Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Yesterday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
ElaKiri.com
News and Updates
පාතාල ලෝකයෙන් - ධර්මදාස රාජපක්ෂ නොහොත් මරදානේ......
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ධර්මදාස රාජපක්ෂ නොහොත් මරදානේ චොප්පේ....

අද වගේ නීතිය අතට ගත්ත කෙරුම්කාරයෝ ගැන පසුගිය සියවසේ මුල් කාලෙ ඉඳන් ම අපට අහන්න ලැබෙනවා. හැබැයි ඉතින් මේගොල්ල චණ්ඩි පාට් දැම්මේ අතේ පයේ හයියෙන්, නැත්නම් කඩු පොලු අරගෙන මිසක් අද වගේ ටී 56 බලයෙන් නම් නොවෙයි. මේ අතරින් මරදානේ චොප්පෙ කියන්නේ කොළඹ විතරක් නෙවෙයි එදා රට ම දන්නා චණ්ඩියෙක්. චොප්පෙ මැරිලා අවුරුදු 53ක් වුණත් අදත් කොළඹ මරදාන අවට ජනතාව චොප්පෙ ගැන කතා වෙනවා.

චොප්පෙ අය්යා බිරිය සහ හිතවතුන් සමඟ -facebook

ජීවන තතු

එදා මරියකඩේ කියන වත්මන් මරදාන තමයි චොප්පෙගෙ උපන් බිම වුණේ. දැන් ඒ හරියට කියන්නේ ඩීන්ස් පාර කියලා. අද නම් මහල් ගොඩනැගිලි, සාප්පු නිසා දැනට දශක 6-7කට ඉහත පැවති ස්වරූපය වෙනස් වෙලා. චොප්පෙ අය්යාගෙ දරුවො නම් තවමත් මරදානේ ජීවත් වෙනවා. කිත්සිරි රාජපක්ෂ කියන්නේ චොප්පෙ අයියාගේ දෙවැනි දරුවා යි. ඔහු කොළඹ නගර සභාවේ එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරයෙක් ලෙසත් කටයුතු කළ කෙනෙක්.

මරියකඩේ අද ස්වභාවය – mapio.com

1935 පෙබරවාරි හතර වැනිදා තමයි මොහොට්ටිගේ දොන් ධර්මදාස රාජපක්ෂ නොහොත් චොප්පෙ අයියා උපත ලැබුවේ. ඔහුට සහෝදරයන් සතර දෙනකු හිටියා. ලෝර්ඩ්, ප්‍රියන්ත, මුනිදාස, පොඩි මහත්තයා ඒ හතර දෙනා යි.

ධර්මදාස රාජපක්ෂ නොහොත් චොප්පෙගෙ පියාගේ නම මනුවෙල් රාජපක්ෂ යි. චොප්පෙ ඉගෙන ගත්තේ කුප්පියාවත්ත ආණ්ඩුවේ පාසලේ පහේ පන්තිය දක්වා පමණ යි. පසුව හොඳ ව්‍යාපාරිකයකු වූ මරදාන කරුණාදාස ලර්නර්ස් අධිපති කේ. කරුණාදාසත් චොප්පෙගෙ පන්ති මිත්‍රයෙක්. බාල කාලයේ සිට ම ශරීර ශක්තිය ගැන චොප්පෙ නම් දරා සිටියා.

එකල මරදාන දුම්රිය ස්ථානය -s on of the morninglight.wordpress.com

හොඳ ශක්තිමත් ශරීරයක් ඔහු සතු උනා. ඒ හින්දා කෙනකුට දුර සිට ම දරුණු මුෂ්ටි ප්‍රහාරයක් එල්ල කිරීමේ අපූරු හැකියාවක් ඔහු සතු වුණා. දකුණු කකුල ඉහළට නවා බෙල්ල වටේ ඔතා ගැනීමේ විස්මිත හැකියාවක් ද චොප්පෙට තිබු බව කියවෙනවා. කෙසේවුවත් ඉගෙනීමට කිසි උනන්දුවක් නම් ඔහුට තිබී නැහැ.

උදේ හය වන විට පාසලට යන ධර්මදාස ඇතුළු මිතුරු පිරිසගේ ප්‍රියත ම ක්‍රීඩාව වුණේ තාච්චි පැනීම යි. ක්‍රීඩා පිටියේ ඉර මැද සිටින ධර්මදාස පසුකර යාමට කිසිවකුටත් ඉඩ ලැබෙන්නේ නැහැ. ඔහු දිගු අත්වලින් අල්ලා ප්‍රතිවාදියා මෙල්ල කර ගන්නවා. මේ නිසා බාල කාලයේ ම ඔහු පාසලේ ප්‍රකට චරිතයක් වී සිටියා.

මේ පවුලේ පිරිමි පස් දෙනා ම චණ්ඩින් විදිහටයි ලොකුමහත් වුණේ. ඔවුන් කවුරුවත් උසස් අධ්‍යාපනයක් ලැබූ අය නොවෙයි. මේ පස් දෙනාට ම ඒ කාලෙ මිනිස්සු බයෙන් හිටියා. චොප්පේ තමයි ඒ චණ්ඩි රැලේ ප්‍රධානියා ලෙස කටයුතු කළ්.

මරදානේ චණ්ඩියා

එක්දහස් නවසිය හැට දශකයේ මුළු මරදාන ප්‍රදේශය ම එනම්, සන්තබස්තියම, කුප්පියාවත්ත, පරණවාඩිය, ස්ටොක් වත්ත, පුංචිබොරැල්ල යන ප්‍රදේශ හොල්ලාගෙන සිටියේ චොප්පෙ අයියා බව පැවසෙනවා. චොප්පෙ අයියා ඉන්න කාලයේ මරදානේ හොරු, කප්පම්කාරයෝ සිටියේ නැති බවත් අදත් වැඩිහිටියන් කියක කතාවක්. ඔහුට කඩවසම් සිරුරක් ද නිර්භීත සිතක් ද පැවති බවයි කියන්නේ. ඒ කාලෙ ඔහුගේ සහායෝගය ලබාගැනීමට ධනවතුන්, දේශපාලන බලවතුන් පවා පැමිණි බව නොරහසක්.

එකල චීනාඩි නම් සටන් කලාව ජනප්‍රිය වූ කාලයක්. ඔහු දක්ෂ චීනාඩි කාරයෙක් ලෙසත් ප්‍රසිද්ධ යි. චොප්පෙ අයියා චීනාඩි සටන් කලාව හදාරා තිබෙන්නේ මරදානට නුදුරු කෙහෙල්වත්තේ චීනාඩි සයිමන් අයියාගෙන් බව යි පැවසෙන්නේ. බිම සිට අහසට පැන වේගවත් අහස් ප්‍රහාර එල්ල කර සතුරා අඩපණ කිරීමට ඔහු සමත් ව තිබෙනවා. ඒ දිනවල වාර්ෂික ව පැවැත්වුණු බොරැල්ල කානිවල් දැක්ම විශාල පිරිසක් එක්වුණු ස්ථානයක් වුණා. එහිදී චොප්පෙ අයියා ඔට්ටු දමා නන්දිසේන කුරේ සමග චීනාඩි ගහ ගන්නා බවත් එය නැරඹීමට ජනතාව පෙරකමින් පැමිණෙන බවත් කියවෙනවා. ඔහු බිලියඩ් ක්‍රීඩාවටත් විශේෂ දස්කම් දැක්වූ බව පැවසෙනවා.

චොප්පෙ අයියා තම මිතුරන් සමඟ රවුම් ගැසුවේ 2 ශ්‍රී 4016 දරන මොරිස් මයිනර් කාර් එකෙ යි. එහි හිමිකරු වුණේ මරදාන කරුණාදාස ලර්නර්ස් අධිපති කරුණාදාස යි.

මදාවි සෝමේ හෙවත් අඹවත්ත හේවාගේ සෝමපාල, ජෙෆ්රි නානා, බෙනඩික් අයියා, මාලිගාවත්තේ ජෝපි වගේ අය ඔහුගේ දාමරික පිරිස නියෝජනය කළා. මදාවි සෝමේ 1964 දී වේගයෙන් ගමන් කළ වෑන් රථයකින් බිමට පැනීමෙන් මිය ගොස් තිබෙනවා. සීනි මල්ලී, මාෂල්, සර්පීනු, හර්මන් වැනි දාමරිකයන් ද එකල කොළඹ ජීවත් වුණා.

චණ්ඩියා චිත්‍රපටය

1960 දශකය ගාමිණී ෆොන්සේකා රංගනයෙන් කිරුළු දැරූ සමය යි. ගාමිණීගේ සටන් ජවනිකා සහිත චිත්‍රපට තිරගත වුණේ ආදායම් වාර්තා තබමින්. මේ අතර ටයිටස් තොටවත්ත අධ්‍යක්ෂණය කළ ගාමිණි ප්‍රධාන චරිතය රඟපාන චණ්ඩියා චිත්‍රපටයට ( 1965 තිරගත වූ) සහාය නළුවන් සෙවීමට ගාමිණි ෆොන්සේකා කටයුතු කරමින් සිටියා.

චණ්ඩියා චිත්‍රපටයේ ගාමිණී – lankadeepa.lk

මෙහි සහාය චරිතයකට සැබෑ චණ්ඩියෙක් යොදා ගැනිමට ගාමිණීට අදහසක් තිබුණා. මේ නිසා ඔහු මරදානට ඇවිත් චොප්පෙ හමුවුණු බව පැවසෙනවා. එහිදි ‘මොකක්ද රඟපාන්න තියෙන්නේ?’ යනුවෙන් චොප්පෙ අසා තිබෙනවා.

චණ්ඩියා චිත්‍රපටයේ බිලියඩ් ක්‍රීඩා දර්ශනයක් – lankadeepa.lk

‘ෆයිට්වලදී මගෙන් ගුටිකන්න තමයි වෙන්නේ..!’ යයි ගාමිණි එවිට පවසා ඇති අතර චොප්පෙ එයට අකමැති වී තිබෙන්නේ චිත්‍රපටවල වීරයා ගාමිණී වුණත් තමන් කාගෙන්වත් රඟපෑමේදීවත් ගුටිකෑමට කැමති නැති බව කියමින්. ඒ අතර ම චිත්‍රපටයේ කඩුකිනිසි සටන්වලට සහ අතින්පයින් ගහන විට අවශ්‍ය උපදෙස් චොප්පෙගෙන් ගාමිණී ලබා ගත් බවටත් කතා තිබෙනවා. චණ්ඩියා තිර පිටපත ලිවීමටත් ටයිටස් තොටවත්ත මරදානේ ඇවිද එකල සිටි චණ්ඩින්ගේ හැසිරීම් නිරීක්ෂණය කර තිබෙන බවත් සඳහන් වෙනවා.

චණ්ඩි වැඩ

චොප්පෙ යනු තම නියම නමින් කිසිවෙක් හඳුනන චරිතයක් නොවේ. ඔහු පොලිස් නිලධාරින්ට නිතර අරියාදු කළ බවත් මේ නිසා පොලිසිය ඔහු සමඟ නොහොඳින් සිටි බවත් කියවෙනවා. පොලිස් නිලධාරින් සමඟ ආරාවුල්වලට ගොස් ඔවුන්ට පහරදීමත් චොප්පෙ සිදු කර තිබෙනවා. පොලිසියට නොබිය ව පහර දුන් කෙනා සාමාන්‍ය ජනතාව අතර වීරයෙක් වී තිබෙනවා. එය හරියට උතුවන්කන්දේ සරදියෙල් චරිතයේ නූතන පිළිබිඹුවක් වගේ

මරදාන පොලිසිය අද

චොප්පෙ හැමදා ම රෑට පාපැදියක නැගී පාර දිගේ පැද යාම සිරිතක් කොටගෙන සිටියා. විදුලි පන්දමක් ද එළිය කරගෙන තමයි ඔහු රෑට යන්නේ. මේ නිසා හොරු සහ ආපරාධකරුවන්ගෙන් මරදාන බේරී තිබුණු බවත් කියවෙනවා. සමහර අවස්ථාවලදී පොලිසියත් ඔහුගේ සහාය ලබා ගෙන ඇතැයි පවසනවා. ඒ අතර ම නීතිය අතට ගෙන නඩු විසඳීමත් ඔහු කළා. අවට ජනතාව අසාධාරණකම්වලට පිහිට පතා පැමිණියේ චොප්පෙ අය්යා ළඟට යි.

මේ අතර පොලිසිය චොප්පෙට නිතර චෝදනා එල්ල කර නඩු පවරා තිබෙනවා. එහෙත් පොලිසිය ගත් උත්සාහය නිෂ්ඵල වී තිබෙන්නේ පැමිණිල්ල ගොනු කළ ද සාක්ෂි දීමට කිසිවකු හෝ ඉදිරිපත් නොවීම නිස යි. මේ අතර චොප්පෙගෙ බලවත් බව තවත් එක්තරා අපරාධ කරුවන් පිරිසකට තර්ජනයක් වී තිබුණා. ඔවුන් රහසිගත ව සංවිධානය වෙමින් තිබුණේ මේ පුද්ගලයාගෙන් පලිගැනීමට යි.

වෙ. වි. ගේ පාකර් පෑන

දිනක් වෙ.වී. අබේගුණවර්ධන කියන ප්‍රවීණ පත්තර කතුවරයාගේ පාකර් පෑනක් බම්බලපිටියේදි පික් පොකට් ගසා තිබෙනවා. පාකර් කියන්නේ ඉතා වටිනා පෑනක් නිසා ඔහු ඒ ගැන පැමිණිලි කිරීමට බම්බලපිටිය පොලිසියට ගියා.

වෙ. වි. අභයගුණවර්ධන – godage.com

‘අපිට කියල වැඩක් නැහැ. මරදානෙ චොප්පෙට කියල බලන්න’ පොලීසියේ පිළිතුර වුණා. වෙ. වි. අබේගුණවර්ධන මරදානට පැමිණ චොප්පෙ අයියා හමුවුණා. විස්තර විමසූ චොප්පෙ පැවසුවේ පසුදින උදේ අටට පැමිණ ඔහු හමුවන ලෙස යි.

චොප්පෙ අයියා ඒ සැණකින් බම්බලපිටියේ පාලට පණිවිඩයක් යැව්වා. බම්බලපිටියේ චණ්ඩියා වුණේ පාල යි. හිතවත් මහත්තයකුගේ පාකර් පෑනක් අද බම්බලපිටිය හන්දියේ දි පික්පොකට් ගසා ඇති බවත් එය සයො ලබාදෙන ලෙසත් ඔහු පැවසුවා. පසුදින වෙ. වි. චොප්පෙ හමුවීමට ගියා. එවිට නැතිවූ පාකර් පෑන ඔහුට ලැබුණා.

ආචාර්ය ආරියරත්න මැරීමට කොන්ත්‍රාත්තුවක්

එකල කොළඹ 10 මරදාන පාරේ අංක 493 දෙල්ගහයට ගෙදර විසූවේ සර්වෝදයේ නායක ආචාර්ය ඒ.ටී. ආරියරත්න යි. ඔහු එවකට නාලන්ද විද්‍යාලයේ තරුණ ගුරුවරයකු ලෙස කටයුතු කරමින් තමයි සිටියේ. ඔහුගේ පාසලේ සමාජ වැඩ සහ ජනප්‍රියත්වය තවත් පිරිසක් කෝප ගැන්වීමට සමත් ව තිබුණා.

දෙල්ගහයට ගෙදර විප්ලවය පොත සහ කොන්ත්‍රාත්තුව ගැන සඳහන් පිටුව – facebook

ඔහුව මැරීමටත් තවත් ගුරුවරුන් දෙදෙනකුට තුවාල කිරීමටත් කොන්ත්‍රාත්තුවක් ලබාදී තිබුණේ චොප්පෙට යි. ඒ ගැන චොප්පෙගෙ අසල්වාසී නිවසක පදිංචි ශිෂ්‍යයකුගෙන් ආරියරත්නට දැන ගැනීමට ලැබුණා. ආරියරත්න හමු වූ චොප්පෙ ඔහුගේ උසස් අරමුණු දැන ගෙන කොන්ත්‍රාත්තුව ඉවතට දමා ඔහුත් සමඟ මිත්‍රවූ කතාව ද ප්‍රකට සිද්ධියක්.

අවමඟුලට හෙලිකොප්ටරයක්

චොප්පෙට එරෙහි සතුරු පිරිස අවසානයේ ජය ගත්තා. 1968 ඔක්තෝබර් 16 දින පිහිවලින් කපා කොටා ඔහු ඝාතනය කර තිබුණා. අවසානයෙ චොප්පෙටත් අත්වුණේ සෑම චණ්ඩියකුට වගේ ම අත්වන මහ මඟ අකල් මරණයක්. ඒ වනවිට ඔහුගේ වයස අවුරුදු 33ක් පමණ යි. ඔහුගේ මරණයෙන් පසු දරුවන්ට පියකු අහිමි වුණා. බිරියට සැමියා අහිමි වුණා. ඔහුගේ අවමඟුල් උත්සවය මහත් උත්සවාකාරයෙන් පවත්වා තිබෙනවා. මරදානේ පමණක් නොවෙයි තවත් බොහෝ පැතිවලින් ජනතාව එයට එක්වූ බව වාර්තා වෙනවා. කුඩා හෙලිකොප්ටරයකින් දේහය ගෙන යන අවමඟුල් පෙරහරට මල් ඉසිනු ලැබුවා. චොප්පෙගෙ අවමඟුල් උත්සවයෙ ස්තුති කතාව කළේ ගාමිණි ෆොන්සේකා බව සඳහන් වෙනවා.

ගුණසමරුවට එල්ලූ බැනරයක් – facebook

චොප්පෙ අයියා මියගොස් වසර පනහක් පිරීම වෙනුවෙන් 2018 ගුණසමරු උත්සවයක් මරදානේ දී පැවැත්වුණා. එම උත්සවයටත් අතීතය සිහිපත් කරමින් විශාල පිරිසක් සහභාගි වී සිටියා. කෙසේ වුවත් ඒ වනවිට ඔහුගේ හිතවත් චණ්ඩින් නම් කවුරුවත් ජීවත්ව සිටියේ නැහැ.

මූලාශ්‍ර:

Lankadeepa.lk

බ්ලොගර් - කුසුම්සිරි විජේවර්ධන

රෝර්මිඩියා

චායාරුප අන්තර්ජාලයෙනි

ඉරිදා ලක්බිම පුවත්පතට පීටර් කැනියුට් පෙරේරා ලියූ ලිපිය

දෙල්ගහයට ගෙදර විප්ලවය- ගුණදාස ලියනගේ

[QUOTE="NRTG, post: 29071248, member: 573158"] [SIZE=6]ධර්මදාස රාජපක්ෂ නොහොත් මරදානේ චොප්පේ....[/SIZE] [SIZE=4]අද වගේ නීතිය අතට ගත්ත කෙරුම්කාරයෝ ගැන පසුගිය සියවසේ මුල් කාලෙ ඉඳන් ම අපට අහන්න ලැබෙනවා. හැබැයි ඉතින් මේගොල්ල චණ්ඩි පාට් දැම්මේ අතේ පයේ හයියෙන්, නැත්නම් කඩු පොලු අරගෙන මිසක් අද වගේ ටී 56 බලයෙන් නම් නොවෙයි. මේ අතරින් මරදානේ චොප්පෙ කියන්නේ කොළඹ විතරක් නෙවෙයි එදා රට ම දන්නා චණ්ඩියෙක්. චොප්පෙ මැරිලා අවුරුදු 53ක් වුණත් අදත් කොළඹ මරදාන අවට ජනතාව චොප්පෙ ගැන කතා වෙනවා. [IMG width="684px"]https://i.imgur.com/3GfRlde.jpg[/IMG] චොප්පෙ අය්යා බිරිය සහ හිතවතුන් සමඟ -facebook[/SIZE] [HEADING=1]ජීවන තතු[/HEADING] [SIZE=4]එදා මරියකඩේ කියන වත්මන් මරදාන තමයි චොප්පෙගෙ උපන් බිම වුණේ. දැන් ඒ හරියට කියන්නේ ඩීන්ස් පාර කියලා. අද නම් මහල් ගොඩනැගිලි, සාප්පු නිසා දැනට දශක 6-7කට ඉහත පැවති ස්වරූපය වෙනස් වෙලා. චොප්පෙ අය්යාගෙ දරුවො නම් තවමත් මරදානේ ජීවත් වෙනවා. කිත්සිරි රාජපක්ෂ කියන්නේ චොප්පෙ අයියාගේ දෙවැනි දරුවා යි. ඔහු කොළඹ නගර සභාවේ එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරයෙක් ලෙසත් කටයුතු කළ කෙනෙක්. [IMG]http://undefined[/IMG][IMG width="564px"]https://i.imgur.com/28TQhom.jpg[/IMG] මරියකඩේ අද ස්වභාවය – mapio.com 1935 පෙබරවාරි හතර වැනිදා තමයි මොහොට්ටිගේ දොන් ධර්මදාස රාජපක්ෂ නොහොත් චොප්පෙ අයියා උපත ලැබුවේ. ඔහුට සහෝදරයන් සතර දෙනකු හිටියා. ලෝර්ඩ්, ප්‍රියන්ත, මුනිදාස, පොඩි මහත්තයා ඒ හතර දෙනා යි. ධර්මදාස රාජපක්ෂ නොහොත් චොප්පෙගෙ පියාගේ නම මනුවෙල් රාජපක්ෂ යි. චොප්පෙ ඉගෙන ගත්තේ කුප්පියාවත්ත ආණ්ඩුවේ පාසලේ පහේ පන්තිය දක්වා පමණ යි. පසුව හොඳ ව්‍යාපාරිකයකු වූ මරදාන කරුණාදාස ලර්නර්ස් අධිපති කේ. කරුණාදාසත් චොප්පෙගෙ පන්ති මිත්‍රයෙක්. බාල කාලයේ සිට ම ශරීර ශක්තිය ගැන චොප්පෙ නම් දරා සිටියා. [IMG width="578px"]https://i.imgur.com/Eq7J1wd.jpg[/IMG][/SIZE] [SIZE=4]එකල මරදාන දුම්රිය ස්ථානය -s on of the morninglight.wordpress.com හොඳ ශක්තිමත් ශරීරයක් ඔහු සතු උනා. ඒ හින්දා කෙනකුට දුර සිට ම දරුණු මුෂ්ටි ප්‍රහාරයක් එල්ල කිරීමේ අපූරු හැකියාවක් ඔහු සතු වුණා. දකුණු කකුල ඉහළට නවා බෙල්ල වටේ ඔතා ගැනීමේ විස්මිත හැකියාවක් ද චොප්පෙට තිබු බව කියවෙනවා. කෙසේවුවත් ඉගෙනීමට කිසි උනන්දුවක් නම් ඔහුට තිබී නැහැ. උදේ හය වන විට පාසලට යන ධර්මදාස ඇතුළු මිතුරු පිරිසගේ ප්‍රියත ම ක්‍රීඩාව වුණේ තාච්චි පැනීම යි. ක්‍රීඩා පිටියේ ඉර මැද සිටින ධර්මදාස පසුකර යාමට කිසිවකුටත් ඉඩ ලැබෙන්නේ නැහැ. ඔහු දිගු අත්වලින් අල්ලා ප්‍රතිවාදියා මෙල්ල කර ගන්නවා. මේ නිසා බාල කාලයේ ම ඔහු පාසලේ ප්‍රකට චරිතයක් වී සිටියා. මේ පවුලේ පිරිමි පස් දෙනා ම චණ්ඩින් විදිහටයි ලොකුමහත් වුණේ. ඔවුන් කවුරුවත් උසස් අධ්‍යාපනයක් ලැබූ අය නොවෙයි. මේ පස් දෙනාට ම ඒ කාලෙ මිනිස්සු බයෙන් හිටියා. චොප්පේ තමයි ඒ චණ්ඩි රැලේ ප්‍රධානියා ලෙස කටයුතු කළ්.[/SIZE] [HEADING=1]මරදානේ චණ්ඩියා[/HEADING] [SIZE=4]එක්දහස් නවසිය හැට දශකයේ මුළු මරදාන ප්‍රදේශය ම එනම්, සන්තබස්තියම, කුප්පියාවත්ත, පරණවාඩිය, ස්ටොක් වත්ත, පුංචිබොරැල්ල යන ප්‍රදේශ හොල්ලාගෙන සිටියේ චොප්පෙ අයියා බව පැවසෙනවා. චොප්පෙ අයියා ඉන්න කාලයේ මරදානේ හොරු, කප්පම්කාරයෝ සිටියේ නැති බවත් අදත් වැඩිහිටියන් කියක කතාවක්. ඔහුට කඩවසම් සිරුරක් ද නිර්භීත සිතක් ද පැවති බවයි කියන්නේ. ඒ කාලෙ ඔහුගේ සහායෝගය ලබාගැනීමට ධනවතුන්, දේශපාලන බලවතුන් පවා පැමිණි බව නොරහසක්.[/SIZE] [SIZE=4]එකල චීනාඩි නම් සටන් කලාව ජනප්‍රිය වූ කාලයක්. ඔහු දක්ෂ චීනාඩි කාරයෙක් ලෙසත් ප්‍රසිද්ධ යි. චොප්පෙ අයියා චීනාඩි සටන් කලාව හදාරා තිබෙන්නේ මරදානට නුදුරු කෙහෙල්වත්තේ චීනාඩි සයිමන් අයියාගෙන් බව යි පැවසෙන්නේ. බිම සිට අහසට පැන වේගවත් අහස් ප්‍රහාර එල්ල කර සතුරා අඩපණ කිරීමට ඔහු සමත් ව තිබෙනවා. ඒ දිනවල වාර්ෂික ව පැවැත්වුණු බොරැල්ල කානිවල් දැක්ම විශාල පිරිසක් එක්වුණු ස්ථානයක් වුණා. එහිදී චොප්පෙ අයියා ඔට්ටු දමා නන්දිසේන කුරේ සමග චීනාඩි ගහ ගන්නා බවත් එය නැරඹීමට ජනතාව පෙරකමින් පැමිණෙන බවත් කියවෙනවා. ඔහු බිලියඩ් ක්‍රීඩාවටත් විශේෂ දස්කම් දැක්වූ බව පැවසෙනවා. චොප්පෙ අයියා තම මිතුරන් සමඟ රවුම් ගැසුවේ 2 ශ්‍රී 4016 දරන මොරිස් මයිනර් කාර් එකෙ යි. එහි හිමිකරු වුණේ මරදාන කරුණාදාස ලර්නර්ස් අධිපති කරුණාදාස යි. මදාවි සෝමේ හෙවත් අඹවත්ත හේවාගේ සෝමපාල, ජෙෆ්රි නානා, බෙනඩික් අයියා, මාලිගාවත්තේ ජෝපි වගේ අය ඔහුගේ දාමරික පිරිස නියෝජනය කළා. මදාවි සෝමේ 1964 දී වේගයෙන් ගමන් කළ වෑන් රථයකින් බිමට පැනීමෙන් මිය ගොස් තිබෙනවා. සීනි මල්ලී, මාෂල්, සර්පීනු, හර්මන් වැනි දාමරිකයන් ද එකල කොළඹ ජීවත් වුණා.[/SIZE] [HEADING=1]චණ්ඩියා චිත්‍රපටය[/HEADING] [SIZE=4]1960 දශකය ගාමිණී ෆොන්සේකා රංගනයෙන් කිරුළු දැරූ සමය යි. ගාමිණීගේ සටන් ජවනිකා සහිත චිත්‍රපට තිරගත වුණේ ආදායම් වාර්තා තබමින්. මේ අතර ටයිටස් තොටවත්ත අධ්‍යක්ෂණය කළ ගාමිණි ප්‍රධාන චරිතය රඟපාන චණ්ඩියා චිත්‍රපටයට ( 1965 තිරගත වූ) සහාය නළුවන් සෙවීමට ගාමිණි ෆොන්සේකා කටයුතු කරමින් සිටියා.[/SIZE] [IMG width="528px"]https://i.imgur.com/DpPlj7S.jpg[/IMG] චණ්ඩියා චිත්‍රපටයේ ගාමිණී – lankadeepa.lk [SIZE=4]මෙහි සහාය චරිතයකට සැබෑ චණ්ඩියෙක් යොදා ගැනිමට ගාමිණීට අදහසක් තිබුණා. මේ නිසා ඔහු මරදානට ඇවිත් චොප්පෙ හමුවුණු බව පැවසෙනවා. එහිදි ‘මොකක්ද රඟපාන්න තියෙන්නේ?’ යනුවෙන් චොප්පෙ අසා තිබෙනවා. [IMG width="624px"]https://i.imgur.com/tAWGJTg.jpg[/IMG] චණ්ඩියා චිත්‍රපටයේ බිලියඩ් ක්‍රීඩා දර්ශනයක් – lankadeepa.lk ‘ෆයිට්වලදී මගෙන් ගුටිකන්න තමයි වෙන්නේ..!’ යයි ගාමිණි එවිට පවසා ඇති අතර චොප්පෙ එයට අකමැති වී තිබෙන්නේ චිත්‍රපටවල වීරයා ගාමිණී වුණත් තමන් කාගෙන්වත් රඟපෑමේදීවත් ගුටිකෑමට කැමති නැති බව කියමින්. ඒ අතර ම චිත්‍රපටයේ කඩුකිනිසි සටන්වලට සහ අතින්පයින් ගහන විට අවශ්‍ය උපදෙස් චොප්පෙගෙන් ගාමිණී ලබා ගත් බවටත් කතා තිබෙනවා. චණ්ඩියා තිර පිටපත ලිවීමටත් ටයිටස් තොටවත්ත මරදානේ ඇවිද එකල සිටි චණ්ඩින්ගේ හැසිරීම් නිරීක්ෂණය කර තිබෙන බවත් සඳහන් වෙනවා.[/SIZE] [HEADING=1]චණ්ඩි වැඩ[/HEADING] [SIZE=4]චොප්පෙ යනු තම නියම නමින් කිසිවෙක් හඳුනන චරිතයක් නොවේ. ඔහු පොලිස් නිලධාරින්ට නිතර අරියාදු කළ බවත් මේ නිසා පොලිසිය ඔහු සමඟ නොහොඳින් සිටි බවත් කියවෙනවා. පොලිස් නිලධාරින් සමඟ ආරාවුල්වලට ගොස් ඔවුන්ට පහරදීමත් චොප්පෙ සිදු කර තිබෙනවා. පොලිසියට නොබිය ව පහර දුන් කෙනා සාමාන්‍ය ජනතාව අතර වීරයෙක් වී තිබෙනවා. එය හරියට උතුවන්කන්දේ සරදියෙල් චරිතයේ නූතන පිළිබිඹුවක් වගේ [IMG]http://undefined[/IMG][img]https://i.imgur.com/noTgQgh.jpg[/img] මරදාන පොලිසිය අද චොප්පෙ හැමදා ම රෑට පාපැදියක නැගී පාර දිගේ පැද යාම සිරිතක් කොටගෙන සිටියා. විදුලි පන්දමක් ද එළිය කරගෙන තමයි ඔහු රෑට යන්නේ. මේ නිසා හොරු සහ ආපරාධකරුවන්ගෙන් මරදාන බේරී තිබුණු බවත් කියවෙනවා. සමහර අවස්ථාවලදී පොලිසියත් ඔහුගේ සහාය ලබා ගෙන ඇතැයි පවසනවා. ඒ අතර ම නීතිය අතට ගෙන නඩු විසඳීමත් ඔහු කළා. අවට ජනතාව අසාධාරණකම්වලට පිහිට පතා පැමිණියේ චොප්පෙ අය්යා ළඟට යි. මේ අතර පොලිසිය චොප්පෙට නිතර චෝදනා එල්ල කර නඩු පවරා තිබෙනවා. එහෙත් පොලිසිය ගත් උත්සාහය නිෂ්ඵල වී තිබෙන්නේ පැමිණිල්ල ගොනු කළ ද සාක්ෂි දීමට කිසිවකු හෝ ඉදිරිපත් නොවීම නිස යි. මේ අතර චොප්පෙගෙ බලවත් බව තවත් එක්තරා අපරාධ කරුවන් පිරිසකට තර්ජනයක් වී තිබුණා. ඔවුන් රහසිගත ව සංවිධානය වෙමින් තිබුණේ මේ පුද්ගලයාගෙන් පලිගැනීමට යි.[/SIZE] [HEADING=1]වෙ. වි. ගේ පාකර් පෑන[/HEADING] [SIZE=4]දිනක් වෙ.වී. අබේගුණවර්ධන කියන ප්‍රවීණ පත්තර කතුවරයාගේ පාකර් පෑනක් බම්බලපිටියේදි පික් පොකට් ගසා තිබෙනවා. පාකර් කියන්නේ ඉතා වටිනා පෑනක් නිසා ඔහු ඒ ගැන පැමිණිලි කිරීමට බම්බලපිටිය පොලිසියට ගියා. [IMG width="551px"]https://i.imgur.com/Gkxps2P.jpg[/IMG] වෙ. වි. අභයගුණවර්ධන – godage.com ‘අපිට කියල වැඩක් නැහැ. මරදානෙ චොප්පෙට කියල බලන්න’ පොලීසියේ පිළිතුර වුණා. වෙ. වි. අබේගුණවර්ධන මරදානට පැමිණ චොප්පෙ අයියා හමුවුණා. විස්තර විමසූ චොප්පෙ පැවසුවේ පසුදින උදේ අටට පැමිණ ඔහු හමුවන ලෙස යි. චොප්පෙ අයියා ඒ සැණකින් බම්බලපිටියේ පාලට පණිවිඩයක් යැව්වා. බම්බලපිටියේ චණ්ඩියා වුණේ පාල යි. හිතවත් මහත්තයකුගේ පාකර් පෑනක් අද බම්බලපිටිය හන්දියේ දි පික්පොකට් ගසා ඇති බවත් එය සයො ලබාදෙන ලෙසත් ඔහු පැවසුවා. පසුදින වෙ. වි. චොප්පෙ හමුවීමට ගියා. එවිට නැතිවූ පාකර් පෑන ඔහුට ලැබුණා.[/SIZE] [HEADING=1]ආචාර්ය ආරියරත්න මැරීමට කොන්ත්‍රාත්තුවක්[/HEADING] එකල කොළඹ 10 මරදාන පාරේ අංක 493 දෙල්ගහයට ගෙදර විසූවේ සර්වෝදයේ නායක ආචාර්ය ඒ.ටී. ආරියරත්න යි. ඔහු එවකට නාලන්ද විද්‍යාලයේ තරුණ ගුරුවරයකු ලෙස කටයුතු කරමින් තමයි සිටියේ. ඔහුගේ පාසලේ සමාජ වැඩ සහ ජනප්‍රියත්වය තවත් පිරිසක් කෝප ගැන්වීමට සමත් ව තිබුණා. [IMG width="517px"]https://i.imgur.com/m9rDNk2.jpg[/IMG] දෙල්ගහයට ගෙදර විප්ලවය පොත සහ කොන්ත්‍රාත්තුව ගැන සඳහන් පිටුව – facebook ඔහුව මැරීමටත් තවත් ගුරුවරුන් දෙදෙනකුට තුවාල කිරීමටත් කොන්ත්‍රාත්තුවක් ලබාදී තිබුණේ චොප්පෙට යි. ඒ ගැන චොප්පෙගෙ අසල්වාසී නිවසක පදිංචි ශිෂ්‍යයකුගෙන් ආරියරත්නට දැන ගැනීමට ලැබුණා. ආරියරත්න හමු වූ චොප්පෙ ඔහුගේ උසස් අරමුණු දැන ගෙන කොන්ත්‍රාත්තුව ඉවතට දමා ඔහුත් සමඟ මිත්‍රවූ කතාව ද ප්‍රකට සිද්ධියක්. [HEADING=1]අවමඟුලට හෙලිකොප්ටරයක්[/HEADING] [SIZE=4]චොප්පෙට එරෙහි සතුරු පිරිස අවසානයේ ජය ගත්තා. 1968 ඔක්තෝබර් 16 දින පිහිවලින් කපා කොටා ඔහු ඝාතනය කර තිබුණා. අවසානයෙ චොප්පෙටත් අත්වුණේ සෑම චණ්ඩියකුට වගේ ම අත්වන මහ මඟ අකල් මරණයක්. ඒ වනවිට ඔහුගේ වයස අවුරුදු 33ක් පමණ යි. ඔහුගේ මරණයෙන් පසු දරුවන්ට පියකු අහිමි වුණා. බිරියට සැමියා අහිමි වුණා. ඔහුගේ අවමඟුල් උත්සවය මහත් උත්සවාකාරයෙන් පවත්වා තිබෙනවා. මරදානේ පමණක් නොවෙයි තවත් බොහෝ පැතිවලින් ජනතාව එයට එක්වූ බව වාර්තා වෙනවා. කුඩා හෙලිකොප්ටරයකින් දේහය ගෙන යන අවමඟුල් පෙරහරට මල් ඉසිනු ලැබුවා. චොප්පෙගෙ අවමඟුල් උත්සවයෙ ස්තුති කතාව කළේ ගාමිණි ෆොන්සේකා බව සඳහන් වෙනවා. [IMG width="305px"]https://i.imgur.com/ver4f7k.jpg[/IMG] ගුණසමරුවට එල්ලූ බැනරයක් – facebook චොප්පෙ අයියා මියගොස් වසර පනහක් පිරීම වෙනුවෙන් 2018 ගුණසමරු උත්සවයක් මරදානේ දී පැවැත්වුණා. එම උත්සවයටත් අතීතය සිහිපත් කරමින් විශාල පිරිසක් සහභාගි වී සිටියා. කෙසේ වුවත් ඒ වනවිට ඔහුගේ හිතවත් චණ්ඩින් නම් කවුරුවත් ජීවත්ව සිටියේ නැහැ.[/SIZE] [SIZE=2]මූලාශ්‍ර: Lankadeepa.lk බ්ලොගර් - කුසුම්සිරි විජේවර්ධන රෝර්මිඩියා චායාරුප අන්තර්ජාලයෙනි ඉරිදා ලක්බිම පුවත්පතට පීටර් කැනියුට් පෙරේරා ලියූ ලිපිය දෙල්ගහයට ගෙදර විප්ලවය- ගුණදාස ලියනගේ[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom