන්න අය ඉන්නේ. ඒ හැමෝටම අවස්ථාව දෙන්න ඕනෑ නිසා එක පුද්ගලයකු තෝරාගෙන නම් කරන්න කැමති නෑ. ජනතාවට අවස්ථාව තියෙනවා කවුද මහ ඇමැති කියලා තීරණය කරන්න.

ප්රශ්නය: අනෝමා ෆොන්සේකා එන්නේ කොළඹින්ද ගම්පහින්ද?

පිළිතුර: අනෝමා ෆොන්සේකා පළාත් සභාවලට තරග කරනවා කියලා අපි තවම තීරණය කරලා නැහැ.

ප්රශ්නය: අනෝමා ෆොන්සේකා ඔබ ඉක්මවා යයි කියලා ඔබ බයද?

පිළිතුර: බය වෙන්න දෙයක් නෑ. මේ රජය ඉතා දුෂ්ට විදියට වැඩ කරලා මගේ අතපය බැන්දොත් ඇය තමයි ඉස්සරහට එන්නේ. මම හිරේ හිටපු වෙලාවෙත් ඇය තමයි පක්ෂයට නායකත්වය දුන්නේ. ඉදිරියේදී වුණත් අපට තියෙන බය නිසා මේ පාලකයා අසාධාරණ විදියට මගේ ගමන නතර කළොත් මගේ පක්ෂයට නායකත්වය දීලා ඉදිරියට යන්නේ ඇය තමයි. ඒ නිසා ඒ ගැන බයක් නෑ. මගේ ප්‍රතිපත්ති පිළිගන්නවා නම් කවුරු වුණත් කමක් නෑ නායකත්වය අරගෙන වැඩ කරන්න පුළුවන්.

ප්රශ්නය: ඔබ මොනවා කිව්වත් රටේ බහුතර ජනතාව ඉන්නේ ආණ්ඩුව සමඟයි. පහුගිය පළාත් සභා මැතිවරණවලදිත් ඒක පැහැදිලියි?

පිළිතුර: ආණ්ඩුවට ගිය පාර මහ මැතිවරණයේදී හිටියෙ ලක්ෂ 45ක්. ආණ්ඩුවට නැති ලක්ෂ 100ක් ඉන්නවා. ඒ ලක්ෂ සීය ආණ්ඩුවට ආශිර්වාද කරන්නෙ නෑ. ආණ්ඩුවේ බඩගෝස්තරවාදයට යටවෙච්ච පිරිසක් ඉන්න පුළුවන්. ආණ්ඩුවට ඡන්දය දුන්න ලක්ෂ හතළිස් පහටත් ආණ්ඩුව කරපු දෙයක් නෑ. ඒ අය විඳින්නෙත් රටේ අනෙක් ජනතාව විඳින දුකම තමයි. ඒ බඩගින්නම තමයි ඒ අයටත් තියෙන්නේ. බුලත් කොළයට ඡන්දය දුන්නා කියලා ඒ අයට අමුතුවෙන් ලැබුණ දෙයක් නෑ. වෙඩි උණ්ඩ නම් ලැබුණා රතුපස්වලදි. ඒ ඡන්දය දීපු අයටත්. ඒ නිසා ජනතාව ආණ්ඩුවත් එක්ක ඉන්නවා කියලා අපි නම් විශ්වාස කරන්නේ නෑ. මේ රජය පවතින්නේ වංචාව දුෂණය හා බොරුවෙන්. ඒ සංස්කෘතිය වෙනස් කරන්නයි අපි මහන්සිගන්නේ. එදාට වංචාවෙන්, දුෂණයෙන්, බොරුවෙන් කල් ගෙවන පාලකයන්ට යන එනමං නැතිවේවි. ඒක දවසෙන් දෙකෙන් කරන්න බැරි බවත් අපි දන්නවා. අවුරුදු 65ක් තිස්සේ තියෙන දුෂිත සංස්කෘතියක් මේක. නමුත් අපි අමාරුවෙන් හරි ගිහින් මේ පාලනය වෙනස් කරනවා.

ප්රශ්නය: රටට එරෙහිව ජිනීවා කුමන්ත්‍රණයක් තියෙන බව කියැවෙනවා. ඒ අභියෝගයට මේ රජය මුහුණ දෙමින් සිටින ආකාරය ගැන ඔබ මොනවද හිතන්නේ

පිළිතුර: ආණ්ඩුව කිසිම අභියෝගයකට මුහුණ දීලා නැහැනේ හරි විදියට. හමුදාපතිවරු හමුදා භටයන්, පොලිසිය, සිවිල් ආරක්ෂක බළකාය කරපු කැපකිරීම් නිසා යුද්ධය විතරක් ජයග්‍රහණය කළා. ඒකට දේශපාලනඥයන් කරපු දෙයක් නෑ. පරාජිත යුගයේ දේශපාලනඥයන් කරපු දේවල්ම තමයි රාජපක්ෂ පැලැන්තියත් කළේ. ආණ්ඩුව අනෙක් හැම එකක්ම අනාගෙන තියෙන්නේ. දැන් බලන්න ගොවියට විශ්‍රාම වැටුප දීගන්න බෑ. පාසල් ළමුන්ට දිවා ආහාරය දී ගන්න බෑ. මූලික දේවලූත් දී ගන්න බැරිව ඉන්නේ. පහේ ශිෂ්‍යත්වයවත් හරියට තියා ගන්න බෑ. කොයි දේ නොකළත් ආණ්ඩුව එක දෙයක් හරියට කරනවා. හොරකම් කිරීම ලෝකයටම උගන්වන්න පුළුවන් පාලනයක් අපට තියෙනවා. වංචාව, දුෂණය, අවනීතිය අකුරටම කරනවා. කුඩු එනවා, එතනෝල් එනවා, ඒ ගේන අයට දඬුවම් නෑ. ඒ අය බේරා ගන්න මැදිහත් වෙනවා. ආණ්ඩුවේ අයට කියනවා ඒ අය බේරාගන්න ලියුම් දෙන්න එපා. කට වචනයෙන් ඒක කරගන්න කියලා.

ප්රශ්නය: මගේ ප්රශ්නය වුණේ ජිනීවා අභියෝගය ගැනයි?

පිළිතුර: හමුදාව වෙනුවෙන් මම දිගටම කතා කළා. දැනුත් කතා කරනවා. හමුදාව සමස්තයක් වශයෙන් යුද අපරාධ කළේ නෑ. යුද හමුදාවට මම උපදෙස් දුන්නා. සියලූම සම්මත නීති රීති හා ජාත්‍යන්තර ප්රඥප්තිවලට යටත්ව ඒ විනය තියාගෙන අපි ඒ සටන මෙහෙයැව්වා. මගේ නිලධාරීන් මගේ සෙබළුන් මගේ විධානයන්ට යටත්ව ඉතාම පිරිසිදු ආකාරයට සටන්බිමේ සටන් කළා. යම්කිසි චෝදනාවක් තියෙනවා නම් දැන් ඔය ජනාධිපතිවරයයි ආරක්ෂක ලේකම්වරයයි කයිවරු ගහනවනේ යුද්ධය මෙහෙයැව්වා කියලා. එහෙමනම් ඒ චෝදනාවලින් රටයි හමුදාවයි බේරාගන්න ඒ අය දැනගන්න ඕනෑ. ඒ අයට යුද්ධය ගැන අවබෝධයක් නෑ. ඒ නිසා එන්න එන්න අනාගන්නවා. බෑන් කී මූන් එක්ක ලියුම් අස්සන් කළේ කවුද සංහිඳියා කොමිසමක් පත් කරනවා කියලා. එහෙම අස්සන් කළේ මේ ජනාධිපතිවරයයි. පොදුරාජ්‍ය මණ්ඩලීය සමුළුවට ඉස්සෙල්ලා නැවතත් ලියවිල්ලක් අස්සන් කළා සංහිඳියා කොමිසමේ තියෙන ඒවා කි‍්‍රයාත්මක කරනවා කියලා. ඒ ඔක්කොම මෙයානේ කරන්නේ. කාගෙන්වත් අහන්නේ නැතිව එක එක දේවල්වලට එකඟ වෙනවා. එහෙම එකඟවෙලා ඒවා ඉටු නොකළාම ඒ රටවල් කියනවා ”උඹ එකඟ වෙච්ච දේවල් කරන්නේ නෑ” කියලා.

නමුත් මම නැවතත් කියනවා යුද හමුදාව සමස්තයක් විදියට ඉතාම විනය ගරුක විදියට මේ සටන කළා. නමුත් යම් යම් පැමිණිලි තියෙනවා නම් යම් පුද්ගලයෙක් හෝ දෙන්නෙක්… අතීතයේත් අපේ හමුදාවේ එහෙම චරිත ඉඳලා තියෙනවා. ඒ වගේ කවුරු හරි වැරදි කරලා තියෙනවා නම් සාක්කි තියෙනවා නම් එහෙමනම් ඒවට පියවර ගන්න ඕනෑ. ඒව විදේශයෙන් කරනකම් බලාගෙන ඉන්න ඕනේ නෑ. යම්කිසි චෝදනාවක් තියෙනවා නම් අපි ඒවට උත්තර දෙන්න ඕනෑ. මමනම් මගේ හෘද සාක්ෂියට එකඟව මම කාටවත් වැරදි නියෝග දුන්නේ නෑ. මම කාටවත් නියෝග දුන්නේ නැහැනේ සුදු කොඩි අරගෙන එන අයට වෙඩි තියන්න කියලා.

ප්රශ්නය: ඒ කියන්නේ වෙන කවුරුහරි එහෙම නියෝගයක් දුන්නා කියලද?

පිළිතුර: මම කියන්නේ මම එහෙම නියෝගයක් දුන්නේ නෑ කියලයි.

ප්රශ්නය: මගේ ප්‍රශ්නයට කෙළින් උත්තරයක් දෙන්න. එබඳු නියෝගයක් වෙන කවුරුහරි දුන්නාද?

පිළිතුර: මම කවදාවත් එහෙම නියෝගයක් දුන්නේ නෑ. එහෙම නියෝග දුන්න කෙනෙක් ඉන්නවා නම් අනිවාර්යයෙන්ම ඒකට මුහුණ දෙන්න ඕනෑ.

ප්රශ්නය: යුද අපරාධ සිද්ධ වුණේ නෑ කියලා රට වෙනුවෙන් ජිනීවා නුවරට ගිහින් කියන්න ඔබ සූදානම්ද?

පිළිතුර: ඔව්! මම ඕනෑම වෙලාවක සූදානම්. වෙලා තියෙන්නේ යුද්ධය ගැන මෙලෝ හසරක් දන්නේ නැති අය තමයි හමුදාව ගැන කතා කරන්න හදන්නේ. ඔවුන්ට ඒක කරන්න දැනුමක් නෑ. තවම හමුදාවේ නම බේරාගන්න මේ අයට බැරිවුණානේ.

ප්රශ්නය: ප්රභාකරන් විනාශ කරන්න හැකිවීම ගැන අද ඔබට මොකද හිතෙන්නේ

පිළිතුර: ප්රභාකරන් අනිවාර්යයෙන්ම ජාතියට ද්‍රෝහි වුණ භයානක ත්‍රස්තවාදියෙක්. ඔහු විනාශ කිරීම ඒ මොහොතේ අනිවාර්යයෙන්ම කළ යුතු දෙයක්. අපි ඒ නිසා තමයි උපරිම කැපවීමෙන් ගිහිල්ලා දහස් ගාණක් අපේ සෙබළුන් ජීවිත පූජා කරලා යුද්ධ කළේ. ඒ කරපු දේ සීයට සීයක්ම හරි.

ප්රශ්නය: එහෙමනම් ඇයි ඔබ බලපිටියෙදි කිව්වෙ ”ප්රභාකරන්ගේ මයිල් ගහක් තරම්වත් මහින්ද රාජපක්ෂ වටින්නේ නෑ” කියලා.

පිළිතුර: මම ඔය කතාව මෙයට කලිනුත් කිව්වා. අපිට හමුදාවෙදි උගන්වන්නේ සෙබළෙක් හැටියට සතුරාටත් ගරු කළ යුතුයි කියලයි. ඒක තමයි හමුදාවේ සදාචාරය. ඒ ආදර්ශය අපට මුලින්ම දුන්නේ දුටුගැමුණු රජ්ජුරුවෝ. ලෝකයේ තියෙන යුද ප්රඥප්තිය තමයි සතුරාට පවා ගරු කළ යුතුයි. සතුරාට වුණත් ඔහුට ලැබිය යුතු ගෞරවය ලැබෙන්න ඕනෑ. විශේෂයෙන්ම මිය ගිය සතුරාට. ඔහුට අගෞරව කරන්න හොඳ නෑ. සතුරාගේ මළ කඳ උඩින් ගිහින් ප්රතිරූප ගොඩනගා ගන්න හොඳ නෑ. දුටුගැමුණු රජතුමා තමයි ඒකට පළමුවැනි ආදර්ශය දුන්නේ. එළාරගේ සොහොන ගාවින් යනකොට බෙරයක්වත් ගහන්නේ නෑ. දෙමළ මහා සෑය කියලා සෑයකුත් හැදුවා. ප්රභාකරන්ගේ එක දෙයකට මම ගරු කරනවා. ප්රභාකරන් හා නායකයන් අන්තිම මොහොත දක්වාම පැනලා යන්නේ නැතිව අපිත් එක්ක සටන් කළා. අපි ඒක හොඳටම දැක්කා. අන්තිම මොහොත දක්වාම ප්රභාකරන් අපිත් එක්ක මුහුණට මුහුණලා සටන් කළා. අපි සෙබළු හැටියට සතුරා වුණත් එහෙම සටන් කරනකොට ඒක අගයනවා. අපි ඒක දකින්නේ යම්කිසි ආකාරයට නිර්භීත චරිතයක් හැටියටයි. ඔහු නිර්භීතව ඔහුගේ සතුරාට මුහුණ දුන්නා. අපි ඔහුගේ සතුරෝ. ඔහු අපේ සතුරෝ. ලෝකය පුරා හමුදාවල උගන්වන්නේ එහෙමයි. සතුරාට වුණත් ලැබිය යුතු ගෞරවය ලැබිය යුතුයි. මිය ගියාට පස්සේ අනිවාර්යයෙන්ම.

ප්රශ්නය: ප්රභාකරන් යුද වීරයකු බවට පරිවර්තනය වීම ඔබ තුළ වූ අලූත් වෙනසක්

පිළිතුර: නෑ මම කිව්වේ යුද සදාචාරය ගැනයි. ප්රභාකරන්ගේ එක හොඳ ගතිගුණයක් මම දැක්කා. ඒ ප්රභාකරන් අපේ හමුදාවත් එක්ක මුහුණට මුහුණලා සටන් කළත් අපේ පවුල්වලින් පළිගත්තේ නෑ. අපේ පවුල් ඉලක්ක කළේ නෑ. අපේ ළමයි ඉලක්ක කළේ නෑ.

ප්රශ්නය: බස් බෝම්බ කාර් බෝම්බ ගැන මොකද හිතෙන්නේ?

පිළිතුර: ඔහු ත්‍රස්තවාදියෙක්. ඒ නිසා ඔහු සමහර වෙලාවට සීමා ඉක්මවා යමින් ජන සංහාර කළා. ඒක නින්දිත වැඩක්. ඒ නිසා තමයි අපි එයාට ත්රස්තවාදියා කියලා කියන්නේ. බලපිටියේදීත් මම කිව්වේ ”මේ ද්‍රෝහී ත්‍රස්තවාදී ප්රභාකරන්” කියලයි. ඔහුට ගෞරව නාම දුන්නේ නෑ. නමුත් ඔහුත් අපේ ළමයින්ගෙන් පවුල්වලින් පලිගත්තේ නෑ. එතැනදි මම සන්සන්දනය කළේ අද ඉන්න පාලකයන්ව. මේ පාලක පක්ෂය අපේ ළමයින්ගෙනුත් පලිගන්නවා. අපේ පවුල්වලින් පලිගන්නවා. ඒ සංසන්දනයේදි ප්රභාකරන්ට තිබුණ හොඳ ප්රතිපත්තියවත් මොවුන්ට නෑ. ඒ නිසයි මම කිව්වේ ප්රභාකරන්ගේ එක මයිල් ගහක් තරම්වත් මෙයා වටිනවා කියලා පෙන්නලා නෑ කියලා. මේ අය ප්‍රභාකරන්ටත් වඩා නින්දිත වුණා.

ප්රශ්නය: මෙවර ඡුන්දෙදිත් විපක්ෂය වෙන වෙනම ඉල්ලන්නේ. ආණ්ඩු විරෝධී ඡුන්ද තුනට හතරට කැඩෙනවා මිසක් එමගින් ආණ්ඩුවට අභියෝගයක් එල්ල වෙන්නේ නෑ.

පිළිතුර: ඒක තමයි මෙතැන ප්රශ්නය. රටේ පැති දෙකක් තිබුණා. පැති දෙකේම හොරු හිටියා. කවුරු ආවත් කළේ එකම දේ. ඒ නිසා තමයි අවුරුදු හැට පහක් තිස්සේ මේ රටට තියෙන හෙනේ. ජනතාවට විකල්පයක් නැති හින්දා මේ පැත්ත එපා වුණාම අනික් පැත්තට දෙනවා. අලූත් බලවේගයක් හදනවා නම් අනිවාර්යයෙන්ම හදන්න වෙනවා. විරුද්ධ පක්ෂයේ ඡන්ද විතරක් නොවෙයි ආණ්ඩු පක්ෂයේ ඡන්දත් කැඩෙනවා. එය පක්ෂ දෙකටම නොදීපු ඡන්ද තියෙනවා සියයට පනහක්. ඒ ඡුන්දත් අපි ඉලක්ක කරගෙන ඉන්නවා. අපි කියන්නේ ඒකට අලූත් බලවේගයක් හදන්න ඕනෑ.

ප්රශ්නය: විපක්ෂය ඒකාබද්ධ කරන වැඩපිළිවෙළක් ඔබට නැද්ද?

පිළිතුර: ඒ අය මෙච්චර කාලයක් රටේ දේශපාලනය කළා. ඒ අය කරපු දේවල් අපි දැක්කා. රටට සුගතියක් වුණේ නැහැනේ. ඒ අයත් එක්කම ගිහින් අපිත් හේත්තු වුණොත් අපටත් වෙන්නේ සුනඛයොත් එක්ක නිදා ගත්තොත් මැක්කොත් එක්ක නැගිටින්න වෙන්නේ.

ප්රශ්නය: ඊළඟ ජනාධිපතිවරණයෙදි මොකක් වෙයිද? පොදු අපේක්ෂකයෙක් දානවද? මේ විදියටම ඉල්ලනවද?

පිළිතුර: මම හිතනවා පොදු අපේක්ෂකයෙක් ඉදිරිපත් කරන්න එකඟතාවයට එන්න පුළුවන්නම් මහින්ද රාජපක්ෂ කියන ජනාධිපතිවරයා ඉතාම සූක්ෂම ලෙස ජනතාව රවටමින් මැතිවරණ ව්‍යාපාරයම අයුතුලෙස කරමින් අයුතු ලෙස රජයේ දේපල පාවිච්චි කරමින් දන්සැල් අරිමින් රජයේ මාධ්‍ය අප්පොච්චිගේ බූදලේ වගේ පාවිච්චි කරමින් නූගත් අශීලාචාර මිනිස්සු දාලා අපට මඩ ගහමින් ඒ ගෙන යන ව්‍යාපාරයෙන් මේ රට බේරාගන්න අනිත් අය ඔක්කොම එකම බලවේගයක් වෙලා ඒ මොහොතෙදි පෙරට ආ යුතුයි.

ප්රශ්නය: පොදු අපේක්ෂකයා විය යුත්තේ ඔබද? වෙන කෙනෙක්ද?

පිළිතුර: ගිය පාර මට ඒ සුදුසුකම තිබුණනේ. ඒ සුදුසුකම මට තිබුණා නම් මට වඩා සුදුස්සෙක් ඉන්වද කියල බලන්න එපැයි. ගිය පාර මාව ගෙනාවේ කිසියම් හේතුවක් නිසානම් ඒ ප්රශ්නය දැන් නැද්ද? ඊට වඩා සුදුස්සෙක් දැන් ඇවිල්ලා ඉන්නවද? අන්න ඒවා ගැනත් කල්පනා කරන්න වෙනවා.

ප්රශ්නය: චන්ද්‍රිකා බණ්ඩාරනායක හිටපු ජනාධිපතිනියත් එක්ක ඔබ සාකච්ඡාකිහිපයක් කළා.

පිළිතුර: ඒ සාකච්ඡාවලදි අපි කතා කළේ මේ ඒකාධිපති දුෂිත පාලනයෙන් රට බේරාගන්නේ කොහොමද කියලයි.

ප්රශ්නය: ජනාධිපතිවරණයට එතුමිය එන බවක් කිව්වද?

පිළිතුර: එවැනි ඉඟියක් මට කළේ නෑ.

ප්රශ්නය: යම් හෙයකින් ඔබ ආවොත් ඔබට ඇයගේ සහයෝගය ලැබෙයිද?

පිළිතුර: ගිය පාරත් එතුමිය මට සහාය දුන්නා. මම දන්නවා එතුමිය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ආදරෙයි. පාක්ෂිකයන්ට ආදරෙයි. මෑතකදි අපි කතා කරනකොටත් ඒ ඉඟිය මට කළා. ඇයටත් අවශ්‍යවෙලා තියෙන්නේ මේ දුෂිත පාලනයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය බේරා ගන්නයි.

ප්‍රසන්න සංජීව තෙන්නකෝන්

ලංකාදීප

[QUOTE="coolkasun, post: 16223686, member: 123068"] [b]ප්රභාකරන්ට මම ගරුකරමි[/b] [IMG]http://s8.postimg.org/suybv1clh/1526437_514875838631134_1792919909_n.jpg[/IMG] [SIZE="3"]”ප්රභාකරන්ගේ මයිල් ගහක් තරම්වත් ජනාධිපති මහින්ද රාජපක්ෂ නොවටිනා” බව ඔහු කීවේය. ඒ ඇයිදැයි ඇසීමට අපි ඔහු හමුවුණෙමු. ඒ ඔහු ප්රජාතන්ත්රවාදී පක්ෂයේ නායක හිටපු හමුදාපති සරත් ෆොන්සේකාය. ඔහු පළ කළ අදහස මෙසේ පෙළ ගස්වමු. ප්රශ්නය: ඉදිරියේ පැවැත්වීමට නියමිත පළාත් සභා මැතිවරණයේදී තබා තිබෙන බලාපොරොත්තු මොනවාද? පිළිතුර: පක්ෂය ලියාපදිංචි කරලා මාස හතරකින් තමයි අපි මෙයට පෙර තිබුණ පළාත් සභා මැතිවරණයට ගියේ. එතැනදි අපි අපේ පක්ෂයට හොඳ අඩිතාලමක් දා ගත්තා. දැන් අපි ඉතාම ශක්තිමත් ස්ථාවරයක ඉන්නවා. පක්ෂය ජනතාව අතරට ගිහින් තියෙනවා. ලංකාව පුරාම අපේ පක්ෂය ව්‍යාප්ත වෙලා තියෙනවා. දකුණට හා බස්නාහිරට ඉතාම හොඳ ශක්තිමත් කණ්ඩායමක් දාලා තියෙනවා. ගිය පාරත් කවුරුත් බලාපොරොත්තු නොවුණු ප්‍රතිඵලයක් අපි අරගෙන පෙන්නුවා. මේ පාරත් අපි රට වෙනුවෙන් මේ පාහර දේශපාලන සංස්කෘතිය වෙනස් කිරීම වෙනුවෙන් අපි කැපවීමෙන් කටයුතු කරනවා. ඒ නිසා ගියපාර වගේම කවුරුත් මවිතවන ප්‍රතිඵලයක් අපි අරගෙන පෙන්වනවා. ප්රශ්නය: ඔබ කියපු විදියටම ගිය පාර ලැබුණේ අනපේක්ෂිත ප්‍රතිඵලයක්. බස්නාහිර හා දකුණ වෙනස් කියලා ඔබ හිතන්නේ නැද්ද? පිළිතුර: ගිය පාර ප්‍රතිඵලයට වඩා වැඩි ප්‍රතිඵලයක් අපට ලැබෙනවා. බස්නාහිරදි ගිය මහ මැතිවරණයේදි හදාගත් පදනමක් තියෙනවා. දකුණෙත් අපට විශ්වාසයි ලොකු පෙරැළියක් කරන්න පුළුවන් වෙයි කියලා. දැනටමත් ලැබෙන ප්‍රතිචාර හොඳයි. ඔබ වෙනස් කිව්වට ඒ වෙනස අපට වාසිදායකයි. ප්රශ්නය: කවුද ඔබේ මහ ඇමැති අපේක්ෂකයා හෝ අපේක්ෂිකාව? පිළිතුර: අපි එහෙම නම් කරන්නේ නෑ. හැමෝම හොඳට වැඩ කරන කරට කර ඉන්න අය ඉන්නේ. ඒ හැමෝටම අවස්ථාව දෙන්න ඕනෑ නිසා එක පුද්ගලයකු තෝරාගෙන නම් කරන්න කැමති නෑ. ජනතාවට අවස්ථාව තියෙනවා කවුද මහ ඇමැති කියලා තීරණය කරන්න. ප්රශ්නය: අනෝමා ෆොන්සේකා එන්නේ කොළඹින්ද ගම්පහින්ද? පිළිතුර: අනෝමා ෆොන්සේකා පළාත් සභාවලට තරග කරනවා කියලා අපි තවම තීරණය කරලා නැහැ. ප්රශ්නය: අනෝමා ෆොන්සේකා ඔබ ඉක්මවා යයි කියලා ඔබ බයද? පිළිතුර: බය වෙන්න දෙයක් නෑ. මේ රජය ඉතා දුෂ්ට විදියට වැඩ කරලා මගේ අතපය බැන්දොත් ඇය තමයි ඉස්සරහට එන්නේ. මම හිරේ හිටපු වෙලාවෙත් ඇය තමයි පක්ෂයට නායකත්වය දුන්නේ. ඉදිරියේදී වුණත් අපට තියෙන බය නිසා මේ පාලකයා අසාධාරණ විදියට මගේ ගමන නතර කළොත් මගේ පක්ෂයට නායකත්වය දීලා ඉදිරියට යන්නේ ඇය තමයි. ඒ නිසා ඒ ගැන බයක් නෑ. මගේ ප්‍රතිපත්ති පිළිගන්නවා නම් කවුරු වුණත් කමක් නෑ නායකත්වය අරගෙන වැඩ කරන්න පුළුවන්. ප්රශ්නය: ඔබ මොනවා කිව්වත් රටේ බහුතර ජනතාව ඉන්නේ ආණ්ඩුව සමඟයි. පහුගිය පළාත් සභා මැතිවරණවලදිත් ඒක පැහැදිලියි? පිළිතුර: ආණ්ඩුවට ගිය පාර මහ මැතිවරණයේදී හිටියෙ ලක්ෂ 45ක්. ආණ්ඩුවට නැති ලක්ෂ 100ක් ඉන්නවා. ඒ ලක්ෂ සීය ආණ්ඩුවට ආශිර්වාද කරන්නෙ නෑ. ආණ්ඩුවේ බඩගෝස්තරවාදයට යටවෙච්ච පිරිසක් ඉන්න පුළුවන්. ආණ්ඩුවට ඡන්දය දුන්න ලක්ෂ හතළිස් පහටත් ආණ්ඩුව කරපු දෙයක් නෑ. ඒ අය විඳින්නෙත් රටේ අනෙක් ජනතාව විඳින දුකම තමයි. ඒ බඩගින්නම තමයි ඒ අයටත් තියෙන්නේ. බුලත් කොළයට ඡන්දය දුන්නා කියලා ඒ අයට අමුතුවෙන් ලැබුණ දෙයක් නෑ. වෙඩි උණ්ඩ නම් ලැබුණා රතුපස්වලදි. ඒ ඡන්දය දීපු අයටත්. ඒ නිසා ජනතාව ආණ්ඩුවත් එක්ක ඉන්නවා කියලා අපි නම් විශ්වාස කරන්නේ නෑ. මේ රජය පවතින්නේ වංචාව දුෂණය හා බොරුවෙන්. ඒ සංස්කෘතිය වෙනස් කරන්නයි අපි මහන්සිගන්නේ. එදාට වංචාවෙන්, දුෂණයෙන්, බොරුවෙන් කල් ගෙවන පාලකයන්ට යන එනමං නැතිවේවි. ඒක දවසෙන් දෙකෙන් කරන්න බැරි බවත් අපි දන්නවා. අවුරුදු 65ක් තිස්සේ තියෙන දුෂිත සංස්කෘතියක් මේක. නමුත් අපි අමාරුවෙන් හරි ගිහින් මේ පාලනය වෙනස් කරනවා. ප්රශ්නය: රටට එරෙහිව ජිනීවා කුමන්ත්‍රණයක් තියෙන බව කියැවෙනවා. ඒ අභියෝගයට මේ රජය මුහුණ දෙමින් සිටින ආකාරය ගැන ඔබ මොනවද හිතන්නේ පිළිතුර: ආණ්ඩුව කිසිම අභියෝගයකට මුහුණ දීලා නැහැනේ හරි විදියට. හමුදාපතිවරු හමුදා භටයන්, පොලිසිය, සිවිල් ආරක්ෂක බළකාය කරපු කැපකිරීම් නිසා යුද්ධය විතරක් ජයග්‍රහණය කළා. ඒකට දේශපාලනඥයන් කරපු දෙයක් නෑ. පරාජිත යුගයේ දේශපාලනඥයන් කරපු දේවල්ම තමයි රාජපක්ෂ පැලැන්තියත් කළේ. ආණ්ඩුව අනෙක් හැම එකක්ම අනාගෙන තියෙන්නේ. දැන් බලන්න ගොවියට විශ්‍රාම වැටුප දීගන්න බෑ. පාසල් ළමුන්ට දිවා ආහාරය දී ගන්න බෑ. මූලික දේවලූත් දී ගන්න බැරිව ඉන්නේ. පහේ ශිෂ්‍යත්වයවත් හරියට තියා ගන්න බෑ. කොයි දේ නොකළත් ආණ්ඩුව එක දෙයක් හරියට කරනවා. හොරකම් කිරීම ලෝකයටම උගන්වන්න පුළුවන් පාලනයක් අපට තියෙනවා. වංචාව, දුෂණය, අවනීතිය අකුරටම කරනවා. කුඩු එනවා, එතනෝල් එනවා, ඒ ගේන අයට දඬුවම් නෑ. ඒ අය බේරා ගන්න මැදිහත් වෙනවා. ආණ්ඩුවේ අයට කියනවා ඒ අය බේරාගන්න ලියුම් දෙන්න එපා. කට වචනයෙන් ඒක කරගන්න කියලා. ප්රශ්නය: මගේ ප්රශ්නය වුණේ ජිනීවා අභියෝගය ගැනයි? පිළිතුර: හමුදාව වෙනුවෙන් මම දිගටම කතා කළා. දැනුත් කතා කරනවා. හමුදාව සමස්තයක් වශයෙන් යුද අපරාධ කළේ නෑ. යුද හමුදාවට මම උපදෙස් දුන්නා. සියලූම සම්මත නීති රීති හා ජාත්‍යන්තර ප්රඥප්තිවලට යටත්ව ඒ විනය තියාගෙන අපි ඒ සටන මෙහෙයැව්වා. මගේ නිලධාරීන් මගේ සෙබළුන් මගේ විධානයන්ට යටත්ව ඉතාම පිරිසිදු ආකාරයට සටන්බිමේ සටන් කළා. යම්කිසි චෝදනාවක් තියෙනවා නම් දැන් ඔය ජනාධිපතිවරයයි ආරක්ෂක ලේකම්වරයයි කයිවරු ගහනවනේ යුද්ධය මෙහෙයැව්වා කියලා. එහෙමනම් ඒ චෝදනාවලින් රටයි හමුදාවයි බේරාගන්න ඒ අය දැනගන්න ඕනෑ. ඒ අයට යුද්ධය ගැන අවබෝධයක් නෑ. ඒ නිසා එන්න එන්න අනාගන්නවා. බෑන් කී මූන් එක්ක ලියුම් අස්සන් කළේ කවුද සංහිඳියා කොමිසමක් පත් කරනවා කියලා. එහෙම අස්සන් කළේ මේ ජනාධිපතිවරයයි. පොදුරාජ්‍ය මණ්ඩලීය සමුළුවට ඉස්සෙල්ලා නැවතත් ලියවිල්ලක් අස්සන් කළා සංහිඳියා කොමිසමේ තියෙන ඒවා කි‍්‍රයාත්මක කරනවා කියලා. ඒ ඔක්කොම මෙයානේ කරන්නේ. කාගෙන්වත් අහන්නේ නැතිව එක එක දේවල්වලට එකඟ වෙනවා. එහෙම එකඟවෙලා ඒවා ඉටු නොකළාම ඒ රටවල් කියනවා ”උඹ එකඟ වෙච්ච දේවල් කරන්නේ නෑ” කියලා. නමුත් මම නැවතත් කියනවා යුද හමුදාව සමස්තයක් විදියට ඉතාම විනය ගරුක විදියට මේ සටන කළා. නමුත් යම් යම් පැමිණිලි තියෙනවා නම් යම් පුද්ගලයෙක් හෝ දෙන්නෙක්… අතීතයේත් අපේ හමුදාවේ එහෙම චරිත ඉඳලා තියෙනවා. ඒ වගේ කවුරු හරි වැරදි කරලා තියෙනවා නම් සාක්කි තියෙනවා නම් එහෙමනම් ඒවට පියවර ගන්න ඕනෑ. ඒව විදේශයෙන් කරනකම් බලාගෙන ඉන්න ඕනේ නෑ. යම්කිසි චෝදනාවක් තියෙනවා නම් අපි ඒවට උත්තර දෙන්න ඕනෑ. මමනම් මගේ හෘද සාක්ෂියට එකඟව මම කාටවත් වැරදි නියෝග දුන්නේ නෑ. මම කාටවත් නියෝග දුන්නේ නැහැනේ සුදු කොඩි අරගෙන එන අයට වෙඩි තියන්න කියලා. ප්රශ්නය: ඒ කියන්නේ වෙන කවුරුහරි එහෙම නියෝගයක් දුන්නා කියලද? පිළිතුර: මම කියන්නේ මම එහෙම නියෝගයක් දුන්නේ නෑ කියලයි. ප්රශ්නය: මගේ ප්‍රශ්නයට කෙළින් උත්තරයක් දෙන්න. එබඳු නියෝගයක් වෙන කවුරුහරි දුන්නාද? පිළිතුර: මම කවදාවත් එහෙම නියෝගයක් දුන්නේ නෑ. එහෙම නියෝග දුන්න කෙනෙක් ඉන්නවා නම් අනිවාර්යයෙන්ම ඒකට මුහුණ දෙන්න ඕනෑ. ප්රශ්නය: යුද අපරාධ සිද්ධ වුණේ නෑ කියලා රට වෙනුවෙන් ජිනීවා නුවරට ගිහින් කියන්න ඔබ සූදානම්ද? පිළිතුර: ඔව්! මම ඕනෑම වෙලාවක සූදානම්. වෙලා තියෙන්නේ යුද්ධය ගැන මෙලෝ හසරක් දන්නේ නැති අය තමයි හමුදාව ගැන කතා කරන්න හදන්නේ. ඔවුන්ට ඒක කරන්න දැනුමක් නෑ. තවම හමුදාවේ නම බේරාගන්න මේ අයට බැරිවුණානේ. ප්රශ්නය: ප්රභාකරන් විනාශ කරන්න හැකිවීම ගැන අද ඔබට මොකද හිතෙන්නේ පිළිතුර: ප්රභාකරන් අනිවාර්යයෙන්ම ජාතියට ද්‍රෝහි වුණ භයානක ත්‍රස්තවාදියෙක්. ඔහු විනාශ කිරීම ඒ මොහොතේ අනිවාර්යයෙන්ම කළ යුතු දෙයක්. අපි ඒ නිසා තමයි උපරිම කැපවීමෙන් ගිහිල්ලා දහස් ගාණක් අපේ සෙබළුන් ජීවිත පූජා කරලා යුද්ධ කළේ. ඒ කරපු දේ සීයට සීයක්ම හරි. ප්රශ්නය: එහෙමනම් ඇයි ඔබ බලපිටියෙදි කිව්වෙ ”ප්රභාකරන්ගේ මයිල් ගහක් තරම්වත් මහින්ද රාජපක්ෂ වටින්නේ නෑ” කියලා. පිළිතුර: මම ඔය කතාව මෙයට කලිනුත් කිව්වා. අපිට හමුදාවෙදි උගන්වන්නේ සෙබළෙක් හැටියට සතුරාටත් ගරු කළ යුතුයි කියලයි. ඒක තමයි හමුදාවේ සදාචාරය. ඒ ආදර්ශය අපට මුලින්ම දුන්නේ දුටුගැමුණු රජ්ජුරුවෝ. ලෝකයේ තියෙන යුද ප්රඥප්තිය තමයි සතුරාට පවා ගරු කළ යුතුයි. සතුරාට වුණත් ඔහුට ලැබිය යුතු ගෞරවය ලැබෙන්න ඕනෑ. විශේෂයෙන්ම මිය ගිය සතුරාට. ඔහුට අගෞරව කරන්න හොඳ නෑ. සතුරාගේ මළ කඳ උඩින් ගිහින් ප්රතිරූප ගොඩනගා ගන්න හොඳ නෑ. දුටුගැමුණු රජතුමා තමයි ඒකට පළමුවැනි ආදර්ශය දුන්නේ. එළාරගේ සොහොන ගාවින් යනකොට බෙරයක්වත් ගහන්නේ නෑ. දෙමළ මහා සෑය කියලා සෑයකුත් හැදුවා. ප්රභාකරන්ගේ එක දෙයකට මම ගරු කරනවා. ප්රභාකරන් හා නායකයන් අන්තිම මොහොත දක්වාම පැනලා යන්නේ නැතිව අපිත් එක්ක සටන් කළා. අපි ඒක හොඳටම දැක්කා. අන්තිම මොහොත දක්වාම ප්රභාකරන් අපිත් එක්ක මුහුණට මුහුණලා සටන් කළා. අපි සෙබළු හැටියට සතුරා වුණත් එහෙම සටන් කරනකොට ඒක අගයනවා. අපි ඒක දකින්නේ යම්කිසි ආකාරයට නිර්භීත චරිතයක් හැටියටයි. ඔහු නිර්භීතව ඔහුගේ සතුරාට මුහුණ දුන්නා. අපි ඔහුගේ සතුරෝ. ඔහු අපේ සතුරෝ. ලෝකය පුරා හමුදාවල උගන්වන්නේ එහෙමයි. සතුරාට වුණත් ලැබිය යුතු ගෞරවය ලැබිය යුතුයි. මිය ගියාට පස්සේ අනිවාර්යයෙන්ම. ප්රශ්නය: ප්රභාකරන් යුද වීරයකු බවට පරිවර්තනය වීම ඔබ තුළ වූ අලූත් වෙනසක් පිළිතුර: නෑ මම කිව්වේ යුද සදාචාරය ගැනයි. ප්රභාකරන්ගේ එක හොඳ ගතිගුණයක් මම දැක්කා. ඒ ප්රභාකරන් අපේ හමුදාවත් එක්ක මුහුණට මුහුණලා සටන් කළත් අපේ පවුල්වලින් පළිගත්තේ නෑ. අපේ පවුල් ඉලක්ක කළේ නෑ. අපේ ළමයි ඉලක්ක කළේ නෑ. ප්රශ්නය: බස් බෝම්බ කාර් බෝම්බ ගැන මොකද හිතෙන්නේ? පිළිතුර: ඔහු ත්‍රස්තවාදියෙක්. ඒ නිසා ඔහු සමහර වෙලාවට සීමා ඉක්මවා යමින් ජන සංහාර කළා. ඒක නින්දිත වැඩක්. ඒ නිසා තමයි අපි එයාට ත්රස්තවාදියා කියලා කියන්නේ. බලපිටියේදීත් මම කිව්වේ ”මේ ද්‍රෝහී ත්‍රස්තවාදී ප්රභාකරන්” කියලයි. ඔහුට ගෞරව නාම දුන්නේ නෑ. නමුත් ඔහුත් අපේ ළමයින්ගෙන් පවුල්වලින් පලිගත්තේ නෑ. එතැනදි මම සන්සන්දනය කළේ අද ඉන්න පාලකයන්ව. මේ පාලක පක්ෂය අපේ ළමයින්ගෙනුත් පලිගන්නවා. අපේ පවුල්වලින් පලිගන්නවා. ඒ සංසන්දනයේදි ප්රභාකරන්ට තිබුණ හොඳ ප්රතිපත්තියවත් මොවුන්ට නෑ. ඒ නිසයි මම කිව්වේ ප්රභාකරන්ගේ එක මයිල් ගහක් තරම්වත් මෙයා වටිනවා කියලා පෙන්නලා නෑ කියලා. මේ අය ප්‍රභාකරන්ටත් වඩා නින්දිත වුණා. ප්රශ්නය: මෙවර ඡුන්දෙදිත් විපක්ෂය වෙන වෙනම ඉල්ලන්නේ. ආණ්ඩු විරෝධී ඡුන්ද තුනට හතරට කැඩෙනවා මිසක් එමගින් ආණ්ඩුවට අභියෝගයක් එල්ල වෙන්නේ නෑ. පිළිතුර: ඒක තමයි මෙතැන ප්රශ්නය. රටේ පැති දෙකක් තිබුණා. පැති දෙකේම හොරු හිටියා. කවුරු ආවත් කළේ එකම දේ. ඒ නිසා තමයි අවුරුදු හැට පහක් තිස්සේ මේ රටට තියෙන හෙනේ. ජනතාවට විකල්පයක් නැති හින්දා මේ පැත්ත එපා වුණාම අනික් පැත්තට දෙනවා. අලූත් බලවේගයක් හදනවා නම් අනිවාර්යයෙන්ම හදන්න වෙනවා. විරුද්ධ පක්ෂයේ ඡන්ද විතරක් නොවෙයි ආණ්ඩු පක්ෂයේ ඡන්දත් කැඩෙනවා. එය පක්ෂ දෙකටම නොදීපු ඡන්ද තියෙනවා සියයට පනහක්. ඒ ඡුන්දත් අපි ඉලක්ක කරගෙන ඉන්නවා. අපි කියන්නේ ඒකට අලූත් බලවේගයක් හදන්න ඕනෑ. ප්රශ්නය: විපක්ෂය ඒකාබද්ධ කරන වැඩපිළිවෙළක් ඔබට නැද්ද? පිළිතුර: ඒ අය මෙච්චර කාලයක් රටේ දේශපාලනය කළා. ඒ අය කරපු දේවල් අපි දැක්කා. රටට සුගතියක් වුණේ නැහැනේ. ඒ අයත් එක්කම ගිහින් අපිත් හේත්තු වුණොත් අපටත් වෙන්නේ සුනඛයොත් එක්ක නිදා ගත්තොත් මැක්කොත් එක්ක නැගිටින්න වෙන්නේ. ප්රශ්නය: ඊළඟ ජනාධිපතිවරණයෙදි මොකක් වෙයිද? පොදු අපේක්ෂකයෙක් දානවද? මේ විදියටම ඉල්ලනවද? පිළිතුර: මම හිතනවා පොදු අපේක්ෂකයෙක් ඉදිරිපත් කරන්න එකඟතාවයට එන්න පුළුවන්නම් මහින්ද රාජපක්ෂ කියන ජනාධිපතිවරයා ඉතාම සූක්ෂම ලෙස ජනතාව රවටමින් මැතිවරණ ව්‍යාපාරයම අයුතුලෙස කරමින් අයුතු ලෙස රජයේ දේපල පාවිච්චි කරමින් දන්සැල් අරිමින් රජයේ මාධ්‍ය අප්පොච්චිගේ බූදලේ වගේ පාවිච්චි කරමින් නූගත් අශීලාචාර මිනිස්සු දාලා අපට මඩ ගහමින් ඒ ගෙන යන ව්‍යාපාරයෙන් මේ රට බේරාගන්න අනිත් අය ඔක්කොම එකම බලවේගයක් වෙලා ඒ මොහොතෙදි පෙරට ආ යුතුයි. ප්රශ්නය: පොදු අපේක්ෂකයා විය යුත්තේ ඔබද? වෙන කෙනෙක්ද? පිළිතුර: ගිය පාර මට ඒ සුදුසුකම තිබුණනේ. ඒ සුදුසුකම මට තිබුණා නම් මට වඩා සුදුස්සෙක් ඉන්වද කියල බලන්න එපැයි. ගිය පාර මාව ගෙනාවේ කිසියම් හේතුවක් නිසානම් ඒ ප්රශ්නය දැන් නැද්ද? ඊට වඩා සුදුස්සෙක් දැන් ඇවිල්ලා ඉන්නවද? අන්න ඒවා ගැනත් කල්පනා කරන්න වෙනවා. ප්රශ්නය: චන්ද්‍රිකා බණ්ඩාරනායක හිටපු ජනාධිපතිනියත් එක්ක ඔබ සාකච්ඡාකිහිපයක් කළා. පිළිතුර: ඒ සාකච්ඡාවලදි අපි කතා කළේ මේ ඒකාධිපති දුෂිත පාලනයෙන් රට බේරාගන්නේ කොහොමද කියලයි. ප්රශ්නය: ජනාධිපතිවරණයට එතුමිය එන බවක් කිව්වද? පිළිතුර: එවැනි ඉඟියක් මට කළේ නෑ. ප්රශ්නය: යම් හෙයකින් ඔබ ආවොත් ඔබට ඇයගේ සහයෝගය ලැබෙයිද? පිළිතුර: ගිය පාරත් එතුමිය මට සහාය දුන්නා. මම දන්නවා එතුමිය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ආදරෙයි. පාක්ෂිකයන්ට ආදරෙයි. මෑතකදි අපි කතා කරනකොටත් ඒ ඉඟිය මට කළා. ඇයටත් අවශ්‍යවෙලා තියෙන්නේ මේ දුෂිත පාලනයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය බේරා ගන්නයි.[/SIZE] [B]ප්‍රසන්න සංජීව තෙන්නකෝන් ලංකාදීප[/B] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom