Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
පානදුරා වාදය !
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

6 වෙනි කථාව

(1873 අගෝස්තු මස 28 වැනි දින උදේ 9 පටන් 10 දක්වා මොහොට්ටිවත්තේ ගුණානන්ද උන්නාන්සේ විසින් කල කතාව.)

මගේ මිත්‍රවු මේ සිරිමාන්න කතිසේරු තැන බුද්ධාගමට විරුද්ධව මෙපමණ වෙලා කළාවූ කතාව හාත්පසින්ම පණ්ඩිත ගෝචරවූ කතාවක් නොවේය. මොහු පළමුවෙන්ම කතාකරන්ට පටන් ගත්තේ උණ රෝගයක් ගැනය. ඒ ගැන යමක් කියන්ට ඕනෑ කරන්නේ නැත. මක්නිසාද ඒක නිෂ්පල කතාවක් නිසාය. තවද මේ කතිසේරු තැන බෞද්ධ පක්ෂයෙන් ඉස්ට නොකල කරුණ ඉෂ්ටකලාය කියා බොරුවක් කීවාය. එනම් “ක්‍රිස්තියානු පක්ෂයෙන් පංචස්කධය ගැන යමක් කීවානම් ඒ සියල්ල බුද්ධ පක්ෂයෙන් ස්ථීර කළාය” යන කීමය. පංච ස්කන්ධය ගැන ක්‍රිස්තියානු පක්ෂයෙන් බුද්ධාගමට විරුද්ධව යමක් කීවා ඇත්ද ඒ සියල්ල බුද්ධ පක්ෂයෙන් උත්තර දී බිඳ හෙලු බව මේ සියල්ලන්ටම මතක ඇත. එම නිසා පංචස්කධය ගැන වැඩිපුර යමක් මෙහිදී කියන්ට ඕනෑකරන්නේ නැත.

තවද මගේ මිත්‍රයා ජලස් ගොඩ යන වචනය ගැන උත්තර දුන්නා කදිමයි! එයින් මගේ කීම ස්තිරවුනා සත්තයි. හේ කෙසේද – මේ කතිසේරු තැන “Jealous God” යන වචනය තේරුවේ යෙහෝවා වහන්සේ ඊර්ෂ්යාවන්ත දෙවි කෙනෙක් බව හැගෙන්ටමය.

ඒ බව ඔහුගේ මේ කීමෙන් පෙනේ. ‘දෙවියන් වහන්සේ , තමන් වහන්සේට ලැබෙන ගෞරවය අනුන්ට ලැබෙනවාට අකමැතිය. එසේ අකමැති නිසා දෙවියන් වහන්සේ ට.”Jealous God” කියනවාය. ඉතින් මොහුගේ මේ තේරුම් “ජ්වලිත” දෙවි කෙනෙක යන තේරුමට කොහෙත්ම එකඟ වෙන්නේ නැත. යමෙකුට ලැබෙන හොඳට යමෙක් අකමැති නම් “ඊර්ෂ්යාවන්ත” කියන්නේ එකට තමයි. “ලෙඩෙත් වල්ගේය” කීවා වාගේ මුන්නහෙගේ තේරුමත් නරක නැහැ.

පළමුවෙනි හාස්කම අදහා නොගත්තොත් දෙවෙනි හාස්කමද දෙවෙනි හාස්කම අදහා නොගත්තොත් තුන්වෙනි හාස්කමද කරන්ට යෙහෝවා මොසෙස් ට ඉගැන්වූ හෙයින් යෙහොවාටම යමක් නිශ්චය කරන්ට බැරිබව ඔප්පුකිරීම පිණිස මම කල ඒ කතාවට මේ කතිසේරු තැන මිසරයට පැමිණි වන්සන්ගත වගයක් ගැන ප්‍රකාශ කළා. මිසරයට පැමිණි වසංගත ප්‍රකාශ කල එක මගේ කතාවට උත්තරය නොවේය. ඒ බව මෙහි සිටින කාටත් තේරෙන්නට ඇත. එම නිසා මේ ගැන වැඩිය කතා නොකරමි.

මෝසෙස් ගේ පුතාගේ “ජින්න නම් කිරීම” ගැන මම කල කතාව මේ කතිසේරු තැනට කොහෙත්ම තේරී නැත. තෙරුනානම් ‘ඒ ජින්න නම් කරපු කැබැල්ල මෝසෙස් ඉදිරියට දැම්මාය’ යන උත්තරය දෙන්නේ නැත. යෙහෝවා මෝසෙස් මරන්ට සේව් විට ඒ බව මෝසෙස් ගේ ස්ත්රීවන සිප්පොරා දැන තමාගේ පුතා ජින්න නම් කොට ඒ කැබැල්ල පුදා මෝසෙස් මරණින් නිදහස් කරගත් බව බයිබලයෙන් පෙනේ.මරන්ට සේව් කෙනෙකුන්ට ඒ පුජාව දෙන්ට ඕනෑ මිස මරණයට පත්ව සිටි මෝසෙස්ට කොහෙත්ම දෙන්ට ඕනෑ නැත. ‘ජින්න නම් කිරීම්’ යෙහෝවා ගේ ආඥාවක් ලු ඒ ආඥාව කඩකළ නිසා මෝසෙස් මරන්ට සේවවා යයි මොහු කීවාය. ඒ උත්තරයෙන්ද යෙහෝවා මිනී මස් මිනී ලේ වලට ප්රියවෙනවා සත්තකය. ඒ නිසා මේ ගැන කරන කතාවද මෙයින් නවත්තමි.

යකඩ රථ ගැන මා විසින් අසු ප්‍රශ්නයට මගේ මිත්‍ර වූ මේ කතිසේරු තැන දුන් උත්තර හාත්පසින්ම වැරදිය. මක් නිසාද යකඩ රථ 900 ක් සේනාවකින් හෙව්වා වහන්සේ ජයගත් බව විනිශ්චය 3 වන පරිච්චේදයේ 3 වන පද පටන් 15 පදය දක්වා සදහන්ව තිබෙනවාය යයි මේ කතිසේරු තැන කීවා මේ කාටත් ඇසෙන්ට ඇත. එබඳු කීමක් බයිබලයේ එම පදවල සඳහන්ව නැත. බයිබලයේ නැති කීමන් ඇතැයි කියා මෙබඳු වැදගත් සභාවක ප්‍රකාශ කළා පුදුමයක්ය. හාත්පසින්ම මිත්‍යා ආගමක් විශ්වාස කරන අයට ඉඳලා හිටලා මෙබඳු බොරුවක් කීවාට එය එතරම් බරපතල නොවේ. කොපමණ බොරු කීවත් යෙහෝවා යකඩෙට භය වුනේ නැතැයි කියා ඔප්පු කරන්ට බැරිය. හොඳයි ජුදා ගේ සර්දාව මද කමෙන් ඒ යුද්දයෙන් යුදාට ජය ගන්ට බැරි වුනායයි කියන නිසා එයින් යෙහොවාට සියල්ල දක්නා දිව්‍ය ඥානයක් නැතිබව ද පැහැදිලිව මේ සභාවේ සිල්ලන්ට වැටහෙන්ට ඇත. ජුදාගේ සද්දාව මද කමින් ඒ යුද්ධයෙන් ජය ගන්ට බැරි වුනාය. යෙහෝව වහන්සේ යකඩෙට භයවුනේ නැත කියමන මේ කතිසේරු තැන කී බව කාටත් ඇසෙන්ට ඇත. හොඳයි යෙහෝවා යකඩෙට භයවුනේ නැත්නම් යෙහෝව යුදා සමග සිටලත් ඒ යුද්ධයෙන් ඒ යුද්ධයෙන් ජයගන්ට බැරිවුනේ මන්ද? යුදාගේ ශ්‍රද්ධාව මදිකමින් පරදුනාය කියනවා නම් මේ ශ්‍රද්දව මඩවන කෙනෙකුන්ට සියල්ල දක්නා ඥානයක් ඇති යෙහොවා එකතුවුනේ ඇයි? එකක් හරිගස්සන්ට ගියාම අනිකට වෙන වැරැද්ද නොපෙනී මෙබන්දු උත්තර දීම ඥාන ගෝචර නොවේය. ඉතින් මේ ගැන මෙපමණ සැහෙන නිසා මෙයින් නවත්තමි.

තවත් මගේ මිත්‍රයා කනට තෙල් පිඹීම ගැන කල කතාවත් නිෂ්ඵලය. ‘කනට තෙල් පිඹිනවාය’ යන කීමෙන් හැඟෙන්නේ කනේ තෙල් වක්කර ඒවා ඇතුල්වීමට පිඹීමය. එයින් ජීවන හුස්මක් පිම්බාය කියා හැගෙන්නේ නැත. ලෙඩෙකුගේ කනේ තෙල් වත්කොට කනට පිම්බිනවාය කියනවා මිස කනට ජීවන හුස්ම පිම්බාය කියා කවරෙක්වත් කියන්නේ නැත. එම නිසා මොහු ගෙන හැර දැක්වූ තෙල් පිඹීමේ කතාව ප්රලාපයක්ය. ආදම්ගේ නාසිකාව තුලට යෙහෝවා ගේ ජීවන හුස්ම පිම්බාය කීමෙන් හැගෙන්නේ යෙහොවාගේ ජීවන හුස්ම ආදම්ගේ ශරීරයට ඇතුලත්කල බවය. යෙහොවාගේ ජීවන හුස්ම ආදම්ගේ ශරීරයට ඇතුලත්කලේ නැතිබව පෙන්වන්ට මොහුගේ මේ තෙල් පිඹීමේ උදාහරණය කොහෙත්ම සැහෙන්නේ නැත. කණේ තෙල් වක්කරන අයවලුන් තෙල් වත්කර දෙවනු පිඹින්නේ තෙල් ඇතුල් කිරීමට ඔවුන්ට ආනුභාවක්, බලයක් නැති නිසාය. එසේම යෙහොවාටත් ජීවනය ඇතුල් කරන්ට බලයක් නැති නිසා පිම්බාද? ඉතින් මේ ගැන මීට වඩා යමක් කීම නිෂ්ප්රයෝජන නිසා වඩා නොයමි

තවද මගේ මිත්‍රයා යප්තාගේ දුව ගැන උත්තර දුන්නේ අගේ බොටුව නොකැපු බවය.” ඇය වෙනුවට යෙහොව්වාට මුදලක් ගෙවා ගලවා ගත්තාය” කියාය. හොඳයි එසේ ගලවා ගත්තා නම් “යප්තාගේ පොරොන්දුව ඉෂ්ට කාලය” කියා බයිබලයේ ලියා තිබෙන්නේ මන්ද? යප්තාගේ පොරොන්දුව නම් යුද්ධයෙන් දිනා ගෙදර එන විට මොකෙක් නුමුත් ඉස්සරහට ඒ එකා යෙහොවාට දවන පුජාවක් කරන්ටය. “ඒ පොරොන්දුව එලෙස ඉෂ්ට කාලය” කීමෙන් හැගෙන්නේ ඔහුගේ ඉදිරියට ආ ඔහුගේම දුව යෙහොවාට දවන පුජාවක් කොට පිදු බවය. මේ හැර යප්තාගේ දුවගේ බොටුව කපා දවන පුජාවක්කොට යෙහොව්වාට පුජා කල බව ඒත්තු යාම පිණිස දක්වන්ට මට වැදගත් සාක්ෂියක් තිබේ. එනම්:- රෝමානු කාරයින්ගේ බයිබලය ය. ඒ බයිබලය මෙන්න ඔය කාරනාව ගැන විස්තර කොට තිබෙන්නේ යප්තාගේ දුවගේ බොටුව කපා දවන පුජාවක් කල බවමය. ඒ ගැන අනුමාන නම් මෙයින් බලා ගනීවා. (කියා එම බයිබලය ක්‍රිස්තියානි පක්ෂයට භාර දුන්නාය.)

මේ අන්දමේ වැදගත් සාක්ෂි තිබෙන කාරනා නැතිකරන්නට කතා කරන මුන්නහෙලා සමග මෙබදු කතාවල් කරන්ට සැහෙන්නේ නැත. ඉතින් මේ ගැන කරන කතාව මෙයින් අත් හිටුවමි.

තවද මගේ මිත්‍රයා ක්‍රිස්තුස්ගේ ශරීරය මිනීවලේ රාත්‍රී තුනකුත් දවල් තුනකුත් තිබුණු බව ඔප්පු කරන්ට දුන්න උත්තරය නම් ” යුදෙව්වන් දවස ගනිනිනේ හෙවත් දවසේ මුලට ගනින්නේ උදේ හයේ පටන්ය. එම නිසා තුන් වන දවස අසුවේ. “යි කීවා මේ කාටත් ඇසෙන්නට ඇත. මොහුගේ මේ උත්තරයට මට කියන්ට තිබෙන්නේ නොවාසනාවන් කියා පමණක්ය නමුත් දවසේ මුල උදය හයට ගන්නවා නම් සෙනසුරාදා එලිවෙන්ට මත්තෙන් ක්‍රිස්තුස් මළවුන්ගෙන් නැගිට්ටාය කීවාම ක්‍රිස්තුස් ගේ මළවුන්ගෙන් නැගිටීම සෙනසුරාදා උදය හයට ඉස්සරින් ඉරිදා උදය ලබන්නට මත්තෙන් බව ඔප්පු වෙයි. එතකොට ඉරිදා දවසින් මදක්වත් අසුවෙන්නේ නැත. එම නිසා තුන් දවසට ගණන් ගන්ට කොයි ප්‍රකාරයකින්වත් බැරිය. මේ ගැන මීට වඩා යමක් නොකියමි.

තවද මේ ඇත්තා තදබල මුසාවාදයක් මේ සභාවේ කීවා. ඒක මේ සමුහයාට මතක් කරවමි. “ක්‍රිස්තුස් උපන් දවසේ ළදරුවන් මැරුවාය” කියා මගේ කතාවේදී මම කීවාලු. මම කීවේ එසේ නොවේ. ක්‍රිස්තුස් උපන් කාලයේදී හෙරෝද් විසින් ක්‍රිස්තුස් ගේ උත්පත්තිය නිසා ළදරුවෝ මැරූ බවය. මම නොකී දෙයක් කීවාය කියන්නේ මුසවාදයට විලි බිය නැති නිසාය. මගේ මේ කීම ගැන මෙහි සිටින සියල්ලෝම මා වෙනුවෙන් සාක්ෂි කියති.

ක්‍රිස්තුස් නිසාවූ කැතය නැත කියට බැරි කමෙන් ඒ වගේම කතාවක් බුදුන් උඩටත් ගොඩ නගන්ට බුදුන් උපන් සත් දවසින් මෑණියෝ මැරුණු ඒක ගැන මේ කතිසේරු තැන කතාකල මේ කාටත් ඇසෙන්නට ඇත. බුදුන් උපන් නිසා නොවේ. ඒ දේවියට ආයු ඇත්තේ එපමණ නිසාය. බෝධි සත්වයෝ දිව්‍ය ලෝකයෙන් චුතවෙන්නට මත්තෙන් කාරනා පහක් බලු බව බුද්ධාගමේ පොත්වල සදහන්ව තිබේ. එයින් එකක් මෑණියන්ගේ ආයු ප්‍රමාණය බැලීමය. දස මස් සත් දවසක් ඉදිරියට මෑණියන්ගේ ආයු තිබෙද්දී බෝසතාණෝ මව් කුස පිළිසිඳ ගත බව බුදු බණේ තිබේ. දසමසක් ගර්භනීව හිටිය කාලයට ගියාම ඉතිරි ආයුෂ ඇත්තේ හත් දවසය. බෝසතාණෝ උපන් හත් දවසින් මෑණියන් මැරුනේ මෑණියන්ගේ ආයු ප්‍රමාණයේ හැටියටය. මේ අන්දමේ පැහැදිලිව බුද්ධාගමේ පොත්වල තිබෙන ඇත්ත වසා, නැත්ත පෙන්වා කතා කරන මුන්නහෙලා සමග කරන වාදය මොකක්ද? මේ අන්දමේ මුසාවාද කියා පැවාට ක්‍රිස්තුස් උපන් නිසාවූ ළදරුවන්ගේ මරණය හොඳ අතකට හරවන්ට බැරිවේය. බුදුන්ගේ මෑණියන්ගේ ආයු ප්‍රමාණයේ හැටියට වූ මරණය, බුදුන් උපන් නිසා වී යයි හඟවන්නට කල උත්සාහයෙන් කිසිම ප්‍රයෝජනයක් ලැබුනේ නැත. එම නිසා මේ ගැන කරන කතාවන් මේ ඇතැයි සිතමි.

තවද මේ ඇත්තා කල සියලු කතා වලට වඩා නැණවත් අයට සිනහ වියයුතු කතාවක් කළා. එනම් – බෝධිසත්වයා මව්කුසින් බිහිවුනාට පසු සිංහ නාදයක් කළාය කියාද, සිංහ නාදය නම් සත්වයන්ගේ කන් පැලීයන කෘර නාදයක් යයි කියාද, ඒ නාදයට බොහෝ සත්වයන් මැරුණය කියාද මේ කතිසේරු තැන කීවා මේ සියල්ලන්ටම ඇසෙන්නට ඇත. මේ කතිසේරු තැන ගේ කතාවෙන් මොහුගේ නුගත්කම ප්‍රකාශ වෙනවා මිස බුද්ධාගමට මෙයින් කිසිම අපහාසයක් නැත. මක්නිසද්ද බෝධිසත්වයා මව්කුසින් ප්‍රසුත වුවායින්පසු අභීත කෙසර සිංහ නාදයක් පැවැත්වූවාය කීවේ “උතුම් නාදයක්” බව හඟවන්නටය.රාජ සිංහ කීවේ සිංහ රජෙක් වාට නොවේ. “උතුම් රජෙක” යන අර්ථය හඟවන්නටය. මේ කතිසේරු තැනගේ අඥාන නේ කියමන් වලින් මොහුගේ තරම මේ සමුහයාට පෙන්වාදීමේ ප්‍රයෝජනය මොහුට ලැබුනා සත්තකය. මොහුගේ ලාමක කතාවලින් බුද්ධාගමට කිසි හානියක් නැත. හොදයි බෝධි සත්වයා මවු කුසින් ප්‍රසුත වූවායින් පසු කල සිංහ නාදයෙන් යම් සත්වයෙකුට අන්තරාවක් උනාය කියා බුද්ධාගමේ පොතක තිබෙනවාද? එසේ ඇතුවානම් ඒ බව පෙන්වා දෙන මෙන් ඉල්ලමි.

නැවත මගේ මිත්‍රයා ක්‍රිස්තුස් උපන් නිසා උනාවූ ළදරුවන්ගේ මැරීමේ දෝෂයෙන් ක්‍රිස්තුස් මුදවන්ට දුන් උත්තරය නම් මෙසේය.” ක්‍රිස්තුස් පාපයෙහි සතුරාය. ඒ නිසා ළදරුවන් මැරීමේ පාප ලකුණ පහල උනාය” මගේ මිත්‍රයාගේ මේ උත්තරය ඉතා නිෂ්ඵලය. නින්දිතය. මකිනිසාද ක්‍රිස්තුස් පාපයෙහි සතුරා නොව පාපයෙහි මිතුරා බව පාප ලකුණු පහල වීමෙන් ම පෙනේ. හොදයි හොදක් සිද්ධ කර දෙන්ට ආ කෙනෙක් උපන් කාලයේ පහලවෙන්ට ඕන හොද ලකුනක්ය. ළදරුවන්ගේ මරණය හොඳ ලකුණක් නොවන නිසා ක්‍රිස්තුස් කරනකොට සත්වයන්ට නපුරක්ම සිද්ධ වෙනවා සක නැත. යමෙක් ගමනක් යන්ට පිටත්වූ කල්හි යහපත් කෙනෙක් ඉස්සරහට ආවොත් ඒ ගමනින් වැඩක්ම සිද්ධ වෙන බවත් අයහපත් කෙනෙක් ඉස්සරහට ආවොත් ඒ ගමනින් අවැඩක් සිද්ධවෙන බවත් සියල්ලන්ට දකින්ට ලැබෙන ඇත්තය. මේ කතිසේරු තැන මේ ඇත්ත අනික් අතට හරවන්ට කල උත්සාහයෙන් ඇති ප්‍රයෝජනය මොහුගේ කපටිකම මේ සභාවට ඇහුනා පමණය. මෙකී පුර්ව නිමිත්ත ගැන මීට ප්‍රථම බොහෝ විස්තරව කී නිසා මෙහිදී මීට වැඩි යමක් කියන්ට ඕනෑ නොකරයි.

මේ කතිසේරු තැන බුද්ධාගමට විරුද්ධව ගෙන හැර දැක්වූ අනිකුදු කාරනා ගැන දෙවනු උත්තර දෙන්නෙමි.

පසුගිය අගහරුවාදා මගේ විරුද්ධකාර පාදිලි තැන පටිච්ච සමුප්පාද ධර්මයෙන් බුද්ධාගමේ දොස් දක්වන්ට උත්සාහ කළා. ඒ ගැන දෙවනු උත්තර දෙනවාය කියා මගේ පොරොන්දුවක් ඇත. ඒ පොරොන්දුව මේ පැයේදී ඉෂ්ට කිරීම මගේ යුතුකමකි. පටිච්ච සමුප්පාද ධර්මය තේරුම් ගැනීමේ තිබෙන දුෂ්කරකම ගැන බුද්ධගෝෂ ආචාර්යයන් මෙසේ කියා තිබේ. කෙසේදයත් : “වාත්තු කාමෝ අහං අජ්ජ පච්චයාකාර වන්නනන්, පතිට්ටාණන් ධි ගච්චාමි අජෙඥා ගාල් හොවා සාගරන්” යන කියමන විසුද්ධි මාර්ගයෙහි තිබේ. මෙහි අභිප්‍රාව නම් ‘ ‘මුහුදේ වැටුන කෙනෙකුන්ට පිහිටක් නැත්තාක් මෙන් පටිච්ච සමුප්පාද ධර්ම නමැති මුහුදට වැටුනාවූ මටත් පිහිටක් නැත්තේය’. එසේ වී නමුත් අධිගමයට පැමිණි ඥානවන්තයන්ට පටිච්ච සමුප්පාද ධර්මය වැටහෙන බවත් පෘතක්ජනයන්ට වැටහීම දුෂ්කර බවත් මේ ඝාතාවේ අභිප්‍රාව වෙයි. බුද්ධගෝෂ ආචාර්යයන් වැනි ත්රිපිටකත්රය ධාරී උත්තමයෝ පවා මෙසේ දැක්වූ පටිච්ච සමුප්පාද ධර්මය තේරුම් ගෙන දොස් කියන්ට තැත්කළ මගේ විරුද්ධකාරයා ගේ කතාව කෙබදුද කීවොත්, හඳට ඊර්ෂ්‍යාවෙන් බුරන බල්ලන්ගේ බිරීම හා සමානවේ. පටිච්ච සමුප්පාද ධර්මය අග මුලවත් මගේ විරුද්ධකාරයාට හැගිලා නැත. “අප්පා නිසා පුතත්, පුතා නිසා අප්පත් උපදිනවාය” කියන ඒ උපමාව දැක්වුයේ ඒ නිසාවට කොහෙත්ම සැක නැත. එබඳු වටකුරු උත්පත්තියක් ක්‍රිස්තියානි ආගමේ තිබෙන බව මට ඉදිරියේදී කතා කරන්ට ලැබෙන පැයකදී පෙන්වා දෙන්නෙමි. පටිච්ච සමුප්පාද ධර්මය හි තත්වය මදක් තේරුම් යාම පිණිස මගේ දැනුම් පමණින් කියමි. එය කලබල නැතිව සියලු දෙනාම අසන සේක්වා.

‘අවිජ්ජා පච්චයා සංකාරා, සංකාර පච්චයා විඥා නං , විඥා න පච්චයා නාම රුපන් , නාම රුප පච්චයා සලායතනං, සලායතන පච්චයා ඵස්සෝ, ඵස්ස පච්චයා වේදනා, වේදනා පච්චයාතණ්හා, තන්හා පච්චයාඋපාදානං, උපාදාන පච්චයාභවෝ, භව පච්චයා ජාති, ජාති පච්චයා ජරා, මරණන්, සෝක, පරිදේව, දුක්ක , දෝමනස්ස උපයාසා සම්භා වෙන්ති ”

මෙහි සංක්ෂිප්ත අභිප්‍රාව නම් අවිජ්ජාව නිසා සංස්කාරයෝ හට ගනිත්, සංස්කාරයන් නිසා විඥා නය හට ගනිත්, විඥානය නිසා නාම රුපයෝ හටගනිත්, යනාදී ක්‍රමයෙන් එකකට එකක් ප්රත්යව මෙකී සියල්ල හටගන්නා බව බුදුන් වදාරලා තිබේ. මේ කියමන මගේ විරුද්ධකාර පාදිලි තැනට තේරුම් ගන්ට බරිකමෙන් ” අවිද්‍යාව නිසා සත්වයෙක් නැතිව පවතින් දෙකින් සංස්කාරයෝ උපදිනවාය සංස්කාරයෙන් විඥානය උපදිනවාය ” කියා වරදවා සිතාගෙන පටිච්ච සමුප්පාදය ගැන කී සියල්ල ප්‍රලාපය.

තවද මොහුගේ ඒ කල්පනාවේ වැරදිකම හගවන්ට සුළු උදාහරණයක් දක්වමි. ඒ ඇසුව මැනව. හුන්කිරි නිසා මිදිච්ච කිරිද මිදිච්ච කිරි නිසා වෙඩරුද වෙඩරු නිසා ගිතෙල්ද හටගනී යයි කිවාම හුන් කිරි මිදිච්ච කිරි වෙඩරු ගිතෙල් යන සියල්ලම වෙන් වෙන් ස්වභාව ට පැමුණුනේ වී නමුත් ඒ සියල්ලම ඒකාබද්ධව එකට තිබුණා සත්තකය. එමෙන්ම සත්වයෙක්නැතුව තනිකර අවිජ්ජාවක් හෝ අවිජ්ජාවක් නැතුව තනිකර සංස්කාරයෝ තිබුනේ වත් සංස්කාරයෝ නැතුව තනිකර නාම්-රුප තිබුනේ වත් නැත. මේ සියල්ලම ඒකාබද්දව පවතිනවා සත්තකය. සත්වයෙක් සංසාරයේ හැසිරෙන අන්දම දක්වන්ට බුදුන් වදාළ ධර්මය නොපිටට පෙරලා ගෙන මගේ විරුද්ද කාරයා කල කතාව ප්රලාපයක් වැනිය. තවද මේ ගැනම අභිධර්මයේ පට්ඨාන ප්‍රකරණයේ මෙසේ කියා තිබේ. කෙසේද :-

” මෝහං පට්ටිච්ච සම්පයුක්ත කා බන්ධෝ පටිසන්ධික්කනෝ වත්තුම් පට්ච්ච සහේතුක ඛණ්දා” යනාදී මෙයින්ද තේරුම් කර තිබෙන්නේ පටිච්ච සමුප්පාද ධර්මය ම තේරුම් ගැනීමට කාරණාය. එනම් මෝහය නිසා එක්ව යෙදුන ස්කන්දයෝද වස්තු රුපය නිසා එක්ව යෙදුන ස්කන්දයෝද උපදිත කියාය. සංස්කාරයෝ තනිව නුපදින බව හගවන්ට විසුද්ධි මාර්ගයෙහිද මෙසේ කියා තිබේ.

” සන්කරම්පප්පච්චයෙනච උපනිස්සය පච්චයෙනච පච්චය හොන්ති”

යනාදියද සංස්කාරයෝ කර්ම ප්‍රත්‍ය වීමෙන්ද ආශ්‍රය හෙතුවීමෙන්ද විඥානයට ප්‍රත්‍ය වේ කියා හැඟේ.

” විපාක විඥානම් සහජාත අඥ ම්ඥ නිස්සය සමපයුක්ත විපාක ආහාර ඉන්ද්රිය අර්ථ අවිගත පච්ච්යෙහි නවදා පච්චයෝ හොති” යන මෙයින් විඥානය නාම-රුප දෙකට ඉස්සරියෙන් උපන්නා නොව, සම්ගම් උපදින බව පෙනේ. තවද මේ විස්තරනම් විපාක විඥානය සමගම උපානාවුද අන්‍යෝන්‍ය වුද හෙතුවුද ආශ්‍රය වුද එකට යෙදුනාවුද, විපාකවුද , ආහාරවුද, ඉන්ද්රියවුද, විද්‍යාමාන වුද, වෙන්වුද, ප්‍රත්‍ය වලින් නව ආකාරයකින් ප්‍රත්‍ය වේ. මේ ආකාරය සියුම් ලෙස දැනගත්විට විඥානයට පසුව නාම රුප උපදිනවායයි තේරුම් ගත හැකිය. මෙබදු සියුම් වූ අභිප්‍රාවක් ඇති පටිච්ච සමුප්පාද ධර්මය තේරුම් කර ගන්නට ගියේ අන්ධ ඇතෙක් වනාන්තරයෙහි ගමන්කරන්නාක් මෙනි. එම නිසා මේ ගැන ද කරන කතාව මෙයින් අත් හිටවමි.

තවද මගේ මිත්‍රවූ කතිසේරු තැන බුද්ධාගමේ පොත් ලිවීම ගැන කල කතාවත් අතිශයින්ම නිෂ්ඵලය. බුදුන්ගේ මරණයෙන් අවුරුදු හාරසිය පනහකට පසු බුද්ධාගමේ ධර්මය පොත්වල ලිව්වා කියාද, එපමණ දීර්ඝ කාලයක් බුදුන් දෙසු ධර්මය කට පාඩමෙන්ම ගෙනන්ට බැරිය කියාද, පොත් ලිව්ව කාලයේ හිටිය සංඝයාට ඕනෑ ඕනෑ අන්දමට ලියා ගත්තෝ යයි කියාද මේ කතිසේරු තැන කීවා මේ කාටත් ඇහෙන්ට ඇත. මේ කතිසේරු තැන ගේ මේ කතාවේ තිබෙන නිස්සාරකම පෙන්නා දෙමි. හේ මනාව ඇසිය යුතුය.

බුදුන් පිරිනිවන් පා අවුරුදු හාරසිය පනස් තුනකට පසු වලගම්බාහු රජු කාලයේ මේ ලංකාවේදී බුද්ධ දේශනාව පොත්වල ලීවා සත්තය . බුදුන් ජීවත්ව වැඩසිටි කාලයේදීත් රත්රන් පත්‍රවල පවා ධර්මය ලිවූ බව පෙනේ. මේ රටේදී පොත් ලිව්වේ දිව්‍ය ඥානය ඇති කෙලෙසුන් නසපු රහතන් වහන්සේලා ජීවත්ව සිටි කාලයේදීය. රහතුන් වහන්සේලාට යමක් වරදින්නේ නැත. බුදුන් ඇරුනාම රහතුන්ට උත්තමයෝ නැත. බුදුන් ඇරුනාම රහතුන්ට වඩා උත්තමයෝ නැත. උන් වහන්සේලාට යමක් පාඩම් තබා ගැනීම අමාරුවක් නොවේ. උන්වහන්සේලාගේ ලියමනේදී උන්වහන්සේලාට එක ඉස්පිල්ලක්වත් පාපිල්ලක්වත් බුදුන් වදාලාට වඩා අඩු වැඩි වෙන්නේ නැත.

ක්‍රිස්තියානි බයිබලය ලිව්වේ මේ අන්දමේ උත්තමයෝ නොවේ. මිනීමරා හැංගී රට හැරගිය මෝසෙස් ආදී කෙලෙස් සහිත පුද්ගලයෝය. තවද බයිබලය වරක් පුළුස්සා දමා නැතිකළ බව බයිබලයෙන්ම පෙනේ. යේම වරක් යෙහොවගේ කපුරාල කෙනෙක් තමාට ඕනෑ හැටියට ලියා ඒ කාලයේ හිටිය රජා රවටා ක්‍රියා කල බවද පෙනේ. මේ කාරනාවල විස්තර ක්‍රිස්තියානි ආගමට විරුද්ධව ප්‍රසිද්ධ කොට තිබෙන විභජ්ජ වාදයෙන් දැනගන්ට පුළුවන. මේ ගැන විස්තර දෙවනුව මට ලැබුනොත් කියා දෙමි.

තවද මේ කතිසේරු තැන වෙස්සන්තර රජ්ජුරුවන්ගේ දානාද්යාසය ගැන

නින්දා කරන්ට හිතාගෙන කතා කළා. ඒ කතාවෙන් ඒ ගැන කිසිම පලුදුවක් කරන්ට බැරිවිය. මක්නිසාද මේ ලෝකයේ ඇති සියල්ලටම වඩා බුද්ධ පදවිය උතුම්ය. ඒ බුද්ධත්වය ලබන්ට ලෝභ චේතනාව මැඩ පවත්වන්ට ඕනෑය. බුදු බව පතාගෙන ආ වෙස්සන්තර රජ්ජුරුවන්ගේ ස්ත්‍රී, දරුවෝ ඉල්ලු කල්හි නුදුන්නා නම් ස්ත්‍රීන්ටත් දරුවන්ටත් ඇති ලෝභකම මැඩ පවත්වන්ට බැරි බව එයින් පෙනේ. දාන චේතනාව ජය ගන්වන්ට ලෝභ චේතනාව මැඩ පවත්වන්ට ඕනැවා සත්තකය. ලෝභ චේතනාව මැඩපවත්වා දාන චේතනාව ජය ගන්වන්ට බැරි කෙනෙකුට තුන් ලෝකාග්රවු බුද්ධ පදවිය නොලැබේ. එමනිසා වෙස්සන්තර රජ්ජුරුවෝ ජුතක නම් බමුණාට දරුවෝ දන් දුන්නාය. ඒ දීමෙන් දරුවන්ට සැපක් මිස දුකක් ලැබුනේ නැත. ඒ බව වෙස්සන්තර ජාතකයෙන් බන ඇසු ස්ත්‍රීන් පවා දනිති. මේ කතිසේරු තැන කී ප්‍රකාරයට වෙස්සන්තර රජ්ජුරුවන්ගේ මහේසිකාව යමෙකුට භාර්යාව වුනේ නැත. දෙදෙව් ලොවට අධිපති ශක්‍ර දේවේන්ද්‍ර තෙම වෙස්සන්තර රජුගේ දාන පාරමිතාව මස්ත ප්‍රාප්ත කිරීම පිණිස මිනිස් වෙසක් රැගෙනවිත් මහේසිකාව ලබාගෙන එම ක්ෂනයේදීම දෙවනුත් මහේසිකාව වෙස්සන්තර මහා රජ හටම පාවාදී ගිය බව එම ජාතකයෙන් පෙනේ. ඉතින් මෙයින් පෙනෙන්නේ එම රජහුගේ දාන පාරමිතාව මස්තප්‍රාප්ත වූ බවය. මේ කතිසේරු තැන කී ලෙස ඒ මහේසිකාව යමෙකුට භාර්යාව උනේ නැත. එම නිසා මොහුගේ ඒ කතාවට මීට වඩා කතා කිරීම නිෂ්ඵලය.

තවද මීට ප්‍රතම දවසේ කතා කල මාගේ විරුද්ධකාරයා බුද්ධාගම තබා තමන් විශ්වාස කරන ක්‍රිස්තියානි ආගමවත් දන්නෙක් නොවේය. ඔහු ඒ දවසේ බුද්ධාගමට විරුද්ධව කල කතාවෙන් ක්‍රිස්තියානි ආගමට පොලු පහර වැදුනා මිස බුද්ධාගමට එයින් කිසි හානියක් නැත. “මක්නිසාද උරෙකුට බල්ලෙකුට ගැරඩියෙකුට මනුෂ්‍යය සමාන කරලා බුද්ධාගමේ තිබෙනවාය” යි කියාද “මේ අන්දමේ විශ්වාස කරන්ට බැරි මුසාවාද වලින් පිරිච්ච බුද්ධාගම විස්වාස කරන්ට බැරිය” කියාද ඒ පාදිලි තැන කීවා මේ කාටත් ඇසෙන්ට ඇත. මාගේ මේ විරුද්ධකාරයා කී ලෙස එබන්දක් බුද්ධාගමේ පොතක නැත. මනුෂ්‍යයා මුර්ගයෙකුට සමාන කරලා තිබෙන්නේ බ්යිබලයේය. ඒ බව පැහැදිලිව ඔප්පු කරමි. මේ සියල්ලෝම අසන සේක්වා.

“මනුෂ්‍ය පුත්‍රයන්ට සිදුවන දේ මුර්ගයන්ටත් එසේම වන්නේය. එකම දෙයක් ඔවුන්ට සිදු වෙයි. එකෙක් නසින හැටියට අනෙකා නසින්නේය.

ඔවුන් සැමටම එක හුස්මක මුර්ගයෙකු ට වඩා මිනිසෙකුට කිසි උතුම් කමක් නැත. මක්නිසාද සියල්ල නිෂ්ඵලය” දේශනාකාරයාගේ පොතේ 3 වෙනි පරිච්චේදයේ 19 වෙනි පදේ

මෙලෙස තිබේ. ඉතින් මනුෂ්‍යයා මුර්ගයෙකුට සමාන කලේ ක්‍රිස්තියානි ආගමේ කියමන් වලින් නොවේද? බුද්ධාගමේ කියමනක් මේ වාගේ මනුෂ්‍යයා මුර්ගයෙකුට සමාන කර තිබේද? නැත්තේමය. එම නිසා මාගේ විරුද්ධකාරයා තමාගේම ආගම බොරු බව මෙයින් ඔප්පු කළා නොවේද? මොහුගේ සමාගමේ ප්‍රධානියා දැනට මේ ස්ථානයේ ඇත්නම්

මොහුගේ ඔය තානාන්තරය පමණවත් තිබෙන්ට අරිනවා ඇත කියා නොසිතමි.

මේ හැර මාගේ විරුද්ධ කාර පක්ෂය යෙන් තවත් ප්‍රශ්නයක් අසමි. ඒ කෙසේද- කොරෝන්ති වරුට ලියන ලද 7 වෙනි පත්‍රයේ 15 වෙනි පරිච්චේදයේ 22 වෙනි පදේ පටන් 28 වෙනි පදේ දක්වා තිබෙන්නේ මෙලෙසටය.

“තවද ආදම් කරන කොට ගෙන සියල්ලෝම මරණයට පැමිනෙන්නාක් මෙන් ක්‍රිස්තුස් වහන්සේ කරන කොට ගෙන සියල්ලෝම ජීවත්වනු ලබනවා ඇත” යනාදිය ය මේ කියමන් වලින් පෙන්වා දී තිබෙන්නේ ක්‍රිස්තුස් විශ්වාස කරන සියල්ලෝම සදාකාල නරකාදී දුකට නොපැමිණෙන බවය. ක්‍රිස්තියානි කාරයන්ගේ විශ්වාසයත් මෙලෙසමය. මේ කියමනට විරුද්ධ තව කියමනක් බයිබලයේ තිබේ. හේ කෙසේද:-

” පසු ව වම පැත්තේ සිටින්නන්ට කියන සේක් සාපලත් තැනැත්තනි, මා කෙරෙන් පහව සාතන්ටත් ඔහුගේ දුතයන්ටත් සාදා තිබෙන සදාකාල ගින්නට පලයල්ලාය මක්නිසාද- බඩගිනි ඇතිවීමි. නුඹලා මට කෑම දුන්නේ නැත. පිපාසා ඇති වීමි. නුඹලා මට බොන්ට දුන්නේ නැත. ආගන්තුක වීමි. නුඹලා මට වාසස්ථාන දුන්නේ නැත. රෝගාතුරවද, හිර ගෙයිද සිටියෙමි. නුඹලා මා බලන්ට ආවේ නැතැයි කියන සේක. එවිට ඔවුන් උත්තර දෙමින් ස්වාමිනි, කොයි කලෙක බඩගින්න ඇතිවුවත්, පිපාස ඇතිවුවත්, ආගන්තුක වුවත්, ඇදුම් නැතිවුවත්, රෝගාතුර වුවත්, හිර ගෙයි සිටියා වුවත් ඔබ වහන්සේ දැක උපස්ථාන නොකෙලේමුදැයි කියනවා ඇත. එවිට උන් වහන්සේ උත්තර දෙමින් සැබෑවක් නුඹලාට කියමි. මොවුන්ගෙන් ඉතා කුඩා එකෙකුටවත් යමක් නොකර ඇරියොත් ඒක මට නොකොලෝය කියන සේක ඔවුන් සදාකාල දඩුවමක්

සදාකාල දදුවමටත් ධර්මිෂ්ටයෝ සදාකාල ජීවනයටත් යනවා ඇතැයි කී සේක” මතෙව් 25 වෙනි පරිච්චේදයේ 41 වෙනි පදේ පටන් 46 වෙනි පදේ දක්වා මෙලෙස තිබේ. ඉතින් මෙයින් හැගෙන්නේ ක්‍රිස්තුස් විශ්වාස කල පමණකින් පරලොව ගැලවිල්ලක් නොලැබෙන බවත්, ධර්මිෂ්ටකමින් හෙවත් හොඳ කිරීමෙන් පරලොව ගැලවෙන බවත්ය.

බයිබලයේ ඒක පලෙක “ක්‍රිස්තුස් නිසා සියල්ලෝම ගැලවෙනවාය” කියාද, තව පලෙක “ධර්මිෂ්ටයෝ පමණක් ගැලවෙනවාය” කියාද තිබෙන මේ කියමන් දෙකින් භාරගන්නේ කොයි එකද? මෙයින් එකක් සැබෑ නම්, එකක් බොරු වෙනවා සත්තය. මෙලෙස එකකට එකක් විරුද්ධ වූ, මේ බයිබලයේ කියමන් හාත්පසින්ම විශ්වාස කරන්ට බැරිය. එම නිසා ක්‍රිස්තියානි ආගම සැබැ ආගමක් වෙන්නට බැරිය. ඒ බව සියල්ලෝම දැන ගනිත්වා. මගේ කතාවට ලැබී තිබුණු පැය දැනට ඉවර වෙන්න ගොස් තිබේ. එම නිසා මේ කතිසේරු තැන අසුවාවූ ප්‍රශ්නවලින් ඉතුරුව තිබෙන ප්‍රශ්න වලට දෙවනුව උත්තර දෙන්නෙමි.

(කියා මොහොට්ටිවත්තේ ගුණානන්ද උන්නාන්සේ ඒ පැයේ කතාව අත් හිටුවන්ට යෙදුනාය.)

[QUOTE="dynamite1234, post: 20594011, member: 502516"] [B][SIZE="6"]6 වෙනි කථාව (1873 අගෝස්තු මස 28 වැනි දින උදේ 9 පටන් 10 දක්වා මොහොට්ටිවත්තේ ගුණානන්ද උන්නාන්සේ විසින් කල කතාව.)[/SIZE][/B] [SIZE="5"] මගේ මිත්‍රවු මේ සිරිමාන්න කතිසේරු තැන බුද්ධාගමට විරුද්ධව මෙපමණ වෙලා කළාවූ කතාව හාත්පසින්ම පණ්ඩිත ගෝචරවූ කතාවක් නොවේය. මොහු පළමුවෙන්ම කතාකරන්ට පටන් ගත්තේ උණ රෝගයක් ගැනය. ඒ ගැන යමක් කියන්ට ඕනෑ කරන්නේ නැත. මක්නිසාද ඒක නිෂ්පල කතාවක් නිසාය. තවද මේ කතිසේරු තැන බෞද්ධ පක්ෂයෙන් ඉස්ට නොකල කරුණ ඉෂ්ටකලාය කියා බොරුවක් කීවාය. එනම් “ක්‍රිස්තියානු පක්ෂයෙන් පංචස්කධය ගැන යමක් කීවානම් ඒ සියල්ල බුද්ධ පක්ෂයෙන් ස්ථීර කළාය” යන කීමය. පංච ස්කන්ධය ගැන ක්‍රිස්තියානු පක්ෂයෙන් බුද්ධාගමට විරුද්ධව යමක් කීවා ඇත්ද ඒ සියල්ල බුද්ධ පක්ෂයෙන් උත්තර දී බිඳ හෙලු බව මේ සියල්ලන්ටම මතක ඇත. එම නිසා පංචස්කධය ගැන වැඩිපුර යමක් මෙහිදී කියන්ට ඕනෑකරන්නේ නැත. තවද මගේ මිත්‍රයා ජලස් ගොඩ යන වචනය ගැන උත්තර දුන්නා කදිමයි! එයින් මගේ කීම ස්තිරවුනා සත්තයි. හේ කෙසේද – මේ කතිසේරු තැන “Jealous God” යන වචනය තේරුවේ යෙහෝවා වහන්සේ ඊර්ෂ්යාවන්ත දෙවි කෙනෙක් බව හැගෙන්ටමය. ඒ බව ඔහුගේ මේ කීමෙන් පෙනේ. ‘දෙවියන් වහන්සේ , තමන් වහන්සේට ලැබෙන ගෞරවය අනුන්ට ලැබෙනවාට අකමැතිය. එසේ අකමැති නිසා දෙවියන් වහන්සේ ට.”Jealous God” කියනවාය. ඉතින් මොහුගේ මේ තේරුම් “ජ්වලිත” දෙවි කෙනෙක යන තේරුමට කොහෙත්ම එකඟ වෙන්නේ නැත. යමෙකුට ලැබෙන හොඳට යමෙක් අකමැති නම් “ඊර්ෂ්යාවන්ත” කියන්නේ එකට තමයි. “ලෙඩෙත් වල්ගේය” කීවා වාගේ මුන්නහෙගේ තේරුමත් නරක නැහැ. පළමුවෙනි හාස්කම අදහා නොගත්තොත් දෙවෙනි හාස්කමද දෙවෙනි හාස්කම අදහා නොගත්තොත් තුන්වෙනි හාස්කමද කරන්ට යෙහෝවා මොසෙස් ට ඉගැන්වූ හෙයින් යෙහොවාටම යමක් නිශ්චය කරන්ට බැරිබව ඔප්පුකිරීම පිණිස මම කල ඒ කතාවට මේ කතිසේරු තැන මිසරයට පැමිණි වන්සන්ගත වගයක් ගැන ප්‍රකාශ කළා. මිසරයට පැමිණි වසංගත ප්‍රකාශ කල එක මගේ කතාවට උත්තරය නොවේය. ඒ බව මෙහි සිටින කාටත් තේරෙන්නට ඇත. එම නිසා මේ ගැන වැඩිය කතා නොකරමි. මෝසෙස් ගේ පුතාගේ “ජින්න නම් කිරීම” ගැන මම කල කතාව මේ කතිසේරු තැනට කොහෙත්ම තේරී නැත. තෙරුනානම් ‘ඒ ජින්න නම් කරපු කැබැල්ල මෝසෙස් ඉදිරියට දැම්මාය’ යන උත්තරය දෙන්නේ නැත. යෙහෝවා මෝසෙස් මරන්ට සේව් විට ඒ බව මෝසෙස් ගේ ස්ත්රීවන සිප්පොරා දැන තමාගේ පුතා ජින්න නම් කොට ඒ කැබැල්ල පුදා මෝසෙස් මරණින් නිදහස් කරගත් බව බයිබලයෙන් පෙනේ.මරන්ට සේව් කෙනෙකුන්ට ඒ පුජාව දෙන්ට ඕනෑ මිස මරණයට පත්ව සිටි මෝසෙස්ට කොහෙත්ම දෙන්ට ඕනෑ නැත. ‘ජින්න නම් කිරීම්’ යෙහෝවා ගේ ආඥාවක් ලු ඒ ආඥාව කඩකළ නිසා මෝසෙස් මරන්ට සේවවා යයි මොහු කීවාය. ඒ උත්තරයෙන්ද යෙහෝවා මිනී මස් මිනී ලේ වලට ප්රියවෙනවා සත්තකය. ඒ නිසා මේ ගැන කරන කතාවද මෙයින් නවත්තමි. යකඩ රථ ගැන මා විසින් අසු ප්‍රශ්නයට මගේ මිත්‍ර වූ මේ කතිසේරු තැන දුන් උත්තර හාත්පසින්ම වැරදිය. මක් නිසාද යකඩ රථ 900 ක් සේනාවකින් හෙව්වා වහන්සේ ජයගත් බව විනිශ්චය 3 වන පරිච්චේදයේ 3 වන පද පටන් 15 පදය දක්වා සදහන්ව තිබෙනවාය යයි මේ කතිසේරු තැන කීවා මේ කාටත් ඇසෙන්ට ඇත. එබඳු කීමක් බයිබලයේ එම පදවල සඳහන්ව නැත. බයිබලයේ නැති කීමන් ඇතැයි කියා මෙබඳු වැදගත් සභාවක ප්‍රකාශ කළා පුදුමයක්ය. හාත්පසින්ම මිත්‍යා ආගමක් විශ්වාස කරන අයට ඉඳලා හිටලා මෙබඳු බොරුවක් කීවාට එය එතරම් බරපතල නොවේ. කොපමණ බොරු කීවත් යෙහෝවා යකඩෙට භය වුනේ නැතැයි කියා ඔප්පු කරන්ට බැරිය. හොඳයි ජුදා ගේ සර්දාව මද කමෙන් ඒ යුද්දයෙන් යුදාට ජය ගන්ට බැරි වුනායයි කියන නිසා එයින් යෙහොවාට සියල්ල දක්නා දිව්‍ය ඥානයක් නැතිබව ද පැහැදිලිව මේ සභාවේ සිල්ලන්ට වැටහෙන්ට ඇත. ජුදාගේ සද්දාව මද කමින් ඒ යුද්ධයෙන් ජය ගන්ට බැරි වුනාය. යෙහෝව වහන්සේ යකඩෙට භයවුනේ නැත කියමන මේ කතිසේරු තැන කී බව කාටත් ඇසෙන්ට ඇත. හොඳයි යෙහෝවා යකඩෙට භයවුනේ නැත්නම් යෙහෝව යුදා සමග සිටලත් ඒ යුද්ධයෙන් ඒ යුද්ධයෙන් ජයගන්ට බැරිවුනේ මන්ද? යුදාගේ ශ්‍රද්ධාව මදිකමින් පරදුනාය කියනවා නම් මේ ශ්‍රද්දව මඩවන කෙනෙකුන්ට සියල්ල දක්නා ඥානයක් ඇති යෙහොවා එකතුවුනේ ඇයි? එකක් හරිගස්සන්ට ගියාම අනිකට වෙන වැරැද්ද නොපෙනී මෙබන්දු උත්තර දීම ඥාන ගෝචර නොවේය. ඉතින් මේ ගැන මෙපමණ සැහෙන නිසා මෙයින් නවත්තමි. තවත් මගේ මිත්‍රයා කනට තෙල් පිඹීම ගැන කල කතාවත් නිෂ්ඵලය. ‘කනට තෙල් පිඹිනවාය’ යන කීමෙන් හැඟෙන්නේ කනේ තෙල් වක්කර ඒවා ඇතුල්වීමට පිඹීමය. එයින් ජීවන හුස්මක් පිම්බාය කියා හැගෙන්නේ නැත. ලෙඩෙකුගේ කනේ තෙල් වත්කොට කනට පිම්බිනවාය කියනවා මිස කනට ජීවන හුස්ම පිම්බාය කියා කවරෙක්වත් කියන්නේ නැත. එම නිසා මොහු ගෙන හැර දැක්වූ තෙල් පිඹීමේ කතාව ප්රලාපයක්ය. ආදම්ගේ නාසිකාව තුලට යෙහෝවා ගේ ජීවන හුස්ම පිම්බාය කීමෙන් හැගෙන්නේ යෙහොවාගේ ජීවන හුස්ම ආදම්ගේ ශරීරයට ඇතුලත්කල බවය. යෙහොවාගේ ජීවන හුස්ම ආදම්ගේ ශරීරයට ඇතුලත්කලේ නැතිබව පෙන්වන්ට මොහුගේ මේ තෙල් පිඹීමේ උදාහරණය කොහෙත්ම සැහෙන්නේ නැත. කණේ තෙල් වක්කරන අයවලුන් තෙල් වත්කර දෙවනු පිඹින්නේ තෙල් ඇතුල් කිරීමට ඔවුන්ට ආනුභාවක්, බලයක් නැති නිසාය. එසේම යෙහොවාටත් ජීවනය ඇතුල් කරන්ට බලයක් නැති නිසා පිම්බාද? ඉතින් මේ ගැන මීට වඩා යමක් කීම නිෂ්ප්රයෝජන නිසා වඩා නොයමි තවද මගේ මිත්‍රයා යප්තාගේ දුව ගැන උත්තර දුන්නේ අගේ බොටුව නොකැපු බවය.” ඇය වෙනුවට යෙහොව්වාට මුදලක් ගෙවා ගලවා ගත්තාය” කියාය. හොඳයි එසේ ගලවා ගත්තා නම් “යප්තාගේ පොරොන්දුව ඉෂ්ට කාලය” කියා බයිබලයේ ලියා තිබෙන්නේ මන්ද? යප්තාගේ පොරොන්දුව නම් යුද්ධයෙන් දිනා ගෙදර එන විට මොකෙක් නුමුත් ඉස්සරහට ඒ එකා යෙහොවාට දවන පුජාවක් කරන්ටය. “ඒ පොරොන්දුව එලෙස ඉෂ්ට කාලය” කීමෙන් හැගෙන්නේ ඔහුගේ ඉදිරියට ආ ඔහුගේම දුව යෙහොවාට දවන පුජාවක් කොට පිදු බවය. මේ හැර යප්තාගේ දුවගේ බොටුව කපා දවන පුජාවක්කොට යෙහොව්වාට පුජා කල බව ඒත්තු යාම පිණිස දක්වන්ට මට වැදගත් සාක්ෂියක් තිබේ. එනම්:- රෝමානු කාරයින්ගේ බයිබලය ය. ඒ බයිබලය මෙන්න ඔය කාරනාව ගැන විස්තර කොට තිබෙන්නේ යප්තාගේ දුවගේ බොටුව කපා දවන පුජාවක් කල බවමය. ඒ ගැන අනුමාන නම් මෙයින් බලා ගනීවා. (කියා එම බයිබලය ක්‍රිස්තියානි පක්ෂයට භාර දුන්නාය.) මේ අන්දමේ වැදගත් සාක්ෂි තිබෙන කාරනා නැතිකරන්නට කතා කරන මුන්නහෙලා සමග මෙබදු කතාවල් කරන්ට සැහෙන්නේ නැත. ඉතින් මේ ගැන කරන කතාව මෙයින් අත් හිටුවමි. තවද මගේ මිත්‍රයා ක්‍රිස්තුස්ගේ ශරීරය මිනීවලේ රාත්‍රී තුනකුත් දවල් තුනකුත් තිබුණු බව ඔප්පු කරන්ට දුන්න උත්තරය නම් ” යුදෙව්වන් දවස ගනිනිනේ හෙවත් දවසේ මුලට ගනින්නේ උදේ හයේ පටන්ය. එම නිසා තුන් වන දවස අසුවේ. “යි කීවා මේ කාටත් ඇසෙන්නට ඇත. මොහුගේ මේ උත්තරයට මට කියන්ට තිබෙන්නේ නොවාසනාවන් කියා පමණක්ය නමුත් දවසේ මුල උදය හයට ගන්නවා නම් සෙනසුරාදා එලිවෙන්ට මත්තෙන් ක්‍රිස්තුස් මළවුන්ගෙන් නැගිට්ටාය කීවාම ක්‍රිස්තුස් ගේ මළවුන්ගෙන් නැගිටීම සෙනසුරාදා උදය හයට ඉස්සරින් ඉරිදා උදය ලබන්නට මත්තෙන් බව ඔප්පු වෙයි. එතකොට ඉරිදා දවසින් මදක්වත් අසුවෙන්නේ නැත. එම නිසා තුන් දවසට ගණන් ගන්ට කොයි ප්‍රකාරයකින්වත් බැරිය. මේ ගැන මීට වඩා යමක් නොකියමි. තවද මේ ඇත්තා තදබල මුසාවාදයක් මේ සභාවේ කීවා. ඒක මේ සමුහයාට මතක් කරවමි. “ක්‍රිස්තුස් උපන් දවසේ ළදරුවන් මැරුවාය” කියා මගේ කතාවේදී මම කීවාලු. මම කීවේ එසේ නොවේ. ක්‍රිස්තුස් උපන් කාලයේදී හෙරෝද් විසින් ක්‍රිස්තුස් ගේ උත්පත්තිය නිසා ළදරුවෝ මැරූ බවය. මම නොකී දෙයක් කීවාය කියන්නේ මුසවාදයට විලි බිය නැති නිසාය. මගේ මේ කීම ගැන මෙහි සිටින සියල්ලෝම මා වෙනුවෙන් සාක්ෂි කියති. ක්‍රිස්තුස් නිසාවූ කැතය නැත කියට බැරි කමෙන් ඒ වගේම කතාවක් බුදුන් උඩටත් ගොඩ නගන්ට බුදුන් උපන් සත් දවසින් මෑණියෝ මැරුණු ඒක ගැන මේ කතිසේරු තැන කතාකල මේ කාටත් ඇසෙන්නට ඇත. බුදුන් උපන් නිසා නොවේ. ඒ දේවියට ආයු ඇත්තේ එපමණ නිසාය. බෝධි සත්වයෝ දිව්‍ය ලෝකයෙන් චුතවෙන්නට මත්තෙන් කාරනා පහක් බලු බව බුද්ධාගමේ පොත්වල සදහන්ව තිබේ. එයින් එකක් මෑණියන්ගේ ආයු ප්‍රමාණය බැලීමය. දස මස් සත් දවසක් ඉදිරියට මෑණියන්ගේ ආයු තිබෙද්දී බෝසතාණෝ මව් කුස පිළිසිඳ ගත බව බුදු බණේ තිබේ. දසමසක් ගර්භනීව හිටිය කාලයට ගියාම ඉතිරි ආයුෂ ඇත්තේ හත් දවසය. බෝසතාණෝ උපන් හත් දවසින් මෑණියන් මැරුනේ මෑණියන්ගේ ආයු ප්‍රමාණයේ හැටියටය. මේ අන්දමේ පැහැදිලිව බුද්ධාගමේ පොත්වල තිබෙන ඇත්ත වසා, නැත්ත පෙන්වා කතා කරන මුන්නහෙලා සමග කරන වාදය මොකක්ද? මේ අන්දමේ මුසාවාද කියා පැවාට ක්‍රිස්තුස් උපන් නිසාවූ ළදරුවන්ගේ මරණය හොඳ අතකට හරවන්ට බැරිවේය. බුදුන්ගේ මෑණියන්ගේ ආයු ප්‍රමාණයේ හැටියට වූ මරණය, බුදුන් උපන් නිසා වී යයි හඟවන්නට කල උත්සාහයෙන් කිසිම ප්‍රයෝජනයක් ලැබුනේ නැත. එම නිසා මේ ගැන කරන කතාවන් මේ ඇතැයි සිතමි. තවද මේ ඇත්තා කල සියලු කතා වලට වඩා නැණවත් අයට සිනහ වියයුතු කතාවක් කළා. එනම් – බෝධිසත්වයා මව්කුසින් බිහිවුනාට පසු සිංහ නාදයක් කළාය කියාද, සිංහ නාදය නම් සත්වයන්ගේ කන් පැලීයන කෘර නාදයක් යයි කියාද, ඒ නාදයට බොහෝ සත්වයන් මැරුණය කියාද මේ කතිසේරු තැන කීවා මේ සියල්ලන්ටම ඇසෙන්නට ඇත. මේ කතිසේරු තැන ගේ කතාවෙන් මොහුගේ නුගත්කම ප්‍රකාශ වෙනවා මිස බුද්ධාගමට මෙයින් කිසිම අපහාසයක් නැත. මක්නිසද්ද බෝධිසත්වයා මව්කුසින් ප්‍රසුත වුවායින්පසු අභීත කෙසර සිංහ නාදයක් පැවැත්වූවාය කීවේ “උතුම් නාදයක්” බව හඟවන්නටය.රාජ සිංහ කීවේ සිංහ රජෙක් වාට නොවේ. “උතුම් රජෙක” යන අර්ථය හඟවන්නටය. මේ කතිසේරු තැනගේ අඥාන නේ කියමන් වලින් මොහුගේ තරම මේ සමුහයාට පෙන්වාදීමේ ප්‍රයෝජනය මොහුට ලැබුනා සත්තකය. මොහුගේ ලාමක කතාවලින් බුද්ධාගමට කිසි හානියක් නැත. හොදයි බෝධි සත්වයා මවු කුසින් ප්‍රසුත වූවායින් පසු කල සිංහ නාදයෙන් යම් සත්වයෙකුට අන්තරාවක් උනාය කියා බුද්ධාගමේ පොතක තිබෙනවාද? එසේ ඇතුවානම් ඒ බව පෙන්වා දෙන මෙන් ඉල්ලමි. නැවත මගේ මිත්‍රයා ක්‍රිස්තුස් උපන් නිසා උනාවූ ළදරුවන්ගේ මැරීමේ දෝෂයෙන් ක්‍රිස්තුස් මුදවන්ට දුන් උත්තරය නම් මෙසේය.” ක්‍රිස්තුස් පාපයෙහි සතුරාය. ඒ නිසා ළදරුවන් මැරීමේ පාප ලකුණ පහල උනාය” මගේ මිත්‍රයාගේ මේ උත්තරය ඉතා නිෂ්ඵලය. නින්දිතය. මකිනිසාද ක්‍රිස්තුස් පාපයෙහි සතුරා නොව පාපයෙහි මිතුරා බව පාප ලකුණු පහල වීමෙන් ම පෙනේ. හොදයි හොදක් සිද්ධ කර දෙන්ට ආ කෙනෙක් උපන් කාලයේ පහලවෙන්ට ඕන හොද ලකුනක්ය. ළදරුවන්ගේ මරණය හොඳ ලකුණක් නොවන නිසා ක්‍රිස්තුස් කරනකොට සත්වයන්ට නපුරක්ම සිද්ධ වෙනවා සක නැත. යමෙක් ගමනක් යන්ට පිටත්වූ කල්හි යහපත් කෙනෙක් ඉස්සරහට ආවොත් ඒ ගමනින් වැඩක්ම සිද්ධ වෙන බවත් අයහපත් කෙනෙක් ඉස්සරහට ආවොත් ඒ ගමනින් අවැඩක් සිද්ධවෙන බවත් සියල්ලන්ට දකින්ට ලැබෙන ඇත්තය. මේ කතිසේරු තැන මේ ඇත්ත අනික් අතට හරවන්ට කල උත්සාහයෙන් ඇති ප්‍රයෝජනය මොහුගේ කපටිකම මේ සභාවට ඇහුනා පමණය. මෙකී පුර්ව නිමිත්ත ගැන මීට ප්‍රථම බොහෝ විස්තරව කී නිසා මෙහිදී මීට වැඩි යමක් කියන්ට ඕනෑ නොකරයි. මේ කතිසේරු තැන බුද්ධාගමට විරුද්ධව ගෙන හැර දැක්වූ අනිකුදු කාරනා ගැන දෙවනු උත්තර දෙන්නෙමි. පසුගිය අගහරුවාදා මගේ විරුද්ධකාර පාදිලි තැන පටිච්ච සමුප්පාද ධර්මයෙන් බුද්ධාගමේ දොස් දක්වන්ට උත්සාහ කළා. ඒ ගැන දෙවනු උත්තර දෙනවාය කියා මගේ පොරොන්දුවක් ඇත. ඒ පොරොන්දුව මේ පැයේදී ඉෂ්ට කිරීම මගේ යුතුකමකි. පටිච්ච සමුප්පාද ධර්මය තේරුම් ගැනීමේ තිබෙන දුෂ්කරකම ගැන බුද්ධගෝෂ ආචාර්යයන් මෙසේ කියා තිබේ. කෙසේදයත් : “වාත්තු කාමෝ අහං අජ්ජ පච්චයාකාර වන්නනන්, පතිට්ටාණන් ධි ගච්චාමි අජෙඥා ගාල් හොවා සාගරන්” යන කියමන විසුද්ධි මාර්ගයෙහි තිබේ. මෙහි අභිප්‍රාව නම් ‘ ‘මුහුදේ වැටුන කෙනෙකුන්ට පිහිටක් නැත්තාක් මෙන් පටිච්ච සමුප්පාද ධර්ම නමැති මුහුදට වැටුනාවූ මටත් පිහිටක් නැත්තේය’. එසේ වී නමුත් අධිගමයට පැමිණි ඥානවන්තයන්ට පටිච්ච සමුප්පාද ධර්මය වැටහෙන බවත් පෘතක්ජනයන්ට වැටහීම දුෂ්කර බවත් මේ ඝාතාවේ අභිප්‍රාව වෙයි. බුද්ධගෝෂ ආචාර්යයන් වැනි ත්රිපිටකත්රය ධාරී උත්තමයෝ පවා මෙසේ දැක්වූ පටිච්ච සමුප්පාද ධර්මය තේරුම් ගෙන දොස් කියන්ට තැත්කළ මගේ විරුද්ධකාරයා ගේ කතාව කෙබදුද කීවොත්, හඳට ඊර්ෂ්‍යාවෙන් බුරන බල්ලන්ගේ බිරීම හා සමානවේ. පටිච්ච සමුප්පාද ධර්මය අග මුලවත් මගේ විරුද්ධකාරයාට හැගිලා නැත. “අප්පා නිසා පුතත්, පුතා නිසා අප්පත් උපදිනවාය” කියන ඒ උපමාව දැක්වුයේ ඒ නිසාවට කොහෙත්ම සැක නැත. එබඳු වටකුරු උත්පත්තියක් ක්‍රිස්තියානි ආගමේ තිබෙන බව මට ඉදිරියේදී කතා කරන්ට ලැබෙන පැයකදී පෙන්වා දෙන්නෙමි. පටිච්ච සමුප්පාද ධර්මය හි තත්වය මදක් තේරුම් යාම පිණිස මගේ දැනුම් පමණින් කියමි. එය කලබල නැතිව සියලු දෙනාම අසන සේක්වා. ‘අවිජ්ජා පච්චයා සංකාරා, සංකාර පච්චයා විඥා නං , විඥා න පච්චයා නාම රුපන් , නාම රුප පච්චයා සලායතනං, සලායතන පච්චයා ඵස්සෝ, ඵස්ස පච්චයා වේදනා, වේදනා පච්චයාතණ්හා, තන්හා පච්චයාඋපාදානං, උපාදාන පච්චයාභවෝ, භව පච්චයා ජාති, ජාති පච්චයා ජරා, මරණන්, සෝක, පරිදේව, දුක්ක , දෝමනස්ස උපයාසා සම්භා වෙන්ති ” මෙහි සංක්ෂිප්ත අභිප්‍රාව නම් අවිජ්ජාව නිසා සංස්කාරයෝ හට ගනිත්, සංස්කාරයන් නිසා විඥා නය හට ගනිත්, විඥානය නිසා නාම රුපයෝ හටගනිත්, යනාදී ක්‍රමයෙන් එකකට එකක් ප්රත්යව මෙකී සියල්ල හටගන්නා බව බුදුන් වදාරලා තිබේ. මේ කියමන මගේ විරුද්ධකාර පාදිලි තැනට තේරුම් ගන්ට බරිකමෙන් ” අවිද්‍යාව නිසා සත්වයෙක් නැතිව පවතින් දෙකින් සංස්කාරයෝ උපදිනවාය සංස්කාරයෙන් විඥානය උපදිනවාය ” කියා වරදවා සිතාගෙන පටිච්ච සමුප්පාදය ගැන කී සියල්ල ප්‍රලාපය. තවද මොහුගේ ඒ කල්පනාවේ වැරදිකම හගවන්ට සුළු උදාහරණයක් දක්වමි. ඒ ඇසුව මැනව. හුන්කිරි නිසා මිදිච්ච කිරිද මිදිච්ච කිරි නිසා වෙඩරුද වෙඩරු නිසා ගිතෙල්ද හටගනී යයි කිවාම හුන් කිරි මිදිච්ච කිරි වෙඩරු ගිතෙල් යන සියල්ලම වෙන් වෙන් ස්වභාව ට පැමුණුනේ වී නමුත් ඒ සියල්ලම ඒකාබද්ධව එකට තිබුණා සත්තකය. එමෙන්ම සත්වයෙක්නැතුව තනිකර අවිජ්ජාවක් හෝ අවිජ්ජාවක් නැතුව තනිකර සංස්කාරයෝ තිබුනේ වත් සංස්කාරයෝ නැතුව තනිකර නාම්-රුප තිබුනේ වත් නැත. මේ සියල්ලම ඒකාබද්දව පවතිනවා සත්තකය. සත්වයෙක් සංසාරයේ හැසිරෙන අන්දම දක්වන්ට බුදුන් වදාළ ධර්මය නොපිටට පෙරලා ගෙන මගේ විරුද්ද කාරයා කල කතාව ප්රලාපයක් වැනිය. තවද මේ ගැනම අභිධර්මයේ පට්ඨාන ප්‍රකරණයේ මෙසේ කියා තිබේ. කෙසේද :- ” මෝහං පට්ටිච්ච සම්පයුක්ත කා බන්ධෝ පටිසන්ධික්කනෝ වත්තුම් පට්ච්ච සහේතුක ඛණ්දා” යනාදී මෙයින්ද තේරුම් කර තිබෙන්නේ පටිච්ච සමුප්පාද ධර්මය ම තේරුම් ගැනීමට කාරණාය. එනම් මෝහය නිසා එක්ව යෙදුන ස්කන්දයෝද වස්තු රුපය නිසා එක්ව යෙදුන ස්කන්දයෝද උපදිත කියාය. සංස්කාරයෝ තනිව නුපදින බව හගවන්ට විසුද්ධි මාර්ගයෙහිද මෙසේ කියා තිබේ. ” සන්කරම්පප්පච්චයෙනච උපනිස්සය පච්චයෙනච පච්චය හොන්ති” යනාදියද සංස්කාරයෝ කර්ම ප්‍රත්‍ය වීමෙන්ද ආශ්‍රය හෙතුවීමෙන්ද විඥානයට ප්‍රත්‍ය වේ කියා හැඟේ. ” විපාක විඥානම් සහජාත අඥ ම්ඥ නිස්සය සමපයුක්ත විපාක ආහාර ඉන්ද්රිය අර්ථ අවිගත පච්ච්යෙහි නවදා පච්චයෝ හොති” යන මෙයින් විඥානය නාම-රුප දෙකට ඉස්සරියෙන් උපන්නා නොව, සම්ගම් උපදින බව පෙනේ. තවද මේ විස්තරනම් විපාක විඥානය සමගම උපානාවුද අන්‍යෝන්‍ය වුද හෙතුවුද ආශ්‍රය වුද එකට යෙදුනාවුද, විපාකවුද , ආහාරවුද, ඉන්ද්රියවුද, විද්‍යාමාන වුද, වෙන්වුද, ප්‍රත්‍ය වලින් නව ආකාරයකින් ප්‍රත්‍ය වේ. මේ ආකාරය සියුම් ලෙස දැනගත්විට විඥානයට පසුව නාම රුප උපදිනවායයි තේරුම් ගත හැකිය. මෙබදු සියුම් වූ අභිප්‍රාවක් ඇති පටිච්ච සමුප්පාද ධර්මය තේරුම් කර ගන්නට ගියේ අන්ධ ඇතෙක් වනාන්තරයෙහි ගමන්කරන්නාක් මෙනි. එම නිසා මේ ගැන ද කරන කතාව මෙයින් අත් හිටවමි. තවද මගේ මිත්‍රවූ කතිසේරු තැන බුද්ධාගමේ පොත් ලිවීම ගැන කල කතාවත් අතිශයින්ම නිෂ්ඵලය. බුදුන්ගේ මරණයෙන් අවුරුදු හාරසිය පනහකට පසු බුද්ධාගමේ ධර්මය පොත්වල ලිව්වා කියාද, එපමණ දීර්ඝ කාලයක් බුදුන් දෙසු ධර්මය කට පාඩමෙන්ම ගෙනන්ට බැරිය කියාද, පොත් ලිව්ව කාලයේ හිටිය සංඝයාට ඕනෑ ඕනෑ අන්දමට ලියා ගත්තෝ යයි කියාද මේ කතිසේරු තැන කීවා මේ කාටත් ඇහෙන්ට ඇත. මේ කතිසේරු තැන ගේ මේ කතාවේ තිබෙන නිස්සාරකම පෙන්නා දෙමි. හේ මනාව ඇසිය යුතුය. බුදුන් පිරිනිවන් පා අවුරුදු හාරසිය පනස් තුනකට පසු වලගම්බාහු රජු කාලයේ මේ ලංකාවේදී බුද්ධ දේශනාව පොත්වල ලීවා සත්තය . බුදුන් ජීවත්ව වැඩසිටි කාලයේදීත් රත්රන් පත්‍රවල පවා ධර්මය ලිවූ බව පෙනේ. මේ රටේදී පොත් ලිව්වේ දිව්‍ය ඥානය ඇති කෙලෙසුන් නසපු රහතන් වහන්සේලා ජීවත්ව සිටි කාලයේදීය. රහතුන් වහන්සේලාට යමක් වරදින්නේ නැත. බුදුන් ඇරුනාම රහතුන්ට උත්තමයෝ නැත. බුදුන් ඇරුනාම රහතුන්ට වඩා උත්තමයෝ නැත. උන් වහන්සේලාට යමක් පාඩම් තබා ගැනීම අමාරුවක් නොවේ. උන්වහන්සේලාගේ ලියමනේදී උන්වහන්සේලාට එක ඉස්පිල්ලක්වත් පාපිල්ලක්වත් බුදුන් වදාලාට වඩා අඩු වැඩි වෙන්නේ නැත. ක්‍රිස්තියානි බයිබලය ලිව්වේ මේ අන්දමේ උත්තමයෝ නොවේ. මිනීමරා හැංගී රට හැරගිය මෝසෙස් ආදී කෙලෙස් සහිත පුද්ගලයෝය. තවද බයිබලය වරක් පුළුස්සා දමා නැතිකළ බව බයිබලයෙන්ම පෙනේ. යේම වරක් යෙහොවගේ කපුරාල කෙනෙක් තමාට ඕනෑ හැටියට ලියා ඒ කාලයේ හිටිය රජා රවටා ක්‍රියා කල බවද පෙනේ. මේ කාරනාවල විස්තර ක්‍රිස්තියානි ආගමට විරුද්ධව ප්‍රසිද්ධ කොට තිබෙන විභජ්ජ වාදයෙන් දැනගන්ට පුළුවන. මේ ගැන විස්තර දෙවනුව මට ලැබුනොත් කියා දෙමි. තවද මේ කතිසේරු තැන වෙස්සන්තර රජ්ජුරුවන්ගේ දානාද්යාසය ගැන නින්දා කරන්ට හිතාගෙන කතා කළා. ඒ කතාවෙන් ඒ ගැන කිසිම පලුදුවක් කරන්ට බැරිවිය. මක්නිසාද මේ ලෝකයේ ඇති සියල්ලටම වඩා බුද්ධ පදවිය උතුම්ය. ඒ බුද්ධත්වය ලබන්ට ලෝභ චේතනාව මැඩ පවත්වන්ට ඕනෑය. බුදු බව පතාගෙන ආ වෙස්සන්තර රජ්ජුරුවන්ගේ ස්ත්‍රී, දරුවෝ ඉල්ලු කල්හි නුදුන්නා නම් ස්ත්‍රීන්ටත් දරුවන්ටත් ඇති ලෝභකම මැඩ පවත්වන්ට බැරි බව එයින් පෙනේ. දාන චේතනාව ජය ගන්වන්ට ලෝභ චේතනාව මැඩ පවත්වන්ට ඕනැවා සත්තකය. ලෝභ චේතනාව මැඩපවත්වා දාන චේතනාව ජය ගන්වන්ට බැරි කෙනෙකුට තුන් ලෝකාග්රවු බුද්ධ පදවිය නොලැබේ. එමනිසා වෙස්සන්තර රජ්ජුරුවෝ ජුතක නම් බමුණාට දරුවෝ දන් දුන්නාය. ඒ දීමෙන් දරුවන්ට සැපක් මිස දුකක් ලැබුනේ නැත. ඒ බව වෙස්සන්තර ජාතකයෙන් බන ඇසු ස්ත්‍රීන් පවා දනිති. මේ කතිසේරු තැන කී ප්‍රකාරයට වෙස්සන්තර රජ්ජුරුවන්ගේ මහේසිකාව යමෙකුට භාර්යාව වුනේ නැත. දෙදෙව් ලොවට අධිපති ශක්‍ර දේවේන්ද්‍ර තෙම වෙස්සන්තර රජුගේ දාන පාරමිතාව මස්ත ප්‍රාප්ත කිරීම පිණිස මිනිස් වෙසක් රැගෙනවිත් මහේසිකාව ලබාගෙන එම ක්ෂනයේදීම දෙවනුත් මහේසිකාව වෙස්සන්තර මහා රජ හටම පාවාදී ගිය බව එම ජාතකයෙන් පෙනේ. ඉතින් මෙයින් පෙනෙන්නේ එම රජහුගේ දාන පාරමිතාව මස්තප්‍රාප්ත වූ බවය. මේ කතිසේරු තැන කී ලෙස ඒ මහේසිකාව යමෙකුට භාර්යාව උනේ නැත. එම නිසා මොහුගේ ඒ කතාවට මීට වඩා කතා කිරීම නිෂ්ඵලය. තවද මීට ප්‍රතම දවසේ කතා කල මාගේ විරුද්ධකාරයා බුද්ධාගම තබා තමන් විශ්වාස කරන ක්‍රිස්තියානි ආගමවත් දන්නෙක් නොවේය. ඔහු ඒ දවසේ බුද්ධාගමට විරුද්ධව කල කතාවෙන් ක්‍රිස්තියානි ආගමට පොලු පහර වැදුනා මිස බුද්ධාගමට එයින් කිසි හානියක් නැත. “මක්නිසාද උරෙකුට බල්ලෙකුට ගැරඩියෙකුට මනුෂ්‍යය සමාන කරලා බුද්ධාගමේ තිබෙනවාය” යි කියාද “මේ අන්දමේ විශ්වාස කරන්ට බැරි මුසාවාද වලින් පිරිච්ච බුද්ධාගම විස්වාස කරන්ට බැරිය” කියාද ඒ පාදිලි තැන කීවා මේ කාටත් ඇසෙන්ට ඇත. මාගේ මේ විරුද්ධකාරයා කී ලෙස එබන්දක් බුද්ධාගමේ පොතක නැත. මනුෂ්‍යයා මුර්ගයෙකුට සමාන කරලා තිබෙන්නේ බ්යිබලයේය. ඒ බව පැහැදිලිව ඔප්පු කරමි. මේ සියල්ලෝම අසන සේක්වා. “මනුෂ්‍ය පුත්‍රයන්ට සිදුවන දේ මුර්ගයන්ටත් එසේම වන්නේය. එකම දෙයක් ඔවුන්ට සිදු වෙයි. එකෙක් නසින හැටියට අනෙකා නසින්නේය. ඔවුන් සැමටම එක හුස්මක මුර්ගයෙකු ට වඩා මිනිසෙකුට කිසි උතුම් කමක් නැත. මක්නිසාද සියල්ල නිෂ්ඵලය” දේශනාකාරයාගේ පොතේ 3 වෙනි පරිච්චේදයේ 19 වෙනි පදේ මෙලෙස තිබේ. ඉතින් මනුෂ්‍යයා මුර්ගයෙකුට සමාන කලේ ක්‍රිස්තියානි ආගමේ කියමන් වලින් නොවේද? බුද්ධාගමේ කියමනක් මේ වාගේ මනුෂ්‍යයා මුර්ගයෙකුට සමාන කර තිබේද? නැත්තේමය. එම නිසා මාගේ විරුද්ධකාරයා තමාගේම ආගම බොරු බව මෙයින් ඔප්පු කළා නොවේද? මොහුගේ සමාගමේ ප්‍රධානියා දැනට මේ ස්ථානයේ ඇත්නම් මොහුගේ ඔය තානාන්තරය පමණවත් තිබෙන්ට අරිනවා ඇත කියා නොසිතමි. මේ හැර මාගේ විරුද්ධ කාර පක්ෂය යෙන් තවත් ප්‍රශ්නයක් අසමි. ඒ කෙසේද- කොරෝන්ති වරුට ලියන ලද 7 වෙනි පත්‍රයේ 15 වෙනි පරිච්චේදයේ 22 වෙනි පදේ පටන් 28 වෙනි පදේ දක්වා තිබෙන්නේ මෙලෙසටය. “තවද ආදම් කරන කොට ගෙන සියල්ලෝම මරණයට පැමිනෙන්නාක් මෙන් ක්‍රිස්තුස් වහන්සේ කරන කොට ගෙන සියල්ලෝම ජීවත්වනු ලබනවා ඇත” යනාදිය ය මේ කියමන් වලින් පෙන්වා දී තිබෙන්නේ ක්‍රිස්තුස් විශ්වාස කරන සියල්ලෝම සදාකාල නරකාදී දුකට නොපැමිණෙන බවය. ක්‍රිස්තියානි කාරයන්ගේ විශ්වාසයත් මෙලෙසමය. මේ කියමනට විරුද්ධ තව කියමනක් බයිබලයේ තිබේ. හේ කෙසේද:- ” පසු ව වම පැත්තේ සිටින්නන්ට කියන සේක් සාපලත් තැනැත්තනි, මා කෙරෙන් පහව සාතන්ටත් ඔහුගේ දුතයන්ටත් සාදා තිබෙන සදාකාල ගින්නට පලයල්ලාය මක්නිසාද- බඩගිනි ඇතිවීමි. නුඹලා මට කෑම දුන්නේ නැත. පිපාසා ඇති වීමි. නුඹලා මට බොන්ට දුන්නේ නැත. ආගන්තුක වීමි. නුඹලා මට වාසස්ථාන දුන්නේ නැත. රෝගාතුරවද, හිර ගෙයිද සිටියෙමි. නුඹලා මා බලන්ට ආවේ නැතැයි කියන සේක. එවිට ඔවුන් උත්තර දෙමින් ස්වාමිනි, කොයි කලෙක බඩගින්න ඇතිවුවත්, පිපාස ඇතිවුවත්, ආගන්තුක වුවත්, ඇදුම් නැතිවුවත්, රෝගාතුර වුවත්, හිර ගෙයි සිටියා වුවත් ඔබ වහන්සේ දැක උපස්ථාන නොකෙලේමුදැයි කියනවා ඇත. එවිට උන් වහන්සේ උත්තර දෙමින් සැබෑවක් නුඹලාට කියමි. මොවුන්ගෙන් ඉතා කුඩා එකෙකුටවත් යමක් නොකර ඇරියොත් ඒක මට නොකොලෝය කියන සේක ඔවුන් සදාකාල දඩුවමක් සදාකාල දදුවමටත් ධර්මිෂ්ටයෝ සදාකාල ජීවනයටත් යනවා ඇතැයි කී සේක” මතෙව් 25 වෙනි පරිච්චේදයේ 41 වෙනි පදේ පටන් 46 වෙනි පදේ දක්වා මෙලෙස තිබේ. ඉතින් මෙයින් හැගෙන්නේ ක්‍රිස්තුස් විශ්වාස කල පමණකින් පරලොව ගැලවිල්ලක් නොලැබෙන බවත්, ධර්මිෂ්ටකමින් හෙවත් හොඳ කිරීමෙන් පරලොව ගැලවෙන බවත්ය. බයිබලයේ ඒක පලෙක “ක්‍රිස්තුස් නිසා සියල්ලෝම ගැලවෙනවාය” කියාද, තව පලෙක “ධර්මිෂ්ටයෝ පමණක් ගැලවෙනවාය” කියාද තිබෙන මේ කියමන් දෙකින් භාරගන්නේ කොයි එකද? මෙයින් එකක් සැබෑ නම්, එකක් බොරු වෙනවා සත්තය. මෙලෙස එකකට එකක් විරුද්ධ වූ, මේ බයිබලයේ කියමන් හාත්පසින්ම විශ්වාස කරන්ට බැරිය. එම නිසා ක්‍රිස්තියානි ආගම සැබැ ආගමක් වෙන්නට බැරිය. ඒ බව සියල්ලෝම දැන ගනිත්වා. මගේ කතාවට ලැබී තිබුණු පැය දැනට ඉවර වෙන්න ගොස් තිබේ. එම නිසා මේ කතිසේරු තැන අසුවාවූ ප්‍රශ්නවලින් ඉතුරුව තිබෙන ප්‍රශ්න වලට දෙවනුව උත්තර දෙන්නෙමි. (කියා මොහොට්ටිවත්තේ ගුණානන්ද උන්නාන්සේ ඒ පැයේ කතාව අත් හිටුවන්ට යෙදුනාය.) [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom