ප්‍රේමකීර්ති ගීපද සංකල්පනා

Gal_banisa

Well-known member
  • Feb 14, 2024
    2,181
    2,515
    113
    Kandakadu
    ප්‍රේමකීර්ති ද අල්විස්ගේ ප්‍රථම සිනමා ගී රචනය මෙයයි..................

    කැකුළු මලක පෙති මත
    මුතු කඳුළු කැට සලා
    කඳු මුදුනින් දිය ඇල්ලක
    රිදී දිය ගලා
    පෙර නොදුටුව ගං ඉවුරක
    ළවැලි තැනිතලා
    මගේ පිනට ඇත මැණිකක්
    තැනක සඟවලා......

    සිතුම් පැතුම් මුතු වරුසා ඇද හැලිලා
    කතා කරයි ආදරයෙන් අත වනලා
    වසන්තයේ මල් උයනක සුවඳ රැඳී
    අනාගතය මා එන මඟ බලා ඉඳී

    දෙරණ පුරා අමුතු ම සුවඳක් මතු වේ
    සිතූ පැතූ සම්පත මතු මා සතු වේ
    කවුරුන් දෝ පිය නගන්නෙ
    කවුරුන් දෝ අත වනන්නෙ
    වාසනාව පිය නගන්නෙ
    වාසනාව අත වනන්නෙ

    පද රචනය : ප්‍රේමකීර්ති ද අල්විස්
    තනුව සහ සංගීතය : ප්‍රේමසිරි කේමදාස
    යුග ගායනය : එච්. ආර්. ජෝතිපාල සමඟ ඇන්ජලීන් ගුණතිලක

    චිත්‍රපටිය : ලොකුම හිනාව (1972)
    නිෂ්පාදනය : ඊ. ඒ. පී. එදිරිසිංහ
    අධ්‍යක්ෂණය : කේ. ඒ. ඩබ්ලිව්. පෙරේරා

    සඳ කැන් වැසිලා අඳුරේ එතිලා
    ගනඳුරු රෑ තනිකම නෑ
    සොයා එන්න ගනඳුර තරු නිවලා
    මගේ එළිය අද ඔබ පමණී.....

    ජීවිතය ම සතු එකම සුවේ
    හීසර පහරක වෙළෙනු පෙනේ
    මේ ලොව මා සතු ඈ සතු ඒ නෙතු
    අසල්වාසියෙකු සොයනු පෙනේ..

    මා නැත අන් සතු සිත් බිඳලා
    දෑත ම බැඳගෙන ඉඳිමි බලා
    මේ ලොව යම් දවසක අපි වෙන්වෙමු
    රහස් අහස් තලයට පවරා.....

    ගීත රචනය: ප්‍රේමකීර්ති ද අල්විස්
    තනුව, සංගීතය හා ගායනය: වික්ටර් රත්නායක

    ඔබ කඳුළේ උපතයි
    හසරැල් උපත මමයි
    කඳුළ හෝ හසරැල්ලේ
    ඉම අපි ම යි.....

    රැයට අසරණ වෙලා
    හඬන පළඟැටි බලා
    කඳුළු හෝ හසරැලී දකිමු දෝ...
    අවදි වන ලොව බලා
    දොඩන ගිරවුන් සොයා
    කඳුළු හෝ හසරැලී දකිමු දෝ...

    අඳුර අතරට වෙලා
    ඉඳිමු කරුවල බලා
    කඳුළෙනුයි හසරැලී උපන්නේ...
    අඳුර අතරට වෙලා
    ඉඳිමු කරුවල බලා
    කඳුළෙනුයි හසරැලී උපන්නේ...

    පද රචනය : ප්‍රේමකීර්ති ද අල්විස්
    තනුව, සංගීතය සහ ගායනය : ප්‍රියා සූරියසේන
    ------ Post added on Apr 28, 2025 at 10:25 AM

    දෙව්රම් වෙහෙරේ හිමි වැඩ සිටි සමයේ
    මා සිටියා නම්..
    සමිඳුනි ඔබ පිළිසරණ පතා
    මම එමි භව'ඳුරු කතර ගෙවා......

    සහසක් දොම්නස් දුක් ගිනි අතරේ
    දැවෙන මහද සිතුවිලි ගිනි අඳුරේ
    සමිඳ ඔබෙ පිළිරුව දුටු පමණින්
    නිවී නිවී යන අරුමය කිමදෝ......

    ජීවමානවම හිමි දැකගන්නට
    මා නෙත කළ පිං මඳ බව වැටහේ
    එහෙයින් හිමි අනුරුව අබියස සිට
    බවුන් වඩමි මෙත් බුදුන් දකින්නට......

    පද රචනය: ප්‍රේමකීර්ති ද අල්විස්
    තනුව සංගීතය හා ගායනය: වික්ටර් රත්නායක

    *** මෙය ප්‍රේමකීර්ති ද අල්විස් විසින් වික්ටර් රත්නායකයනට ලියන ලද මුල්ම පද මාලාව ලෙස සඳහන් වේ...
    ------ Post added on Apr 28, 2025 at 10:26 AM

    සරතැස නිවා දිවි කතරේ
    ඔබ හමු වුණා මට සොඳුරේ
    දිය ගලනා උල්පත් මව මවා
    සරතැස නිවා දිවි කතරේ
    ඔබ හමු වුණා මට සොඳුරේ

    වියළුණු දෙතොල් සිහිලෙන් තෙමා
    පුබුදා උපුල් නෙත් යුග යොමා
    රන මයුරියක ලෙසින් හද තුළ සැරිසරා....

    සඳවත ඉතින් පල නැහැ ප්‍රියේ
    ඔබෙ වත ළඟින් මගෙ වත තියේ
    හෙට යැයි තවත් දිනක් මට ඇත ඔබ නිසා....

    පද රචනය: ප්‍රේමකීර්ති ද අල්විස්
    තනුව හා සංගීතය: එම්. කේ. රොක්සාමි
    ගායනය: ප්‍රියා සූරියසේන
    ------ Post added on Apr 28, 2025 at 10:27 AM

    දිනෙක රන් සළු පළඳා සඳ නැඟි මේලාවෙන්
    පැමිණ ඔබ ගෙන යමි කුමරියෙ පෙම් දෝලාවෙන්

    ඇසුරු කළ කම්පන හා සැනසිලි පස මිතුරූ
    ගෙවුණු යෞවන විය තනි නොතනියෙ උන් අයුරූ
    නැවත නොලිහෙන ලෙස රැහැනින් බැඳ දා පවුරූ
    සතුට ගෙන දිය හැකි ඔබ හැර ඇති දෝ කවුරූ...

    වියළි මඟ මහ වැලි කාන්තාර පසු කරවා
    පවස සංසිඳවන ලෙස දිය උල්පත් අරවා
    පරව ගිළිහෙන තුරු සියොළඟ කළු සළු පොරවා
    ඔබය දිය යුතු හිස් වන විට දිවි විත පුරවා...

    පද රචනය: ප්‍රේමකීර්ති ද අල්විස්
    තනුව හා සංගීතය: වික්ටර් රත්නායක
    ගායනය: මිල්ටන් මල්ලවාරච්චි
    ------ Post added on Apr 28, 2025 at 10:28 AM

    මඟ තොට දී හමු වෙද්දී
    අපට කතා හැදුණා..
    ලොව කැලඹී ගිනි ගද්දී
    දෙදෙනා කතා කෙරුවා....

    අවදි වෙලා සිත අමුතු හැඟුම්
    සැඟ වී දිනූ පෙම එළි වූ බැවින්
    මුහුණු වසා ගෙන කඳුළු පුරෝගෙන...
    දෙදෙනා බලා සිටියා...

    විසඳී අතීරණ නොසිතූ ලෙසින්
    දෙරටේ විසූ අප එක් වූ බැවින්..
    නැකත උදා වුණ සතුට දරාගෙන...
    කඳුළු කඩා වැටුණා...

    පද රචනය : ප්‍රේමකීර්ති ද අල්විස්
    තනුව සහ සංගීතය : ක්ලැරන්ස් විජේවර්ධන
    ගායනය : මිල්ටන් මල්ලවාරච්චි
    ------ Post added on Apr 28, 2025 at 10:31 AM

    සුන්දරත්වයෙන් පිරි සොඳුරු ම සිහිනේ
    නෙත් දෙකින් අරන් එනු මැන සඳ පානේ..

    මල් ගෙනත් තබා දෝතින් පිළිගන්නයි
    කල් බලා හිඳින්නේ ඔබ ලැබ ගන්නයි
    අල්පයක් තරම් නිදහස රැක ගන්නයි
    කල්පනා ලොවින් එතෙරට ඉගිලෙන්නයි..

    වැහි වළාකුලෙන් පැල්පත සාදන්නයි
    කවුළුවක් ලෙසින් තබන්නෙ දේදුන්නයි
    සුපුරුදු ලෙස යළි ඉර හඳ පායන්නයි
    ඒ මැදින් මගේ සම්පත ගෙට එන්නයි..

    පද රචනය: ප්‍රේමකීර්ති ද අල්විස්
    තනුව හා සංගීතය: වික්ටර් රත්නායක
    ගායනය: මිල්ටන් මල්ලවාරච්චි
    ------ Post added on Apr 28, 2025 at 10:31 AM
     
    Last edited:

    Gal_banisa

    Well-known member
  • Feb 14, 2024
    2,181
    2,515
    113
    Kandakadu
    9———————————————
    ආරොන් මාමා වයසක මිනිහෙකි
    ඉපදුණ අපෙ ගම්මානේ
    මිනිහගෙ ජොබ් එක කේළම් කීමයි
    තැන තැන කඩපිල් ගානේ
    නිතරම හීනෙන් බයවෙල වාගෙයි
    ලේ කඳුළක් නෑ මූණේ
    දවසක් දා කළ වැඩක් කියන්නම්
    අහගන ඉන්න ම ඕනේ...
    ආරොන් මාමා......

    රටේ තොටේ වග තොරතුරු හොය හොය
    දවසක් ගම වට ඇදුණා
    සාතන් අප්පුගෙ ගේ ළඟ දී
    පොඩි කලබලයක හඬ ඇහුණා
    මිනිහා දනි පනි ගන්නා
    බිත්තිය අයිනට දුව පැන්නා
    ජරමර සද්දෙට කණ දීගෙන උන්නා...
    ආරොන් මාමා......

    ගහපිය මරපිය ඔලුවට කොටපිය
    පාලි සංස්කෘතත් කිව්වා
    සාතන් අප්පුගෙ කොලුවා දුව පැන
    යකඩ පොල්ලකුත් හෙව්වා
    කිසි සැකයක් දැන් නෑනේ
    මිනිහෙක් මැරුවා වාගෙයි නේ
    මුළු ගමට ම අඬ බෙර ගහමින් දිව්වා...
    ආරොන් මාමා......

    සාතන් අප්පු මිනිහෙක් මැරුවා
    ආරොන් ඩොලාට කිව්වා
    ඩොලා ජෙමාලට ජෙමාල ජොසීට
    ජොසීල ඇගීට කිව්වා
    ගම ම කුලප්පුව දිව්වා
    සාතන් අප්පුව හැම හෙව්වා
    කඩු පොලු අරගෙන ගෙය වැටලෙව්වා...
    ආරොන් මාමා......

    කාවද මැරුවේ කියපිය කියලා
    සාත ව අල්ල ල ඇහුවා
    මිනිහා හිනැහී මරාපු පොළඟෙක්
    ගෙයි මැද සාලෙන් තිව්වා
    ඔලුවට ගැහුවේ මූගේ
    මූ හිටියේ ඇඳ යට මාගේ
    ගැහි ගැහි කුකුළෙක් වාගේ
    ආරොන් පැන දිව්වා...

    පද රචනය : ප්‍රේමකීර්ති ද අල්විස්
    තනුව සහ සංගීතය : ෂෙල්ටන් පෙරේරා
    ගායනය : ෆ්‍රෙඩී සිල්වා

    10———————————-
    ඔබෙ සිත මගේ ළඟයි
    වෙනස් කමක් නැතේ...
    සඳුන් ගසක වෙළෙන විලස
    මියුලැස නිදනු උරතලේ...
    ඔබෙ සිත මගේ ළඟයි
    වෙනස් කමක් නැතේ...
    සමන් වැලක් එතෙන විලස
    උරතල වටා සිත වෙළේ...
    ඔබෙ සිත මගේ ළඟයි
    වෙනස් කමක් නැතේ...
    මගෙ සිත මගේ ළඟයි
    කිසි වෙනස් කමක් නැතේ...

    වැල්මී කැලේ ගිරව් තුරුළු වී
    මුමුණන රහස් කතා ඇසේ දෝ...
    කිව මැන හො හො හෙ හේ
    කිව මැන සවනෙ මුව තියා
    ඔබෙ සිත මගේ ළඟයි
    වෙනස් කමක් නැතේ...
    මගෙ සිත මගේ ළඟයි
    කිසි වෙනස් කමක් නැතේ...

    අසිපත් හෙළා කවුද බිඳින්නේ
    ඔබ සෙවණතේ මම ද රජෙක් නේ...
    රැජිනියෙ හො හො හෙ හේ
    මගෙ යස ඉසුරු ඔබ සතුයි
    මගෙ සිත ඔබේ ළඟයි
    වෙනස් කමක් නැතේ...
    මගෙ සිත මගේ ළඟයි
    කිසි වෙනස් කමක් නැතේ...

    සැඟවී ඉමී මනෝ විමානේ හෝ
    හඳුනන බහක් සවන් සොයා වී...
    සඳවත හො හො හෙ හේ
    සඳවත පරදවන රුවින්
    ඔබෙ සිත මගේ ළඟයි
    වෙනස් කමක් නැතේ...
    සමන් වැලක් එතෙන විලස
    උරතල වටා සිත වෙළේ...

    පද රචනය : ප්‍රේමකීර්ති ද අල්විස්
    සංගීතය : පී. එල්. ඒ. සෝමපාල
    ගායනය : එච් . ආර්. ජෝතිපාල සහ ඇන්ජලීන් ගුණතිලක
    ------ Post added on May 3, 2025 at 5:32 PM

    11————————————
    මලක් නෙළා ගෙනැවිත් බුදු සාදුට පිදුවා
    ඒ දැක බුදු සාදු මදෙස හෙමිහිට බැලුවා
    බොරුවක් නොව මේ කියන්නෙ ඇත්ත ම ඇත්තෙන්
    මේ මල මම නෙළා ගත්තෙ මගෙ මල් ගහකින්
    නොදැනෙන නොහැඟෙන හින්දයි මේ විමසන්නේ
    ඉතින් තවම ඇයි ඔබ මා දැක හිනැහෙන්නේ

    ගිය ඉරිදා ඉස්කෝලේ එන්න බැරි වුණේ
    ලොකු අම්මා එක්කල මම නුවර ගියානේ
    බොරුවක් නොව මේ මම ඇත්තයි පවසන්නේ
    ඉතින් තව ම ඇයි හිමි මා දෙස හිනැහෙන්නේ

    අමුතු හිනාවකි හිමි ඔබ මවෙත හෙලන්නේ
    මා ගැන හොඳ හැටි දන්නා බවකි කියන්නේ
    සමාවන්න හිමියනි බොරු නොකියමි හිතකින්
    නෙළා ගත්තෙ මේ මල නංගි ගෙ මල් ගසකින්

    දරුවන් වෙත දෙනෙත් හෙළා හිමි වැඩ ඉන්නේ
    හොර බොරු කිසි දින නොකරනු මැනැවි ළමයිනේ..

    පද රචනය : ප්‍රේමකීර්ති ද අල්විස්.
    තනුව සහ සංගීතය : වික්ටර් රත්නායක
    ගායනය : පේෂලා මෙන්ඩිස්
    ------ Post added on May 3, 2025 at 5:39 PM

    12—————————-
    සුනිල වලා සළුපිලි පටලා....
    සුනිල වලා සළුපිලි පටලා....
    ගුවන් කුමාරිය සිරින් උදාරිය
    නංවයි මුකුළු සිනා.....

    රැල් වැල් නැඟ සාගරේ
    ගයා වයයි ගීතේ.....
    සෙල්ලම් සිත පා කෙරේ
    වැදී සුළං සීතේ........

    මල් මල් ලලනාවියෝ
    නුරා රැඟුම් පාලා.....
    මන් මත් කරලා ගියෝ
    නෙතේ අඳුන් ගාලා......

    පද රචනය : ප්‍රේමකීර්ති ද අල්විස්
    තනුව සහ සංගීතය : සරත් දසනායක
    ගායනය : එච්. ආර්. ජෝතිපාල
    ------ Post added on May 3, 2025 at 5:41 PM

    13———————————
    කිරි සයුරේ රැල් උතුරන හසරැල්
    දෙතොලේ මවා දී හීන් සීරුවේ...
    පිපෙන නෙළුම් මල් පරිදි සියළු කල්
    හද විල් තලාවේ ඔබේ වත පෙනේ...

    පළිඟු පළන්දා ගෙල සරසාලා
    තිලකය ඇන්ඳා නළලත පිසලා
    සේලය පටළා ළැම හස තුරුලේ
    කවුරු නිසාදෝ...

    මැණික් රිදී රන් මා අත නැත්තේ
    උතුම් ආදරේ පමණකි ඇත්තේ
    එය කවුරුත් නෑ තව පිළිගත්තේ
    එය ඔබටයි දෝ...

    පද රචනය : ප්‍රේමකීර්ති ද අල්විස්
    තනුව සංගීතය සහ ගායනය : ප්‍රියා සූරියසේන
    ------ Post added on May 3, 2025 at 5:42 PM
     
    Last edited:
    • Like
    Reactions: reuse

    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,043
    1
    8,880
    113
    -~උලක් උඩ-~
    1.සඳ කැන් වැසිලා අඳුරේ එතිලා✅
    2. මලක් නෙළා ගෙනැවිත් බුදු සාදුට පිදුවා ✅
    Music helps bigtime!
     
    • Like
    Reactions: Gal_banisa

    Gal_banisa

    Well-known member
  • Feb 14, 2024
    2,181
    2,515
    113
    Kandakadu
    14—————————
    පාන් කිරිත්තා තක්කිට තරිකිට
    උඩ පැන පැන නටතෙයි
    පාන් කිරිත්තී රබාන අරගෙන
    කර බාගෙන වයතෙයි...
    උන්ගේ පැටවුන් වටේට ඉඳඟන
    දෑතින් හඬ තලතෙයි
    මේවා බල බල තනි කෑදැත්තෙක්
    කීචි බීචි කියතෙයි...

    පාන් කිරිත්තා තමන්ගෙ පාඩුවෙ
    නැටුම පටන්ගත්තේ
    අහල පහළ කිසිවෙකුටත් ඒකෙන්
    හිරිහැරයක් නැත්තේ...
    කොහේද ඉඳ පැමුණුනු කෑදැත්තා
    වහලා අර අත්තේ
    උන්ගේ නැටුමට බාධා කරමින්
    ගීය පටන්ගත්තෙ...

    පාන් කිරිත්තා නැටුම නවත්තා
    කේන්තියෙන් ආවා
    කෑදැත්තාගේ කළු අත්තටුවෙන්
    අල්ලා සෙලවූවා...
    ඊට පස්සෙ ඌ සට සට ගාලා
    මොන මොනවද කීවා
    ළඟට කිට්ටු වී මා ද ගොළු වතින්
    ඊට සවන් පෑවා...

    අනුන්ගෙ වැඩ ගැන විවේචනය
    කර කර ඉන්නවට වඩා
    තමන් දන්න දේ හරියට කරපන්
    කියලා කීය හඬා......

    පද රචනය: ප්‍රේමකීර්ති ද අල්විස්
    තනුව හා සංගීතය: වික්ටර් රත්නායක
    ගායනය: ෆ්‍රෙඩී සිල්වා

    15 සිතුම් පැතුම් සඳ ආදරේ ------------------

    වර්ෂ 1971 තිරගත වෙනවා "අබිරහස". නිමල් වීරක්කොඩිගෙ නිශ්පාදනයෙන් නිමලවීර චිත්‍රපට තමා එය ඉදිරිපත් කරන්නෙ.. ලෙනින් මොරායස් අධ්‍යක්ෂණය කල පට්ට ෆිලුමක්..ඒකේ තියෙනවා "තුම්සෙ අච්චා කෝන් හේ" හින්දි චිත්‍රපටියේ ශංකර් ජායි කිෂන් තනු නිමැවූ "ජනම් ජනම් කා සාත්" ගීතයෙ තනුවට අපේ කතානායකවරයා වන රේමකීර්ති ද අල්විස් පද රචනය කල පී. එල්. ඒ. සෝමපාල සංගීතවත් කල චිත්‍රපට පසුබිම් ගායනයේ පතාක යෝධයෙක් වන එච්. ආර්. ජෝතිපාල සහ ඇන්ජලින් ගුණතිලක ගායනා කල මෙම ගීතය..

    සිතුම් පැතුම් සඳ ආදරේ උදාවේ දෝ
    මහදේ සොඳුරු අහසේ අනාගතේ...
    සිතුම් පැතුම් සඳ ආදරේ උදාවේ වා
    මහදේ සොඳුරු අහසේ අනාගතේ...

    පැණි සොයමින් බඹරුන් එනවා
    පැණි බී යළි උන් ඉගිලෙනවා...
    පැණි සොයමින් බඹරුන් එනවා
    පැණි බී මල වට ඉගිලෙනවා...

    තනි වුණු කතරක මා ඉන්නේ
    කෙලෙස ද පිය මැන පිටවන්නේ...
    තනි වුණු කතරක මා ඉන්නේ
    ඔබ සමඟිනි මා පිටවන්නේ...

    හදවත විල් දිය චංචල වේ
    ගැඹුරට මගෙ නෙත සිත යොමුවේ...
    හදවත විල් දිය චංචල වේ
    ගැඹුරෙහි වැලි මත මුතු හමුවේ...

    සැතපෙන කල දුටු නිදි යහනේ
    එළි වෙයි දෝ රෑ දුටු සිහිනේ...
    සැතපෙන කල දුටු නිදි යහනේ
    එළිවෙනවා රෑ දුටු සිහිනේ...
    ------ Post added on May 6, 2025 at 12:26 PM
     

    Gal_banisa

    Well-known member
  • Feb 14, 2024
    2,181
    2,515
    113
    Kandakadu
    16 මේ නගරය-----------------

    ප්‍රේමකීර්ති ද අල්විස් මහතා විසින් රචිත "මේ නගරය" මර්වින් පෙරේරා මහතාගේ තනුව, සංගීතයෙන් යුතු ජනප්‍රිය ගීතයකි

    මේ නගරය මා ඔබ
    මුණ ගැසුණු නගරයයි
    මේ නගරය මා ඔබ
    වෙන් කෙරුණු නගරයයි

    වැව් ඉවුරේ දිය රැල පෙර සේ ම බිඳෙනවා
    නුග ගස් පෙළ අප නැතුවත් තව දළු ලනවා
    සරසවි බිම කඳුරැල්ලෙන් එතෙර පෙනෙනවා
    ඔබත් එක්ක ආයෙත් එහි යන්න හිතෙනවා

    ඔබ අත ගෙන ගිය වීදියෙ ඈ හා යනවා
    සිඟිති පුතා අතැඟිල්ලක එල්ලී එනවා
    ඒ කාලේ පැතූ පැතුම් යළි සිහි වෙනවා
    ජීවිතයම හීනයකැයි කියා සිතෙනවා..

    17------සරතැස නිවා දිවි කතරේ-----

    සරතැස නිවා දිවි කතරේ
    ඔබ හමු වුණා මට සොඳුරේ
    දිය ගලනා උල්පත් මව මවා
    සරතැස නිවා දිවි කතරේ
    ඔබ හමු වුණා මට සොඳුරේ

    වියළුණු දෙතොල් සිහිලෙන් තෙමා
    පුබුදා උපුල් නෙත් යුග යොමා
    රන මයුරියක ලෙසින් හද තුළ සැරිසරා....

    සඳවත ඉතින් පල නැහැ ප්‍රියේ
    ඔබෙ වත ළඟින් මගෙ වත තියේ
    හෙට යැයි තවත් දිනක් මට ඇත ඔබ නිසා....

    පද රචනය: ප්‍රේමකීර්ති ද අල්විස්
    තනුව හා සංගීතය: එම්. කේ. රොක්සාමි
    ගායනය: ප්‍රියා සූරියසේන
    ------ Post added on May 7, 2025 at 3:30 PM
     
    • Like
    Reactions: reuse