Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
History
පාතාලයකුගේ අවසානය නෙළුවේ ප්‍රියන්ත
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

නෙළුවේ ප්‍රියන්තගේ අපරාධවලට එරෙහි වූ ප්‍රතිවිරුද්ධ කණ්ඩායමක් ඔහු මරා දැමීමට සැලසුම් සකස් කරමින් සිටියහ. ඒ බව කල්තියාම නෙළුවේ ප්‍රියන්තට දැනගන්න ලැබුණේ ඔත්තුකරුවන්ගේ මාර්ගයෙන්ය. තමන් මරා දැමීම සඳහා කිතුල්කොටේ පදිංචිකරුවකු වන ගුණසිංහ බස්නායක නොහොත් බණ්ඩා යන අය ටී. 56 ගිනි අවි 4 ක් ළඟ තබාගෙන සිටි බවට තොරතුරක් නෙළුවේ ප්‍රියන්තට ලැබිණි.

2002 වර්ෂයේ ජුනි මස 6 වැනිදා රාත්‍රි නෙළුවේ ප්‍රියන්ත සිය සගයන් වන සුනිල් රාමනායක, කරත්ත රාජා, මොරයායේ පුංචි අයියා සමඟ ගොස් බණ්ඩාගේ නිවස වැටලූහ. ඒ වන විට කුඩා දැරියක් ඇතුළු පස්දෙනකු ඒ නිවසේ වූහ. නෙළුවේ ප්‍රියන්ත ඇතුළු සගයන්ගේ ගිනිඅවි සැනෙකින් ක්‍රියාත්මක විය.

පුංචි දැරිය ඇතුළු පස්දෙනාම ඝාතනය කළ මේ අධම පාපතරයා ඇතුළු සගයන් නිරුපද්‍රිතව පලා ගියහ. පෞද්ගලික ප්‍රශ්නයක් මත බුරුත ගස් ගොඩැල්ලේ සුද්දා යන අය වෙඩි තබා කපා කොටා ඝාතනය කිරීම ද නෙළුවේ ප්‍රියන්ත ඇතුළු සගයන් කළ තවත් අපරාධයකි. 2002 වර්ෂයේදී අම්බලන්තොට සිගරැට් ඒජන්සියේ මුදල් බැංකුවේ තැන්පත් කිරීමට රැගෙන යද්දී මඟ රැක සිටි නෙළුවේ ප්‍රියන්ත ඇතුළු සගයන් රුපියල් 16 ලක්ෂයක මුදලක් කොල්ලකෑහ.

මේ ආකාරයට නෙළුවේ ප්‍රියන්ත වසර 23 ක් තිස්සේ සිදුකළ අපරාධ ප්‍රමාණය අති විශාලය. මිනී මැරුම් සම්බන්ධ චෝදනා 80 කට ආසන්න ප්‍රමාණයක් ඇති sබව පරීක්ෂණවලින් අනාවරණය විය.

2000 වර්ෂය පමණ වන විට නෙළුවේ ප්‍රියන්ත සුපිරි ධනවතකු බවට පත්ව සිටියේය. එවකට දකුණු පළාතේ ඇතැම් උසස් පොලිස් නිලධාරීන් මෙන්ම පහල ශ්‍රේණිවල නිලධාරීහු ද නෙළුවේ ප්‍රියන්ත ළඟින් ඇසුරු කළහ.

ඔවුන් වෙනුවෙන් අත දිගහැර මුදල් වියදම් කිරීමට ප්‍රියන්ත කිසිවිටෙකත් පසුබට වුණේ නැත. පොලිස් නිලධාරීන්ගේ ආශීර්වාදය රැකවරණය මත නෙළුවේ ප්‍රියන්ත සිය ජාවාරම් ඉතාම සාර්ථක ලෙස කරගෙන ගියේය.

බඹරගල වනාන්තරයේ ඇති හරක් ගාල්වල ගවයන් මසට ප්‍රවාහනය කිරීමට අමතරව ගව ගාලේ මස් මඩුවක් පවත්වාගෙන යැමට නෙළුවේ ප්‍රියන්ත කටයුතු කළේය. මෙම ගව ඝාතකාගාරයේදී ගවයන් මරා දැම්මේ උන්ගේ හිසට වෙඩි තබාය. එහිදී ගවයන් මරා මස් කර අධිශීතකරණ සවිකළ ලොරිවලින් ගවමස් කොළඹට ප්‍රවාහනය කිරීමේ ව්‍යාපාරයක් ද නෙළුවේ ප්‍රියන්ත කරගෙන ගියේය. ඊට ඇතැම් පොලිසිවලින් ද ලැබුණේ නොමඳ සහායකි. 1997 වර්ෂයේදී තණමල්විල පොලිසියට අලුතින් ස්ථානාධිපතිවරයකු වැඩ බාර ගත්තේය. පොලිස් පරීක්ෂක දේවප්‍රිය ජයසිංහ මහතා කලක් විශේෂ කාර්ය බළකායේද රාජකාරි කළ අපක්ෂපාතීව නීතියට වැඩ කරන නිලධාරියකු ලෙස ඔහු ප්‍රසිද්ධය.

දේවප්‍රිය ජයසිංහ මහතා (මේ වන විට සහකාර පොලිස් අධිකාරිවරයෙකි.) තණමල්විල ස්ථානාධිපතිවරයා ලෙස වැඩ භාර ගැනීමෙන් පසු ඔහුගේ මුල්ම රාජකාරිය වූයේ නෙළුවේ ප්‍රියන්ත මට්ටු කිරීමය.

ඒ වන විට නෙළුවේ ප්‍රියන්තට එරෙහිව පොලිසිය වෙත කිසිදු පැමිණිල්ලක් ලැබී නොතිබිණි. ඔහුට ඇති බිය නිසා කිසිවෙකුත් ඔහුට එරෙහිව පැමිණිලි කිරීමට ඉදිරිපත් වුණේ නැත.

මුළු පළාතම භීතියට පත් කර ගෙන මහ දවල් විවිධ අපරාධ කරන මේ පුද්ගලයා වැඩිකල් නොගොස් මට්ටු කිරීමට දේවප්‍රිය ජයසිංහ මහතා සැලසුම් කළේය. අලුතින් ආ ස්ථානාධිපතිවරයා තමන් වෙත නම්මවා ගැනීමට නෙළුවේ ප්‍රියන්ත නොගත් උත්සාහයක් නැත. එහෙත් ඔහු සිය ග්‍රහණයට ගැනීම අපහසු බව ප්‍රියන්තට තේරුම් ගොස් තිබිණි. දිනක් නෙළුවේ ප්‍රියන්තට දේවප්‍රිය ජයසිංහ මහතා මුණගැසිනි. ඒ සූරියවැව අධිකරණයේදීය. ප්‍රියන්ත දේවප්‍රිය ජයසිංහ මහතා සමීපයට පැමිණ කතා කළේය

"සර්........ අපට කරදර කරන්න එපා. අපි සර්ව බලාගන්නම්. මෙහෙට එන ඕ. අයි. සී. මහත්තුරුන්ව අපි හොඳට බලාගන්නවා."

නෙළුවේ ප්‍රියන්ත කීවේය.

"තමුසෙ මාව බලාගන්න ඕනෙ නැහැ. අහිංසක මිනිස්සුන්ට කරදර නොකර හොඳ මිනිහෙක් වෙන්න බලනවා. නීති විරෝධී දේවල් කරන්න ගියොත් මගේ කිසිම සමාවක් නැහැ."

නෙළුවේ ප්‍රියන්තව ගණනට නොගත් දේවප්‍රිය ජයසිංහ මහතා කීවේය. ප්‍රියන්තගේ ක්‍රියාකාරකම් සෙවීමට ඔත්තුකරුවන් යෙදවූ දේවප්‍රිය ජයසිංහ මහතා ඔහුගේ නීති විරෝධී කටයුතු මැඬලීමට සෑම උත්සාහයක්ම ගත්තේය.

ඒ වන විට පොලිසියේ සිටි නිලධාරීන්ගෙන් වැඩිදෙනකු නෙළුවේ ප්‍රියන්තගෙන් යෑපෙන්නන් බවට පත්ව සිටි නිසා ප්‍රියන්තගේ විෂමාචාර ක්‍රියාවන් සොයා ගැනීම දේවප්‍රිය ජයසිංහ මහතාට ලෙහෙසි පහසු කටයුත්තක් නොවීය. නෙළුවේ ප්‍රියන්තගේ ගෝලයකු සිය ඔත්තුකරු ලෙස පාවිච්චි කිරීමට දේවප්‍රිය ජයසිංහ මහතාට හැකි විය. දිනක් ඒ ඔත්තුකරු වැදගත් තොරතුරක් ගෙන ආවේය.

"සර්..... අද රෑට ප්‍රියන්ත අයියා ඉන්නේ නෙළුවෙ ගෙදර. රෑට ආයුධ ගොඩක් එහෙට ගේනවා. හැබැයි පාන්දර වෙනකොට එයාගෙ කට්ටිය ඇවිත් ඒ ආයුධ සේරම අරගෙන යනවා. ඊට ඉස්සර ගියොත් මිනිහව අල්ලගන්න පුළුවන්." ඔත්තුකරුගෙන් ලැබුණු තොරතුර ඉතාම වැදගත් එකක් විය. පසුදින අලුයම නෙළුවේ පිහිටි ප්‍රියන්තට අයත් නිවස වැටලීමට දේවප්‍රිය ජයසිංහ මහතා සැලසුම් කළේය. එහෙත් මේ පිළිබඳව පොලිසියේ නිලධාරීන්ට නොකීමට ස්ථානාධිපතිවරයා වගබලා ගත්තේය. එසේ වූයේ නම් මෙම මෙහෙයුම පිළිබඳව තොරතුරු කලින්ම නෙළුවේ ප්‍රියන්ත අතට පත්වන බව ජයසිංහ මහතා හො¹කාරවම දැන සිටි බැවිනි. පසුදා අලුයම 4.00 ට පමණ ප්‍රියන්තට අයත් නෙළුව ප්‍රදේශයේ පිහිටි නිවස වටකළ දේවප්‍රිය ජයසිංහ මහතා ඇතුළු නිලධාරීන් එහි කඩා පැන්නාහ.

ඔත්තුකරු ලබා දුන් තොරතුරු සියල්ල සත්‍ය ඒවා විය. නෙළුවේ ප්‍රියන්තගේ නිවසේ සහ ගෙවත්තේ ස්ථාන කීපයක ටී. 56 ගිනි අවියක්, පිස්තෝලයක්, ගල් කටස් තුවක්කු 2 ක්, අත්බෝම්බයක් ඇතුළු තවත් ආයුධ කීපයක් සඟවා තිබියදී පොලිසිය සොයා ගත්තේය. අවි ආයුධත් සමඟ අත්අඩංගුවට ගත් නෙළුවේ ප්‍රියන්ත තණමල්විල පොලිසිය වෙත රැගෙන ආහ. පොලිසියේ සිර මැදිරියේ මොහු රඳවා සිටිද්දී ඇතැම් පොලිස් නිලධාරීන් හොරගල් අහුලමින් සිටියේ ප්‍රියන්ත සමඟ පවත්වන හිතවත්කම් හෙළිදරව් වෙතැයි ඇති වූQ බිය නිසාය.

එවකට දකුණු පළාතේ සිටි පොලිස් ලොක්කෙකු (මේ වන විට විශ්‍රාම ගොස් සිටියි) නෙළුවේ ප්‍රියන්ත අත්අඩංගුවට ගැනීමෙන් පසු උරණ වූයේය. රඳවා තබා ගැනීමේ නියෝග මත තබාගෙන ඔහුගෙන් ප්‍රශ්න කිරීමට පවා ඉඩ නොදුන් මේ පොලිස් ලොක්කා ප්‍රියන්ත අධිකරණයට ඉදිරිපත් කරන ලෙස බලපෑම් කළේය.

නෙළුවේ ප්‍රියන්ත අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු බන්ධනාගාරගත කෙරිණි. මසකට වරක් බන්ධනාගාරයේ සිට මොහු සූරියවැව අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට ගෙන ආවේය. බන්ධනාගාර නිලධාරීන්ට ද අත දිගහැර මුදල් වියදම් කිරීම නිසා ඔවුන් සියලු දෙනා නෙළුවේ ප්‍රියන්තගේ ගැත්තන් බවට පත්ව සිටියහ.

සූරියවැව අධිකරණය වෙත රැගෙන යද්දී බන්ධනාගාර බස් රථය නෙළුවේ පිහිටි ප්‍රියන්තගේ නිවසට ගොස් ආහාරපාන වලින් සප්පායම් වී යැමට ද අමතක නොකළහ. නීති රීති කිසිවක් නෙළුවේ ප්‍රියන්තට එරෙහිව ක්‍රියාත්මක වුණේ නැත. මාස කීපයක් තිස්සේ බන්ධනාගාරගතව සිට ඇප මත මුදා හැරීමෙන් පසු ප්‍රියන්ත නැවතත් තණමල්විලට ආවේය. දින කීපයක් ගත වන්නට පෙර තමන්ට උදව් උපකාර කළ දකුණේ පොලිස් ලොක්කා මුණගැසීමට යැමට නෙළුවේ ප්‍රියන්ත අමතක කළේ නැත. මස් කළ වල් ඌරකු සහ සුරතලයට ඇති කිරීමට වල් ඌරු පැටවුන් දෙදෙනෙකු මේ පොලිස් ලොක්කා වෙත දොල පිදේනි ලෙස රැගෙන යැමට ද නෙළුවේ ප්‍රියන්ත අමතක කළේ නැත.

තමන්ට එරෙහි වී සිටින තණමල්විල පොලිස් ස්ථානාධිපති දේවප්‍රිය ජයසිංහ මහතා මරා දැමීමට නෙළුවේ ප්‍රියන්ත සැලසුම් කළේ ඔහුගෙන් කිසිම ගැලවීමක් නැති බව හො¹කාරව දැන සිටි නිසාය.

ඒ වන විට උරණ වී සිටි දකුණේ පොලිස් ලොක්කා දේවප්‍රිය ජයසිංහ මහතා තණමල්විල පොලිසියෙන් මාරු කර යෑවීමට කටයුතු කළේය.

පසුගිය අප්‍රේල් මාසයේ 8 වැනිදා සිය විරුද්ධවාදියකු වූ අමරේ නමැත්තා පරලොව යෑවීමට නෙළුවේ ප්‍රියන්ත ඇතුළු ගෝල බාලයන් සැලසුම් කළහ. අමරේ ඉලක්ක කර වෙඩි ප්‍රහාර 28 ක් එල්ල කළ ද ඔහුට කිසිම ආකාරයක තුවාලයක් හෝ සිදු කිරීමට නොහැකි විය.

මේ අතර නෙළුවේ ප්‍රියන්ත අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් විශේෂ කාර්ය බළකායේ බුද්ධි අංශ පරීක්ෂණ ආරම්භ කළහ. විශේෂ කාර්ය බළකායේ අණදෙන නිලධාරී නියෝජ්‍ය පොලිස්පති ආර්. එම්. ඩබ්ලිව් එම්. සී. රණවක මහතාගේ උපදෙස් මත සහකාර පොලිස් අධිකාරිවරයකුගේ ප්‍රධානත්වයෙන් යුත් බුද්ධි අංශ විශේෂ කණ්ඩායමක් තණමල්විල ප්‍රදේශයට ගියහ.

පොලිස් විශේෂ කාර්¨ය බළකායේ සහකාර පොලිස් අධිකාරි සිල්වෙස්ටර් විඡේසිංහ මහතා මෙම මෙහෙයුම සම්බන්ධීකරණය කළේය.

බුද්ධි අංශයේ නිලධාරීන් 20 දෙනකු වෙස්වළාගෙන තණමල්විල ප්‍රදේශයට පැමිණ විවිධ රැකියාවල නිරත වූහ.

තම ජීවිතයට තර්ජනයක් තිබෙන බව හොඳින් දැන සිටි නෙළුවේ ප්‍රියන්ත කිසි විටෙකත් ප්‍රසිද්ධියේ පෙනී සිටියේ නැත. සියලු ආරක්ෂක ක්රමෝපායයන් ඔහු අනුගමනය කළේය.

වෙස්වළාගෙන තණමල්විලට පැමිණි විශේෂ කාර්ය බළකා බුද්ධි අංශ නිලධාරින් ගව පට්ටි බලා ගැනීමට, කුලී වැඩ කිරීම, හේන් කෙටීම ඇතුළු විවිධ රැකියාවල නිරත වෙමින් නෙළුවේ ප්‍රියන්ත පිළිබඳ තොරතුරු සෙවීම ආරම්භ කළහ.

මාස 2 කට ආසන්න කාලයක් තිස්සේ තොරතුරු රැස් කිරීමෙන් පසු නෙළුවේ ප්‍රියන්ත අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම ආරම්භ කළහ. නෙළුවේ ප්‍රියන්ත තණමල්විල ප්‍රදේශයේ ගම්මානයක පදිංචි කාන්තාවක් සමඟ අනියම් ඇසුරක් පවත්වාගෙන ගියේය. මාසයකට දෙතුන් වතාවක් මොහු තනිවම එම කාන්තාව මුණ ගැසීමට එන බව විශේෂ කාර්ය බළකාය සොයා ගත්හ.

ඒ අවස්ථාවේදී මොහු අත්අඩංගුවට ගැනීමට විශේෂ කාර්ය බළකාය සැලසුම් කළහ. ඒ සැලසුම නියම ආකාරයෙන් ම ක්‍රියාත්මක විය. නෙළුවේ ප්‍රියන්ත යතුරු පැදියක නැඟී සිය අනියම් බිරිඳගේ නිවසට එද්දී එහි රැක සිටි විශේෂ කාර්ය බළකා බුද්ධි නිලධාරීන් විසින් අත්අඩංගුවට ගත්හ.

නෙළුවේ ප්‍රියන්තගෙන් ප්‍රශ්න කිරීම ඇරඹුණේ ඉන් පසුවය. වසර 23 ක් තිස්සේ කළ අපරාධවලින් මිනීමැරුම් 25 ක් පිළිබඳව තොරතුරු මොහු හෙළිදරව් කළේය. ඒ වන විට නෙළුවේ ප්‍රියන්ත සතුව අවි ආයුධ විශාල ප්‍රමාණයක් තිබිණි. ඒ ආයුධ සියල්ල ස්ථාන කීපයක සඟවා තබා ඇති බව ඔහු හෙළිදරව් කළේය.

ආයුධ සෙවීම සඳහා විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් ඔහු සූරියවැව ප්‍රදේශයට රැගෙන ආහ. එහිදී නෙළුවේ ප්‍රියන්ත සඟවා තිබූ පිස්තෝලයක් ගෙන පොලිස් නිලධාරීන්ට වෙඩි තැබීමට උත්සාහ කළේය. එහිදී විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් සිදුකළ වෙඩි තැබීමෙන් නෙළුවේ ප්‍රියන්ත අවසන් ගමන් ගියේය. තණමල්විල ප්‍රදේශයට පමණක් නොව මුළු දකුණු පළාතටම මහා පිළලයක් බවට පත්ව සිටි නෙළුවේ ප්‍රියන්ත ඝාතනය කිරීමේ පුවත සැල වූ වහාම ප්‍රදේශවාසීහු රතිඤ්ඤා පත්තු කරමින් ප්‍රීති වූහ. පොලිස් විශේෂ කාර්ය බළකාය කළ මෙහෙවර අගය කරමින් ඔවුන් සුබ පතා බැනර් පෝස්ටර් ප්‍රදර්ශනය කළහ. විසිතුන් වසරක් තිස්සේ දකුණේ අහිංසක ජනතාව භීතියට පත්කරගෙන සිටි මේ පාතාල කෙරුමාට සිදුවූයේ ද රටේ නමගිය අපරාධකරුවන් සියලු දෙනාටම අත්වූ ඉරණමය.

[QUOTE="Dead Cupid, post: 28248545, member: 118969"] නෙළුවේ ප්‍රියන්තගේ අපරාධවලට එරෙහි වූ ප්‍රතිවිරුද්ධ කණ්ඩායමක් ඔහු මරා දැමීමට සැලසුම් සකස් කරමින් සිටියහ. ඒ බව කල්තියාම නෙළුවේ ප්‍රියන්තට දැනගන්න ලැබුණේ ඔත්තුකරුවන්ගේ මාර්ගයෙන්ය. තමන් මරා දැමීම සඳහා කිතුල්කොටේ පදිංචිකරුවකු වන ගුණසිංහ බස්නායක නොහොත් බණ්ඩා යන අය ටී. 56 ගිනි අවි 4 ක් ළඟ තබාගෙන සිටි බවට තොරතුරක් නෙළුවේ ප්‍රියන්තට ලැබිණි. 2002 වර්ෂයේ ජුනි මස 6 වැනිදා රාත්‍රි නෙළුවේ ප්‍රියන්ත සිය සගයන් වන සුනිල් රාමනායක, කරත්ත රාජා, මොරයායේ පුංචි අයියා සමඟ ගොස් බණ්ඩාගේ නිවස වැටලූහ. ඒ වන විට කුඩා දැරියක් ඇතුළු පස්දෙනකු ඒ නිවසේ වූහ. නෙළුවේ ප්‍රියන්ත ඇතුළු සගයන්ගේ ගිනිඅවි සැනෙකින් ක්‍රියාත්මක විය. පුංචි දැරිය ඇතුළු පස්දෙනාම ඝාතනය කළ මේ අධම පාපතරයා ඇතුළු සගයන් නිරුපද්‍රිතව පලා ගියහ. පෞද්ගලික ප්‍රශ්නයක් මත බුරුත ගස් ගොඩැල්ලේ සුද්දා යන අය වෙඩි තබා කපා කොටා ඝාතනය කිරීම ද නෙළුවේ ප්‍රියන්ත ඇතුළු සගයන් කළ තවත් අපරාධයකි. 2002 වර්ෂයේදී අම්බලන්තොට සිගරැට් ඒජන්සියේ මුදල් බැංකුවේ තැන්පත් කිරීමට රැගෙන යද්දී මඟ රැක සිටි නෙළුවේ ප්‍රියන්ත ඇතුළු සගයන් රුපියල් 16 ලක්ෂයක මුදලක් කොල්ලකෑහ. මේ ආකාරයට නෙළුවේ ප්‍රියන්ත වසර 23 ක් තිස්සේ සිදුකළ අපරාධ ප්‍රමාණය අති විශාලය. මිනී මැරුම් සම්බන්ධ චෝදනා 80 කට ආසන්න ප්‍රමාණයක් ඇති sබව පරීක්ෂණවලින් අනාවරණය විය. 2000 වර්ෂය පමණ වන විට නෙළුවේ ප්‍රියන්ත සුපිරි ධනවතකු බවට පත්ව සිටියේය. එවකට දකුණු පළාතේ ඇතැම් උසස් පොලිස් නිලධාරීන් මෙන්ම පහල ශ්‍රේණිවල නිලධාරීහු ද නෙළුවේ ප්‍රියන්ත ළඟින් ඇසුරු කළහ. ඔවුන් වෙනුවෙන් අත දිගහැර මුදල් වියදම් කිරීමට ප්‍රියන්ත කිසිවිටෙකත් පසුබට වුණේ නැත. පොලිස් නිලධාරීන්ගේ ආශීර්වාදය රැකවරණය මත නෙළුවේ ප්‍රියන්ත සිය ජාවාරම් ඉතාම සාර්ථක ලෙස කරගෙන ගියේය. බඹරගල වනාන්තරයේ ඇති හරක් ගාල්වල ගවයන් මසට ප්‍රවාහනය කිරීමට අමතරව ගව ගාලේ මස් මඩුවක් පවත්වාගෙන යැමට නෙළුවේ ප්‍රියන්ත කටයුතු කළේය. මෙම ගව ඝාතකාගාරයේදී ගවයන් මරා දැම්මේ උන්ගේ හිසට වෙඩි තබාය. එහිදී ගවයන් මරා මස් කර අධිශීතකරණ සවිකළ ලොරිවලින් ගවමස් කොළඹට ප්‍රවාහනය කිරීමේ ව්‍යාපාරයක් ද නෙළුවේ ප්‍රියන්ත කරගෙන ගියේය. ඊට ඇතැම් පොලිසිවලින් ද ලැබුණේ නොමඳ සහායකි. 1997 වර්ෂයේදී තණමල්විල පොලිසියට අලුතින් ස්ථානාධිපතිවරයකු වැඩ බාර ගත්තේය. පොලිස් පරීක්ෂක දේවප්‍රිය ජයසිංහ මහතා කලක් විශේෂ කාර්ය බළකායේද රාජකාරි කළ අපක්ෂපාතීව නීතියට වැඩ කරන නිලධාරියකු ලෙස ඔහු ප්‍රසිද්ධය. දේවප්‍රිය ජයසිංහ මහතා (මේ වන විට සහකාර පොලිස් අධිකාරිවරයෙකි.) තණමල්විල ස්ථානාධිපතිවරයා ලෙස වැඩ භාර ගැනීමෙන් පසු ඔහුගේ මුල්ම රාජකාරිය වූයේ නෙළුවේ ප්‍රියන්ත මට්ටු කිරීමය. ඒ වන විට නෙළුවේ ප්‍රියන්තට එරෙහිව පොලිසිය වෙත කිසිදු පැමිණිල්ලක් ලැබී නොතිබිණි. ඔහුට ඇති බිය නිසා කිසිවෙකුත් ඔහුට එරෙහිව පැමිණිලි කිරීමට ඉදිරිපත් වුණේ නැත. මුළු පළාතම භීතියට පත් කර ගෙන මහ දවල් විවිධ අපරාධ කරන මේ පුද්ගලයා වැඩිකල් නොගොස් මට්ටු කිරීමට දේවප්‍රිය ජයසිංහ මහතා සැලසුම් කළේය. අලුතින් ආ ස්ථානාධිපතිවරයා තමන් වෙත නම්මවා ගැනීමට නෙළුවේ ප්‍රියන්ත නොගත් උත්සාහයක් නැත. එහෙත් ඔහු සිය ග්‍රහණයට ගැනීම අපහසු බව ප්‍රියන්තට තේරුම් ගොස් තිබිණි. දිනක් නෙළුවේ ප්‍රියන්තට දේවප්‍රිය ජයසිංහ මහතා මුණගැසිනි. ඒ සූරියවැව අධිකරණයේදීය. ප්‍රියන්ත දේවප්‍රිය ජයසිංහ මහතා සමීපයට පැමිණ කතා කළේය "සර්........ අපට කරදර කරන්න එපා. අපි සර්ව බලාගන්නම්. මෙහෙට එන ඕ. අයි. සී. මහත්තුරුන්ව අපි හොඳට බලාගන්නවා." නෙළුවේ ප්‍රියන්ත කීවේය. "තමුසෙ මාව බලාගන්න ඕනෙ නැහැ. අහිංසක මිනිස්සුන්ට කරදර නොකර හොඳ මිනිහෙක් වෙන්න බලනවා. නීති විරෝධී දේවල් කරන්න ගියොත් මගේ කිසිම සමාවක් නැහැ." නෙළුවේ ප්‍රියන්තව ගණනට නොගත් දේවප්‍රිය ජයසිංහ මහතා කීවේය. ප්‍රියන්තගේ ක්‍රියාකාරකම් සෙවීමට ඔත්තුකරුවන් යෙදවූ දේවප්‍රිය ජයසිංහ මහතා ඔහුගේ නීති විරෝධී කටයුතු මැඬලීමට සෑම උත්සාහයක්ම ගත්තේය. ඒ වන විට පොලිසියේ සිටි නිලධාරීන්ගෙන් වැඩිදෙනකු නෙළුවේ ප්‍රියන්තගෙන් යෑපෙන්නන් බවට පත්ව සිටි නිසා ප්‍රියන්තගේ විෂමාචාර ක්‍රියාවන් සොයා ගැනීම දේවප්‍රිය ජයසිංහ මහතාට ලෙහෙසි පහසු කටයුත්තක් නොවීය. නෙළුවේ ප්‍රියන්තගේ ගෝලයකු සිය ඔත්තුකරු ලෙස පාවිච්චි කිරීමට දේවප්‍රිය ජයසිංහ මහතාට හැකි විය. දිනක් ඒ ඔත්තුකරු වැදගත් තොරතුරක් ගෙන ආවේය. "සර්..... අද රෑට ප්‍රියන්ත අයියා ඉන්නේ නෙළුවෙ ගෙදර. රෑට ආයුධ ගොඩක් එහෙට ගේනවා. හැබැයි පාන්දර වෙනකොට එයාගෙ කට්ටිය ඇවිත් ඒ ආයුධ සේරම අරගෙන යනවා. ඊට ඉස්සර ගියොත් මිනිහව අල්ලගන්න පුළුවන්." ඔත්තුකරුගෙන් ලැබුණු තොරතුර ඉතාම වැදගත් එකක් විය. පසුදින අලුයම නෙළුවේ පිහිටි ප්‍රියන්තට අයත් නිවස වැටලීමට දේවප්‍රිය ජයසිංහ මහතා සැලසුම් කළේය. එහෙත් මේ පිළිබඳව පොලිසියේ නිලධාරීන්ට නොකීමට ස්ථානාධිපතිවරයා වගබලා ගත්තේය. එසේ වූයේ නම් මෙම මෙහෙයුම පිළිබඳව තොරතුරු කලින්ම නෙළුවේ ප්‍රියන්ත අතට පත්වන බව ජයසිංහ මහතා හො¹කාරවම දැන සිටි බැවිනි. පසුදා අලුයම 4.00 ට පමණ ප්‍රියන්තට අයත් නෙළුව ප්‍රදේශයේ පිහිටි නිවස වටකළ දේවප්‍රිය ජයසිංහ මහතා ඇතුළු නිලධාරීන් එහි කඩා පැන්නාහ. ඔත්තුකරු ලබා දුන් තොරතුරු සියල්ල සත්‍ය ඒවා විය. නෙළුවේ ප්‍රියන්තගේ නිවසේ සහ ගෙවත්තේ ස්ථාන කීපයක ටී. 56 ගිනි අවියක්, පිස්තෝලයක්, ගල් කටස් තුවක්කු 2 ක්, අත්බෝම්බයක් ඇතුළු තවත් ආයුධ කීපයක් සඟවා තිබියදී පොලිසිය සොයා ගත්තේය. අවි ආයුධත් සමඟ අත්අඩංගුවට ගත් නෙළුවේ ප්‍රියන්ත තණමල්විල පොලිසිය වෙත රැගෙන ආහ. පොලිසියේ සිර මැදිරියේ මොහු රඳවා සිටිද්දී ඇතැම් පොලිස් නිලධාරීන් හොරගල් අහුලමින් සිටියේ ප්‍රියන්ත සමඟ පවත්වන හිතවත්කම් හෙළිදරව් වෙතැයි ඇති වූQ බිය නිසාය. එවකට දකුණු පළාතේ සිටි පොලිස් ලොක්කෙකු (මේ වන විට විශ්‍රාම ගොස් සිටියි) නෙළුවේ ප්‍රියන්ත අත්අඩංගුවට ගැනීමෙන් පසු උරණ වූයේය. රඳවා තබා ගැනීමේ නියෝග මත තබාගෙන ඔහුගෙන් ප්‍රශ්න කිරීමට පවා ඉඩ නොදුන් මේ පොලිස් ලොක්කා ප්‍රියන්ත අධිකරණයට ඉදිරිපත් කරන ලෙස බලපෑම් කළේය. නෙළුවේ ප්‍රියන්ත අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු බන්ධනාගාරගත කෙරිණි. මසකට වරක් බන්ධනාගාරයේ සිට මොහු සූරියවැව අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට ගෙන ආවේය. බන්ධනාගාර නිලධාරීන්ට ද අත දිගහැර මුදල් වියදම් කිරීම නිසා ඔවුන් සියලු දෙනා නෙළුවේ ප්‍රියන්තගේ ගැත්තන් බවට පත්ව සිටියහ. සූරියවැව අධිකරණය වෙත රැගෙන යද්දී බන්ධනාගාර බස් රථය නෙළුවේ පිහිටි ප්‍රියන්තගේ නිවසට ගොස් ආහාරපාන වලින් සප්පායම් වී යැමට ද අමතක නොකළහ. නීති රීති කිසිවක් නෙළුවේ ප්‍රියන්තට එරෙහිව ක්‍රියාත්මක වුණේ නැත. මාස කීපයක් තිස්සේ බන්ධනාගාරගතව සිට ඇප මත මුදා හැරීමෙන් පසු ප්‍රියන්ත නැවතත් තණමල්විලට ආවේය. දින කීපයක් ගත වන්නට පෙර තමන්ට උදව් උපකාර කළ දකුණේ පොලිස් ලොක්කා මුණගැසීමට යැමට නෙළුවේ ප්‍රියන්ත අමතක කළේ නැත. මස් කළ වල් ඌරකු සහ සුරතලයට ඇති කිරීමට වල් ඌරු පැටවුන් දෙදෙනෙකු මේ පොලිස් ලොක්කා වෙත දොල පිදේනි ලෙස රැගෙන යැමට ද නෙළුවේ ප්‍රියන්ත අමතක කළේ නැත. තමන්ට එරෙහි වී සිටින තණමල්විල පොලිස් ස්ථානාධිපති දේවප්‍රිය ජයසිංහ මහතා මරා දැමීමට නෙළුවේ ප්‍රියන්ත සැලසුම් කළේ ඔහුගෙන් කිසිම ගැලවීමක් නැති බව හො¹කාරව දැන සිටි නිසාය. ඒ වන විට උරණ වී සිටි දකුණේ පොලිස් ලොක්කා දේවප්‍රිය ජයසිංහ මහතා තණමල්විල පොලිසියෙන් මාරු කර යෑවීමට කටයුතු කළේය. පසුගිය අප්‍රේල් මාසයේ 8 වැනිදා සිය විරුද්ධවාදියකු වූ අමරේ නමැත්තා පරලොව යෑවීමට නෙළුවේ ප්‍රියන්ත ඇතුළු ගෝල බාලයන් සැලසුම් කළහ. අමරේ ඉලක්ක කර වෙඩි ප්‍රහාර 28 ක් එල්ල කළ ද ඔහුට කිසිම ආකාරයක තුවාලයක් හෝ සිදු කිරීමට නොහැකි විය. මේ අතර නෙළුවේ ප්‍රියන්ත අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් විශේෂ කාර්ය බළකායේ බුද්ධි අංශ පරීක්ෂණ ආරම්භ කළහ. විශේෂ කාර්ය බළකායේ අණදෙන නිලධාරී නියෝජ්‍ය පොලිස්පති ආර්. එම්. ඩබ්ලිව් එම්. සී. රණවක මහතාගේ උපදෙස් මත සහකාර පොලිස් අධිකාරිවරයකුගේ ප්‍රධානත්වයෙන් යුත් බුද්ධි අංශ විශේෂ කණ්ඩායමක් තණමල්විල ප්‍රදේශයට ගියහ. පොලිස් විශේෂ කාර්¨ය බළකායේ සහකාර පොලිස් අධිකාරි සිල්වෙස්ටර් විඡේසිංහ මහතා මෙම මෙහෙයුම සම්බන්ධීකරණය කළේය. බුද්ධි අංශයේ නිලධාරීන් 20 දෙනකු වෙස්වළාගෙන තණමල්විල ප්‍රදේශයට පැමිණ විවිධ රැකියාවල නිරත වූහ. තම ජීවිතයට තර්ජනයක් තිබෙන බව හොඳින් දැන සිටි නෙළුවේ ප්‍රියන්ත කිසි විටෙකත් ප්‍රසිද්ධියේ පෙනී සිටියේ නැත. සියලු ආරක්ෂක ක්රමෝපායයන් ඔහු අනුගමනය කළේය. වෙස්වළාගෙන තණමල්විලට පැමිණි විශේෂ කාර්ය බළකා බුද්ධි අංශ නිලධාරින් ගව පට්ටි බලා ගැනීමට, කුලී වැඩ කිරීම, හේන් කෙටීම ඇතුළු විවිධ රැකියාවල නිරත වෙමින් නෙළුවේ ප්‍රියන්ත පිළිබඳ තොරතුරු සෙවීම ආරම්භ කළහ. මාස 2 කට ආසන්න කාලයක් තිස්සේ තොරතුරු රැස් කිරීමෙන් පසු නෙළුවේ ප්‍රියන්ත අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම ආරම්භ කළහ. නෙළුවේ ප්‍රියන්ත තණමල්විල ප්‍රදේශයේ ගම්මානයක පදිංචි කාන්තාවක් සමඟ අනියම් ඇසුරක් පවත්වාගෙන ගියේය. මාසයකට දෙතුන් වතාවක් මොහු තනිවම එම කාන්තාව මුණ ගැසීමට එන බව විශේෂ කාර්ය බළකාය සොයා ගත්හ. ඒ අවස්ථාවේදී මොහු අත්අඩංගුවට ගැනීමට විශේෂ කාර්ය බළකාය සැලසුම් කළහ. ඒ සැලසුම නියම ආකාරයෙන් ම ක්‍රියාත්මක විය. නෙළුවේ ප්‍රියන්ත යතුරු පැදියක නැඟී සිය අනියම් බිරිඳගේ නිවසට එද්දී එහි රැක සිටි විශේෂ කාර්ය බළකා බුද්ධි නිලධාරීන් විසින් අත්අඩංගුවට ගත්හ. නෙළුවේ ප්‍රියන්තගෙන් ප්‍රශ්න කිරීම ඇරඹුණේ ඉන් පසුවය. වසර 23 ක් තිස්සේ කළ අපරාධවලින් මිනීමැරුම් 25 ක් පිළිබඳව තොරතුරු මොහු හෙළිදරව් කළේය. ඒ වන විට නෙළුවේ ප්‍රියන්ත සතුව අවි ආයුධ විශාල ප්‍රමාණයක් තිබිණි. ඒ ආයුධ සියල්ල ස්ථාන කීපයක සඟවා තබා ඇති බව ඔහු හෙළිදරව් කළේය. ආයුධ සෙවීම සඳහා විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් ඔහු සූරියවැව ප්‍රදේශයට රැගෙන ආහ. එහිදී නෙළුවේ ප්‍රියන්ත සඟවා තිබූ පිස්තෝලයක් ගෙන පොලිස් නිලධාරීන්ට වෙඩි තැබීමට උත්සාහ කළේය. එහිදී විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් සිදුකළ වෙඩි තැබීමෙන් නෙළුවේ ප්‍රියන්ත අවසන් ගමන් ගියේය. තණමල්විල ප්‍රදේශයට පමණක් නොව මුළු දකුණු පළාතටම මහා පිළලයක් බවට පත්ව සිටි නෙළුවේ ප්‍රියන්ත ඝාතනය කිරීමේ පුවත සැල වූ වහාම ප්‍රදේශවාසීහු රතිඤ්ඤා පත්තු කරමින් ප්‍රීති වූහ. පොලිස් විශේෂ කාර්ය බළකාය කළ මෙහෙවර අගය කරමින් ඔවුන් සුබ පතා බැනර් පෝස්ටර් ප්‍රදර්ශනය කළහ. විසිතුන් වසරක් තිස්සේ දකුණේ අහිංසක ජනතාව භීතියට පත්කරගෙන සිටි මේ පාතාල කෙරුමාට සිදුවූයේ ද රටේ නමගිය අපරාධකරුවන් සියලු දෙනාටම අත්වූ ඉරණමය. [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom