Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Today at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Today at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Today at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Today at 10:51 AM
Tele marketing executive
nuwandse
Updated:
Yesterday at 12:27 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Sihala Piyasa (Sinhala Literature Forum)
Nawakatha saha Ketikatha
ප්‍රවේගය (නොකියූ කතාව)
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

දෙවන කොටස

මම තවදුරටත් වෛද්‍ය සිසුවෙක් නොවෙමි.

ජීවිතයත් මරණයත් අතර දෝලනය වන ජීවිතයක් වෙනුවෙන් මා අද මේ මොහොතේ තීරණයක් ගත යුතුය.

සීමාවාසික වෛද්‍යවරයෙකු ලෙස වැඩබාරගත් මුල් දිනයේ විශේෂඥ ශල්‍ය වෛද්‍යවරයා කියූ දෙයක් මගේ මතකයට නැඟුණේ නිරායාසයෙන්මයි.

"වෛද්‍යවරු විදියට අපි මුහුණ දෙන ලොකුම ගැටලුව නිවැරදි තීරණය නිවැරදි වේලාවට ගන්න එකයි. එය පිටතින් පේනවා වගේ ලේසි පහසු දෙයක් නොවේ. අවුරුදු ගණනාවක පළපුරුද්ද ඒකට අවශ්‍යයි. ඒනිසා ඕනෑම වෙලාවක තමන්ට ගැටලුවක් තියෙනවා නම් ජ්‍යේෂ්ඨ වෛද්‍යවරයෙකුගෙන් අදහසක් ගන්න. එහෙම කරන්න බැරි වෙලාවක ප්‍රමාද නොවී තමාගේ හිතට එකඟව නිවැරදි තීරණයක් ඉක්මනින් ගන්න. සීමාවාසික වෛද්‍යවරයෙක් විදියට ඔයාගේ කාර්යභාරය එයයි."

"කොළඹට යන්න තව කොච්චර වෙලා යයිද?" මම රියැදුරැගෙන් ඇසීමි.

"මේ පාරේ ගියොත් සර් මේ ට්‍රැෆික් එකේ පැය එකහමාරක් වත් යයි. හැබැයි හයිවේ දැම්මොත් පැය භාගයකින් විතර අල්ලන්න බැරි වෙන එකක් නෑ."

"ලෙඩාව ටියුබ් කරන්න නවත්තන එක වෙලාවේ හැටියට සුදුසු නෑ. පපුවට

හානියක් වෙලා නැති නිසා බොහෝ දුරට උගුරේ මොනවා හරි හිරවෙලා වෙන්න ඇති. ඒකයි රුධිරගත ඔක්සිජන් ප්‍රතිශතය අඩුවෙන්නේ. මිස් අපි ලෙඩාව වමට හරවලා ස්රාවයන් එළියට එන්න දෙමු"යි හෙදියට පවසා,

"පුළුවන් ඉක්මනට කොළඹ යමු. හයිවේ දාන්න" මම රියැදුරැට කීමි.

"හරි සර් අල්ලගන්න එහෙනම්."

සයිරන් නළාව කන් බීරි කරවන සුලු හඬින් නාද වන අතර ගිලන් රථය අධික වේගයෙන් කොළඹ වෙත ධාවනය විය. උගුර හැකි අන්දමින් පිරිසිදු කර ඔක්සිජන් බෑගයක ආධාරයෙන් රෝගියාට ශ්වසනය ලබාදෙමින් හෙදියත් මමත් ඒ අතර ඔහුව ජීවත් කරවන්නට වෙහෙස වීමු.

අධිවේගී මාර්ග වලට ඇතුල් වීමේදී එම වාහනයට අදාළව ගාස්තුවක් ගෙවිය යුතුය. ගිලන්රථ සඳහාද තවමත් ගාස්තුවක් අය කෙරේ. වෛද්‍ය සංගම් ඇතුළු විවිධ පාර්ශව වලින් මේ සඳහා සහනයක් ඉල්ලා සිටියද, තවමත් රජයෙන් සතුටුදායක පිළිතුරක් ලබා දී නම් නැත.

"250යි සර්"

මම පන්සීයේ කොළයක් රියැදුරට පිසුපසින් දුන්නෙමි.

"බලන්න ඉතින් අමාරු ලෙඩෙක් හදිස්සියේ කොළඹ ගෙනියන්න අපිම සල්ලි දෙන්නත් ඕන" හෙදිය කියවන්නට විය.

"කවුරු උණත් මොකද? කාගේ හරි ළමයෙක් නේ" මම මුකුත් නොකියා සිටීමි.

වේගය පැයට කිලෝමීටර් 180 කි.

මා මීට සුලු මොහොතකට පෙර ගත් තීරණයක් නිසා මේ වනවිට මා ඇතුළු සිව්දෙනෙකුගේ ජීවිත දැඩි අවදානමක පැවැතුණි. ඒ අන් කාරණයක් නිසා නොව, හුදෙක් තවත් එක් මතට ලොල්වූ ජීවිතයක් බේරා ගැනීම සඳහාම පමණකි.

එදා ඉරිදාවකි. අප කොළඹට පැමිණෙන විට අලුයම 4 පසු වූවා පමණි.

පොරොන්දුවූ පරිදි රියැදුරු, රෝගියාව පැය භාගයක් තුළ ජාතික රෝහලට ගෙන එන්නට සමත් විය.

බහුතරය මේ වන විට සුවසේ නින්දේ පසුවිය. නමුත් මට හුරු පුරුදු, ජාතික රෝහලේ හදිසි අනතුරු අංශය, වෙනදා වගේම කඩිසර බවක් පෙන්නුම් කළා. ඉක්මනින් ප්රතිජීවන කාමරයට (Resuscitation Room) ගැනුණු රෝගියාව එහි වෛද්‍යවරයෙකු විසින් පරික්ෂා කෙරුණේ මවිසින් මෙතෙක් වූ රෝගියාගේ තත්වය පැහැදිලි කෙරුණු අතරමයි.

රෝගියාගේ උගුරේ සිරවී ඇති ලේකැටි සහ ස්රාවයන් එහිදී ඉවත් කෙරුණු අතර ඉන්පසු ඉක්මනින්ම

CT Scan එකක් සඳහා ඔහුව යැවුණේ ඒවන විටත් ඔහුගේ තත්වයේ වෙනසක් නැති නිසා.

CT යන්ත්‍රය තුළට රෝගියා ඇතුල් කරන ආකාරය මම පාලක කාමරයේ සිට බලාසිටියෙමි. CT යන්ත්‍රය ක්‍රියාත්මක වන්නේ X-කිරණ ආධාරයෙනි. ඒ නිසා CT යන්ත්‍රය ක්‍රියාත්මක වන විට විකිරණ වලින් බලපෑම් ඇතිවිය හැකි බැවින් කවුරුත් ඈතින් සිටිය යුතුයි.

රෝගියාගේ මොලයේ ත්‍රිමාණ scan රූපයක් පරිගණකයේ සෙමෙන් ගොඩනැගෙන්නට විය. මම ඉවසීමෙන් සාවධානව බලා සිටියෙමි.

විකිරණවේද ශිල්පියා පින්තූරය මා අතට දුන් විගස මා නැවත රෝගියාද රැගෙන හදිසි අනතුරු අංශයේ වෛද්‍යවරයා සොයා ගියෙමි.

"අයියේ CT එක මෙන්න" ඔහුගේ අතට මා දුන් පින්තූරයට ප්රදීපනකාරකයේ (illuminator) ආලෝකය ආධාරයෙන් පරික්ෂා කර බලන්නට විය. CT පින්තූරය දෙසත් ඔහුගේ මුහුණ දෙසත් මම මාරුවෙන් මාරුවට බලන්නට වීමි. මගේ දැනුමට අනුව එහි කිසිම වෙනසක් තිබුණේ නෑ.

"සර්ට පෙන්නල බලමු."

විශේෂඥ ශල්‍ය වෛද්‍යවරයා සුලු වේලාවකට පසු පැමිණ එය පරීක්ෂා කර බලා "Normal CT brain. You can take back your patient"යි මාහට එය කීවේ උපහාසයෙන්ද නැතිනම් අනුකම්පාවෙන්ද යන්න මට තේරුම් ගැනීමට නොහැකි විය.

"Thank you for the help sir"

මම පිටතට පැමිණියෙමි. එම අවස්ථාවේ දැඩි නිහඬතාවයක් පැවතිණි.

"ඩොක්ට මොනවද CT එකේ තියෙන්නේ? දැන් ඔපරේෂන් එකට ගන්නවලුද? අපිට යන්න පුළුවන්ද?" හෙදියගෙන් ප්‍රශ්න වැලක්.

"CT එකේ මොකුත් නෑ. ලෙඩාව ආපහු ගෙනියන්න කිව්වා" මම මාගේ අනෙකුත් කණ්ඩායමේ සාමාජිකයින් දෙස කළ කිරීමින් යුතුව බැලීමි.

"කමක් නෑ ඩොක්ට. ලෙඩාට කරදරයක් නෑනේ. අපි ආපහු අරන් යමු. මුන්ට දඩ 25000ක් ගහල මදි"

තවමත් වෙරි හිඳි නැති රෝගියාව ගිලන් රථයට පටවා ගත් අපි නැවතත් අපේ රෝහල වෙත ගමන් ඇරඹුවෙමු.

උදෑසන 8 වන විට නැවත රෝහලට පැමිණි අපි රෝගියාව නැවත වාට්ටුවට ඇතුල් කළෙමු. හෙදිය, සුලු සේවක සහ රියැදුරු ඉන්පසු නිවාඩු ගියත් මම නැවත වාට්ටුවට ගියේ විශේෂඥ ශල්‍ය වෛද්‍යවරයා පැමිණෙන්නට පෙර උදෑසන මට අයිති වාට්ටුවේ රෝගීන් බැලිය යුතු බැවිනි.

සීමාවාසික වෛද්‍යවරයෙකු ලෙස මම පැය 24ම දින 365ම එකසේ මගේ සේවය සපයන්නට බැඳි සිටිමි. වැඩවර්ජන වලදී පවා සීමාවාසික වෛද්‍යවරු අඛණ්ඩවම ඔවුන්ගේ සේවය සපයති. වෛද්‍යවරු දෙදෙනෙක් පමණක් සිටින මා සේවය සපයන වාට්ටුවේ රෝගීන් ගණන බොහෝ දිනවල 70 පසු කරනවා. එක් වෛද්‍යවරයෙකු සේවය පැහැර හැරියොත් වාට්ටුවේ සියලු වැඩ ඉතිරි වෛද්‍යවරයාට තනිව කරන්නට සිදුවෙනවා. එවැනි තත්වයක් යටතේ මාගේ වෙහෙස සලකා මා සේවයට වාර්තා නොකර සිටියහොත් එය ඉතිරි වෛද්‍යවරයාට කරන ලොකු අසාධාරණයක්.

"Yesterday casualty admission sir. History of RTA, motorbike collided with another vehicle under the influence of alcohol. There was head impact and on admission GCS was 11/15. Transferred to NHSL and re-transferred back following normal CT brain. Now regained consciousness GCS 15/15."

මුල් ඇඳේ වෙරිහිඳීගෙන යන රෝගියාගේ ඉතිහාසය මම විශේෂඥ ශල්‍ය වෛද්‍යවරයාට සැලකර සිටියෙමි.

"Continue analgesics, antibiotics and he can be discharged tomorrow after JMO referral." විශේෂඥ වෛද්‍යවරයා කියූ දේ මම සටහන් තැබුවෙමි.

ඔහු ඒ අතර රෝගියාගේ මවට සහ පියාට බැනවදින ආකාරය මම දුටුවෙමි. මම එහි වැරුද්දක් නොදකිමි. ඒ රෝගියා වෙනුවෙන් වෛද්‍ය කාර්යය මණ්ඩලයක් නිකරුණේ තම ජීවිත අවදානමකට ලක් කරගත්හ. ඒත් අසරණ මව්පියන් මොනවා කරන්නද? දරුවන් වැරදි කරන්නට පෙර නිවැරදි කළයුතුයි. වැරදි කළ පසු කරන්නට හැකි දේ අල්පය.

ඔහු පසුදින ටිකට් කපාගෙන ගෙදර ගියත් ඔහුට අදාළ නඩුව අදටත් විභාග වෙනවා.

තරුණ වයස අවදානම් ගන්න පෙළඹෙන වයසක්. මාත් මීට වසර කීපයකට පෙර යතුරු පැදියක නැගී පවනට බඳු වේගයෙන් රථ හඹා ගියා. නමුත් අවදානම ගැනීමේ සීමාවක් හැමවිට තිබුනා. ඒ සීමාවන් නිසා ම වෙන්න ඇති මා තවමත් ජීවතුන් අතර සිටින්නේ.

කියන්නට තියෙන්නේ එක දෙයයි. බීල නම් එළවන්න එපා. ඔබ නොදැන අවදානමේ හෙළන්නේ ඔබේ ජීවිතය පමණක් නෙවෙයි.

සමාප්තයි.

සත්‍ය සිදුවීමකි. නම් ගම් මනඃකල්පිතයි.

චන්දිම [28-02-2017]

[QUOTE="chandima3010, post: 21356368, member: 39011"] [CENTER][SIZE=3][B]දෙවන කොටස[/B] මම තවදුරටත් වෛද්‍ය සිසුවෙක් නොවෙමි. ජීවිතයත් මරණයත් අතර දෝලනය වන ජීවිතයක් වෙනුවෙන් මා අද මේ මොහොතේ තීරණයක් ගත යුතුය. සීමාවාසික වෛද්‍යවරයෙකු ලෙස වැඩබාරගත් මුල් දිනයේ විශේෂඥ ශල්‍ය වෛද්‍යවරයා කියූ දෙයක් මගේ මතකයට නැඟුණේ නිරායාසයෙන්මයි. "වෛද්‍යවරු විදියට අපි මුහුණ දෙන ලොකුම ගැටලුව නිවැරදි තීරණය නිවැරදි වේලාවට ගන්න එකයි. එය පිටතින් පේනවා වගේ ලේසි පහසු දෙයක් නොවේ. අවුරුදු ගණනාවක පළපුරුද්ද ඒකට අවශ්‍යයි. ඒනිසා ඕනෑම වෙලාවක තමන්ට ගැටලුවක් තියෙනවා නම් ජ්‍යේෂ්ඨ වෛද්‍යවරයෙකුගෙන් අදහසක් ගන්න. එහෙම කරන්න බැරි වෙලාවක ප්‍රමාද නොවී තමාගේ හිතට එකඟව නිවැරදි තීරණයක් ඉක්මනින් ගන්න. සීමාවාසික වෛද්‍යවරයෙක් විදියට ඔයාගේ කාර්යභාරය එයයි." "කොළඹට යන්න තව කොච්චර වෙලා යයිද?" මම රියැදුරැගෙන් ඇසීමි. "මේ පාරේ ගියොත් සර් මේ ට්‍රැෆික් එකේ පැය එකහමාරක් වත් යයි. හැබැයි හයිවේ දැම්මොත් පැය භාගයකින් විතර අල්ලන්න බැරි වෙන එකක් නෑ." "ලෙඩාව ටියුබ් කරන්න නවත්තන එක වෙලාවේ හැටියට සුදුසු නෑ. පපුවට හානියක් වෙලා නැති නිසා බොහෝ දුරට උගුරේ මොනවා හරි හිරවෙලා වෙන්න ඇති. ඒකයි රුධිරගත ඔක්සිජන් ප්‍රතිශතය අඩුවෙන්නේ. මිස් අපි ලෙඩාව වමට හරවලා ස්රාවයන් එළියට එන්න දෙමු"යි හෙදියට පවසා, "පුළුවන් ඉක්මනට කොළඹ යමු. හයිවේ දාන්න" මම රියැදුරැට කීමි. "හරි සර් අල්ලගන්න එහෙනම්." සයිරන් නළාව කන් බීරි කරවන සුලු හඬින් නාද වන අතර ගිලන් රථය අධික වේගයෙන් කොළඹ වෙත ධාවනය විය. උගුර හැකි අන්දමින් පිරිසිදු කර ඔක්සිජන් බෑගයක ආධාරයෙන් රෝගියාට ශ්වසනය ලබාදෙමින් හෙදියත් මමත් ඒ අතර ඔහුව ජීවත් කරවන්නට වෙහෙස වීමු. අධිවේගී මාර්ග වලට ඇතුල් වීමේදී එම වාහනයට අදාළව ගාස්තුවක් ගෙවිය යුතුය. ගිලන්රථ සඳහාද තවමත් ගාස්තුවක් අය කෙරේ. වෛද්‍ය සංගම් ඇතුළු විවිධ පාර්ශව වලින් මේ සඳහා සහනයක් ඉල්ලා සිටියද, තවමත් රජයෙන් සතුටුදායක පිළිතුරක් ලබා දී නම් නැත. "250යි සර්" මම පන්සීයේ කොළයක් රියැදුරට පිසුපසින් දුන්නෙමි. "බලන්න ඉතින් අමාරු ලෙඩෙක් හදිස්සියේ කොළඹ ගෙනියන්න අපිම සල්ලි දෙන්නත් ඕන" හෙදිය කියවන්නට විය. "කවුරු උණත් මොකද? කාගේ හරි ළමයෙක් නේ" මම මුකුත් නොකියා සිටීමි. වේගය පැයට කිලෝමීටර් 180 කි. මා මීට සුලු මොහොතකට පෙර ගත් තීරණයක් නිසා මේ වනවිට මා ඇතුළු සිව්දෙනෙකුගේ ජීවිත දැඩි අවදානමක පැවැතුණි. ඒ අන් කාරණයක් නිසා නොව, හුදෙක් තවත් එක් මතට ලොල්වූ ජීවිතයක් බේරා ගැනීම සඳහාම පමණකි. එදා ඉරිදාවකි. අප කොළඹට පැමිණෙන විට අලුයම 4 පසු වූවා පමණි. පොරොන්දුවූ පරිදි රියැදුරු, රෝගියාව පැය භාගයක් තුළ ජාතික රෝහලට ගෙන එන්නට සමත් විය. බහුතරය මේ වන විට සුවසේ නින්දේ පසුවිය. නමුත් මට හුරු පුරුදු, ජාතික රෝහලේ හදිසි අනතුරු අංශය, වෙනදා වගේම කඩිසර බවක් පෙන්නුම් කළා. ඉක්මනින් ප්රතිජීවන කාමරයට (Resuscitation Room) ගැනුණු රෝගියාව එහි වෛද්‍යවරයෙකු විසින් පරික්ෂා කෙරුණේ මවිසින් මෙතෙක් වූ රෝගියාගේ තත්වය පැහැදිලි කෙරුණු අතරමයි. රෝගියාගේ උගුරේ සිරවී ඇති ලේකැටි සහ ස්රාවයන් එහිදී ඉවත් කෙරුණු අතර ඉන්පසු ඉක්මනින්ම CT Scan එකක් සඳහා ඔහුව යැවුණේ ඒවන විටත් ඔහුගේ තත්වයේ වෙනසක් නැති නිසා. CT යන්ත්‍රය තුළට රෝගියා ඇතුල් කරන ආකාරය මම පාලක කාමරයේ සිට බලාසිටියෙමි. CT යන්ත්‍රය ක්‍රියාත්මක වන්නේ X-කිරණ ආධාරයෙනි. ඒ නිසා CT යන්ත්‍රය ක්‍රියාත්මක වන විට විකිරණ වලින් බලපෑම් ඇතිවිය හැකි බැවින් කවුරුත් ඈතින් සිටිය යුතුයි. රෝගියාගේ මොලයේ ත්‍රිමාණ scan රූපයක් පරිගණකයේ සෙමෙන් ගොඩනැගෙන්නට විය. මම ඉවසීමෙන් සාවධානව බලා සිටියෙමි. විකිරණවේද ශිල්පියා පින්තූරය මා අතට දුන් විගස මා නැවත රෝගියාද රැගෙන හදිසි අනතුරු අංශයේ වෛද්‍යවරයා සොයා ගියෙමි. "අයියේ CT එක මෙන්න" ඔහුගේ අතට මා දුන් පින්තූරයට ප්රදීපනකාරකයේ (illuminator) ආලෝකය ආධාරයෙන් පරික්ෂා කර බලන්නට විය. CT පින්තූරය දෙසත් ඔහුගේ මුහුණ දෙසත් මම මාරුවෙන් මාරුවට බලන්නට වීමි. මගේ දැනුමට අනුව එහි කිසිම වෙනසක් තිබුණේ නෑ. "සර්ට පෙන්නල බලමු." විශේෂඥ ශල්‍ය වෛද්‍යවරයා සුලු වේලාවකට පසු පැමිණ එය පරීක්ෂා කර බලා "Normal CT brain. You can take back your patient"යි මාහට එය කීවේ උපහාසයෙන්ද නැතිනම් අනුකම්පාවෙන්ද යන්න මට තේරුම් ගැනීමට නොහැකි විය. "Thank you for the help sir" මම පිටතට පැමිණියෙමි. එම අවස්ථාවේ දැඩි නිහඬතාවයක් පැවතිණි. "ඩොක්ට මොනවද CT එකේ තියෙන්නේ? දැන් ඔපරේෂන් එකට ගන්නවලුද? අපිට යන්න පුළුවන්ද?" හෙදියගෙන් ප්‍රශ්න වැලක්. "CT එකේ මොකුත් නෑ. ලෙඩාව ආපහු ගෙනියන්න කිව්වා" මම මාගේ අනෙකුත් කණ්ඩායමේ සාමාජිකයින් දෙස කළ කිරීමින් යුතුව බැලීමි. "කමක් නෑ ඩොක්ට. ලෙඩාට කරදරයක් නෑනේ. අපි ආපහු අරන් යමු. මුන්ට දඩ 25000ක් ගහල මදි" තවමත් වෙරි හිඳි නැති රෝගියාව ගිලන් රථයට පටවා ගත් අපි නැවතත් අපේ රෝහල වෙත ගමන් ඇරඹුවෙමු. උදෑසන 8 වන විට නැවත රෝහලට පැමිණි අපි රෝගියාව නැවත වාට්ටුවට ඇතුල් කළෙමු. හෙදිය, සුලු සේවක සහ රියැදුරු ඉන්පසු නිවාඩු ගියත් මම නැවත වාට්ටුවට ගියේ විශේෂඥ ශල්‍ය වෛද්‍යවරයා පැමිණෙන්නට පෙර උදෑසන මට අයිති වාට්ටුවේ රෝගීන් බැලිය යුතු බැවිනි. සීමාවාසික වෛද්‍යවරයෙකු ලෙස මම පැය 24ම දින 365ම එකසේ මගේ සේවය සපයන්නට බැඳි සිටිමි. වැඩවර්ජන වලදී පවා සීමාවාසික වෛද්‍යවරු අඛණ්ඩවම ඔවුන්ගේ සේවය සපයති. වෛද්‍යවරු දෙදෙනෙක් පමණක් සිටින මා සේවය සපයන වාට්ටුවේ රෝගීන් ගණන බොහෝ දිනවල 70 පසු කරනවා. එක් වෛද්‍යවරයෙකු සේවය පැහැර හැරියොත් වාට්ටුවේ සියලු වැඩ ඉතිරි වෛද්‍යවරයාට තනිව කරන්නට සිදුවෙනවා. එවැනි තත්වයක් යටතේ මාගේ වෙහෙස සලකා මා සේවයට වාර්තා නොකර සිටියහොත් එය ඉතිරි වෛද්‍යවරයාට කරන ලොකු අසාධාරණයක්. [I]"Yesterday casualty admission sir. History of RTA, motorbike collided with another vehicle under the influence of alcohol. There was head impact and on admission GCS was 11/15. Transferred to NHSL and re-transferred back following normal CT brain. Now regained consciousness GCS 15/15."[/I] මුල් ඇඳේ වෙරිහිඳීගෙන යන රෝගියාගේ ඉතිහාසය මම විශේෂඥ ශල්‍ය වෛද්‍යවරයාට සැලකර සිටියෙමි. [I]"Continue analgesics, antibiotics and he can be discharged tomorrow after JMO referral."[/I] විශේෂඥ වෛද්‍යවරයා කියූ දේ මම සටහන් තැබුවෙමි. ඔහු ඒ අතර රෝගියාගේ මවට සහ පියාට බැනවදින ආකාරය මම දුටුවෙමි. මම එහි වැරුද්දක් නොදකිමි. ඒ රෝගියා වෙනුවෙන් වෛද්‍ය කාර්යය මණ්ඩලයක් නිකරුණේ තම ජීවිත අවදානමකට ලක් කරගත්හ. ඒත් අසරණ මව්පියන් මොනවා කරන්නද? දරුවන් වැරදි කරන්නට පෙර නිවැරදි කළයුතුයි. වැරදි කළ පසු කරන්නට හැකි දේ අල්පය. ඔහු පසුදින ටිකට් කපාගෙන ගෙදර ගියත් ඔහුට අදාළ නඩුව අදටත් විභාග වෙනවා. තරුණ වයස අවදානම් ගන්න පෙළඹෙන වයසක්. මාත් මීට වසර කීපයකට පෙර යතුරු පැදියක නැගී පවනට බඳු වේගයෙන් රථ හඹා ගියා. නමුත් අවදානම ගැනීමේ සීමාවක් හැමවිට තිබුනා. ඒ සීමාවන් නිසා ම වෙන්න ඇති මා තවමත් ජීවතුන් අතර සිටින්නේ. කියන්නට තියෙන්නේ එක දෙයයි. බීල නම් එළවන්න එපා. ඔබ නොදැන අවදානමේ හෙළන්නේ ඔබේ ජීවිතය පමණක් නෙවෙයි.[/SIZE] [SIZE=2][I]සමාප්තයි. සත්‍ය සිදුවීමකි. නම් ගම් මනඃකල්පිතයි. චන්දිම [28-02-2017][/I][/SIZE][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom