Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
පාදඩ ආඥා පනත අයාලේ යාම… (මීට පස්සේ නිකං යන්න එපා 😄)
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

FILE - In this Oct. 25, 2006 file photo, a policeman watches over a group of suspected sex workers during an inspection of a nightclub in Beijing. Police in China frequently beat, torture and arbitrarily detain suspected sex workers, often with little or no evidence that they engaged in prostitution, Human Rights Watch said in a report Tuesday, May 14, 2013, calling on the government to discipline abusive officers. (AP Photo/EyePress, File) CHINA OUT

“දවසක් මම බස් හෝල්ට් එකේ ඉන්නකොට මහ දවාලේ පොලිසියෙන් අරන් ගියා, කිසිම චෝදනාවක් නැතුව. රෑ 11 වෙනකල් මාව පොලිසිය ඇතුලේ නිකම්ම තියාගෙන හිටිය. රෑ 11ට තමයි කටඋත්තරයක් ලියාගන්න පටන් ගත්තේ. ඊට පස්සේ අයාලේ යාම කියන චෝදනාව යටතේ මාව උසාවියට දැම්ම.”

“පස්සේ තමයි මම දැන ගත්තේ, කටඋත්තරයක් ලියන්න රෑ වෙනකල් හිටියේ ඇයි කියල. එතකොට උසාවියේදී කෑගහල කියන්න පුළුවන්නේ මහ රෑ අයාලේ ගිහින් අහුවුනා කියල. පොලිසියට නඩු මදි වුනත් අපිව තමයි හොයාගෙන එන්නේ.”

‘ඔහු’ ලෙස ඉපිද ‘ඇය’ ලෙස ජීවත් වන මාධවී හෙළි කළේ තමන් මුහුණ දුන් කටුක අත්දැකීම් දහසකින් එකක් පමණි.

ඇය සංක්‍රාන්ති සමාජභාවී ස්ත්‍රියකි. තිස් දෙහැවිරිදි ඇය දැන් ජීවත් වන්නේ තනිවමය. දෙමාපියන්ගෙන් වෙන්වී ගමෙන් පලායාමට සිදුවූයේ ද ඇයගේ ලිංගිකත්වය වෙනස්වීම නිසාම ය.

“මේ වගේ නීති දැන් පාවිච්චි කරන්නේ අපි වගේ අහිංසකයන් දඩයම් කරන්න ම විතරයි,” මාධවී මඳක් නිහඬව සිට කීවාය.මෙය ගැමි වහරේ හඳුන්වන්නේ ‘පාදඩ නීතිය’ යනුවෙනි. බ්‍රිතාන්‍ය පාලන සමයේ ශ්‍රී ලංකාවට හඳුන්වා දුන් පාදඩ ආඥා පනත මගින් මීට අවශ්‍ය නීතිමය පදනම සකස් වී ඇත.

ඈත අතීතයේ කෙටුම්පත් වූ ඉපැරණි නීති තවමත් ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වීම ගැන ක්‍රියාධරයන් කනස්සල්ල පළ කරමින් සිටියදී, සම ලිංගික විවාහ පවා බොහෝ රටවල නීතිගත වෙමින් පවතී.

මීට ආසන්නතම උදාහරණය ලෙස පසුගියදා ස්විට්සර්ලන්තයේ පැවති ජනමත විචාරණය දැක්විය හැකිය. එරට ඡන්ද දායකයන්ගෙන් තුනෙන් දෙකකට ආසන්න ප්‍රමාණයක් සමරිසි විවාහය නීතිගත කලයුතු බව කියාපෑහ.

මේ අනුව සමරිසි විවාහ නීතිගත කෙරෙන ලොව 30වැනි රාජ්‍යය ලෙස ස්විට්සර්ලන්තය ඉතිහාසගත වනු ඇත.

මෙම තත්ත්වය බටහිර රටවලට පමණක් සීමා වූ ප්රවනතාවයක් ලෙස කෙනෙකුට පෙනෙන්නට හැකිය. නමුත් එය එසේ නොවන බව ආසියාතික රටවල් දෙස බලන කල පෙනී යයි.

ගතානුගතික පවුල් සංකල්පය මුල් බැසගෙන පවතින අසල්වැසි ඉන්දියාව, නේපාලය භූතානය සහ තායිලන්තය වැනි රටවල් ද සමරිසිභාවය නීතියෙන් පිළිගෙන හමාරය.

“මේක අයාලේ යාමේ ආඥා පනත කියලත් හඳුන්වනවා. මේක ඉංග්‍රීසින් අපේ රටට ගෙනාවේ 1841දී,” පාදඩ ආඥා පනත ශ්‍රී ලංකාවට හඳුන්වා දීමට මුලික වූ ඉතිහාස කතාව සිහිපත් කරමින් ආචාර්ය නීතීඥ ප්‍රතිභා මහානාමහේවා පැවසීය.

“ඒ දවස්වල වරායට නැව් ආවම ඉංග්‍රීසි නාවිකයෝ ගොඩබිම ඇවිදින්න යනවා. ඔය කාලේ වරාය අද්දර පාරවල් දෙපස ගෙවල් තිබුන. නාවිකයෝ නිතර ගැවසෙන පාරවල් දෙපස තියෙන ගෙවල් ඉස්සරහ නගර ශෝභිනියෝ සැරිසරන්න පුරුදු වෙලා හිටියලු. නාවිකයෝ වෙලාවට ආපහු නැවට ගෙන්වා ගැනීම ටිකක් අමාරු වෙලා තියෙනවා. ඔන්න ඉතින් මේ පාදඩ පනත ගෙනැල්ල අයාලේ ගියා, අශෝභන ලෙස හැසිරුනා කියල අර කාන්තාවන් අත්අඩංගුවට ගන්න පටන් අරගෙන තියෙනවා,” ඔහු විස්තර කළේය.

මෙම ආඥා පනත හා බැඳුනු තවත් ඉතිහාස කතාවක් තිබේ. නීතිඥ චන්ද්‍රපාල කුමාරගේ මීට ඉහතදී එය බීබීසීයට පැහැදිලි කළේ මේ ආකාරයට ය.

“බ්‍රිතාන්‍ය පාලන සමයේ ලංකාවට ගෙනාපු වතු කම්කරුවන් වතුවලින් පැනලා ගිහින් තැන් තැන්වල සැරිසරන්න පටන් ගත්තා. ඒ මිනිස්සු කොටු කරලා නැවත වතුවලට යවන්න තමයි පාදඩ පනත ගෙනාවේ.”

කෙසේ නමුත් ඉන් පැහැදිලි වන්නේ පාදඩ ආඥා පනත යනු ශ්‍රී ලංකාවට නිදහස ලැබෙන්නටත් කලින් ලියැවුණු නීතියක් බවය.

නිදහස ලැබී දැන් බොහෝ කල් ය. ප්රජාතන්ත්රවාදය ස්ථාපනය කර ඇත. මේ නීතිය හඳුන්වා දුන් බ්‍රිතාන්‍යය දැන් ප්රජාතන්ත්රවාදයේ බොහෝ දුරක් ගොස් තිබේ. නමුත් ශ්‍රී ලංකාව තවමත් මෙවැනි ‘යල්පැන ගිය’ නීති කරපින්නාගෙන යන බවට නීති විශාරදයන් මෙන්ම මානව ක්‍රියාධරයෝ ද පවසති.

“මේ පාදඩ නීතිය පාවිච්චි කරලා තමයි පාරේ ඉන්න කාන්තාවන් අත්අඩංගුවට ගන්නේ. ඊට පස්සේ ඒ අයට එරෙහිව චෝදනා ගොනු කරන්න පුළුවන් අශෝභන ලෙස හැසිරුනා, කලහකාරී ලෙස හැසිරුනා, පිරිමි වසඟයට ගන්න උත්සාහ කළා කියල,” කොළඹ විශ්ව විද්‍යාලයේ ශ්‍රීපාලි මණ්ඩපයේ මණ්ඩපාධිපති, ආචාර්ය ප්‍රතිභා මහානාමහේවා පැහැදිලි කළේය.

“බොහෝ විට මොවුන් ගණිකාවන් කියල චෝදනා ගොනු කරනවා. සාක්ෂි හැටියට ඉදිරිපත් කරන්නේ බෑග් එකේ කොන්ඩම් එකක් තිබුනා, පවුඩර් ලිප්ස්ටික් තිබුනා, ලේන්සුවක් තිබුනා. ඔන්න ඔය වගේ දේවල්. උසාවියට දැම්මම බොහෝ වෙලාවට HIV සඳහා ලේ පරීක්ෂා කරන්න දානවා. සමහර අය නිතරම ලේ පරීක්ෂාවට ලක්වීම මගිනුත් හිරිහැරයට ලක්වෙනවා.”

බ්‍රිතාන්‍ය පාලන සමයේ ලියැවුණු තවත් නීති වගන්ති දෙකක් හේතුවෙන් ශ්‍රී ලංකාවේ සමරිසි පුද්ගලයන් ද හිරිහැරයට ලක්වන බවට චෝදනා එල්ල වේ.

ශ්‍රී ලංකාවේ දණ්ඩ නීති සංග්‍රහයේ (1883) 365 සහ 365 (අ) වගන්තිවලට අනුව ‘ස්වභාව ධර්මයට එරෙහි ලිංගික සංසර්ගය’ සාපරාධී වරදකි.

මෙහිදී ‘ස්වභාව ධර්මයට එරෙහි’ ලිංගික ක්‍රියා මොනවාදැයි පැහැදිලිව නිර්වචනය කර නොමැත.

එබැවින් පුරුෂයන් දෙදෙනෙකු අතර හෝ ස්ත්‍රීන් දෙදෙනෙකු අතර සිදුවන ලිංගික ක්‍රියාවක් ‘අස්වාභාවික’ ලෙස සලකා දඬුවම් පැමිණවීමට ඉඩ ප්‍රස්තාව ලැබී ඇති බව නීතිවේදීන්ගේ මතයයි.

බ්‍රිතාන්‍ය පාලන සමයේ පැනවූ මෙම නීති වගන්ති අනුව අදටත් සමලිංගික ඇසුරක් සාපරාධීකරණය කළ හැකිය. වරදකරුවා දස වසරකට සිරගත කළ හැකිය.

එවැනි ලිංගික ඇසුරක් අස්වාභාවික නොවන බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවා පිළිගෙන බොහෝ කල් ය.

ඉහත සඳහන් නීති වගන්ති සියල්ල අවභාවිත කරමින් සමරිසි, ද්වීරිසි සහ සංක්‍රාන්ති සමාජභාවී ආදී ප්‍රජාවන් ඉලක්ක කරගනිමින් නොයෙකුත් ආකාරයේ හිරිහැර සිදුවන බව නීති විශාරදයෝ පෙන්වා දෙති.

‘අස්වාභාවික ලිංගික ක්‍රියා’

“මේ වගන්තිය නිසා සමරිසි අපිව විතරක් නොවෙයි; විෂම ලිංගික කෙනෙකුව වුනත් හිරේ දාන්න පුළුවන්,” යනුවෙන් කොළඹ විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ත්‍යාගරාජා වරදාස් පැවසීය,

මෙම ‘යල්පැන ගිය නීතියේ’ ඇති තවත් “භයානක” පැත්තක් ගැන විස්තර කළේ ශ්‍රී ලංකාවේ සමරිසියෙකු ලෙස විවෘතව පෙනී සිටින (openly gay academic) විශ්වවිද්‍යාල ආචාර්යවරයකු වන ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ත්‍යාගරාජා වරදාස් ය. ඔහු සමරිසි ප්‍රජාවගේ සුබ සාධනය වෙනුවෙන් පෙනී සිටින ක්‍රියාධරයෙකි.

“බ්‍රිතාන්‍ය පාලන සමයේ ලියපු මේ වගන්තිය නිසා විෂම ලිංගිකයන්ට පවා දඬුවම් පැමිණවිය හැකියි. ඒ තරම් මේවා භයානකයි. ‘අස්වාභාවික ලිංගික ක්‍රියා’ කිව්වම එක එක විදියට එය අර්ථකථනය කළ හැකියි.”

“සිංගප්පූරුවේ එවැනි නඩුවක් තිබුන. එක් භාර්යාවක් තමන්ගේ සැමියාගෙන් වෙන්වීම සඳහා මේ වගන්තිය දඩමීමා කරගෙන නඩුවක් දැම්ම. එයා චෝදනා කරලා තිබුනේ සැමියා ඇය සමඟ මෞක සංසර්ගයේ යෙදුනා කියල. එතනදී ලිංගික ක්‍රියාව අර්ථ දැක්වුණේ ළමයි හදන්න පමණක් තියෙන දෙයක් හැටියට. ළමුන් ඇති නොවන ආකාරයේ සියලුම ලිංගික ක්‍රියා අස්වාභාවික ලෙස නීතීඥයෙකුට අර්ථ දැක්විය හැකියි. උසාවියෙන් ඒ සැමියාට දඬුවම් කළා,” කථිකාචාර්ය වරදාස් පැහැදිලි කළේය.

“ඇත්තටම මේ වගන්තිවලින් කෙරෙන්නේ කෙනෙකුගේ නිදන කාමරයට පවා එබී බැලීමක්. මේ යල්පැන ගිය නීති අවභාවිත කරලා ඕනෑම කෙනෙකුට එරෙහිව නඩු පවරන්න පුළුවන්,” ඔහු තවදුරටත් පැවසීය.

යටත් විජිත සමයේ බ්‍රිතාන්‍ය පාලනය විසින් මෙම නීති වගන්ති කෙටුම්පත් කරනු ලැබුවේ ශ්‍රී ලංකාව වෙනුවෙන් පමණක් නොවේ. ඔවුන් පාලනය කළ සෑම රටකම පාහේ මේවා ක්‍රියාත්මක විය. ඉන්දීය දණ්ඩ නීති සංග්‍රහයේ ද මෙවැනිම වගන්ති පැවතුනි.

මේ වන විට ඉන්දියාව මෙම නීති ඉවත ලා සමරිසි හා සංක්‍රාන්ති ලිංගිකත්වය පමණක් නොව LGBTIQ යන සියලුම ලිංගිකත්වයන් පිළිගෙන හමාරය. නේපාලය සහ භූතානය ද ඒ සියලු දෙනාගේ හිමිකම් තහවුරු කරමින් නීති සංශෝධනය කළහ.

නමුත් ශ්‍රී ලංකාව තවමත් “අධිරාජ්‍යවාදීන්ගේ යල්පැන ගිය නීති රීති කරපින්නාගෙන” යන බවට ඇතැමෙක් චෝදනා කරති.

උපුටා ගැනීම බීබීසී සිංහල වෙබ් අඩවිය

[QUOTE="gnilukshi, post: 30802988, member: 132616"] [URL='https://www.srilankantimes.com/wp-content/uploads/2021/10/ja-scaled.jpg'][IMG]https://www.srilankantimes.com/wp-content/uploads/2021/10/ja-696x468.jpg[/IMG][/URL]FILE - In this Oct. 25, 2006 file photo, a policeman watches over a group of suspected sex workers during an inspection of a nightclub in Beijing. Police in China frequently beat, torture and arbitrarily detain suspected sex workers, often with little or no evidence that they engaged in prostitution, Human Rights Watch said in a report Tuesday, May 14, 2013, calling on the government to discipline abusive officers. (AP Photo/EyePress, File) CHINA OUT “දවසක් මම බස් හෝල්ට් එකේ ඉන්නකොට මහ දවාලේ පොලිසියෙන් අරන් ගියා, කිසිම චෝදනාවක් නැතුව. රෑ 11 වෙනකල් මාව පොලිසිය ඇතුලේ නිකම්ම තියාගෙන හිටිය. රෑ 11ට තමයි කටඋත්තරයක් ලියාගන්න පටන් ගත්තේ. ඊට පස්සේ අයාලේ යාම කියන චෝදනාව යටතේ මාව උසාවියට දැම්ම.” “පස්සේ තමයි මම දැන ගත්තේ, කටඋත්තරයක් ලියන්න රෑ වෙනකල් හිටියේ ඇයි කියල. එතකොට උසාවියේදී කෑගහල කියන්න පුළුවන්නේ මහ රෑ අයාලේ ගිහින් අහුවුනා කියල. පොලිසියට නඩු මදි වුනත් අපිව තමයි හොයාගෙන එන්නේ.” ‘ඔහු’ ලෙස ඉපිද ‘ඇය’ ලෙස ජීවත් වන මාධවී හෙළි කළේ තමන් මුහුණ දුන් කටුක අත්දැකීම් දහසකින් එකක් පමණි. ඇය සංක්‍රාන්ති සමාජභාවී ස්ත්‍රියකි. තිස් දෙහැවිරිදි ඇය දැන් ජීවත් වන්නේ තනිවමය. දෙමාපියන්ගෙන් වෙන්වී ගමෙන් පලායාමට සිදුවූයේ ද ඇයගේ ලිංගිකත්වය වෙනස්වීම නිසාම ය. “මේ වගේ නීති දැන් පාවිච්චි කරන්නේ අපි වගේ අහිංසකයන් දඩයම් කරන්න ම විතරයි,” මාධවී මඳක් නිහඬව සිට කීවාය.මෙය ගැමි වහරේ හඳුන්වන්නේ ‘පාදඩ නීතිය’ යනුවෙනි. බ්‍රිතාන්‍ය පාලන සමයේ ශ්‍රී ලංකාවට හඳුන්වා දුන් පාදඩ ආඥා පනත මගින් මීට අවශ්‍ය නීතිමය පදනම සකස් වී ඇත. ඈත අතීතයේ කෙටුම්පත් වූ ඉපැරණි නීති තවමත් ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වීම ගැන ක්‍රියාධරයන් කනස්සල්ල පළ කරමින් සිටියදී, සම ලිංගික විවාහ පවා බොහෝ රටවල නීතිගත වෙමින් පවතී. මීට ආසන්නතම උදාහරණය ලෙස පසුගියදා ස්විට්සර්ලන්තයේ පැවති ජනමත විචාරණය දැක්විය හැකිය. එරට ඡන්ද දායකයන්ගෙන් තුනෙන් දෙකකට ආසන්න ප්‍රමාණයක් සමරිසි විවාහය නීතිගත කලයුතු බව කියාපෑහ. මේ අනුව සමරිසි විවාහ නීතිගත කෙරෙන ලොව 30වැනි රාජ්‍යය ලෙස ස්විට්සර්ලන්තය ඉතිහාසගත වනු ඇත. මෙම තත්ත්වය බටහිර රටවලට පමණක් සීමා වූ ප්රවනතාවයක් ලෙස කෙනෙකුට පෙනෙන්නට හැකිය. නමුත් එය එසේ නොවන බව ආසියාතික රටවල් දෙස බලන කල පෙනී යයි. ගතානුගතික පවුල් සංකල්පය මුල් බැසගෙන පවතින අසල්වැසි ඉන්දියාව, නේපාලය භූතානය සහ තායිලන්තය වැනි රටවල් ද සමරිසිභාවය නීතියෙන් පිළිගෙන හමාරය. [HEADING=1]“මේක අයාලේ යාමේ ආඥා පනත කියලත් හඳුන්වනවා. මේක ඉංග්‍රීසින් අපේ රටට ගෙනාවේ 1841දී,” පාදඩ ආඥා පනත ශ්‍රී ලංකාවට හඳුන්වා දීමට මුලික වූ ඉතිහාස කතාව සිහිපත් කරමින් ආචාර්ය නීතීඥ ප්‍රතිභා මහානාමහේවා පැවසීය.[/HEADING] “ඒ දවස්වල වරායට නැව් ආවම ඉංග්‍රීසි නාවිකයෝ ගොඩබිම ඇවිදින්න යනවා. ඔය කාලේ වරාය අද්දර පාරවල් දෙපස ගෙවල් තිබුන. නාවිකයෝ නිතර ගැවසෙන පාරවල් දෙපස තියෙන ගෙවල් ඉස්සරහ නගර ශෝභිනියෝ සැරිසරන්න පුරුදු වෙලා හිටියලු. නාවිකයෝ වෙලාවට ආපහු නැවට ගෙන්වා ගැනීම ටිකක් අමාරු වෙලා තියෙනවා. ඔන්න ඉතින් මේ පාදඩ පනත ගෙනැල්ල අයාලේ ගියා, අශෝභන ලෙස හැසිරුනා කියල අර කාන්තාවන් අත්අඩංගුවට ගන්න පටන් අරගෙන තියෙනවා,” ඔහු විස්තර කළේය. මෙම ආඥා පනත හා බැඳුනු තවත් ඉතිහාස කතාවක් තිබේ. නීතිඥ චන්ද්‍රපාල කුමාරගේ මීට ඉහතදී එය බීබීසීයට පැහැදිලි කළේ මේ ආකාරයට ය. “බ්‍රිතාන්‍ය පාලන සමයේ ලංකාවට ගෙනාපු වතු කම්කරුවන් වතුවලින් පැනලා ගිහින් තැන් තැන්වල සැරිසරන්න පටන් ගත්තා. ඒ මිනිස්සු කොටු කරලා නැවත වතුවලට යවන්න තමයි පාදඩ පනත ගෙනාවේ.” කෙසේ නමුත් ඉන් පැහැදිලි වන්නේ පාදඩ ආඥා පනත යනු ශ්‍රී ලංකාවට නිදහස ලැබෙන්නටත් කලින් ලියැවුණු නීතියක් බවය. නිදහස ලැබී දැන් බොහෝ කල් ය. ප්රජාතන්ත්රවාදය ස්ථාපනය කර ඇත. මේ නීතිය හඳුන්වා දුන් බ්‍රිතාන්‍යය දැන් ප්රජාතන්ත්රවාදයේ බොහෝ දුරක් ගොස් තිබේ. නමුත් ශ්‍රී ලංකාව තවමත් මෙවැනි ‘යල්පැන ගිය’ නීති කරපින්නාගෙන යන බවට නීති විශාරදයන් මෙන්ම මානව ක්‍රියාධරයෝ ද පවසති. “මේ පාදඩ නීතිය පාවිච්චි කරලා තමයි පාරේ ඉන්න කාන්තාවන් අත්අඩංගුවට ගන්නේ. ඊට පස්සේ ඒ අයට එරෙහිව චෝදනා ගොනු කරන්න පුළුවන් අශෝභන ලෙස හැසිරුනා, කලහකාරී ලෙස හැසිරුනා, පිරිමි වසඟයට ගන්න උත්සාහ කළා කියල,” කොළඹ විශ්ව විද්‍යාලයේ ශ්‍රීපාලි මණ්ඩපයේ මණ්ඩපාධිපති, ආචාර්ය ප්‍රතිභා මහානාමහේවා පැහැදිලි කළේය. “බොහෝ විට මොවුන් ගණිකාවන් කියල චෝදනා ගොනු කරනවා. සාක්ෂි හැටියට ඉදිරිපත් කරන්නේ බෑග් එකේ කොන්ඩම් එකක් තිබුනා, පවුඩර් ලිප්ස්ටික් තිබුනා, ලේන්සුවක් තිබුනා. ඔන්න ඔය වගේ දේවල්. උසාවියට දැම්මම බොහෝ වෙලාවට HIV සඳහා ලේ පරීක්ෂා කරන්න දානවා. සමහර අය නිතරම ලේ පරීක්ෂාවට ලක්වීම මගිනුත් හිරිහැරයට ලක්වෙනවා.” බ්‍රිතාන්‍ය පාලන සමයේ ලියැවුණු තවත් නීති වගන්ති දෙකක් හේතුවෙන් ශ්‍රී ලංකාවේ සමරිසි පුද්ගලයන් ද හිරිහැරයට ලක්වන බවට චෝදනා එල්ල වේ. ශ්‍රී ලංකාවේ දණ්ඩ නීති සංග්‍රහයේ (1883) 365 සහ 365 (අ) වගන්තිවලට අනුව ‘ස්වභාව ධර්මයට එරෙහි ලිංගික සංසර්ගය’ සාපරාධී වරදකි. මෙහිදී ‘ස්වභාව ධර්මයට එරෙහි’ ලිංගික ක්‍රියා මොනවාදැයි පැහැදිලිව නිර්වචනය කර නොමැත. එබැවින් පුරුෂයන් දෙදෙනෙකු අතර හෝ ස්ත්‍රීන් දෙදෙනෙකු අතර සිදුවන ලිංගික ක්‍රියාවක් ‘අස්වාභාවික’ ලෙස සලකා දඬුවම් පැමිණවීමට ඉඩ ප්‍රස්තාව ලැබී ඇති බව නීතිවේදීන්ගේ මතයයි. බ්‍රිතාන්‍ය පාලන සමයේ පැනවූ මෙම නීති වගන්ති අනුව අදටත් සමලිංගික ඇසුරක් සාපරාධීකරණය කළ හැකිය. වරදකරුවා දස වසරකට සිරගත කළ හැකිය. එවැනි ලිංගික ඇසුරක් අස්වාභාවික නොවන බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවා පිළිගෙන බොහෝ කල් ය. ඉහත සඳහන් නීති වගන්ති සියල්ල අවභාවිත කරමින් සමරිසි, ද්වීරිසි සහ සංක්‍රාන්ති සමාජභාවී ආදී ප්‍රජාවන් ඉලක්ක කරගනිමින් නොයෙකුත් ආකාරයේ හිරිහැර සිදුවන බව නීති විශාරදයෝ පෙන්වා දෙති. [HEADING=1]‘අස්වාභාවික ලිංගික ක්‍රියා’[/HEADING] “මේ වගන්තිය නිසා සමරිසි අපිව විතරක් නොවෙයි; විෂම ලිංගික කෙනෙකුව වුනත් හිරේ දාන්න පුළුවන්,” යනුවෙන් කොළඹ විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ත්‍යාගරාජා වරදාස් පැවසීය, මෙම ‘යල්පැන ගිය නීතියේ’ ඇති තවත් “භයානක” පැත්තක් ගැන විස්තර කළේ ශ්‍රී ලංකාවේ සමරිසියෙකු ලෙස විවෘතව පෙනී සිටින (openly gay academic) විශ්වවිද්‍යාල ආචාර්යවරයකු වන ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ත්‍යාගරාජා වරදාස් ය. ඔහු සමරිසි ප්‍රජාවගේ සුබ සාධනය වෙනුවෙන් පෙනී සිටින ක්‍රියාධරයෙකි. “බ්‍රිතාන්‍ය පාලන සමයේ ලියපු මේ වගන්තිය නිසා විෂම ලිංගිකයන්ට පවා දඬුවම් පැමිණවිය හැකියි. ඒ තරම් මේවා භයානකයි. ‘අස්වාභාවික ලිංගික ක්‍රියා’ කිව්වම එක එක විදියට එය අර්ථකථනය කළ හැකියි.” “සිංගප්පූරුවේ එවැනි නඩුවක් තිබුන. එක් භාර්යාවක් තමන්ගේ සැමියාගෙන් වෙන්වීම සඳහා මේ වගන්තිය දඩමීමා කරගෙන නඩුවක් දැම්ම. එයා චෝදනා කරලා තිබුනේ සැමියා ඇය සමඟ [B]මෞක සංසර්ගයේ[/B] යෙදුනා කියල. එතනදී ලිංගික ක්‍රියාව අර්ථ දැක්වුණේ ළමයි හදන්න පමණක් තියෙන දෙයක් හැටියට. ළමුන් ඇති නොවන ආකාරයේ සියලුම ලිංගික ක්‍රියා අස්වාභාවික ලෙස නීතීඥයෙකුට අර්ථ දැක්විය හැකියි. උසාවියෙන් ඒ සැමියාට දඬුවම් කළා,” කථිකාචාර්ය වරදාස් පැහැදිලි කළේය. “ඇත්තටම මේ වගන්තිවලින් කෙරෙන්නේ කෙනෙකුගේ නිදන කාමරයට පවා එබී බැලීමක්. මේ යල්පැන ගිය නීති අවභාවිත කරලා ඕනෑම කෙනෙකුට එරෙහිව නඩු පවරන්න පුළුවන්,” ඔහු තවදුරටත් පැවසීය. යටත් විජිත සමයේ බ්‍රිතාන්‍ය පාලනය විසින් මෙම නීති වගන්ති කෙටුම්පත් කරනු ලැබුවේ ශ්‍රී ලංකාව වෙනුවෙන් පමණක් නොවේ. ඔවුන් පාලනය කළ සෑම රටකම පාහේ මේවා ක්‍රියාත්මක විය. ඉන්දීය දණ්ඩ නීති සංග්‍රහයේ ද මෙවැනිම වගන්ති පැවතුනි. මේ වන විට ඉන්දියාව මෙම නීති ඉවත ලා සමරිසි හා සංක්‍රාන්ති ලිංගිකත්වය පමණක් නොව LGBTIQ යන සියලුම ලිංගිකත්වයන් පිළිගෙන හමාරය. නේපාලය සහ භූතානය ද ඒ සියලු දෙනාගේ හිමිකම් තහවුරු කරමින් නීති සංශෝධනය කළහ. නමුත් ශ්‍රී ලංකාව තවමත් “අධිරාජ්‍යවාදීන්ගේ යල්පැන ගිය නීති රීති කරපින්නාගෙන” යන බවට ඇතැමෙක් චෝදනා කරති. [B]උපුටා ගැනීම බීබීසී සිංහල වෙබ් අඩවිය[/B] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom