Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Yesterday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
පාතාලය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කමල් සිය සමීපතම දේශපාලනඥයාට කීවේය. එය ඒ අයුරින්ම සිදුවිය. මැතිවරණ ජයග්රහණයෙන් පසු දෙමටගොඩ කමල්ට උදව් උපකාර කිරීමට දේශපාලනඥයා අමතක කළේ නැත. ඒ කාලසීමාව වන විට පාතාල අපරාධකරුවන්ට නරක කලදසාවක් උදාවී තිබිණි. නම ගිය අපරාධකරුවන් රැසක්ම පොලිස් වෙඩි පහරින් මරුමුවට පත් වෙද්දී දෙමටගොඩ කමල් ද පොලිසියේ ඉලක්කයක් බවට පත්ව සිටියේය. සර් මෙහෙම ගියොත් මාවත් මරල දානවා. මාව ටික කාලෙකට ආණ්ඩුවෙ බෝඩිමට යවන්න." කමල් සිය හිතවතාට කීවේය. තමන්ට තර්ජනයක් එල්ල වන අවස්ථාවලදී බන්ධනාගාර ගතව ආරක්ෂාව ලබාගැනීම පාතාල අපරාධකරුවන්ගේ සාමාන්‍ය සිරිතකි. බන්ධනාගාරයේදී ඔවුන්ට විශාල රැකවරණයක් ලැබෙන අතර එහි සිට තමන්ට රිසිසේ අපරාධ වල නිරත වීමට ද ඔවුන්ට හැකියාව තිබිණි. කෑගල්ලේ දේශපාලනඥයා ගේ උදව් උපකාර ඇතිව දෙමටගොඩ කමල් බන්ධනාගාරයට ගියේය. මිනීමැරුම් චෝදනාවක් සම්බන්ධයෙන් ස්වෙච්ඡාවෙන් අධිකරණයට ඉදිරිපත් වී ඔහු බන්ධනාගාරයට ගියේ තම ආරක්ෂාව ගැන සිතාය.

මාස කීපයක් බන්ධනාගාරයේ ගත කළ කමල් මීට මාසයකට පමණ උඩදී නැවතත් දෙමටගොඩ ආවේය. ඔහුගේ ව්‍යාපාර සුපුරුදු ආකාරයෙන් කෙරීගෙන යයි. ඊට කිසිවකුගෙන් හෝ බලපෑමක් තිබුණේ නැත. එහෙත් පාතාලයට එරෙහි පොලිස් මෙහෙයුම් දිගින් දිගටම ක්‍රියාත්මක වීම කමල්ගේ සිතට මහා වදයක් විය.

කොයි මොහොතක හෝ තමන්ද පොලිස් අත්අඩංගුවට පත්වෙතැයි කමල්ට සිතුණු වාර අනන්තය. ඔහු සිය ආරක්ෂාව පිළිබඳ දැඩි සේ විමසිලිමත් වූවේය. හංවැල්ල කුරුන්දෙනිය ප්‍රදේශයේ පදිංචි තරුණයකුගෙන් හංවැල්ල පොලිස් ස්ථානාධිපති රේණුක ගමගේ මහතාට තොරතුරක් ලැබී තිබිණි. ඉන් කියෑවුණේ හංවැල්ලේ සුවිසල් නිවසක වහලයේ සීලිම තුළ ස්වංක්‍රීය ගිනි අවි තොගයක් සඟවා තිබෙන බවයි. මේ තරුණයා කුලී වැඩ කරන පුද්ගලයෙකි. මේ නිවසේ වහලය ශුද්ධ පවිත්‍ර කිරීමේ කාර්යය තරුණයා වෙත පවරනු ලැබුවේ නිවස බලාකියා ගන්නා කාන්තාව විසින්ය. තරුණයා නිවසේ වහලය ශුද්ධ පවිත්‍ර කරද්දී එහි සීලිමේ සඟවා තිබූ ආයුධ දැක දැඩි ලෙස කලබලයට පත්වූවේය. ඔහු හෙමින් සීරුවේ මේ තොරතුර පොලිසියට ලබා දුන්නේ මහා අනතුරක සේයාවක් සිතට දැනුණු නිසාය. රේණුක ගමගේ මහතා මේ පිළිබඳ නුගේගොඩ පොලිස් අධිකාරි දේශබන්ධු තෙන්නකෝන් මහතා වෙත දැනුම් දුන්නේය. "සර් මේ ගෙයි අයිතිකාරයා දෙමටගොඩ කමල්. හැබැයි මිනිහා මෙතනට යනවා එනවා අඩුයි." හංවැල්ල පොලිස් ස්ථානාධිපතිවරයාගෙන් ලැබුණු තොරතුර ඉතාම වැදගත් එකක් බව තෙන්නකෝන් මහතා තේරුම් ගත්තේය.

නුගේගොඩ කොට්ඨාසයේ සහකාර පොලිස් අධිකාරිවරුන් වන නිශාන්ත සොයිසා සහ කපිල කඩුපිටිය මහත්වරුන් කැඳවූ පොලිස් අධිකාරි තෙන්නකෝන් මහතා කෙසේ හෝ දෙමටගොඩ කමල් අත්අඩංගුවට ගැනීමට අවශ්‍ය කටයුතු සංවිධානය කිරීමට උපදෙස් දුන්නේය. හංවැල්ල කුරුන්දෙණිය ප්‍රදේශයේ පිහිටි සුවිසල් නිවස විශාල තාප්පයකින් වටවී තිබිණි. නිවස පිහිනුම් තටාක ඇතුළු සියලු නවීන පහසුකම්වලින් අංගසම්පූර්ණ විය. නිවස බලාකියාගත් මහලු යුවළ සිටියේ මේ නිවස පිහිටි භූමියේ කොනක පිහිටි කුඩා නිවසකය. මහලු යුවළට පවා මේ සුවිසල් නිවසට ඇතුළු වීමට ඉඩකඩ ලැබුණේ නැත.

නවීන පන්නයේ සුඛෝපභෝගී ජීප් රථ නිතර නිතර මේ නිවසට යන එන බවත් ඒවායේ ගමන් ගන්නේ කවුරුන් දැයි තමන් නොදන්නා බවත් ප්‍රදේශවාසීහු පොලිසියට කියා සිටියහ.

දෙමටගොඩ කමල් අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම සකස් වන්නට විය. හංවැල්ල පොලිසියේ විශේෂ පොලිස් කණ්ඩායමක් හංවැල්ලේ පිහිටි කමල්ගේ නිවස වටකරගෙන සිටියේ කොයි මොහොතක හෝ ඔහුගේ පැමිණීම බලාපොරොත්තුවෙනි.

පොලිස් නිලධාරීහු සියලු දෙනා සිවිල් ඇඳුමින් සැරසී සිටීමට හැම විටම වගබලා ගත්හ. මේ අතර කමල්ට ඔත්තුකරුවකුගෙන් දුරකථන ඇමතුමක් ලැබිණි.

කමල් අයියා හංවැල්ලෙ ගෙදරට හොරු පැනලා. වාහනේකුත් වත්තට ඇතුළු කරලා තියනවා." ඔත්තුකරුවාගෙන් තොරතුර ලැබුණු වහාම කමල් සිය බිරින්දෑවරුන් දෙදෙනාද රැගෙන හංවැල්ල බලා ඉගිල ගියේය. කමල් බොහෝවිට ගමන් බිමන් ගියේ තම නීත්‍යනුකූල බිරිඳ සහ අනියම් බිරිඳ ද රැගෙනය. කමල් රැගත් ජීප් රථය හංවැල්ලේ නිවසට ඇතුළු කරද්දී එහි රැකසිටි පොලිස් නිලධාරීහු ක්‍රියාත්මක වූහ. දෙමටගොඩ කමල් මෙතරම් පහසුවෙන් අත්අඩංගුවට ගැනීමට හැකි වෙතැයි කිසිවකුත් සිතුවේ නැත.

එහෙත් කමල් පොලිස් නිලධාරීන්ගේ උගුලට හසුවූවේය. තම නිවසේ රැඳී සිටින්නේ පොලිස් නිලධාරීන් බව දැනගත් කමල් අන්දුන් කුන්දුන් වූවේය. පොලිස් නිලධාරීන්ගෙන් මිදී යැමට කිසිදු ඉඩක් නොවීය. ඔහු අත තිබූ ස්වයංක්‍රීය පිස්තෝලයද පොලිස් භාරයට ගැනිණි. වසර පහළොවකට ආසන්න කාලයක් තිස්සේ තම අපරාධ චාරිකාවේ කළ කී දේ වමාරන්නට ඔහුට සිදු විය. ඒ වන විට දෙමටගොඩ කමල් සිදුකළ මිනීමැරුම් දහයකට ආසන්න ප්‍රමාණයක තොරතුරු හෙළිවී තිබිණි. තවත් හෙළි නොවූ මිනීමැරුම් ගණන කොතෙක් දැයි කිසිවකුත් දැන සිටියේ නැත.

මහාපරිමාණ මත් කුඩු ජාවාරම කොළඹ සිට දෙවුන්දරතුඩුව දක්වා විහිදවූ ආකාරය ඔහු පොලිසියට හෙළි කළේය. තමන්ට අයත් සංචාරක හෝටල් සුපිරි නිවාස යාන වාහන සහ අනෙකුත් දේපළ පිළිබඳ සියලු තොරතුරු පොලිසියට ලබාදීමට ඔහු වගබලා ගත්තේය.

හංවැල්ලේ පිහිටි සුවිසල් නිවස අසල පාලු ඉඩමක තවත් අවි ආයුධ කීපයක් සඟවා තිබෙන බවට කමල් ලබාදුන් තොරතුරු මත එය සොයා බැලීමට පොලිස් කණ්ඩායමක් පිටත්ව ගියහ. ඒ ගමනට දෙමටගොඩ කමල් ද රැගෙන ආවේය. සඟවා තිබූ අත් බෝම්බයක් පොලිසිය වෙත දමා ගසන්නට උත්සාහ කරද්දී පොලිසිය කළ වෙඩි තැබීමෙන් දෙමටගොඩ කමල් අවසන් ගමන් ගියේය. මෑත කාලයේදී පාතාල අපරාධකරුවන්ට අත්වන ඉරණම කමල්ටද අත්විය. පාතාල අපරාධකරුවන්ට අද ආයුෂ නැත. එය නීතිය අගයන සාමකාමී ජනතාවට මහා අස්වැසිල්ලකි. දැනට ඉතිරිවී සිටින පාතාල අපරාධකරුවන් ද මර්දනය කළ යුතුය. ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා පාතාල ලෝකය මර්දනය කිරීමට ගෙන යන මේ ක්‍රියාමාර්ගය පැසසිය යුතුය.

[QUOTE="AnurangaSS, post: 9360234, member: 92055"] [FONT=Times New Roman][SIZE=5][SIZE=4]කමල් සිය සමීපතම දේශපාලනඥයාට කීවේය. එය ඒ අයුරින්ම සිදුවිය. මැතිවරණ ජයග්රහණයෙන් පසු දෙමටගොඩ කමල්ට උදව් උපකාර කිරීමට දේශපාලනඥයා අමතක කළේ නැත. ඒ කාලසීමාව වන විට පාතාල අපරාධකරුවන්ට නරක කලදසාවක් උදාවී තිබිණි. නම ගිය අපරාධකරුවන් රැසක්ම පොලිස් වෙඩි පහරින් මරුමුවට පත් වෙද්දී දෙමටගොඩ කමල් ද පොලිසියේ ඉලක්කයක් බවට පත්ව සිටියේය. සර් මෙහෙම ගියොත් මාවත් මරල දානවා. මාව ටික කාලෙකට ආණ්ඩුවෙ බෝඩිමට යවන්න." කමල් සිය හිතවතාට කීවේය. තමන්ට තර්ජනයක් එල්ල වන අවස්ථාවලදී බන්ධනාගාර ගතව ආරක්ෂාව ලබාගැනීම පාතාල අපරාධකරුවන්ගේ සාමාන්‍ය සිරිතකි. බන්ධනාගාරයේදී ඔවුන්ට විශාල රැකවරණයක් ලැබෙන අතර එහි සිට තමන්ට රිසිසේ අපරාධ වල නිරත වීමට ද ඔවුන්ට හැකියාව තිබිණි. කෑගල්ලේ දේශපාලනඥයා ගේ උදව් උපකාර ඇතිව දෙමටගොඩ කමල් බන්ධනාගාරයට ගියේය. මිනීමැරුම් චෝදනාවක් සම්බන්ධයෙන් ස්වෙච්ඡාවෙන් අධිකරණයට ඉදිරිපත් වී ඔහු බන්ධනාගාරයට ගියේ තම ආරක්ෂාව ගැන සිතාය. මාස කීපයක් බන්ධනාගාරයේ ගත කළ කමල් මීට මාසයකට පමණ උඩදී නැවතත් දෙමටගොඩ ආවේය. ඔහුගේ ව්‍යාපාර සුපුරුදු ආකාරයෙන් කෙරීගෙන යයි. ඊට කිසිවකුගෙන් හෝ බලපෑමක් තිබුණේ නැත. එහෙත් පාතාලයට එරෙහි පොලිස් මෙහෙයුම් දිගින් දිගටම ක්‍රියාත්මක වීම කමල්ගේ සිතට මහා වදයක් විය. කොයි මොහොතක හෝ තමන්ද පොලිස් අත්අඩංගුවට පත්වෙතැයි කමල්ට සිතුණු වාර අනන්තය. ඔහු සිය ආරක්ෂාව පිළිබඳ දැඩි සේ විමසිලිමත් වූවේය. හංවැල්ල කුරුන්දෙනිය ප්‍රදේශයේ පදිංචි තරුණයකුගෙන් හංවැල්ල පොලිස් ස්ථානාධිපති රේණුක ගමගේ මහතාට තොරතුරක් ලැබී තිබිණි. ඉන් කියෑවුණේ හංවැල්ලේ සුවිසල් නිවසක වහලයේ සීලිම තුළ ස්වංක්‍රීය ගිනි අවි තොගයක් සඟවා තිබෙන බවයි. මේ තරුණයා කුලී වැඩ කරන පුද්ගලයෙකි. මේ නිවසේ වහලය ශුද්ධ පවිත්‍ර කිරීමේ කාර්යය තරුණයා වෙත පවරනු ලැබුවේ නිවස බලාකියා ගන්නා කාන්තාව විසින්ය. තරුණයා නිවසේ වහලය ශුද්ධ පවිත්‍ර කරද්දී එහි සීලිමේ සඟවා තිබූ ආයුධ දැක දැඩි ලෙස කලබලයට පත්වූවේය. ඔහු හෙමින් සීරුවේ මේ තොරතුර පොලිසියට ලබා දුන්නේ මහා අනතුරක සේයාවක් සිතට දැනුණු නිසාය. රේණුක ගමගේ මහතා මේ පිළිබඳ නුගේගොඩ පොලිස් අධිකාරි දේශබන්ධු තෙන්නකෝන් මහතා වෙත දැනුම් දුන්නේය. "සර් මේ ගෙයි අයිතිකාරයා දෙමටගොඩ කමල්. හැබැයි මිනිහා මෙතනට යනවා එනවා අඩුයි." හංවැල්ල පොලිස් ස්ථානාධිපතිවරයාගෙන් ලැබුණු තොරතුර ඉතාම වැදගත් එකක් බව තෙන්නකෝන් මහතා තේරුම් ගත්තේය. නුගේගොඩ කොට්ඨාසයේ සහකාර පොලිස් අධිකාරිවරුන් වන නිශාන්ත සොයිසා සහ කපිල කඩුපිටිය මහත්වරුන් කැඳවූ පොලිස් අධිකාරි තෙන්නකෝන් මහතා කෙසේ හෝ දෙමටගොඩ කමල් අත්අඩංගුවට ගැනීමට අවශ්‍ය කටයුතු සංවිධානය කිරීමට උපදෙස් දුන්නේය. හංවැල්ල කුරුන්දෙණිය ප්‍රදේශයේ පිහිටි සුවිසල් නිවස විශාල තාප්පයකින් වටවී තිබිණි. නිවස පිහිනුම් තටාක ඇතුළු සියලු නවීන පහසුකම්වලින් අංගසම්පූර්ණ විය. නිවස බලාකියාගත් මහලු යුවළ සිටියේ මේ නිවස පිහිටි භූමියේ කොනක පිහිටි කුඩා නිවසකය. මහලු යුවළට පවා මේ සුවිසල් නිවසට ඇතුළු වීමට ඉඩකඩ ලැබුණේ නැත. නවීන පන්නයේ සුඛෝපභෝගී ජීප් රථ නිතර නිතර මේ නිවසට යන එන බවත් ඒවායේ ගමන් ගන්නේ කවුරුන් දැයි තමන් නොදන්නා බවත් ප්‍රදේශවාසීහු පොලිසියට කියා සිටියහ. දෙමටගොඩ කමල් අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම සකස් වන්නට විය. හංවැල්ල පොලිසියේ විශේෂ පොලිස් කණ්ඩායමක් හංවැල්ලේ පිහිටි කමල්ගේ නිවස වටකරගෙන සිටියේ කොයි මොහොතක හෝ ඔහුගේ පැමිණීම බලාපොරොත්තුවෙනි. පොලිස් නිලධාරීහු සියලු දෙනා සිවිල් ඇඳුමින් සැරසී සිටීමට හැම විටම වගබලා ගත්හ. මේ අතර කමල්ට ඔත්තුකරුවකුගෙන් දුරකථන ඇමතුමක් ලැබිණි. කමල් අයියා හංවැල්ලෙ ගෙදරට හොරු පැනලා. වාහනේකුත් වත්තට ඇතුළු කරලා තියනවා." ඔත්තුකරුවාගෙන් තොරතුර ලැබුණු වහාම කමල් සිය බිරින්දෑවරුන් දෙදෙනාද රැගෙන හංවැල්ල බලා ඉගිල ගියේය. කමල් බොහෝවිට ගමන් බිමන් ගියේ තම නීත්‍යනුකූල බිරිඳ සහ අනියම් බිරිඳ ද රැගෙනය. කමල් රැගත් ජීප් රථය හංවැල්ලේ නිවසට ඇතුළු කරද්දී එහි රැකසිටි පොලිස් නිලධාරීහු ක්‍රියාත්මක වූහ. දෙමටගොඩ කමල් මෙතරම් පහසුවෙන් අත්අඩංගුවට ගැනීමට හැකි වෙතැයි කිසිවකුත් සිතුවේ නැත. එහෙත් කමල් පොලිස් නිලධාරීන්ගේ උගුලට හසුවූවේය. තම නිවසේ රැඳී සිටින්නේ පොලිස් නිලධාරීන් බව දැනගත් කමල් අන්දුන් කුන්දුන් වූවේය. පොලිස් නිලධාරීන්ගෙන් මිදී යැමට කිසිදු ඉඩක් නොවීය. ඔහු අත තිබූ ස්වයංක්‍රීය පිස්තෝලයද පොලිස් භාරයට ගැනිණි. වසර පහළොවකට ආසන්න කාලයක් තිස්සේ තම අපරාධ චාරිකාවේ කළ කී දේ වමාරන්නට ඔහුට සිදු විය. ඒ වන විට දෙමටගොඩ කමල් සිදුකළ මිනීමැරුම් දහයකට ආසන්න ප්‍රමාණයක තොරතුරු හෙළිවී තිබිණි. තවත් හෙළි නොවූ මිනීමැරුම් ගණන කොතෙක් දැයි කිසිවකුත් දැන සිටියේ නැත. මහාපරිමාණ මත් කුඩු ජාවාරම කොළඹ සිට දෙවුන්දරතුඩුව දක්වා විහිදවූ ආකාරය ඔහු පොලිසියට හෙළි කළේය. තමන්ට අයත් සංචාරක හෝටල් සුපිරි නිවාස යාන වාහන සහ අනෙකුත් දේපළ පිළිබඳ සියලු තොරතුරු පොලිසියට ලබාදීමට ඔහු වගබලා ගත්තේය. හංවැල්ලේ පිහිටි සුවිසල් නිවස අසල පාලු ඉඩමක තවත් අවි ආයුධ කීපයක් සඟවා තිබෙන බවට කමල් ලබාදුන් තොරතුරු මත එය සොයා බැලීමට පොලිස් කණ්ඩායමක් පිටත්ව ගියහ. ඒ ගමනට දෙමටගොඩ කමල් ද රැගෙන ආවේය. සඟවා තිබූ අත් බෝම්බයක් පොලිසිය වෙත දමා ගසන්නට උත්සාහ කරද්දී පොලිසිය කළ වෙඩි තැබීමෙන් දෙමටගොඩ කමල් අවසන් ගමන් ගියේය. මෑත කාලයේදී පාතාල අපරාධකරුවන්ට අත්වන ඉරණම කමල්ටද අත්විය. පාතාල අපරාධකරුවන්ට අද ආයුෂ නැත. එය නීතිය අගයන සාමකාමී ජනතාවට මහා අස්වැසිල්ලකි. දැනට ඉතිරිවී සිටින පාතාල අපරාධකරුවන් ද මර්දනය කළ යුතුය. ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා පාතාල ලෝකය මර්දනය කිරීමට ගෙන යන මේ ක්‍රියාමාර්ගය පැසසිය යුතුය. [/SIZE][/SIZE][/FONT] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom