Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Yesterday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ප්රභාකරන් සහ ඔහු ආරක්ෂා කළ ත්‍රස්තවාදීන
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ප්රභාකරන් සහ ඔහු ආරක්ෂා කළ ත්‍රස්තවාදීන

ප්රභාකරන් සහ ඔහු ආරක්ෂා කළ ත්රස්තවාදීන්ගේ සිරුරු වැටී තිබුණා

ප්රභාකරන් සොයා ගිය අවසන් මෙහෙයුම

ආනන්ද විද්‍යාලයේ ආදි ශිෂ්‍යයකු වූ මේජර් ජනරාල් ජගත් ඩයස් මහතා වසර 35කට අධික කාලයක් හමුදා සේවයේ නිරත විය.

දශක තුනකට අධික කාලයක් ඊළාම් යුද්ධය පැවැති අතර ප්‍රධාන සටන් කාලච්ඡේද හතරක් පැවැතිෙය්ය. ඒ සෑම අවස්ථාවකම විවිධ තනතුරු සහ වගකීම් දරමින් කටයුතු කළ ඔහු අවසන් මෙහෙයුමේ 57 වැනි සේනාංකයේ ආඥාපති ලෙස කටයුතු කළේය.

මේ අවසන් එම මෙහෙයුම දක්වා ගමන්ගත් ගමන් මගේ තොරතුරුය.

හමුදාවට බැඳුණු කාලසීමාව පිළිබඳ මතක් කළොත්?

මම ආනන්ද විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙක්. පාසල් කාලයේදී ක්‍රීඩාවට මූලික තැනක් දුන්නා. විශේෂයෙන් කෙඩෙටින්වලට. ජ්‍යෙෂ්ඨ ශිෂ්‍යභට කණ්ඩායමේ සාමාජිකයෙක් විදියට කටයුතු කළා. හමුදාවේ වැඩපිළිවෙළ හා විනය පිළිබඳව ලොකු ආශාවක් පැහැදීමක් තිබුණා. අපට පාසලේදී නිතරම ඇසුණේ ජාතිකානුරාගී ගීත. ඒ කාලයේ හමුදා නිලධාරීන්ට සමාජයේ ලොකු පිළිගැනීමක් තිබුණා. මේ පසුබිම නිසා මටත් හමුදා නිලධාරියෙක් වීමේ ආශාව ඇති වුණා. ඒ අනුවයි 1980 වසරේ හමුදා සේවයට බැඳෙන්නේ.

ඒ කාලයේ කෙඩෙට් නිලධාරිෙයක් ලෙස බැඳෙන්න හරිම අමාරුයි. වසරකට සැරයක් බඳවා ගැනීම් සිදු කළේ. කෙඩෙට් නිලධාරී පුහුණු පාසලේ ගත කළ මතකය හරිම සුන්දරයි. සමාජයට පිවිසීමේ මූලික පන්නරය මා ලැබුවේ එහිදී. රටට නායකයන් බිහි කළ ස්ථානයක් ඒක. අධ්‍යාපනය, කතා කිරීම, ඉංග්‍රීසි භාෂාව, යුද ශිල්පය සේම විනය පිළිවෙළකට කටයුතු කිරීම ආදී සියලු දේ එතනින් හදනවා. මම ආඩම්බරයෙන් මතක් කරනවා මේජර් ජෙනරාල් කොබ්බෑකඩුව, මේජර් ජෙනරාල් විමලරත්න, ජෙනරාල් ගාමිණී හෙට්ටිආරච්චි, ජනරල් ෆර්ස් ප්‍රනෑන්ඩු වැනි නිලධාරීන්.

ඒ අය ගිය මගයි අපි ගියේ. පුහුණුව අවසන් ෙවලා 1982 පෙබරවාරි 28 වැනි දින අපි විසිර ගියා. මගේ පුහුණු තත්ත්වය අනුව පළමු වැනි විජයබා පාබළ රෙජිමේන්තුවේ 2 වැනි ලුතිනන්වරයෙක් ලෙසයි පත්වීම ලැබුණේ. මම සේවය කළේ ඉරට්ටපෙරියකුලම ප්‍රදේශයේ. එදා මෙදා තුර යුද්ධය අවසන් වෙන තෙක් වසර ගණනාවක් විවිධ තනතුරු උසුලමින් සේවය කළා. ඒ කාලය තුළ යුද වාතාවරණ හතරකට මුහුණ දීමට සිදු වුණා. ඒ හැම අවස්ථාවකම කණ්ඩායම්, බළ ඇණි, බළසේනා, බළ සේනාංක යන ආරක්ෂක සේවා මූලස්ථානවල අණදෙන්නකු හැටියට කටයුතු කළා.

සේවයට බැඳුණු පසු මුලින්ම ත්‍රස්තවාදී ගැටුමකට මුහුණ දුන් ආකාරය විස්තර කළොත්?

ත්‍රස්තවාදී ක්‍රියා පිළිබඳ කෙඩෙට් නිලධාරී පාඨමාලාවේ ඉගෙන ගෙන තිබුණට ඒ පිළිබඳ වැඩි අවබෝධයක් තිබුණේ නෑ. හේතුව බුර බුරා නැගුණ ඔය ගැටුම පිළිබඳ ලොකු සමාජ කතිකාවක් නොතිබීම. රෙජිමේන්තුවට ගියාට පස්සේ එල්.ටී.ටී.ඊ. ප්ලොට්, ඊ.පී.ආර්.එල්.එෆ්. ආදී ජාතිවාදී කල්ලි සිටින බව දැනගන්නට ලැබුණා.

පළමු පත්වීමත් සමගම ප්‍රති ත්‍රස්තවාදී ක්‍රියාන්විතවලට සහභාගි වීමට සිදු වුණා. ඒ කාලයේ ත්රස්තවාදීන්ට අවි ආයුධ අතින් එතරම් ශක්තිමත් භාවයක් තිබුණේ නෑ. ඒත් ඔවුන්ගේ මානසිකත්වය ඉතා දරුණු වුණා. එක ත්රස්තවාදියකුට අපේ බළඇණියක් වුවත් නවත්වන්න පුළුවන් ශක්තියක් තිබුණා. නිවැරදි දේශපාලන විසඳුමක් ඒ කාලේ ලැබුණ නම් ත්‍රස්තවාදී ගැටලුව මෙච්චර දිගු වන්නේ නැහැ.

මම මුහුණ දුන් පළමු ක්‍රියාන්විතය තමයි වඩමාරච්චි සටන. එය 1983 සිදු කළේ. මගේ අණදෙන නිලධාරියාව සිටියේ ජෙනරාල් ගුණරත්න. මෙය යුද ඉතිහාසයේ සිදුවූ පළමු සංවිධානාත්මක ක්‍රියාන්විතය. මීට ජෙනරල් කොබ්බෑකඩුව, ජෙනරල් විමලරත්න ආදී නිලධාරීන් සම්බන්ධ වුණා. එය සාර්ථකව අපි කරගෙන ගියා. ඒත් එය අවසන් කිරීමට බැරි වුණා. හේතුව ඉන්දියාව අපේ රටේ ස්වෛරීත්වයට බලපෑම් කිරීම්.

එදා යුද්ධය අවසන් කර ආර්ථික හා දේශපාලන ක්‍රියාදාමය ක්‍රමානුකූලව සිදු කළා නම් යුද්ධය මෙතරම් දිගු වෙන එකක් නැහැ.

අපිට යාපනයේ දොර ළඟටම ගිහින් සටන නතර කිරීමට සිදු වූවා. ඉන්පසුව සාම සාකච්ඡා ඇති වුණා. එය අවස්ථාවක් කරගත් එල්.ටී.ටී.ඊ. එක ඔවුන්ගේ යුද ශක්තිය සහ පිරිස් බලය වැඩි කර ගත්තා. ඔවුන්ගේ මූලික අරමුණ වුණේ රට බෙදීම. ඔවුන්ට තිබුණේ වෙනමම රාජ්‍යයක සිහිනය.

සාම සාකච්ඡා පවත්වනවා. ඒ කාලයේ එල්.ටී.ටී.ඊ. එක යුද ශක්තිය වැඩිකර ගන්නවා. මෙය කීප පාරක්ම සිදු වුණාම, ඔබලා මොන මතයකද සිටියේ?

අපි කොහොමත් දැනගෙන හිටියා යුද්ධය ඉවර නොකර සාම සාකච්ඡා මාර්ගයෙන් මෙය විසඳන්න බැරි බව. එම සාම සාකච්ඡා සාර්ථක වෙන්න නම් ඔවුන් ඉල්ලන ඊලාම් දේශය ලබා දෙන්න ඕනෑ. තාමත් ඒ අදහස පිටරටවල තිබෙනවා.

සෙබළු සියලු දෙනාටම මේ යුද්ධය ඉවර කළ හැකි බවට විශ්වාසයක් තිබුණා. දේශපාලනය හරි තීරණයක් දුන්නා නම් මීට බොහෝ කාලයකට පෙරයි යුද්ධය අවසන් වෙන්නේ. ඉන්දියාව තියා මොන රාජ්‍ය කිව්වත් යුද්ධය නතර කරන්න කියලා රටක් ලෙස නොනැමෙන දේශපාලන තීරණයක් අවශ්‍ය වුණා. මේ තත්ත්වය අපි හොඳින් තේරුම් ගත්තා. ඒ අනුවයි අපි යුද්ධයට සූදානම් වුණේ. හේතුව රටේ ජනතාව සියයට 99ක්ම යුද්ධය අවසාන කරනවට කැමැත්තෙන් හිටියේ. මම දේශපාලනමය පක්ෂයක් පිළිබඳ නොහිතා කියන්නේ අවසන් මෙහෙයුමේදී හොඳ නායකත්වයක් හා හොඳ දේශපාලනමය තීරණයක් අපට ලැබුණා. ඒ නිසා යුද්ධය අවසන් කළ හැකි වුණේ.

අවසන් මෙහෙයුම පිළිබඳ කතා කළොත්?

මීට ඉහතදී ගත් දේශපාලන තීන්දු තීරණ නිසා අසරණ වුණේ යුද පෙරමුණේ සිටි හමුදා සෙබළු. ඒත් ඔවුන් යුද්ධය දාලා ගියේ නෑ. මහින්ද රාජපක්ෂ මහත්තයා බලයට ආවට පස්සෙත් එල්.ටී.ටී.ඊ.යට සාම සාකච්ඡා සඳහා අවස්ථාවක් දුන්නා. ඒත් සාමයකට යාමේ අවශ්‍යතාවක් ඔවුන්ට තිබුණේ නෑ. ඒ වෙනකොට ඔවුන්ට ඔවුන්ෙග් යුද ශක්තිය පිළිබඳ ලොකු විශ්වාසයක් තිබුණා.

ඇත්තටම ත්‍රස්තවාදී සංවිධානයක් එහෙම හිතපු තත්ත්වය බලපුවාම දැන් මට හිතෙනවා යුද්ධය අවසන් කිරීමත් සිහිනයක් සැබෑවීමක් කියලා. මෙතන ප්‍රධානම වුණේ තීන්දුව, තීරණය හා නායකත්වය.

එල්.ටී.ටී.ඊ. එක මාවිල්ආරු සොරොව්ව වැහීම අමානුෂික ක්‍රියාවක්. නැගෙනහිර සිටි මුස්ලිම්, සිංහල මිනිසුන් ගොවිතැන් කළේ මාවිල්ආරු ජලාශයෙන් වතුර ලබාගෙන. ඒ සොරාව්ව වැසීමෙන් එල්.ටී.ටී.ඊ. එක ඔවුන්ගේ අමානුෂික බවයි ලෝකයට ප්‍රදර්ශනය කළේ. එය තමයි ඔවුන් ගත් වැරදිම තීරණය. ඒ අනුව සොරොව්ව ඇරීම සේම ලංකාව පුරා ව්‍යාප්ත වූ ත්‍රස්තවාදය තුරන් කිරීම පිළිබඳ අවසන් තීන්දුව ලැබුණා. ඒ අනුවයි අවසන් සටන ආරම්භ වන්නේ.

මේ කාලය වන විට එල්.ටී.ටී.ඊ. බුද්ධි අංශවල තත්ත්වය කෙබඳුද?

ඔවුන් ලංකාව පුරා විසිර සිටියා. විවිධ ආයතනවල විවිධ රැකියාකරුවන් ලෙස පෙනී සිටිමින් තොරතුරු එකතු කළා. ඒ අනුව මරාගෙන මැරෙන ත්රස්තයන් ගෙන්වා බෝම්බ පිපිරෙව්වා. සාමාන්‍ය ජනතාව, හමුදා නිලධාරීන්, දේශපාලන නායකයන් රැසක් ඝාතනය කළා. ඒ වගේ දරුණු තත්ත්වයක් රට තුළ ඇතිවී තිබුණා. මේ තත්ත්වයන්ට මුහුණ දෙමිනුයි යුද්ධය ජයග්‍රහණය තෙක් ගෙන යාමට සිදු වුණේ.

යුද්ධය කරගෙන යාමේදී සිවිල් ජනතාව බේරමින් ත්රස්තයන් මර්දනය කළේ කොහොමද?

අවසාන යුද්ධයට යන කොට මුළු හමුදාවටම වසර 25ක අත්දැකීම් තිබුණා. ඊළාම් යුද්ධ තුනකට අපි මුහුණ දී තිබුණා. ඇත්දැකීම් බහුල සෙබළු සිවිල් වැසියන් හඳුනා ගැනීමට භාවිත කළා.

අපි කළේ මානුෂික මෙහෙයුමක්. සිවිල් වැසියන් බේරාගෙන ත්රස්තයන් මර්දනය කරන ආකාරය පිළිබඳ විශේෂ පුහුණු ලබා දුන්නා. ඒ සඳහා අපි අපේ යුද උපක්‍රම වෙනස් කළා.

එල්.ටී.ටී.ඊ. සංවිධානය සිවිල් වැසියන් ප්‍රාණ ඇපකරුවන් ලෙස තබා ගත්තා. ඔවුන්ව බේරා ගත්තේ කොෙහාමද?

මාවිල්ආරු සිදුවීමත් සමග අපේ යුද සැලැස්ම වූයේ උතුරු නැගෙනහිර පළාත් මුදා ගැනීම. එහිදී සිවිල් අයට හානි නොවී ත්රස්තයන් පරාජය කිරීමයි අපට අවශ්‍ය වුණේ.

අපි ඊට අවශ්‍ය කටයුතු සැළසුම් කළා. වන්නි ප්‍රෙද්ශය තදබල ලෙස සටන් පැවැති ප්‍රදේශයක්. සිවිල් ජනතාව සිටින ප්‍රදේශ මගහැරලයි අපිට සටන් කරන්න සිද්ධ වුණේ. මාන්කුලම්, වව්නියා ප්‍රදේශවලින් ආරම්භ කළ යුද්ධය කිලිනොච්චිය වෙනකම් සිදු කළා. එහිදී සිවිල් ජනතාව පිළිබඳ ලොකු ගැටලුවක් ඇති වූවේ නෑ. ඒත් වන්නි ප්‍රදේශය කියන්නේ ඝන කැලයක්. වැඩිපුරම මුහුණට මුහුණ සටන් ඇති වුණේ. සටන් ඇති වුණ වෙලාවේ එල්.ටී.ටී.ඊ. එක සාමාන්‍ය ජනතාව නොමග යැව්වා. ඔවුන් ජනතාවට පැවසුවා යුද්ධය දිනන්න පුළුවන් බව. පියවරෙන් පියවර ජනතාවත් රැගෙනයි ඔවුන් පිටුපසට ගියේ.

57 වැනි සේනාංකයටයි මම අණ දුන්නේ. අපි සටන් කළේ කැලේ ඇතුළේ සිට. අවුරුද්දයි මාස 08ක් යනකන් අපි කැලේ ඇතුළේ හිටියේ. හිටපු හමුදාපති, ආරක්ෂක ලේකම්තුමා ඇතුළු නිලධාරීන් සැලසුම් කළේ සිවිල් අයට වෙන හානිය අවම වන ලෙස සටන් මෙහෙයවන්න. ඒ නිසා අපි ඊළාම් යුද්ධ එක සහ දෙක කරපු යුද උපක්‍රම වෙනස් කළා. ඒ ක්‍රම අසාර්ථක බව අපි දැනගත්තා. ඒ අනුවයි අපි ඉලක්කවලට යන්න සැලසුම් කළේ.

අපි වන්නි ප්රේදශයේ විශාල ආරක්ෂක වළල්ලක් පිහිටෙව්වා. ඒ ආරක්ෂක වළල්ලෙන් ඉදිරියට යැව්ෙව් කුඩා කණ්ඩායම්. සමහර තැන්වල විශේෂ බළකා සෙබළු සිටියා. කැලය තුළින් ඉදිරියට ගොස් සතුරන් හොයලා ඔවුන් ගමන් ගන්නා මාර්ගවල රැඳී ඉඳලා පහර දුන්නා. ඒ ආකාරයට ඒ ඒ ප්‍රදේශ ත්රස්තවාදීන්ගෙන් මුදා ගත්තා. ඒ හැම අවස්ථාවකම පියවරෙන් පියවරට ඉදිරියට ගොස් ආරක්ෂක වළල්ල පිහිටෙව්වා. වන්නියෙන් පටන්ගත් ක්‍රියාන්විතයේ මාස පහක පමණ කාලයක් කැලෑ සටන්වල යෙදෙමින් මෙහෙයුම සාර්ථක කිරීමේ කටයුතුවල නිරත වුණා.

මේ මෙහෙයුම්වලදී මෝටර් ප්‍රහාර, බිම්බෝම්බ, පුද්ගලනාශක බෝම්බවලට මුහුණ දීමට සිදු වුණා. අපේ සෙබළුන් විශාල පිරිසකට හානි සිදු වුණා.

අපේ සෙබළු ජීවිත පරිත්‍යාගයෙන් මාස 05ක කාලයක් අභියෝගාත්මක සටහන් කළ නිසා යම් සාර්ථකත්වයකට ළඟා වෙන්න හැකි වුණා.

ඉදිරියට ගිය සෙබළු කුඩා කණ්ඩායම් ලෙස සෑදී ත්රස්තවාදීන් පිටුපස ගියා. ඔවුනේගේ කඳවුරු තිබෙන තැන් සොයාගෙන පහර දුන්නා. ඔවුන්ෙග් සැපයුම් වාහනවලට පහර දුන්නා. පිළිවෙළින් පිළිවෙළට පහර දෙමින් කිලිනොච්චි වෙනකන් අපි ගියා. අපේ ක්‍රමවේදය නතර කිරීමට ඔවුන්ට අවශ්‍ය වුණා.

ඔවුන් අපේ වාහනවලට, භට පිරිස්වලට, ආරක්ෂක නිලධාරීන්ට පහර දුන්නා. ඒත් අපේ සැලසුම් හොඳ නිසා අපව පසුබස්සවන්න බැරි වුණා. සමහර අවස්ථාවල අෙප් සෙබළු නොකා නොබී දවස් තුන හතර දිවා රාත්‍රී සැඟව සිට සතුරාට ඉලක්ක කර පහර දුන්නා. අවසාන මොහොත වෙනකම් අපි සිවිල් වැසියන් ආරක්ෂා කරමිනුයි සටන් මෙහෙය වූයේ.

අපි කිලිනොච්චිය අල්ල ගත්තට පස්සේ එල්.ටී.ටී.ඊ. එක මෙවර හමුදාව පසුබැස්සවිය නොහැකි බව අවබෝධ කරගත්තා. ඒ නිසා ඔවුන් කළේ සිවිල් වැසියන් ඉදිරියට දාලා පිටුපස සිට පහරදීමට යොමු වුණා. සමහර අවස්ථාවල සිවිල් වැසියන් අපේ ආරක්ෂක භටයන් වෙත එවලා ඔවුන් සමග මුසුවී පැමිණ පහර දුන් අවස්ථා තිබුණා. ඉන් බලාපොරොත්තු වුණේ අපේ සංවිධානාත්මක බව නැති කිරීම.

අපි එල්.ටී.ටී.ඊ. ක්‍රියා ගැන අවබෝධයෙන් හිටිය නිසා ඔවුන්ගේ බලාපොරොත්තුව ඉටුවුණේ නෑ.

ඔවුන් සිවිල් වැසියන් පිළිබඳ කිසිදු වගකීමක් නැතිවයි ක්‍රියා කළේ. අවසන් දවස්වල සිවිල් ජනතාව අතර සිට අපිට කාලතුවක්කු ප්‍රහාර එල්ල කළා. එය යුද උපක්‍රමයක් ලෙසයි ඔවුන් සිදු කළේ. සිවිල් ජනතාව ඉන්න නිසා අපිට ත්රස්තවාදීන් ඉලක්ක කිරීම අපහසු වුණා. ඒ නිසා අපේ සෙබළු රාශියකට හානි සිදු වුණා.

සිවිල් ජනතාව එල්.ටී.ටී.ඊ. එකේ ක්‍රියා කලාපය තේරුම් ගත්තා. ඒ නිසා සිවිල් වැසියන් හමුදාව සිටි ප්‍රදේශවලට එන්නට ගත්තා. ඒ වගේම ඔවුන් දැනගත්තා මොන බලපෑම් ආවත් යුද්ධය නවත්වන්නේ නැති බව. මම දන්න තරමට රජයට ජාත්‍යන්තර බලපෑම් ආවා. ඒත් හිටපු දේශපාලන අධිකාරිය හා හමුදා නායකත්වය, රටේ සිවිල් ජනතාව යුද්ධය අවසන් කිරීම අවසන් මතය කරගෙන සිටියා. ඒ නිසා අපි ඉදිරියටම ගියා.

සමහර අවස්ථාවල අපේ සෙබළු බිම් බෝම්බ වළලා තිබූ ප්‍රදේශ නිදහස් කරගෙන යුද්ධය කළා. රෑ එළිවෙන කොට අඩි 2ක තුනක ප්‍රමාණයක් බිම් බෝම්බ ඉවත් කරලා ඒ ප්‍රදේශ හරහා අගල් කපලා ඒ ඔස්සේ ඉදිරියට ගියා. ලොකු මහන්සියක්, කැපකිරීමක් කළා. මේ වගේ කැපකිරීම් කරලයි එල්.ටී.ටී.ඊ. කඳවුරුවලට ළඟා වෙලා ඔවුන් පරාජය කරලා සිවිල් වැසියන්ව බේරා ගත්තේ.

අවසන් මෙහෙයුමේදී ත්රස්තයන් භාවිත කළ යුද උපක්‍රම මොනවද?

ඔවුන් නන්දිකඩාල් කළපුවේදී හමුදාව නොමග යවන්න උත්සාහ කළා. විශේෂයෙන්ම රාත්‍රී කාලයේදී සිවිල් වැසියන් වගේ ඇඳගෙන, ළමයි අඬන, කාන්තාවෝ කතා කරන හඬ පට භාවිතා කරමින් හමුදා සෙබළු සිටින ප්‍රදේශවලට ඇතුළු වීමට උත්සාහ ගත්තා. එක අවස්ථාවක ආක්ෂක වළල්ලට එසේ පැමිණි පිරිසක් පහර දුන්නා. මේ උපක්‍රම දැනගත් අපි ඔවුන්ව මර්දනය කිරීමට අවශ්‍ය පියවර ගත්තා.

ඒ වගේම සිවිල් වැසියන් ඇතුළට ගන්න ස්ථාන අපි පිහිටුවා තිබුණා. එක අවස්ථාවක එවැනි ස්ථානයකට මරාගෙන මැරෙන ත්‍රස්තවාදියෙක් පැමිණ බෝම්බය පුපුරවා ගත්තා. ඉන් අපේ සෙබළු බර ගාණක් මැරුණා. ඒ වගේම එහි සිටි දමිළ වැසියන් මිය ගියා. එතැන ඔවුන් ඔවුන්ගේ අරමුණ වුණේ බෝම්බය පුපුරුවා ගෙන අපේ ඉදිරි ආරක්ෂක වළල්ල ආපස්සට යවන්න. එයාලට කාලය ගොඩක් වැදගත් වුණා. අන්තර්ජාතිකයන් එක්ක එකතුවෙලා යුද්ධය නැවැත්වීමට බලපෑම් කරන්න ඔවුන්ට අවශ්‍ය වුණා. ඒත් ඔවුන්ගේ බලාපොරොත්තුව ඉටු වුණේ නෑ. අපේ වීරෝදාර සෙබළු පස් බැමි තරණය කරමින් කඳවුරුවලට පහර දෙමින් ඉදිරියට ගියා. දේශපාලන සහ යුදමය වශයෙන් හොඳ නායකත්වයක් ලැබීමත් ජීවිත පරිත්‍යාගයෙන් ඉදිරියටම යන සෙබළුන්ගේ නොපසුබට චිත්ත ධෛර්යයත් ෙමම ජයග්‍රහණයට හේතු වුණා. ඒ වගේම ගුවන්, නාවික, පාබළ ත්‍රිවිධ හමුදාව, පොලිසිය, සිවිල් ආරක්ෂක බළකාය, සුවිසාල සේවයක් කළා. අල්ලාගත් ප්‍රදේශ ආරක්ෂා කිරීම හා සැපයුම්වලට උදව් කිරීම ඒ පිරිස් හරහා සිදු වුණා.

නන්දිකඩාල් මෙහෙයුමේදී තර්ජනයක් වූ දේශගුණික කාලගුණික විපර්යාස ජය ගත්තේ කොහොමද?

මානසිකත්වය ඉහළ තත්ත්වයක තිබෙන සෙබළෙක් මොන අභියෝගය තිබුණත් ඉදිරියට යනවා. අපිට කැලේ සටන්වලදී වැහි කාල දෙකකට මුහුණ දීමට සිදු වුණා. මේ වැස්සමයි ත්රස්තවාදියාටත් වැස්සේ. අපි භූමිය පිළිබඳ හොඳ අධ්‍යයනයක් කළා. වතුර ගලන තැන් වතුර එකතුවෙන තැන් අවබෝධකර ගත්තා. ඒ අනුව ත්රස්තවාදීන් සිටිය හැකි තැන් අනුමාන කළා.

ඇත්ත වශයෙන් ඒ අසාමාන්‍ය කාලගුණය හා දේශගුණය අපට ප්‍රයෝජනවත් වුණා. ආහාර වැනි දේ ප්‍රවාහනය අපහසු වුණත් සතුරාට පහර දීමටත් විශාල ප්‍රදේශයක් අත්පත්කර ගැනීමටත් වැස්ස ලොකු ආශිර්වාදයක් වුණා.

ජයග්‍රහණයේ අවසන් මොහොතේ මොනවද හිතුණේ?

මැයි 18 වැනිදා හවස මට දැනගන්න ලැබුණා ප්‍රදේශය අල්ලා ගත් බව. ඒත් ප්රභාකරන් අල්ල ගන්න බැරි වුණා කියලා ඔවුන් පැවසුවා. කළපු ප්‍රදේශයකත් ත්රස්තවාදීන්ට ඉන්න පුළුවන්. කඩොල් කැල අපට අත අරින්න බෑ. මම ඇහුවා ඒ තැන් පරීක්ෂා කළාද කියලා. ඒ අනුව ඔවුන් ඊළඟ දවසේ උදේ පාන්දර සෝදිසි කිරීම් ආරම්භ කළා. ඊට විශේෂිත කමාන්ඩෝ භට පිරිස් භාවිත කරලා තිබුණා. එතනදි දරුණු සටනක් ඇති වුණා.

මම එතනට යන විට ප්රභාකරන්ගේ මළ සිරුර තිබුණා. සිවිල් ලෙස ඇඳගෙන ඔහු ආරක්ෂා කළ ත්රස්තවාදීන්ගේ සිරුරු තිබුණා.

අන්තිම සටනට මම සහභාගි වුණේ නෑ. ඒ වෙනකොට මට භාරදී තිබූ ප්‍රදේශ නිදහස් කරගෙන තිබුණේ. මම ප්රභාකරන් සිටි ස්ථානයට ගිහින් ඔහුව බලාගත්තා. මම වසර 33ක් හමුදා සේවයේ නිරත වුණා. අපි නඩත්තු වුණේ මහජන මුදලෙන්. රටේ පුරවැසියෙක් හැටියටත් හමුදා සෙබළෙක් හැටියටත් අපි ඉටු කළ යුතු යුතුකමක් තිබුණා.

යුද්ධය අවසන් කළ මෙහෙයුමේ සාමාජිකයෙක් ලෙස මට ලොකු සතුටක් දැනුණා. මම කවුරුවත් මැරෙන එක හොඳයි කියන්නේ නෑ. ඒත් අපේ වගකීම රට ආරක්ෂා කිරීම. මට ඒ ගැන ලොකු අභිමානයක් දැනුණා.

යුද්ධය අවසන් වීමත් සමග ත්රස්තවාදීන් භාවිත කළ අවි ආයුධ විශාල ප්‍රමාණයක් ලැබුණා. ඒවට මොකද කළේ?

ඔව්, අවි ආයුධ ගොඩක් ලැබුණා. මගේ බල ප්‍රදේශයේම තිබුණ කාලතුවක්කු, මැෂින් තුවක්කු, යුද ටැංකි, බෆල් රථ (අපෙන් ගත්ත ඒවා) ආදී අවි ආයුධවලින් රාශියක් විනාශ කළා. සමහර ඒවා අලුත්වැඩියා කර හමුදාවේ පාවිච්චියට ගත්තා. ලොකු අවි ආයුධ හමුදා භාරයේ ඇති.

යළිත් උතුරේ ත්‍රස්තවාදී නායකයන් සමරනවා. ඒ පිළිබඳ මොකද හිතන්නේ?.

රෙට් නීතියක් තිබෙනවා. දේශපාලනයෙන් තොරව නීතිය ක්‍රියාත්මක කළ යුතුයි. ඒ වගේම විදේශ ප්‍රතිපත්තිය ශක්තිමත් විය යුතුයි. ඇමෙරිකාවේ ත්‍රස්ත සංවිධාන තිබෙනවා. එහි ඇමැතිවරු, සාමාජිකයෝ ඉන්නවා. බෙදුම්වාදී සංකල්පය නැතිවෙලා නෑ. දැන් උතුරේ ඉන්න නායකයෝ ත්‍රස්තවාදී ලේබලය යටතේ නොයෙක් නොයෙක් ක්‍රියා කරලා තිබෙනවා. මෙය පිළිගත්ත ත්‍රස්තවාදී සංවිධානයක් නම් ඊට පක්ෂව යමෙක් යම් දෙයක් කරනවා නම් ඒ පිළිබඳ නීතිය ක්‍රියාත්මක කළ යුතුයි. විදේශ තානාපතිවරුන් පිටරට ඇති ත්‍රස්ත සංවිධාන යටපත් කරන්න කටයුතු කළ යුතුයි.

යුද්දේ ඉවර වුණාට පස්සේ ඒ ජනතාවට රැකියා අවස්ථා ලබා දෙන්න. ඔවුන්ගේ ජීවන තත්ත්වය ඉහළ දාන්න හයිඩ්‍රාමනී ආයතනයත් සමග එක්ව කර්මාන්තශාලාවක් පිහිටෙව්වා.

මුලතිව් ඇති හයිඩ්‍රාමනී ආයතනය අද එහි ජනතාවට ලොකු සේවයක් කරනවා. අපි කළේ මානුෂික මෙහෙයුමක්. එය දෙමළ සිවිල් ජනතාවට එරෙහි සටනක් නෙවෙයි. ඒ නිසයි අපි ඔවුන්ගේ ජීවිත නගා සිටුවන්න එවැනි දේ කරන්නේ. ජාතිවාදය ගැන කෑ ගහන කවුරුත් ඒ වගේ දේවල් කරලා නෑ. ඒ නිසා ත්රස්තවාදයේ සැබෑව ගැන හරි අවබෝධයකින් කටයුතු කිරීම සියලු දෙනාගේ වගකීමක්.

සටහන කුමාරි හේරත්

[QUOTE="araki, post: 23249193, member: 360239"] [b]ප්රභාකරන් සහ ඔහු ආරක්ෂා කළ ත්‍රස්තවාදීන[/b] [B][SIZE=4]ප්රභාකරන් සහ ඔහු ආරක්ෂා කළ ත්රස්තවාදීන්ගේ සිරුරු වැටී තිබුණා[/SIZE][/B] [SIZE=4][/SIZE] [COLOR=#B22222][B][SIZE=4]ප්රභාකරන් සොයා ගිය අවසන් මෙහෙයුම[/SIZE][/B][/COLOR] [COLOR=#B22222][B][SIZE=4][IMG]http://static.lankadeepa.lk/assets/uploads/image_4a78906deb.jpg[/IMG][/SIZE][/B][/COLOR] [B][SIZE=4]ආනන්ද විද්‍යාලයේ ආදි ශිෂ්‍යයකු වූ මේජර් ජනරාල් ජගත් ඩයස් මහතා වසර 35කට අධික කාලයක් හමුදා සේවයේ නිරත විය. [/SIZE][/B] [SIZE=4]දශක තුනකට අධික කාලයක් ඊළාම් යුද්ධය පැවැති අතර ප්‍රධාන සටන් කාලච්ඡේද හතරක් පැවැතිෙය්ය. ඒ සෑම අවස්ථාවකම විවිධ තනතුරු සහ වගකීම් දරමින් කටයුතු කළ ඔහු අවසන් මෙහෙයුමේ 57 වැනි සේනාංකයේ ආඥාපති ලෙස කටයුතු කළේය. [/SIZE] [SIZE=4]මේ අවසන් එම මෙහෙයුම දක්වා ගමන්ගත් ගමන් මගේ තොරතුරුය. [/SIZE] [SIZE=4]හමුදාවට බැඳුණු කාලසීමාව පිළිබඳ මතක් කළොත්? [/SIZE] [SIZE=4]මම ආනන්ද විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙක්. පාසල් කාලයේදී ක්‍රීඩාවට මූලික තැනක් දුන්නා. විශේෂයෙන් කෙඩෙටින්වලට. ජ්‍යෙෂ්ඨ ශිෂ්‍යභට කණ්ඩායමේ සාමාජිකයෙක් විදියට කටයුතු කළා. හමුදාවේ වැඩපිළිවෙළ හා විනය පිළිබඳව ලොකු ආශාවක් පැහැදීමක් තිබුණා. අපට පාසලේදී නිතරම ඇසුණේ ජාතිකානුරාගී ගීත. ඒ කාලයේ හමුදා නිලධාරීන්ට සමාජයේ ලොකු පිළිගැනීමක් තිබුණා. මේ පසුබිම නිසා මටත් හමුදා නිලධාරියෙක් වීමේ ආශාව ඇති වුණා. ඒ අනුවයි 1980 වසරේ හමුදා සේවයට බැඳෙන්නේ. [/SIZE] [SIZE=4]ඒ කාලයේ කෙඩෙට් නිලධාරිෙයක් ලෙස බැඳෙන්න හරිම අමාරුයි. වසරකට සැරයක් බඳවා ගැනීම් සිදු කළේ. කෙඩෙට් නිලධාරී පුහුණු පාසලේ ගත කළ මතකය හරිම සුන්දරයි. සමාජයට පිවිසීමේ මූලික පන්නරය මා ලැබුවේ එහිදී. රටට නායකයන් බිහි කළ ස්ථානයක් ඒක. අධ්‍යාපනය, කතා කිරීම, ඉංග්‍රීසි භාෂාව, යුද ශිල්පය සේම විනය පිළිවෙළකට කටයුතු කිරීම ආදී සියලු දේ එතනින් හදනවා. මම ආඩම්බරයෙන් මතක් කරනවා මේජර් ජෙනරාල් කොබ්බෑකඩුව, මේජර් ජෙනරාල් විමලරත්න, ජෙනරාල් ගාමිණී හෙට්ටිආරච්චි, ජනරල් ෆර්ස් ප්‍රනෑන්ඩු වැනි නිලධාරීන්. [/SIZE] [SIZE=4]ඒ අය ගිය මගයි අපි ගියේ. පුහුණුව අවසන් ෙවලා 1982 පෙබරවාරි 28 වැනි දින අපි විසිර ගියා. මගේ පුහුණු තත්ත්වය අනුව පළමු වැනි විජයබා පාබළ රෙජිමේන්තුවේ 2 වැනි ලුතිනන්වරයෙක් ලෙසයි පත්වීම ලැබුණේ. මම සේවය කළේ ඉරට්ටපෙරියකුලම ප්‍රදේශයේ. එදා මෙදා තුර යුද්ධය අවසන් වෙන තෙක් වසර ගණනාවක් විවිධ තනතුරු උසුලමින් සේවය කළා. ඒ කාලය තුළ යුද වාතාවරණ හතරකට මුහුණ දීමට සිදු වුණා. ඒ හැම අවස්ථාවකම කණ්ඩායම්, බළ ඇණි, බළසේනා, බළ සේනාංක යන ආරක්ෂක සේවා මූලස්ථානවල අණදෙන්නකු හැටියට කටයුතු කළා. [/SIZE] [SIZE=4]සේවයට බැඳුණු පසු මුලින්ම ත්‍රස්තවාදී ගැටුමකට මුහුණ දුන් ආකාරය විස්තර කළොත්? [/SIZE] [SIZE=4]ත්‍රස්තවාදී ක්‍රියා පිළිබඳ කෙඩෙට් නිලධාරී පාඨමාලාවේ ඉගෙන ගෙන තිබුණට ඒ පිළිබඳ වැඩි අවබෝධයක් තිබුණේ නෑ. හේතුව බුර බුරා නැගුණ ඔය ගැටුම පිළිබඳ ලොකු සමාජ කතිකාවක් නොතිබීම. රෙජිමේන්තුවට ගියාට පස්සේ එල්.ටී.ටී.ඊ. ප්ලොට්, ඊ.පී.ආර්.එල්.එෆ්. ආදී ජාතිවාදී කල්ලි සිටින බව දැනගන්නට ලැබුණා. [/SIZE] [SIZE=4]පළමු පත්වීමත් සමගම ප්‍රති ත්‍රස්තවාදී ක්‍රියාන්විතවලට සහභාගි වීමට සිදු වුණා. ඒ කාලයේ ත්රස්තවාදීන්ට අවි ආයුධ අතින් එතරම් ශක්තිමත් භාවයක් තිබුණේ නෑ. ඒත් ඔවුන්ගේ මානසිකත්වය ඉතා දරුණු වුණා. එක ත්රස්තවාදියකුට අපේ බළඇණියක් වුවත් නවත්වන්න පුළුවන් ශක්තියක් තිබුණා. නිවැරදි දේශපාලන විසඳුමක් ඒ කාලේ ලැබුණ නම් ත්‍රස්තවාදී ගැටලුව මෙච්චර දිගු වන්නේ නැහැ. [/SIZE] [SIZE=4]මම මුහුණ දුන් පළමු ක්‍රියාන්විතය තමයි වඩමාරච්චි සටන. එය 1983 සිදු කළේ. මගේ අණදෙන නිලධාරියාව සිටියේ ජෙනරාල් ගුණරත්න. මෙය යුද ඉතිහාසයේ සිදුවූ පළමු සංවිධානාත්මක ක්‍රියාන්විතය. මීට ජෙනරල් කොබ්බෑකඩුව, ජෙනරල් විමලරත්න ආදී නිලධාරීන් සම්බන්ධ වුණා. එය සාර්ථකව අපි කරගෙන ගියා. ඒත් එය අවසන් කිරීමට බැරි වුණා. හේතුව ඉන්දියාව අපේ රටේ ස්වෛරීත්වයට බලපෑම් කිරීම්. [/SIZE] [SIZE=4]එදා යුද්ධය අවසන් කර ආර්ථික හා දේශපාලන ක්‍රියාදාමය ක්‍රමානුකූලව සිදු කළා නම් යුද්ධය මෙතරම් දිගු වෙන එකක් නැහැ. [/SIZE] [SIZE=4]අපිට යාපනයේ දොර ළඟටම ගිහින් සටන නතර කිරීමට සිදු වූවා. ඉන්පසුව සාම සාකච්ඡා ඇති වුණා. එය අවස්ථාවක් කරගත් එල්.ටී.ටී.ඊ. එක ඔවුන්ගේ යුද ශක්තිය සහ පිරිස් බලය වැඩි කර ගත්තා. ඔවුන්ගේ මූලික අරමුණ වුණේ රට බෙදීම. ඔවුන්ට තිබුණේ වෙනමම රාජ්‍යයක සිහිනය. [/SIZE] [SIZE=4]සාම සාකච්ඡා පවත්වනවා. ඒ කාලයේ එල්.ටී.ටී.ඊ. එක යුද ශක්තිය වැඩිකර ගන්නවා. මෙය කීප පාරක්ම සිදු වුණාම, ඔබලා මොන මතයකද සිටියේ? [/SIZE] [SIZE=4]අපි කොහොමත් දැනගෙන හිටියා යුද්ධය ඉවර නොකර සාම සාකච්ඡා මාර්ගයෙන් මෙය විසඳන්න බැරි බව. එම සාම සාකච්ඡා සාර්ථක වෙන්න නම් ඔවුන් ඉල්ලන ඊලාම් දේශය ලබා දෙන්න ඕනෑ. තාමත් ඒ අදහස පිටරටවල තිබෙනවා. [/SIZE] [SIZE=4]සෙබළු සියලු දෙනාටම මේ යුද්ධය ඉවර කළ හැකි බවට විශ්වාසයක් තිබුණා. දේශපාලනය හරි තීරණයක් දුන්නා නම් මීට බොහෝ කාලයකට පෙරයි යුද්ධය අවසන් වෙන්නේ. ඉන්දියාව තියා මොන රාජ්‍ය කිව්වත් යුද්ධය නතර කරන්න කියලා රටක් ලෙස නොනැමෙන දේශපාලන තීරණයක් අවශ්‍ය වුණා. මේ තත්ත්වය අපි හොඳින් තේරුම් ගත්තා. ඒ අනුවයි අපි යුද්ධයට සූදානම් වුණේ. හේතුව රටේ ජනතාව සියයට 99ක්ම යුද්ධය අවසාන කරනවට කැමැත්තෙන් හිටියේ. මම දේශපාලනමය පක්ෂයක් පිළිබඳ නොහිතා කියන්නේ අවසන් මෙහෙයුමේදී හොඳ නායකත්වයක් හා හොඳ දේශපාලනමය තීරණයක් අපට ලැබුණා. ඒ නිසා යුද්ධය අවසන් කළ හැකි වුණේ. [/SIZE] [SIZE=4]අවසන් මෙහෙයුම පිළිබඳ කතා කළොත්? [/SIZE] [SIZE=4][IMG]http://static.lankadeepa.lk/assets/uploads/image_eb067a3200.jpg[/IMG]මීට ඉහතදී ගත් දේශපාලන තීන්දු තීරණ නිසා අසරණ වුණේ යුද පෙරමුණේ සිටි හමුදා සෙබළු. ඒත් ඔවුන් යුද්ධය දාලා ගියේ නෑ. මහින්ද රාජපක්ෂ මහත්තයා බලයට ආවට පස්සෙත් එල්.ටී.ටී.ඊ.යට සාම සාකච්ඡා සඳහා අවස්ථාවක් දුන්නා. ඒත් සාමයකට යාමේ අවශ්‍යතාවක් ඔවුන්ට තිබුණේ නෑ. ඒ වෙනකොට ඔවුන්ට ඔවුන්ෙග් යුද ශක්තිය පිළිබඳ ලොකු විශ්වාසයක් තිබුණා. [/SIZE] [SIZE=4]ඇත්තටම ත්‍රස්තවාදී සංවිධානයක් එහෙම හිතපු තත්ත්වය බලපුවාම දැන් මට හිතෙනවා යුද්ධය අවසන් කිරීමත් සිහිනයක් සැබෑවීමක් කියලා. මෙතන ප්‍රධානම වුණේ තීන්දුව, තීරණය හා නායකත්වය. [/SIZE] [SIZE=4]එල්.ටී.ටී.ඊ. එක මාවිල්ආරු සොරොව්ව වැහීම අමානුෂික ක්‍රියාවක්. නැගෙනහිර සිටි මුස්ලිම්, සිංහල මිනිසුන් ගොවිතැන් කළේ මාවිල්ආරු ජලාශයෙන් වතුර ලබාගෙන. ඒ සොරාව්ව වැසීමෙන් එල්.ටී.ටී.ඊ. එක ඔවුන්ගේ අමානුෂික බවයි ලෝකයට ප්‍රදර්ශනය කළේ. එය තමයි ඔවුන් ගත් වැරදිම තීරණය. ඒ අනුව සොරොව්ව ඇරීම සේම ලංකාව පුරා ව්‍යාප්ත වූ ත්‍රස්තවාදය තුරන් කිරීම පිළිබඳ අවසන් තීන්දුව ලැබුණා. ඒ අනුවයි අවසන් සටන ආරම්භ වන්නේ. [/SIZE] [SIZE=4]මේ කාලය වන විට එල්.ටී.ටී.ඊ. බුද්ධි අංශවල තත්ත්වය කෙබඳුද? [/SIZE] [SIZE=4] ඔවුන් ලංකාව පුරා විසිර සිටියා. විවිධ ආයතනවල විවිධ රැකියාකරුවන් ලෙස පෙනී සිටිමින් තොරතුරු එකතු කළා. ඒ අනුව මරාගෙන මැරෙන ත්රස්තයන් ගෙන්වා බෝම්බ පිපිරෙව්වා. සාමාන්‍ය ජනතාව, හමුදා නිලධාරීන්, දේශපාලන නායකයන් රැසක් ඝාතනය කළා. ඒ වගේ දරුණු තත්ත්වයක් රට තුළ ඇතිවී තිබුණා. මේ තත්ත්වයන්ට මුහුණ දෙමිනුයි යුද්ධය ජයග්‍රහණය තෙක් ගෙන යාමට සිදු වුණේ. [/SIZE] [SIZE=4]යුද්ධය කරගෙන යාමේදී සිවිල් ජනතාව බේරමින් ත්රස්තයන් මර්දනය කළේ කොහොමද? [/SIZE] [SIZE=4]අවසාන යුද්ධයට යන කොට මුළු හමුදාවටම වසර 25ක අත්දැකීම් තිබුණා. ඊළාම් යුද්ධ තුනකට අපි මුහුණ දී තිබුණා. ඇත්දැකීම් බහුල සෙබළු සිවිල් වැසියන් හඳුනා ගැනීමට භාවිත කළා. [/SIZE] [SIZE=4]අපි කළේ මානුෂික මෙහෙයුමක්. සිවිල් වැසියන් බේරාගෙන ත්රස්තයන් මර්දනය කරන ආකාරය පිළිබඳ විශේෂ පුහුණු ලබා දුන්නා. ඒ සඳහා අපි අපේ යුද උපක්‍රම වෙනස් කළා. [/SIZE] [SIZE=4]එල්.ටී.ටී.ඊ. සංවිධානය සිවිල් වැසියන් ප්‍රාණ ඇපකරුවන් ලෙස තබා ගත්තා. ඔවුන්ව බේරා ගත්තේ කොෙහාමද? [/SIZE] [SIZE=4]මාවිල්ආරු සිදුවීමත් සමග අපේ යුද සැලැස්ම වූයේ උතුරු නැගෙනහිර පළාත් මුදා ගැනීම. එහිදී සිවිල් අයට හානි නොවී ත්රස්තයන් පරාජය කිරීමයි අපට අවශ්‍ය වුණේ. [/SIZE] [SIZE=4]අපි ඊට අවශ්‍ය කටයුතු සැළසුම් කළා. වන්නි ප්‍රෙද්ශය තදබල ලෙස සටන් පැවැති ප්‍රදේශයක්. සිවිල් ජනතාව සිටින ප්‍රදේශ මගහැරලයි අපිට සටන් කරන්න සිද්ධ වුණේ. මාන්කුලම්, වව්නියා ප්‍රදේශවලින් ආරම්භ කළ යුද්ධය කිලිනොච්චිය වෙනකම් සිදු කළා. එහිදී සිවිල් ජනතාව පිළිබඳ ලොකු ගැටලුවක් ඇති වූවේ නෑ. ඒත් වන්නි ප්‍රදේශය කියන්නේ ඝන කැලයක්. වැඩිපුරම මුහුණට මුහුණ සටන් ඇති වුණේ. සටන් ඇති වුණ වෙලාවේ එල්.ටී.ටී.ඊ. එක සාමාන්‍ය ජනතාව නොමග යැව්වා. ඔවුන් ජනතාවට පැවසුවා යුද්ධය දිනන්න පුළුවන් බව. පියවරෙන් පියවර ජනතාවත් රැගෙනයි ඔවුන් පිටුපසට ගියේ. [/SIZE] [SIZE=4] 57 වැනි සේනාංකයටයි මම අණ දුන්නේ. අපි සටන් කළේ කැලේ ඇතුළේ සිට. අවුරුද්දයි මාස 08ක් යනකන් අපි කැලේ ඇතුළේ හිටියේ. හිටපු හමුදාපති, ආරක්ෂක ලේකම්තුමා ඇතුළු නිලධාරීන් සැලසුම් කළේ සිවිල් අයට වෙන හානිය අවම වන ලෙස සටන් මෙහෙයවන්න. ඒ නිසා අපි ඊළාම් යුද්ධ එක සහ දෙක කරපු යුද උපක්‍රම වෙනස් කළා. ඒ ක්‍රම අසාර්ථක බව අපි දැනගත්තා. ඒ අනුවයි අපි ඉලක්කවලට යන්න සැලසුම් කළේ. අපි වන්නි ප්රේදශයේ විශාල ආරක්ෂක වළල්ලක් පිහිටෙව්වා. ඒ ආරක්ෂක වළල්ලෙන් ඉදිරියට යැව්ෙව් කුඩා කණ්ඩායම්. සමහර තැන්වල විශේෂ බළකා සෙබළු සිටියා. කැලය තුළින් ඉදිරියට ගොස් සතුරන් හොයලා ඔවුන් ගමන් ගන්නා මාර්ගවල රැඳී ඉඳලා පහර දුන්නා. ඒ ආකාරයට ඒ ඒ ප්‍රදේශ ත්රස්තවාදීන්ගෙන් මුදා ගත්තා. ඒ හැම අවස්ථාවකම පියවරෙන් පියවරට ඉදිරියට ගොස් ආරක්ෂක වළල්ල පිහිටෙව්වා. වන්නියෙන් පටන්ගත් ක්‍රියාන්විතයේ මාස පහක පමණ කාලයක් කැලෑ සටන්වල යෙදෙමින් මෙහෙයුම සාර්ථක කිරීමේ කටයුතුවල නිරත වුණා. [/SIZE] [SIZE=4]මේ මෙහෙයුම්වලදී මෝටර් ප්‍රහාර, බිම්බෝම්බ, පුද්ගලනාශක බෝම්බවලට මුහුණ දීමට සිදු වුණා. අපේ සෙබළුන් විශාල පිරිසකට හානි සිදු වුණා. [/SIZE] [SIZE=4]අපේ සෙබළු ජීවිත පරිත්‍යාගයෙන් මාස 05ක කාලයක් අභියෝගාත්මක සටහන් කළ නිසා යම් සාර්ථකත්වයකට ළඟා වෙන්න හැකි වුණා. [/SIZE] [SIZE=4]ඉදිරියට ගිය සෙබළු කුඩා කණ්ඩායම් ලෙස සෑදී ත්රස්තවාදීන් පිටුපස ගියා. ඔවුනේගේ කඳවුරු තිබෙන තැන් සොයාගෙන පහර දුන්නා. ඔවුන්ෙග් සැපයුම් වාහනවලට පහර දුන්නා. පිළිවෙළින් පිළිවෙළට පහර දෙමින් කිලිනොච්චි වෙනකන් අපි ගියා. අපේ ක්‍රමවේදය නතර කිරීමට ඔවුන්ට අවශ්‍ය වුණා. [/SIZE] [SIZE=4]ඔවුන් අපේ වාහනවලට, භට පිරිස්වලට, ආරක්ෂක නිලධාරීන්ට පහර දුන්නා. ඒත් අපේ සැලසුම් හොඳ නිසා අපව පසුබස්සවන්න බැරි වුණා. සමහර අවස්ථාවල අෙප් සෙබළු නොකා නොබී දවස් තුන හතර දිවා රාත්‍රී සැඟව සිට සතුරාට ඉලක්ක කර පහර දුන්නා. අවසාන මොහොත වෙනකම් අපි සිවිල් වැසියන් ආරක්ෂා කරමිනුයි සටන් මෙහෙය වූයේ. [/SIZE] [SIZE=4]අපි කිලිනොච්චිය අල්ල ගත්තට පස්සේ එල්.ටී.ටී.ඊ. එක මෙවර හමුදාව පසුබැස්සවිය නොහැකි බව අවබෝධ කරගත්තා. ඒ නිසා ඔවුන් කළේ සිවිල් වැසියන් ඉදිරියට දාලා පිටුපස සිට පහරදීමට යොමු වුණා. සමහර අවස්ථාවල සිවිල් වැසියන් අපේ ආරක්ෂක භටයන් වෙත එවලා ඔවුන් සමග මුසුවී පැමිණ පහර දුන් අවස්ථා තිබුණා. ඉන් බලාපොරොත්තු වුණේ අපේ සංවිධානාත්මක බව නැති කිරීම. [/SIZE] [SIZE=4]අපි එල්.ටී.ටී.ඊ. ක්‍රියා ගැන අවබෝධයෙන් හිටිය නිසා ඔවුන්ගේ බලාපොරොත්තුව ඉටුවුණේ නෑ. [/SIZE] [SIZE=4] ඔවුන් සිවිල් වැසියන් පිළිබඳ කිසිදු වගකීමක් නැතිවයි ක්‍රියා කළේ. අවසන් දවස්වල සිවිල් ජනතාව අතර සිට අපිට කාලතුවක්කු ප්‍රහාර එල්ල කළා. එය යුද උපක්‍රමයක් ලෙසයි ඔවුන් සිදු කළේ. සිවිල් ජනතාව ඉන්න නිසා අපිට ත්රස්තවාදීන් ඉලක්ක කිරීම අපහසු වුණා. ඒ නිසා අපේ සෙබළු රාශියකට හානි සිදු වුණා. [/SIZE] [SIZE=4]සිවිල් ජනතාව එල්.ටී.ටී.ඊ. එකේ ක්‍රියා කලාපය තේරුම් ගත්තා. ඒ නිසා සිවිල් වැසියන් හමුදාව සිටි ප්‍රදේශවලට එන්නට ගත්තා. ඒ වගේම ඔවුන් දැනගත්තා මොන බලපෑම් ආවත් යුද්ධය නවත්වන්නේ නැති බව. මම දන්න තරමට රජයට ජාත්‍යන්තර බලපෑම් ආවා. ඒත් හිටපු දේශපාලන අධිකාරිය හා හමුදා නායකත්වය, රටේ සිවිල් ජනතාව යුද්ධය අවසන් කිරීම අවසන් මතය කරගෙන සිටියා. ඒ නිසා අපි ඉදිරියටම ගියා. [/SIZE] [SIZE=4]සමහර අවස්ථාවල අපේ සෙබළු බිම් බෝම්බ වළලා තිබූ ප්‍රදේශ නිදහස් කරගෙන යුද්ධය කළා. රෑ එළිවෙන කොට අඩි 2ක තුනක ප්‍රමාණයක් බිම් බෝම්බ ඉවත් කරලා ඒ ප්‍රදේශ හරහා අගල් කපලා ඒ ඔස්සේ ඉදිරියට ගියා. ලොකු මහන්සියක්, කැපකිරීමක් කළා. මේ වගේ කැපකිරීම් කරලයි එල්.ටී.ටී.ඊ. කඳවුරුවලට ළඟා වෙලා ඔවුන් පරාජය කරලා සිවිල් වැසියන්ව බේරා ගත්තේ. [/SIZE] [SIZE=4]අවසන් මෙහෙයුමේදී ත්රස්තයන් භාවිත කළ යුද උපක්‍රම මොනවද? [/SIZE] [SIZE=4]ඔවුන් නන්දිකඩාල් කළපුවේදී හමුදාව නොමග යවන්න උත්සාහ කළා. විශේෂයෙන්ම රාත්‍රී කාලයේදී සිවිල් වැසියන් වගේ ඇඳගෙන, ළමයි අඬන, කාන්තාවෝ කතා කරන හඬ පට භාවිතා කරමින් හමුදා සෙබළු සිටින ප්‍රදේශවලට ඇතුළු වීමට උත්සාහ ගත්තා. එක අවස්ථාවක ආක්ෂක වළල්ලට එසේ පැමිණි පිරිසක් පහර දුන්නා. මේ උපක්‍රම දැනගත් අපි ඔවුන්ව මර්දනය කිරීමට අවශ්‍ය පියවර ගත්තා. [/SIZE] [SIZE=4]ඒ වගේම සිවිල් වැසියන් ඇතුළට ගන්න ස්ථාන අපි පිහිටුවා තිබුණා. එක අවස්ථාවක එවැනි ස්ථානයකට මරාගෙන මැරෙන ත්‍රස්තවාදියෙක් පැමිණ බෝම්බය පුපුරවා ගත්තා. ඉන් අපේ සෙබළු බර ගාණක් මැරුණා. ඒ වගේම එහි සිටි දමිළ වැසියන් මිය ගියා. එතැන ඔවුන් ඔවුන්ගේ අරමුණ වුණේ බෝම්බය පුපුරුවා ගෙන අපේ ඉදිරි ආරක්ෂක වළල්ල ආපස්සට යවන්න. එයාලට කාලය ගොඩක් වැදගත් වුණා. අන්තර්ජාතිකයන් එක්ක එකතුවෙලා යුද්ධය නැවැත්වීමට බලපෑම් කරන්න ඔවුන්ට අවශ්‍ය වුණා. ඒත් ඔවුන්ගේ බලාපොරොත්තුව ඉටු වුණේ නෑ. අපේ වීරෝදාර සෙබළු පස් බැමි තරණය කරමින් කඳවුරුවලට පහර දෙමින් ඉදිරියට ගියා. දේශපාලන සහ යුදමය වශයෙන් හොඳ නායකත්වයක් ලැබීමත් ජීවිත පරිත්‍යාගයෙන් ඉදිරියටම යන සෙබළුන්ගේ නොපසුබට චිත්ත ධෛර්යයත් ෙමම ජයග්‍රහණයට හේතු වුණා. ඒ වගේම ගුවන්, නාවික, පාබළ ත්‍රිවිධ හමුදාව, පොලිසිය, සිවිල් ආරක්ෂක බළකාය, සුවිසාල සේවයක් කළා. අල්ලාගත් ප්‍රදේශ ආරක්ෂා කිරීම හා සැපයුම්වලට උදව් කිරීම ඒ පිරිස් හරහා සිදු වුණා.[/SIZE] [SIZE=4] නන්දිකඩාල් මෙහෙයුමේදී තර්ජනයක් වූ දේශගුණික කාලගුණික විපර්යාස ජය ගත්තේ කොහොමද? [/SIZE] [SIZE=4]මානසිකත්වය ඉහළ තත්ත්වයක තිබෙන සෙබළෙක් මොන අභියෝගය තිබුණත් ඉදිරියට යනවා. අපිට කැලේ සටන්වලදී වැහි කාල දෙකකට මුහුණ දීමට සිදු වුණා. මේ වැස්සමයි ත්රස්තවාදියාටත් වැස්සේ. අපි භූමිය පිළිබඳ හොඳ අධ්‍යයනයක් කළා. වතුර ගලන තැන් වතුර එකතුවෙන තැන් අවබෝධකර ගත්තා. ඒ අනුව ත්රස්තවාදීන් සිටිය හැකි තැන් අනුමාන කළා. [/SIZE] [SIZE=4]ඇත්ත වශයෙන් ඒ අසාමාන්‍ය කාලගුණය හා දේශගුණය අපට ප්‍රයෝජනවත් වුණා. ආහාර වැනි දේ ප්‍රවාහනය අපහසු වුණත් සතුරාට පහර දීමටත් විශාල ප්‍රදේශයක් අත්පත්කර ගැනීමටත් වැස්ස ලොකු ආශිර්වාදයක් වුණා. [/SIZE] [SIZE=4]ජයග්‍රහණයේ අවසන් මොහොතේ මොනවද හිතුණේ? [/SIZE] [SIZE=4]මැයි 18 වැනිදා හවස මට දැනගන්න ලැබුණා ප්‍රදේශය අල්ලා ගත් බව. ඒත් ප්රභාකරන් අල්ල ගන්න බැරි වුණා කියලා ඔවුන් පැවසුවා. කළපු ප්‍රදේශයකත් ත්රස්තවාදීන්ට ඉන්න පුළුවන්. කඩොල් කැල අපට අත අරින්න බෑ. මම ඇහුවා ඒ තැන් පරීක්ෂා කළාද කියලා. ඒ අනුව ඔවුන් ඊළඟ දවසේ උදේ පාන්දර සෝදිසි කිරීම් ආරම්භ කළා. ඊට විශේෂිත කමාන්ඩෝ භට පිරිස් භාවිත කරලා තිබුණා. එතනදි දරුණු සටනක් ඇති වුණා. [/SIZE] [SIZE=4]මම එතනට යන විට ප්රභාකරන්ගේ මළ සිරුර තිබුණා. සිවිල් ලෙස ඇඳගෙන ඔහු ආරක්ෂා කළ ත්රස්තවාදීන්ගේ සිරුරු තිබුණා. [/SIZE] [SIZE=4]අන්තිම සටනට මම සහභාගි වුණේ නෑ. ඒ වෙනකොට මට භාරදී තිබූ ප්‍රදේශ නිදහස් කරගෙන තිබුණේ. මම ප්රභාකරන් සිටි ස්ථානයට ගිහින් ඔහුව බලාගත්තා. මම වසර 33ක් හමුදා සේවයේ නිරත වුණා. අපි නඩත්තු වුණේ මහජන මුදලෙන්. රටේ පුරවැසියෙක් හැටියටත් හමුදා සෙබළෙක් හැටියටත් අපි ඉටු කළ යුතු යුතුකමක් තිබුණා. [/SIZE] [SIZE=4]යුද්ධය අවසන් කළ මෙහෙයුමේ සාමාජිකයෙක් ලෙස මට ලොකු සතුටක් දැනුණා. මම කවුරුවත් මැරෙන එක හොඳයි කියන්නේ නෑ. ඒත් අපේ වගකීම රට ආරක්ෂා කිරීම. මට ඒ ගැන ලොකු අභිමානයක් දැනුණා. [/SIZE] [SIZE=4]යුද්ධය අවසන් වීමත් සමග ත්රස්තවාදීන් භාවිත කළ අවි ආයුධ විශාල ප්‍රමාණයක් ලැබුණා. ඒවට මොකද කළේ? [/SIZE] [SIZE=4]ඔව්, අවි ආයුධ ගොඩක් ලැබුණා. මගේ බල ප්‍රදේශයේම තිබුණ කාලතුවක්කු, මැෂින් තුවක්කු, යුද ටැංකි, බෆල් රථ (අපෙන් ගත්ත ඒවා) ආදී අවි ආයුධවලින් රාශියක් විනාශ කළා. සමහර ඒවා අලුත්වැඩියා කර හමුදාවේ පාවිච්චියට ගත්තා. ලොකු අවි ආයුධ හමුදා භාරයේ ඇති. [/SIZE] [SIZE=4]යළිත් උතුරේ ත්‍රස්තවාදී නායකයන් සමරනවා. ඒ පිළිබඳ මොකද හිතන්නේ?. [/SIZE] [SIZE=4] රෙට් නීතියක් තිබෙනවා. දේශපාලනයෙන් තොරව නීතිය ක්‍රියාත්මක කළ යුතුයි. ඒ වගේම විදේශ ප්‍රතිපත්තිය ශක්තිමත් විය යුතුයි. ඇමෙරිකාවේ ත්‍රස්ත සංවිධාන තිබෙනවා. එහි ඇමැතිවරු, සාමාජිකයෝ ඉන්නවා. බෙදුම්වාදී සංකල්පය නැතිවෙලා නෑ. දැන් උතුරේ ඉන්න නායකයෝ ත්‍රස්තවාදී ලේබලය යටතේ නොයෙක් නොයෙක් ක්‍රියා කරලා තිබෙනවා. මෙය පිළිගත්ත ත්‍රස්තවාදී සංවිධානයක් නම් ඊට පක්ෂව යමෙක් යම් දෙයක් කරනවා නම් ඒ පිළිබඳ නීතිය ක්‍රියාත්මක කළ යුතුයි. විදේශ තානාපතිවරුන් පිටරට ඇති ත්‍රස්ත සංවිධාන යටපත් කරන්න කටයුතු කළ යුතුයි. [/SIZE] [SIZE=4]යුද්දේ ඉවර වුණාට පස්සේ ඒ ජනතාවට රැකියා අවස්ථා ලබා දෙන්න. ඔවුන්ගේ ජීවන තත්ත්වය ඉහළ දාන්න හයිඩ්‍රාමනී ආයතනයත් සමග එක්ව කර්මාන්තශාලාවක් පිහිටෙව්වා. [/SIZE] [SIZE=4]මුලතිව් ඇති හයිඩ්‍රාමනී ආයතනය අද එහි ජනතාවට ලොකු සේවයක් කරනවා. අපි කළේ මානුෂික මෙහෙයුමක්. එය දෙමළ සිවිල් ජනතාවට එරෙහි සටනක් නෙවෙයි. ඒ නිසයි අපි ඔවුන්ගේ ජීවිත නගා සිටුවන්න එවැනි දේ කරන්නේ. ජාතිවාදය ගැන කෑ ගහන කවුරුත් ඒ වගේ දේවල් කරලා නෑ. ඒ නිසා ත්රස්තවාදයේ සැබෑව ගැන හරි අවබෝධයකින් කටයුතු කිරීම සියලු දෙනාගේ වගකීමක්. [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] [/SIZE] [B][SIZE=4]සටහන කුමාරි හේරත්[/SIZE][/B] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom