Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
පානදුරා වාදය !
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

7 වෙනි කථාව

(වර්ෂ 1873 අගෝස්තු 28 වැනි දින සවස 3 පටන් 4 දක්වා

දාවිත් ද සිල්වා පාදිලි උන්නාන්සේ විසින් කල කතාව.)

මේ සවස කතා කලින් පසු මේ වාදය හමාර වෙනවාය. එම නිසා මේ අන්තිම කතාව යහපත් ලෙස අසා සිත් වලට ගන්නා මෙන් මේ සමුහයාගෙන් ඉල්ලමි. බුද්ධ පක්ෂයට කතා කරන මේ උන්නාන්සේට මම “විරුද්ධ කාරයාය” කියා කීවාය කියා කෝපවී ඔහු මට “හතුරාය”යන නමක් කියාගෙන එනවාය. “විරුද්ධ කාරයා” යන වචනයේ කිසි අපහාසයක් නැත. එසේද වුවත් අපි දෙදෙනා කිසි කලෙක මෙබඳු කරනා වලදී විරුද්ධව සිටියේ නැත. එම නිසා මගේ මිතුරා විරුද්ධ කාරයා මය නමුත් මාගේ වචනයේ අර්ථ නොසලකා නොහොත් ” අපන්නකන් තාන මෙතන්” යන ගාථා පදයේ අභිප්‍රාව පමණවත් නොසලකා මට හතුරෙක් වෙන්ට කැමති උනාට කනගාටුය.

මාගේ මිත්‍ර දෙසනාකාරයාගේ පොතේ 3,19 මනුෂ්‍යයා තිරිසනාට සමාන කළාය කියා ඔප්පු කරන්ට උත්සාහ කළාය. එක ඔහුට බැරි වැඩක්ය. මනුෂ්‍යයාට තිරස්චීන, මැරෙන ස්වභාවයක් ඇති කාණ්ඩයක් තිබේ. මේ ශරීරයට ජරා මරණ දෙක පැමිණේ. එක තිරිසනාටත් වෙයි. එම නිසා මනුෂ්‍යයා තිරිසනාට සමාන කලාට වරදක් නැත.

තවද මාගේ මිතුරා “පටිච්ච සමුප්පාද ධර්මය” තොර දුන්නාය. නමුත් බුද්ධඝෝෂ ටත් තෝරා දෙන්ට බැරුව මුදේ වැටිලා දැගලුවාය යන්නක් කීවා මේ කාටත් ඇසෙන්ට ඇත. බුද්ධඝෝශටත් බැරිවූ පටිච්ච සමුප්පාද ධර්මය තෝරා දෙන්ට මගේ මිතුරා තැත් කලේ බුද්ධඝෝශටත් වඩා මගේ මිතුරා ව්යක්ත්යෙක්ද කියා මේ සමුහයා කල්පනා කරන සේක්වා.

“පටිච්ච සමුප්පාද ධර්මය” ගැන නැවතත් ටිකක් මතක් කරවා හරින්ට කැමතිය. විඥානය නිසා නාම රුප සැදෙ නවාය නාම රුප නිසා ආයතන සය සැදෙනවාය ආයතන සය නිසා ස්පර්ශය සැදෙ නවාය එසේ එකක් කියා එකක් සැදී ගෙන ගොස් භවය නිසා ජාතිය සදෙනවාය කියනවාය. “විඥානය” කියන්නේ ඇස, කන්, නාසා ආදියේ විඥානය ය. ඒ විඥානය නිසා ආයතනයෝ පහල වෙනවාය කියනවාය. ආයතන කියන්නේ ඇස කන් නාසා ආදියේයය. මේ ආකාර පැටලවිලි සහිත කීමක් වෙනත් තිබෙනවාද? මෙසේ එකිනෙකට විරුද්ධ වූ කීම් ඇති බුදුන්ගේ මේ ඉගැන්වීම කෙලෙසද කීවොත් “අප්පා නිසා පුතා උපදිනවාය – පුතා නිසා අප්පා උපදිනවාය ” කීවා හා සමානය.සියලුම මනුෂ්‍යන්ට නොමැරෙන ආත්මයක් තිබෙනවා සත්තකය. එම ආත්මයම දිව්‍යලෝකයට යනවාය! දිව්‍ය ලෝකයේ සිටින්නේත් අජරාමර වාසනාවන්ත මනුෂ්‍යයෝය !! තවද “ආදම් නිසා පාපයට වැටුන සියල්ලෝම ක්‍රිස්තුස් වහන්සේ නිසා ජීවත්වනු ලබනවා ඇත’ යන කීමත් ‘ක්‍රිස්තුස් වහන්සේ නිසා සියල්ලෝම ගැලවෙන්නේ නැත” යන කීමත් බයිබලයේ, මගේ මිතුරා පෙන්වා දුන් පදවල තිබෙනවා සත්තකය. එසේ වුවත් මගේ මිතුරාට එබදු තර්කයක් කරන්ට හිතුනේ ජීවත්වනු බලනවාය යන කීම තේරුම් ගන්නට බැරිවෙලා බවට කොහෙත්ම සැක නැත.

අරුප ලෝක ගැන මාගේ මිතුරා කීවේ ඒවා තේරුම් ගන්ට බැරි සියුම් ධර්ම කොට්ඨාශයට අයිතිය කියලාය. එසේනම් ඉතා සියුම් වූ ආත්මය කෙබදු එකක් ද කියා අපෙන්ඇසු එක විහිළුවක් නොවේද?

තුන් පිටකය ගැන මාගේ මිතුරා කීවේ බුදුන් කාලයේදීත්, රන් පත් වල බන ලීවාය කියලාය. ඒ කීම ඒත්තු ගන්ට බැරි කාරනා තිබේ. එනම් අටුවා සහිත සියලු බුද්ධ වචනයන් බුදුන් පිරිනිවී 450 වර්ෂයක් වනතුරු මුක පාටයෙන්ම ගෙනාවාය කියලා තිබෙන නිසාය. මගේ මිතුරාගේ ඒ උත්තරය නිස්සාරය. ඒ උත්තරය සවි කරන්ට නම් මුක පාඨයෙන් ගෙනාවේ මොනවාද කියා පෙන්වන්ට ඕනැය.

මෝසෙස් මිනීමරුවෙකයි කියාද ඒ මෝසෙස් විසින් ලිවූ දේව වාක්‍ය පිළිගන්ට බැරිය කියාද මගේ මිතුරා කීවා ය. මෝසෙස් ඒ ආකාර මිනී මැරුවේ දෙවියන් වහන්සේ භාරගන්ට ඉස්සරිය. ඇරත් අපි මෝසෙස් සරණ යන්නේ නැත. එම නිසා මෝසෙස් කොපමන කලත් එයින් අපිට ඕනෑකමක් නැත

බුද්ධාගන් කාරයෝ සරණ යන ඇත්තන්ගෙන් එක්කෙනෙක් අංගුලි මාලය. ඔහු මිනිස්සු 999 දෙනෙක් මරලා තිබෙනවාය. මේ තරම් කෘර පුද්ගලයා බුදුන් එක පාරට මහණ උපසම්පදා කළා පමණක් නොව රහත් වුනා යයි බුද්ධාගන්කාරයෝ කියනවාය අංගුලිමාල පිරිතයි කියා මේ ඇත්තාගේ නමින් පිරිතකුත් සාදා ගෙන බුද්ධාගන් කාරයෝ කියනවාය.

ආලවක යක්ෂයා අවුරුදු දොළහක් මුළුල්ලේ දවසට එකා බැගින් මිනිස්සු හාර දාස් තුන් සීයකට වඩා මරා කාපු කෙනෙක්ය. නමුත් ඔහුත් සෝවාන් වුනාය කියා බුද්ධාගන්කාරයෝ සරණ යනවාය.

බුදුන් බෝධි සත්ව කාලයේ දී හෙවත් වෙස්සන්තර රජුව උපන් කාලයේ දී තමන්ගේ ස්ත්‍රී බමුණෙකුට දීලා තිබේ. බෝධිසත්වයෝ තමාගේ ස්ත්‍රී කිසිවෙකුට අඹු කමට දුන්නේ නැතැයි අපේ මිතුරා කීවාය. නමුත් අපේ මිතුරාගේ ආගමේ පොත්වල “නෙක කෝටි සහස්සානං හරියත්තාය දායිමන්” යනාදී ගාථාවක් තිබේ. මේ ගාථාව කියා තිබෙන්නේ යසෝදරා ස්තවිරියන්ය. මේවා කුදූ ගොත් සඟියේ තේරී අපදානයෙහි කියා තිබේ. ඉහත කී ගාථා පදයේ අභිප්‍රාව නම් ” නොයෙක් කෙල සසර වාර වලදී අනුන්ට අඹු කමට මා දුන්නාය. එත් මම නුඹ වහන්සේට අමනාපයක් වුයේ නැත” යනුයි. මේ අන්දමේ බුද්ධාගමේ පොත්වල තිබෙන කියමන් අනික් අතට පෙරලන්ට මේ පිරිවරාගෙන ඉන්නා සමර්තයොත්, එකතුවෙලා සිටින කව්රුත් දැන ගනිත්වා.

තවද “අනාගතානං යාවකානං ” යනාදී පාඨයෙන් පෙනෙන්නේ ඉල්ලගෙන එන තැනැත්තන්ට හිස ගසා දුන්නාය. ලේ බොන්ට දුන්නාය. ඇස් උගුල්ලා දුන්නාය. දරුවන් දුන්නාය. භාර්යාව දුන්නාය. මා විසින් නුදුන් දානයක් නැත.” කියා බුදුන් කියා තිබෙනවාය. ඉතින් මේවා නැත කියන්නන් සමග කරන වාදය මොකක්ද?

ඉතින් මෙතැන් පටන් මේ ‘බුද්ධාංකුර” ගේ ලක්ෂණ පෙන්වා දෙමි. “අංකුරය” කියන්නේ පැලැටිය ය. බුදුවෙන පැළෑටියේ හැටි පෙන්වා දෙන්ට ජාතක කතා දෙක තුනක් පෙන්වා දෙමි. ඒ අසුව මැනවි. පරන්තප ජාතකය බලනු. එම ජාතකයේ බුද්ධාංකුර රාජ කුමාරයෙක්ව තමාගේ පියාට විරුද්ධව කැරලි ගැසුවාය. පියරජ තමන් ද බිසවත් “පරන්තප” නම් දාසයාත් සමග වල වැදුනාය. එහිදී පරන්තපයා බිසවට එකතු වෙලා පියරජ මැරුවාය. දෙවනු උපන් කුමාරයා පරන්තපයා මැරුවාය. මේ සියලු අනතුරු සිද්ධ උනේ බුද්ධාංකුර කල ද්‍රෝහීකම නිසාය. මේ බුදුවෙන්ට ලොකුවෙගෙන එන තැනැත්තා කල වැඩෙය.

සුසන්දික ජාතකය :- ඒ ජාතකයේදී බෝධිසත්වයෝ ගුරුලෙක ඔහු සුදු කෙළියට රජ ගෙයකට ගොස් ඒ රජ්ජුරුවන්ගේ බිසව හොරකම් කරගෙන පැන්නේය. මේ ක්‍රියාව ලොකුවේගෙන බුදුවීමට එන අතර කල වැඩෙය. මේවා බුදු වීමට කරන වැඩ නම් බුදු බව පතන අනිත් අයටත් ආදර්ශයට ගන්ට හොදය.

බුදුවුවයින් පසු සර්වඥ තා ඥානයක් තබා මේ කාලයේදී ළමයෙකුට ඇති තරම් ඥානයක් වත් නොතිබුන බවට වැදගත් කාරනා වලින් සාක්ෂි දෙමි. අංගුත්තර සංගියේ සප්ත සුර්යෝද්ගමන සුත්‍රයේ ” සිනෙරු භික්කවේ පබ්බ රාජා චතුරා සිති යෝජනා සහස්සානි ආයාමෙන” යනාදී පාඨයෙන් පෙන්වා තිබෙන්නේ මහා මේර කියන පර්වතයෙහි උස මහතා සහ කල්ප විනාසයෙදී සුර්යයන් හත් දෙනෙක් පායන අන්දමය. “සිනෙරු පර්වත රාජයා අයමින් අසු හාර දහසක් යොදුන. විතරින් අසු හාර දහසක් යොදුන අසු හාර දහස් යොදුන් මහා සමුද්‍රයෙහි ගිලී තිබෙන්නේය. එපමණ මහා සමුද්‍රයෙන් උස්ව නැංගේය” කියා එම පාඨයෙන් පෙනේ. ඉතින් මෙපමණ උස මහතා ඇති පර්වත රාජයා තිබෙන්නේ මේ ලෝකයේ කොතනද? එක මනුෂ්‍යයන්ගේ ඇසට නොපෙනී තිබෙන්නේ කොහොමද? (මෙහිදී ලෝක සන්ඨාන බෝලයක් පෙන්වා) මේ ලෝක බෝලයේ වට ප්‍රමාණය නම් හතක්ම විසි පන් දාහය. ඒ බව ලෝකයේ ඥානවන්ත පණ්ඩිතයන් සියල්ල පිලි ගෙන තිබේ. ඉතින් ඉහත කී තරම් විශාල පර්වතයක් මෙපමණ කුඩා ලෝකයක තිබෙන්ට බැරිය. ඇරත් ලෝකයේ මේ ආකාර එකක් එකක් තිබෙනවාද කියා සති ගණනකදී දැන ගන්ට ලෝකය වටේ යාත්‍රා කරන්ට පුළුවන. එබඳු නැව්වල යාත්‍රා කරන කොයි පණ්ඩිතයෙකුට

වත් මෙබඳු පර්වතයක් තිබෙන බවට ලකුණක් ලැබී නැත. එම නිසා මෙබඳු පර්වතයක් ඇත කියා දේශනා කල බුදුන්ට හාත්පසින්ම සවඥතා ඥානයක් නැත. එබඳු කෙනෙක් සියල්ල දන්නවය කියා පිළිගෙන දැඟලීම නිෂ්ඵලය.

තවද බ්‍රහ්ම ලෝකවල උපදින්නට පතා ගෙන මාතර උන්නාන්සේලා වගයක් පිස්සු අල්ලන කල් ධ්‍යාන භාවනා කල වගක් පසුගිය කාලයේ අපට සලය. ඒ වාගේ පිස්සන්ට මේ ධර්මවල් හොන්දවා මිස නැණවතුන්ට හොඳ නැතුවා සත්තකය.

තවද බුදුන්ගේ ගෝලයෝ බුදුන් ජීවත්ව සිටියදීම අනත පාප ක්‍රියා කරලා තිබෙන බව පාරාජිකා පොතේ පෙනේ. ඒවා මේ යයි විස්තර වශයෙන් මෙබඳු සභාවල කියා දෙන්ට බැරිය. නමුත් ස්වල්පයක් කියමි.

මක්කටික අවත්තු ආදී වස්තුවලින් “තෙන කෝපන සමයෙන ආඥාත්තරෝ භික්කු සීවතිකන් ගත්වා යෙභූය්යෙන ඛයිතන් සරීරන් පස්සිත්වා මෙතුන ධම්මං පතිසේවි” යනාදියෙන් පෙනෙන කාරනා විස්තර කරන්ට නුසුදුසුය.

ඇරත් බුදුන්ගේ මරණය ගැන මදක් කියමි. බුදුන් මැරුණේ චුන්ද නම් තාපසයා විසින් දෙන ලද සුකර මද්දවය අනුභව කොට ලෝහිත පක්කන්දික නම් රෝගයෙනි. එනම් ලේ අතීසාර රෝගයෙන්ය. ඒ රෝගය අල්ලා නොයෙක් දුක් විද, තැන, තැන වලට යන්ට බැරුව ඉඳ, ඉඳ, කුසිනාරා නුවරට ගිය බව “මහා පරිනිර්වාන සුත්‍රයෙහි” පෙනේ. මේ දුක් විදීමේදී බුදුන්ට තිබුණාය කියන ඉර්දියක්වත් දිව්‍ය බ්‍රහ්මයන්ගෙන් උපකාරයක්වත් ඇති බවක් නොපෙනේ. මෙයින් පැහැදිලිව පෙනෙන්නේ බුදුන් සම්භන්දව කියා තිබෙන කියමන් අඥානයන් රවටන්ට කියා තිබෙන ප්‍රලාප බවය.

මේ කීම් කොයි හැටි වුවත් අපි සියල්ලන්ම් මවා ආරක්ෂා කරන්නාවූ සර්ව පරාක්රමයානං වහන්සේ ත් උන්වහන්සේ ගේ ඒක ජාත පුත්‍රයා වන, අපේ පව් වලට දුක් වින්දාවූ, යේසුස් ක්‍රිස්තුස් වහන්සේත් විශ්වාස කොට අපේ ගැලවීම ලබා ගන්ට ඕනෑය.

ඉතින් අප විසින් බුද්ධාගමට විරුද්ධව ගෙන හැර දැක්වූ කාරනා වලින් එකම කාරනයකටවත් අපේ මිත්‍රයා උත්තර නුදුන් බවත් ක්‍රිස්තියානි ආගමට විරුද්ධව ඇසුවාවූ සියල්ලටම අප විසින් උත්තර දුන් බවත් මේ සියල්ලන්ම හිත් වල තබා ගන්නා මෙන්ද ඉල්ලනවාය. මගේ කතාව මෙයින් නවත්තමි.

(කියා දාවිත් ද සිල්වා පාදිලි උන්නාන්සේගේ කතාව අත් හිටුවන්ට යෙදුනාය.)

[QUOTE="dynamite1234, post: 20594014, member: 502516"] [B][SIZE="6"]7 වෙනි කථාව (වර්ෂ 1873 අගෝස්තු 28 වැනි දින සවස 3 පටන් 4 දක්වා දාවිත් ද සිල්වා පාදිලි උන්නාන්සේ විසින් කල කතාව.) [/SIZE][/B] [SIZE="5"]මේ සවස කතා කලින් පසු මේ වාදය හමාර වෙනවාය. එම නිසා මේ අන්තිම කතාව යහපත් ලෙස අසා සිත් වලට ගන්නා මෙන් මේ සමුහයාගෙන් ඉල්ලමි. බුද්ධ පක්ෂයට කතා කරන මේ උන්නාන්සේට මම “විරුද්ධ කාරයාය” කියා කීවාය කියා කෝපවී ඔහු මට “හතුරාය”යන නමක් කියාගෙන එනවාය. “විරුද්ධ කාරයා” යන වචනයේ කිසි අපහාසයක් නැත. එසේද වුවත් අපි දෙදෙනා කිසි කලෙක මෙබඳු කරනා වලදී විරුද්ධව සිටියේ නැත. එම නිසා මගේ මිතුරා විරුද්ධ කාරයා මය නමුත් මාගේ වචනයේ අර්ථ නොසලකා නොහොත් ” අපන්නකන් තාන මෙතන්” යන ගාථා පදයේ අභිප්‍රාව පමණවත් නොසලකා මට හතුරෙක් වෙන්ට කැමති උනාට කනගාටුය. මාගේ මිත්‍ර දෙසනාකාරයාගේ පොතේ 3,19 මනුෂ්‍යයා තිරිසනාට සමාන කළාය කියා ඔප්පු කරන්ට උත්සාහ කළාය. එක ඔහුට බැරි වැඩක්ය. මනුෂ්‍යයාට තිරස්චීන, මැරෙන ස්වභාවයක් ඇති කාණ්ඩයක් තිබේ. මේ ශරීරයට ජරා මරණ දෙක පැමිණේ. එක තිරිසනාටත් වෙයි. එම නිසා මනුෂ්‍යයා තිරිසනාට සමාන කලාට වරදක් නැත. තවද මාගේ මිතුරා “පටිච්ච සමුප්පාද ධර්මය” තොර දුන්නාය. නමුත් බුද්ධඝෝෂ ටත් තෝරා දෙන්ට බැරුව මුදේ වැටිලා දැගලුවාය යන්නක් කීවා මේ කාටත් ඇසෙන්ට ඇත. බුද්ධඝෝශටත් බැරිවූ පටිච්ච සමුප්පාද ධර්මය තෝරා දෙන්ට මගේ මිතුරා තැත් කලේ බුද්ධඝෝශටත් වඩා මගේ මිතුරා ව්යක්ත්යෙක්ද කියා මේ සමුහයා කල්පනා කරන සේක්වා. “පටිච්ච සමුප්පාද ධර්මය” ගැන නැවතත් ටිකක් මතක් කරවා හරින්ට කැමතිය. විඥානය නිසා නාම රුප සැදෙ නවාය නාම රුප නිසා ආයතන සය සැදෙනවාය ආයතන සය නිසා ස්පර්ශය සැදෙ නවාය එසේ එකක් කියා එකක් සැදී ගෙන ගොස් භවය නිසා ජාතිය සදෙනවාය කියනවාය. “විඥානය” කියන්නේ ඇස, කන්, නාසා ආදියේ විඥානය ය. ඒ විඥානය නිසා ආයතනයෝ පහල වෙනවාය කියනවාය. ආයතන කියන්නේ ඇස කන් නාසා ආදියේයය. මේ ආකාර පැටලවිලි සහිත කීමක් වෙනත් තිබෙනවාද? මෙසේ එකිනෙකට විරුද්ධ වූ කීම් ඇති බුදුන්ගේ මේ ඉගැන්වීම කෙලෙසද කීවොත් “අප්පා නිසා පුතා උපදිනවාය – පුතා නිසා අප්පා උපදිනවාය ” කීවා හා සමානය.සියලුම මනුෂ්‍යන්ට නොමැරෙන ආත්මයක් තිබෙනවා සත්තකය. එම ආත්මයම දිව්‍යලෝකයට යනවාය! දිව්‍ය ලෝකයේ සිටින්නේත් අජරාමර වාසනාවන්ත මනුෂ්‍යයෝය !! තවද “ආදම් නිසා පාපයට වැටුන සියල්ලෝම ක්‍රිස්තුස් වහන්සේ නිසා ජීවත්වනු ලබනවා ඇත’ යන කීමත් ‘ක්‍රිස්තුස් වහන්සේ නිසා සියල්ලෝම ගැලවෙන්නේ නැත” යන කීමත් බයිබලයේ, මගේ මිතුරා පෙන්වා දුන් පදවල තිබෙනවා සත්තකය. එසේ වුවත් මගේ මිතුරාට එබදු තර්කයක් කරන්ට හිතුනේ ජීවත්වනු බලනවාය යන කීම තේරුම් ගන්නට බැරිවෙලා බවට කොහෙත්ම සැක නැත. අරුප ලෝක ගැන මාගේ මිතුරා කීවේ ඒවා තේරුම් ගන්ට බැරි සියුම් ධර්ම කොට්ඨාශයට අයිතිය කියලාය. එසේනම් ඉතා සියුම් වූ ආත්මය කෙබදු එකක් ද කියා අපෙන්ඇසු එක විහිළුවක් නොවේද? තුන් පිටකය ගැන මාගේ මිතුරා කීවේ බුදුන් කාලයේදීත්, රන් පත් වල බන ලීවාය කියලාය. ඒ කීම ඒත්තු ගන්ට බැරි කාරනා තිබේ. එනම් අටුවා සහිත සියලු බුද්ධ වචනයන් බුදුන් පිරිනිවී 450 වර්ෂයක් වනතුරු මුක පාටයෙන්ම ගෙනාවාය කියලා තිබෙන නිසාය. මගේ මිතුරාගේ ඒ උත්තරය නිස්සාරය. ඒ උත්තරය සවි කරන්ට නම් මුක පාඨයෙන් ගෙනාවේ මොනවාද කියා පෙන්වන්ට ඕනැය. මෝසෙස් මිනීමරුවෙකයි කියාද ඒ මෝසෙස් විසින් ලිවූ දේව වාක්‍ය පිළිගන්ට බැරිය කියාද මගේ මිතුරා කීවා ය. මෝසෙස් ඒ ආකාර මිනී මැරුවේ දෙවියන් වහන්සේ භාරගන්ට ඉස්සරිය. ඇරත් අපි මෝසෙස් සරණ යන්නේ නැත. එම නිසා මෝසෙස් කොපමන කලත් එයින් අපිට ඕනෑකමක් නැත බුද්ධාගන් කාරයෝ සරණ යන ඇත්තන්ගෙන් එක්කෙනෙක් අංගුලි මාලය. ඔහු මිනිස්සු 999 දෙනෙක් මරලා තිබෙනවාය. මේ තරම් කෘර පුද්ගලයා බුදුන් එක පාරට මහණ උපසම්පදා කළා පමණක් නොව රහත් වුනා යයි බුද්ධාගන්කාරයෝ කියනවාය අංගුලිමාල පිරිතයි කියා මේ ඇත්තාගේ නමින් පිරිතකුත් සාදා ගෙන බුද්ධාගන් කාරයෝ කියනවාය. ආලවක යක්ෂයා අවුරුදු දොළහක් මුළුල්ලේ දවසට එකා බැගින් මිනිස්සු හාර දාස් තුන් සීයකට වඩා මරා කාපු කෙනෙක්ය. නමුත් ඔහුත් සෝවාන් වුනාය කියා බුද්ධාගන්කාරයෝ සරණ යනවාය. බුදුන් බෝධි සත්ව කාලයේ දී හෙවත් වෙස්සන්තර රජුව උපන් කාලයේ දී තමන්ගේ ස්ත්‍රී බමුණෙකුට දීලා තිබේ. බෝධිසත්වයෝ තමාගේ ස්ත්‍රී කිසිවෙකුට අඹු කමට දුන්නේ නැතැයි අපේ මිතුරා කීවාය. නමුත් අපේ මිතුරාගේ ආගමේ පොත්වල “නෙක කෝටි සහස්සානං හරියත්තාය දායිමන්” යනාදී ගාථාවක් තිබේ. මේ ගාථාව කියා තිබෙන්නේ යසෝදරා ස්තවිරියන්ය. මේවා කුදූ ගොත් සඟියේ තේරී අපදානයෙහි කියා තිබේ. ඉහත කී ගාථා පදයේ අභිප්‍රාව නම් ” නොයෙක් කෙල සසර වාර වලදී අනුන්ට අඹු කමට මා දුන්නාය. එත් මම නුඹ වහන්සේට අමනාපයක් වුයේ නැත” යනුයි. මේ අන්දමේ බුද්ධාගමේ පොත්වල තිබෙන කියමන් අනික් අතට පෙරලන්ට මේ පිරිවරාගෙන ඉන්නා සමර්තයොත්, එකතුවෙලා සිටින කව්රුත් දැන ගනිත්වා. තවද “අනාගතානං යාවකානං ” යනාදී පාඨයෙන් පෙනෙන්නේ ඉල්ලගෙන එන තැනැත්තන්ට හිස ගසා දුන්නාය. ලේ බොන්ට දුන්නාය. ඇස් උගුල්ලා දුන්නාය. දරුවන් දුන්නාය. භාර්යාව දුන්නාය. මා විසින් නුදුන් දානයක් නැත.” කියා බුදුන් කියා තිබෙනවාය. ඉතින් මේවා නැත කියන්නන් සමග කරන වාදය මොකක්ද? ඉතින් මෙතැන් පටන් මේ ‘බුද්ධාංකුර” ගේ ලක්ෂණ පෙන්වා දෙමි. “අංකුරය” කියන්නේ පැලැටිය ය. බුදුවෙන පැළෑටියේ හැටි පෙන්වා දෙන්ට ජාතක කතා දෙක තුනක් පෙන්වා දෙමි. ඒ අසුව මැනවි. පරන්තප ජාතකය බලනු. එම ජාතකයේ බුද්ධාංකුර රාජ කුමාරයෙක්ව තමාගේ පියාට විරුද්ධව කැරලි ගැසුවාය. පියරජ තමන් ද බිසවත් “පරන්තප” නම් දාසයාත් සමග වල වැදුනාය. එහිදී පරන්තපයා බිසවට එකතු වෙලා පියරජ මැරුවාය. දෙවනු උපන් කුමාරයා පරන්තපයා මැරුවාය. මේ සියලු අනතුරු සිද්ධ උනේ බුද්ධාංකුර කල ද්‍රෝහීකම නිසාය. මේ බුදුවෙන්ට ලොකුවෙගෙන එන තැනැත්තා කල වැඩෙය. සුසන්දික ජාතකය :- ඒ ජාතකයේදී බෝධිසත්වයෝ ගුරුලෙක ඔහු සුදු කෙළියට රජ ගෙයකට ගොස් ඒ රජ්ජුරුවන්ගේ බිසව හොරකම් කරගෙන පැන්නේය. මේ ක්‍රියාව ලොකුවේගෙන බුදුවීමට එන අතර කල වැඩෙය. මේවා බුදු වීමට කරන වැඩ නම් බුදු බව පතන අනිත් අයටත් ආදර්ශයට ගන්ට හොදය. බුදුවුවයින් පසු සර්වඥ තා ඥානයක් තබා මේ කාලයේදී ළමයෙකුට ඇති තරම් ඥානයක් වත් නොතිබුන බවට වැදගත් කාරනා වලින් සාක්ෂි දෙමි. අංගුත්තර සංගියේ සප්ත සුර්යෝද්ගමන සුත්‍රයේ ” සිනෙරු භික්කවේ පබ්බ රාජා චතුරා සිති යෝජනා සහස්සානි ආයාමෙන” යනාදී පාඨයෙන් පෙන්වා තිබෙන්නේ මහා මේර කියන පර්වතයෙහි උස මහතා සහ කල්ප විනාසයෙදී සුර්යයන් හත් දෙනෙක් පායන අන්දමය. “සිනෙරු පර්වත රාජයා අයමින් අසු හාර දහසක් යොදුන. විතරින් අසු හාර දහසක් යොදුන අසු හාර දහස් යොදුන් මහා සමුද්‍රයෙහි ගිලී තිබෙන්නේය. එපමණ මහා සමුද්‍රයෙන් උස්ව නැංගේය” කියා එම පාඨයෙන් පෙනේ. ඉතින් මෙපමණ උස මහතා ඇති පර්වත රාජයා තිබෙන්නේ මේ ලෝකයේ කොතනද? එක මනුෂ්‍යයන්ගේ ඇසට නොපෙනී තිබෙන්නේ කොහොමද? (මෙහිදී ලෝක සන්ඨාන බෝලයක් පෙන්වා) මේ ලෝක බෝලයේ වට ප්‍රමාණය නම් හතක්ම විසි පන් දාහය. ඒ බව ලෝකයේ ඥානවන්ත පණ්ඩිතයන් සියල්ල පිලි ගෙන තිබේ. ඉතින් ඉහත කී තරම් විශාල පර්වතයක් මෙපමණ කුඩා ලෝකයක තිබෙන්ට බැරිය. ඇරත් ලෝකයේ මේ ආකාර එකක් එකක් තිබෙනවාද කියා සති ගණනකදී දැන ගන්ට ලෝකය වටේ යාත්‍රා කරන්ට පුළුවන. එබඳු නැව්වල යාත්‍රා කරන කොයි පණ්ඩිතයෙකුට වත් මෙබඳු පර්වතයක් තිබෙන බවට ලකුණක් ලැබී නැත. එම නිසා මෙබඳු පර්වතයක් ඇත කියා දේශනා කල බුදුන්ට හාත්පසින්ම සවඥතා ඥානයක් නැත. එබඳු කෙනෙක් සියල්ල දන්නවය කියා පිළිගෙන දැඟලීම නිෂ්ඵලය. තවද බ්‍රහ්ම ලෝකවල උපදින්නට පතා ගෙන මාතර උන්නාන්සේලා වගයක් පිස්සු අල්ලන කල් ධ්‍යාන භාවනා කල වගක් පසුගිය කාලයේ අපට සලය. ඒ වාගේ පිස්සන්ට මේ ධර්මවල් හොන්දවා මිස නැණවතුන්ට හොඳ නැතුවා සත්තකය. තවද බුදුන්ගේ ගෝලයෝ බුදුන් ජීවත්ව සිටියදීම අනත පාප ක්‍රියා කරලා තිබෙන බව පාරාජිකා පොතේ පෙනේ. ඒවා මේ යයි විස්තර වශයෙන් මෙබඳු සභාවල කියා දෙන්ට බැරිය. නමුත් ස්වල්පයක් කියමි. මක්කටික අවත්තු ආදී වස්තුවලින් “තෙන කෝපන සමයෙන ආඥාත්තරෝ භික්කු සීවතිකන් ගත්වා යෙභූය්යෙන ඛයිතන් සරීරන් පස්සිත්වා මෙතුන ධම්මං පතිසේවි” යනාදියෙන් පෙනෙන කාරනා විස්තර කරන්ට නුසුදුසුය. ඇරත් බුදුන්ගේ මරණය ගැන මදක් කියමි. බුදුන් මැරුණේ චුන්ද නම් තාපසයා විසින් දෙන ලද සුකර මද්දවය අනුභව කොට ලෝහිත පක්කන්දික නම් රෝගයෙනි. එනම් ලේ අතීසාර රෝගයෙන්ය. ඒ රෝගය අල්ලා නොයෙක් දුක් විද, තැන, තැන වලට යන්ට බැරුව ඉඳ, ඉඳ, කුසිනාරා නුවරට ගිය බව “මහා පරිනිර්වාන සුත්‍රයෙහි” පෙනේ. මේ දුක් විදීමේදී බුදුන්ට තිබුණාය කියන ඉර්දියක්වත් දිව්‍ය බ්‍රහ්මයන්ගෙන් උපකාරයක්වත් ඇති බවක් නොපෙනේ. මෙයින් පැහැදිලිව පෙනෙන්නේ බුදුන් සම්භන්දව කියා තිබෙන කියමන් අඥානයන් රවටන්ට කියා තිබෙන ප්‍රලාප බවය. මේ කීම් කොයි හැටි වුවත් අපි සියල්ලන්ම් මවා ආරක්ෂා කරන්නාවූ සර්ව පරාක්රමයානං වහන්සේ ත් උන්වහන්සේ ගේ ඒක ජාත පුත්‍රයා වන, අපේ පව් වලට දුක් වින්දාවූ, යේසුස් ක්‍රිස්තුස් වහන්සේත් විශ්වාස කොට අපේ ගැලවීම ලබා ගන්ට ඕනෑය. ඉතින් අප විසින් බුද්ධාගමට විරුද්ධව ගෙන හැර දැක්වූ කාරනා වලින් එකම කාරනයකටවත් අපේ මිත්‍රයා උත්තර නුදුන් බවත් ක්‍රිස්තියානි ආගමට විරුද්ධව ඇසුවාවූ සියල්ලටම අප විසින් උත්තර දුන් බවත් මේ සියල්ලන්ම හිත් වල තබා ගන්නා මෙන්ද ඉල්ලනවාය. මගේ කතාව මෙයින් නවත්තමි. (කියා දාවිත් ද සිල්වා පාදිලි උන්නාන්සේගේ කතාව අත් හිටුවන්ට යෙදුනාය.)[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom