ප්‍රොජෙක්ටරයක් කතා කරයි

ncbrando

Member
Jan 31, 2014
838
115
0
ප්‍රොජෙක්ටරයක් කතා කරයි


ප්‍රොජෙක්ටරයක් කතා කරයි

රීල් අතර නිති එතෙනා
රෝල්වෙනා ජීවිතයක
පටි තද කර නුඹ සනසන
ප්‍රොජෙක්ටරේ මමයි සබඳ

ඉස්සර නම් වැඩ බෝමැයි
දැන් නම් මම නිති වැළපෙයි
කැම්පස් ළමයින් ආවම
ටිකක් විතර පාළු මැකෙයි

ඉස්සර මං එක්ක හිටපු
කොකා පෙන්න පෙන්න ගියපු
යාළුවො සේරම ආයෙත්
එකටම අද පැන්ෂන් විත්

අපි නොදැක්ක මූණූ ගොඩක්
අද එළියේ රජ කරනවා
ඉස්සර අපි දුටු හැමෝම
සොහොන් කොතක වැජඹෙනවා

රූප මැවුව රීල් කොල්ලො
අද ඔක්කොම මහළු වෙලා
ඒත් අදත් මැරෙන්න නෑ
උන් ඔක්කොම හිර කරලා

සමහර අය තාමත් වැඩ
ඉස්සර වාගේම නැතිමුත්
හෙමින් හෙමින් බැරි බර හැම
පුරුද්දටම දුවවනවා

පඩි නැති ජීවිතෙන් අපේ
පඩියක් ගෙන සොච්චම් දී
අලුත් ප්‍රොජෙක්ටර් මල්ලිට
ඉඩදී එළවයිද අපිව

මාලන් විදානපතිරණ


(අධ්‍යයන කටයුතුවලට කැලණිය සරසවි චිත්‍රාගාරයට ගොස් ආපිට එද්දී ලියැවුණු පද පෙළකි)