ප්‍රභාකරන්

EXCITE

Banned
Nov 7, 2014
325
47
0
‘දුටුගැමුණු ද්වන්ධ සටනින් මරා දැමූ එළාර වෙනුවෙන් සෑයක් හදා ගෞරව කළා : චන්ද්‍රිකා තමන්ගේ ඇසක් උදුරා ගත් ප්‍රභාකරන්ට මිස්ටර් කීවා : ඒවා සිංහල බෞද්ධ උදාර ලක්ෂණ‘ -මංගල

තමන්ගේ එක ඇසක් පමණක් නොව ජීවිතය පවා උදුරා ගැනීමට මාන බලපු ත්‍රස්තවාදී එල්ටීටීඊ සංවිධානයේ නායක ප්‍රභාකරන්ට පවා ගෞරවකර කතා කිරීම හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංග මහත්මියගේ සිංහල බෞද්ධ හැදියාවේ උදාර ලක්ෂණයක් යැයි පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සම මාධ්‍ය ප්‍රකාශක එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී මංගල සමරවීර මහතා පවසයි.
සමරවීර මහතා ඒ බව සඳහන් කළේ ඊයේ (01) මාතර, දෙවිනුවර, නීල්වැල්ලේ පැවැති ජන හමුවක් අමතමිනි.
හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංග මහත්මිය උතුරේ පැවැති රැස්වීමකදී ඉංග්‍රීසී භාෂාවෙන් පැවැත්වූ කාතාවකදී 'මිස්ට ප්‍රභාකරන්' යනුවෙන් ඇමැතීම මහා දේශද්‍රෝහී ක්‍රියාවක ලෙස ආණ්ඩුවේ මාධ්‍ය විසින් හඳුන්වා දීමට උත්සාහ කිරීම සම්බන්ධයෙන් අදහස දැක්වීමේදී මේ බව පැවැසීය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා, මහා වංශයේ පවා අපට පෙන්වා දී ඇත්තේ රට එක්සේසත් කළ දුටු ගැමුණු මහ රජතුමා විසින් ද්වන්ද සටනකදී තමා අතින් මරණයට පත් වූ දෙමළ ජාතික එළාර රජු වෙනුවෙන් සොහොන් කොතක් තනා ඒ අසලින් යන සියළු දෙනා ඊට ගෞරව දැක්වියයුතු බවට ආඥාවක් පැනවීමෙන් පෙන්නුම් කරන්නේ සිංහල බෞද්ධ හැදියාව බවත් පැවැසීය.
එම හැදියාව වර්තමානයේදි පවා ප්‍රදර්ශනය කරමින් තමාව විනාශ කිරීමට උත්සහ කළ, තමාගේ ඇසක් උදුරගත් ත්‍රස්ත නායකයකුට 'ප්‍රභාකරන් මහත්මයා' යයි ආමන්ත්‍රණය කිරීම, බණ්ඩාරනායක මැතිනියගේ සිංහල බෞද්ධ හැදියාව ප්‍රදර්ශය කිරීමක් බව පැවසු සමරවීර මහතා, මේ වන විට තමන්ට අත්වන පරාජය හමුවේ වියරු වැටී සිටින රාජපක්ෂ රෙජීමය හිටපු හිටපු ජනාධිපතිනිය කළ ප්‍රකාශයට විකෘති අර්ථ ලබා දෙමින් ඉතා පහත් අන්දමින් දේශපාන වාසී තකා යොදා ගැනීමට තරම් බංකොලත් වී ඇති බවත් සඳහන් කළේය.
අරන්තලාවේ භික්ෂූන් වහන්සේලා 31 අමුඅමුවේ ඝාතනය කිරීමට, නිරායුධ පොලිස් නිලධාරීන් 600ක් එකවිට ඝානනය කිරීමට උපදෙස් දුන් කරුණා අම්මාන්ට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ උපසභාපති තනතුරක් ලබා දී ඇමැති තනතුරක් ලබා දී 'ගරු මැතිතුමා' ලෙස හඳුන්වන්නත්, ඒ වගේම යුද්ධය නිසා වූ මහා විනාශයට වගකිව යුතු වත්මන් එල්ටීටීඊ නායකයා වන කේපීව වරප්‍රසාද සහිත මැතිතුමෙකු කර, රෙජිමය උකුලේ තියාගෙන ඉන්නනත් කටයුතු කරන රාජපක්ෂ රෙජීමය හිටපු ජනාධිපතිනියට මෙලෙස අපහස කිරීම විහිළුවට කරුණක් සමරවීර මහතා යැයිද පැවැසීය.

10881700_843679239030576_6050160230152257366_n.jpg
 
coolkasun

Well-known member
  • Sep 1, 2008
    21,253
    2,450
    113
    37

    චන්ද්‍රිකා එකක් කියනවා , මෙයා තව එකක් කියනවා , එළාර කියන්නේ දාර්මිශ්ඨ රජෙක් , ප්‍රභාකරන් වගේ වසලයෙක් නෙමේ

    එකල එළාර අනුරාධපුරය පාලනය කල රජු විය.ඔහු දකුණු ඉන්දියාවෙන් පැමිණි චෝල අධිරාජ්‍යය ජාතික පාලකයෙක් වූ අතර අසේල නම් සිංහල රජු පරාජය කිරීමෙන් රටේ බලය අල්ලා ගන්නා ලදී. ආක්‍රමණයක් සිදුවුවත් එළාර බුද්ධ ධර්මයට අනුග්‍රහය දැක්වු පාලකයෙක් විය.

    Code:
    WIKI
     
    Last edited:
    Nov 24, 2014
    789
    64
    0
    සමලිංගික සමරවීරට උගෙ ප්රබාකරන් මහත්තය මැරුන එක ගැන දුක ඇති. ඔය මයිත්රීල පොන්නසේකල චම්පකල කවුරු කවුරුත් කදුලු හංගං හිටියට උම්බලගෙ නායකය මල එකට උම්බල හැමෝම දුකින් ඉන්න වග රටම දන්නව. ඇඩුවට දෙඩුවට වැඩක් නෑ ද්රෝහියනේ. මහින්ද සර් ඉන්නකං මේ රටේ ප්රබාකරන්ලට ඉඩ නෑ. දැන් රිදිල ඇවිත් පේලියට බුරන්න ගනියි.

    ❤✘ සුරක්ශිත රටක්. සුබ අනාගතයක්. ✘❤
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0

    චන්ද්‍රිකා එකක් කියනවා , මෙයා තව එකක් කියනවා , එළාර කියන්නේ දාර්මිශ්ඨ රජෙක් , ප්‍රභාකරන් වගේ වසලයෙක් නෙමේ

    එකල එළාර අනුරාධපුරය පාලනය කල රජු විය.ඔහු දකුණු ඉන්දියාවෙන් පැමිණි චෝල අධිරාජ්‍යය ජාතික පාලකයෙක් වූ අතර අසේල නම් සිංහල රජු පරාජය කිරීමෙන් රටේ බලය අල්ලා ගන්නා ලදී. ආක්‍රමණයක් සිදුවුවත් එළාර බුද්ධ ධර්මයට අනුග්‍රහය දැක්වු පාලකයෙක් විය.

    Code:
    WIKI

    එලාර බෞද්ධ ධර්මයට අනුග්‍රහය දැක්වුවා නම් දුටුගැමුණු රජතුමා මොකද තමන් බෞද්ධාගම වෙනුවෙන් සටන් කරනවා කිව්වේ? බොරු කියන්න එපා බන්, එළාරගේ සෙනවියෝ බෞද්ධ වෙහෙර විහරස්ථාන කඩලා බිදලා දැම්මා, ඒවා විනාශ කරා ඒක නිසා තමයි දුටුගැමුනූ රජතුමා යුද්ධයට ගියේ එළාර එක්ක.
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,253
    2,450
    113
    37
    එලාර බෞද්ධ ධර්මයට අනුග්‍රහය දැක්වුවා නම් දුටුගැමුණු රජතුමා මොකද තමන් බෞද්ධාගම වෙනුවෙන් සටන් කරනවා කිව්වේ? බොරු කියන්න එපා බන්, එළාරගේ සෙනවියෝ බෞද්ධ වෙහෙර විහරස්ථාන කඩලා බිදලා දැම්මා, ඒවා විනාශ කරා ඒක නිසා තමයි දුටුගැමුනූ රජතුමා යුද්ධයට ගියේ එළාර එක්ක.

    යුද්ද කලේ රට ආරක්ශා කරන්න නේ බන් , එළාර චෝලයෙක්නේ.

    මහවංශයට අනුව දුටු ගැමුණු රජු සිය යුද මෙහෙයුම දියත් කරනු ලැබුවේ “මාගේ වෑයම රජ සැප විදීම සඳහා නොව, බුද්ධාගමේ චිරස්ථිතිය සඳහාය“ යනුවෙන් පවසා ඇත. නමුත් මහවංශයට අනුවම ඔහු වසින් පරාජය කල එළාර රජ ආක්‍රමණික විදේශිකයෙකු වුවද ඉතා ධාර්මික රජෙකි.

    Code:
    WIKI
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    යුද්ද කලේ රට ආරක්ශා කරන්න නේ බන් , එළාර චෝලයෙක්නේ.

    මහවංශයට අනුව දුටු ගැමුණු රජු සිය යුද මෙහෙයුම දියත් කරනු ලැබුවේ “මාගේ වෑයම රජ සැප විදීම සඳහා නොව, බුද්ධාගමේ චිරස්ථිතිය සඳහාය“ යනුවෙන් පවසා ඇත. නමුත් මහවංශයට අනුවම ඔහු වසින් පරාජය කල එළාර රජ ආක්‍රමණික විදේශිකයෙකු වුවද ඉතා ධාර්මික රජෙකි.

    Code:
    WIKI

    එළාර ධාර්මික වුනාට බෞද්ධාගම විනාශ කරපු රජ කෙනෙක්, එළරගේ සෙනවියෝ බෞද්ධ වෙහෙර විහාරස්ථාන කඩලා තියෙනවා. ධාරිමික වුනා කිව්වේ රට පාළනය කරපු අතින් නැතුව බෞද්ධාගම අතින් නෙවෙයි.