Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
පානදුරා වාදය !
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

4 වන කතාව

(1873 අගෝස්තු මස 26 වෙනි දින හවස 4 පටන් 5 දක්වා මොහොට්ටිවත්තේ ගුණානන්ද උන්නාන්සේ කල කතාව)

මෙසේ රැස්ව සිටින සමුහයට පළමු කොට දැනුම් දිය යුතු කාරනාවක් තිබේ එනම් බුද්ධාගමට විරුද්ධව මේ කතාකල මේ කතාකාරයාට ඔහුගේ නම ව්‍යාවහාර කරන්නට ඕනෑකල ප්‍රස්තාවලදී “පාදිලි උන්නාන්සේ” ය කියා මා විසින් ව්‍යවහාර කර බව මේ සියල්ලන්ට මතක ඇත. එසේ මම කතා කලේ වී නමුත්, මේ කතා කාරය මට ව්‍යවහාර කටයුතු නම එසේ ව්‍යවහාර නොකර ” විරුද්ධකාරයාය” කියා ව්‍යවහාර කර නිසා මොහුටත් ඒ නමම ව්‍යවහාර කරන්නට උනාට කනගාටුය. ඉතින් මෙතැන් පටන් “විරුද්ධකාරයාය” “හතුරාය” යන නමක් මේ කතාවේදී මා විසින් ව්‍යවහාර කලොත් ඒ නම් මොහුට බව මේ සියල්ලෝම දන ගනිත්වා.

අපේ ආගම් දෙකේ හරි වැරදි කල්පනා කරන්නට අප දෙපක්ෂය මේ කතාව මෙලෙස කරන්නේ වී නමුත් අපි දෙදෙනා අතරේ මීට ප්‍රට්ම එබදු විරුද්ධකාරකමක් හතුකමක් තුබුනුබව මම දන්නේ නැත.

ක්‍රිස්තියානි ආගමට විරුද්ධව මා විසින් අසු ප්‍රශ්නවලින් පලවෙනි ප්රශ්නය ඉංගිරිසි බයිබලයේ තිබෙන ” Jealous God ” යන වචනයට දිය යුතු හරි තේරුම නොදී නුගත් සිංහල මනුෂ්‍යයන් රවටන්ට බොරු අර්ථයක් ප්‍රකාශ කොට සිංහල බයිබලවල තිබෙන බවය. ඒ ගැන කිසි උත්තරයක් මගේ විරුද්ධකාරයා නොදුන් බවත්, ඒ වචනය ඔහුගේ කතාවේදී මතක් කරන්නේවත් නැතිව අතහැර දමා ගිය බවත් මේ සභාවේ සිටින සියල්ලන්ටම මට වගේම මතක ඇත. එසේ කලේ මගේ විරුද්ධකාරයා ට ඒ ගැන හරි උත්තරයක් දෙන්ට බැරි නිසාවට කොහෙත් සැක නැත. ඔහුට ඒ ගැන හරි උත්තරයක් දෙන්ට නැතුවා මමත් දනිමි. ඒ බව සියල්ලෝම දැනගන්න සේක්වා.

තවද මගේ විරුද්ධකාරයා පාලි භාෂාව නොදන්නෙක් බවට මා විසින් ගෙනහැර දැක්වූ කාරන බිද හෙලන්නට බොහොම තැත් කලේ වී නමුත් ඒ උත්සාහය හරි ගියේ නැත. ඔහු විසින් සංග්‍රහ කළාය කියන පොතේ තිබෙන ” තවනමෝ පවිත්තෝ හොති” යනාදී පාලි වාසගම ඔහු සැදු එකක් නොවෙන බවත් පාලි භාෂාවට නගා බුරුම අකුරෙන් අච්චු ගසා තිබෙන අලුත් තෙස්තමේන්තුවෙන් උදුරා ඔහු විසින් සංග්‍රහ කල ” ග්රන්ථ සේඛරය” කියන පොතට ඇතුල්කල බවත් ඔහු කීවා මේ සියල්ලන්ටම මතක ඇත. අලුත් තෙස්තමේන්තුව අපට අයිති පොතක් නොවේය. ඒක ක්‍රිස්තියානි කරයන්ගේම පොතක්ය. එකේ තිබුණු වාසගම් අතරින් මෙබදු වැරදි වලින් යුත් වාසගම් කැබැල්ල ඔහුගේ පොතට එකතු කරන්ට තෝරා ගත් එකත් පුදුමයක්ය!

මගේ විරුද්ධකාරයා පාලි භාෂාව දන්නෙක් නම් මේ අන්දමේ නින්දිත වැරදි වලින් යුත් වචන ස්වල්පය හරි නොගස්සා තමන්ගේ සංග්‍රහව ට එකතු කරන්නේ නැත. ඒ වාසගම් කැබැල්ල එකතු කිරීමෙන් මගේ විරුද්ධකාරයා පාලි භාෂාව නොදන්නෙක් බවට ඉස්තීර උනා සත්තකය. මගේ විරුද්ධකාරයා පාලි භාෂාව දන්නේක්ය කියා එරෝපාකාර මහා තැන් අතරේ අගවා ගෙන සිටියා සත්තකය. ඒ සිටිය අඩියට පහල අඩියකට මේ ගැන උත්තර දීමට ගොස් වැටුනාට මට කනගාටුය. එම නිසා මොහුගේ පාලි නොදැනීමේ තරම ඉතා කුඩා පටු නොවෙන බව මේ සියල්ලන්ටම හැගෙනවා ඇත.

මේ අර මගේ විරුද්ධකාරයා බයිබලය සිංහල භාෂාවට පිටපත් කිරීමේ නිවැරදිතාව අගවන්ට කල කතාව කොහෙත්ම ඔබින්නේ නැත. මක්නිසාද මා විසින් පෙන්නාදුන්නේ 1830 දී වැස්ලියන් සමාගම නමින් සිංහල භාෂාවට පිටපත් කොට අච්චු ගසා තිබෙන බයිබලයේ පදයක් එම සමාගම නමින්ම දෙවනුව ප්‍රසිද්ද කරපු බයිබලයේ එම ස්ථානයෙන් අරන් දමා තිබෙන බවය මගේ විරුද්ධකාරයා කියන්නේ , ඒ පදය ඉහලට ඇද්දාය කියාය. තවත් බයිබලය සිංහලට පිටපත් කල අයගේ උතුම්කම සහ සමර්තකමය. ඒ උත්තමයන් කිසිවෙකුට ගල් කැටයක් ගසන්ට බැරිලු. ඉතින් මගේ විරුද්ධකාරයා ගේ මේ උත්තරය මගේ ප්‍රශ්නයට කොහෙත්ම ගැලපෙන්නේ නැත. ඒ බව මේ සමුහයාට තේරුම් යාම පිණිස කියා දෙමි. බයිබලය සිංහලට පිටපත්කල සමහරෙක් බයිබලයේ තිබෙන පද ඉහලට අදින්ටත් සමහරෙක් පහලට අදින්ටත් ගියාම ඔය දෙගොල්ලොම එකාකාර උත්තමයෝ වෙන්ටත් එකාකාර සම්ර්තයෝ වෙන්ටත් බැරිය. එකකට එකක් විරුද්ධව තිබෙන මේ බයිබල දෙකින් එකක් වරදමය. යම් ස්ථානයක යම් පදයක් යෙදීමෙන් එහි හරි අර්ථය ලැබේනම් ඒක එතන තිබෙන්ට නැර වෙන තැනකට ඇද්දාම එයින් වෙනස්ව හරි නැත්තාවූ අර්තයක්ම ප්‍රකාශ වෙයි. එසේ වරින් වර වෙනස්කොට අච්චු ගසා තිබෙන බයිබල වලින් හරිය කියා පිළිගන්නේ කොයි බයිබලයද? මේ අන්දමට රෙපරමාදු ක්‍රිස්තියානු කාරයෝ වරින්වර තම තමන්ට හිතෙන හිතෙන හැටියට බයිබලය වෙනස්කොට ප්‍රසිද්ද කරති. රෝමානු ක්‍රිස්තියානි කාරයෝ තම තමන්ගේ බයිබලය වෙනස් කරන්නේ නැතුව තිබුණු හැටියටම තබාගෙන් ඉන්න නිසා ඔවුන්ට ඉස්තුති කරන්ට වටී.

ක්‍රිස්තුස් ඊශ්වරයාගේ පුතාය කියා ක්‍රිස්තියානු ඉගෙන්නුම් කාරයෝ කල්කටාවෙදී කියන්නේ ඒ රටේ ඉන්න හින්දුවරු රවටන්ට බව මම වරක් කීව. ඒ ගැන මගේ විරුද්ධකාරය උත්තර දෙන්ට ගත උත්සාහය ඉතාම නිෂ්ඵල වෙච්චි. මක්නිසාද ඊශ්වර යන වචනයට අර්ථ තිබුනත් හින්දුවරු අදහන දෙවියන්ට ඔවුන් ඊශ්වර කියා කියන නිසා එහිදී ඒ නම ගත්තේ ඔවුන් රවටන අදහස පිටින්මය. හොදයි ක්රිස්තියනිකාරයෝ අදහන්නෙත් ඊශ්වරයා නම් ඔහුට “උමයන්ගනාව” කියා භාර්යාවක් ඉන්නවා වාගේම යෙහොවාටත් භාර්යාවක් ඉන්නවාද? යෙහොවාටත් භාර්යාවක් ඉන්නා බව ක්රිස්තියානිකාරයෝ නොදන්නා නමුත් මම දන්නවා. මට ලැබෙන පැයකදී යෙහොවාගේ භාර්යාව කව්ද කියා මම පෙන්නා දෙනවා.

“යෙහෝවා මනුෂ්‍යය මැවූ බැවින් තැවුණු සේක ” කියා උත්පත්ති 6,6 පදේ කියා තිබේ. තැවෙන ක්‍රියා සෝකවෙන ක්‍රියා කරන්නේ මෝඩයෝය. මෙයින් යෙහොවාට දිව්‍ය ඥානයක් නැතිබව පෙන්වා මා කල කතාවට මගේ විරුද්ධකාරය කිසි උත්තරයක් දුන්නේ නැත. නොබෝද ක්‍රිස්තියානි පක්ෂයේ අයවල් සමග බුද්ධ පක්ෂයේ අයවල් කල වාදයකදී ඔවුන් ප්‍රසිද්ධ කරපු “සුධර්ම ප්‍රකරණය” කියන පොතක් මේ සභාවේ කියෙව්වා මේ කාටත් ඇසෙන්නට ඇත. ඒ කියවීම මගේ ඒ ඇහීමට උත්තරයක් නොවේය. ඒ බව මට වගේම මේ හිටින සියල්ලන්ටම හැගෙන්නට ඇත. ඒ පොතේ තිබෙන සියල්ලටම අපි උත්තර දී ඒ සන්දියේ බිද හෙළුවා සත්තය. ඒ අවලංගු පොත මේ වාදය ඉදිරිපිටට ගෙන ඒම කොහෙත්ම සැහෙන්නේ නැත.

යෙහොවාගේ අසර්වඥ කම ගැන හෙවත් සියල්ල දක්නා ඥානයක් නැති කම ගැන මා විසින් පෙන්වා දුන්නේ ඊශ්රාලිත වරුන්ගේ ගෙවල් යෙහොවට හැදින ගැනීම පිණිස ඒ ගෙවල්වල උළුවස්සේ ලේ ගා තබන්නට යෙහොවාම කී බවය. ඒ ගැන මගේ විරුද්ධකාරයා දුන් උත්තරය නම්, ක්‍රිස්තු මැරෙනවාට එය ලකුනක්ය කියාය. ඒ උත්තරය කොහෙත්ම හරි නැත. මක් නිසාද? ක්‍රිස්තුස් ගේ මරණයේදී උහුවලුවල ලේ ගෑමක් කරලා නැත. එමනිසා මොහුගේ උත්තරය කිසිසේත් පණ්ඩිත ගෝචර නොවේ. යෙහොවා කුලුදුලන් මරන්ට ගියදා ලේ ලකුණු දැක ඒ ගෙවල් අර ගිය නිසා යෙහොවාට යම් දෙයක් විනිශ්චයකාර ගැනීමට ඇහැට පෙන ලකුණක් ඕනෑ කරන බව පෙනේ. කනෙකුට කනවල අල්ලන්ට කෙනෙක් ඕනෑ කරන්නාක් මෙන් මෙහිදී යෙහොවාට ගෙවල් හැදින ගැනීමට ලකුණක් ඕනකලා මහත් විහිලුවක්ය.

“පළමුවෙනි හාස්කම අදහා නොගත්තොත් දෙවෙනි හාස්කමද, දෙවෙනි හාස්කම අදහා නොගත්තොත් තුන්වෙනි හාස්කමද කරව” කියා යෙහොවා, මෝසෙස්ට ඉගැන්නු හෙයින් යෙහොවාට මතුවට සිදුවන දේ පෙනෙන ඥානයක් නැතිබව පෙන්වා, මා කල කතාවට කිසි උත්තරයක් නුදුන් බව මේ සියල්ලෝම දැනගනිත්වා.

තවද මා විසින් අසු ප්‍රශ්නවලින් දෙකක් ගැන මගේ විරුද්ධකාරය මේ වනතුරු කිසි උත්තරයක් දුන්නේ නැත. ඒ ගැන මතක් කළේවත් නැතිබව මේ සියල්ලන්ට සිහි කරවමි. එනම් යෙහොවා, යුදා සමග සිට, කල යුද්ධයේදී යකඩ රථවලට යෙහොවා භය වුන කාරනාව ගැන මා විසින් කල කතාවද, මෝසෙස් ගේ පුත්‍රයා ජීන්න නම් කිරීම ගැන මා විසින් කල කතාවද යන දෙකය. මේ වැදගත් ප්‍රශ්න දෙක ගැන මගේ විරුද්ධකාරය යම් උත්තරයක් දෙනවා තබා ඒ ගැන මතක් කලෙවත් නැත. ඒවා ගැන යම් උත්තරයක් දෙන්ට බැරි බවට ඒක ලකුණකි. යකඩෙට භයවෙන්නෙත්, මිනී ලේ වලට ප්‍රිය වෙන්නෙත් අමනුෂ්‍යයෝ බව මේ සමුහයාට වරක් හොදටම තේරුම් කර දුන්නෙමි. . ඒ නිසා මේ ගැන වැඩිය කාරනා මෙහිදී ගෙන හැර නොදක්කුවත් යෙහොවා වෙන අමනුෂ්‍යයන් මෙන්ම මිනී ලේ වලට ප්‍රිය බව මෝසෙස්ගේ පුතාට කල කාරියෙන්ම පෙනේ.

මා විසින් ක්‍රිස්තියානු ආගමට විරුද්ධව අසුවාවූ ප්‍රශ්න ගැන ක්‍රිස්තියානි පක්ෂයෙන් දුන් උත්තරවලට මට කියන්ට තිබෙන්නේ ඔපමනය.

තවද ක්‍රිස්තියානි කාරයන් විසින් කියන නොනස්න ආත්මය කෙබදු එකක්ද? එක කුමකින් සැදී තිබේද එක බුද්ධාගන්කාරයන් විසින් කියන ආත්මයට සමාන නැත්නම් එක මොකක් වාගෙද? කියා මීට ප්‍රථම පැයේදී මා විසින් ඇසුවාය. ඒ ගැන උත්තරයක් තවම දුන්නේ නැත. ඒ ගැන උත්තරයක් ඔය දෘෂ්ටිය පිට හිටගෙන විරුද්ධ පක්ෂයට දෙන්ට බැරුවා සත්තකය.

බුද්ධ ධර්මයේ ප්රකාශවන්නාවූ පංචස්කන්ධ ධර්මයන්ගේ අදහස ත්රුම් ගැනීම නුවන මද අයට දුෂ්කරය. සත්වයකුගේ මැරීමත් පරලොව ඉපදීමත් ගැන තේරුම් ගැනීමද එසේම දුෂ්කරය. සත්වයකුගේ මැරීමේදී ඒ සත්වයාගෙන් කිසි දෙයක් පරලොව යන්නේ නැත. එසේ යන්නේ නැති නමුත් ඒ සත්වයා කරන කොට ගෙන පරලොව උපදින සත්වයා අනෙකෙක් නොවේ. සත්වයකුගේ චුති ප්රතිසන්ධි දෙකේ ආකාර තේරුම් යාම පිණිස බුද්ධ ධර්මයේ කියා තිබෙන පාඨයක් දක්වමි. එය මනාව ඇසිය යුතුය.

“මාර නන්තික වේදනා සන්තත්තානන් සන්නිපාතන් අසහන්තස්ස ඈත පෙක්කිත්ත හරිත්ත ලපන්නමිව කාමෙන උපසුස්ස මානා සරීරෙ නිරුද්ධේසු චක්ක දිසේසු ඉන්ද්‍රියේසු හැඩය වාත්තු මත්තෙපතිත්තේ කායින්ද්රිය මනීන්ද්‍රිය ජීවිතෙන්ද්රියේසු තැනක නාවසෙස හදයවත්තු සන් නිස්සිතන් විඥාන ගරු සමා සේවිතා සත්ත පුබ්බකානන් ආඥා තරං ලද්ධාවස්සේ පච්චය සංඛාර සන්කාතන් විසය මාරබ්භ පවතති තදෙවන් පවත්ත මන් නං තන්හා විජ්ජා නං අප්පහිනත්තා අවිජ්ජා පටිච්චා දිතා දිනාවේ තස්මින් විසයේ තන්හා නැමෙති සහජාත සන්ක්හාරෙහි ඛිප්පමාන ඔරිමතිර රුක්කෙවිනිබ්බන්දන් රජ්ජු මාලම්භිත්වා මාතිකාතික්කමකොවිය පුරීම වනිස්සයන් ජාති අපරව කම්ම සමුට්ටාප්හි තැන නිස්සයන් ආසාදය මානා ආනාසාදය මානන්වා අරම්මනාදිහි ඒවා පච්චයෙහි පවත්තති”

යන මේ පාඨයෙන්ද පෙන්වා දී තිබෙන්නේ සත්වයකුගේ මරණයත් පරලොව ඉපදීමත් දෙක දැනගැනීම පිණිස කාරනාවය. එම නිසා මේ පාඨහිද සංක්ෂේප අභිප්රවය කියා දෙමි.ඒ ඇසුව මැනව.

අව්වෙහි දමන ලද අමු තල කොලයෙහි තිබෙන නිල පාට ක්‍රමයෙන් නැතිව ගොස් සුදු පාට වෙයි. එසේම සත්වයාගේ මරණාසන්න කාලයෙහි සත්වයාට ඇතිව තිබුණු ඉන්ද්රිය ශක්තිය මරණ වේදනාව කරනකොට ගෙන නැතිවේ. ඉන්ද්රිය ශක්තිය නම් ඇහැ පෙනීම කන් ඇසීම ආදියය. එසේ ඉන්ද්රිය ශක්තිය නැතුව යාමේදී ඉන්ද්රියෝ තුන් දෙනෙක් ඇතුල්ව හුර්දය වස්තුව ආශ්‍රය කරගෙන සිටී. ඒ ඉන්ද්රියෝ තුන් දෙනා නම් කායින්ද්රිය. මනීන්ද්‍රිය, ජීවිතීන්ද්‍රිය යන තුනය. හර්දය වස්තුව ආශ්රයවූ ඒ ඉන්ද්රියෝ තුන් දෙනාගෙන් කායින්ද්රිය කියන්නේ ශරීරයට යමක් ස්පර්ශවූ විට ඒ දැනගන්නා ගතියටය. මනීන්ද්‍රිය කියන්නේ මේ වෘක්ෂය ය මේ සත්වයය කියා වෙනකොට සලකන්ට පුළුවන් ගතියටය. මේ කියනලද ඉන්ද්රියයෝ හර්දය වස්තුව ආශ්‍රයකොට පවතිනා කල්හි මරෙන්නාවූ සත්වයාට කර්ම නිමිත්ත, ගති නිමිත්ත කියා දෙකක් පෙනෙයි. එයින් කර්ම නිමිත්ත පහල වෙනවාය කියන්නේ තමා බහුලව කරගන ආ හොද හෝ නරක හෝ කරන්නාක් මෙන් පෙනීමය. ඒ ස්වප්නයෙන් යමක් පෙනෙන්නාක් මෙන් පෙනීමය. යමෙක් බොහෝ කලක් පුරුද්දක් වශයෙන් කරගෙන් ආවේ ප්‍රාණ ඝාතාදී පව් නම් මරණාසන්න කාලහිත් ඒවා කරන්නාක් මෙන් පෙනේ. යමෙක් පුරුදු කරගෙන ආවේ දැන් සීලාදී පින්කම් නම් ඒවා කරන්නාක් මෙන් පෙනේ. මෙසේ පෙනෙන්නාවූ කර්ම නිමිත්තන් අතුරින් යමෙකුට කුසල කර්ම නිමිත්තක් වටහුනොත් ඔහුගේ උත්පත්තිය සුගතියක වේ.

යමෙකුට අකුසල කර්ම නිමිත්තක් වැටහුනොත් ඔහුගේ උත්පත්තිය දුගතියක වේ. කර්ම නිමිත්තෙන් පසු ගති නිමිත්ත පෙනේ.

එනම් නැවත උත්පත්තිය සිදුවන ස්ථානය ස්වාප්නයකින් යමක් පෙනෙන්නාසේ පෙනීමය. ඒ පෙනීම වන්නේ සුභ වශයෙන් නිසා තෘෂ්ණා සහිත සත්වයාගේ සිත එහි ඇලේ. ඒ ඇලීම කරනකොට ගෙන එහි උපදී.මෙසේ චුති ප්‍රතිසන්දී දෙකින් යුත් සත්වයාගේ චුති චිත්තය හා සමග ප්රතිසන්ධි චිත්තය හටගනී. ශරීරයෙන් පිටවෙලා ගමනේ ගොස් පරලොව උපදින්ට යම් දෙයක් ඇත්තේ නැත. එසේද වුවත් මේ සත්වයාගේ පැවැති තෘෂ්ණාව නිසා ගති නිමිත්ත පහලවූ කල්හි එහි අලෙන්නේය. ඒ ඇලීම නිසා එහි උපදින්නේය. එම නිසා පරලොව උපදින සත්වයා අන්‍ය සත්වයෙක් නොවන්නේය.

තවද යමෙක් සුගතියක හෝ දුගතියක උපදිනවා නම් සුභ අසුභ ලකුණු පහල වේ. සුගතියක උපදින තැනැත්තාට දිව්‍ය විමාන ආදී හිත ප්‍රියකරන දේ පෙනීමෙන් මහත් සන්තෝෂයට පැමිණේ. දුගතියක උපදින තැනැත්තාට නරකයේ ගිනි ආදී සිතට භය උපදින දේ පෙනෙන නිසා මහත් භයට පැමිණේ. මේ ආසන්න කාලයෙහි පැමිණෙන ලකුණුද සත්වයකුගේ ගතිය දැන ගැනීමට කාරනා වේ.

අනවතග්ගොයන් භික්කවේ සංසාරෝ පුබ්භ කෝටි නපඥායති” යනාදී බුද්ධ දේශනාවේ ප්‍රකාරයට සත්වයෙකුට පටන් ගැනීමක් හෝ අන්තිමයක් හෝ නැති බව පෙනේ. මෙකී බුද්ධ දේශනාවද ක්‍රිස්තියානි ආගමේ බයිබලයෙන් ස්ථිර කරත්.

ඒ කෙසේද – උත්පත්ති 2,7 වෙනි පදේ “හොවා දෙවියන් වහන්සේ පොළොවේ දුඋවිල්ලෙන් මනුෂ්‍යයා මවා ඔහුගේ නාසිකා තුලෙහි ජීවනයෙහි හුස්ම පිබි සේක. එවිට මනුෂ්‍යය ජීවමාන ඈතමයක් වුයේය.” යන මේ කියමනෙන් හැගෙන්නේ පොලවේ දුවිල්ලෙන් ආදම් කියන පලවෙනි මනුෂ්‍යය සදු බවත් දෙවියන්ගේ සදා කාලික ජීවන හුස්ම ඒ රුපයට ඇතුලත් කල බවත්ය. එයින් ඔහු ජීවමාන ආත්මයක් වූ හෙයින් ඔහුගේ ජීවන හුස්ම අමුතුවෙන් මව් එකක් නොවේය. ඒ හුස්ම යෙහොවාගේ හුස්මය. යෙහොවාගේ සදාකාල ජීවන හුස්මෙන් කොටසක් ආදම්ට ලැබුණු නිසා ආදම්ගේ ජීවන හුස්ම පටන් ගැන්මක් නැත. දැනට ජීවත්ව ඉන්න සත්වයන්ගේ ජීවන හුස්ම ඒ ඇත්තන්ගේ පියවරුන්ගෙන්ද, ඒ පියවරුන්ගේ හුස්ම ඒ ඇත්තන්ගේ පියවරුන්ගෙන්ද යන ක්‍රමයෙන් දන් වැලක පුරුක් එකින් එක අල්ලා යන්නාක් මෙන් ඉහලට කල්පනා කර බැලුවාම ආදම් නමැති මුල් පියාගේ ජීවන හුස්ම කරා පැමිණේ. ආදම්ගේ ජීවන හුස්ම කොහෙන් ආ එකක් දැයි කල්පනා කලාම ඒක පටන් ගැන්මක් නැති යෙහොවාගේ ජීවන හුස්මේ කොටසක් බව පෙනේ. හෝව ගේ ජීවන හුස්මේ කොටසක් බව පෙනේ. යෙහොවාගේ ජීවන හුස්මට පටන්ගැන්මක් නැති බව පැහැදිලිව පෙනේ. ක්රිස්තියානිකාරයෝ සත්වයාගේ ආත්ම ශරීර දෙකම දෙවියෝ මැව්වාය කියා විශ්වාස කරන්නේ වී නමුත් ක්රිස්තියානිකාරයෝ කියන ආත්මය පටන් ගැන්මක් නැති එකක් බව මෙයින් තේරුම් ගනිත්වා. තවද මෙහි කී කියමනෙන් බුද්ධ ධර්මයද ස්ථිර වූ බවත් දැන ගනිත්වා.

තවද ක්රිස්තියානිකාරයො විශ්වාස කරන යෙහෝවා දෙවි කෙනෙක් නොවන බව පැහැදිලිව ඔප්පුකරන්ට පුළුවන් වැදගත් සාක්ෂියක් තිබේ. එනම් විනිස්චයකාරයාගේ පොතේ 11 වෙනි පරිච්චේදයේ 9 පදේ පටන් 39 පදය දක්වා සදහන්ව තිබේන වගන්තිවලින් පෙනෙන්නේ “යප්තා ගේ දුවගේ බොටුව කපා පුළුස්ස යෙහොවාට පුජා කල බවය.” රෙපරමාදු ක්‍රිස්තියානු කාරයෝ “යප්තා ගේ දුවගේ බොටුව කපා පුජා කලේ නැතැයි” කියන්ට උත්සාහ කරනවා සත්තය. නමුත් රෝමානු ක්රිස්තියානුකාරයන්ගේ බයිබලයේ යප්තාගේ බොටුව කපා දවන පුජාවම කල බව ස්තිරකොට තේරුම්කර දී තිබේ. ඒ බව මමං රෝමානු බයිබලයෙන් ඔප්පු කරන්නෙමි. ඉතින් මෙයින් හැගෙන්නේ යෙහෝවා මිනී ලේ වලට ප්‍රිය බවය. මේ ආදී නින්දිත බිලි ගැනීමට ප්රියවන්නේ කව්ද කියා මෙහි සිටින සියල්ලෝම දනිත්. එම නිසා ඒ ගැන වැඩි විස්තර නොකරමි.

” ක්‍රිස්තුස්වහන්සේ රාත්‍රී තුනකුත් දවල් තුනකුත් පෘතුවි ගර්භය තුල වාසය කරනවා ඇත. කියා මතෙව් 12, 4 පදයේ සදහන්ව තිබේ. නමුත් ඒ අනාගත වාක්‍ය හරිගියේ නැත. මක්නිසාද ක්‍රිස්තුස්ගේ ශරීරය සිකුරාදා භූමදාන කල බවත් ඉරිදාට එලිවන්ට මත්තෙන් මළවුන්ගෙන් නැගිට්ට බවත් මතෙව් 28,1 වෙනි පදයෙන් ඔප්පු වෙන නිසාය. මේ ගැන උත්තර දීමට මගේ විරුධ්ධකාරයා නොයෙක් දේ අතින් මිටින් දමාගෙන උත්සාහ කරනවා ඇත. එසේ උත්සාහ කලාට ඒක පුළුවන් වැඩක් නොවේය. මේක මම පමණක් ක්‍රිස්තියානි ආගමට විරුද්ධව උපදවාපු ප්‍රශ්නයක් නොවේය. නොබෝදා එංගලන්තයේ වැදගත් සභාවකදී ” බ්රද්ලෝ” කියන පණ්ඩිතයා පවා මේ ප්රශ්නය ක්‍රිස්තියානි ආගමට විරුද්ධව ඇසු බව ඉංගිරිසි ආරංචි පත්‍ර මාර්ගයෙන් අපිට දැනගන්ට ලැබුණාය. මේ ප්රශ්නය අහන දවසේ එම ස්ථානයෙහි මේ රටේ සිටිය පණ්ඩිත බිෂොප් ක්ලොටන් උන්නාන්සේ සිටිය නමුත් උන්නාන්සේ වත් මේ ගැන උත්තර දීලා නැත. එසේ නමුත් මගේ විරුද්ධකරයාගේ පක්ෂයේ ඇත්තන් මේ ගැන උත්තරය කියා විහිළුවක් නොදොඩා හරින්නේ නැත. එසේ දෙඩෙව්වත් ඒවා හරි නැත්නම් පණ්ඩිතයෝ භාරගන්නේ නැත. “බිෂොප් ක්ලොටන්” උන්නාන්සේ වැනි උගතුන්ට උත්තර දෙන්ට බැරිවූ එකකට මගේ විරුද්ධ කාරයාට උත්තර දෙන්ට පුළුවන්වේ යැයි නොසිතමි. එම නිසා මේ ගැන කතාව මෙයින් නවත්වමි.

කළු මනුෂ්‍යයන්ගේ රටවල සියල්ලන්ම යමකට පෙරටුව පැමිණෙන සුභ අසුභ නිමිති ගැන විශ්වාස කරන බව කව්රුත් දන්නා ඇත්තකි. එනම් යහපතක් පැමිණීමට පළමු සුභ නිමිත්තක්ද , අයහපතකට පෙර අසුභ නිමිත්තක්ද පැමිණීමය. මීට සාක්ෂි පොත් පත්වලින් ද වෙනත් කාරනාවලින් ද පෙන්වන්ට පිළිවන. එයින් මදක් කියමි.

පුරාන දබදිව බිම්බිසාර කයා රජ කෙනෙක් සිටියාය. ඒ රජුගේ අග්‍ර මහේසිකාවට දරු ගැබක් හටගත් කල්හි ඒ දේවියට උපන් දොලදුක නම් තමාගේ ස්වාමියාවූ රජාගේ ශරීරයේ ලේ බොන්ටය. ඒ කල්පනාව ඉෂ්ට වුවන් පසු කුමාරයෙකු ප්‍රසුත කාලය. ඒ කුමාරයා තමාගේ පිය රජ මරා රාජ්‍යයට පැමිණි බව කියා තිබේ. අයහපත් ලකුණින් යහපතක්ම පැමිණි බව මෙයින්ද ඔප්පු වේ. මෙසේම ක්‍රිස්තුන් උපන් කාලයෙහි පහලවූ ලකුණුත් යහපත් ලකුණක් නොවේ. එනම් ක්‍රිස්තුන් උපන් බැත්ලෙහෙම කියන පළාතේද ඒ අවට පළාත්වලද සිටිය දෑවුරුදු වයස් වුද ඊට බාලවුද සියලු පිරිමි දරුවන් මැරෙව්බව මතෙව් 2,16 වෙනි පදේ ලියා තිබේ. අඩන්ටත් හිනහවෙන්නටත් මිස වෙන කිසි දෙයක් නොදන්නා අහිංසක ල්නොදරුවන් ගොන්නකට මරණය සිද්ධවුණේ ක්‍රිස්තුස් උපන් නිසාමය.

බුදුන් මේ ලෝකයේ උපන් නිසා ඒ කාලයේදී මෙහෙ අසුභ නිමිත්තක් පහලවුයේ නැත. ඒ අපේ උත්තමයා දීව්‍ය ලෝකයෙන් චුතව දඹදිව සුද්ධෝදන රජ්ජුරුවන් නිසා මහාමායා බිසව කුස පිළිසිඳගත් දවසේද, උන්වහන්සේ මව් කුසින් බිහිවුණු දවසේද, බුදුවූ දවසේද, පළමුවෙන් ධම්ම දෙසන කල දවසේද සියල්ලන්ගේ සිත් ප්‍රීති කරන මංගල ලකුණුම පහලවූ බව බුද්ධාගමේ පොත්වලද පෙනේ. ඒ පහලවූ ලකුනුනම් ජාත්‍ය අන්ධයන්ට පෙනීම ලේබීමද, ජාති බිහිරන්ට කන් ලැබීමද,ජාති පිලුන්ට ඍජුව ගමන් කරන්ට හැකිවීමද, නරකාදිවල ගිනි නිවීමද, ප්‍රේතයන්ගේ සා පිපාස නැතිවීමද, සුව කරන්ට බැරි අසාධ්‍ය රෝග සුවවීමද, යනාදී 32ක් මංගල කරුණුය. මෙසේ සියලු දෙනාගේ සිත් ප්‍රීති කරන හොඳ ලකුණු උන්වහන්සේගේ උත්පත්තිය නිසා සිද්ධවූ හෙයින් උන්වහන්සේ ලෝකයා සසර දුකින් ගලවන්ට නොහොත් ලෝක සත්වයන්ට හොඳක් කරන්ට හෙවත් සැබෑ ආගමක් ප්‍රකාශ කරන්ට මෙලොව උපන් කෙනෙක් බවට මෙහි දැක්වූ කාරනා සාක්ෂි වේ.

ක්‍රිස්තුස් උපන් කාලයෙහි සියලු දෙනාගේම හීත් අප්‍රිය කරන්නාවූ ඇසු පමණකින්ම භය උපදින්නාවූ ළදරුවන් රාශියකගේම මරණය නමැති නපුරු ලකුණු පහල වූ හෙයින් ක්‍රිස්තුස් ලෝකයා ගලවන්ට ආ කෙනේක් නොවන බව ඔප්පුවේය. ක්‍රිස්තුස් උපන් කාලයේ නපුරු ලකුණු පහල වූ හෙයින් ඔහු බොරු ආගමක් ලෝකයට උගන්වා ලෝකය නරකාදියෙහි හෙලන්ට ආ නපුරෙක්වාට කොහෙත් සැක නැත. එම නිසා ක්‍රිස්තුස් ගේ සරණ ගෙන පරලොව ගැලවෙන්ට නුපුළුවන් බව සියල්ලෝම කල්පනාවට ගනිත්වා. බුදුන් උපන් කාලයහි කුහුබීයෙකුටවත් උන්වහන්සේගේ උත්පත්තිය නිසා මරණයක් පැමිනුනාය. කියා යමෙකුට පෙන්වන්ට පුලුවන්නම් අනික් අය කෙසේ උනත් මම බුද්ධාගම අදහන්නේ නැත.

තවද ක්‍රිස්තුස් අපේ නැයෙකුත් නොවේය. බුදුන් අපේ නැයෙකුත් නොවේය. මේ දෙදෙනා පිලිබඳ ආගම් දෙකෙන් යම් ආගමක් සත්‍ය නම් ඒ ආගමේ ප්‍රධානියා අපේ නැයාත් වේ. ස්වාමියාත් වේ. එම නිසා සත්‍ය ආගමක් සොයා ගැනීමට සියල්ලෝම උත්සාහ කරත්වා. මේ හැර මගේ කතාවේදී වේගවත්ව තරහයෙන් වාගේ කතා කලේ පිරිස වැඩි නිසාය. සියල්ලන්ටම ඇහෙන්ට ඕනෑ නිසාය. මේ සිටින සියල්ලෝම ඒ බවද දැනගන්වා සේක්වා. .

(කියා මොහොට්ටිවත්තේ ගුණානන්ද උන්නාන්සේගේ කතාව හමාර කරන්ට යෙදුනාය.)

[QUOTE="dynamite1234, post: 20593993, member: 502516"] [B][SIZE="6"]4 වන කතාව (1873 අගෝස්තු මස 26 වෙනි දින හවස 4 පටන් 5 දක්වා මොහොට්ටිවත්තේ ගුණානන්ද උන්නාන්සේ කල කතාව)[/SIZE][/B] [SIZE="5"]මෙසේ රැස්ව සිටින සමුහයට පළමු කොට දැනුම් දිය යුතු කාරනාවක් තිබේ එනම් බුද්ධාගමට විරුද්ධව මේ කතාකල මේ කතාකාරයාට ඔහුගේ නම ව්‍යාවහාර කරන්නට ඕනෑකල ප්‍රස්තාවලදී “පාදිලි උන්නාන්සේ” ය කියා මා විසින් ව්‍යවහාර කර බව මේ සියල්ලන්ට මතක ඇත. එසේ මම කතා කලේ වී නමුත්, මේ කතා කාරය මට ව්‍යවහාර කටයුතු නම එසේ ව්‍යවහාර නොකර ” විරුද්ධකාරයාය” කියා ව්‍යවහාර කර නිසා මොහුටත් ඒ නමම ව්‍යවහාර කරන්නට උනාට කනගාටුය. ඉතින් මෙතැන් පටන් “විරුද්ධකාරයාය” “හතුරාය” යන නමක් මේ කතාවේදී මා විසින් ව්‍යවහාර කලොත් ඒ නම් මොහුට බව මේ සියල්ලෝම දන ගනිත්වා. අපේ ආගම් දෙකේ හරි වැරදි කල්පනා කරන්නට අප දෙපක්ෂය මේ කතාව මෙලෙස කරන්නේ වී නමුත් අපි දෙදෙනා අතරේ මීට ප්‍රට්ම එබදු විරුද්ධකාරකමක් හතුකමක් තුබුනුබව මම දන්නේ නැත. ක්‍රිස්තියානි ආගමට විරුද්ධව මා විසින් අසු ප්‍රශ්නවලින් පලවෙනි ප්රශ්නය ඉංගිරිසි බයිබලයේ තිබෙන ” Jealous God ” යන වචනයට දිය යුතු හරි තේරුම නොදී නුගත් සිංහල මනුෂ්‍යයන් රවටන්ට බොරු අර්ථයක් ප්‍රකාශ කොට සිංහල බයිබලවල තිබෙන බවය. ඒ ගැන කිසි උත්තරයක් මගේ විරුද්ධකාරයා නොදුන් බවත්, ඒ වචනය ඔහුගේ කතාවේදී මතක් කරන්නේවත් නැතිව අතහැර දමා ගිය බවත් මේ සභාවේ සිටින සියල්ලන්ටම මට වගේම මතක ඇත. එසේ කලේ මගේ විරුද්ධකාරයා ට ඒ ගැන හරි උත්තරයක් දෙන්ට බැරි නිසාවට කොහෙත් සැක නැත. ඔහුට ඒ ගැන හරි උත්තරයක් දෙන්ට නැතුවා මමත් දනිමි. ඒ බව සියල්ලෝම දැනගන්න සේක්වා. තවද මගේ විරුද්ධකාරයා පාලි භාෂාව නොදන්නෙක් බවට මා විසින් ගෙනහැර දැක්වූ කාරන බිද හෙලන්නට බොහොම තැත් කලේ වී නමුත් ඒ උත්සාහය හරි ගියේ නැත. ඔහු විසින් සංග්‍රහ කළාය කියන පොතේ තිබෙන ” තවනමෝ පවිත්තෝ හොති” යනාදී පාලි වාසගම ඔහු සැදු එකක් නොවෙන බවත් පාලි භාෂාවට නගා බුරුම අකුරෙන් අච්චු ගසා තිබෙන අලුත් තෙස්තමේන්තුවෙන් උදුරා ඔහු විසින් සංග්‍රහ කල ” ග්රන්ථ සේඛරය” කියන පොතට ඇතුල්කල බවත් ඔහු කීවා මේ සියල්ලන්ටම මතක ඇත. අලුත් තෙස්තමේන්තුව අපට අයිති පොතක් නොවේය. ඒක ක්‍රිස්තියානි කරයන්ගේම පොතක්ය. එකේ තිබුණු වාසගම් අතරින් මෙබදු වැරදි වලින් යුත් වාසගම් කැබැල්ල ඔහුගේ පොතට එකතු කරන්ට තෝරා ගත් එකත් පුදුමයක්ය! මගේ විරුද්ධකාරයා පාලි භාෂාව දන්නෙක් නම් මේ අන්දමේ නින්දිත වැරදි වලින් යුත් වචන ස්වල්පය හරි නොගස්සා තමන්ගේ සංග්‍රහව ට එකතු කරන්නේ නැත. ඒ වාසගම් කැබැල්ල එකතු කිරීමෙන් මගේ විරුද්ධකාරයා පාලි භාෂාව නොදන්නෙක් බවට ඉස්තීර උනා සත්තකය. මගේ විරුද්ධකාරයා පාලි භාෂාව දන්නේක්ය කියා එරෝපාකාර මහා තැන් අතරේ අගවා ගෙන සිටියා සත්තකය. ඒ සිටිය අඩියට පහල අඩියකට මේ ගැන උත්තර දීමට ගොස් වැටුනාට මට කනගාටුය. එම නිසා මොහුගේ පාලි නොදැනීමේ තරම ඉතා කුඩා පටු නොවෙන බව මේ සියල්ලන්ටම හැගෙනවා ඇත. මේ අර මගේ විරුද්ධකාරයා බයිබලය සිංහල භාෂාවට පිටපත් කිරීමේ නිවැරදිතාව අගවන්ට කල කතාව කොහෙත්ම ඔබින්නේ නැත. මක්නිසාද මා විසින් පෙන්නාදුන්නේ 1830 දී වැස්ලියන් සමාගම නමින් සිංහල භාෂාවට පිටපත් කොට අච්චු ගසා තිබෙන බයිබලයේ පදයක් එම සමාගම නමින්ම දෙවනුව ප්‍රසිද්ද කරපු බයිබලයේ එම ස්ථානයෙන් අරන් දමා තිබෙන බවය මගේ විරුද්ධකාරයා කියන්නේ , ඒ පදය ඉහලට ඇද්දාය කියාය. තවත් බයිබලය සිංහලට පිටපත් කල අයගේ උතුම්කම සහ සමර්තකමය. ඒ උත්තමයන් කිසිවෙකුට ගල් කැටයක් ගසන්ට බැරිලු. ඉතින් මගේ විරුද්ධකාරයා ගේ මේ උත්තරය මගේ ප්‍රශ්නයට කොහෙත්ම ගැලපෙන්නේ නැත. ඒ බව මේ සමුහයාට තේරුම් යාම පිණිස කියා දෙමි. බයිබලය සිංහලට පිටපත්කල සමහරෙක් බයිබලයේ තිබෙන පද ඉහලට අදින්ටත් සමහරෙක් පහලට අදින්ටත් ගියාම ඔය දෙගොල්ලොම එකාකාර උත්තමයෝ වෙන්ටත් එකාකාර සම්ර්තයෝ වෙන්ටත් බැරිය. එකකට එකක් විරුද්ධව තිබෙන මේ බයිබල දෙකින් එකක් වරදමය. යම් ස්ථානයක යම් පදයක් යෙදීමෙන් එහි හරි අර්ථය ලැබේනම් ඒක එතන තිබෙන්ට නැර වෙන තැනකට ඇද්දාම එයින් වෙනස්ව හරි නැත්තාවූ අර්තයක්ම ප්‍රකාශ වෙයි. එසේ වරින් වර වෙනස්කොට අච්චු ගසා තිබෙන බයිබල වලින් හරිය කියා පිළිගන්නේ කොයි බයිබලයද? මේ අන්දමට රෙපරමාදු ක්‍රිස්තියානු කාරයෝ වරින්වර තම තමන්ට හිතෙන හිතෙන හැටියට බයිබලය වෙනස්කොට ප්‍රසිද්ද කරති. රෝමානු ක්‍රිස්තියානි කාරයෝ තම තමන්ගේ බයිබලය වෙනස් කරන්නේ නැතුව තිබුණු හැටියටම තබාගෙන් ඉන්න නිසා ඔවුන්ට ඉස්තුති කරන්ට වටී. ක්‍රිස්තුස් ඊශ්වරයාගේ පුතාය කියා ක්‍රිස්තියානු ඉගෙන්නුම් කාරයෝ කල්කටාවෙදී කියන්නේ ඒ රටේ ඉන්න හින්දුවරු රවටන්ට බව මම වරක් කීව. ඒ ගැන මගේ විරුද්ධකාරය උත්තර දෙන්ට ගත උත්සාහය ඉතාම නිෂ්ඵල වෙච්චි. මක්නිසාද ඊශ්වර යන වචනයට අර්ථ තිබුනත් හින්දුවරු අදහන දෙවියන්ට ඔවුන් ඊශ්වර කියා කියන නිසා එහිදී ඒ නම ගත්තේ ඔවුන් රවටන අදහස පිටින්මය. හොදයි ක්රිස්තියනිකාරයෝ අදහන්නෙත් ඊශ්වරයා නම් ඔහුට “උමයන්ගනාව” කියා භාර්යාවක් ඉන්නවා වාගේම යෙහොවාටත් භාර්යාවක් ඉන්නවාද? යෙහොවාටත් භාර්යාවක් ඉන්නා බව ක්රිස්තියානිකාරයෝ නොදන්නා නමුත් මම දන්නවා. මට ලැබෙන පැයකදී යෙහොවාගේ භාර්යාව කව්ද කියා මම පෙන්නා දෙනවා. “යෙහෝවා මනුෂ්‍යය මැවූ බැවින් තැවුණු සේක ” කියා උත්පත්ති 6,6 පදේ කියා තිබේ. තැවෙන ක්‍රියා සෝකවෙන ක්‍රියා කරන්නේ මෝඩයෝය. මෙයින් යෙහොවාට දිව්‍ය ඥානයක් නැතිබව පෙන්වා මා කල කතාවට මගේ විරුද්ධකාරය කිසි උත්තරයක් දුන්නේ නැත. නොබෝද ක්‍රිස්තියානි පක්ෂයේ අයවල් සමග බුද්ධ පක්ෂයේ අයවල් කල වාදයකදී ඔවුන් ප්‍රසිද්ධ කරපු “සුධර්ම ප්‍රකරණය” කියන පොතක් මේ සභාවේ කියෙව්වා මේ කාටත් ඇසෙන්නට ඇත. ඒ කියවීම මගේ ඒ ඇහීමට උත්තරයක් නොවේය. ඒ බව මට වගේම මේ හිටින සියල්ලන්ටම හැගෙන්නට ඇත. ඒ පොතේ තිබෙන සියල්ලටම අපි උත්තර දී ඒ සන්දියේ බිද හෙළුවා සත්තය. ඒ අවලංගු පොත මේ වාදය ඉදිරිපිටට ගෙන ඒම කොහෙත්ම සැහෙන්නේ නැත. යෙහොවාගේ අසර්වඥ කම ගැන හෙවත් සියල්ල දක්නා ඥානයක් නැති කම ගැන මා විසින් පෙන්වා දුන්නේ ඊශ්රාලිත වරුන්ගේ ගෙවල් යෙහොවට හැදින ගැනීම පිණිස ඒ ගෙවල්වල උළුවස්සේ ලේ ගා තබන්නට යෙහොවාම කී බවය. ඒ ගැන මගේ විරුද්ධකාරයා දුන් උත්තරය නම්, ක්‍රිස්තු මැරෙනවාට එය ලකුනක්ය කියාය. ඒ උත්තරය කොහෙත්ම හරි නැත. මක් නිසාද? ක්‍රිස්තුස් ගේ මරණයේදී උහුවලුවල ලේ ගෑමක් කරලා නැත. එමනිසා මොහුගේ උත්තරය කිසිසේත් පණ්ඩිත ගෝචර නොවේ. යෙහොවා කුලුදුලන් මරන්ට ගියදා ලේ ලකුණු දැක ඒ ගෙවල් අර ගිය නිසා යෙහොවාට යම් දෙයක් විනිශ්චයකාර ගැනීමට ඇහැට පෙන ලකුණක් ඕනෑ කරන බව පෙනේ. කනෙකුට කනවල අල්ලන්ට කෙනෙක් ඕනෑ කරන්නාක් මෙන් මෙහිදී යෙහොවාට ගෙවල් හැදින ගැනීමට ලකුණක් ඕනකලා මහත් විහිලුවක්ය. “පළමුවෙනි හාස්කම අදහා නොගත්තොත් දෙවෙනි හාස්කමද, දෙවෙනි හාස්කම අදහා නොගත්තොත් තුන්වෙනි හාස්කමද කරව” කියා යෙහොවා, මෝසෙස්ට ඉගැන්නු හෙයින් යෙහොවාට මතුවට සිදුවන දේ පෙනෙන ඥානයක් නැතිබව පෙන්වා, මා කල කතාවට කිසි උත්තරයක් නුදුන් බව මේ සියල්ලෝම දැනගනිත්වා. තවද මා විසින් අසු ප්‍රශ්නවලින් දෙකක් ගැන මගේ විරුද්ධකාරය මේ වනතුරු කිසි උත්තරයක් දුන්නේ නැත. ඒ ගැන මතක් කළේවත් නැතිබව මේ සියල්ලන්ට සිහි කරවමි. එනම් යෙහොවා, යුදා සමග සිට, කල යුද්ධයේදී යකඩ රථවලට යෙහොවා භය වුන කාරනාව ගැන මා විසින් කල කතාවද, මෝසෙස් ගේ පුත්‍රයා ජීන්න නම් කිරීම ගැන මා විසින් කල කතාවද යන දෙකය. මේ වැදගත් ප්‍රශ්න දෙක ගැන මගේ විරුද්ධකාරය යම් උත්තරයක් දෙනවා තබා ඒ ගැන මතක් කලෙවත් නැත. ඒවා ගැන යම් උත්තරයක් දෙන්ට බැරි බවට ඒක ලකුණකි. යකඩෙට භයවෙන්නෙත්, මිනී ලේ වලට ප්‍රිය වෙන්නෙත් අමනුෂ්‍යයෝ බව මේ සමුහයාට වරක් හොදටම තේරුම් කර දුන්නෙමි. . ඒ නිසා මේ ගැන වැඩිය කාරනා මෙහිදී ගෙන හැර නොදක්කුවත් යෙහොවා වෙන අමනුෂ්‍යයන් මෙන්ම මිනී ලේ වලට ප්‍රිය බව මෝසෙස්ගේ පුතාට කල කාරියෙන්ම පෙනේ. මා විසින් ක්‍රිස්තියානු ආගමට විරුද්ධව අසුවාවූ ප්‍රශ්න ගැන ක්‍රිස්තියානි පක්ෂයෙන් දුන් උත්තරවලට මට කියන්ට තිබෙන්නේ ඔපමනය. තවද ක්‍රිස්තියානි කාරයන් විසින් කියන නොනස්න ආත්මය කෙබදු එකක්ද? එක කුමකින් සැදී තිබේද එක බුද්ධාගන්කාරයන් විසින් කියන ආත්මයට සමාන නැත්නම් එක මොකක් වාගෙද? කියා මීට ප්‍රථම පැයේදී මා විසින් ඇසුවාය. ඒ ගැන උත්තරයක් තවම දුන්නේ නැත. ඒ ගැන උත්තරයක් ඔය දෘෂ්ටිය පිට හිටගෙන විරුද්ධ පක්ෂයට දෙන්ට බැරුවා සත්තකය. බුද්ධ ධර්මයේ ප්රකාශවන්නාවූ පංචස්කන්ධ ධර්මයන්ගේ අදහස ත්රුම් ගැනීම නුවන මද අයට දුෂ්කරය. සත්වයකුගේ මැරීමත් පරලොව ඉපදීමත් ගැන තේරුම් ගැනීමද එසේම දුෂ්කරය. සත්වයකුගේ මැරීමේදී ඒ සත්වයාගෙන් කිසි දෙයක් පරලොව යන්නේ නැත. එසේ යන්නේ නැති නමුත් ඒ සත්වයා කරන කොට ගෙන පරලොව උපදින සත්වයා අනෙකෙක් නොවේ. සත්වයකුගේ චුති ප්රතිසන්ධි දෙකේ ආකාර තේරුම් යාම පිණිස බුද්ධ ධර්මයේ කියා තිබෙන පාඨයක් දක්වමි. එය මනාව ඇසිය යුතුය. “මාර නන්තික වේදනා සන්තත්තානන් සන්නිපාතන් අසහන්තස්ස ඈත පෙක්කිත්ත හරිත්ත ලපන්නමිව කාමෙන උපසුස්ස මානා සරීරෙ නිරුද්ධේසු චක්ක දිසේසු ඉන්ද්‍රියේසු හැඩය වාත්තු මත්තෙපතිත්තේ කායින්ද්රිය මනීන්ද්‍රිය ජීවිතෙන්ද්රියේසු තැනක නාවසෙස හදයවත්තු සන් නිස්සිතන් විඥාන ගරු සමා සේවිතා සත්ත පුබ්බකානන් ආඥා තරං ලද්ධාවස්සේ පච්චය සංඛාර සන්කාතන් විසය මාරබ්භ පවතති තදෙවන් පවත්ත මන් නං තන්හා විජ්ජා නං අප්පහිනත්තා අවිජ්ජා පටිච්චා දිතා දිනාවේ තස්මින් විසයේ තන්හා නැමෙති සහජාත සන්ක්හාරෙහි ඛිප්පමාන ඔරිමතිර රුක්කෙවිනිබ්බන්දන් රජ්ජු මාලම්භිත්වා මාතිකාතික්කමකොවිය පුරීම වනිස්සයන් ජාති අපරව කම්ම සමුට්ටාප්හි තැන නිස්සයන් ආසාදය මානා ආනාසාදය මානන්වා අරම්මනාදිහි ඒවා පච්චයෙහි පවත්තති” යන මේ පාඨයෙන්ද පෙන්වා දී තිබෙන්නේ සත්වයකුගේ මරණයත් පරලොව ඉපදීමත් දෙක දැනගැනීම පිණිස කාරනාවය. එම නිසා මේ පාඨහිද සංක්ෂේප අභිප්රවය කියා දෙමි.ඒ ඇසුව මැනව. අව්වෙහි දමන ලද අමු තල කොලයෙහි තිබෙන නිල පාට ක්‍රමයෙන් නැතිව ගොස් සුදු පාට වෙයි. එසේම සත්වයාගේ මරණාසන්න කාලයෙහි සත්වයාට ඇතිව තිබුණු ඉන්ද්රිය ශක්තිය මරණ වේදනාව කරනකොට ගෙන නැතිවේ. ඉන්ද්රිය ශක්තිය නම් ඇහැ පෙනීම කන් ඇසීම ආදියය. එසේ ඉන්ද්රිය ශක්තිය නැතුව යාමේදී ඉන්ද්රියෝ තුන් දෙනෙක් ඇතුල්ව හුර්දය වස්තුව ආශ්‍රය කරගෙන සිටී. ඒ ඉන්ද්රියෝ තුන් දෙනා නම් කායින්ද්රිය. මනීන්ද්‍රිය, ජීවිතීන්ද්‍රිය යන තුනය. හර්දය වස්තුව ආශ්රයවූ ඒ ඉන්ද්රියෝ තුන් දෙනාගෙන් කායින්ද්රිය කියන්නේ ශරීරයට යමක් ස්පර්ශවූ විට ඒ දැනගන්නා ගතියටය. මනීන්ද්‍රිය කියන්නේ මේ වෘක්ෂය ය මේ සත්වයය කියා වෙනකොට සලකන්ට පුළුවන් ගතියටය. මේ කියනලද ඉන්ද්රියයෝ හර්දය වස්තුව ආශ්‍රයකොට පවතිනා කල්හි මරෙන්නාවූ සත්වයාට කර්ම නිමිත්ත, ගති නිමිත්ත කියා දෙකක් පෙනෙයි. එයින් කර්ම නිමිත්ත පහල වෙනවාය කියන්නේ තමා බහුලව කරගන ආ හොද හෝ නරක හෝ කරන්නාක් මෙන් පෙනීමය. ඒ ස්වප්නයෙන් යමක් පෙනෙන්නාක් මෙන් පෙනීමය. යමෙක් බොහෝ කලක් පුරුද්දක් වශයෙන් කරගෙන් ආවේ ප්‍රාණ ඝාතාදී පව් නම් මරණාසන්න කාලහිත් ඒවා කරන්නාක් මෙන් පෙනේ. යමෙක් පුරුදු කරගෙන ආවේ දැන් සීලාදී පින්කම් නම් ඒවා කරන්නාක් මෙන් පෙනේ. මෙසේ පෙනෙන්නාවූ කර්ම නිමිත්තන් අතුරින් යමෙකුට කුසල කර්ම නිමිත්තක් වටහුනොත් ඔහුගේ උත්පත්තිය සුගතියක වේ. යමෙකුට අකුසල කර්ම නිමිත්තක් වැටහුනොත් ඔහුගේ උත්පත්තිය දුගතියක වේ. කර්ම නිමිත්තෙන් පසු ගති නිමිත්ත පෙනේ. එනම් නැවත උත්පත්තිය සිදුවන ස්ථානය ස්වාප්නයකින් යමක් පෙනෙන්නාසේ පෙනීමය. ඒ පෙනීම වන්නේ සුභ වශයෙන් නිසා තෘෂ්ණා සහිත සත්වයාගේ සිත එහි ඇලේ. ඒ ඇලීම කරනකොට ගෙන එහි උපදී.මෙසේ චුති ප්‍රතිසන්දී දෙකින් යුත් සත්වයාගේ චුති චිත්තය හා සමග ප්රතිසන්ධි චිත්තය හටගනී. ශරීරයෙන් පිටවෙලා ගමනේ ගොස් පරලොව උපදින්ට යම් දෙයක් ඇත්තේ නැත. එසේද වුවත් මේ සත්වයාගේ පැවැති තෘෂ්ණාව නිසා ගති නිමිත්ත පහලවූ කල්හි එහි අලෙන්නේය. ඒ ඇලීම නිසා එහි උපදින්නේය. එම නිසා පරලොව උපදින සත්වයා අන්‍ය සත්වයෙක් නොවන්නේය. තවද යමෙක් සුගතියක හෝ දුගතියක උපදිනවා නම් සුභ අසුභ ලකුණු පහල වේ. සුගතියක උපදින තැනැත්තාට දිව්‍ය විමාන ආදී හිත ප්‍රියකරන දේ පෙනීමෙන් මහත් සන්තෝෂයට පැමිණේ. දුගතියක උපදින තැනැත්තාට නරකයේ ගිනි ආදී සිතට භය උපදින දේ පෙනෙන නිසා මහත් භයට පැමිණේ. මේ ආසන්න කාලයෙහි පැමිණෙන ලකුණුද සත්වයකුගේ ගතිය දැන ගැනීමට කාරනා වේ. අනවතග්ගොයන් භික්කවේ සංසාරෝ පුබ්භ කෝටි නපඥායති” යනාදී බුද්ධ දේශනාවේ ප්‍රකාරයට සත්වයෙකුට පටන් ගැනීමක් හෝ අන්තිමයක් හෝ නැති බව පෙනේ. මෙකී බුද්ධ දේශනාවද ක්‍රිස්තියානි ආගමේ බයිබලයෙන් ස්ථිර කරත්. ඒ කෙසේද – උත්පත්ති 2,7 වෙනි පදේ “හොවා දෙවියන් වහන්සේ පොළොවේ දුඋවිල්ලෙන් මනුෂ්‍යයා මවා ඔහුගේ නාසිකා තුලෙහි ජීවනයෙහි හුස්ම පිබි සේක. එවිට මනුෂ්‍යය ජීවමාන ඈතමයක් වුයේය.” යන මේ කියමනෙන් හැගෙන්නේ පොලවේ දුවිල්ලෙන් ආදම් කියන පලවෙනි මනුෂ්‍යය සදු බවත් දෙවියන්ගේ සදා කාලික ජීවන හුස්ම ඒ රුපයට ඇතුලත් කල බවත්ය. එයින් ඔහු ජීවමාන ආත්මයක් වූ හෙයින් ඔහුගේ ජීවන හුස්ම අමුතුවෙන් මව් එකක් නොවේය. ඒ හුස්ම යෙහොවාගේ හුස්මය. යෙහොවාගේ සදාකාල ජීවන හුස්මෙන් කොටසක් ආදම්ට ලැබුණු නිසා ආදම්ගේ ජීවන හුස්ම පටන් ගැන්මක් නැත. දැනට ජීවත්ව ඉන්න සත්වයන්ගේ ජීවන හුස්ම ඒ ඇත්තන්ගේ පියවරුන්ගෙන්ද, ඒ පියවරුන්ගේ හුස්ම ඒ ඇත්තන්ගේ පියවරුන්ගෙන්ද යන ක්‍රමයෙන් දන් වැලක පුරුක් එකින් එක අල්ලා යන්නාක් මෙන් ඉහලට කල්පනා කර බැලුවාම ආදම් නමැති මුල් පියාගේ ජීවන හුස්ම කරා පැමිණේ. ආදම්ගේ ජීවන හුස්ම කොහෙන් ආ එකක් දැයි කල්පනා කලාම ඒක පටන් ගැන්මක් නැති යෙහොවාගේ ජීවන හුස්මේ කොටසක් බව පෙනේ. හෝව ගේ ජීවන හුස්මේ කොටසක් බව පෙනේ. යෙහොවාගේ ජීවන හුස්මට පටන්ගැන්මක් නැති බව පැහැදිලිව පෙනේ. ක්රිස්තියානිකාරයෝ සත්වයාගේ ආත්ම ශරීර දෙකම දෙවියෝ මැව්වාය කියා විශ්වාස කරන්නේ වී නමුත් ක්රිස්තියානිකාරයෝ කියන ආත්මය පටන් ගැන්මක් නැති එකක් බව මෙයින් තේරුම් ගනිත්වා. තවද මෙහි කී කියමනෙන් බුද්ධ ධර්මයද ස්ථිර වූ බවත් දැන ගනිත්වා. තවද ක්රිස්තියානිකාරයො විශ්වාස කරන යෙහෝවා දෙවි කෙනෙක් නොවන බව පැහැදිලිව ඔප්පුකරන්ට පුළුවන් වැදගත් සාක්ෂියක් තිබේ. එනම් විනිස්චයකාරයාගේ පොතේ 11 වෙනි පරිච්චේදයේ 9 පදේ පටන් 39 පදය දක්වා සදහන්ව තිබේන වගන්තිවලින් පෙනෙන්නේ “යප්තා ගේ දුවගේ බොටුව කපා පුළුස්ස යෙහොවාට පුජා කල බවය.” රෙපරමාදු ක්‍රිස්තියානු කාරයෝ “යප්තා ගේ දුවගේ බොටුව කපා පුජා කලේ නැතැයි” කියන්ට උත්සාහ කරනවා සත්තය. නමුත් රෝමානු ක්රිස්තියානුකාරයන්ගේ බයිබලයේ යප්තාගේ බොටුව කපා දවන පුජාවම කල බව ස්තිරකොට තේරුම්කර දී තිබේ. ඒ බව මමං රෝමානු බයිබලයෙන් ඔප්පු කරන්නෙමි. ඉතින් මෙයින් හැගෙන්නේ යෙහෝවා මිනී ලේ වලට ප්‍රිය බවය. මේ ආදී නින්දිත බිලි ගැනීමට ප්රියවන්නේ කව්ද කියා මෙහි සිටින සියල්ලෝම දනිත්. එම නිසා ඒ ගැන වැඩි විස්තර නොකරමි. ” ක්‍රිස්තුස්වහන්සේ රාත්‍රී තුනකුත් දවල් තුනකුත් පෘතුවි ගර්භය තුල වාසය කරනවා ඇත. කියා මතෙව් 12, 4 පදයේ සදහන්ව තිබේ. නමුත් ඒ අනාගත වාක්‍ය හරිගියේ නැත. මක්නිසාද ක්‍රිස්තුස්ගේ ශරීරය සිකුරාදා භූමදාන කල බවත් ඉරිදාට එලිවන්ට මත්තෙන් මළවුන්ගෙන් නැගිට්ට බවත් මතෙව් 28,1 වෙනි පදයෙන් ඔප්පු වෙන නිසාය. මේ ගැන උත්තර දීමට මගේ විරුධ්ධකාරයා නොයෙක් දේ අතින් මිටින් දමාගෙන උත්සාහ කරනවා ඇත. එසේ උත්සාහ කලාට ඒක පුළුවන් වැඩක් නොවේය. මේක මම පමණක් ක්‍රිස්තියානි ආගමට විරුද්ධව උපදවාපු ප්‍රශ්නයක් නොවේය. නොබෝදා එංගලන්තයේ වැදගත් සභාවකදී ” බ්රද්ලෝ” කියන පණ්ඩිතයා පවා මේ ප්රශ්නය ක්‍රිස්තියානි ආගමට විරුද්ධව ඇසු බව ඉංගිරිසි ආරංචි පත්‍ර මාර්ගයෙන් අපිට දැනගන්ට ලැබුණාය. මේ ප්රශ්නය අහන දවසේ එම ස්ථානයෙහි මේ රටේ සිටිය පණ්ඩිත බිෂොප් ක්ලොටන් උන්නාන්සේ සිටිය නමුත් උන්නාන්සේ වත් මේ ගැන උත්තර දීලා නැත. එසේ නමුත් මගේ විරුද්ධකරයාගේ පක්ෂයේ ඇත්තන් මේ ගැන උත්තරය කියා විහිළුවක් නොදොඩා හරින්නේ නැත. එසේ දෙඩෙව්වත් ඒවා හරි නැත්නම් පණ්ඩිතයෝ භාරගන්නේ නැත. “බිෂොප් ක්ලොටන්” උන්නාන්සේ වැනි උගතුන්ට උත්තර දෙන්ට බැරිවූ එකකට මගේ විරුද්ධ කාරයාට උත්තර දෙන්ට පුළුවන්වේ යැයි නොසිතමි. එම නිසා මේ ගැන කතාව මෙයින් නවත්වමි. කළු මනුෂ්‍යයන්ගේ රටවල සියල්ලන්ම යමකට පෙරටුව පැමිණෙන සුභ අසුභ නිමිති ගැන විශ්වාස කරන බව කව්රුත් දන්නා ඇත්තකි. එනම් යහපතක් පැමිණීමට පළමු සුභ නිමිත්තක්ද , අයහපතකට පෙර අසුභ නිමිත්තක්ද පැමිණීමය. මීට සාක්ෂි පොත් පත්වලින් ද වෙනත් කාරනාවලින් ද පෙන්වන්ට පිළිවන. එයින් මදක් කියමි. පුරාන දබදිව බිම්බිසාර කයා රජ කෙනෙක් සිටියාය. ඒ රජුගේ අග්‍ර මහේසිකාවට දරු ගැබක් හටගත් කල්හි ඒ දේවියට උපන් දොලදුක නම් තමාගේ ස්වාමියාවූ රජාගේ ශරීරයේ ලේ බොන්ටය. ඒ කල්පනාව ඉෂ්ට වුවන් පසු කුමාරයෙකු ප්‍රසුත කාලය. ඒ කුමාරයා තමාගේ පිය රජ මරා රාජ්‍යයට පැමිණි බව කියා තිබේ. අයහපත් ලකුණින් යහපතක්ම පැමිණි බව මෙයින්ද ඔප්පු වේ. මෙසේම ක්‍රිස්තුන් උපන් කාලයෙහි පහලවූ ලකුණුත් යහපත් ලකුණක් නොවේ. එනම් ක්‍රිස්තුන් උපන් බැත්ලෙහෙම කියන පළාතේද ඒ අවට පළාත්වලද සිටිය දෑවුරුදු වයස් වුද ඊට බාලවුද සියලු පිරිමි දරුවන් මැරෙව්බව මතෙව් 2,16 වෙනි පදේ ලියා තිබේ. අඩන්ටත් හිනහවෙන්නටත් මිස වෙන කිසි දෙයක් නොදන්නා අහිංසක ල්නොදරුවන් ගොන්නකට මරණය සිද්ධවුණේ ක්‍රිස්තුස් උපන් නිසාමය. බුදුන් මේ ලෝකයේ උපන් නිසා ඒ කාලයේදී මෙහෙ අසුභ නිමිත්තක් පහලවුයේ නැත. ඒ අපේ උත්තමයා දීව්‍ය ලෝකයෙන් චුතව දඹදිව සුද්ධෝදන රජ්ජුරුවන් නිසා මහාමායා බිසව කුස පිළිසිඳගත් දවසේද, උන්වහන්සේ මව් කුසින් බිහිවුණු දවසේද, බුදුවූ දවසේද, පළමුවෙන් ධම්ම දෙසන කල දවසේද සියල්ලන්ගේ සිත් ප්‍රීති කරන මංගල ලකුණුම පහලවූ බව බුද්ධාගමේ පොත්වලද පෙනේ. ඒ පහලවූ ලකුනුනම් ජාත්‍ය අන්ධයන්ට පෙනීම ලේබීමද, ජාති බිහිරන්ට කන් ලැබීමද,ජාති පිලුන්ට ඍජුව ගමන් කරන්ට හැකිවීමද, නරකාදිවල ගිනි නිවීමද, ප්‍රේතයන්ගේ සා පිපාස නැතිවීමද, සුව කරන්ට බැරි අසාධ්‍ය රෝග සුවවීමද, යනාදී 32ක් මංගල කරුණුය. මෙසේ සියලු දෙනාගේ සිත් ප්‍රීති කරන හොඳ ලකුණු උන්වහන්සේගේ උත්පත්තිය නිසා සිද්ධවූ හෙයින් උන්වහන්සේ ලෝකයා සසර දුකින් ගලවන්ට නොහොත් ලෝක සත්වයන්ට හොඳක් කරන්ට හෙවත් සැබෑ ආගමක් ප්‍රකාශ කරන්ට මෙලොව උපන් කෙනෙක් බවට මෙහි දැක්වූ කාරනා සාක්ෂි වේ. ක්‍රිස්තුස් උපන් කාලයෙහි සියලු දෙනාගේම හීත් අප්‍රිය කරන්නාවූ ඇසු පමණකින්ම භය උපදින්නාවූ ළදරුවන් රාශියකගේම මරණය නමැති නපුරු ලකුණු පහල වූ හෙයින් ක්‍රිස්තුස් ලෝකයා ගලවන්ට ආ කෙනේක් නොවන බව ඔප්පුවේය. ක්‍රිස්තුස් උපන් කාලයේ නපුරු ලකුණු පහල වූ හෙයින් ඔහු බොරු ආගමක් ලෝකයට උගන්වා ලෝකය නරකාදියෙහි හෙලන්ට ආ නපුරෙක්වාට කොහෙත් සැක නැත. එම නිසා ක්‍රිස්තුස් ගේ සරණ ගෙන පරලොව ගැලවෙන්ට නුපුළුවන් බව සියල්ලෝම කල්පනාවට ගනිත්වා. බුදුන් උපන් කාලයහි කුහුබීයෙකුටවත් උන්වහන්සේගේ උත්පත්තිය නිසා මරණයක් පැමිනුනාය. කියා යමෙකුට පෙන්වන්ට පුලුවන්නම් අනික් අය කෙසේ උනත් මම බුද්ධාගම අදහන්නේ නැත. තවද ක්‍රිස්තුස් අපේ නැයෙකුත් නොවේය. බුදුන් අපේ නැයෙකුත් නොවේය. මේ දෙදෙනා පිලිබඳ ආගම් දෙකෙන් යම් ආගමක් සත්‍ය නම් ඒ ආගමේ ප්‍රධානියා අපේ නැයාත් වේ. ස්වාමියාත් වේ. එම නිසා සත්‍ය ආගමක් සොයා ගැනීමට සියල්ලෝම උත්සාහ කරත්වා. මේ හැර මගේ කතාවේදී වේගවත්ව තරහයෙන් වාගේ කතා කලේ පිරිස වැඩි නිසාය. සියල්ලන්ටම ඇහෙන්ට ඕනෑ නිසාය. මේ සිටින සියල්ලෝම ඒ බවද දැනගන්වා සේක්වා. . (කියා මොහොට්ටිවත්තේ ගුණානන්ද උන්නාන්සේගේ කතාව හමාර කරන්ට යෙදුනාය.) [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom