Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Yesterday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
පාතාලය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මහින්ද රාජපක්ෂ මහතා සමඟ අද ඉතාම සමීපව සිටින බොහෝ දෙනෙක් එදා ඔහු සමඟ සිටියේ නැත. එහෙත් භාරත ලක්ෂ්මන් එදා කළ මෙහෙය අමතක කළ නොහැක. කොළොන්නාව ප්‍රදේශයේ ජනතාවගේ සහාය පමණක් නොව කොළඹ බොහෝ ප්‍රදේශවල ජනතා ඡන්දය මහින්ද රාජපක්ෂ මහතාට ලබාදීමට භාරත ලක්ෂ්මන් එදා නොගත් උත්සාහයක් නැත.

එහෙත් පසු කාලයකදී ඒ සියල්ල කෙමින් කෙමින් වෙනස් වන්නට විය. දේශපාලන ලෝකයේ නොයෙකුත් හිත් රිදවීම් කටුක අත්දැකීම්වලට ඔහුට මුහුණ දෙන්නට සිදු වුණේ කිසිවකුත් නොසිතූ අයුරින්ය.

කොළොන්නාව ආසනය පවා අන්තිමේදී භාරත ලක්ෂ්මන්ට අහිමි වුණේ දෛවයේ මොකක්දොa සරදමක් නිසාය. මේ කටුක සිදුවීම් හමුවේ ඔහු කිසි විටෙකත් සැලුනේ නැත. පසුබට වුණේ නැත. මොනදේ නැති වුණත් ඔහු නිතරම කොළොන්නාව ජනතාව සමඟ සිටියේය.

දුමින්ද සිල්වා කොළොන්නාව ආසන සංවිධායක ලෙස පත් කිරීමෙන් පසු සියල්ල උඩුකුරු වන්නට පටන් ගත්තේය. ඇස්පනාපිට සිදු වෙමින් පැවති නොයෙකුත් අකටයුතුකම් දූෂිත ක්‍රියාවන් හමුවේ තවදුරටත් දැස් පියාගෙන නිසොල්මනේ සිටීමට භාරත ලක්ෂ්මන්ට හැකි වුණේ නැත.

කොළොන්නාවේ අසරණ ජනතාව වෙනුවෙන් ඔහු නැගී සිටියේය. ඒ වන විට මත්ද්‍රව්‍ය ජාවාරම කොළොන්නාවේ මහා ඉහළින් කෙරීගෙන ගියේය. අහිංසක තරුණයෝ දිනෙන් දිනම මත් උවදුරට ගොදුරු වෙමින් සිටියහ. පාතාල අපරාධ කරුවන්ගේ ක්‍රියාකාරකම්වලද නිමක් නොවීය. රාත්‍රියට තබා මහා දවාලකවත් තරුණියකට මහ මඟ නිරුපද්‍රිතව ගමන් කළ නොහැකි තත්ත්වයක් උදාවෙමින් තිබිණි. මේ සියල්ලටම වගකිව යුතු වුණේ දඩ දේශපාලනඥයන් සහ ඔවුන් වෙනුවෙන් ඕනෑම දහදුරා වැඩක් කිරීමට ඉදිරිපත්ව සිටි පාතාල අපරාධකරුවන්ය.

සිදුවෙමින් පවතින සියලු දූෂිත ක්‍රියාවන් හමුවේ පොලිසියට පවා සිදු වූයේ ඇස්කන් පියාගෙන නිහඬව සිටීමටය. නීත්‍යානුකූලව කටයුතු කිරීමට ගියේ නම් පොලිසියට සිදු වූයේ රාජ උදහසට ලක්වීමටය.

කොළොන්නාව ප්‍රදේශයේ පමණක් මත්කුඩු තිප්පොළවල් 570 ක් තිබු බව බොහෝ දෙනෙක් දැන සිටියහ. එහෙත් කිසිවකු හෝ ඊට එරෙහිව නැගී සිටීමට උත්සාහ කළේ නැත. එසේ වුවොත් ඒ පුද්ගලයාට සිදුවන්නේ සිය ජීවිතයෙන් ඊට වන්දි ගෙවීමටය.

මේ සියලු අපරාධ ඉදිරියේ භාරත ලක්ෂ්මන් නොසැලී නැගී සිටියේය. දූෂිත දේශපාලනඥයන් ප්‍රසිද්ධියේ විවේචනය කිරීමට ඔහු සැම විටම ක්‍රියා කළේය. තිත්ත ඇත්ත කතා කිරීම නිසා ඔහුට එල්ල වූ මරණ තර්ජන දිනෙන් දිනම වැඩිවිය. භාරත ලක්ෂ්මන් මහතා ඝාතනය කිරීමට සූදානමින් සිටි පාතාල අපරාධකරුවන් දෙදෙනකු පොලිස් අත්අඩංගුවට පත්වූයේ මීට වසරකට පමණ උඩදීය. එහෙත් වගකිව යුතු කිසිවෙක් මේ නිර්භීත ජනහිතකාමියා වෙනුවෙන් පෙනී සිටියේ නැත. 2011 පළාත් පාලන මැතිවරණය එන්නේ ඔය අතරතුරදීය. කොළොන්නාව සාමාන්‍ය ජනතාව අතරින් ඉදිරියට ආ තරුණ දේශපාලනඥයෙක් වූ ප්‍රසන්න සෝලංගආරච්චි මහතා පළාත් පාලන මැතිවරණයට තරග කිරීමට ඉදිරිපත් වූයේය. ඔහු හැම විටම කොළොන්නාවේ ජනතාව වෙනුවෙන් පෙනි සිටි දේශපාලනඥයෙකි. කොළොන්නාවේ සිදුවන අපරාධවලට දූෂණවලට එරෙහිව නොබියව නැගී සිටි මේ තරුණ දේශපාලනඥයා ජයග්‍රහණය කරවීමේ ප්‍රධාන කාර්ය භාරය බාරගෙන සිටියේ භාරත ලක්ෂ්මන් මහතාය. පාතාල ලෝකයේ මහා කෙරුම්කරුවකු යෑයි කියාගන්නා කරාටේ ධම්මිකගේ ඥති පුත්‍රයකුද මෙවර කොළොන්නාව නගර සභාවට තරග වැදුණේය. සිය ඥති පුත්‍රයා ජයග්‍රහණය කරවීම සඳහා කරාටේ ධම්මික මැතිවරණ ප්රචාරක කටයුතුවලට බැස්සේය.

දුමින්ද සිල්වා ද ඉදිරිපත්ව සිටියේ කරාටේ ධම්මිකගේ ඥති පුත්‍රයා ජයග්‍රහණය කරවීමේ සටනටය. මේ අතර කොළොන්නාව නගර සභාවට තරග කිරීම සඳහා මත්කුඩු ජාවාරම්කරුවන් පාතාල අපරාධකරුවන්, දූෂිතයන්, සෑහෙන දෙනෙක් ඉදිරිපත්ව සිටියහ.

ප්රචාරක කටයුතු සඳහා ඔවුහු අත දිගහැර රුපියල් කෝටි ගණනින් මුදල් වියදම් කළහ. කොළොන්නාවේ යුද්ධය පටන් ගන්නේ එතැන් සිටය.

කොළොන්නාව නගර සභාවට තරග කරන මේ දූෂිතයන් පන්නා දැමීමේ සටනට භාරත ලක්ෂ්මන් මහතා නොබියව මුහුණ දුන්නේය. භාරතගේ නැගී සිටීම දූෂිත දේශපාලනඥයන්ට නයාට අඳුකොළ මෙන් විය.

දෙපාර්ශ්වය අතර ගැටුම් දිනෙන් දිනම උත්සන්න වෙමින් තිබිණි. පොලිසිය හැම විටම සිටියේ දුමින්ද සිල්වාගේ පාර්ශ්වයේය. එසේ සිදුවූයේ එක්කෝ ඒ ඔහු රටේ නමගිය දේශපාලනඥයකු නිසා විය යුතුය. නැත්නම් ඔහුට රාජ්‍ය අනුග්‍රහය නොමදව ලැබූ නිසා විය යුතුය. එසේත් නැත්නම් ඔහු රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශයේ අධීක්ෂණ මන්ත්‍රීවරයකු වූ නිසාද විය හැකිය.

කෙසේ වෙතත් කොළොන්නාවේ සිදුවෙමින් තිබූ අපරාධ හමුවේ ඇතැම් පොලිස් නිලධාරීන් ක්‍රියා කළ ආකාරය පිළිබඳව ජනතාව තුළ පැවතියේ අප්රසාදයකි.

පළාත් පාලන මැතිවරණයේ අවසන් රැස්වීමකදී භාරත ලක්ෂ්මන් මහතා දූෂිත දේශපාලනඥයන්ට එරෙහිව උද්වේගකර කතාවක් කළේය. කොළොන්නාව කුඩු පුරයක් කරපු උන් මම දන්නවා. මේ පළාතේ කෙල්ලො කොල්ලො විනාශ කරපු උනුත් මම දන්නවා. උන්ව ගෙදර යවන සටනට මේ හැමෝම මට සහාය දෙන්න ඕනෙ. මේ අපරාධකාරයන්ව විනාශ කරන සටනේදී මම මැරෙන්න උනත් බය නැහැ. එදා භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතා සිදුවෙමින් පැවති මහා අපරාධ නොබියව විවේචනය කළේය. මේ සියලු සිදුවීම්වලින් පසු මැතිවරණය පැවති දිනය එළඹිණි.

දෙපාර්ශ්වයම ද්වන්ධ සටනට එක්ව සිටියහ. දුමින්ද සිල්වා සිය පාතාල ආරක්ෂකයන්ද පිරිවරාගෙන සුඛෝපභෝගී ජීප් රථවල නැගී කොළොන්නාව දෙවනත් කරන්නට වූයේය. දුමින්ද සමඟ සිටි සියලු දෙනාම ස්වයංක්‍රීය ගිනි අවි වලින් සන්නද්ධව සිටියහ.

[QUOTE="AnurangaSS, post: 11150163, member: 92055"] [SIZE="4"]මහින්ද රාජපක්ෂ මහතා සමඟ අද ඉතාම සමීපව සිටින බොහෝ දෙනෙක් එදා ඔහු සමඟ සිටියේ නැත. එහෙත් භාරත ලක්ෂ්මන් එදා කළ මෙහෙය අමතක කළ නොහැක. කොළොන්නාව ප්‍රදේශයේ ජනතාවගේ සහාය පමණක් නොව කොළඹ බොහෝ ප්‍රදේශවල ජනතා ඡන්දය මහින්ද රාජපක්ෂ මහතාට ලබාදීමට භාරත ලක්ෂ්මන් එදා නොගත් උත්සාහයක් නැත. එහෙත් පසු කාලයකදී ඒ සියල්ල කෙමින් කෙමින් වෙනස් වන්නට විය. දේශපාලන ලෝකයේ නොයෙකුත් හිත් රිදවීම් කටුක අත්දැකීම්වලට ඔහුට මුහුණ දෙන්නට සිදු වුණේ කිසිවකුත් නොසිතූ අයුරින්ය. කොළොන්නාව ආසනය පවා අන්තිමේදී භාරත ලක්ෂ්මන්ට අහිමි වුණේ දෛවයේ මොකක්දොa සරදමක් නිසාය. මේ කටුක සිදුවීම් හමුවේ ඔහු කිසි විටෙකත් සැලුනේ නැත. පසුබට වුණේ නැත. මොනදේ නැති වුණත් ඔහු නිතරම කොළොන්නාව ජනතාව සමඟ සිටියේය. දුමින්ද සිල්වා කොළොන්නාව ආසන සංවිධායක ලෙස පත් කිරීමෙන් පසු සියල්ල උඩුකුරු වන්නට පටන් ගත්තේය. ඇස්පනාපිට සිදු වෙමින් පැවති නොයෙකුත් අකටයුතුකම් දූෂිත ක්‍රියාවන් හමුවේ තවදුරටත් දැස් පියාගෙන නිසොල්මනේ සිටීමට භාරත ලක්ෂ්මන්ට හැකි වුණේ නැත. කොළොන්නාවේ අසරණ ජනතාව වෙනුවෙන් ඔහු නැගී සිටියේය. ඒ වන විට මත්ද්‍රව්‍ය ජාවාරම කොළොන්නාවේ මහා ඉහළින් කෙරීගෙන ගියේය. අහිංසක තරුණයෝ දිනෙන් දිනම මත් උවදුරට ගොදුරු වෙමින් සිටියහ. පාතාල අපරාධ කරුවන්ගේ ක්‍රියාකාරකම්වලද නිමක් නොවීය. රාත්‍රියට තබා මහා දවාලකවත් තරුණියකට මහ මඟ නිරුපද්‍රිතව ගමන් කළ නොහැකි තත්ත්වයක් උදාවෙමින් තිබිණි. මේ සියල්ලටම වගකිව යුතු වුණේ දඩ දේශපාලනඥයන් සහ ඔවුන් වෙනුවෙන් ඕනෑම දහදුරා වැඩක් කිරීමට ඉදිරිපත්ව සිටි පාතාල අපරාධකරුවන්ය. සිදුවෙමින් පවතින සියලු දූෂිත ක්‍රියාවන් හමුවේ පොලිසියට පවා සිදු වූයේ ඇස්කන් පියාගෙන නිහඬව සිටීමටය. නීත්‍යානුකූලව කටයුතු කිරීමට ගියේ නම් පොලිසියට සිදු වූයේ රාජ උදහසට ලක්වීමටය. කොළොන්නාව ප්‍රදේශයේ පමණක් මත්කුඩු තිප්පොළවල් 570 ක් තිබු බව බොහෝ දෙනෙක් දැන සිටියහ. එහෙත් කිසිවකු හෝ ඊට එරෙහිව නැගී සිටීමට උත්සාහ කළේ නැත. එසේ වුවොත් ඒ පුද්ගලයාට සිදුවන්නේ සිය ජීවිතයෙන් ඊට වන්දි ගෙවීමටය. මේ සියලු අපරාධ ඉදිරියේ භාරත ලක්ෂ්මන් නොසැලී නැගී සිටියේය. දූෂිත දේශපාලනඥයන් ප්‍රසිද්ධියේ විවේචනය කිරීමට ඔහු සැම විටම ක්‍රියා කළේය. තිත්ත ඇත්ත කතා කිරීම නිසා ඔහුට එල්ල වූ මරණ තර්ජන දිනෙන් දිනම වැඩිවිය. භාරත ලක්ෂ්මන් මහතා ඝාතනය කිරීමට සූදානමින් සිටි පාතාල අපරාධකරුවන් දෙදෙනකු පොලිස් අත්අඩංගුවට පත්වූයේ මීට වසරකට පමණ උඩදීය. එහෙත් වගකිව යුතු කිසිවෙක් මේ නිර්භීත ජනහිතකාමියා වෙනුවෙන් පෙනී සිටියේ නැත. 2011 පළාත් පාලන මැතිවරණය එන්නේ ඔය අතරතුරදීය. කොළොන්නාව සාමාන්‍ය ජනතාව අතරින් ඉදිරියට ආ තරුණ දේශපාලනඥයෙක් වූ ප්‍රසන්න සෝලංගආරච්චි මහතා පළාත් පාලන මැතිවරණයට තරග කිරීමට ඉදිරිපත් වූයේය. ඔහු හැම විටම කොළොන්නාවේ ජනතාව වෙනුවෙන් පෙනි සිටි දේශපාලනඥයෙකි. කොළොන්නාවේ සිදුවන අපරාධවලට දූෂණවලට එරෙහිව නොබියව නැගී සිටි මේ තරුණ දේශපාලනඥයා ජයග්‍රහණය කරවීමේ ප්‍රධාන කාර්ය භාරය බාරගෙන සිටියේ භාරත ලක්ෂ්මන් මහතාය. පාතාල ලෝකයේ මහා කෙරුම්කරුවකු යෑයි කියාගන්නා කරාටේ ධම්මිකගේ ඥති පුත්‍රයකුද මෙවර කොළොන්නාව නගර සභාවට තරග වැදුණේය. සිය ඥති පුත්‍රයා ජයග්‍රහණය කරවීම සඳහා කරාටේ ධම්මික මැතිවරණ ප්රචාරක කටයුතුවලට බැස්සේය. දුමින්ද සිල්වා ද ඉදිරිපත්ව සිටියේ කරාටේ ධම්මිකගේ ඥති පුත්‍රයා ජයග්‍රහණය කරවීමේ සටනටය. මේ අතර කොළොන්නාව නගර සභාවට තරග කිරීම සඳහා මත්කුඩු ජාවාරම්කරුවන් පාතාල අපරාධකරුවන්, දූෂිතයන්, සෑහෙන දෙනෙක් ඉදිරිපත්ව සිටියහ. ප්රචාරක කටයුතු සඳහා ඔවුහු අත දිගහැර රුපියල් කෝටි ගණනින් මුදල් වියදම් කළහ. කොළොන්නාවේ යුද්ධය පටන් ගන්නේ එතැන් සිටය. කොළොන්නාව නගර සභාවට තරග කරන මේ දූෂිතයන් පන්නා දැමීමේ සටනට භාරත ලක්ෂ්මන් මහතා නොබියව මුහුණ දුන්නේය. භාරතගේ නැගී සිටීම දූෂිත දේශපාලනඥයන්ට නයාට අඳුකොළ මෙන් විය. දෙපාර්ශ්වය අතර ගැටුම් දිනෙන් දිනම උත්සන්න වෙමින් තිබිණි. පොලිසිය හැම විටම සිටියේ දුමින්ද සිල්වාගේ පාර්ශ්වයේය. එසේ සිදුවූයේ එක්කෝ ඒ ඔහු රටේ නමගිය දේශපාලනඥයකු නිසා විය යුතුය. නැත්නම් ඔහුට රාජ්‍ය අනුග්‍රහය නොමදව ලැබූ නිසා විය යුතුය. එසේත් නැත්නම් ඔහු රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශයේ අධීක්ෂණ මන්ත්‍රීවරයකු වූ නිසාද විය හැකිය. කෙසේ වෙතත් කොළොන්නාවේ සිදුවෙමින් තිබූ අපරාධ හමුවේ ඇතැම් පොලිස් නිලධාරීන් ක්‍රියා කළ ආකාරය පිළිබඳව ජනතාව තුළ පැවතියේ අප්රසාදයකි. පළාත් පාලන මැතිවරණයේ අවසන් රැස්වීමකදී භාරත ලක්ෂ්මන් මහතා දූෂිත දේශපාලනඥයන්ට එරෙහිව උද්වේගකර කතාවක් කළේය. කොළොන්නාව කුඩු පුරයක් කරපු උන් මම දන්නවා. මේ පළාතේ කෙල්ලො කොල්ලො විනාශ කරපු උනුත් මම දන්නවා. උන්ව ගෙදර යවන සටනට මේ හැමෝම මට සහාය දෙන්න ඕනෙ. මේ අපරාධකාරයන්ව විනාශ කරන සටනේදී මම මැරෙන්න උනත් බය නැහැ. එදා භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතා සිදුවෙමින් පැවති මහා අපරාධ නොබියව විවේචනය කළේය. මේ සියලු සිදුවීම්වලින් පසු මැතිවරණය පැවති දිනය එළඹිණි. දෙපාර්ශ්වයම ද්වන්ධ සටනට එක්ව සිටියහ. දුමින්ද සිල්වා සිය පාතාල ආරක්ෂකයන්ද පිරිවරාගෙන සුඛෝපභෝගී ජීප් රථවල නැගී කොළොන්නාව දෙවනත් කරන්නට වූයේය. දුමින්ද සමඟ සිටි සියලු දෙනාම ස්වයංක්‍රීය ගිනි අවි වලින් සන්නද්ධව සිටියහ.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom