Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
පානදුරා වාදය !
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

1වෙනි කථාව

පළමු වෙනි කථාව

වර්ෂ 1873 ක් වූ අගෝස්තු මස 26 වෙනි දින උදේ 8 සිට 9 දක්වා දාවිත් ද සිල්වා පාදිලි උන්නාන්සේ කල කථාව

පසුගිය ජුනි මස දොළොස්වෙනි දින වැස්ලියන් දේවස්තානයෙහි මා විසින් දේශනාවක් කලාය. ඒ දේශනාවේදී සත්වයාගේ ආත්මය ගැන බුද්ධාගමේ පොත්වල දක්වා තිබෙන අන්දම විස්තර වශයෙන් කියා දුන්නාය. මගේ ඒ දේශනාවට විරුද්ධව බුද්ධාගමේ දේශනා කාරයෙක් එම මස 19 වෙනි දින දේශනාවක් කලාය.

මෙකී දේශනා දෙක පිළිබඳව මේ වාද කථාව හට ගත්තාය. එම නිසා අදත් ඒ දේශනාවේදී මා විසින් ගෙන හැර දැක්වූ කාරනාව විස්තරව කියා දෙමි. ඊට විරුද්ධව බුද්ධ පක්ෂයට යමක් කියන්ට හැකිනම් කියා පෙන්වාදුන්නාවේ. අපි දෙපක්ෂය කියන කාරණාවලින් පිළිගත යුතුව තිබෙන්නේ කොයි පක්ෂයේ කියමන්ද කියා විනිශ්චය කිරීම මේ සමුහයාටම භාර වේය.

බුද්ධාගමේ ප්‍රකාරයට මනුෂ්‍යයාට ආත්මයක් ඇත්තේ නැත. කුසල අකුසල කර්ම කරනම තැනැත්තාට එහි විපාක ලැබෙන්නේ නැත. ඒ බව බුද්ධාගමේ පොත්වලින්ම පෙන්නා දෙමි. සත්වයා ස්කන්ධ වශයෙන් පසකට බෙදා තිබේ. ඒ පසනම් රුප ස්කන්ධය, වේදනා ස්කන්ධය, සඥා ස්කන්ධය, සංකාර ස්කන්ධය, විඥාන ස්කන්ධය යන පසය. ඒ බව සංයුක්ත සන්ඝියෙහි කියා තිබේ.

පන්චච භික්කවේ ඛන්දේ දෙසිස්සාමි ” යනාදියෙන්ද “යේ හි කේචි සංකාර අතීතානාගතා ” යනාදියෙන්ද වෙයි. නැවත උපාදානස්කන්ධය ගැනද එසේමය. “කතමෝච භික්කවේ පංච උපාදාන්ස්කන්දාය ” යනාදියෙන්ද පංචස්කන්දය ගැන කී වචනම කිය කියා “රුප උපදානකන්දය මෙය” යන වශයෙන් කියා තිබෙනවාය. නැවතද ” හි කෙහි භික්කවේ සමනාවා බ්රහමනාවා” යනාදී සංයුක්ත සන්ඝියෙහි පාඨයෙන්ද සත්වයාට ඇති සියල්ලම පංචස්කන්ධයට අයිතිබව කිය තිබෙනවාය. මේ බව ත්‍රිපිටකයේ බොහෝ තැන්වලද, කාව්‍යසේකරයේ “පස් කන්ද සකෙලෙසේ – දුක නම් වේය එම සේ -රුවෙයීන් සන් රැසේ- සකරවින් නැණ නමින් මෙපසේ ” යන මේ කවින්ද පේනවාය. නැවතද මෙම සත්වයාම ආයතන වශයෙන් දොළොසකින් යුක්තය. එනම් චක්කායතනාදී සයත්, රුප්පයතනාදී සයත්ය. මේ බව ” කත්මන් ච භික්කවේ සලායතනං , චක්කයතාණන්,” යනාදී පාටයෙන්ද, “සබ්බන් වෝ භික්කවේ දෙසිස්සාමි තන් සුනත කිංච භික්කවේ රුපන්ච ” යනාදියෙන්ද විභංග ප්රකරනයෙන්ද පෙනෙනවාය.

නැවතද මෙම සත්වයාම නාම රුප දෙක ඇතුලත්කර තිබෙනවාය. ඒ බව සංයුක්ත සන්ඝියෙහි තිබේ. “කතමන්ච භික්කවේ නම රුපන් වේදනා සඥා ” යනාදී පාඨයෙන්ද, “චත්තාරෝ මහා බුතා” යනාදී පාඨවලින්ද නාමය රුපය මෙය කියා තිබෙනවාය.

නැවතද මෙම සත්වයාම නාම රුප දෙක ඇතුලත්කර තිබෙනවාය. ඒ බව සංයුක්ත සන්ඝියෙහි තිබේ. “කතමන්ච භික්කවේ නම රුපන් වේදනා සඥා ” යනාදී පාඨයෙන්ද, “චත්තාරෝ මහා බුතා” යනාදී පාඨවලින්ද නාමය රුපය මෙය කියා තිබෙනවාය.

නැවතද “තත්ථ කථාමන් නාමා වේදනාක්කන්ධා” යනාදී පාඨවලින් ද වේදනා ස්කන්ධ, සඥා ස්කන්ධ, සංස්කාර ස්කන්ධ, යන තුන නාමයට අයිතිබව කියා තිබෙනවාය. මෙසේ රුප වේදනා සඥා සංකාරා යන ස්කන්ධ හතර නාම රුප දෙකට ඇතුලත් බවද, කියා තිබෙනවාය. “යන ඔලාරිකන්, ඒ තන් රුපන්” යනාදී මිලින්ද ප්රශ්නයේ පාඨයෙන් යමක් ඔලාරිකද ඒ රුපය. යමක් සුකුම චිත්ත චෛතසික ධර්මද, ඒ නාමය” කියාද දක්වා තිබෙනවාය. මෙසේ රුප ස්කන්ධයත් චිත්ත චෛතසික ධර්මයොත් නාම රුප දෙකට අයිතිය. මෙයින් නාම රුප දෙකට අයිති ස්කන්ධ සතර පමණක් විඥාන ස්කන්ධය ඊට අයිති නැති කීවොත් නාම රුප දෙක නැතුව විඥානයට පවතින්ට නුපුළුවන් බව “යෝහි භික්කවේ එවන් වදෙය්ය අහමඥාත්ර වේදනය” යනාදී සම්යුක්ට සගියෙහි පථයෙන් රුපාදී ස්කන්ද සතර හැර විඥයගේ චුති උප්පත්තියක් පෙන්වනට පුළුවනි කීවොත් එසේ නුපුලුවනයි කියා තිබෙන බව මේ පාඨයෙන් පෙනෙනවාය. ඇරත් පිළිසිඳ ගන්නා ක්ෂණයෙහි පන්චස්කන්ධයෝ සම්පුර්ණයෙන් පිළිසිඳ ගන්නා බව “ගබ්බ සෙය්යක සත්ත නං හි පතිසධි ක්ඛනේ” යන පාඨයෙන් පෙනෙනවාය. ඇරත් “නම් රු දෙක හැරා – නැත අන් පුඟුල් බැහැරා ” යන කව්යසේඛරයේ කවියෙන්ද පේනවාය. මෙසේ සත්වයා සම්පුර්ණයෙන්ම ස්ඛන්ධායතන නාම රුප වලට ඇතුලත් බව පැහැදිලිව පේනවාය. ඉතින් “මේ ස්ඛන්ධායතනයාදී කිසිම තැනක ආත්මයක් නැත” යි බුදුන් විසින් උගන්වා තිබෙනවාය. ඒ කියා තිබෙන්නේ “රුපන් භික්කවේ අනත්තා” යනාදී පාඨ වලින්ය. ඇරත් යම්කිසි තුන් කල් පිලිබඳ රුපාදී ස්කන්ධයන් ඒ මේ මගේ නොවන්නේය. මේ තෙමේ මම නොවන්නේය කියා තිබෙනවාය. “යන් කිංචි රුපන් අතීතා නාගත පච්චුප්පන්නා” යනාදී සංයුක්ත සංඝියේ පාටයකින් ය. ඇරත් “රුපන් භික්කවේ අනත්තා” යනාදියෙන්ද, “රුපාදී ස්කන්දයෝ අනාත්මය” යයි බුදුන් කියනවාය. තවද ආයතන ගැනත් බුදුන්ගේ කීම “චක්කුන් භික්කවේ අනත්තා” යනාදියත් එසේමය. ඇරත් මරණය ගැන බුදුන් කියා තිබෙන්නේ ” කතමන්ච භික්කවේ මරණ යන තේසං තේසං සන්තානන්, තම්හා තම්හා සත්ත නිකාය චුති චවනතා” යනාදියෙන් මරණය නම් සත්වයාගේ ඒ ඒ සත්ව නිකායෙන් චුතවීමය. මිදීමය යනාදී වශයෙන්ය. මෙයින් පෙනෙන්නේ සත්වයාගේ නොමැරී ඉතිරිවෙන දෙයක් නැති බවය.

තවද චන්ද රාගය අත්හැර දැමීම පිණිස බුදුන් විසින් දුන් අවසරයකදී “යෝ භික්කවේ රුපස් මින් චන්ද රාගෝ තන් පජහත රුපන් පහීන භවිස්සති” යනාදී සංයුක්ත සන්ගියේ කියමනෙන් පෙනෙන්නේ මේ රුපය ප්‍රහීන වෙනවාය, මුලින්ම සිඳිලා යනවාය, කියා සිත චන්ද රාගය හැර දමන්නට නියම කලාය.

තවද “යන් කිංචි සමුධය ධම්මා නං නිරෝධ ධම්මං” කිය මහා ප්‍රධාන සුත්‍රයෙහි කිය තිබෙනවාය. එනම් යම් කිසිවෙක් උපදින ස්වභාවයද ඒ නිරුද්ධ වෙන ස්වභාවයයි කියා තිබෙනවාය. තවද “උප්පාදෝ ජාති අක්කා තේන භන්ගෝ තතාව යෝතිච” යන ගාථා දෙපදයේ භංග වෙනවාය කීවේ නැත්තටම නැතිවෙනවාය කීමයි. මෙසේ බුද්ධාගමේ ප්‍රකාරයට මනුෂ්‍යයාට ආත්මයක් නැත. මනුෂ්‍යයාට ඇති සියල්ලම මරණයේදී භංග වෙනවාය.

මෙසේ වීනම් මනුෂ්‍යයෙකු ද ගෙමදියෙක් බල්ලෙක්, ඌරෙක් අශ්වයෙක් මෙන් ඉපිදී ඒ සතුන් මෙන්ම මැරී යනවාය. ඒ සතුන්ට ඇතිවාට වැඩි දෙයක් මනුෂ්‍යයාට නැත. සියලු තිරිසනුන්ටද ජාතීන්ටද ස්වාමියෙක්ද රජෙක්ද කොට මවන ලද මේ මනුෂ්‍යයා, තිරිසනෙකුට වඩා උත්තම කමක් නැත්තෙක් කොට බුද්ධාගමේ උගන්නනවාය. යන්තම්වත් සිහි කල්පනා ඇත්තෙකුට මේ ඉගැන්වීම පිළිගන්නට පුලුවන්ද? මනුෂ්‍යයා තිරිසනෙක් නම් තිරිසනෙක් සේම නොයිඳ ආගමක් ඕනෑ කරන්නේ මොකටද? තිරිසනුත් බන අසා දිව්‍යලෝකවල උපන්නාය කිය බුද්ධාගමේ කියා තිබෙන නිසා මේ කලටත් තිරිසනුන්ට බන නොකියන්නේ මන්ද? තිරිසන්නු තිරිසන්නු මිස මනුෂ්‍යයා මෙන් නොවන බව සියල්ලන්ටම හැගී යනවා ඇත. එම නිසා මනුෂ්‍යයාට ආත්මයක් නැත කියන බුද්ධාගමේ ඉගැන්වීම දුරලා සැබෑවූ ක්‍රිස්තියානු ආගමේ මනුෂ්‍යයාට නොමරෙන්නාවූ ආත්මයක් ඇතිබව කල්පනාවට ගන්ට යුතුය.

ක්‍රිස්තුස්වහන්සේ සමග කුරුසියෙහි එන ගසන ලද වරද කාරයෙකුට “සැබෑවක් මම නුඹට කියමි. අදම නුඹ මා සමග පාරාදීසයෙහි සිටිනවා ඇත” යන කීමෙන්ද, “ස්වාමින්වහන්ස මාගේ ආත්මය ගත මැනව” යයි ස්තොන් විසින් කියන ලද කීමෙන්ද කොරින්තිවරුන්ට ලියනලද පළමුවන පත්‍රයේ පස්වෙනි පරිච්චේදයේ තුන්වන පදයේ “මම ශරීරයෙන් දුරුව සිටින නමුත් ආත්මයෙන් ලංව සිටිමි” යනාදී කීමෙන්ද පිලිප්වරුන්ට ලියනලද පත්‍රයේ 1 වන පරිච්චේදයේ 23 වන පදයේ “ශරීරයෙන් වෙන්ව ගොස් ක්‍රිස්තුස්වහන්සේ සමග සිටීම වාද හොඳ නිසා” යනාදී කීම් වලින්ද වෙනත් නොයෙක් කීම් වලින්ද මනුෂ්‍යයාට නොමැරෙන ආත්මයක් ඇතිබව ඔප්පු වෙනවාය.

කුසලාකුසල කර්ම කල තැනැත්තාටම එහි විපාක නොලැබෙන බවත් අන් කෙනෙකුන්ට ලැබෙන බවත් ඔප්පු කිරීම පිණිස කීවේ ” කින් නුකෝ හෝ ගොතම සෝ කරෝති සෝ පටිසන් වෙදියති” යනාදියෙන් කුසලාකුසල කර්ම කර්ම කල තැනැත්තේම එහි විපාක විදින්නේයැයි සිතීම එක අන්තයකය කියා බුදුන් කියා තිබෙනවාය.

ඇරත් “අත්ති කෝ චි සත්තෝ ඉමං ආකායා – අඥඥන් කයන් පටි සන්කමති” – මේ කයින් අන් කයකට යන්නාවූ යම් සත්වයෙක් යම් කිසිවක් ඇත්දැයි මිලිඳු රජු ඇසූ කල්හි “නහි මහා රාජ ඉමිනා පන මහා රජ නාම රුපෙන කම්මන් කරෝති සොභානන්ව පාප කාංච තේන කම්මෙන අග්නන් නාම රුපන් පටිසන් දහති ති” එනම් නැවත මහරජ මේ නාම රුපය විසින් සොභානවූ හෝ පාපිෂ්ටවූ කර්ම කරනවාය. ඒ කර්මයෙන් අනික් රුපයක් පිළිසිඳ ගන්නවායි නාගසේන විසින් උත්තර දුන්නාක් මෙන් පෙනී යනවාය.

ඇරත් “අතීත භවේ කම්ම පච්චයෙන නිබ්බත්තා” යනාදී පාඨයෙන් අතීත භාවයේ කර්ම ප්‍රත්‍යයෙන් උපන්නාවූ ස්කන්ධයෝ එහිම නිරුද්ධ වෙනවාය. අතීත භාවයෙන් මේ භවයට පැමිණියාවූ එකම දෙයක්වත් නැත කියනවාය .

ඇරත් “සත්තෙන කථා කම්ම පච්චයානුභාවෙන අනුපච්චින්නා කිලේස ” යනාදී පාඨයෙන් ද සත්වයා විසින් කරන ලද කර්ම ප්රත්යානුභාවයෙන් නොසන්සිදී පවතින්නාවූ ක්ලේශ බලයෙන් නියම කරන ලද්දාවූ අනික් නාම රුපයෙක් පහල වෙයි, කියා තිබෙන හෙයින්ද, ඇරත් ජාතියේදී එනම් ඉපදීමේදී ස්කන්ධ සම්පුර්ණයෙන්ම පහළවෙන බව “කතමන්ච භික්කවේ ජාතියාච තේසං තේසං සන්තානන්” යනාදී සංයුක්ත සගියේ ද මහා සතිපට්ඨාන සුත්‍රයේද වෙනත් බොහෝ තැන්වලද පෙනෙන පාඨයන්ගෙන්ද, ස්කන්ධ හා ආයතන “උප්පත්ති ඛණේ පාතු භවති” යන මේ පාඨ කැබැල්ලෙන්ද පෙනෙනවාය.

මෙසේ සත්වයාගෙන් කිසිම ස්කන්ධයක්වත් ආයතනයක්වත් අන් තැනකින් එන්නෙවත් යන්නේවත් නැත. සත්වයා මැරෙන කල සම්පුර්ණ සත්වයාම මැරෙනවායයි පැහැදිලිව කියා තිබෙනවාය. මේ ඉගැන්වීම සැබෑය කියා යමෙක් විසින් පිළිගනිතොත් මනුෂ්‍යයා විසින් තමාගේ සම්පත් වියහියදම් කරගෙන කුසලයයි සිතා නොයෙක් දේ කරතත් ඒ කරන දෙයින් විපාකයක් තමන්ට නොලැබෙන බව තේරුම්ගන්නට යුතුය.

ඇරත් මේ ඉගැන්වීම සැබෑය කියා පිළිගන්නවානම් අවකල් ක්‍රියා කර අසත්පුරුෂයන්ට තමන්ගේ පාප ක්‍රියා වැඩි දියුණු කිරීම පිණිස මීට වඩා උපකාරයක් වෙන නැති බව පැහැදිලි වෙයි. ලෝකයේ මිනී මැරීම සොරකම් කිරීම ආදී නපුරු ක්‍රියා කරන්නෝ ඒ ක්‍රියාවන්ගේ විපාක ඇති බව දන්නවය. නමුත් ඒ විපාක තමුන්ට නොව අන්‍යයන්ට ලැබෙනවාට ඒ අසත්පුරුෂයෝ අකමැති නැත.

ඇරත් වරදක් කළාවූ කෙනෙකුන්ට මිස වරද නොකළ කෙනෙකුන්ට දඬුවම් කිරීම ලෝකයේ කිසිම් මාර්ගයකට එකග නැත මෙසේ තියෙද්දී මේ ආකාර සත්පුරුෂ ක්‍රියා වලක්වා අසත්පුරුෂ ක්‍රියා වැඩිදියුනුවීමට ආධාරව ධහම් උගන්නන ආගමක් සැබෑ වෙන්ට යුතුද?

බුදුන් විසින් මධ්‍යම ප්‍රතිපදාවක් දෙෂනා කලාය කියමින් නොයෙක් උපමා වලින් ඒ බව දක්වන්ට බුද්ධාගන්කාරයෝ උත්සාහ කරත්. මේ ගැන උපමා වලින් ප්‍රයෝජන නැත. ඒ සුදුසු තැනදී පෙන්වන්ට යෙදෙනවා ඇත.

(මෙසේ කියා යහපත් සේ කෝලාහල නැතුව අසාගෙන සිටි සමුහයාට ස්තුති කොට කථාව හමාර කාලය. )

[QUOTE="dynamite1234, post: 20593972, member: 502516"] [SIZE="6"][B][U]1වෙනි කථාව[/U][/B] [B][U]පළමු වෙනි කථාව[/U][/B][/SIZE] [SIZE="5"] වර්ෂ 1873 ක් වූ අගෝස්තු මස 26 වෙනි දින උදේ 8 සිට 9 දක්වා දාවිත් ද සිල්වා පාදිලි උන්නාන්සේ කල කථාව පසුගිය ජුනි මස දොළොස්වෙනි දින වැස්ලියන් දේවස්තානයෙහි මා විසින් දේශනාවක් කලාය. ඒ දේශනාවේදී සත්වයාගේ ආත්මය ගැන බුද්ධාගමේ පොත්වල දක්වා තිබෙන අන්දම විස්තර වශයෙන් කියා දුන්නාය. මගේ ඒ දේශනාවට විරුද්ධව බුද්ධාගමේ දේශනා කාරයෙක් එම මස 19 වෙනි දින දේශනාවක් කලාය. මෙකී දේශනා දෙක පිළිබඳව මේ වාද කථාව හට ගත්තාය. එම නිසා අදත් ඒ දේශනාවේදී මා විසින් ගෙන හැර දැක්වූ කාරනාව විස්තරව කියා දෙමි. ඊට විරුද්ධව බුද්ධ පක්ෂයට යමක් කියන්ට හැකිනම් කියා පෙන්වාදුන්නාවේ. අපි දෙපක්ෂය කියන කාරණාවලින් පිළිගත යුතුව තිබෙන්නේ කොයි පක්ෂයේ කියමන්ද කියා විනිශ්චය කිරීම මේ සමුහයාටම භාර වේය. බුද්ධාගමේ ප්‍රකාරයට මනුෂ්‍යයාට ආත්මයක් ඇත්තේ නැත. කුසල අකුසල කර්ම කරනම තැනැත්තාට එහි විපාක ලැබෙන්නේ නැත. ඒ බව බුද්ධාගමේ පොත්වලින්ම පෙන්නා දෙමි. සත්වයා ස්කන්ධ වශයෙන් පසකට බෙදා තිබේ. ඒ පසනම් රුප ස්කන්ධය, වේදනා ස්කන්ධය, සඥා ස්කන්ධය, සංකාර ස්කන්ධය, විඥාන ස්කන්ධය යන පසය. ඒ බව සංයුක්ත සන්ඝියෙහි කියා තිබේ. පන්චච භික්කවේ ඛන්දේ දෙසිස්සාමි ” යනාදියෙන්ද “යේ හි කේචි සංකාර අතීතානාගතා ” යනාදියෙන්ද වෙයි. නැවත උපාදානස්කන්ධය ගැනද එසේමය. “කතමෝච භික්කවේ පංච උපාදාන්ස්කන්දාය ” යනාදියෙන්ද පංචස්කන්දය ගැන කී වචනම කිය කියා “රුප උපදානකන්දය මෙය” යන වශයෙන් කියා තිබෙනවාය. නැවතද ” හි කෙහි භික්කවේ සමනාවා බ්රහමනාවා” යනාදී සංයුක්ත සන්ඝියෙහි පාඨයෙන්ද සත්වයාට ඇති සියල්ලම පංචස්කන්ධයට අයිතිබව කිය තිබෙනවාය. මේ බව ත්‍රිපිටකයේ බොහෝ තැන්වලද, කාව්‍යසේකරයේ “පස් කන්ද සකෙලෙසේ – දුක නම් වේය එම සේ -රුවෙයීන් සන් රැසේ- සකරවින් නැණ නමින් මෙපසේ ” යන මේ කවින්ද පේනවාය. නැවතද මෙම සත්වයාම ආයතන වශයෙන් දොළොසකින් යුක්තය. එනම් චක්කායතනාදී සයත්, රුප්පයතනාදී සයත්ය. මේ බව ” කත්මන් ච භික්කවේ සලායතනං , චක්කයතාණන්,” යනාදී පාටයෙන්ද, “සබ්බන් වෝ භික්කවේ දෙසිස්සාමි තන් සුනත කිංච භික්කවේ රුපන්ච ” යනාදියෙන්ද විභංග ප්රකරනයෙන්ද පෙනෙනවාය. නැවතද මෙම සත්වයාම නාම රුප දෙක ඇතුලත්කර තිබෙනවාය. ඒ බව සංයුක්ත සන්ඝියෙහි තිබේ. “කතමන්ච භික්කවේ නම රුපන් වේදනා සඥා ” යනාදී පාඨයෙන්ද, “චත්තාරෝ මහා බුතා” යනාදී පාඨවලින්ද නාමය රුපය මෙය කියා තිබෙනවාය. නැවතද මෙම සත්වයාම නාම රුප දෙක ඇතුලත්කර තිබෙනවාය. ඒ බව සංයුක්ත සන්ඝියෙහි තිබේ. “කතමන්ච භික්කවේ නම රුපන් වේදනා සඥා ” යනාදී පාඨයෙන්ද, “චත්තාරෝ මහා බුතා” යනාදී පාඨවලින්ද නාමය රුපය මෙය කියා තිබෙනවාය. නැවතද “තත්ථ කථාමන් නාමා වේදනාක්කන්ධා” යනාදී පාඨවලින් ද වේදනා ස්කන්ධ, සඥා ස්කන්ධ, සංස්කාර ස්කන්ධ, යන තුන නාමයට අයිතිබව කියා තිබෙනවාය. මෙසේ රුප වේදනා සඥා සංකාරා යන ස්කන්ධ හතර නාම රුප දෙකට ඇතුලත් බවද, කියා තිබෙනවාය. “යන ඔලාරිකන්, ඒ තන් රුපන්” යනාදී මිලින්ද ප්රශ්නයේ පාඨයෙන් යමක් ඔලාරිකද ඒ රුපය. යමක් සුකුම චිත්ත චෛතසික ධර්මද, ඒ නාමය” කියාද දක්වා තිබෙනවාය. මෙසේ රුප ස්කන්ධයත් චිත්ත චෛතසික ධර්මයොත් නාම රුප දෙකට අයිතිය. මෙයින් නාම රුප දෙකට අයිති ස්කන්ධ සතර පමණක් විඥාන ස්කන්ධය ඊට අයිති නැති කීවොත් නාම රුප දෙක නැතුව විඥානයට පවතින්ට නුපුළුවන් බව “යෝහි භික්කවේ එවන් වදෙය්ය අහමඥාත්ර වේදනය” යනාදී සම්යුක්ට සගියෙහි පථයෙන් රුපාදී ස්කන්ද සතර හැර විඥයගේ චුති උප්පත්තියක් පෙන්වනට පුළුවනි කීවොත් එසේ නුපුලුවනයි කියා තිබෙන බව මේ පාඨයෙන් පෙනෙනවාය. ඇරත් පිළිසිඳ ගන්නා ක්ෂණයෙහි පන්චස්කන්ධයෝ සම්පුර්ණයෙන් පිළිසිඳ ගන්නා බව “ගබ්බ සෙය්යක සත්ත නං හි පතිසධි ක්ඛනේ” යන පාඨයෙන් පෙනෙනවාය. ඇරත් “නම් රු දෙක හැරා – නැත අන් පුඟුල් බැහැරා ” යන කව්යසේඛරයේ කවියෙන්ද පේනවාය. මෙසේ සත්වයා සම්පුර්ණයෙන්ම ස්ඛන්ධායතන නාම රුප වලට ඇතුලත් බව පැහැදිලිව පේනවාය. ඉතින් “මේ ස්ඛන්ධායතනයාදී කිසිම තැනක ආත්මයක් නැත” යි බුදුන් විසින් උගන්වා තිබෙනවාය. ඒ කියා තිබෙන්නේ “රුපන් භික්කවේ අනත්තා” යනාදී පාඨ වලින්ය. ඇරත් යම්කිසි තුන් කල් පිලිබඳ රුපාදී ස්කන්ධයන් ඒ මේ මගේ නොවන්නේය. මේ තෙමේ මම නොවන්නේය කියා තිබෙනවාය. “යන් කිංචි රුපන් අතීතා නාගත පච්චුප්පන්නා” යනාදී සංයුක්ත සංඝියේ පාටයකින් ය. ඇරත් “රුපන් භික්කවේ අනත්තා” යනාදියෙන්ද, “රුපාදී ස්කන්දයෝ අනාත්මය” යයි බුදුන් කියනවාය. තවද ආයතන ගැනත් බුදුන්ගේ කීම “චක්කුන් භික්කවේ අනත්තා” යනාදියත් එසේමය. ඇරත් මරණය ගැන බුදුන් කියා තිබෙන්නේ ” කතමන්ච භික්කවේ මරණ යන තේසං තේසං සන්තානන්, තම්හා තම්හා සත්ත නිකාය චුති චවනතා” යනාදියෙන් මරණය නම් සත්වයාගේ ඒ ඒ සත්ව නිකායෙන් චුතවීමය. මිදීමය යනාදී වශයෙන්ය. මෙයින් පෙනෙන්නේ සත්වයාගේ නොමැරී ඉතිරිවෙන දෙයක් නැති බවය. තවද චන්ද රාගය අත්හැර දැමීම පිණිස බුදුන් විසින් දුන් අවසරයකදී “යෝ භික්කවේ රුපස් මින් චන්ද රාගෝ තන් පජහත රුපන් පහීන භවිස්සති” යනාදී සංයුක්ත සන්ගියේ කියමනෙන් පෙනෙන්නේ මේ රුපය ප්‍රහීන වෙනවාය, මුලින්ම සිඳිලා යනවාය, කියා සිත චන්ද රාගය හැර දමන්නට නියම කලාය. තවද “යන් කිංචි සමුධය ධම්මා නං නිරෝධ ධම්මං” කිය මහා ප්‍රධාන සුත්‍රයෙහි කිය තිබෙනවාය. එනම් යම් කිසිවෙක් උපදින ස්වභාවයද ඒ නිරුද්ධ වෙන ස්වභාවයයි කියා තිබෙනවාය. තවද “උප්පාදෝ ජාති අක්කා තේන භන්ගෝ තතාව යෝතිච” යන ගාථා දෙපදයේ භංග වෙනවාය කීවේ නැත්තටම නැතිවෙනවාය කීමයි. මෙසේ බුද්ධාගමේ ප්‍රකාරයට මනුෂ්‍යයාට ආත්මයක් නැත. මනුෂ්‍යයාට ඇති සියල්ලම මරණයේදී භංග වෙනවාය. මෙසේ වීනම් මනුෂ්‍යයෙකු ද ගෙමදියෙක් බල්ලෙක්, ඌරෙක් අශ්වයෙක් මෙන් ඉපිදී ඒ සතුන් මෙන්ම මැරී යනවාය. ඒ සතුන්ට ඇතිවාට වැඩි දෙයක් මනුෂ්‍යයාට නැත. සියලු තිරිසනුන්ටද ජාතීන්ටද ස්වාමියෙක්ද රජෙක්ද කොට මවන ලද මේ මනුෂ්‍යයා, තිරිසනෙකුට වඩා උත්තම කමක් නැත්තෙක් කොට බුද්ධාගමේ උගන්නනවාය. යන්තම්වත් සිහි කල්පනා ඇත්තෙකුට මේ ඉගැන්වීම පිළිගන්නට පුලුවන්ද? මනුෂ්‍යයා තිරිසනෙක් නම් තිරිසනෙක් සේම නොයිඳ ආගමක් ඕනෑ කරන්නේ මොකටද? තිරිසනුත් බන අසා දිව්‍යලෝකවල උපන්නාය කිය බුද්ධාගමේ කියා තිබෙන නිසා මේ කලටත් තිරිසනුන්ට බන නොකියන්නේ මන්ද? තිරිසන්නු තිරිසන්නු මිස මනුෂ්‍යයා මෙන් නොවන බව සියල්ලන්ටම හැගී යනවා ඇත. එම නිසා මනුෂ්‍යයාට ආත්මයක් නැත කියන බුද්ධාගමේ ඉගැන්වීම දුරලා සැබෑවූ ක්‍රිස්තියානු ආගමේ මනුෂ්‍යයාට නොමරෙන්නාවූ ආත්මයක් ඇතිබව කල්පනාවට ගන්ට යුතුය. ක්‍රිස්තුස්වහන්සේ සමග කුරුසියෙහි එන ගසන ලද වරද කාරයෙකුට “සැබෑවක් මම නුඹට කියමි. අදම නුඹ මා සමග පාරාදීසයෙහි සිටිනවා ඇත” යන කීමෙන්ද, “ස්වාමින්වහන්ස මාගේ ආත්මය ගත මැනව” යයි ස්තොන් විසින් කියන ලද කීමෙන්ද කොරින්තිවරුන්ට ලියනලද පළමුවන පත්‍රයේ පස්වෙනි පරිච්චේදයේ තුන්වන පදයේ “මම ශරීරයෙන් දුරුව සිටින නමුත් ආත්මයෙන් ලංව සිටිමි” යනාදී කීමෙන්ද පිලිප්වරුන්ට ලියනලද පත්‍රයේ 1 වන පරිච්චේදයේ 23 වන පදයේ “ශරීරයෙන් වෙන්ව ගොස් ක්‍රිස්තුස්වහන්සේ සමග සිටීම වාද හොඳ නිසා” යනාදී කීම් වලින්ද වෙනත් නොයෙක් කීම් වලින්ද මනුෂ්‍යයාට නොමැරෙන ආත්මයක් ඇතිබව ඔප්පු වෙනවාය. කුසලාකුසල කර්ම කල තැනැත්තාටම එහි විපාක නොලැබෙන බවත් අන් කෙනෙකුන්ට ලැබෙන බවත් ඔප්පු කිරීම පිණිස කීවේ ” කින් නුකෝ හෝ ගොතම සෝ කරෝති සෝ පටිසන් වෙදියති” යනාදියෙන් කුසලාකුසල කර්ම කර්ම කල තැනැත්තේම එහි විපාක විදින්නේයැයි සිතීම එක අන්තයකය කියා බුදුන් කියා තිබෙනවාය. ඇරත් “අත්ති කෝ චි සත්තෝ ඉමං ආකායා – අඥඥන් කයන් පටි සන්කමති” – මේ කයින් අන් කයකට යන්නාවූ යම් සත්වයෙක් යම් කිසිවක් ඇත්දැයි මිලිඳු රජු ඇසූ කල්හි “නහි මහා රාජ ඉමිනා පන මහා රජ නාම රුපෙන කම්මන් කරෝති සොභානන්ව පාප කාංච තේන කම්මෙන අග්නන් නාම රුපන් පටිසන් දහති ති” එනම් නැවත මහරජ මේ නාම රුපය විසින් සොභානවූ හෝ පාපිෂ්ටවූ කර්ම කරනවාය. ඒ කර්මයෙන් අනික් රුපයක් පිළිසිඳ ගන්නවායි නාගසේන විසින් උත්තර දුන්නාක් මෙන් පෙනී යනවාය. ඇරත් “අතීත භවේ කම්ම පච්චයෙන නිබ්බත්තා” යනාදී පාඨයෙන් අතීත භාවයේ කර්ම ප්‍රත්‍යයෙන් උපන්නාවූ ස්කන්ධයෝ එහිම නිරුද්ධ වෙනවාය. අතීත භාවයෙන් මේ භවයට පැමිණියාවූ එකම දෙයක්වත් නැත කියනවාය . ඇරත් “සත්තෙන කථා කම්ම පච්චයානුභාවෙන අනුපච්චින්නා කිලේස ” යනාදී පාඨයෙන් ද සත්වයා විසින් කරන ලද කර්ම ප්රත්යානුභාවයෙන් නොසන්සිදී පවතින්නාවූ ක්ලේශ බලයෙන් නියම කරන ලද්දාවූ අනික් නාම රුපයෙක් පහල වෙයි, කියා තිබෙන හෙයින්ද, ඇරත් ජාතියේදී එනම් ඉපදීමේදී ස්කන්ධ සම්පුර්ණයෙන්ම පහළවෙන බව “කතමන්ච භික්කවේ ජාතියාච තේසං තේසං සන්තානන්” යනාදී සංයුක්ත සගියේ ද මහා සතිපට්ඨාන සුත්‍රයේද වෙනත් බොහෝ තැන්වලද පෙනෙන පාඨයන්ගෙන්ද, ස්කන්ධ හා ආයතන “උප්පත්ති ඛණේ පාතු භවති” යන මේ පාඨ කැබැල්ලෙන්ද පෙනෙනවාය. මෙසේ සත්වයාගෙන් කිසිම ස්කන්ධයක්වත් ආයතනයක්වත් අන් තැනකින් එන්නෙවත් යන්නේවත් නැත. සත්වයා මැරෙන කල සම්පුර්ණ සත්වයාම මැරෙනවායයි පැහැදිලිව කියා තිබෙනවාය. මේ ඉගැන්වීම සැබෑය කියා යමෙක් විසින් පිළිගනිතොත් මනුෂ්‍යයා විසින් තමාගේ සම්පත් වියහියදම් කරගෙන කුසලයයි සිතා නොයෙක් දේ කරතත් ඒ කරන දෙයින් විපාකයක් තමන්ට නොලැබෙන බව තේරුම්ගන්නට යුතුය. ඇරත් මේ ඉගැන්වීම සැබෑය කියා පිළිගන්නවානම් අවකල් ක්‍රියා කර අසත්පුරුෂයන්ට තමන්ගේ පාප ක්‍රියා වැඩි දියුණු කිරීම පිණිස මීට වඩා උපකාරයක් වෙන නැති බව පැහැදිලි වෙයි. ලෝකයේ මිනී මැරීම සොරකම් කිරීම ආදී නපුරු ක්‍රියා කරන්නෝ ඒ ක්‍රියාවන්ගේ විපාක ඇති බව දන්නවය. නමුත් ඒ විපාක තමුන්ට නොව අන්‍යයන්ට ලැබෙනවාට ඒ අසත්පුරුෂයෝ අකමැති නැත. ඇරත් වරදක් කළාවූ කෙනෙකුන්ට මිස වරද නොකළ කෙනෙකුන්ට දඬුවම් කිරීම ලෝකයේ කිසිම් මාර්ගයකට එකග නැත මෙසේ තියෙද්දී මේ ආකාර සත්පුරුෂ ක්‍රියා වලක්වා අසත්පුරුෂ ක්‍රියා වැඩිදියුනුවීමට ආධාරව ධහම් උගන්නන ආගමක් සැබෑ වෙන්ට යුතුද? බුදුන් විසින් මධ්‍යම ප්‍රතිපදාවක් දෙෂනා කලාය කියමින් නොයෙක් උපමා වලින් ඒ බව දක්වන්ට බුද්ධාගන්කාරයෝ උත්සාහ කරත්. මේ ගැන උපමා වලින් ප්‍රයෝජන නැත. ඒ සුදුසු තැනදී පෙන්වන්ට යෙදෙනවා ඇත. (මෙසේ කියා යහපත් සේ කෝලාහල නැතුව අසාගෙන සිටි සමුහයාට ස්තුති කොට කථාව හමාර කාලය. )[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom