Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Singapore V2ray VPN for Zoom Package Tunneling
hu KANNA
Updated:
Yesterday at 7:34 PM
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ප්‍රින්ස්ගේ_සංවේදී_කතාව
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ප්‍රින්ස්ගේ_සංවේදී_කතාව

බඳින්න හිටිය ගායිකාව වෙනකෙකු සරණ ගිය නිසා ජිවිතකාලයම තනිකඩව හිටිය ප්‍රින්ස්ගේ සංවේදී කතාව මෙන්න

පසුගියදා අප අතරින් සමුගත් ජනප්‍රිය ගායක ප්‍රින්ස් උදය ප්‍රියන්ත ගැන මේ දක්වා හෙළි නොවූ කතාවක් ඔහුගේ සමීපතම කලා සහෘදයෙකු වන ආනන්ද පද්මසිරි මහතා හෙළිදරව් කර තිබේ.

වයස 47 ක කෙටි ජීවිතයේ මරණ මොහොත දක්වා අවිවාහකව සිටි ප්‍රින්ස් ජීවිතය කලකිරී බීමතට ඇබ්බැහිව ජීවිතය නාස්ති කරගත් අයෙකු ලෙස බොහෝ අය හඳුන්වා දෙනු ලැබූවත් ඒ යටින් දිවෙන කතාව ඉතා ශෝචනීයය.

ප්‍රින්ස් සමග පෙමින් වෙළුණු ගායිකාවක අදහාගන්නට බැරි හේතුමත ඔහුගෙන් දුරස්වී ඔහු හැරයාමෙන් පසු ප්‍රින්ස්ගේ ජීවිතය වෙනස්වූ බවත් පසුව ඔහු අවිවාහකව දිගටම සිටිමින් බීමතට ඇබ්බැහිවූ බවත් ඔහුට ආදරය කරමින් රැකබලාගත් මව දඹදිව හා ඩුබායි සංචාරයක එක්ක ගිය අවස්ථාවේ මවගේ අසනීප තත්ව මතුවී ඇය ඩුබායි රෝහලකදී මරණයට පත්වීමෙන් පසු ප්‍රින්ස් එම කම්පාවත් සමගම ලෙඩ ඇඳට වැටුණ බවත් හෙළිදරව් කර තිබේ.

එම විස්තරය මෙසේය ‘අනූව දශකයේ මුලදී ප්‍රින්ස් උදය ප්‍රියන්ත තරුණ පරපුර ආදරයෙන් වැලඳගත් ගායකයෙකු විය. ඔහුට පසුව ගී ලොවට ආ යොවුන් ගායිකාවක් වෙත ඔහුගේ සිත බැඳුණි. ආදරය ප්‍රකාශ විය.දෙපස වැඩිහිටියන්ගේ කැමැත්තද සපුරාම ලැබී තිබුණි. ප්‍රින්ස් යුගයේ ඉහළම ජනප්‍රියත්වය ලබද්දී ඇයද කෙමෙන් පෙරට ආවාය.

එහෙත් … සිතු දේ නොම වන නොසිතු දෙයම සිදු වන ලෝකයේ ගායිකාව ප්‍රින්ස්ගේ මනමාලිය නොවී වෙනකෙකු අතගත්තාය. අවංක අහිංසකයාගේ හදවත කඩාවැටුණේය. එක දිගටම විරහ ගීත මාලාවක්ම ඔහුගේ වේදනාත්මක හඬින් ගැයුණේය.

තුරුණු රසික රසිකාවියෝ ඒ ගීත ආදරයෙන් පිළිගත්හ. එහෙත් ඒ ගී රැසක උල්පත වූයේ ප්‍රින්ස්ට අහිමි වූ ගායිකා පෙම්වතිය බව දැන සිටියේ ඔහුගේ සමීපතමයන් පමණි. පසු කාලයක ‘තනි තරුව’ නමින් ඉරිදා පුවත්පතකට මා සැපයූ විශේෂාංගයක් සඳහා ඔහු එම ගායිකාව ඇගේ නමින්ම හඳුන්වා දෙමින් ඇය සමඟ විවාහ වීමට සිටියත්, හේතුව කුමක්දැයි අදහාගන්නට’ බැරි ලෙස ඇය අන්සතු වූ බව පැවසුවේය.

එම පැතුම බිඳී ගිය පසුව ඔහු තනිකඩව දිවි ගමනට යන්නට තීරණය කළේ ආදරයේ වේදනාවන් වඩ වඩාත් ගයමිනි.‘කඳුලු ගංගා ගලා …දෑස උතුරා ගියා… ‘මා තනි වී හඬන පැයේ….ඔබ සැඟවී කොහෙද ගියේ ‘තුරුලු වෙමින් හෙමින් සැරේ මා ළඟින් ආදරේ කියාල දුන් ළඳේ“

‘විජිතය ආදරයේ ඔබමය ළඳුනි මගේ ‘

ආදරයේ වේදනාව මෙලෙස ප්‍රින්ස්ගේ ශෝකී ස්වරයෙන් ගැයෙද්දී ඔහුගේ ජනප්‍රියත්වය දෙගුණ තෙගුණ විය. නාමල් උඩුගම සහ ප්‍රින්ස් උදය ප්‍රියන්ත දෙදෙනා නොමැති සංගීත ප්‍රසංගයක් එකල පැවැත්වුණේ කලාතුරකිනි. අනූව දශකය ඔවුන්ගේ විය. නාමල් උඩුගම රුවන්ති මංගලා සමඟ විවාහ වුවත් ප්‍රින්ස් උදය ප්‍රියන්ත බිඳුණු ආදරයේ නාමයෙන් තනිකඩව සිය ආදරණීය මෑණියන් සමඟ ජීවත් විය. අම්මාට ඔහු පණ මෙන් ආදරය කළේය.

පියා මියගොස් තිබුණේ බොහෝ කලකට පෙරය. හිටපු විදුහල්පතිනියක වූ රොසලින් මහත්මියට තම පුතු විවාහයක් කරගෙන සිටිනු දැකීමේ ආශාව කොතෙක් තිබුණත් ප්‍රින්ස් මවට අකීකරු වූයේ ඒ කාරණාවේදී පමණි. නැගණිය ශිරෝනි ප්‍රියංගිකා විවාහ වී සිය නිවස අසලම ජීවත්වන නිසා අම්මාටත්, තමාටත් කරදරයක් නැතැයි ප්‍රින්ස් මා සමඟ එකල පැවසුවේය.

දිනකට එළිමහන් ප්‍රසංග ගණනාවකට සහභාගිවෙමින් අතිශය කාර්ය බහුල දිවියක් ගත කළ ප්‍රින්ස්ට ඒ නිසාම දැඩි පාළුවක් දැනුණේද නැත.

‘අයියා ඉතුරු කළ මුදල් හා වාහනත් දැන් ඉවරයි. තවත් කාලයක් අඛණ්ඩව ප්‍රතිකාර අවශ්‍ය බව වෛද්‍යවරුන් කියනවා. ඒ නිසා හැමදාම උදව් කළ රසික ජනතාවට මේ දුක මම කියනවා…’ මාස ගණනකට පෙර අපගේ මෙම දිනමිණ – සත්සරසි පිටුවට ශිරෝනි නැගණිය පැවසුවාය.

‘ජනපතිතුමනි – ප්‍රින්ස් දෙස බලන්න…’ යනුවෙන් එය පළ කළෙමු. තවත් මාධ්‍යවලින් Face Book හා වෙබ් අඩවි තුළත් ප්‍රින්ස්ගේ රෝගී බව ගැන පළවීම නිසා ලොව පුරා රසික ජනතාවගෙන් පරිත්‍යාග ලැබුණේය. රවී කරුණානායක, ගයන්ත කරුණාතිලක වැනි ඇමතිවරු ද එම පිරිස අතර වූහ. කෙසේ හෝ අවශ්‍ය මුදල් සොයාගෙන අයියා බේරාගැනීමේ සිහිනය කරපින්නා ගත් ශිරෝනිගේ පැතුම් සුන්කරමින් ඉකුත් ජුනි 08 වෙනිදා එනම් 47 වෙනි උපන් දිනයට දින පහකට කලින් ආදරණීය ගායකයා සඳහටම නිසල විය. ඒ හරියටම පොසොන් පෝදාය.

1970 ජුනි 13 වෙනිදා ගාල්ලේ ඇල්පිටියේ උපත ලබා ඇල්පිටිය ආනන්ද මහා විද්‍යාලයෙන් අධ්‍යාපනය ලැබූ ප්‍රින්ස් උදය ප්‍රියන්ත පාසැල් අධ්‍යාපනයෙන් පසුව ගී ලොවට පිවිසියේ ජාතික තරුණ සේවා සභාව හරහාය.

‘වයලීන් වාදකයෙකු හැටියටයි ප්‍රින්ස් තරුණ සේවා සංගීත කණ්ඩායමට එකතු වුනේ. ඒ වගේම කීබෝඩ් වාදනයටත් ලොකු දක්ෂකමක් තිබුණා. ඒ අතර තමයි ගායනයට යොමු වුනේ. හැම ගීතයක්ම වගේ ජනප්‍රිය වුනා. ප්‍රින්ස් අද නැතත් ඒ ගීත රසික පිරිස අතර පවතීයි…’ එසේ පවසන්නේ ප්‍රින්ස්ගේ සමකාලීනයෙකු වන ජනප්‍රිය ගායක චන්දන ලියනආරච්චිය.

සුදු මල් පොකුරක්, වෙරළ කොනක හිඳ, කඳුලු ගංගා, සඳරේණු වෑහෙනා, මහද ප්‍රේමාදරේ, ඔබ පෑ පෙම් සිනා, නිල්වන් ගුවන් ගැබේ, මා එදා කියූ දේ, මා හඬවලා, ඔබ හා ගෙවූ අතීතේ, ඔබ හමුවූ දිනේ, සුදුමල් විසිරුණු, පෙම්වතුන් සිනාසේ, සඳ කුමාරියක්, සමුදෙන්න සමුගන්න නම්, සිතින් ඉවසන්න බෑ, විජිතය ආදරයේ, සුළඟේ සැලී, මා තනිවී හඬන පැයේ ආදී වශයෙන් ඔහු ගැයූ ගීතාවලිය ඔහුටම අනන්‍ය වූ සෝබර හඬින් ගැයුණු අතර චන්දන ලියනආරච්චි පවසන්නා සේම ඒවා අතිජනප්‍රිය විය.

මල්වත්ත පාරේ කැසට් කඩවල උණු කැවුම් මෙන් ප්‍රින්ස්ගේ ගී ඇතුළත් කැසට්පට අලෙවි විය. ගායනයට අමතරව ගී පද රචනයට හා සංගීත නිර්මාණයට ද ප්‍රින්ස් දස්කම් දැක්වීය.

‘මා හඬවලා ඔබ මගෙන් වෙන්වෙලා‘ ප්‍රින්ස්ම ලියා සංගීත නිර්මාණය කර ගත් ගීත අතරින් එම ගීතය ඉතාමත් ජනප්‍රිය විය. එයද ඔහුගේ වේදනාත්මක අත්දැකීම් පාදක කරගෙන ලියා ඇති ගීතයකි.

ප්‍රින්ස් උදය ප්‍රියන්ත ගායනා කළ ගීත රාශිය අතරින් සියයට අනූනමයක්ම පාහේ ආදර ගීතයි. එයිනුත් වැඩි කොටස විරහ ගීතයි. එහෙත් තමා ගායකයෙකු වනු දකින්නට නොලැබුණු පියා ගැන ඔහු ගැයූ ගීයක් ද බෙහෙවින් ජනප්‍රිය විය. ‘සුදුමල් පොකුරක් අතින් දරා මා‘

සුවහසක් රසික ජනතාව සිය ගීයෙන් පිනවන්නට සමත් වූවත් ප්‍රින්ස් දෛවයේ රුදුරු සරදමට ලක්වී, ගිලන් යහනට වැටී සිටියදී තමන් සතු දේ අහිමිව රසික ජනතාවගේ උදව් පැතූ ශිරෝනි නැගණිය කියා සිටියේ ‘මගේ අහිංසක අයියට දැන් මේ කිසි දෙයක් තේරෙන්නේ නෑ. එයා හිතාගෙන ඉන්නෙ එයාගෙ නංගි කොහොමහරි එයාව බේරගනී කියල විතරයි.’

මරු ආ විට නැගණියට හෝ කිසිවෙකුට බේරාගත නොහැක. මරුවාගේ කැඳවීමට අනුව යා යුතුය. ප්‍රින්ස් උදය ප්‍රියන්ත නමැති අප ආදරණීය ගායකයාද එම කැඳවීමට අනුව යන්නට ගියේය.

පූජනීය ලෙස සැලකූ ආදරය අහිමිවීමෙන්ද, පණ මෙන් බැඳී සිටි පෙම්බර මෑණියන් තමන් සමඟම එතෙර ගොස් වියෝවීමෙන්ද අනන්ත අප්‍රමාණ වේදනා දරන්නට සිදු වූ ඔහු එම සියලු වේදනාවන් සේම ඒ හා සමානවම ඇති වූ ශාරීරික වේදනාවන්ද විඳවා නිමකළා යයි කියන්නට මේ පොසොන් පෝදා සඳහටම දෙනෙත් පියා ගත්තේය.

[QUOTE="signshop, post: 21803452, member: 358740"] [b]ප්‍රින්ස්ගේ_සංවේදී_කතාව[/b] [SIZE="5"]බඳින්න හිටිය ගායිකාව වෙනකෙකු සරණ ගිය නිසා ජිවිතකාලයම තනිකඩව හිටිය ප්‍රින්ස්ගේ සංවේදී කතාව මෙන්න[/SIZE] [SIZE="4"]පසුගියදා අප අතරින් සමුගත් ජනප්‍රිය ගායක ප්‍රින්ස් උදය ප්‍රියන්ත ගැන මේ දක්වා හෙළි නොවූ කතාවක් ඔහුගේ සමීපතම කලා සහෘදයෙකු වන ආනන්ද පද්මසිරි මහතා හෙළිදරව් කර තිබේ. වයස 47 ක කෙටි ජීවිතයේ මරණ මොහොත දක්වා අවිවාහකව සිටි ප්‍රින්ස් ජීවිතය කලකිරී බීමතට ඇබ්බැහිව ජීවිතය නාස්ති කරගත් අයෙකු ලෙස බොහෝ අය හඳුන්වා දෙනු ලැබූවත් ඒ යටින් දිවෙන කතාව ඉතා ශෝචනීයය. ප්‍රින්ස් සමග පෙමින් වෙළුණු ගායිකාවක අදහාගන්නට බැරි හේතුමත ඔහුගෙන් දුරස්වී ඔහු හැරයාමෙන් පසු ප්‍රින්ස්ගේ ජීවිතය වෙනස්වූ බවත් පසුව ඔහු අවිවාහකව දිගටම සිටිමින් බීමතට ඇබ්බැහිවූ බවත් ඔහුට ආදරය කරමින් රැකබලාගත් මව දඹදිව හා ඩුබායි සංචාරයක එක්ක ගිය අවස්ථාවේ මවගේ අසනීප තත්ව මතුවී ඇය ඩුබායි රෝහලකදී මරණයට පත්වීමෙන් පසු ප්‍රින්ස් එම කම්පාවත් සමගම ලෙඩ ඇඳට වැටුණ බවත් හෙළිදරව් කර තිබේ. එම විස්තරය මෙසේය ‘අනූව දශකයේ මුලදී ප්‍රින්ස් උදය ප්‍රියන්ත තරුණ පරපුර ආදරයෙන් වැලඳගත් ගායකයෙකු විය. ඔහුට පසුව ගී ලොවට ආ යොවුන් ගායිකාවක් වෙත ඔහුගේ සිත බැඳුණි. ආදරය ප්‍රකාශ විය.දෙපස වැඩිහිටියන්ගේ කැමැත්තද සපුරාම ලැබී තිබුණි. ප්‍රින්ස් යුගයේ ඉහළම ජනප්‍රියත්වය ලබද්දී ඇයද කෙමෙන් පෙරට ආවාය. එහෙත් … සිතු දේ නොම වන නොසිතු දෙයම සිදු වන ලෝකයේ ගායිකාව ප්‍රින්ස්ගේ මනමාලිය නොවී වෙනකෙකු අතගත්තාය. අවංක අහිංසකයාගේ හදවත කඩාවැටුණේය. එක දිගටම විරහ ගීත මාලාවක්ම ඔහුගේ වේදනාත්මක හඬින් ගැයුණේය. තුරුණු රසික රසිකාවියෝ ඒ ගීත ආදරයෙන් පිළිගත්හ. එහෙත් ඒ ගී රැසක උල්පත වූයේ ප්‍රින්ස්ට අහිමි වූ ගායිකා පෙම්වතිය බව දැන සිටියේ ඔහුගේ සමීපතමයන් පමණි. පසු කාලයක ‘තනි තරුව’ නමින් ඉරිදා පුවත්පතකට මා සැපයූ විශේෂාංගයක් සඳහා ඔහු එම ගායිකාව ඇගේ නමින්ම හඳුන්වා දෙමින් ඇය සමඟ විවාහ වීමට සිටියත්, හේතුව කුමක්දැයි අදහාගන්නට’ බැරි ලෙස ඇය අන්සතු වූ බව පැවසුවේය. එම පැතුම බිඳී ගිය පසුව ඔහු තනිකඩව දිවි ගමනට යන්නට තීරණය කළේ ආදරයේ වේදනාවන් වඩ වඩාත් ගයමිනි.‘කඳුලු ගංගා ගලා …දෑස උතුරා ගියා… ‘මා තනි වී හඬන පැයේ….ඔබ සැඟවී කොහෙද ගියේ ‘තුරුලු වෙමින් හෙමින් සැරේ මා ළඟින් ආදරේ කියාල දුන් ළඳේ“ ‘විජිතය ආදරයේ ඔබමය ළඳුනි මගේ ‘ ආදරයේ වේදනාව මෙලෙස ප්‍රින්ස්ගේ ශෝකී ස්වරයෙන් ගැයෙද්දී ඔහුගේ ජනප්‍රියත්වය දෙගුණ තෙගුණ විය. නාමල් උඩුගම සහ ප්‍රින්ස් උදය ප්‍රියන්ත දෙදෙනා නොමැති සංගීත ප්‍රසංගයක් එකල පැවැත්වුණේ කලාතුරකිනි. අනූව දශකය ඔවුන්ගේ විය. නාමල් උඩුගම රුවන්ති මංගලා සමඟ විවාහ වුවත් ප්‍රින්ස් උදය ප්‍රියන්ත බිඳුණු ආදරයේ නාමයෙන් තනිකඩව සිය ආදරණීය මෑණියන් සමඟ ජීවත් විය. අම්මාට ඔහු පණ මෙන් ආදරය කළේය. පියා මියගොස් තිබුණේ බොහෝ කලකට පෙරය. හිටපු විදුහල්පතිනියක වූ රොසලින් මහත්මියට තම පුතු විවාහයක් කරගෙන සිටිනු දැකීමේ ආශාව කොතෙක් තිබුණත් ප්‍රින්ස් මවට අකීකරු වූයේ ඒ කාරණාවේදී පමණි. නැගණිය ශිරෝනි ප්‍රියංගිකා විවාහ වී සිය නිවස අසලම ජීවත්වන නිසා අම්මාටත්, තමාටත් කරදරයක් නැතැයි ප්‍රින්ස් මා සමඟ එකල පැවසුවේය. දිනකට එළිමහන් ප්‍රසංග ගණනාවකට සහභාගිවෙමින් අතිශය කාර්ය බහුල දිවියක් ගත කළ ප්‍රින්ස්ට ඒ නිසාම දැඩි පාළුවක් දැනුණේද නැත. ‘අයියා ඉතුරු කළ මුදල් හා වාහනත් දැන් ඉවරයි. තවත් කාලයක් අඛණ්ඩව ප්‍රතිකාර අවශ්‍ය බව වෛද්‍යවරුන් කියනවා. ඒ නිසා හැමදාම උදව් කළ රසික ජනතාවට මේ දුක මම කියනවා…’ මාස ගණනකට පෙර අපගේ මෙම දිනමිණ – සත්සරසි පිටුවට ශිරෝනි නැගණිය පැවසුවාය. ‘ජනපතිතුමනි – ප්‍රින්ස් දෙස බලන්න…’ යනුවෙන් එය පළ කළෙමු. තවත් මාධ්‍යවලින් Face Book හා වෙබ් අඩවි තුළත් ප්‍රින්ස්ගේ රෝගී බව ගැන පළවීම නිසා ලොව පුරා රසික ජනතාවගෙන් පරිත්‍යාග ලැබුණේය. රවී කරුණානායක, ගයන්ත කරුණාතිලක වැනි ඇමතිවරු ද එම පිරිස අතර වූහ. කෙසේ හෝ අවශ්‍ය මුදල් සොයාගෙන අයියා බේරාගැනීමේ සිහිනය කරපින්නා ගත් ශිරෝනිගේ පැතුම් සුන්කරමින් ඉකුත් ජුනි 08 වෙනිදා එනම් 47 වෙනි උපන් දිනයට දින පහකට කලින් ආදරණීය ගායකයා සඳහටම නිසල විය. ඒ හරියටම පොසොන් පෝදාය. 1970 ජුනි 13 වෙනිදා ගාල්ලේ ඇල්පිටියේ උපත ලබා ඇල්පිටිය ආනන්ද මහා විද්‍යාලයෙන් අධ්‍යාපනය ලැබූ ප්‍රින්ස් උදය ප්‍රියන්ත පාසැල් අධ්‍යාපනයෙන් පසුව ගී ලොවට පිවිසියේ ජාතික තරුණ සේවා සභාව හරහාය. ‘වයලීන් වාදකයෙකු හැටියටයි ප්‍රින්ස් තරුණ සේවා සංගීත කණ්ඩායමට එකතු වුනේ. ඒ වගේම කීබෝඩ් වාදනයටත් ලොකු දක්ෂකමක් තිබුණා. ඒ අතර තමයි ගායනයට යොමු වුනේ. හැම ගීතයක්ම වගේ ජනප්‍රිය වුනා. ප්‍රින්ස් අද නැතත් ඒ ගීත රසික පිරිස අතර පවතීයි…’ එසේ පවසන්නේ ප්‍රින්ස්ගේ සමකාලීනයෙකු වන ජනප්‍රිය ගායක චන්දන ලියනආරච්චිය. සුදු මල් පොකුරක්, වෙරළ කොනක හිඳ, කඳුලු ගංගා, සඳරේණු වෑහෙනා, මහද ප්‍රේමාදරේ, ඔබ පෑ පෙම් සිනා, නිල්වන් ගුවන් ගැබේ, මා එදා කියූ දේ, මා හඬවලා, ඔබ හා ගෙවූ අතීතේ, ඔබ හමුවූ දිනේ, සුදුමල් විසිරුණු, පෙම්වතුන් සිනාසේ, සඳ කුමාරියක්, සමුදෙන්න සමුගන්න නම්, සිතින් ඉවසන්න බෑ, විජිතය ආදරයේ, සුළඟේ සැලී, මා තනිවී හඬන පැයේ ආදී වශයෙන් ඔහු ගැයූ ගීතාවලිය ඔහුටම අනන්‍ය වූ සෝබර හඬින් ගැයුණු අතර චන්දන ලියනආරච්චි පවසන්නා සේම ඒවා අතිජනප්‍රිය විය. මල්වත්ත පාරේ කැසට් කඩවල උණු කැවුම් මෙන් ප්‍රින්ස්ගේ ගී ඇතුළත් කැසට්පට අලෙවි විය. ගායනයට අමතරව ගී පද රචනයට හා සංගීත නිර්මාණයට ද ප්‍රින්ස් දස්කම් දැක්වීය. ‘මා හඬවලා ඔබ මගෙන් වෙන්වෙලා‘ ප්‍රින්ස්ම ලියා සංගීත නිර්මාණය කර ගත් ගීත අතරින් එම ගීතය ඉතාමත් ජනප්‍රිය විය. එයද ඔහුගේ වේදනාත්මක අත්දැකීම් පාදක කරගෙන ලියා ඇති ගීතයකි. ප්‍රින්ස් උදය ප්‍රියන්ත ගායනා කළ ගීත රාශිය අතරින් සියයට අනූනමයක්ම පාහේ ආදර ගීතයි. එයිනුත් වැඩි කොටස විරහ ගීතයි. එහෙත් තමා ගායකයෙකු වනු දකින්නට නොලැබුණු පියා ගැන ඔහු ගැයූ ගීයක් ද බෙහෙවින් ජනප්‍රිය විය. ‘සුදුමල් පොකුරක් අතින් දරා මා‘ සුවහසක් රසික ජනතාව සිය ගීයෙන් පිනවන්නට සමත් වූවත් ප්‍රින්ස් දෛවයේ රුදුරු සරදමට ලක්වී, ගිලන් යහනට වැටී සිටියදී තමන් සතු දේ අහිමිව රසික ජනතාවගේ උදව් පැතූ ශිරෝනි නැගණිය කියා සිටියේ ‘මගේ අහිංසක අයියට දැන් මේ කිසි දෙයක් තේරෙන්නේ නෑ. එයා හිතාගෙන ඉන්නෙ එයාගෙ නංගි කොහොමහරි එයාව බේරගනී කියල විතරයි.’ මරු ආ විට නැගණියට හෝ කිසිවෙකුට බේරාගත නොහැක. මරුවාගේ කැඳවීමට අනුව යා යුතුය. ප්‍රින්ස් උදය ප්‍රියන්ත නමැති අප ආදරණීය ගායකයාද එම කැඳවීමට අනුව යන්නට ගියේය. පූජනීය ලෙස සැලකූ ආදරය අහිමිවීමෙන්ද, පණ මෙන් බැඳී සිටි පෙම්බර මෑණියන් තමන් සමඟම එතෙර ගොස් වියෝවීමෙන්ද අනන්ත අප්‍රමාණ වේදනා දරන්නට සිදු වූ ඔහු එම සියලු වේදනාවන් සේම ඒ හා සමානවම ඇති වූ ශාරීරික වේදනාවන්ද විඳවා නිමකළා යයි කියන්නට මේ පොසොන් පෝදා සඳහටම දෙනෙත් පියා ගත්තේය.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom