ප්‍රහාරක යානා ගැන දන්නවාද ?
හඳුනාගන්න : Jet Fighters [Past, Present & Future]
ප්‍රහාරක හා සටන්වදින යානා යනු මොනවාද? (What are fighter planes?)
ප්‍රහාරක අවියක් ලෙස ගුවන් යානා භාවිතය ඇරඹුනේ 1914 සිට 1918 දක්වා පැවතුන ප්‍රථම ලෝක මහා සංග්‍රාමය සමයේදීයි. මුලින්ම සතුරු කඳවුරු වල ඡායාරූප ගැනීම සඳහා ගුවන් යානා යොදාගැනුනු අතර යුධය දරුණු වත්ම සතුරු පෙරමුණු වලට බෝම්බ හෙලීම සඳහා ගුවන් යානා අනුවර්තනය කරගන්නා ලදී. ඊලඟ පියවර වුනේ බෝම්බ හෙලන යානා පලවා හැරීමට හා විනාශ කරදැමීමට මැශින් තුවක්කු සවිකරගත් ගුවන් යානා පිටත් කර හැරීමයි. මෙලෙස මැශින් තුවක්කු සවිකරගත් යානා මුල්ම සටන් වදින යානා (fighter aircraft) බවට පිලිගැනුනා.
මැශින් තුවක්කුවක් සවිකරන ලද ජර්මන් යුධ ගුවන් යානයක් - ප්‍රථම ලෝක මහා සංග්‍රාමය
එහෙත් මේ කාලයේ යුධ කටයුතු සඳ භාවිතා කෙරුණේ සාමානය ගමන් බිමන් වල යොදාගන්නා ගුවන් යානාමයි. ඒවා ඉතා පහසුවෙන් බිම හෙලිය හැකි, අඩු වේගයෙන් පියාසර කරන යානා වුනා. යුධ අවියක් ලෙස ගුවන් යානා දියුණු කිරීම ඇරඹුනේ ජර්මනියේ ආඥාදායකයා ලෙස හිට්ලර් බලයට පත්වීමෙන් පසුවයි. මෙසර්ශ්මිට්, හයින්කෙල්, ඩෝනියර්, ජුන්කර්ස් වැනි අති දක්ශ ගුවන්යානා නිර්මාණකරුවන් හිට්ලර්ගේ ගුවන් හමුදාවට අති විශිෂ්ඨ ප්‍රහාරක යානා, සටන්වදින යානා, හා බෝම්බ හෙලන යානා නිර්මාණය කර දුන්නා. මේ අනුව ප්‍රහාරක හා සටන්වදින යානාවල නිළ ආරම්භය ලෙස ගැනෙන්නේ දෙවන ලෝක යුධ සමය හා ආසන්න පස්චාත් යුධ සමයයි.
Messerschmitt Bf 109 - ජර්මන් මෙසර්ශ්මිට් ප්‍රහාරක යානාවක් - දෙවන ලෝක මහා සංග්‍රාමය
RAF Spitfire - බ්‍රිතාන්‍ය රාජකීය ගුවන්හමුදාවේ ස්පිට්ෆයර් ප්‍රහාරක යානය - දෙවන ලෝක සංග්‍රාමය
පරම්පරාව (generation) අනුව ප්‍රහාරක යානා වර්ගීකරණය
Generation 1: Jet propulsion - (mid-1940s to mid-1950s)
පලමුවන පරම්පරාවේ ප්‍රහාරක යානා බිහිවුනේ දෙවන ලෝක මහා සංග්‍රාමය අවසන්වෙමින් පවතින අවදියේයි. මෙම යානාවල ඇති විශේශත්වය ඒවා අවරපෙති වලින් නොව ජෙට් එන්ජින් වලින් බලගැන්වීමයි (Jet Propulsion). මේ නිසා මෙම යානාවල වේගය අවරපෙති යානා වලට වඩා බෙහෙවින් අධික වුනා. ලොව ප්‍රථම ජෙට් බලයෙන් ක්‍රියාත්මක වන ප්‍රහාරක යානාවන් වන්නේ හිට්ලර්ගේ මෙසර්ශ්මිට් 262 ප්‍රහාරක යානාවයි. ජෙට් බලයෙන් පියාසර කිරීමට අමතරව රේඩාර් වැනි නවීන උපකරන මේ යානාවල අඩංගුවුනේ නෑ. තාක්ශණය එතරම් දියුණු නොවීම මෙයට හේතුවයි. මැශින් තුවක්කු හා ප්‍රාථමක වර්ගයේ රොකට්ටු මේ යානාවල ප්‍රධාන ආයුධ වුනා.
පලමුවන පරම්පරාවේ ප්‍රහාරක යානා ලයිස්තුව (විකිපීඩියා විශ්වකෝශයෙනි )
Germany Nazi Germany (හිට්ලර්ගේ නාසි ජර්මනිය)
Messerschmitt Me 262
Heinkel He 162
United Kingdom
Gloster Meteor
de Havilland Vampire
Hawker Sea Hawk
Supermarine Attacker
United States
Bell P-59 Airacomet
Lockheed P-80 Shooting Star
McDonnell FH Phantom
Ryan Aeronautical FR Fireball
Soviet Union (සෝවියට් දේශය / රුසියාව)
Mikoyan-Gurevich MiG-9 'Fargo'
Yakovlev Yak-15/
Yakovlev Yak 17 'Feather'
දෙවන පරම්පරාවේ යානා නිර්මාණයත් සමග ජෙට් ප්‍රහාරක යානා වල ස්වර්ණමය යුගය ඇරඹෙයි
Generation 2: (mid-1950s to early 1960s)
1950 දශකයේ මැද භාගයේ සිට 1960 දශකයේ අවසානය දක්වා නිර්මාණය වුනු ප්‍රහාරක හා සටන්වදින යානා දෙවන පරම්පරාවේ යානා ලෙස සලකනවා. පලමුවන පරම්පරාවේ යානා නිර්මාණයට දෙවන ලෝක මහා සංග්‍රාමයේ ගුවන් සටන් වලදී උගත් පාඩම් මහත් සේ උපකාරී වූවාසේම දෙවන පරම්පරාවේ යානා කොරියානු යුද්ධයේදී සිදුවුනු ගුවන් සටන් වලදී ලබාගත් අත්දැකීම් වලින් වැඩිදියුණු වුනා.
වේගයෙන් වැඩි දියුණු වෙන ජෙට් එන්ජින් තාක්ශණය නිසා මේ ප්‍රහාරක යානා තව තවත් වේගත්වූ අතර යානයේ වේගය ක්ශණිකව වැඩි කරන ආෆ්ටර්බර්නර් (after-burner) තාක්ශණය හඳුන්වාදුන්නේ දෙවැනි පරම්පරාවල යානායි. එමෙන්ම වායුගතිවිද්‍යාවේ (aerodynamics) නවතම සොයාගැනීම් නිසා මෙම යානා පසුපසට විහිදෙන අත්තටු (swept wing) හා ඩෙල්ටා හැඩැති අත්තටු (delta wing) සහිතව නිර්මාණය වුනා. අධික වේගයෙන් පියාසර කරන මේ යානාවල පෘශ්ඨයන් වායු ඝර්ශණය (air-friction) නිසා දැඩි ලෙස රත්වී ඇදවීයාම වැලැක්වීමට නව මිශ්‍රලෝහ නිර්මාණය කෙරුණා.
මේ අතරම 1954දී සිලිකන් ට්‍රාන්සිස්ටරය නිපැදවීමත් සමගම ඉලෙක්ට්‍රොනික තාක්ශණයේ මහත් විප්ලවයක් වූ අතර සිලිකන් ඉලෙක්ට්‍රොනික තාක්ශණය ප්‍රහාරක යානාවල ඉලෙක්ට්‍රොනික පද්ධති විශාල ලෙස වැඩිදියුණු වුනා. මෙහි එක් ප්‍රථිපලයක් වුනේ ඉතා බලසම්පන්න එහෙත් ප්‍රමාණයෙන් කුඩා රේඩාර් යන්ත්‍ර ප්‍රහාරක යානා වලට සවිකිරීමට හැකිවීමයි. මේ අනුව දෙවැනි පරම්පරාවේ යානා වලට දෘශ්‍ය මායිමෙන් එහා (beyond visual range tracking) ගමන් ගන්නා සතුරුයානා පිලිබඳව නියමුවා දැනුවත් කිරීමට හැකිවුනා. ඒ අතරම ඉලෙක්ට්‍රොනික තාක්ශණයේ දියුණුව සමගම දෙවන පරම්පරාවේ යානාවලට අධෝරක්ත ආලෝකය මගින් සතුරු යානා සොයාගත හැකි හීට් සීකින් (heat seeking) වර්ගයේ ගුවන් යානා නාශක මිසයිල හා රේඩාර් මගින් ඉලක්කය සොයාගන්නා රේඩාර් හෝමිං (radar homing) වර්ගයේ බලසම්පන්න මිසයිල වලින් සන්නද්ධ වූවා.
Soviet Air Force : MiG 15
RAF - English Electric Lightening (Swept Wing Fighter)
මහා බ්‍රිතාන්‍යයේ ඉන්ග්ලිශ් ඉලෙක්ට්‍රික් ලයිට්නින්, සෝවියට් දේශයේ මිග් 15 හා මිග් 17 මෙන්ම අමෙරිකානු F-86 දෙවන පරම්පාරාවේ ප්‍රහාරක යානා අතරින් වඩාත් භාවිතයට ගැනුනු යානා වනවා.
Generation 3: Supersonic speed; pulse radar; able to shoot at targets beyond visual range (mid 1960s to the 1970s )
තුන්වැනි පරම්පරාවේ යානාවල ප්‍රධානම ලක්ශණය වන්නේ ශබ්දයේ වේගය ඉක්මවා (supersonic) පියාසර කිරීමේ හැකියාවයි. මීට අමතරව බලසම්පන්න රේඩාර් හා ඉතා නිවැරදිව ඉලක්කය සොයාගත හැකි මිසයිල නිසා දෘශ්‍යමානයෙන් එපිට ඇති සතුරු යානා බිම හෙලීමේ හැකියාව (beyond visual range combat) මෙම යානාවලට ලැබී තිබුණා. එමෙන්ම එම යානාවල නියමුවන්ට නවීන ඉලෙක්ට්‍රොනික තාක්ශණයේ උපකාර ලැබීම නිසා ශබ්දයේ වේගය ඉක්මවා පියාසර කරමින් සටන් වැදිමේ හැකියාව ලැබුනා. ඉලෙක්ට්‍රොනික පරිගණක ප්‍රහාරක යානාවල නියමු සහයකයන් ලෙස හදුන්වාදුන්නේ තුන්වන පරම්පරාවේ ප්‍රහාරක යානා මගිනුයි.
මීට අමතරව මෙම යානා වලට ඉලෙක්ට්‍රොනික් කවුන්ටර්-මෙශර්ස් (electronic counter-measures) නම් නවතම තාක්ශණයක් හඳුන්වා දී තිබුණා. කවුන්ටර්-මෙශර් යනු යම් ප්‍රහාරයක් වලක්වාගැනීම සඳහා සතුරු යානා හා මිසයිලවල රේඩාර් හා අනෙකුත් ඉලෙක්ට්‍රොනික උපකරණ නොමග යැවිය හැකි ප්‍රති-ප්‍රයෝග වලටයි. මේ තාක්ශණය මගින් සතුරු යානාවලට හා ඒවායේ මිසයිල වලට යානය හඳුනාගැනීමට අපහසු වන ලෙස විවිධ ඉලෙක්ට්‍රොනික ප්‍රයෝග උපයෝගීකරගත්තා. මෙම ප්‍රයෝග මගින් සතුරු රේඩාර් කිරණ නිශේධනය කිරීම, මිසයිලවල රේඩාර් යන්ත්‍ර නොමග යැවිය හැකි බලසම්පන්න රේඩාර් තරංග මිසයිල වෙත යොමු කිරීම වැනි ප්‍රයෝග ඇතුලත් වුනා.
USAF F- 4 Phantom
Mikoyan MiG 21
තුන්වන පරම්පරාවේ යානා වලින් වඩාත්ම ප්‍රචලිත යානා වන්නේ අමෙරිකානු F-4 ෆැන්ටම් යානාව හා සෝවියට් දේශයේ මිකොයාන් නිර්මාණ බියුරෝව නිර්මාණය කල මිග් 21 යානයයි.
Generation 4: (1970 to mid-1990s)
හතරවන පරම්පරාවේ යානාවලට දියුණු ඉලෙක්ට්‍රොනික තාක්ශණයේ මහිමයෙන් හා දියුණු ජෙට් එන්ජින් තාක්ශණයෙන් විප්ලවකාරී හැකියාවන් ලබාදී තිබුණා. හතරවන පරම්පරාවේ යානාවලින් ඉමහත් ප්‍රචලිත යානා හඳුනාගමු.
අමෙරිකා එක්සත් ජනපදය;
F-16 ෆයිටින් ෆෝල්කන් (ගුවන් හමුදාව)
F-15 ඊගල් (ගුවන් හමුදාව )
F-14 ටොම් කැට් (නාවික හමුදාව - ගුවන් යානා ගෙනයන නෞකාවලින් ගුවන්ගතවෙන යානාවකි )
F-18/A හෝනට් (නාවික හමුදාව හා මැරීන් බලකාය- ගුවන් යානා ගෙනයන නෞකාවලින් ගුවන්ගතවෙන යානාවකි )
General Dynamics F-16 Fighting Falcon : United States Air Force
McDonnell Douglas F-15 Eagle : United States Air Force
Northrop Grumman F-14 Tomcat : United States Navy
යුරෝපය;
ප්‍රංශයේ ඩැසෝල්ට් මිරාජ් 2000
ප්‍රංශයේ ඩැසෝල්ට් රෆාලේ
ස්වීඩනයේ සාබ් 37 විගන්
මහා බ්‍රිතාන්‍යයේ පැනවියා ටෝනේඩෝ F2 හා F3
යුරෝපා සංගමයේ යුරෝෆයිටර් ටයිෆූන්
Dassault Mirage 2000 : French Air Force
Saab 37 Viggen : Swedish Air Force
Eurofighter Typhoon : Royal Air Force, Luftwaffe, Italian Air Force, Spanish Air Force
සෝවියට් දේශය (1997 වනතෙක්)
මිකොයාන් මිග් 29 (බහුකාර්ය ප්‍රහාරක යානාව)
මිකොයාන් මිග් 35 (බහුකාර්ය ප්‍රහාරක යානාව)
සුක්හොයි එස්.යූ 27 (බහුකාර්ය ප්‍රහාරක යානාව)
සුක්හොයි එස්.යූ 33 (නාවික හමුදා සේවාව සඳහා)
සුක්හොයි එස්.යූ 34 (සටන් වදින හා බෝම්බ හෙලන මෙහෙයුම් සඳහා)
සුක්හොයි එස්.යූ 35 (බහුකාර්ය ප්‍රහාරක යානාව)
ඉහත දැක්වෙන යානා සියල්ලටම නව තාක්ශණයේ මහිමයෙන් විවිධවූ සටන් හැකියාවන් ලැබී ඇති අතර මෙම හැකියාවන් විවිධ තාක්ශණික යෙදුම්වලින් හැඳින්වේ. හතරවන පරම්පරාවේ යානා සතු මෙම තාක්ශණයන්ගෙන් හා හැකියාවන් (capabilities) සමහරක් හඳුනාගමු.
High maneuverability
මැනුවරබිලිටි යනු සටන් උපක්‍රම සඳහා යානාව ඉතා පහසුවෙන් හැසිරවීමේ හැකියාවයි. ශබ්දයේ වේගයෙන් පියාසර කරමින් සටන්වදින මේ යානාවල අධික වේගය පවත්වාගනිමින්ම ඔබ මොබ හරවමින් පියාසරකිරීම ඇති හැකියාව මෙලෙස හඳුන්වනවා. මෙම යානාවල ඇති පරිගණක මගින් නියමුවාට යානය පාලනය කිරීම පහසුකරවන අතර යානය නියමු පාලනයෙන් මිදීමට ඇති අවස්ථා අවම කරනවා.
Look-down/shoot-down capability
ලුක් ඩවුන්/ශූට් ඩවුන් හැකියාව යනු ප්‍රහාරක යානයකට ඈත ක්ශිතිජයට එපිටින් යානයට නොපෙනී, පෘථිවි ගෝලයේ නැම්මට මුවාවී පියාසර කරන සතුරු යානා හඳුනාගෙන ඒවා විනාශ කිරීමේ හැකියාවයි. හතරවැනි පරම්පරාවේ ප්‍රහාරක යානා වලට සවිකර ඇති ඩොප්ලර් වර්ගයේ ත්‍රිමාණ රේඩාර් උපකරණය එහි පරිගණකයට ක්ශිතිජයට එපිටින් පියාසර කරන යානා හඳුනාගැනීමට උපකාරී වෙයි. මෙම යානා හඳුනාගැනීමෙන් පසු, යානයේ පරිගණකය මගින් යානයේ ඇති Fire & Forget වර්ගයේ මිසයිලයකට එම සතුරු යානාවේ තොරතුරු ලබාදෙන අතර නියමු අණින් මුදා හැරෙන මිසයිලය, යානයේ පරිගනකයේ ආධාරයක් නොමැතිව තනිවම සතුරු යානය සොයාගෙන ගොස් එය බිම හෙලයි. නවීන පරිගණක හා ඉලෙක්ට්‍රොනික තාක්ශණය මගින් මෙම විස්මිත හපන්කම් සතරවන පරම්පරාවේ යානාවලට ලබාදී තිබේ.
Reduced radar and heat signature technologies
ගුවන් යානා තාක්ශණ පාරිභාශික පදමාලාවේ "සිග්නේචර්" ලෙස හඳුන්වන්නේ ගුවන් යානයක් රේඩාර් හෝ අධෝරක්ත සංවේදකයකට ලබාදෙන ඡායාවයි. ඉහල සිග්නේචර් එකක් නැතිනම් ඡායාවක් ලබාදෙන යානා සතුරු රේඩාර් යන්ත්‍ර මගින් හෝ සතෘ මිසයිලවල අධෝරක්ත සංවේදක මගින් පහසුවෙන් හඳුනාගනී. රිඩියුස්ඩ් සිග්නේචර් තාක්ශණය යනු ගුවන් යානයක් රේඩාර් යන්ත්‍රයකට හෝ අධෝරක්ත සංවේදකයකට ලබාදෙන ඡායාව හැකිතාක් අඩු කිරීමයි. මෙය රේඩාර් වලට නොපෙනී යාඅ හැකි ස්ටෙල්ත් හැකියාවට වඩා අඩු හැකියාවක් වුවත් සතුරු ප්‍රහාරවලින් ගැලවී මෙහෙයුම ක්‍රියාත්මක කිරීම සඳහා නියමුවාට යම් ඉස්පාසුවක් ලබාදෙයි.
Supercruise,
සුපර්කෲස් යනු අතිශය දියුණු ජෙට් එන්ජින් තාක්ශණයකි. මේ තාක්ශණය මගින් ප්‍රහාරක යානාවකට මුලු පියාසර කාලය පුරාම සුපර්සොනික් වේගයෙන් පියාසර කිරීමේ හැකියාව ලබාදෙයි. සාමාන්‍ය ජෙට් ප්‍රහාරක යානාවක් සුපර්සොනික් වේගයෙන් ගමන් කරන්නේ එය ඉලක්කයට ලඟාවූ විට ඉක්මණින් ප්‍රහාරය එල්ලකොට පලායාමට හෝ සතුරු ප්‍රහාරයක් එල්ලවූ විට ඉන් ගැලවීම සඳහායි. සාමාන්‍ය ජෙට් එන්ජින් සුපර්සොනික් වේගයෙන් ගමන් කරනවිට අධික ලෙස ඉන්ධන දහනය කරන අතර මේ නිසා එහි මෙහෙයුම් පරාසය සීමාසහිත වෙයි.
සුපර්කෲස් හැකියාව ඇති හතරවන පරම්පරාවේ ප්‍රහාරක යානා වලට මුලු මෙහෙයුම් කාලය පුරාම සුපර්සොනික් වේගයෙන් ගමන්කල හැකි අතර ඉන් යානයේ මෙහෙයුම් පරාසය අඩුවීමක් නොවේ. සුපර්කෲස් හැකියාව නවීනතම තාක්ශණයක් වන අතර මෙම තාක්ශණය 4 වැනි පරම්පරාවේ යානා නිර්මාණය කරනවිට ඒවාට ලබාදී තිබූ තාක්ශණයක් නොව ඉතා මෑතකදී නවීකරණය කරමින් සුපර්කෲස් එන්ජින් සවිකොට 4වැනි පරම්පරාවේ යානා වලට අලුත ලබාදී ඇති හැකියාවකි. සාමාන්‍යයෙන් සුපර්කෲස් 5වැනි පරම්පරාවේ යානා වල හැකියාවකි.
Head-up displays (HUD),
හඩ් යන කෙටි නමින් හැඳින්වෙන හෙඩ්-අප් ඩිස්ප්ලේ යනු නියමූවාට ඉතාම වැදගත් වෙන තොරතුරු නියමුවාගේ මුහුණට තිරස්ව ඉදිරියෙන් ඇති පාරදෘශ්‍ය තිරයක් මත දැක්වීමේ තාක්ශණයයි. මේ අනුව නියමුවාට යානයේ ඩෑශ් බෝඩ් එක හෙවත් ප්‍රධාන පැනලය දෙස නොබලා හිස කෙලින් තබාගෙන යානයේ වේගය, සතුරු යානා හා අවි ආයුධ, ඉන්ධන තත්වය, වේගය, ගමන් කරන උස වැනි තොරතුරු ලබාගතහැකිය. අධික වේගයෙ පියාසරකරමින් සටන්වදිද්දී උපකරණ පුවරුව දෙස බැලීමෙන් නියමුවාගේ අවධානය මොහොතකට හෝ බිඳ වැටීම HUD තිරය මගින් වලක්වාලයි.
ප්‍රහාරක යානයක HUD තිරය. මෙය පාරදෘශ්‍යවන අතරම පැහැදිලිව යානයේ වැදගත් තොරතුරු පෙන්වයි.
Hands On Throttle-And-Stick (HOTAS) controls
හෑන්ඩ්ස් ඕන් ත්‍රොටල් ඇන්ඩ් ස්ටික් පාලණ යශ්ඨිය යනු ප්‍රහාරක යානය සියලුම ප්‍රධාන පාලන ස්විච්, යානය හැසිරවීම, වේගය අඩුවැඩි කිරීම මිසයිල මුදාහැරීම වැනි සියලුම ක්‍රියාකාරකම් සඳහා අවශ්‍ය ස්වීච හා බොත්තම් අඩංගු පාලන යශ්ඨියකටයි (control stick). මේ අනුව නියමුවාට සිය දෑත යානයේ විවිධ තැන්වල ඇති බොත්තම් හා ස්විච වෙතට ගෙනයමින් සිය අවධානය බිඳ ගැනීමට සිදුවන්නේ නැත. වැදගත් සියලුම ක්‍රියාකාරකම් සිය දෑත් රඳාවගෙන පාලන යශ්ඨිය මත ඇත.
හෑන්ඩ්ස් ඕන් ත්‍රොටල් ඇන්ඩ් ස්ටික් පාලණ යශ්ඨිය හා හෙඩ්ස් අප් ඩිස්ප්ලේ උපක්‍රමය නිර්මාණ නිර්මාණය කොට ඇත්තේ නියමුවාට අවධානය බිඳ නොදමාගෙන මෙහෙයුම ක්‍රියාත්මක කිරීමට අවස්ථාව ලබාදීම සඳහාය.
රුසියානු සුක්හොයි Su-35 යානයේ හෑන්ඩ්ස් ඕන් ත්‍රොටල් ඇන්ඩ් ස්ටික් පාලණ යශ්ඨිය
Generation 5 : (2005 to the present)
ප්‍රහාරක ජෙට් යානා පරිනාමයේ පස්වැනි පිම්ම ආරම්භ වුනේ 2005 වසර අගභාගයේදී ලොක්හීඩ්-මාටින් හා බෝයිං සමාගම් ඒකාබද්ධව ඉතා රහසිගතව නිර්මාණය කල F-22 Raptor ස්ටෙල්ත් ප්‍රහාරක යානය ලොවට හඳුන්වාදීමෙන් පසුවයි. සැම අතින්ම විප්ලවීය ලෙස වැඩිදියුණු කොට තිබුණු F-22 යානය පූර්ණ වශයෙන්ම රේඩාර් වලට නොපෙනෙන, අධෝරක්ත සංවේදක වලට පවා හඳුනාගැනීමට අපහසුවන තරමට ජෙට් එන්ජින් වලින් නිකුත් වන අධික ලෙස ගිණියම්වූ සම්පීඩිත වාතය සිසිල් කොට පිටතට යවන, මුලුමනින්ම පරිගණක මගින් පාලනය වන විශ්මිත යානයක් වනවා. මේ යානය පැදවීම සැබැවින්ම නවීන පරිගණක ක්‍රීඩාවක නිරතවීමට සමානයයි නියමුවන් පවසන තරමටම යානය අති නවීන පරිගණක තාකශණයෙන් පුරවා තිබෙනවා.
Lockheed-Martin/Boeing F-22 Raptor on a training mission
F-22 යානය හඳුන්වාදී වසරක් යන්නටත් මත්තෙන් අමෙරිකාව තවත් නවතම 5වැනි පරම්පරාවේ ප්‍රහාරක හා සටන් වදින යානයක් හඳුන්වාදුන්නා. ලොක්හීඩ්-මාටින් සමාගම මගින් නිර්මාණය කළ මේ යානය F-35 Lightening ලෙස හඳුන්වා තිබෙනවා. මේ යානය ස්ටෙල්ත් යානයක් වන අතර එය මාදිලි තුනකින් නිපදවා තිබෙනවා. මෙම යානා මාදිලි තුනම එකට ගත්විට එය ජොයින්ට් ස්ට්‍රයික් ෆයිටර් (Joint Strike Fighter - JSF) ලෙස හඳුන්වනවා.
* F-35A, conventional take off and landing (CTOL) variant. [සාමාන්‍ය ගුවන් යානයක් මෙන් දිගු ධාවන පථයකින් ඉහල නැග්ගවීමේ හා පහලට බැස්ස්විය හැකි මාදිලිය]
* F-35B, short-take off and vertical-landing (STOVL) variant. [ඉතා කෙටි ධාවන පථයකින් ඉහල නැග්ගවිය හැකි හා ධාවන පථයක් නොමැතිව සිරස් අතට හෙලිකොප්ටරයක් මෙන් බිමට බැස්සවිය හැකි මාදිලිය]
* F-35C, aircraft carrier-based variant. (CV) [ගුවන්යානා ගෙනියන නෞකා මතින් ඉහල නැග්ගවීමට හා එම නෞකා මතට ගොඩ බැස්සවීමට නිර්මාණය කල මාදිලිය]
මතු සම්බන්දයි.....
විද්‍යා ගවේෂණ by Terence Arachchi