Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
iphone x used
AssassiN1
Updated:
Yesterday at 10:30 PM
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Saturday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ප්‍රැක්ටිකල් ආගම (වර්සස්) කබර/තල ගොයා
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඒකට කියන්නේ හජ් වන්දනය කියලා.

ලෝකයේ පැවැත්ම උදෙසා විශ්වය තුළ පරිත්‍යාග කිරීම් ඕනෑතරම් සිදුවෙමින් පවතී. මිනිසා පමණක් නොව ගස්, ගල්, ඇළදොළ ගංගා පවා යම්කිසි මෙහෙවරක යෙදී සිටියි. තම රට වෙනුවෙන් ජීවිත පවා පරිත්‍යාග කළ උදාර මිනිසුන් පිළිබඳ තොරතුරු ලෝක ඉතිහාසයේ සටහන් වී තිබේ.

මුස්ලිම් ප්‍රජාවගේ උතුම් දිනයක් වන හජ් උත්සවය තුළ ද පරිත්‍යාගයේ සටහන් ගැබ් වී ඇත. හජ් සමයට සෞදි අරාබියේ මැකා නගරයේ (මක්කම) පිහිටි උතුම් ක:බාව වැඳපුදා ගැනීමට තම දූ දරුවන්, මිල මුදල්, නෑ පරපුර හා තම උපන් රට පවා අතහැර මිනිසුන් සැතපුම් දහස් ගණනක් දුර ගෙවා එහි යන්නේ ඉස්ලාමයට ඇති භක්තියත් අල්ලාහ් තආලා කෙරෙහි ඇති කළගුණ සැළකීමේ ගෞරවයත් පෙරදැරි කරගෙනය. එය මුස්ලිම් ජනයා තුළ ඇති පරිත්‍යාගශීලීත්වය ඔප්පු කෙරෙන්නකි.

මුහම්මද් නබිනායකතුමාට පෙර අරාබියේ විසූ ඉබ්රාහිම් නබිතුමා ඉස්ලාමයේ පරිත්‍යාගශීලීත්වයට හා කැපකිරිමට හොඳම නිදසුනය.

එතුමාණන්ට විවාහ දිවියට පිවිස මැදිවියට යනතුරුම දරු සෙනෙහස භුක්ති විඳීමට වාසනාව උදාවූයේ නැත. වසර ගණනාවක් පුරා දිවා රෑ අල්ලාහ් තආලාට නැමදුම් කරමින් ප්‍රාර්ථනා කිරීමේ ප්‍රතිඵලයක් ලෙස ඔහුගේ බිරිය හාජරාතුමිය අවසානයේදී දරුවකු පිළිසිඳ ගත්තාය.

ඉස්මායිල් නමැති පුත්‍රරත්නය බිහිකිරීමෙන් පසුව අල්ලාහ් තආලා ඉබ්රාහිමි නබීතුමා වෙත අණක් නිකුත් කළේය. ඒ ඔහු අල්ලාහ් කෙරෙහි තැබූ විශ්වාසය සත්‍යයක්දැයි සොයා බැලීම සඳහාය.

වසර ගණනාවක් පෙරුම් පුරා ලැබූ දරු සම්පත මහා කාන්තාරයක තනිකොට දමන ලෙස ඉබ්‍රහිම් නබිතුමාට අල්ලාහ්ගෙන් ලැබූ අණ පිළිපැදීමට එතුමා මොහොතක් හෝ පසුබට වූයේ නැත.

තම බිරිය හඬා වැලපෙද්දී ඉබ්‍රහිම් නබිතුමා අල්ලාහ්ගේ අණ අකුරටම පිළිපැද්දේය. එතුමා තම බිරිය හා බිළිඳා කතරක තනිකර දමා ආපසු පැමිණියේ අල්ලාහ් කෙරෙහි තැබූ අචල විශ්වාසය මොනවට පැහැදිලි කරමින් ය.

ඒ අතරම ඉබ්‍රහිම් නබිතුමාට මැකා නුවර පිහිටි ක:බා දේවස්ථානය පිළිසකර කිරීමට ද අණ ලැබිණි.

කරුණු මෙසේ සිදුවෙද්දී වැලි කතරේ තනිවූ එතුමාගේ බිරිය හා ළදරුවා දැඩි වෙහෙසට පත්ව සිටියහ. මරණය හැර වෙනත් ප්‍රතිඵලයක් අත් නොවන බව දැන දැනම හාජරාතුමිය සිය දරුවා රැක ගැනීමට කුමක් කළ යුතු දැයි නොදැන හඬා වැටෙන්නට වූවාය.

වැලිතලාවකින් යුතු වූ ස්ථානයේ දෙපස පිහිටි කඳු දෙකකි. නජරාතුමිය දරු සෙනෙහසින් නොනවත්වාම හඬමින් සිය දරුවා වැලිතලාව මත තබා කඳු දෙක අතර එහෙ මෙහෙ දිවයන්නට ගත්තේ දරු සෙනෙහස නිසා ඇතිවූ කම්පනයකින්ය.

ඒ වනවිටත් නොනවත්වාම හඬමින් සිටි දරුවා එකවරම හැඬීම නතර කළේය. ඉන් විමතියට පත් හාජරාතුමිය ආපසු තම දරුවා වෙත දිව ආවාය. එවිට ඇය දුටුවේ හඬමින් සිටි දරුවාගේ සිඟිති දෙපා පොළවට වැදුණු තැනින් දිය උල්පතක් මතුවී ඉන් දරුවාගේ මුවට දිය විදිමින් තිබෙන බවයි.

තෙරක් නොපෙනෙන මහ කතරේ හදිසියේ මතුවූ මේ දිය උල්පතෙන් නොනවත්වා ගලා යන දිය දහර දුටු හාජරාතුමිය “සම් සම්” යනුවෙන් පැවසුවාය. ‘සම් සම්’ යනු නවතින්න නවතින්න යන අරුතය.

ඒ දිය උල්පතෙන් පිපාසය නිවාගත් මවත් බිළිඳාත් ජීවිත රැක ගත්හ. හාජරාතුමිය අල්ලාහ් තආලාට ස්තුති කළාය. වසර ගණනාවක් පෙරුම් පුරා ලැබූ පුත්‍රරත්නය මෙසේ පරිත්‍යාග කිරීමට අණ කෙරුණේ ඒ අල්ලාහ් කෙරෙහි ඇති විශ්වාසය මැන බැලීමට බව හාජරාතුමිය අවබෝධ කර ගත්තාය.

අදටත් එම දිය උල්පත නොනවත්ව ගලායන අතර ඊට ‘සම් සම්’ යන නම තබා තිබේ. මැකා නුවර හජ් වන්දනාවේ යන ලක්ෂ සංඛ්‍යාත බැතිමතුන් පිරිසකගේ විඩාව නිවා දමන මහ ජල ගංගාවක් මේ දිය උල්පතෙන් ගලා හැලෙයි. හජ් වන්දනාවෙන් ආපසු සිය රට බලා යන බැතිමතුන් මේ දිය උල්පතෙන් ජලය ස්වල්පයක් ගෙන යාමට අමතක නොකරති. අසාධ්‍ය තත්ත්වයේ සිටින රෝගියකුට වුවද මින් ජලය ස්වල්පයක් පානය කිරීමට ඉඩ සැලසීමෙන් රෝගියාට යම් සහනයක් ලැබෙන බවට විශ්වාස කෙරේ.

සිය ප්‍රාණය මෙන් හදාවඩා ගත් ඉස්මායිල් පුතු තරුණවියට එළැඹීමෙන් පසු ඔහුගේ ජීවිතය අල්ලාහ් වෙනුවෙන් පූජා කිරීමේ අණක් ද ඉබ්රාහිම් නබිතුමාට ලැබිණි. එතුමා නොපසුබටව එය ද ඉටු කිරීමට සුදානම් වූයේ අල්ලාහ් කෙරෙහි පවතින විශ්වාසය යළි තහවුරුකර පෙන්වීමටය.

නමුත් පුත්‍ර රත්නය පූජා කිරීමට සූදානම් වෙද්දී අල්ලාහ්ගේ බල මහිමයෙන් එළුවකු පහළ වූ අතර එය පූජා කිරීමට අණ ලැබුවේය.

ඉබ්රාහිම් නබිතුමාට අල්ලාහ් කෙරෙහි ඇති විශ්වාසය එමගින් තහවුරු විය. පසු කාලීනව එම පුත්‍රරත්නය වූ ඉස්මායිල් ද නබිත්වයට පත්විය.

ඉස්ලාමයේ පස්වැනි වගකීම වන හජ් හැමදාම ඉටුකිරීම සෙසු වගකීම් මෙන් සෑම මුස්ලිම් බැතිමතකුටම අනිවාර්ය කොට නැත. එය ඉටුකිරීමට නම් සුදුසුකම් කීපයක් තිබිය යුතුය.

සුදුසුකම් තිබෙන නිරෝගිමත් අය හජ් වන්දනය නොකර සිටීම ද එක්තරා පාපයකි.

එවැනි අයෙකු හජ් ඉටුනොකර මරණයට පත්වුවහොත් ඔහුගේ දරුවන්ට ඔහු වෙනුවෙන් වෙනත් අයකු හජ් වන්දනාවේ යැවීමට හැකිය.

නමුත් ඒ පුද්ගලයා ඊට පෙර තම මුදලින් හජ් වන්දනාවේ ගිය අයකු විය යුතුය.

හජ් මෙහෙය ඉටුකිරීම මෙසේ කරුණු ගණනාවකින් බැලූ විට අපහසු කටයුත්තක් බැවින් එය ඉටුකිරීම මහා භාග්‍යයක් කොට සැළකේ.

“යහපත් අන්දමට ඉටු කෙරෙන හජ් වන්දනාවට ස්වර්ගය හැර වෙනත් වේතනයක් නොමැත” යනුවෙන් මුහම්මද් නබිනායකතුමා ප්‍රකාශ කළහ.

https://z-1-lookaside.fbsbx.com/saheelaan/videos/1086015598147316/

[QUOTE="tuwanriyas, post: 22140650, member: 269851"] [SIZE=3]ඒකට කියන්නේ හජ් වන්දනය කියලා. [/SIZE][SIZE=4] [/SIZE][SIZE=4]ලෝකයේ පැවැත්ම උදෙසා විශ්වය තුළ පරිත්‍යාග කිරීම් ඕනෑතරම් සිදුවෙමින් පවතී. මිනිසා පමණක් නොව ගස්, ගල්, ඇළදොළ ගංගා පවා යම්කිසි මෙහෙවරක යෙදී සිටියි. තම රට වෙනුවෙන් ජීවිත පවා පරිත්‍යාග කළ උදාර මිනිසුන් පිළිබඳ තොරතුරු ලෝක ඉතිහාසයේ සටහන් වී තිබේ.[/SIZE] [SIZE=4] මුස්ලිම් ප්‍රජාවගේ උතුම් දිනයක් වන හජ් උත්සවය තුළ ද පරිත්‍යාගයේ සටහන් ගැබ් වී ඇත. හජ් සමයට සෞදි අරාබියේ මැකා නගරයේ (මක්කම) පිහිටි උතුම් ක:බාව වැඳපුදා ගැනීමට තම දූ දරුවන්, මිල මුදල්, නෑ පරපුර හා තම උපන් රට පවා අතහැර මිනිසුන් සැතපුම් දහස් ගණනක් දුර ගෙවා එහි යන්නේ ඉස්ලාමයට ඇති භක්තියත් අල්ලාහ් තආලා කෙරෙහි ඇති කළගුණ සැළකීමේ ගෞරවයත් පෙරදැරි කරගෙනය. එය මුස්ලිම් ජනයා තුළ ඇති පරිත්‍යාගශීලීත්වය ඔප්පු කෙරෙන්නකි.[/SIZE] [SIZE=4] මුහම්මද් නබිනායකතුමාට පෙර අරාබියේ විසූ ඉබ්රාහිම් නබිතුමා ඉස්ලාමයේ පරිත්‍යාගශීලීත්වයට හා කැපකිරිමට හොඳම නිදසුනය.[/SIZE] [SIZE=4] එතුමාණන්ට විවාහ දිවියට පිවිස මැදිවියට යනතුරුම දරු සෙනෙහස භුක්ති විඳීමට වාසනාව උදාවූයේ නැත. වසර ගණනාවක් පුරා දිවා රෑ අල්ලාහ් තආලාට නැමදුම් කරමින් ප්‍රාර්ථනා කිරීමේ ප්‍රතිඵලයක් ලෙස ඔහුගේ බිරිය හාජරාතුමිය අවසානයේදී දරුවකු පිළිසිඳ ගත්තාය.[/SIZE] [SIZE=4] ඉස්මායිල් නමැති පුත්‍රරත්නය බිහිකිරීමෙන් පසුව අල්ලාහ් තආලා ඉබ්රාහිමි නබීතුමා වෙත අණක් නිකුත් කළේය. ඒ ඔහු අල්ලාහ් කෙරෙහි තැබූ විශ්වාසය සත්‍යයක්දැයි සොයා බැලීම සඳහාය.[/SIZE] [SIZE=4] වසර ගණනාවක් පෙරුම් පුරා ලැබූ දරු සම්පත මහා කාන්තාරයක තනිකොට දමන ලෙස ඉබ්‍රහිම් නබිතුමාට අල්ලාහ්ගෙන් ලැබූ අණ පිළිපැදීමට එතුමා මොහොතක් හෝ පසුබට වූයේ නැත.[/SIZE] [SIZE=4] තම බිරිය හඬා වැලපෙද්දී ඉබ්‍රහිම් නබිතුමා අල්ලාහ්ගේ අණ අකුරටම පිළිපැද්දේය. එතුමා තම බිරිය හා බිළිඳා කතරක තනිකර දමා ආපසු පැමිණියේ අල්ලාහ් කෙරෙහි තැබූ අචල විශ්වාසය මොනවට පැහැදිලි කරමින් ය.[/SIZE] [SIZE=4] ඒ අතරම ඉබ්‍රහිම් නබිතුමාට මැකා නුවර පිහිටි ක:බා දේවස්ථානය පිළිසකර කිරීමට ද අණ ලැබිණි.[/SIZE] [SIZE=4] කරුණු මෙසේ සිදුවෙද්දී වැලි කතරේ තනිවූ එතුමාගේ බිරිය හා ළදරුවා දැඩි වෙහෙසට පත්ව සිටියහ. මරණය හැර වෙනත් ප්‍රතිඵලයක් අත් නොවන බව දැන දැනම හාජරාතුමිය සිය දරුවා රැක ගැනීමට කුමක් කළ යුතු දැයි නොදැන හඬා වැටෙන්නට වූවාය.[/SIZE] [SIZE=4] වැලිතලාවකින් යුතු වූ ස්ථානයේ දෙපස පිහිටි කඳු දෙකකි. නජරාතුමිය දරු සෙනෙහසින් නොනවත්වාම හඬමින් සිය දරුවා වැලිතලාව මත තබා කඳු දෙක අතර එහෙ මෙහෙ දිවයන්නට ගත්තේ දරු සෙනෙහස නිසා ඇතිවූ කම්පනයකින්ය.[/SIZE] [SIZE=4] ඒ වනවිටත් නොනවත්වාම හඬමින් සිටි දරුවා එකවරම හැඬීම නතර කළේය. ඉන් විමතියට පත් හාජරාතුමිය ආපසු තම දරුවා වෙත දිව ආවාය. එවිට ඇය දුටුවේ හඬමින් සිටි දරුවාගේ සිඟිති දෙපා පොළවට වැදුණු තැනින් දිය උල්පතක් මතුවී ඉන් දරුවාගේ මුවට දිය විදිමින් තිබෙන බවයි.[/SIZE] [SIZE=4] තෙරක් නොපෙනෙන මහ කතරේ හදිසියේ මතුවූ මේ දිය උල්පතෙන් නොනවත්වා ගලා යන දිය දහර දුටු හාජරාතුමිය “සම් සම්” යනුවෙන් පැවසුවාය. ‘සම් සම්’ යනු නවතින්න නවතින්න යන අරුතය.[/SIZE] [SIZE=4] ඒ දිය උල්පතෙන් පිපාසය නිවාගත් මවත් බිළිඳාත් ජීවිත රැක ගත්හ. හාජරාතුමිය අල්ලාහ් තආලාට ස්තුති කළාය. වසර ගණනාවක් පෙරුම් පුරා ලැබූ පුත්‍රරත්නය මෙසේ පරිත්‍යාග කිරීමට අණ කෙරුණේ ඒ අල්ලාහ් කෙරෙහි ඇති විශ්වාසය මැන බැලීමට බව හාජරාතුමිය අවබෝධ කර ගත්තාය.[/SIZE] [SIZE=4] අදටත් එම දිය උල්පත නොනවත්ව ගලායන අතර ඊට ‘සම් සම්’ යන නම තබා තිබේ. මැකා නුවර හජ් වන්දනාවේ යන ලක්ෂ සංඛ්‍යාත බැතිමතුන් පිරිසකගේ විඩාව නිවා දමන මහ ජල ගංගාවක් මේ දිය උල්පතෙන් ගලා හැලෙයි. හජ් වන්දනාවෙන් ආපසු සිය රට බලා යන බැතිමතුන් මේ දිය උල්පතෙන් ජලය ස්වල්පයක් ගෙන යාමට අමතක නොකරති. අසාධ්‍ය තත්ත්වයේ සිටින රෝගියකුට වුවද මින් ජලය ස්වල්පයක් පානය කිරීමට ඉඩ සැලසීමෙන් රෝගියාට යම් සහනයක් ලැබෙන බවට විශ්වාස කෙරේ.[/SIZE] [SIZE=4] සිය ප්‍රාණය මෙන් හදාවඩා ගත් ඉස්මායිල් පුතු තරුණවියට එළැඹීමෙන් පසු ඔහුගේ ජීවිතය අල්ලාහ් වෙනුවෙන් පූජා කිරීමේ අණක් ද ඉබ්රාහිම් නබිතුමාට ලැබිණි. එතුමා නොපසුබටව එය ද ඉටු කිරීමට සුදානම් වූයේ අල්ලාහ් කෙරෙහි පවතින විශ්වාසය යළි තහවුරුකර පෙන්වීමටය.[/SIZE] [SIZE=4] නමුත් පුත්‍ර රත්නය පූජා කිරීමට සූදානම් වෙද්දී අල්ලාහ්ගේ බල මහිමයෙන් එළුවකු පහළ වූ අතර එය පූජා කිරීමට අණ ලැබුවේය.[/SIZE] [SIZE=4] ඉබ්රාහිම් නබිතුමාට අල්ලාහ් කෙරෙහි ඇති විශ්වාසය එමගින් තහවුරු විය. පසු කාලීනව එම පුත්‍රරත්නය වූ ඉස්මායිල් ද නබිත්වයට පත්විය.[/SIZE] [SIZE=4] ඉස්ලාමයේ පස්වැනි වගකීම වන හජ් හැමදාම ඉටුකිරීම සෙසු වගකීම් මෙන් සෑම මුස්ලිම් බැතිමතකුටම අනිවාර්ය කොට නැත. එය ඉටුකිරීමට නම් සුදුසුකම් කීපයක් තිබිය යුතුය.[/SIZE] [SIZE=4] සුදුසුකම් තිබෙන නිරෝගිමත් අය හජ් වන්දනය නොකර සිටීම ද එක්තරා පාපයකි.[/SIZE] [SIZE=4] එවැනි අයෙකු හජ් ඉටුනොකර මරණයට පත්වුවහොත් ඔහුගේ දරුවන්ට ඔහු වෙනුවෙන් වෙනත් අයකු හජ් වන්දනාවේ යැවීමට හැකිය.[/SIZE] [SIZE=4] නමුත් ඒ පුද්ගලයා ඊට පෙර තම මුදලින් හජ් වන්දනාවේ ගිය අයකු විය යුතුය.[/SIZE] [SIZE=4] හජ් මෙහෙය ඉටුකිරීම මෙසේ කරුණු ගණනාවකින් බැලූ විට අපහසු කටයුත්තක් බැවින් එය ඉටුකිරීම මහා භාග්‍යයක් කොට සැළකේ.[/SIZE] [SIZE=4] “යහපත් අන්දමට ඉටු කෙරෙන හජ් වන්දනාවට ස්වර්ගය හැර වෙනත් වේතනයක් නොමැත” යනුවෙන් මුහම්මද් නබිනායකතුමා ප්‍රකාශ කළහ.[/SIZE] [URL]https://z-1-lookaside.fbsbx.com/saheelaan/videos/1086015598147316/[/URL] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom