Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
පානදුරා වාදය !
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

2වෙනි කතාව

(වර්ෂ 1873 අගෝස්තු මස 26 වෙනි දින උදය 9 පටන් 10 දක්වා

මොහොට්ටිවත්තේ ගුණානන්ද උන්නාන්සේ කල පිළිතුරු කතාව )

මෙපමණ වෙලා මෙම දාවිත් ද සිල්වා පාදිලි උන්නාන්සේ විසින් බුද්ධාගමට විරුද්ධව ගෙන හැර දැක්වූ කාරනා බොහෝ ආකුල සහිතය. එම නිසා මෙහි රැස්ව සිටින සමුහයාට මොහුගේ කතාව තේරෙන්ට ඇත කියා මට සිතන්ට බැරිය. බුද්ධාගමට විරුද්ධව බුද්ධ දෙසනාවෙන් ගෙන හැර දැක්වූ පාඨ කැබලිවල අර්ත්යක්වත් අදහසක් වත් මේ සමුහයට තේරෙන ලෙස මේ සභාවේ ප්‍රකාශ කලෙත් නැත. නමුත් මොහුගේ කතාවෙන් එකම අභිප්‍රාවක් තේරුම් ගියාය.

එනම් “සත්වයාගේ මරණයේදී මේ පංචස්කන්ධය මෙතනම නිරුද්ධ වන නිසා පරලොව උපදින සත්වයා අන් සත්වෙයක” යන මේ අභිප්‍රාය පමණක් මෙහි සිටින සමුහයාගෙන් ස්වල්ප දෙනෙකුට තේරුම් යන්ට ඇත කියා සිතමි. එම නිසා ඒ ගැන උත්තර දීම මගේ යුතුකමකි.

සත්වයාගේ මරණයේදී පන්චස්කන්දයෙන් කිසි දෙයක් පරලොව යන්නේ නැත කියා බුද්ධ දේශනාවේ තිබෙනවා සත්තකය. මේ පන්චස්කන්දයෙන් කිසි දෙයක් පරලොව යන්නේ නැති නමුත් මේ සත්වයා නිසා පරලොව උපදින සත්වයා අනෙකක් නොවේය. ඒ බව මම ඉතා කඩිනමින් ඔප්පු කරමි.

බුදුන් වදාළ පංචස්කන්ද ධර්ම කොට්ටාශය ඉතා ගැඹුරුය. එය තිබෙන්නේ පාලි භාෂාවෙන්ය. මේ පාදිලි තැන පාලි භාෂාව මනාව දත්තෙක් නොවේය. ඒ නොදත්කම කරන කොටගෙන බුද්ධ දේශනාව අන් ආකාරයකට පෙරලා හිතට ගෙන මෙපමණ වෙලා කල කතා සියල්ල නිෂ්ඵලය. මොහුගේ පාලි දැනීමේ තරම මේ සමුහයාට තේරුම් කර දීමට මට හොද කාරණයක් ලැබී තිබේ. එනම් මේ පාදිලි තැන විසින් සාදපු මේ “ග්රන්ථ සේඛරය” . කියන පොතය. ඒ පොත මෙන්න. මේ පොතේ පේලි හතරකින් යුතු සුළු පාලි වාසගමක් තිබේ. අලුත් තෙස්තමේන්තුවේ තිබෙන අභිප්රායක් පාලියට නගා මීට ඇතුලත්කර තිබෙන බව මේ පොතෙන්ම පෙනේ. පේලි හතරකින් යුතු මේ වාසගමේ මුල පේලියේම කීප පලක වැරදි තිබේ. එයින් පළමුවෙනි වැරැද්ද “තවනා මොප විත්තෝ හොති ” යන පදයෙහි බොහොම ලොකු මහප්රානයක් යොදා තිබීමයි. “පවිත්තෝ” කියා මිස ” පවිට්ඨෝ” කියා පාලි වචනයක් නැත. තවද “තවන්න් මෝ” යන තැන පුරුෂ ලිංගිකව යෙදුවත් වැරදිය.මෙබඳු සුළු වාසගමක් මෙපමණ වැරදි සහිතව යෙදු නිසා මේ පාදිලි තැනගේ පාලි දැනීමේ තරම මෙයින්ම තේරෙයි. පාලි ව්යාකරනාදිය ගැන මා විසින් ගෙන හැර දැක්වූ කාරනා මේ සමුහයාට තේරුම් ගන්ට නුපුළුවන් නමුත් මෙහි දැනට පැමිණ සිටින පාලි භාෂාවේ අති දක්ෂ සමර්ථ ස්ථවිරයන් වහන්සේලා දනිති. එනිසා මේ ගැන විනිශ්චය උන් වහන්සේලාට භාර දෙමි. මෙපමණ සුළු පාලි වාසගම් කැබැල්ලක්වත් හරියට යොදා ගන්නට බැරි මෙම පාදිලි තැන ගාම්භීර වූ පංචස්කන්ධ ධර්ම කොට්ඨාසය තේරුම් කරගන්ට ගිය එක පණ්ඩිතයන්ට විහිළුවක් කොට පෙනේ.

පංචස්කන්ධය කියන්නේ ” රුප ස්කන්ධය, වේදනා ස්කන්ධය, සඥ ස්කන්ධය, සංස්කාර ස්කන්ධය, විඥාන ස්කන්ධය යන පසය. එහි රුප ස්කන්ධය කියන්නේ අපේ ඇසට පෙනෙන මේ රුපය නම් වේ. වේදනා ස්කන්ධය කියන්නේ සැප දුක් වැටහීමය. සත්වයාගේ මරණයේදී රුප ස්කන්ධය හෙවත් මේ ශරීරය මෙතනම නවතින බවත් එය සොහොන් භූමියකට ගෙන ගොස් වලලා දමන බවත් මෙහි සිටින සියල්ලෝ දනිති. වේදනා ස්කන්ධය කියන ලද සැප දුක් වැටහීම සත්වයාගේ මරණයේදී මෙහිම නිරුද්ධ වෙනවාය. එයිනුත් පරලොවට යන්නට දෙයක් නැත. මෙසේ අනිකුත් ස්කන්ධයන ගෙනුත් සියල්ල මෙහිම නිරුද්ධ වෙනවා මිස එයිනුත් කිසි දෙයක් පරලොව යන්නේ නැත. මේ පංච ස්කන්ධය මෙහිම නිරුද්ධ වීම සමග මේ සත්වයා නිසා පරලොව උපදින සත්වයා අනෙකෙකු නොවේය.

මේ සත්වයාගේ ආත්මය මෙයින් පිටත්ව ගොස පරලොව උපදිනවා නම් ස්වර්ගයේ සිටින්නේත් මනුෂ්‍යයෝම වෙන්ට ඕනෑය. මක් නිසාද මනුෂ්‍යයාට ඇති ආත්මයට මනුෂ්‍ය ආත්මය යයි කියනයවය. එම මනුෂ්‍ය ආත්මයම මෙයින් පිටත්ව ගොස් ස්වර්ගයෙහි නැවතුනොත් ස්වර්ගයෙහි සිටින්නේ මනුෂ්‍යයෝ බවට කිසි සැකයක් නැත මේ පාදිලි උනන්නාන්සේ මෙහෙන් පිටත්ව වැල්ලවත්තට ගියාට මුන්නැහෙ වෙන ඇත්තෙක් වෙන්ට බැරිය. මෙහිදී මුන්නැහෙට ව්‍යවහාර කරන නාමයම එහිදීත් ව්‍යවහාර කරනවා සත්තකය එමෙන්ම මේ ආත්මයම මෙයින් පිටත්ව ගමන් කර පරලොව යනවා නම් ස්වර්ගයෙහි සිට්ටින්නේත් මනුස්යයෝමය.

තවද මේ පන්චස්කන්දයෙන් කිසිවක් පරලොව නොගොස් මේ සත්වයා නිසා පරලොව උපදින සත්වයා අන්‍ය සත්වයෙක් නොවන බව ඔප්පු කරන්ට තව වැදගත් සාක්ෂියක් තිබේ. එනම් මගේ අතේ තිබෙන බයිබලයය. මොසෙස් ආදී අයවලුන් විසින් ලියු මේ බයිබලය නම් පොතය. නමුත් මෝසෙස් ආදී අයවලුන් විසින් ලියුවේ මේ පොතම නොවේය. ඒ අයවලුන් විසින් ලියුවාය කියන මුල් පොතෙන් වෙන පොතක් ලියුවාය. ඒ පොතෙන් තව පොතක් ලියුවාය, මේ ක්‍රමයෙන් අතින් අතට ලියාගන එන පොත්වලට මුල් පොත්වල තිබුණු අකුරුවත් කොලවත් ගැලවී ආවේ නැත. එසේ නොආමුත් ඒ මුල් පොතේ තිබුණු අදහස්ද වගන්තිද මේ බයිබලයේ තිබේ. එසේම මේ සත්වයාගේ මරණයේදී මෙයින් යමක් පරලොව නොගියත් මේ නිසා උපදින සත්වය අනිකෙක් නොවේ. ඒ බව පිරිසිදුව ඔප්පු කිරීම සඳහා තව වැදගත් සාක්ෂියක් තිබේ ඒ මනාව ඇසිය යුතුය

“වච පුග්ගලෝ සන්ධාවතී අස්මාලොකන් පරං ලෝකා – පරස්මා ලෝක ඉමන් ලෝකන්ති ආමන්තා – අත්ත කොචි මනුස්සෝ හුතා දෙවොහොතීති – මිච්චයවෙහි සන්දාවතී සේවච පුග්ගලෝ- ඉතෝ චුතෝ පරලොකම් අනඥා හෙවම් මරණන් න හොතිති- පානාති පාතොපි නූප ලබ්භති”

යන මේ පාඨය අභිධරම් පිටකයෙහි කතා වස්තු ප්‍රකරණයෙහි තිබේ. මෙයින් හැගෙන්නේ මෙලොවින් පරලොවට පරලොවින් මෙලොවට එම පුද්ගලයාම නොයන බවය. මනුෂ්‍යකු හෙවත් මනුශ්‍යකුගේ ආත්මය මේ ශරීරයෙන් පිටත්ව දිව්‍ය ලෝකයකට යනවා නම් දිවය ලෝකයේ සිට් න්නෙත් මනුෂ්‍යයෝම වෙන්ට ඕනෑය. එසේ නොව දිව්‍යලෝකයේ සිටින්නේ දෙවියෝ නම් මනුෂ්‍යයෙක් දිව්‍යලෝකයට යනවාය කියා සිතීම අතිශයෙන් වැරදිය. මක්නිසාද මනුෂ්‍යයාගේ ආත්මයට මනුෂ්‍ය ආත්මය යයි කියති එම මනුෂ්‍ය ආත්මය හෙවත් මනුෂ්‍ය ප්‍රාණය මේ ශරීරයෙන් නික්ම දිව්‍යලෝකයට යනවානම් එහි දිව්‍ය ආත්ම නැතුවා සත්තකය. තවද මේ ශරීරයෙන් පිටත්ව පරලොව ගමන් කරන නොනහින ආත්මයක් මනුෂ්‍යයාට තිබෙනවානම් මනුෂ්‍ය ඝාතනයක් හෙවත් මිනී මැරීමක් නොහොත් ප්රානඝාතයක් යමෙකුට කරන්ට බැරිය. මක් නිසාද නොනහින ආත්මයක් හෙවත් පරානයක් මනුෂ්‍යාට තිබෙනවා යයි කියන නිසාය.

තවද සත්වයාට ක්ෂණික මරණය යයි පරලොව යන මරණය යයි කියා දෙකක් වෙයි. ජීවත්වෙන සත්වයින්ට සිත් ඉපදීමද නැසීමද ක්ෂණ යෙහිම වෙයි. පළමු උපන් සිත නැසුනායින් පසුව උපදින සිත මුලින් උපන් සිත නොවේ. මේ අන්දමට සිත් ආදිය ඉපිද ක්ෂණ, ක්ෂණයෙහි නැසී යාම ක්ෂණික මරණය වෙයි. සත්වයාගේ රුප ස්කන්ධයත් මෙසේම ක්ෂණ ක්ෂණයෙහි ඉපිද නසින්නේය.

හේ කෙසේද සත්වයාගේ ශරීරය කොටස් 32 කින් යුක්තය. එයින් හිසකේ පළමුවෙනි කොටස වෙයි. හිසකේ වල නිතරම ඉපදීමක්ද නැසීමක්ද තිබේ. ඒ බව තේරුම් යාම පිණිස මදක් කාරනා කියමි. හිසකේ සුමානයකට අඟල් භාගයක් පවන වැඩෙන්නේය. ඒවා අගින් කැඩී කැඩී යාමෙන් නිතර නැතිවන්නේය. එසේ නොව වැඩෙන වැඩෙන පමණ හිසකේ කැඩී යාමෙන් වත්, කපා දැමීමෙන් වත් නැතිවෙන්නේ නැතිනම්, අවුරුද්දක් තුල වැඩෙන හිසකේ සියක් රියනක් පමණ වන්නට බැරි නැත. එසේ නොව හිසකේ වඩන ඇත්තන්ගෙන් හිසකේ කොටව තිබෙන්නේ, අගින් සිඳී සිඳී යන නිසාය. දැනට අපේ මේ තිබෙන හිසකේ කුඩා කාලේ ආ ඒවා නොවේය. ශරීරයේ අනිකුදු කොට්ටාශයන් ද මෙසේම ඇතිව නැතිවීමෙන් පවතින්නේය. රුප ස්කන්දයට ඇතුලත් කොට්ටාශයන්ද මෙසේ ක්ෂණික මරණයට ඇතුලත් වෙයි. සත්වයා මැරෙන කාලයෙහි ඉන්ද්රිය සිදී පරලොව ඉපදීම ජීවිතේන්ද්රිය සිදෙන මරණය වෙයි. සත්වයාගේ මැරීමේදී පළමු සිත් නැති පසුව සිත් උපදින්නේ වී නමුත් සිත් පරම්පරාව කඩ නොවන නිසා පරලොව උපදින්නේ අනෙක් නොවේය.

ක්‍රිස්තියානි ආගමේ ඉගැන්වීම් වල අන්දමට සත්වයාට නොනසින ආත්මයක් තිබෙනවා නම් ඒ ආත්මයම පරලොව යනවා නම් ඒ ඒ ආත්මය කොයි ආකාර එකක්ද? ලීයක් වාගෙද? ගෙඩියක් වාගෙද? කිකිළි බිජුවක් වාගෙද? කියා ක්‍රිස්තියානි පක්ෂයෙන් අපට තේරුම් කර දෙන්ට ඕනෑය. එසේ තේරුම් කර දෙන්ට බැරිවුණි නම් නම් පරලොව ගමන් කරන්නාවූ ආත්මයක් නැති බව එයින් ඔප්පු වෙයි.

තවද නොනහින්නාවූ මේ ශරීරයෙන් පිටත්ව පරලොවට යන්නාවූ වස්තුවක් හෙවත් ආත්මයක් තිබෙනවාය” කියා මේ පාදිලි තැන කීවා මේ සමුහයාට ඇසෙන්නට ඇත. මේ පාදිලි තැන කියන අන්දමේ ආත්මය හෙවත් ප්‍රාණය හුළඟ සමාන ද්‍රව්‍ය වූ වස්තුවක් උනත් එය පරලොව යන්ට නොදී නවත්වන්ට පුළුවන. හේ කෙසේද – මරණාසන්න වූ සත්වයෙක් ඝන වූ ලෝහ භාජනයකට ඇතුල්කොට වසා ඊට පිටින් හුළඟ නොයන ලෙස ඊයන් ගා තැබුවේ නම් එහි තුල ඉන්නා මනුෂ්‍යා මරුනායින් පසු ඔහුගේ ප්‍රාණය ශරීරයෙන් පිටත්ව පරලොවට ගමන් කරන එකක් නම් යන්ට අවකාශයක් නැති නිසා එහිම නවතින්ට වනවා සත්තකය. එසේ නොනැවතී පරලොව යනවාය කියනවනම් ශරීරයෙන් පිටත්ව පරලොව ගමන් කරාන්නාවූ වස්තුවක් නැති බව මෙයින් පැහැදිලිව ඔප්පු වේ.

පරලොව යන සත්වයා ගැන අපට උගන්වා තිබෙන්නේ ” නච සෝ නච ආඥ ඥෝ” කියාය. ‘නච සෝ’ කීමෙන් ඒ ඇත්තා නොවෙයි කියන්න වාගේම ‘නච ආඥඥෝ’ කීමෙන් අනේකෙක් නොවේ කියා අනෙක් අතටත් ඔප්පු වේ. මේ ආදී බොහෝ කාරණා වලින් මෙලොව ජීවත් වන සත්වායම වෙනස් නොවී පරලොව යන්නේ නැති බවත් ඒ සත්වයාගේ සිත් පරම්පරාවෙන්ම පරලොව උපදින නිසා අනකෙක් නොවන බවත් පෙනෙයි. මේ නිසා කර්ම කල ඇත්තාම නොව අනෙකෙක් පරලොව දුක් සැප විදිනවාය යයි මේ පාදිලි තැනගේ කීම අතිශයින්ම වැරදිය. මේ ගැන තවත් කියන්ට කාරනා තිබේ. ඒවා මත්තට දක්වමි. ” කියා බුද්ධාගමට විරුද්ධව කතා කල පාදිලි උන්නාන්සේ කල කථාවට මෙසේ උත්තර දී ඉක්බිති ක්‍රිස්තියානි ආගමේ අසත්‍යතාව පෙන්වන්නට පටන් ගත්තාය.

මීට ඉහත පැයේදී බුද්ධාගමට විරුද්ධව කතා කල මේ පාදිලි තැනගේ කතා සියල්ල මගේ කතාවෙන් බිද වැටුනා සත්තකය. එසේ වුවද තවත් ඒ ගැන කියන්ට බොහෝ කාරනා තිබේ. ඒවා ඉදිරියට මට ලැබෙන පැයකදී කියමි. මේ පය තුල කතා කරන්නට මට කාලය තිබෙන නිසා ඒ කාලය ක්‍රිස්තියානි ආගමේ අසත්‍යතාව පෙන්වාදීමට ඉතිරිකර ගතිමි.

ක්‍රිස්තියානි ආගම සැබෑවූ ආගමක් නොවේය. ඒ ආගම අදහා කිසිවෙකුට පරලොව ගැලවෙන්නට බැරිය. ක්‍රිස්තියානි ආගමේ අසත්‍යතාව පෙන්වාදීමට කියන්ට තිබෙන කාරනා බොහෝය. එය අසුව මැනව.

-නික්මයාම- 205 පදේ ක්‍රිස්තියානි කාරයෝ “දෙවියෝය” කියා විශ්වාස කරන යෙහොවාට “ජ්වෙලිත වූ දෙවි කෙනෙක” කියා සිංහලට පිටපත් කර තිබේ. “Jealous God” කියා ඉංගිරිසියෙන් තිබෙන වචනය සිංහලෙන් “ජ්වෙලිත වූ දෙවි කෙනෙක” කියා තේරීම හාත්පසින්ම වැරදිය. “ජ්වෙලිත” යන වචනයේ “දිලිහෙන්නාවූ හෙවත් බබලන්නාවූ” යන අර්ථයක් ඇත්තේය. “Jealous” යන ඉංගිරිසි වචනයට එබදු අර්ථයක් කියන්ට බැරිය. එයට ඊර්ශාවන්තවූ කියා අර්ථයක් තිබේ. “Jealous” යන වචනයට එම අර්ථය කීවානම් හරිය. “ඊර්ශාවන්තවූ දෙවි කෙනෙක” කියා කීවොත් මිනිසුන් රවටන්ට බැරි නිසා මෙසේ කලායයි සිතමි. මෙසේ වංචාවෙන් මිනිසුන් රවටා තමන්ගේ ආගමට හරවා ගන්ට උත්සාහ කිරීම ක්‍රිස්තියානි ඉගැන්නුම් කාරයන්ගේ සිරිතය. ඒ බව ඔප්පු කරන්නට මට වැදගත් සාක්ෂි තිබේ. එනම් – ක්රිස්තියානිකාරයෝ විශ්වාස කරන දෙවියන්ට කල්කටාවෙදී ව්‍යාවහාර කරන්නේ “ඊශ්වර” කියාය. ඒ බව “ඊශ්වරික සුතේ කෘෂ්ඨ” යන ශ්ලෝක පදයෙන් පෙණේ. කල්කටා වාසී හින්දු මනුෂ්‍යයෝ . ඊශ්වරයාට ගෞරව කරන්නෝය. ඒ නිසා එම රටේදී “ඊශ්වර” කියා ව්‍යාහාර කාලය. මේ රටේ සිංහල මනුෂ්‍යයෝ දෙවියන්ට බොහෝසේ ගෞරව කරන්නෝය. එම නිසා මේ රටේදී යෙහොවාට “දෙවියෝ” යයි ව්‍යවහාර කරනවාය. මේ අන්දමේ වංචා තේරුම් ක්‍රිස්තියානි ඉගැන්නුම් කාරයෝ අතර පවතිනවා සත්තකය. මෙබදු වංචා තේරුම් කරන්නේ එයින්වත් තමන්ගේ ආගමට වාසියක් ලබාගන්නට පිළිවන යන අභිප්රාවෙන්ය.

තවද ක්‍රිස්තියානු ඉගැන්නුම් කාරයෝ තමන්ගේ බයිබලයේ තිබෙන සමහර වචන ඒ ඒ ස්ථානවලින් අරන් දමනවාය. ඒ බව ඔප්පු කරන්ට මට වැදගත් සාක්ෂියක් තිබේ. එනම් ලෙවි කතාවේ 17.6 පදේ “මිථ්‍යාචාරයෙන් ක්‍රියාකළ යක්ෂයන්ට ඔවුන් තවත් පුජ නොකරන්නෝය” කියා 1840 යෙදී මේ පාදිලි තැනගේ සමාගමෙන් ප්‍රසිද්ධ කරපු සිංහල බයිබලයෙහි තිබේ. ඉන්පසු එම සමාගම විසින්ම ප්‍රසිද්ධ කරපු සිංහල බයිබලයේ ඒ පදේ එතන ඇත්තේ නැත. මේක වන්චාවක්ය. කියා සිතන්ට කාරනා තිබේ. යක්ෂ පුජාවල් කිරීම ක්රිස්තියානිකාරයන්ගේ සිරිතක් බව හැගෙනවාට මේ පදේ මෙතනින් අරන් දැම්මා වෙන්ට ඇත. මේ අන්දමින් හිතෙන හිතෙන වෙලාවල් වලදී බයිබලය වෙනස් කිරීම රෙපරමාදු ක්‍රිස්තියානු කාරයන්ගේ සිරිතක්ය. රෝමානු ක්රිස්තියානුකාරයන්ට මෙහිදී ස්තුතියක් දෙන්ට වටී. මක්නිසාද ඔවුන් කවර කලකවත් බයිබලය වෙනස් කරන්නේ නැත. ඒ නිසා ඔවුන්ට ස්තුති කරමි. මෙයින්ද ක්‍රිස්තියානි ආගමේ තිබෙන අසත්‍යතාවය පෙණේ.

ක්‍රිස්තියානි ආගමේ අසත්‍යතාව පෙන්වන්ට නට තවත් වැදගත් සාක්ෂියක් තිබේ.එනම් – උත්පත්ති 6-6 පදේ “මනුෂ්‍යයා මැවූ බැවින් තැවුණු සේක” කියා තිබේ. මේ කනගාටුව යෙහොවාට ඉපදිලා තිබෙන්නේ මනුෂ්‍යා මැවූ නිසාය. මත්තට කනගාටු උපදින ක්‍රියා කරන්නේ කිසිවක් නොදන්නා මෝඩයෝය. “සියල්ල දන්නා දීව්‍ය ඥානයක් තිබෙනවාය” කියන මැවුන් කාරයා තමන්ට සෝක උපදින ක්‍රියා කරන එක මහත් විහිලුවක්ය. මෙයින් යෙහොවාට මත්තට වෙන ක්‍රියා පෙන ඥානයක් නැති බව පිරිසිදු ලෙස ඔප්පු වෙයි. මෙබදු කෙනෙකුට “සර්වප්රාක්රමය” වත් “සියලු බලය” වත් නැත. ඉතින් මේ අන්දමේ කනගාටු උපදින ක්‍රියා කල දුර්වල කෙනෙක් “මැවුන් කාරයා”ය “සියලු බලය ඇත්තාය” කියා විශ්වාස කිරීම කිසිසේත් යුතු නැති බව සියල්ලන්ටම හැගීයනාවා ඇත.

මේ සියලු දෙනාටම ක්‍රිස්තියානු ආගමේ අසත්‍යතාව වැටහීම පිණිස කියා දෙන්ට තවත් වැදගත් කාරණයක් තිබේ. එක මීට ප්‍රථමයෙන් ක්‍රිස්තියානු ආගමට විරුද්ධව ගෙනහැර දැක්වූ කාරනා වලට වඩා සියල්ලන්ටම තේරුම් ගැනීමට පහසු එකක්ය.

එනම් – නික්ම යාම 12,23 පදේ මෙසේ තිබේ.”යෙහෝවා වහන්සේ මිසර වාසීන්ට පහර දෙන පිණිස ගොස් උළුවස්සේ උඩ පඩි කදෙහි ද කණු දෙකෙහිද ලේ දැක දොර ඉක්මවා යන සේක” යනුයි. මෙයින් හැගෙන්නේ ඊශ්රාලිතවරුන්ගේ ගෙවල් හදින ගැනීමට යෙහොවාට ලකුණක් නැතිව බැරිවූ බවය. කනෙකුට ගමන් කරන්නට කන වැල ඇල්ලීමට කෙනෙක් ඕනෑ කරන්නාක් මෙන් මෙතනදී යෙහොවාටත් ගෙවල් හදින ගැනීමට ලකුණක් ඕනෑකල බව පෙනේ. මෙබදු කෙනෙකුට දෙවියා ය කියන්ටත් සියල්ල දන්නා ඥානයක් ඇත කියන්ටත් තිබෙන යුතුකම මොකක්ද? මේවාට අපේ මේ මිත්‍රයා “ක්‍රිස්තුස් ගේ මරණයට මේක ලකුනක්ය” කියා විහිලු උත්තරයක් දෙනවා ඇත. ක්‍රිස්තුස්ගේ මරණයේදී ලේ ගැලීමක් සිද්ධවුණේ නැත. එම නිසා එබදු ලාමක උත්තර දීලා මෙයින් බේරෙන්නට මම ඉඩ දෙන්නේ නැත.

තවද – යෙහොවාට සියල්ල දන්නා දිව්‍ය ඥානයක් නැතිබව ඔප්පු කරන්ට තවත් වැදගත් කාරණයක් දක්වමි. එය මනාව ඇසිය යුතුය. නික්මයාම -4,6 පදේ “පළමුවෙනි හාස්කම විශ්වාසනොකලොත් දෙවෙනි හාස්කම විශ්වාස කරන්නේය” යනාදී කියමනක් තිබේ. මෙයින් හැගෙන්නේ යෙහොවාට මේ ක්‍රියාවේදී අනුමාන තිබුණු බවය. එසේ අනුමානයක් නොතිබුනානම් “පළමුවෙනි හාස්කම විශ්වාසනොකලොත් දෙවෙනි හාස්කම විශ්වාස කරත” කියන්ට කොහෙත්ම යුතුකමක් ඇත්තේ නැත. මෙයිනුත් යෙහොවාගේ සියල්ල දක්නා දිව්‍ය ඥානයට පලුදු විය.

තවත් – ක්‍රිස්තියානු කාරයෝ විශ්වාස කරන යෙහොවට සියලු බලේ නැති බව පෙන්වීමට වැදගත් කාරණයක් තිබේ. එනම්- විනිශ්චය, 1,18 පදේ මෙසේ තිබේ. කෙසේද යෙහොවාවහන්සේද යුදා සමග සිටිනසේක. ඔහුද කන්දේ වැසියන් අඹේව්වේය. එහෙත් තැන්නේ වැසියන්ට යකඩ රථ තිබුන නිසා ඔවුන් අඹවන්ට නොහැකිවිය.” කියා තිබේ. මෙතනදී හොවා යුදා සමග සිටගෙනත් යකඩ රථ තිබුන නිසා ඔවුන් පරාජය කරන්ට බැරිවූ බව පැහැදිලිව පෙනේ. ඉතින් ක්‍රිස්තියානි කාරයෝ යෙහොවට සියලු බලේ තිබෙනවය කියා විශ්වාස කිරීම කොපමණ ලාමකද? යකඩෙට බයවෙන්නේ කව්ද කියා සිංහල මිනිස්සු හොදාකාරව දන්නවා ඇත. එක ගෙදරක හිටලා තවත් ගෙදෙරකට රාත්‍රියක යම් කෑම වර්ගයක් ගෙන යන විට එකේ යකඩයක් තබාගෙන යාම බොහෝ සිංහල මනුස්යයන්ගේ සිරිතකි. තවද කසායක් උනුකරන කොට කසාය හැලියේ යකඩයක් බැදීමත් සිංහල මනුෂ්‍යයන්ගේ සිරිතකි. මේවා මෙලෙස කරන්නේ යකුන්ගෙන් පැමිණෙන දොස් නැති කිරීමටය. ඉතින් යෙහෝවා යකඩෙන් භය වූ නිසා ඔහු කව්ද? කියත් ක්‍රිස්තියානි කාරයන්ගේ ඇදහිල්ල මොකක්ද? කියත් මම විස්තර නොකලාට මේ සමුහයාටත් තේරුම් ගන්ට බැරි නැත. එනිසා මේ ගැන කරන කතාව මෙයින් නවත්වමි.

තවද – ක්රිස්තියනිකරයින්ගේ දෙවියන්ගේ තරමත් ඒ දෙවියෝ කව්ද කියාත් සිතන්ට තව හොද කාරියක් පෙන්වමි. නික්මයාම 4.24 පදේ “ඔහු යනකල නවතන්හිදී යෙහෝවා වහන්සේට ඔහු සම්භවී ඔහු මරන්ට සේව් විට සිප්පොරා තියුණු ගලක් රැගෙන අගේ පුත්‍රයා ජින්න නම්කොට ඒ හම ඔහුගේ පාද මුලයට හෙළ සැබවින් නුබ මට ලෙයින් ස්වාමියෙක යි කීවාය. එවිට උන්වහන්සේ ඔහු යන්ට හැරිසෙක” යන මේ කියමනෙන් ඔප්පුවන්නේ යෙහෝවා හොද මිනිහෙක්කොට තෝරා ගත් මෝසෙස් දෙවනු මරන්ට හැදුවිට මෝසෙස් ගේ ස්ත්‍රී අගේ පුත්‍රයා ජින්න නම් කොට හම යෙහොවාට පුදා මෝසෙස් ගලවා ගත් බවය. මෙහි ජින්න නම් කාලය කීවාම මේ සමුහයට තේරුම් ගන්ට අමරුය. නමුත් එක මීට වඩා සිංහලෙන් මේ සභාවේ මට කියන්ට බැරිය. “ජින්න නම්” කිරීමය කියන්නේ මහම්මත් ආගම් කාරයන් ආගමට ඇතුලත් කරගැනීමට කරන ක්‍රියාව හා සමාන ක්‍රියාවක්ය. සිප්පොරා තමාගේ දරුවාගෙන් කපු කැබැල්ල යෙහෝවා ඉදිරියට විසිකලයින් පසු මෝසෙස් නොමරා අරිය වගේම මේ රටෙත් යම් මනුෂ්‍යයෙකුට යක්ෂයෙකුගෙන් ලෙඩක් පැමිණිවිට ඒ ඇත්තා එයින් ගලවා ගැනීම පිණිස බිල්ලක් දෙන විට කුකුලෙක් බිලි දෙනවා නම් ඒ කුකුලගේ කරමලෙන් ටිකක් කැප දෙන එක යකදුරන්ගේ සිරිතක්ය. එළුවෙක් බිලිදෙනවා නම් එළුවාගේ කනෙන් ටිකක් කපා යකාට පුදා ලෙඩා යකාගෙන් බෙරාගන්නවාය. එසේම සිප්පොරා කල ක්‍රියාවත් මීට සමාන බව සිහි ඇති කාටත් පෙනේ. ඉතින් ක්‍රිස්තියානි කාරයෝ විශ්වාසකරන යෙහෝවා දෙවි කෙනෙක්ද නැද්ද කියා දන ගැනීමට මේවා වැදගත් සාක්ෂිවේ. දැනට මට ලැබී තිබුණු කාලය අන්තිම වෙන්ට ගිය නිසා මගේ කතාව මෙයින් අත්හිටවන බව මේ සියල්ලෝම දන ගනිත්වා. තවද මට මේ වාද කතාව කරන්ට අද දවසේම සවස් වරුවේ කාලයක්ද ලබන බ්‍රහස්පතින්දා උදය සවස දෙකේ කාල දෙකක්ද ලැබී තිබේ. ඒ කාලවලදී ක්‍රිස්තියානි ආගමේ අසත්‍යතාව පෙන්වා දීමට තිබෙන වැදගත් කරුණු කියා දෙන්නෙමි. බුද්ධාගමේ තිබෙන සත්‍යතාවත් එසේම පෙන්වා දෙන බව මේ සියල්ලෝම දැන ගනිත්වා.

(කියා මොහොට්ටිවත්තේ ගුණානන්ද උන්නාන්සේගේ කතාව හමාරකරන්ට යෙදුනාය)

[QUOTE="dynamite1234, post: 20593978, member: 502516"] [B][SIZE="6"]2වෙනි කතාව (වර්ෂ 1873 අගෝස්තු මස 26 වෙනි දින උදය 9 පටන් 10 දක්වා මොහොට්ටිවත්තේ ගුණානන්ද උන්නාන්සේ කල පිළිතුරු කතාව )[/SIZE][/B] [SIZE="5"]මෙපමණ වෙලා මෙම දාවිත් ද සිල්වා පාදිලි උන්නාන්සේ විසින් බුද්ධාගමට විරුද්ධව ගෙන හැර දැක්වූ කාරනා බොහෝ ආකුල සහිතය. එම නිසා මෙහි රැස්ව සිටින සමුහයාට මොහුගේ කතාව තේරෙන්ට ඇත කියා මට සිතන්ට බැරිය. බුද්ධාගමට විරුද්ධව බුද්ධ දෙසනාවෙන් ගෙන හැර දැක්වූ පාඨ කැබලිවල අර්ත්යක්වත් අදහසක් වත් මේ සමුහයට තේරෙන ලෙස මේ සභාවේ ප්‍රකාශ කලෙත් නැත. නමුත් මොහුගේ කතාවෙන් එකම අභිප්‍රාවක් තේරුම් ගියාය. එනම් “සත්වයාගේ මරණයේදී මේ පංචස්කන්ධය මෙතනම නිරුද්ධ වන නිසා පරලොව උපදින සත්වයා අන් සත්වෙයක” යන මේ අභිප්‍රාය පමණක් මෙහි සිටින සමුහයාගෙන් ස්වල්ප දෙනෙකුට තේරුම් යන්ට ඇත කියා සිතමි. එම නිසා ඒ ගැන උත්තර දීම මගේ යුතුකමකි. සත්වයාගේ මරණයේදී පන්චස්කන්දයෙන් කිසි දෙයක් පරලොව යන්නේ නැත කියා බුද්ධ දේශනාවේ තිබෙනවා සත්තකය. මේ පන්චස්කන්දයෙන් කිසි දෙයක් පරලොව යන්නේ නැති නමුත් මේ සත්වයා නිසා පරලොව උපදින සත්වයා අනෙකක් නොවේය. ඒ බව මම ඉතා කඩිනමින් ඔප්පු කරමි. බුදුන් වදාළ පංචස්කන්ද ධර්ම කොට්ටාශය ඉතා ගැඹුරුය. එය තිබෙන්නේ පාලි භාෂාවෙන්ය. මේ පාදිලි තැන පාලි භාෂාව මනාව දත්තෙක් නොවේය. ඒ නොදත්කම කරන කොටගෙන බුද්ධ දේශනාව අන් ආකාරයකට පෙරලා හිතට ගෙන මෙපමණ වෙලා කල කතා සියල්ල නිෂ්ඵලය. මොහුගේ පාලි දැනීමේ තරම මේ සමුහයාට තේරුම් කර දීමට මට හොද කාරණයක් ලැබී තිබේ. එනම් මේ පාදිලි තැන විසින් සාදපු මේ “ග්රන්ථ සේඛරය” . කියන පොතය. ඒ පොත මෙන්න. මේ පොතේ පේලි හතරකින් යුතු සුළු පාලි වාසගමක් තිබේ. අලුත් තෙස්තමේන්තුවේ තිබෙන අභිප්රායක් පාලියට නගා මීට ඇතුලත්කර තිබෙන බව මේ පොතෙන්ම පෙනේ. පේලි හතරකින් යුතු මේ වාසගමේ මුල පේලියේම කීප පලක වැරදි තිබේ. එයින් පළමුවෙනි වැරැද්ද “තවනා මොප විත්තෝ හොති ” යන පදයෙහි බොහොම ලොකු මහප්රානයක් යොදා තිබීමයි. “පවිත්තෝ” කියා මිස ” පවිට්ඨෝ” කියා පාලි වචනයක් නැත. තවද “තවන්න් මෝ” යන තැන පුරුෂ ලිංගිකව යෙදුවත් වැරදිය.මෙබඳු සුළු වාසගමක් මෙපමණ වැරදි සහිතව යෙදු නිසා මේ පාදිලි තැනගේ පාලි දැනීමේ තරම මෙයින්ම තේරෙයි. පාලි ව්යාකරනාදිය ගැන මා විසින් ගෙන හැර දැක්වූ කාරනා මේ සමුහයාට තේරුම් ගන්ට නුපුළුවන් නමුත් මෙහි දැනට පැමිණ සිටින පාලි භාෂාවේ අති දක්ෂ සමර්ථ ස්ථවිරයන් වහන්සේලා දනිති. එනිසා මේ ගැන විනිශ්චය උන් වහන්සේලාට භාර දෙමි. මෙපමණ සුළු පාලි වාසගම් කැබැල්ලක්වත් හරියට යොදා ගන්නට බැරි මෙම පාදිලි තැන ගාම්භීර වූ පංචස්කන්ධ ධර්ම කොට්ඨාසය තේරුම් කරගන්ට ගිය එක පණ්ඩිතයන්ට විහිළුවක් කොට පෙනේ. පංචස්කන්ධය කියන්නේ ” රුප ස්කන්ධය, වේදනා ස්කන්ධය, සඥ ස්කන්ධය, සංස්කාර ස්කන්ධය, විඥාන ස්කන්ධය යන පසය. එහි රුප ස්කන්ධය කියන්නේ අපේ ඇසට පෙනෙන මේ රුපය නම් වේ. වේදනා ස්කන්ධය කියන්නේ සැප දුක් වැටහීමය. සත්වයාගේ මරණයේදී රුප ස්කන්ධය හෙවත් මේ ශරීරය මෙතනම නවතින බවත් එය සොහොන් භූමියකට ගෙන ගොස් වලලා දමන බවත් මෙහි සිටින සියල්ලෝ දනිති. වේදනා ස්කන්ධය කියන ලද සැප දුක් වැටහීම සත්වයාගේ මරණයේදී මෙහිම නිරුද්ධ වෙනවාය. එයිනුත් පරලොවට යන්නට දෙයක් නැත. මෙසේ අනිකුත් ස්කන්ධයන ගෙනුත් සියල්ල මෙහිම නිරුද්ධ වෙනවා මිස එයිනුත් කිසි දෙයක් පරලොව යන්නේ නැත. මේ පංච ස්කන්ධය මෙහිම නිරුද්ධ වීම සමග මේ සත්වයා නිසා පරලොව උපදින සත්වයා අනෙකෙකු නොවේය. මේ සත්වයාගේ ආත්මය මෙයින් පිටත්ව ගොස පරලොව උපදිනවා නම් ස්වර්ගයේ සිටින්නේත් මනුෂ්‍යයෝම වෙන්ට ඕනෑය. මක් නිසාද මනුෂ්‍යයාට ඇති ආත්මයට මනුෂ්‍ය ආත්මය යයි කියනයවය. එම මනුෂ්‍ය ආත්මයම මෙයින් පිටත්ව ගොස් ස්වර්ගයෙහි නැවතුනොත් ස්වර්ගයෙහි සිටින්නේ මනුෂ්‍යයෝ බවට කිසි සැකයක් නැත මේ පාදිලි උනන්නාන්සේ මෙහෙන් පිටත්ව වැල්ලවත්තට ගියාට මුන්නැහෙ වෙන ඇත්තෙක් වෙන්ට බැරිය. මෙහිදී මුන්නැහෙට ව්‍යවහාර කරන නාමයම එහිදීත් ව්‍යවහාර කරනවා සත්තකය එමෙන්ම මේ ආත්මයම මෙයින් පිටත්ව ගමන් කර පරලොව යනවා නම් ස්වර්ගයෙහි සිට්ටින්නේත් මනුස්යයෝමය. තවද මේ පන්චස්කන්දයෙන් කිසිවක් පරලොව නොගොස් මේ සත්වයා නිසා පරලොව උපදින සත්වයා අන්‍ය සත්වයෙක් නොවන බව ඔප්පු කරන්ට තව වැදගත් සාක්ෂියක් තිබේ. එනම් මගේ අතේ තිබෙන බයිබලයය. මොසෙස් ආදී අයවලුන් විසින් ලියු මේ බයිබලය නම් පොතය. නමුත් මෝසෙස් ආදී අයවලුන් විසින් ලියුවේ මේ පොතම නොවේය. ඒ අයවලුන් විසින් ලියුවාය කියන මුල් පොතෙන් වෙන පොතක් ලියුවාය. ඒ පොතෙන් තව පොතක් ලියුවාය, මේ ක්‍රමයෙන් අතින් අතට ලියාගන එන පොත්වලට මුල් පොත්වල තිබුණු අකුරුවත් කොලවත් ගැලවී ආවේ නැත. එසේ නොආමුත් ඒ මුල් පොතේ තිබුණු අදහස්ද වගන්තිද මේ බයිබලයේ තිබේ. එසේම මේ සත්වයාගේ මරණයේදී මෙයින් යමක් පරලොව නොගියත් මේ නිසා උපදින සත්වය අනිකෙක් නොවේ. ඒ බව පිරිසිදුව ඔප්පු කිරීම සඳහා තව වැදගත් සාක්ෂියක් තිබේ ඒ මනාව ඇසිය යුතුය “වච පුග්ගලෝ සන්ධාවතී අස්මාලොකන් පරං ලෝකා – පරස්මා ලෝක ඉමන් ලෝකන්ති ආමන්තා – අත්ත කොචි මනුස්සෝ හුතා දෙවොහොතීති – මිච්චයවෙහි සන්දාවතී සේවච පුග්ගලෝ- ඉතෝ චුතෝ පරලොකම් අනඥා හෙවම් මරණන් න හොතිති- පානාති පාතොපි නූප ලබ්භති” යන මේ පාඨය අභිධරම් පිටකයෙහි කතා වස්තු ප්‍රකරණයෙහි තිබේ. මෙයින් හැගෙන්නේ මෙලොවින් පරලොවට පරලොවින් මෙලොවට එම පුද්ගලයාම නොයන බවය. මනුෂ්‍යකු හෙවත් මනුශ්‍යකුගේ ආත්මය මේ ශරීරයෙන් පිටත්ව දිව්‍ය ලෝකයකට යනවා නම් දිවය ලෝකයේ සිට් න්නෙත් මනුෂ්‍යයෝම වෙන්ට ඕනෑය. එසේ නොව දිව්‍යලෝකයේ සිටින්නේ දෙවියෝ නම් මනුෂ්‍යයෙක් දිව්‍යලෝකයට යනවාය කියා සිතීම අතිශයෙන් වැරදිය. මක්නිසාද මනුෂ්‍යයාගේ ආත්මයට මනුෂ්‍ය ආත්මය යයි කියති එම මනුෂ්‍ය ආත්මය හෙවත් මනුෂ්‍ය ප්‍රාණය මේ ශරීරයෙන් නික්ම දිව්‍යලෝකයට යනවානම් එහි දිව්‍ය ආත්ම නැතුවා සත්තකය. තවද මේ ශරීරයෙන් පිටත්ව පරලොව ගමන් කරන නොනහින ආත්මයක් මනුෂ්‍යයාට තිබෙනවානම් මනුෂ්‍ය ඝාතනයක් හෙවත් මිනී මැරීමක් නොහොත් ප්රානඝාතයක් යමෙකුට කරන්ට බැරිය. මක් නිසාද නොනහින ආත්මයක් හෙවත් පරානයක් මනුෂ්‍යාට තිබෙනවා යයි කියන නිසාය. තවද සත්වයාට ක්ෂණික මරණය යයි පරලොව යන මරණය යයි කියා දෙකක් වෙයි. ජීවත්වෙන සත්වයින්ට සිත් ඉපදීමද නැසීමද ක්ෂණ යෙහිම වෙයි. පළමු උපන් සිත නැසුනායින් පසුව උපදින සිත මුලින් උපන් සිත නොවේ. මේ අන්දමට සිත් ආදිය ඉපිද ක්ෂණ, ක්ෂණයෙහි නැසී යාම ක්ෂණික මරණය වෙයි. සත්වයාගේ රුප ස්කන්ධයත් මෙසේම ක්ෂණ ක්ෂණයෙහි ඉපිද නසින්නේය. හේ කෙසේද සත්වයාගේ ශරීරය කොටස් 32 කින් යුක්තය. එයින් හිසකේ පළමුවෙනි කොටස වෙයි. හිසකේ වල නිතරම ඉපදීමක්ද නැසීමක්ද තිබේ. ඒ බව තේරුම් යාම පිණිස මදක් කාරනා කියමි. හිසකේ සුමානයකට අඟල් භාගයක් පවන වැඩෙන්නේය. ඒවා අගින් කැඩී කැඩී යාමෙන් නිතර නැතිවන්නේය. එසේ නොව වැඩෙන වැඩෙන පමණ හිසකේ කැඩී යාමෙන් වත්, කපා දැමීමෙන් වත් නැතිවෙන්නේ නැතිනම්, අවුරුද්දක් තුල වැඩෙන හිසකේ සියක් රියනක් පමණ වන්නට බැරි නැත. එසේ නොව හිසකේ වඩන ඇත්තන්ගෙන් හිසකේ කොටව තිබෙන්නේ, අගින් සිඳී සිඳී යන නිසාය. දැනට අපේ මේ තිබෙන හිසකේ කුඩා කාලේ ආ ඒවා නොවේය. ශරීරයේ අනිකුදු කොට්ටාශයන් ද මෙසේම ඇතිව නැතිවීමෙන් පවතින්නේය. රුප ස්කන්දයට ඇතුලත් කොට්ටාශයන්ද මෙසේ ක්ෂණික මරණයට ඇතුලත් වෙයි. සත්වයා මැරෙන කාලයෙහි ඉන්ද්රිය සිදී පරලොව ඉපදීම ජීවිතේන්ද්රිය සිදෙන මරණය වෙයි. සත්වයාගේ මැරීමේදී පළමු සිත් නැති පසුව සිත් උපදින්නේ වී නමුත් සිත් පරම්පරාව කඩ නොවන නිසා පරලොව උපදින්නේ අනෙක් නොවේය. ක්‍රිස්තියානි ආගමේ ඉගැන්වීම් වල අන්දමට සත්වයාට නොනසින ආත්මයක් තිබෙනවා නම් ඒ ආත්මයම පරලොව යනවා නම් ඒ ඒ ආත්මය කොයි ආකාර එකක්ද? ලීයක් වාගෙද? ගෙඩියක් වාගෙද? කිකිළි බිජුවක් වාගෙද? කියා ක්‍රිස්තියානි පක්ෂයෙන් අපට තේරුම් කර දෙන්ට ඕනෑය. එසේ තේරුම් කර දෙන්ට බැරිවුණි නම් නම් පරලොව ගමන් කරන්නාවූ ආත්මයක් නැති බව එයින් ඔප්පු වෙයි. තවද නොනහින්නාවූ මේ ශරීරයෙන් පිටත්ව පරලොවට යන්නාවූ වස්තුවක් හෙවත් ආත්මයක් තිබෙනවාය” කියා මේ පාදිලි තැන කීවා මේ සමුහයාට ඇසෙන්නට ඇත. මේ පාදිලි තැන කියන අන්දමේ ආත්මය හෙවත් ප්‍රාණය හුළඟ සමාන ද්‍රව්‍ය වූ වස්තුවක් උනත් එය පරලොව යන්ට නොදී නවත්වන්ට පුළුවන. හේ කෙසේද – මරණාසන්න වූ සත්වයෙක් ඝන වූ ලෝහ භාජනයකට ඇතුල්කොට වසා ඊට පිටින් හුළඟ නොයන ලෙස ඊයන් ගා තැබුවේ නම් එහි තුල ඉන්නා මනුෂ්‍යා මරුනායින් පසු ඔහුගේ ප්‍රාණය ශරීරයෙන් පිටත්ව පරලොවට ගමන් කරන එකක් නම් යන්ට අවකාශයක් නැති නිසා එහිම නවතින්ට වනවා සත්තකය. එසේ නොනැවතී පරලොව යනවාය කියනවනම් ශරීරයෙන් පිටත්ව පරලොව ගමන් කරාන්නාවූ වස්තුවක් නැති බව මෙයින් පැහැදිලිව ඔප්පු වේ. පරලොව යන සත්වයා ගැන අපට උගන්වා තිබෙන්නේ ” නච සෝ නච ආඥ ඥෝ” කියාය. ‘නච සෝ’ කීමෙන් ඒ ඇත්තා නොවෙයි කියන්න වාගේම ‘නච ආඥඥෝ’ කීමෙන් අනේකෙක් නොවේ කියා අනෙක් අතටත් ඔප්පු වේ. මේ ආදී බොහෝ කාරණා වලින් මෙලොව ජීවත් වන සත්වායම වෙනස් නොවී පරලොව යන්නේ නැති බවත් ඒ සත්වයාගේ සිත් පරම්පරාවෙන්ම පරලොව උපදින නිසා අනකෙක් නොවන බවත් පෙනෙයි. මේ නිසා කර්ම කල ඇත්තාම නොව අනෙකෙක් පරලොව දුක් සැප විදිනවාය යයි මේ පාදිලි තැනගේ කීම අතිශයින්ම වැරදිය. මේ ගැන තවත් කියන්ට කාරනා තිබේ. ඒවා මත්තට දක්වමි. ” කියා බුද්ධාගමට විරුද්ධව කතා කල පාදිලි උන්නාන්සේ කල කථාවට මෙසේ උත්තර දී ඉක්බිති ක්‍රිස්තියානි ආගමේ අසත්‍යතාව පෙන්වන්නට පටන් ගත්තාය. මීට ඉහත පැයේදී බුද්ධාගමට විරුද්ධව කතා කල මේ පාදිලි තැනගේ කතා සියල්ල මගේ කතාවෙන් බිද වැටුනා සත්තකය. එසේ වුවද තවත් ඒ ගැන කියන්ට බොහෝ කාරනා තිබේ. ඒවා ඉදිරියට මට ලැබෙන පැයකදී කියමි. මේ පය තුල කතා කරන්නට මට කාලය තිබෙන නිසා ඒ කාලය ක්‍රිස්තියානි ආගමේ අසත්‍යතාව පෙන්වාදීමට ඉතිරිකර ගතිමි. ක්‍රිස්තියානි ආගම සැබෑවූ ආගමක් නොවේය. ඒ ආගම අදහා කිසිවෙකුට පරලොව ගැලවෙන්නට බැරිය. ක්‍රිස්තියානි ආගමේ අසත්‍යතාව පෙන්වාදීමට කියන්ට තිබෙන කාරනා බොහෝය. එය අසුව මැනව. -නික්මයාම- 205 පදේ ක්‍රිස්තියානි කාරයෝ “දෙවියෝය” කියා විශ්වාස කරන යෙහොවාට “ජ්වෙලිත වූ දෙවි කෙනෙක” කියා සිංහලට පිටපත් කර තිබේ. “Jealous God” කියා ඉංගිරිසියෙන් තිබෙන වචනය සිංහලෙන් “ජ්වෙලිත වූ දෙවි කෙනෙක” කියා තේරීම හාත්පසින්ම වැරදිය. “ජ්වෙලිත” යන වචනයේ “දිලිහෙන්නාවූ හෙවත් බබලන්නාවූ” යන අර්ථයක් ඇත්තේය. “Jealous” යන ඉංගිරිසි වචනයට එබදු අර්ථයක් කියන්ට බැරිය. එයට ඊර්ශාවන්තවූ කියා අර්ථයක් තිබේ. “Jealous” යන වචනයට එම අර්ථය කීවානම් හරිය. “ඊර්ශාවන්තවූ දෙවි කෙනෙක” කියා කීවොත් මිනිසුන් රවටන්ට බැරි නිසා මෙසේ කලායයි සිතමි. මෙසේ වංචාවෙන් මිනිසුන් රවටා තමන්ගේ ආගමට හරවා ගන්ට උත්සාහ කිරීම ක්‍රිස්තියානි ඉගැන්නුම් කාරයන්ගේ සිරිතය. ඒ බව ඔප්පු කරන්නට මට වැදගත් සාක්ෂි තිබේ. එනම් – ක්රිස්තියානිකාරයෝ විශ්වාස කරන දෙවියන්ට කල්කටාවෙදී ව්‍යාවහාර කරන්නේ “ඊශ්වර” කියාය. ඒ බව “ඊශ්වරික සුතේ කෘෂ්ඨ” යන ශ්ලෝක පදයෙන් පෙණේ. කල්කටා වාසී හින්දු මනුෂ්‍යයෝ . ඊශ්වරයාට ගෞරව කරන්නෝය. ඒ නිසා එම රටේදී “ඊශ්වර” කියා ව්‍යාහාර කාලය. මේ රටේ සිංහල මනුෂ්‍යයෝ දෙවියන්ට බොහෝසේ ගෞරව කරන්නෝය. එම නිසා මේ රටේදී යෙහොවාට “දෙවියෝ” යයි ව්‍යවහාර කරනවාය. මේ අන්දමේ වංචා තේරුම් ක්‍රිස්තියානි ඉගැන්නුම් කාරයෝ අතර පවතිනවා සත්තකය. මෙබදු වංචා තේරුම් කරන්නේ එයින්වත් තමන්ගේ ආගමට වාසියක් ලබාගන්නට පිළිවන යන අභිප්රාවෙන්ය. තවද ක්‍රිස්තියානු ඉගැන්නුම් කාරයෝ තමන්ගේ බයිබලයේ තිබෙන සමහර වචන ඒ ඒ ස්ථානවලින් අරන් දමනවාය. ඒ බව ඔප්පු කරන්ට මට වැදගත් සාක්ෂියක් තිබේ. එනම් ලෙවි කතාවේ 17.6 පදේ “මිථ්‍යාචාරයෙන් ක්‍රියාකළ යක්ෂයන්ට ඔවුන් තවත් පුජ නොකරන්නෝය” කියා 1840 යෙදී මේ පාදිලි තැනගේ සමාගමෙන් ප්‍රසිද්ධ කරපු සිංහල බයිබලයෙහි තිබේ. ඉන්පසු එම සමාගම විසින්ම ප්‍රසිද්ධ කරපු සිංහල බයිබලයේ ඒ පදේ එතන ඇත්තේ නැත. මේක වන්චාවක්ය. කියා සිතන්ට කාරනා තිබේ. යක්ෂ පුජාවල් කිරීම ක්රිස්තියානිකාරයන්ගේ සිරිතක් බව හැගෙනවාට මේ පදේ මෙතනින් අරන් දැම්මා වෙන්ට ඇත. මේ අන්දමින් හිතෙන හිතෙන වෙලාවල් වලදී බයිබලය වෙනස් කිරීම රෙපරමාදු ක්‍රිස්තියානු කාරයන්ගේ සිරිතක්ය. රෝමානු ක්රිස්තියානුකාරයන්ට මෙහිදී ස්තුතියක් දෙන්ට වටී. මක්නිසාද ඔවුන් කවර කලකවත් බයිබලය වෙනස් කරන්නේ නැත. ඒ නිසා ඔවුන්ට ස්තුති කරමි. මෙයින්ද ක්‍රිස්තියානි ආගමේ තිබෙන අසත්‍යතාවය පෙණේ. ක්‍රිස්තියානි ආගමේ අසත්‍යතාව පෙන්වන්ට නට තවත් වැදගත් සාක්ෂියක් තිබේ.එනම් – උත්පත්ති 6-6 පදේ “මනුෂ්‍යයා මැවූ බැවින් තැවුණු සේක” කියා තිබේ. මේ කනගාටුව යෙහොවාට ඉපදිලා තිබෙන්නේ මනුෂ්‍යා මැවූ නිසාය. මත්තට කනගාටු උපදින ක්‍රියා කරන්නේ කිසිවක් නොදන්නා මෝඩයෝය. “සියල්ල දන්නා දීව්‍ය ඥානයක් තිබෙනවාය” කියන මැවුන් කාරයා තමන්ට සෝක උපදින ක්‍රියා කරන එක මහත් විහිලුවක්ය. මෙයින් යෙහොවාට මත්තට වෙන ක්‍රියා පෙන ඥානයක් නැති බව පිරිසිදු ලෙස ඔප්පු වෙයි. මෙබදු කෙනෙකුට “සර්වප්රාක්රමය” වත් “සියලු බලය” වත් නැත. ඉතින් මේ අන්දමේ කනගාටු උපදින ක්‍රියා කල දුර්වල කෙනෙක් “මැවුන් කාරයා”ය “සියලු බලය ඇත්තාය” කියා විශ්වාස කිරීම කිසිසේත් යුතු නැති බව සියල්ලන්ටම හැගීයනාවා ඇත. මේ සියලු දෙනාටම ක්‍රිස්තියානු ආගමේ අසත්‍යතාව වැටහීම පිණිස කියා දෙන්ට තවත් වැදගත් කාරණයක් තිබේ. එක මීට ප්‍රථමයෙන් ක්‍රිස්තියානු ආගමට විරුද්ධව ගෙනහැර දැක්වූ කාරනා වලට වඩා සියල්ලන්ටම තේරුම් ගැනීමට පහසු එකක්ය. එනම් – නික්ම යාම 12,23 පදේ මෙසේ තිබේ.”යෙහෝවා වහන්සේ මිසර වාසීන්ට පහර දෙන පිණිස ගොස් උළුවස්සේ උඩ පඩි කදෙහි ද කණු දෙකෙහිද ලේ දැක දොර ඉක්මවා යන සේක” යනුයි. මෙයින් හැගෙන්නේ ඊශ්රාලිතවරුන්ගේ ගෙවල් හදින ගැනීමට යෙහොවාට ලකුණක් නැතිව බැරිවූ බවය. කනෙකුට ගමන් කරන්නට කන වැල ඇල්ලීමට කෙනෙක් ඕනෑ කරන්නාක් මෙන් මෙතනදී යෙහොවාටත් ගෙවල් හදින ගැනීමට ලකුණක් ඕනෑකල බව පෙනේ. මෙබදු කෙනෙකුට දෙවියා ය කියන්ටත් සියල්ල දන්නා ඥානයක් ඇත කියන්ටත් තිබෙන යුතුකම මොකක්ද? මේවාට අපේ මේ මිත්‍රයා “ක්‍රිස්තුස් ගේ මරණයට මේක ලකුනක්ය” කියා විහිලු උත්තරයක් දෙනවා ඇත. ක්‍රිස්තුස්ගේ මරණයේදී ලේ ගැලීමක් සිද්ධවුණේ නැත. එම නිසා එබදු ලාමක උත්තර දීලා මෙයින් බේරෙන්නට මම ඉඩ දෙන්නේ නැත. තවද – යෙහොවාට සියල්ල දන්නා දිව්‍ය ඥානයක් නැතිබව ඔප්පු කරන්ට තවත් වැදගත් කාරණයක් දක්වමි. එය මනාව ඇසිය යුතුය. නික්මයාම -4,6 පදේ “පළමුවෙනි හාස්කම විශ්වාසනොකලොත් දෙවෙනි හාස්කම විශ්වාස කරන්නේය” යනාදී කියමනක් තිබේ. මෙයින් හැගෙන්නේ යෙහොවාට මේ ක්‍රියාවේදී අනුමාන තිබුණු බවය. එසේ අනුමානයක් නොතිබුනානම් “පළමුවෙනි හාස්කම විශ්වාසනොකලොත් දෙවෙනි හාස්කම විශ්වාස කරත” කියන්ට කොහෙත්ම යුතුකමක් ඇත්තේ නැත. මෙයිනුත් යෙහොවාගේ සියල්ල දක්නා දිව්‍ය ඥානයට පලුදු විය. තවත් – ක්‍රිස්තියානු කාරයෝ විශ්වාස කරන යෙහොවට සියලු බලේ නැති බව පෙන්වීමට වැදගත් කාරණයක් තිබේ. එනම්- විනිශ්චය, 1,18 පදේ මෙසේ තිබේ. කෙසේද යෙහොවාවහන්සේද යුදා සමග සිටිනසේක. ඔහුද කන්දේ වැසියන් අඹේව්වේය. එහෙත් තැන්නේ වැසියන්ට යකඩ රථ තිබුන නිසා ඔවුන් අඹවන්ට නොහැකිවිය.” කියා තිබේ. මෙතනදී හොවා යුදා සමග සිටගෙනත් යකඩ රථ තිබුන නිසා ඔවුන් පරාජය කරන්ට බැරිවූ බව පැහැදිලිව පෙනේ. ඉතින් ක්‍රිස්තියානි කාරයෝ යෙහොවට සියලු බලේ තිබෙනවය කියා විශ්වාස කිරීම කොපමණ ලාමකද? යකඩෙට බයවෙන්නේ කව්ද කියා සිංහල මිනිස්සු හොදාකාරව දන්නවා ඇත. එක ගෙදරක හිටලා තවත් ගෙදෙරකට රාත්‍රියක යම් කෑම වර්ගයක් ගෙන යන විට එකේ යකඩයක් තබාගෙන යාම බොහෝ සිංහල මනුස්යයන්ගේ සිරිතකි. තවද කසායක් උනුකරන කොට කසාය හැලියේ යකඩයක් බැදීමත් සිංහල මනුෂ්‍යයන්ගේ සිරිතකි. මේවා මෙලෙස කරන්නේ යකුන්ගෙන් පැමිණෙන දොස් නැති කිරීමටය. ඉතින් යෙහෝවා යකඩෙන් භය වූ නිසා ඔහු කව්ද? කියත් ක්‍රිස්තියානි කාරයන්ගේ ඇදහිල්ල මොකක්ද? කියත් මම විස්තර නොකලාට මේ සමුහයාටත් තේරුම් ගන්ට බැරි නැත. එනිසා මේ ගැන කරන කතාව මෙයින් නවත්වමි. තවද – ක්රිස්තියනිකරයින්ගේ දෙවියන්ගේ තරමත් ඒ දෙවියෝ කව්ද කියාත් සිතන්ට තව හොද කාරියක් පෙන්වමි. නික්මයාම 4.24 පදේ “ඔහු යනකල නවතන්හිදී යෙහෝවා වහන්සේට ඔහු සම්භවී ඔහු මරන්ට සේව් විට සිප්පොරා තියුණු ගලක් රැගෙන අගේ පුත්‍රයා ජින්න නම්කොට ඒ හම ඔහුගේ පාද මුලයට හෙළ සැබවින් නුබ මට ලෙයින් ස්වාමියෙක යි කීවාය. එවිට උන්වහන්සේ ඔහු යන්ට හැරිසෙක” යන මේ කියමනෙන් ඔප්පුවන්නේ යෙහෝවා හොද මිනිහෙක්කොට තෝරා ගත් මෝසෙස් දෙවනු මරන්ට හැදුවිට මෝසෙස් ගේ ස්ත්‍රී අගේ පුත්‍රයා ජින්න නම් කොට හම යෙහොවාට පුදා මෝසෙස් ගලවා ගත් බවය. මෙහි ජින්න නම් කාලය කීවාම මේ සමුහයට තේරුම් ගන්ට අමරුය. නමුත් එක මීට වඩා සිංහලෙන් මේ සභාවේ මට කියන්ට බැරිය. “ජින්න නම්” කිරීමය කියන්නේ මහම්මත් ආගම් කාරයන් ආගමට ඇතුලත් කරගැනීමට කරන ක්‍රියාව හා සමාන ක්‍රියාවක්ය. සිප්පොරා තමාගේ දරුවාගෙන් කපු කැබැල්ල යෙහෝවා ඉදිරියට විසිකලයින් පසු මෝසෙස් නොමරා අරිය වගේම මේ රටෙත් යම් මනුෂ්‍යයෙකුට යක්ෂයෙකුගෙන් ලෙඩක් පැමිණිවිට ඒ ඇත්තා එයින් ගලවා ගැනීම පිණිස බිල්ලක් දෙන විට කුකුලෙක් බිලි දෙනවා නම් ඒ කුකුලගේ කරමලෙන් ටිකක් කැප දෙන එක යකදුරන්ගේ සිරිතක්ය. එළුවෙක් බිලිදෙනවා නම් එළුවාගේ කනෙන් ටිකක් කපා යකාට පුදා ලෙඩා යකාගෙන් බෙරාගන්නවාය. එසේම සිප්පොරා කල ක්‍රියාවත් මීට සමාන බව සිහි ඇති කාටත් පෙනේ. ඉතින් ක්‍රිස්තියානි කාරයෝ විශ්වාසකරන යෙහෝවා දෙවි කෙනෙක්ද නැද්ද කියා දන ගැනීමට මේවා වැදගත් සාක්ෂිවේ. දැනට මට ලැබී තිබුණු කාලය අන්තිම වෙන්ට ගිය නිසා මගේ කතාව මෙයින් අත්හිටවන බව මේ සියල්ලෝම දන ගනිත්වා. තවද මට මේ වාද කතාව කරන්ට අද දවසේම සවස් වරුවේ කාලයක්ද ලබන බ්‍රහස්පතින්දා උදය සවස දෙකේ කාල දෙකක්ද ලැබී තිබේ. ඒ කාලවලදී ක්‍රිස්තියානි ආගමේ අසත්‍යතාව පෙන්වා දීමට තිබෙන වැදගත් කරුණු කියා දෙන්නෙමි. බුද්ධාගමේ තිබෙන සත්‍යතාවත් එසේම පෙන්වා දෙන බව මේ සියල්ලෝම දැන ගනිත්වා. (කියා මොහොට්ටිවත්තේ ගුණානන්ද උන්නාන්සේගේ කතාව හමාරකරන්ට යෙදුනාය)[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom