ප්‍රශ්නයට මුල දෙමළ නිජභූමි මිත්‍යාවයි

ප්‍රශ්නයට මුල දෙමළ නිජභූමි මිත්‍යාවයි




ප්‍රශ්නයට මුල දෙමළ නිජභූමි මිත්‍යාවයි – සුමේධ වීරවර්ධන



දෙමළ බෙදුම්වාදී ත්‍රස්‌තවාදය දේශීය වශයෙන් පරාජයට පත් කළ විජයග්‍රහණය සිදුවී 2014-05-19 දිනට වසර පහකි. මේ කෙටි ලිපිය ලියෑවෙන්නේ ඒ නිමිත්තෙනි. එදා වෙල්ලමුල්ලි වයික්‌කාල්හි දී වත්මන් අණ්‌ඩුවේ නායකත්වයෙන් හා රණවිරුවන්ගේ ඉමහත් උත්සාහයෙන් පරාජයට පත් කරන ලද්දේ අපේ සහෝදර දෙමළ ජනතාව නොවන බව අප සිහිතබා ගත යුතුය. චෙල්වනායතම් වැනි දෙමළ නායකයන්ගේ නොමඟ යැවීම්වලින් වල්මත් වූ අපේම තරුණ පිරිසක්‌ ඝාතනය වීම, නැවත නැවත සිහිකරමින් උදම් විය යුත්තක්‌ නොවේ. අප විසින් කළ යුත්තේ නැවත එවැනි ෙ€දනීය ඉරණමකට අපේ මාතෘභූමිය ලක්‌වීමේ ඉඩකඩ අහුරා තැබීමට හැකි සෑම දෙයක්‌ම කිරීමය. ඒ සඳහා දෙමළ ජාතිවාදයට පදනම් වන ඊනියා දෙමළ නිජභූමි මිථ්‍යාව පරාජය කළ යුතුය. යාපනයේ දෙමළ හිංදු ජනයා කතෝලික හෝ ක්‍රිස්‌තියානි කර උතුරු නැගෙනහිර පළාත්වල වෙනම දෙමළ ක්‍රිස්‌තියානි රටක්‌ ඇති කිරීම දෙමළ ඩයස්‌පෝරාවේ, ඇමරිකාව, කැනඩාව, නෝර්වේ ප්‍රමුඛ යුරෝපා රටවල්වල සහ ඔවුන්ගේ ආධාර ලබන දෙස්‌ විදෙස්‌ රාජ්‍ය නොවන සංවිධානවලත් අරමුණ බව පෙනේ. ඒ අරමුණත් ඒ සඳහා ඔවුන් යොදාගන්නා දෙමළ නිජභූමි මිත්‍යාවත් පරාජය කිරීමට රජය කටයුතු කළ යුතුය. ඒ සඳහා අප දිනාගත යුත්තේ අපේ සහෝදර දෙමළ ජනතාවයි. කුමක්‌ නිසාදයත් ඔවුන්ගෙන් අති බහුතරයක්‌ දෙමළ ජාතික සංධානයේ ප්‍රේඩාවලට රැවටී ඇති බව ඒ ප්‍රදේශයේ පවත්වනු ලබන මැතිවරණ වලින් පැහැදිලි වන හෙයිනි. සංවර්ධන කටයුතුවලින් පමණක්‌ එය කළ නොහැකි බව රජය දැන්වත් තේරුම්ගත යුතුව ඇත. දෙමළ නිජභූමි සංකල්පය මිථ්‍යාවක්‌ බව මෙරට සාමාන්‍ය දෙමළ ජනතාවට, සිංහල ජනතාවට සහ අපට හිතවත් ජාත්‍යන්තර ප්‍රජාවට පැහැදිලි නොකළහොත් අප එදා ලැබූ ජයග්‍රහණය හුදු තාවකාලික ජයක්‌ පමණක්‌ වනු ඇත. ජාතික බලවේගවල පිහිටෙන් බලයට පත් වූ මේ ආණ්‌ඩුව ජාතික බලවේගයේ අභිලාෂයන්ට කන්දෙන බවක්‌ නොපෙනේ. සොබා දහමට එකඟ ස්‌වයංපෝෂිත කෘෂි ආර්ථිකයක්‌ සහිත සාරධර්ම සපිරි සමාජයක්‌ කරා රට මෙහෙයවනු වෙනුවට දූෂිතයන් රකින විදේශ ණය මත යෑපෙන බටහිර පන්නයේ හයිවේ සංවර්ධන මිථ්‍යාවක්‌ පසුපස දුවමින් සිටිති. මේ ඊනියා දිලිසෙන සංවර්ධනයේ අංගයන් වූ හරිත විප්ලවය වැනි ප්‍රොaඩාකාරී ව්‍යාපෘතීන් හි ප්‍රතිඵල වියළි කලාපයේ වකුගඩු රෝගය වැනි සංකීර්ණ සිදුවීම් හරහා කරළියට පැමිණෙමින් තිබේ.
ශ්‍රී ලංකාවේ ඓතිහාසික දෙමළ නිජභූමියක්‌ පැවැතියේය යන මතය සාහිත්‍යමය, අභිලේඛන, නාණක හා පුරාවිද්‍යාත්මක හෝ වෙනත් කිසිදු මූලාශ්‍රයකින් තහවුරු කළ හැක්‌කක්‌ නොවේ. මහාවංසයá දීපවංසය ආදී සිංහල සාහිත්‍යමය මූලාශ්‍රවලින් පමණක්‌ නොව සංස්‌කෘත, පෘතුගීසී, දෙමළ සහ වෙනත් විදේශීය මූලාශ්‍රවලින්ද පැහැදිළි වන්නේ අතීතයේ දී මෙරට පැවැතියේ සිංහල බෞද්ධ සභ්‍යත්වයක්‌ වන බවය. විජයාගමනයට වසර 150 කට පමණ පසුව ලියෑවුණේ යෑයි පිළිගැණෙන් මහාභාරතයට අනුව (වන පර්වයෙ – 51 වැනි අධ්‍යාය) එවකට ශ්‍රී ලංකාවේ වාසය කර අත්තේ සිංහලයින්, බඹුරන් සහ මිලක්‌ඛ (වැදි) ජනතාව පමණි. මහ භාරතයේ ම ආරණ්‍ය පර්වයේ චෝල, දමිළ, අන්ධක වැනි ජනවර්ගවල වාසභූමිය (දකුණු) ඉන්දියාව බව සඳහන් වේ. එවකට ලංකාවේ දෙමළ වාසභූමියක්‌ ව පැවැතියේ නම් එය මහා භාරතයේ සඳහන් විය යුතුය. මහාචාර්ය කාර්තිගේසු ඉන්ද්‍රපාල විසින් තම ආචාර්ය උපාධි නිබන්ධයේ සඳහන් කර ඇති පරිදි ක්‍රි.ව. 13 වැනි සියවස දක්‌වාම ශ්‍රී ලංකාවේ ස්‌ථිර දෙමළ ජනාවාස නොපැවතුණි. එහෙත් තම ස්‌ථාවරය පසුව වෙනස්‌ කළ ඔහු උතුරු ප්‍රදේශයේ පැරණි දෙමළ ජනාවාස පැවැති බවට හිතළු සහ මනස්‌ගාතවලින් පමණක්‌ සමන්විත වන කෘතියක්‌ ඉංග්‍රීසි බසින් රචනා කර ඇත, සමහරවිට ඊට හේතුවන්නට ඇත්තේ L.T.T.E. ත්‍රස්‌තවාදීන්ගේ බිය වැද්දීම් විය හැකිය. දීප්තිකුමාර ගුණරත්න මහතා සහ ඔහුගේ කණ්‌ඩායම විසින් ආචාර්ය ඉන්ද්‍රපාලගේ මේ කෘතිය සිංහලට පරිවර්තනය කිරීමට කටයුතු සලස්‌වා ඇත.

ක්‍රි.ව. 13 වැනි සියවසින් පසු යාපන ප්‍රදේශයේ වරින් වර ස්‌වාධීන ව කටයුතු කළ රාජ්‍යයක්‌ පැවැති බව පෙනේ. ඒ රජවරුන්ගේ නම් වලින්ම කියෑවෙන පරිදි ඔවුන් දෙමළ රජවරු නොවූහ. මහාචාර්ය පරණවිතානට අනුව ඔවුන් කාලිංග මාඝගේ පරපුරට නෑකම් කියන සිංහල කිරීටයට උරුමකම් ඇති පිරිසකි. යාල්පාන වෛපවමාලයේ සඳහන් වන පරිදි සංකිලි රජු විසින් යාපනයෙන් පලවා හරින තුරුම එනම්, පෘතුගීසි යුගය වනතෙක්‌ම යාපන රාජ්‍යයේ සිංහලයන් විශාල ප්‍රමාණයක්‌ වාසය කර ඇත. ඒ බව පහත ප්‍රකාශයෙන් පැහැදිලි වේ. “බුද්ධාගමය ඇදහූ සියල්ලෝම සිංහලයෝ වූහ. යාපන රාජධානියෙහි බෞද්ධ සිංහලයෝ බොහෝ ගණනක්‌ විසුවෝය. රජ අණින් ඔහු සියලු දෙනාම රාජ්‍ය සීමාවෙන් ඉවතට පිටුවහල් කොට එළවා දමනු ලැබූහ. මෙයින් ද නොනැවතුණු ඔහු බොහෝ වූ බෞද්ධ සිද්ධස්‌ථානයන් කඩා හෙළා විනාශ කර දමන ලදී. අවිචාර සමයෙන් බේරීගනු සඳහා එකද සිංහලයකු නොහැර, සියල්ලෝම වන්නිකරයට සහ උඩරට ප්‍රදේශයන්ට පැන ගත්තෝය. එපමණක්‌ද නොව යළි කිසිද කලෙක කිසිවකු හෝ යාපා පටුනට පැමිණියේ නැත”. සිංහල බෞද්ධයන් පමණක්‌ නොව එවකට යාපනයේ සිටි ජාවකයින් ද මෙලෙස රාජ්‍යයෙන් පළවා හරින ලදී. මේ සිදුවීම් ප්‍රභාකරන් විසින් සිංහල සහ මුස්‌ලිම් වැසියන් යාපනයෙන් පළවා හැරීම සිහිගන්වයි. එමෙන්ම යාපනය මින් පසුව දෙමළ වෙල්ලාලයින් සහ වන්නිවරුන් මේ අඩුව පිරවීම සඳහා දකුණු ඉන්දියාවේ සිට මෙරටට ගෙන්වූ ආකාරයද දෙමළ ඉතිහාස ග්‍රන්ථයක්‌ වන යාල්පාන වෛපව මාලයේ සඳහන් වේ. මුළුමහත් ශ්‍රී ලංකාවේම මුල් පදිංචිකරුවෝ මගධයේ සිට මෙහි රැගෙන ආ සිංහල බෞද්ධයන් බවද එහි සඳහන් වේ.

අභිලේඛන මූලාශ්‍රවලින් ද පැහැදිලි වන්නේ මෙරට දෙමළ නිජභූමියක්‌ පැවැතී නැති බවය. ආනේයි කෝට්‌ටෙන් හමුවී ඇති ඉපැරණි ලෝහමය මුදුවක සඳහන් අක්‍ෂර තුනක්‌ සහ රූපාක්‍ෂර තුනක්‌ දක්‌නට ඇත. එහි සඳහන් වන්නේ ‘කොවෙතං’ ‘රජුන්ගෙන් රජු’ යෑයි ආචාර්ය රඝූපති පොන්නම්බලම් සහ ආචාර්ය කාර්තිගේසු ඉන්ද්‍රපාල පවසති. එහෙත් මහාචාර්ය රාඡ් සෝමදේවට අනුව එහි සඳහන් කෙවුල් යන සිංහල තේරුම ගෙන දෙන ‘කෙවෙත’ නම් සිංහල ප්‍රාකෘත වචනයයි. ආචාර්ය කාර්තිගේසුට සහ රඝූපතිට අනුව එය දෙමළ බ්‍රාහ්මී ලිපියකි. එහෙත් සමකාලීන හා පසුකාලීන අභිලේඛනවලින් පැහැදිලි වන්නේ මහාචාර්ය සෝමදේවගේ මතය නිවැරදි බවය. යාපනයේ කදුරුගොඩ (කත්තරෝඩෙයි) විහාර භූමියේ තිබී හමු වූ ‘දතහ පත) යනුවෙන් සඳහන් වන පාත්‍ර කැබැල්ලෙන්a මෙන්ම වල්ලිපුරම් රන්පතින් ද තහවුරු වන්නේ එවකට ඒ ප්‍රදේශයේ භාවිත භාෂාව වූයේ සිංහල ප්‍රාකෘතය බවයි. එමෙන්ම ඒ අභිලේඛන දෙකෙන්ම කියෑවෙන්නේ බෞද්ධ සමය එකල එහි මූලික වශයෙන්ම පැවැති ආගම් වන බවය. යාපනයේ පුනකරි අසල තැනුකායි හි තිබී හමුවූ ඪ කාශ්‍යප (ක්‍රි.ව. 914 – 923) රජුගේ සෙල් ලිපියෙනුත් කදුරුගොඩින් හමු වූ IV දප්පුල (ක්‍රි.ව. 924 – 935) රජුගේ අත්තානි කණුවක සඳහන් කරුණුවලින් ද ඒ බව වඩාත් පැහැදිළි වේ. එමෙන්ම කෝට්‌ටේ යුගයේ දී ලියෑවුණු අරම්කැලේ සහ මැදගොඩ සන්නස්‌වලිනුත් ඒ බව පැහැදිලි වේ.

අනුරාධපුර යුගයේ අවසානයේ දී එනම් ඪ වැනි මිහිඳු රජුගේ සමයේදී ලක්‌දිවෙන් විශාල ප්‍රමාණයක්‌ සොළී ආක්‍රමණිකයන් වූ I වැනි රාජ රාජ චෝල සහ රාෙ-න්ද්‍ර චෝල යන දෙදෙනා විසින් පාලනය කරන ලදී. යාපන ප්‍රදේශයෙන් හමුවන පැරණිතම දෙමළ සෙල්ලිපිය වන්නේ එවකට සිටි සොලී සෙන්පතියකුගේ ක්‍රියාවක්‌ ගැන සඳහන් වන කයිට්‌ස්‌ සෙල්ලිපියයි. ඉහත කී ආක්‍රමණිකයින් පළවා හැර නැවත සිංහලේ එක්‌සේසත් කළ පසු එනම් පොළොන්නරුවේ සිට රට පාලනය කළ I වැනි මහ පැරකුම්බාවන් විසින් නාවිකයන් උදෙසා පනවන ලද ආඥවක්‌ ගැන කියෑවෙන නාගදීප සෙල්ලිපිය තවත් දෙමළ සෙල්ලිපියකි. ඉන්දියානු සාගර කලාපයේ නාවිකයන් අතර සන්නිවේදන කටයුතු සිදු වූ දෙමළ භාෂාවෙන් එය ප්‍රකාශයට පත් කර ඇත. ඒ අඥව පනවන ලද්දේ සතුරු රාජවංශයට ලැව් ගින්නක්‌ වන් සකල සිංහල චක්‍රවර්ති පරාක්‍රම භූජදේවයන් විසින් බව එහි සඳහන් වේ. IV වැනි පැරකුම්බාවන්ගේ සමයට අයත් ශිලාලේඛනයක අපැහැදිලි කොටසක්‌ යාපන නගරයෙන් හමුවී ඇත. එය ද දෙමළ ශිලා ලිපියක්‌ වුවත් අන්තර්ගතය පැහැදිලි නැත. සපුමල් කුමරු යාපනයට යවා යාපන රාජ්‍යය කෝට්‌ටේට ඈ¹ ගැනීමට කටයුතු කළේ ද IV වැනි පැරකුම්බා මහ රජතුමා බව සිහි කිරීම වැදගත් ය.

වල්ලිපුරම්, තෙල්ලිපලෙයි, තෙන්නමරච්චි වැනි ප්‍රදේශවලින් හමුවී ඇති කාසි (නාණක) මූලාශ්‍රයන්ගෙන් පැහැදිළි වන්නේ එවකට වෙනම ස්‌වාධීන පාලනයක්‌ යාපන ප්‍රදේශයේ නොපැවැති බවය. ඒ කාසි නිකුත් කර ඇත්තේ ලීලාවතී (ක්‍රි.ව. 1197 – 1200), සාහස්‌සමල්ල (1200 – 1202) ශ්‍රී ධර්මාශෝක දේව (1208 – 1209) යන පාලක පාලිකාවන් විසිනි.

ලන්දේසි පූජක බැල්දියස්‌ පියතුමාට අනුව ලන්දේසීන් විසින් යාපනය අත්පත් කර ගැනීමට කළ අවසන් සටන කරන ලද්දේ සිංහල හමුදාව සමඟිනි. ක්‍රි.ව. 1744 දී ශ්‍රී ලංකාවේ මුහුදු වෙරළේ සිට සැතපුම් කීපයක්‌ ලන්දේසීන්ට අයත් වන සේ සකස්‌ කරන ලද ගිවිසුම ඇති වූයේ ලන්දේසි – සිංහල දෙපක්‍ෂය අතර වන අතර උතුර නැගෙනහිර මුහුදුබඩ ප්‍රදේශ ද ඊට අයත් විය. II වැනි රාජසිංහ රජු විසින් පෘතුගීසින්ට හා ලන්දේසීන්ට යවන ලද සියලුම ලිපිවලින් ඒ ඒ ප්‍රදේශවල නම් ද සඳහන් කරමින් මුළුමහත් ශ්‍රී ලංකාවේ ම රජු තමන් බව කියා සිටියේය. මහනුවර සමයේ දී ලියෑවුණු ‘නම්පොත’නම් ග්‍රන්ථයේ ද යාපනයේ පැවැති වෙහෙර විහාර රාශියක්‌ ගැන සඳහන් වේ. එවායින් විශාල ප්‍රමාණයක්‌ සංකිලි විසින් විනාශ කර දමන්නට ඇත. ඇතැම් ඒවා ලන්දේසි ජාතික බැල්දියස්‌ පූජක තුමා විසින් ඔහු යාපනයේ සිටියදී නිරීක්‍ෂණය කර ඇත. මේ සියලු කරුණුවලින් පැහැදිලි වන්නේ යාපනයේ ඓතිහාසික දෙමළ නිජභූමියක්‌ නොපැවැති බවයි.

ඓතිහාසික දෙමළ නිජභූමි සංකල්පය මිථ්‍යාවක්‌ වුවද දෙමළ ජනවර්ගය අපත් සමඟ මෙරට වාසය කළ යුතුය. වෙනම රාජ්‍යයක්‌ පිහිටුවීම, දෙමළ ඩයස්‌පෝරාව, ජගත් අධිරාජ්‍යවාදීන්, භගඨගධග කුලීකරුවන් සහ මෙරට විකට මාක්‌ස්‌වාදීන් දකින දවල් හීනයක්‌ පමණි. ඔවුන්ගේ සිහින දැකීමට අප බාධා කළ යුතු නැත. එහෙත් අප සාමාන්‍ය දෙමළ ජනතාවට ආමන්ත්‍රණය කළ යුතුය. උතුරේ වැසියන්ගේ සාධාරණ ගැටලු විසඳීමට අප විසින් කටයුතු කළ යුතුය. දෙමළ ජනයාගේ කොටසක්‌ විසින් තම ජනවර්ගයේම කොටසක්‌ පෙළෙණ අමානුෂික කුල පීඩා තුරන් කිරීමට කටයුතු කළ යුතුය. උතුරේ තරම්ම පිළිකුල් සහගත නොවුන ද දකුණේද මේ කුල භේදය තවදුරටත් යෙහෙන් ක්‍රියාත්මක වේ. අපේ සංස්‌කෘතීන් ද සර්වසම්පූර්ණ ඒවා නොවෙති. ඇතැම් විට බාහිර සතුරන්ට අපව විනාශ කිරීමට, අසමගි කිරීමට ඉඩහසර ලැබී ඇත්තේ කුලභේදය වැනි මිනිස්‌ කමට නොගැලපෙන දැ නිසාය. ඈත ඉතිහාසයේ සිට මේ දක්‌වා කිතු දහම වැළඳගත් බොහෝ දෙනා කුලපීඩනයට ලක්‌වූවන්ය යන්න ඇතමුන් නොදන්නවා විය හැකිය. යාපනයේ ජනතාවට බුදු දහම අවශ්‍ය බව රවිකුමාර් මහතා වැනි අය හඬක්‌ නගති. ඔහුට සිංහල බෞද්ධයන්ගේ උපකාර අවශ්‍යවී ඇත. ඔවුන්ට අවශ්‍ය උපකාර කරමින් මීට වසර පහකට පෙර අප ලැබූ ජයග්‍රහණය මුළු මහත් ශ්‍රී ලංකාවාසීන්ගේම ජයග්‍රහණයක්‌ බවට පත් කිරීමට කටයුතු කළ යුතුය.:)





ඉස්සුවේ මෙතනින්:- https://apesanwada.wordpress.com/2014/05/20/ප්‍රශ්නයට-මුල-දෙමළ-නිජභූ-2/