Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
පානදුරා වාදය !
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

8 වෙනි කථාව

(වර්ෂ 1873 අගෝස්තු 28 වෙනි දින සවස 4 පටන් 5 දක්වා මොහොට්ටිවත්තේ ගුණානන්ද උන්නාන්සේ විසින් කල කතාව )

මේ පාදිලි තැන මීට ඉහත කතා කරද්දී මට ‘විරුද්ධ කාරයා’ය කියාත් මවිසින් ඒ ගැන කාරනා කීවායින් පසු ‘මිත්‍රයාය’ කියාත් ව්‍යාවහාර කාලය. එයින් ඔහුගේ වැරැද්ද ඔහුටම තේරුම් ගිය බව පෙනේ. එම නිසා ඒ ගැන යමක් කියන්ට ඕනෑකරන්නේ නැත.

පසුගිය අගහරුවාදා උදය වරුවේ මේ පාදිලි තැන කල කතාවේදී මනුෂ්‍යන් මුර්ගයන්ට සමාන කරලා බුද්ධාගමේ තිබෙනවාය යි කීවාය. එබදු ඉගැන්වීමක් බුද්ධාගමේ පොත්වල නැත. මනුෂ්‍යන් මුර්ගයන්ට සමාන කරලා තිබෙන්නේ ක්‍රිස්තියානි ආගමේය. ඒ බව මීට ඉහත බයිබලයෙන්ම වරක් මා විසින් ඔප්පු කාලය. නුමුත් ඒ කාරනාවම තව වරක් ඔප්පු කරමු. මක් නිසාද? ඒ ප්‍රස්තාවට ඒ කතාව අහගන නොසිටි වැදගත් උදවිය දැනට පැමිණ සිටින නිසාය.

දේශනා කාරයාගේ 1 වෙනි පොතේ 3 වන පරිච්චේදයේ 19 වන පදේ මෙලෙස තිබේ. මනුෂ්‍ය පුත්‍රයන්ට වෙන දේ මුර්ගයන්ටත් වෙන්නේය. එකම දෙයක් ඔවුන්ට සිදු වේ. එකෙක් නසින හැටියේ අනිකා නසින්නේය. ඔවුන් සැමටම ඒක හුස්මක මුර්ගයෙකුට වඩා මිනිහෙකුට කිසි උතුම් කමක් නැත.” ඉතින් මනුෂ්‍යයන් මුර්ගයන්ට සමාන කරලා තිබෙන බව මෙයින් පැහැදිලිව ඔප්පු වේ. ‘මනුශ්යන්ට් මුර්ගයන්ට සමාන කරලා තිබෙන බව ක්‍රිස්තියානි ආගමෙන් ඔප්පු කරන්ට බැරිය’ කියා මේ පාදිලි තැන කී නමුත් ” ඔවුන් සැමටම එක හුස්මක” යන බයිබලයේ තිබෙන වචන වලින්ද මුර්ගයන්ගේද, මනුශ්යන්ගේද, වෙනසක් නැති බව ඔප්පු වේ.

පටිචචා සමුප්පාද ධර්මය තේරුම් ගැනීමේ අමාරුව ප්‍රකාශ කිරීම පිණිස බුද්ධඝෝස තෙරුන්නාන්සේ විසින් දක්වා තිබෙන “වනතු කාමෝ අහිං අජ්ජ” යනාදී ගාථාවේ අභිප්‍රාව මා විසින් කියාදී ඉන් පසු මගේ දැනුම් පමණින් පටිචචා සමුප්පාද ධර්මය තේරුම් කර දුන්නා ඇත. එම නිසා බුද්ධගෝෂ තෙරුන්නාන්සේ ට වඩා මම සමර්තයෙක් වෙන්නේ නැත. එබන්දක් මා විසින් ඇගෙව්වේවත් නැත. මෙලෙස නිවැරදි කළාවූ මාගේ ඒ කතාවට මේ පාදිලි තැන දොස් කීවේ මොහුගේ පාලි දැනීමේ තරම මා විසින් මේ සමුහයාට පෙන්වා කල කතාවට ඊර්ෂ්‍යාවෙන් යයි සිතමි. එම නිසා මේ ගැන මීට වඩා යමක් කියන්ට ඕන නොකරයි.

තවද මේ පාදිලි තැන පටිච්චා සමුප්පාද ධර්මය ගැන නවත්ත කියා දෙනවාය කියා පටන් ගෙන කාටවත් නොතේරෙන හල්ලක් කියාගෙන ගොස් “බුදුන්ගේ ඉගැන්වීම අවුල් සහිතය” කියාද, “එකකට එකක් විරුද්ධය” කියාද තීන්දු කාලය. මේ පාදිලි තැන කී ලෙස පටිච්චා සමුප්පාද ධර්මයෙහි අවුලක්වත් එකකට එකක් විරුද්ධ කමක්වත් ඇත්තේ නැත. මේ පාදිලි තැනට උත්පත්ති විඥාන චිත්තයෙන් ඇස් කන් නාසාදිය සම්බන්ධව පවතින් චක්ෂු විඥාන, ශ්‍රොත විඥානය ආදීන්ගේ වෙනස තේරෙන්නේ නැත. එසේ තේරෙනවානම්, “පටිච්චා සමුප්පාද ධර්මය අවුල්ය. එකිනෙකට විරුද්ධය” කියන්නේ නැත. උත්පත්ති විඥාන චිත්තයෙන් ඇස් කන් නාසාදිය සම්බන්ධව පවතින් චක්ෂු විඥාන, ආදීන්ගේ වෙනස දන ගැනීමට මීට ඉහත වරක් මා විසින් කාරනා කියා දුන්නාය. එම නිසා මෙහිදී ඒ ගැන වඩා විස්තර නොකරමි.

මේ පාදිලි තැන “අප්පා නිසා පුතාද, පුතා නිසා අප්පාද උපදිනවාය” කීවාක් මෙන් පටිච්චා සමුප්පාද ධර්මය ද අවුල්ය කීවා මේ කාටත් ඇසෙන්ට ඇත. එම නිසා ඒ ගැන යමක් නොකියාම බැරිය.

“අප්පා නිසා පුතාද, පුතා නිසා අප්පාද උපදිනවාය” කීවාම ඒ උත්පත්තියේ වටකුරු ගතියක් තිබේ එබදු වටකුරු උත්පත්තියක් ක්‍රිස්තියානි ආගමේ තිබේ. ඒ කෙසේද:- යෙහෝවා විසින් ක්‍රිස්තුස් ගේ මෑණියන් වන මරියා මැව් නිසා යෙහෝවාමරියා ගේ පියා වේ. මරියා යෙහොව්වාගේ දුව වේ. සුද්ධාත්මය මරියාගේ බඩේ පිළිසිද ගත් නිසා යෙහෝවා මරියාගේ පුතාවේ. මරියා යෙහොවාගේ මව් වේ. ක්‍රිස්තුස් මරියාගේ පුතා නිසා යෙහෝවා මරියාගේ පුරුෂයා වේ. මරියා යෙහොවාගේ ස්ත්‍රී වේ. ඉතින් මෙයින් පෙනෙන්නේ එකම මරියා එක වරකට, යෙහොව්වා ගේ දු ! බවත් එකවරකට යෙහොවාගේ මව්!! බවත්, එකවරකට යෙහොවාගේ ස්ත්‍රී !!! බවත්ය. මෙබදු නින්දිත උත්පත්තියක් ක්‍රිස්තියානි ආගමේ තිබෙද්දී පටිච්චා සමුප්පාද ධර්මයට “අප්පා නිසා පුතාද, පුතා නිසා අප්පාද උපදිනවාය” යන උපමාව කීවා කොහෙත්ම හරි නැත. “අප්පා නිසා පුතාද, පුතා නිසා අප්පාද උපදිනවාය” කීම හාත්පසින්ම ක්‍රිස්තුස්ගේ උත්පත්තියට කීවා නම් හරිය. එම නිසා මේ ගැන මීට වඩා යමක් කියන්ට ඕනෑ කරන්නේ නැත.

ඉන් පසු මේ පාදිලි තැන ” දිව්‍ය ලෝකයේ සිට්න්නෙත් මනුෂ්‍යයෝ” ය කීවා මේ පිරිසට ඇහෙන්ට ඇත. ” දිව්‍ය ලෝකයේ සිට්න්නෙත් මනුෂ්‍යයෝ” ය මේ පාදිලි තැන කියනවා මිස මොනයම් ශාස්තරා ආගමකවත් කියලා නැත. මුන්නහෙගේ මේ කියමන අලුත් කියමනක් ය. “පරලොව ගමන් කරන ආත්මයක් ඇත” කියන මුන්නහෙලාට මේ අන්දමේ ප්‍රලාප නොදොඩා බැරිය. බොරු දෘෂ්ඨිය සවි කරන්ට කියන්ට ඕනෑ බොරුමය මිත්‍යා දෘෂ්ඨිකයන්ගේ කියමන් වල තිබෙන නිස්සරකම මෙඉන් දන ගනිත්වා. “මෙලොවින් පිටත්ව පරලොවට ආත්මයක් ගමන් කරනවානම් දිව්‍ය ලෝකයේ සිටින්නේත් මනුෂ්‍යයෝ වෙන්ට ඕනයි” කියා මවිසින් අසු ප්‍රශ්නයට උත්තරයක් දෙන්ට බැරි කම නිසා ” දිව්‍ය ලෝකයේ සිට්න්නෙත් මනුෂ්‍යයෝ” ය කියා දගලන බව මේ කතාවලින් පෙනේ.

මේ අන්දමේ හැරුණු හැරුණු අතට උත්තර දෙන තමන්ගේම ආගමටත් විරුද්ධවන කියමන් කියන මුන්නහෙලා සමග වාද කරනවාට වඩා නිකන් හිඳීම යුතුය. දිවය ලෝක වල මනුෂ්‍යයෝ නැති බවත්, ඒවායේ ආනුභාව සම්පන්න දෙවියන් වහන්සේලා සිටින බවත් මේ සියල්ලන්ගේ හිත්වල ඇදී තිබෙන ඇත්තක් නිසා ඒ ගැන වැඩිය යමක් කියන්නට ඕනෑ කරන්නේ නැත.

“ජීවත්වනු ලබනවා ඇත”. යන වචනය “මට තේරෙන්නේ නැත”යි කීවා මිස මේ පාදිලි තැන වත් ඒ ගැන අමුතු තේරුමක් කලේ නැත. ආදම් කරන කොට ගෙන සියල්ලෝම මරණයට පැමිනේන්නාක් මෙන් ක්‍රිස්තුස් වහන්සේ කරන කොට ගෙන සියල්ලෝම ජීවත්වනු ලබනවා ඇත” කියා බයිබලයේ තිබේ. ඒ ගැන මීට ඉහත විස්තර කීමි. ඒ නිසා මෙහිදී ඒ ගැන බයිබලය පෙරලන්නේ නැත. මෙලොව ජීවත් වීමට “ජීවත්වනු ලබනවා ඇත” කීවා නම් ක්‍රිස්තුස් ට ගැලවුම් කාරයා යයි කියන්ට ඕනෑ කරන්නේ නැත. ක්‍රිස්තුස් ඇදහීමෙන් පරලොවට වැඩකුත් නැත.

මෙලොවින් පරලොවට ගමන්කරන ආත්මය ඉතා සියුම් එකක් නිසා එකේ ආකාරය කියන්ට බැරිලු. එසේ සියුම් නම් පරලොවට ගමන යන බව දන ගත්තේ කොහොමද? අරුප ලෝකවල උපදින සත්වයන්ගේ චිට්ට ලක්ෂණය කියාදීමට කාලය මදි බැව්” කීව මිස “කියන්ට බැරිය” යි නොකිව්වෙමි. අරුප ලෝකවල ඉපිදී සිටින බ්‍රහ්මයන්ගේ ආත්මයන් මුන්නහෙලා කියන ලෙස ගමන් යන්නේ නැත. මුන්නේහෙලා එබඳු බ්‍රහ්ම ලෝකවල් ඇත කියා විශ්වාස කරන්නේ නැත. එම නිසා මුන්නහෙලා කියන ආත්මය ඊට සමාන කළා වැරදිය.

අද උදය වරුවේ කතා කල සිරිමාන්න කතිසේරු තැන විසින් බුද්ධාගමේ දොස් දැක්වීම පිණිස කල කතාවක් මේ පාදිලි තැන විසිනුත් ගෙනහැර දැක්වුව. එනම් ” බුදුන් පිරිනිවන් පාලා අවුරුදු 453 කට පසු බුද්ඩාගමේ ධර්මය පොත්වල ලිවුවාය” යන කීමයි. ඒ කියමනට මවිසින් නිසි උත්තර ඒ ළඟ පැයේදී දුන්නා ඇත. ඒ ගැන වැඩිය යමක් නොකියමි. නමුත් “සාමය සංග්‍රහව” කියන පත්‍රයේ 4 වෙනි කලාපයේ ඒ ගැන විස්තර කියමන් තිබේ. එම නිසා ඒ සංග්‍රහව උන්නන්සේලාට බාර දීම ඊට උත්තර වේ. (කියා ඒ සංග්‍රහව ක්‍රිස්තියානු පක්ෂයට භාර දුන්නා ඇත)

තවද මේ පාදිලි තැන මෝසෙස් ගේ උත්තම කම හැගාවන්ට උත්සාහ කළා. ඒ උත්සාහය ස්ථිර කරන්ට අතිශයින්ම බැරිය. මක් නිසාද මෝසෙස් මිනී මරා රට හැර ගිය තක්කඩි යෙක්ය . “ඔහු යෙහෝවා භාරගත්තාට පසු එලෙස තක්කඩිකම් කෙළේ නැතයිකියා මේ පාදිලි තැන කී නමුත් බයිබලයේ නික්මයාම පොත කියවා බලන කාට නමුත් පෙනෙන්ට තිබෙන්නේ මෝසෙස් මැරෙන තුරුම මිනී මැරූ බවය. එබැවින් මෝසෙස් කොයි කාලයකටවත් ධර්මිස්ට පුද්ගලයෙක් ණෝවේන බව මේ සියල්ලන්ම තේරුම් ගනිත්වා. මෝසෙස් වැනි මිනී මරුවෙක් විසින් ලියන ලද “බයිබලය සැබෑවූ පොතක්ය ඒ පොතේ කියමන් කියමන් විශ්වාස කොට පරලොව ගැලවෙන්ට පුළුවනැයි” සිතීම වැලි මිරිකා තෙල් ගන්ට කරන උත්සාහයක් වැනිය. මේ ආදී අනත කාරණාවලින් ක්‍රිස්තියානි ආගම සබැ ආගමක් නොවන බව ඔප්පු වේ. එම නිසා ක්‍රිස්තියානි ආගම දුරින්ම දුරු කට යුතු.

“අංගුලිමාල තෙරුන් වහන්සේ මිනී මරුවෙකැයි මේ පාදිලි තැන කීවා. ඒ කීම හාත්පසින්ම බොරුය. අංගුලිමාල තෙරුන් වහන්සේ කිසි කලෙක මිනිහෙක් මැරීම තබා කුහුබුවෙක් පමණවත් මැරුවේ නැත. එබන්දල් මේ පාදිලි තැනට බුද්ධාගමේ පොතකින් පෙන්වන්ට බැරිය. “අංගුලිමාල තෙරුන් වහන්සේ “ය යන නාමය උන්නාන්සේට ලැබුනේ මහණව රහත් වූවායින් පසුවය බුද්ධගන් කාරයෝ වැදුම් පිදුම් පවත්වන්නේ එම රහතන් වහන්සේටය. මහණව රහත් වෙන්ට මත්තෙන් වැරදි කලේ ඒ රහතන් වහන්සේ නොවේය. ඒ වැරදි කලේ පෘතග්ජන පුත්ගලයෙක්ය. ඒ පුද්ගලයා උත්තමයෙකි අපි කියන්නේ නැත. ‘අංගුලිමාල’ නම් කෙලෙස් සහිත ගෘහස්ත පුද්ගලයෙක් සිටියා සත්තකය. ඒ පුද්ගලයා කල වැරදි ආර්ය පුද්ගලයෙක් පිටට හෙලන්ට උත්සාහ කලාට එක පුළුවන් වැඩක් නොවේය. අරහන්තික ආලවක ගැනත් දෙන උත්තරය එලෙසමය. එම නිසා ඒ ගැන මගේ කාලය මිඩංගු කරන්නේ නැත.

තවද මේ පාදිලි තැන වෙස්සන්තර රජ්ජුරුවන්ගේ දානාද්යාසයට නින්දා කරනු කැමතිව කතාවක් කලා ය. අද උදය වරුවේ සිරිමාන්න කතිසේරු තැන කළ කතාවත් මේ කතාවමය. එම නිසා සිරිමාන්න කතිසේරු තැනගේ එම කතාවට මවිසින් දුන් උත්තරම මේ කතාවට උත්තර වේ. එබැවින් මේ පාදිලි තැන වෙස්සන්තර රජ්ජුරුවෝ ගැන කේ කතාවට උත්තර ඒවම බව සැලකිය යුතු නමුත් මේ පාදිලි තැන “තේරී අපදාන” හි තිබෙන ගාථා කැබලි කීපයක් කීව එනම් ” නෙක කොටි සහස්සානං හරියත්තාය දායිමන්” යනාදියය. මේ ගාථා කැබලි කීවේ බෝධි සත්වයෝ තමන්ගේ ස්ත්‍රී අඹු කමට අනුන්ට පාවා දුන් බව ඔප්පු කරන්ටය. ඒ ගතාවලින් එබන්දක් ඔප්පු වෙන්නේ නැත. මක් නිසාද වෙස්සන්තර රජ ශක්‍ර බ්‍රාහ්මණයා ට මන්ත්‍රී දෙවි පාවා දුන්නාය. සත්තකය. ඒ දීමට “හරියත්තාය දායිමන්” නොකියා බැරිය. නමුත් ඒ බ්‍රාහ්මණයා මන්ත්‍රී දේවි අඹු කමට ගත්තේ නැත. එම වෙස්සන්තර රජ්ජුරුවන්ටම එම ක්ෂනයේදීම ආපසු භාර දී ගිය බව වෙස්සන්තර ජාතකයෙහි පෙනේ. එම නිසා ඒ ගතා පදවලින් එබන්දක් ඔප්පු ණෝවේ. ” බෝධි සත්වයෝ තමන්ගේ ස්ත්‍රී අඹු කමට දුන්නාය කියා ඔප්පු කරන්ට නම් එසේ දීපු කාලයේදී ස්ත්‍රී කොට තබා ගෙන උන් තැනක් පොතකින්පෙන්වන්ට ඕනෑය. එසේ පෙන්වන්ට මේ පාදිලි තැනගේ සමර්තකම මදිය. මේ ගැන උත්තර මෙපමණ සැහෙන නිසා මෙපමණකින් නවතිමි.

තවද මේ පාදිලි තැන “අගතා ගතානං” යනාදී පාලි වාසගම් කැබැල්ලක් කීවාය ඒ වාසගම බුද්ධ දේශනාවය කියලාත් බොහොම උඩ පැන්නාය. එබඳු පාලි වාසගම් කැබැල්ලක් බුද්ධ දේශනාව තුල කොතනකවත් ඇත්තේ නැත. එසේ ඇතුවානම් දේශනා පොතකින් පෙන්විය යුතුය. ඒ පෙන්වන්ට බැරුවා සත්තකය. බෝධි සත්වයෝ දන් පිණිස ඇස්, ඉස්, මස්, ලේ, අඹු දරුවන් දුන්නා සත්තකය. බුද්ධත්වය ලෝකෝත්තර පදවියක් නිසා එබඳු ආශ්චර්යමත් දානාද්යාසයක් ඇති කෙනෙකුට මිස නැති කෙනෙකුන්ට ලබන්ට බැරිය. මේ ගැනත් මීට ඉහත මවිසින් කාරනා පෙන්වා දුන් නිසා මීට වැඩිය යමක් කියන්ට ඕනෑ කරන්නේ නැත.

තවද මේ පාදිලි තැන බුදු රජාණන් වහන්සේට නින්දා කිරීම සඳහා පරන්තප ජාතකය, සුසන්දිය ජාතකය යන ජාතක දෙක ගැන හැර දක්වා එහිදී බෝධිසත්වයෝ වැරදි කළ බව කීවා මේ ඇත්තන්ට ඇසෙන්ට ඇත. එයින් බුදු රජාණන් වහන්සේට වත්, බුද්ධාගම ට වත් කිසි අපහාසයක් නැත. මකිනිසාද කෙලෙස් සහිත පුද්ගලයෝ වැරදි කරනවා සත්තකය. කෙලෙස් සහිත පුද්ගලයෙක් වැරදි කලාට නිකෙලෙස් වූ බුදුන්ට එයින් කිසි අපහාසයක් නැත. . “බෝධි සම්භාර පුරන බෝධිසත්වයන් වහන්සේලා වැරදි කරන්නේ නැත” කියා අපි කියන්නේ නැත. බුදු උනායින් පසු උන් වහන්සේ කිසි වරදක් කෙළේ නැත. බුද්ධාගම් කාරයින් වන අපි සරණ යන්නේ, අදහන්නේ, වදින්නේ, පුදන්නේ බුදුන්ටය. බෝධිසත්වයන් සරණ යාමක් අපේ නැත. එම නිසා බෝධිසත්වයෝ කළ දෝෂයක් ගෙන හැර දැක්වීම නිෂ්ඵලය. තවද, “බුද්ධන්කුර” කියන්නේ පැල වේගන යන බුදුන්ය කියා මේ පාදිලි තැන කීව මේ කාටත් ඇසෙන්ට ඇත එබදු අර්ථයක් “බුද්ධන්කුර”යන වචනයට කියන්ට බැරිය. මේ පාදිලි තැනගේ නුගත්කම නිසා ඔය අන්දමේ ප්‍රලාප දෙඩෙව්වා මිස උගතෙක් නම් දොඩන්නේ නැතුවා සත්තකය.

තවද “බුදුන්ට සර්වඥතා ඥානයක් තබා ළමයෙකුට ඇති නුවනක්වත් නැත” කියා මේ පාදිලි තැන, ඒ බව පෙන්වන්ට “සිනෙරු භික්කවේ පබ්බත රාජා” යනාදී පාඨයක් ගෙන හැර දැක්වූවා. ඒ පාඨය ගෙන හැර දැක්වුවේ “මහමෙරු පර්වතය කියා පර්වතයක් ඇති බුදුන්ගේ දේශනාවේ තිබෙනවාය” යයි පෙන්වන්ටය. මහා මේර නැති බව පෙන්වන්ට මේ පාදිලි තැන ඉදිරියට ගෙනාවේ ඉංග්‍රීසි භුමි ශාස්ත්රයය. ඒ භුමි ශාස්ත්‍රය ඉපදෙව්වේ සර් ඓසැක් නිව්ටන් යන ඉංග්‍රීසි පණ්ඩිත යාය. ඒ පණ්ඩිතය ඉපදෙව් භුමි ශාස්ත්‍රය ට විරුද්ධව ආර් ජේ මොරිසන් කියන ඉංග්‍රීසි පණ්ඩිත යා පොතක් ලියා තිබේ. ඒ පොත දැනට මා ලග තිබේ. ඒ පොතේ කියා තිබෙන කියමන්වල හැටියට නිව්ටන් ගේ භුමි ශාස්ත්‍රය බොරු බව ඔප්පු වේ. මේ පාදිලිතන සරණ කොටගත් නිව්ටන් ගේ භුමි ශාස්ත්‍රය අන්දමට රැදවල් වන්නේ පොලොව කරකවීමෙන්ය. නමුත් මොරිසන් ගේ කියමන්වල හැටියට ඉර ගමන් කරන බවත් පොලොව නිශ්චලව තිබෙන බවත් පෙනේ. ඉංගිසි පණ්ඩිතයන් අතර පවා මෙලෙස එක්සත් කමක් නැතුව වාද විවාදව තිබෙන භුමි ශාස්ත්‍රය කින් බුද්ධ ධර්මය බොරු කරන්න ආ එක කොපමණ ලාමකද?

මේ පාදිලි තැන බෝලයක් දික් කළ බව කාටත් පෙනෙන්ට ඇත. ඒ පෙන්නුවේ නිව්ටන් ඉපදෙව් භුමි සාස්ත්‍රයේ අන්දමට සදාපු බෝලයක්ය. ඒ බෝලය ඉතා ඉක්මනින් විසි කරමි. හේ කෙසේද:- මොරිසන් කියන්නෙත් ඉංග්‍රීසි පණ්ඩිත යෙක්ය . ඔහු පොලව කර නොකවෙන බවට අනන්ත සාක්ෂි දීල තිබෙනවාය. (ඒවා ගැනීමට ක්‍රිස්තියානු පක්ෂයට ඒ පොත භාර දුන්නාය) එයින් ඉහතපෙන්නු බෝලය විසි උනා සත්තකය. තවද මේ පාදිලි තැන පෙන්වා හිටිය භුමි සාස්ත්‍රය ගැන ඉංග්‍රීසි පණ්ඩිතයන අතරේද “සුර්ය සිද්ධාන්ත” ආදී පොත් කළ සංස්කෘත පණ්ඩිත යන අතරේද කිසි කලෙක නිශ්චයකට පමිලිලා නැත. ඉංග්‍රීසි පණ්ඩිතයන් නිතරම භුමි සාස්ත්‍රය ගැන වාද විවාද කරති. මේ අන්දමින් නිස්චයකට නොපැමිණ තිබෙන අවලංගු සාශ්ත්‍රය කින් කාරනා පෙන්වා බුද්ධ ධර්මය බොරු කරන්ට ආ එක මහත් විහිලුවක්ය. මේ පාදිලි තැනගේ බෝලයද විසි විය. තවද “මහමෙර” කියා විශාල පර්වතයක් උතුරු දිසාවේ තිබෙන බවට වැදගත් සාක්ෂි තිබේ. එනම් කොම්පාස් එකය. එම කොම්පාස් එකේ කාන්දම් බැදී කොන නිතරම උතුරටම හැරී සිටී. වෙන දිසාවකට ඒ කටුව කොයි කලෙක වත් හැරී සිටින්නේ නැත. එයින් කාන්දම අදින වස්තුවක් උතුරු දිසාවේ තිබෙන බව ඔප්පු වේ.

ඒ වස්තුව නම් අපි කියන්නේ මහා මෙරය. මගේ මේ කියමන බිද හෙලන්ට කිසිවෙකුටත් බැරුවා සත්තකය. එම නිසා මහාමේර ඇති බව මෙයින් ඔප්පු වේ. තවද කොම්පාස් කටුවේ කාන්දම බැදී කොන උතුරට අදින්නේ මේ නිසාය කියා කොයියම් ඉංගිරිසි පණ්ඩිතයෙක් වත් සොයලා තිබෙනවාද.? සොයලා තිබෙනවා නම් කියන්ට හොඳා.

ඒ ගැන යමක් මේ හිටින කිසිවෙකුන්ට කියන්ට බැරුවා සත්තකය. මහාමේර සමාන විශාල පර්වතයක් ලෝකයේ වෙන නැත්තේය. එම නිසා ඒ පර්වතය තිබෙන දිසාවට කාන්දම් කටුව අදින්නේය. තවද ලෝකයේ වට මහතා හැතැප්ම විසි පන්දාහක් බවද මහමෙර ජලයෙන් උඩට අසු හාර දාහක් තිබෙන බවද කියා එපමණ ලොකු පර්වතයක් මෙපමණ පුංචි ලෝකයක තිබෙන්ට බැරි බව ඔප්පු කරන්ටත් මේ පාදිලි තැන උත්සාහ කළා. ඒ උත්සාහය ඉතා නිෂ්ඵලයි.

මක්නිසාද ලෝකයේ ප්‍රමාණය කියා දුන්නෙත් නිව්ටන් ගේ ශාස්ත්රයේ හැටියටයි. වෙන ඉංගිරිසි පණ්ඩිත යන් දොස්කියන අස්ථිර ශාස්ත්‍රයෙන් ගෙන හැර පා ලෝකයේ ප්‍රමාණය ඒත්තු ගන්නට බැරිය. මේ හැර දඹදිව පණ්ඩිතයන් අතරේ යොදුන්වල ප්‍රමාණය ගැන නා නා මත තිබේ. ඒ නිසා බුද්ධාගමේ පොත්වල පෙන යොදුන් ප්‍රමාණය එයින් කොයි ප්‍රමාණයට එකතු දැයි මේ පාදිලි තැන දන්නවාද? ඉතින් මහමෙර ගැන මේ පාදිලි තැන කල කතාවට දිය යුතු උත්තර මෙපමණ සැහෙන හෙයින් මෙයින් නවතිමි. නමුත් මහමෙරක් ඇති බවට මවිසින් ගෙන හැර දැක්වූ කාරනාවල තිබෙන ස්ථිර කමත්, මේ පාදිලි තැන මහමෙරක් නැති බවට ගෙන හැර දැක්වූ කාරනාවල තිබෙන අස්තිරකමත් එපමණින් මේ සමුහයාට වැටහෙන්නට ඇත කියා සිතමි.

මේ ලඟට මේ පාදිලි තැනකතාකලේ මාතර දිසාවේ උන්නාන්සේ කෙනෙකුන්ට ඇල්ලු පිස්සුවක් ගැනය. උන්නාන්සේ කෙනෙකුට ලෙඩක් ඇල්ලීම බුද්ධාගමට නින්දාවක් නොවේ. බුද්ධාගමේ තිබෙන භාවනා ක්‍රමය නොදැන දුස්සීලව හිටගෙන භාවනාවේ යෙදෙන අයට පිස්සු අල්ලන බව බුද්ධාගමේ පොත්වල තිබේ. ඒ නිසා එයින් බුද්ධාගමට කිසි පලුදුවක් නැත. තවද මේ පාදිලි තැන බුදුන් ජීවත්ව සිටිය කාලයේ හිටිය පාපිෂ්ට භික්ෂුන් කල වැරදි කීවා, පාපිෂ්ට පුත්ගලයන් වැරදි කරන්නේ නැත කියා අපි කියන්නේ නැත. මේ කාලයේද එසේම වැරදි කරන භික්ෂුන් හිටිනවා සත්තකය. එයින් බුද්ධාගමට කිසි දෝෂයක් ඇත්තේ නැත. ශික්ෂා පද පැනව්වයින් පසු වැරදි කල භික්ෂුන් බුදුන් විසින් නියම කල දඬුවම් වලට යටත්වා මිස ශික්ෂා පද පනවන්ට මත්තෙන් වැරදි කල භික්ෂුන්ට දඬුවමක් පනවා ඇත්තේ නැත. යම් රජ කෙනෙක් ආඥාවක් පැනෙව්වොත්ඒ ආඥාව කඩකළ ඇත්තන්ට දඬුවම් කරනවා මිස ආඥාව ට ප්‍රථම ඒ ක්‍රියාවට යමෙකුට දඬුවම් දෙන සිරිතක් ඇත්තේ නැත. එමෙන්ම විනය ධර්මයෙහි ආදී කාර්මිකයාට දඬුවමක් නියම කල බවක් පෙනෙන්නට නැත. වැරදි කල භික්ෂුන්ට අච්චු දුන්නේ නැත කියා මේ පාදිලි තැන කීවේ මේ කාරනාව තේරුම් ගන්ට බැරි අඥාන කමින්ය. අසවල් භික්ෂුව අසවල් වැරැද්ද කළාය. ඒ ගැන මෙනම් අච්චුව නියම කළාය යනාදී වශයෙන් ඒ ඒ වැරදි කල භික්ෂුන්ගේ නම්ද, ඒවා ගැන නියම කල ශික්ෂා පදද, විනයෙහි පැහැදිලිව පෙනේ. එසේ තිබීමෙන් බුද්ධ ධර්මයෙහි තිබෙන නිර්මලකම ඔප්පු වෙයි. මේ පාදිලි තැන එබඳු නිර්මල විනය ධර්මයෙහි දොස් දැක්වීම පිණිස ඒවා ප්‍රකාශ කලාට එයින් බුද්ධාගමට කිසිම කිළුටක් නැත. දරු ගැබක් හෙලන්ට උපක්‍රම යෙදු පාපිෂ්ට ශ්‍රමණයෙක් ශාසනයෙන් තුරන්කළ බව විනයෙහි පෙනේ. ඒ ශ්රමනයාට “දුෂ්කට ආපත්තිය” ක් නියම කළායයි මේ පාදිලි තැන බොරුවක් කීවා සත්තකය. බුද්ධ ධර්මයේ නැති කරුණු ඇතැයි කියාද ඇති කරුණු නැතැයි කියාද මිත්‍යා වචන කියන්නේ මේ පාදිලි තැනගේ තිබෙන නුගත්කම නිසාමය.

“චුන්ද නම් තාපසයෙක් බුදුන්ට සුකර මාංශයක් දුන්න බවක් “මේ පාදිලි තැන කීවා. එබන්දක් බන පොතක ඇත්තේ නැත. චුන්ද නම් කර්මාර පුත්‍රයාය කියා කෙනෙක් බුදුන් පිරිනිවන් පාන දවසේ සුකර මද්දවයක් සහිත දානයක් දුන්න බව බන පොත්වල පෙනේ. එම දානය වැළඳු නිසා ඒ ආබාධ බුදුන්ට වැළඳුනා නොවේ. ඒ දානය ඒ දවසේ වැළඳුවේ නැතත් බුදු රජාණන් වහන්සේගේ පිරිනිවීම ඒ දවසේ වෙනවා සත්තකය. බුදුන් පිරිනිවන් පැදවසේ වැළඳු දානය කීවා මිස ඒ දානය නිසා බුදු රජාණන් වහන්සේට ඒ ආබාධය සැදුනු බවක් පෙන්වන්ට කීවා නොවේය. ඒ දවසේ වෙන දෙයක් වැළඳුවත් එත් ඔය අන්දමටම කියනවා ඇත. එම නිසා මේ ගැන වැඩිය කාරණා කියන්ට ඕනෑ නොකරමි. මේ පාදිලි තැන විසින් බුද්ධාගමට විරුද්ධව ගෙනහැර දැක්වූ කාරණාවලට උත්තර මෙපමණ සැහෙන නිසා මෙයින් නවතිමි.

අද උදය වරුවේ කතාකල කතිසේරු තැන බුද්ධාගමට විරුද්ධව ගෙන හැර දැක්වූ කාරනා වලින් උත්තර නොදී තුනක්ඉතුරුව තිබේ. එනම් තුන් සරණය ගැනද, උපසම්පදාව ගැනද, ආලාර කාලාම උද්දක රාමපුත්ත යන දෙදෙනා ගැනද, කල කතා තුනය. ඒ ගැන කීවේ බුදුන් ජීවත්ව නැති නිසා ඒ බුදුන්ගේ සරණ යාමෙන් පලක් නැතිලු. බුදුන්ගේ මරණය ගැන මේ කතිසේරු තැන යමක් නොදන්නා බව මොහුගේ කතාවෙන්ම පෙනේ.

හේ කෙසේද :- බුදුන්ගේ මරණය කාල තුනකට වේ. එයින් පළමුවෙනි මරණය නම් ක්ලේශ පරිනිර්වාණයයි. දෙවෙනි මරණය නම් ස්කන්ධ පරිනිර්වාණයයි. තුන්වෙනි මරණය නම් ධාතු පරිනිර්වාණයයි. එයින් පමුවෙනි මරණය වූ ක්ලේශ පරිනිර්වාණය බුදු වූ දවසේ බෝධි මුලයේදී වුයේය.එනම් සියලු කෙලෙස් නසා සර්වඥ තාවට පැමිණීමය. ස්කන්ධ පරිනිර්වාණය මල්ලව රජ දරුවන්ගේ සල් උයනේදීම වුයේය. එනම් පංචස්කන්ධය නිරිද්ධ වීමෙන් නිවනට පැමිණීමය. ධාතු පරිනිර්වාණය බුදුන් පිරිනිවී තැන පටන් අවුරුදු පන් දාහක් ගිය තැන බුදුන්ගේ සියලු ධාතු දඹදිව ජය ශ්‍රී බෝධි දෘම මුලයට පැමිණ එයින් ජීවමාන බුදුන්ගේ බුද්ධ රුපයක් නිර්මිතව ස්වල්ප කාලයක් දෙවියන්ට බන කියා ඉන්පසු ධාතු ආදාහනය වීමය. ඒ ධාතු ආදාහනය වීමට තවත් අවුරුදු දෙදාස් පන්සීය ගණනක් තිබේ.

ඒ කාලය යනතුරු බුදුන්ගේ ධාතු තිබෙන නිසා බුදුන්ගේ පිරිනිවීමේ සම්පුර්ණ තීන්දුව වෙනස්වන්නේ නැත. එම නිසා බුදුන්ගේ පැවැත්ම දැනට ලෝකයේ නැතැයි කය මේ කතිසේරු තැන කීවා වැරදිය. සර්දාව ඇති අයට ජීවමාන බුදුන්ට වැඳ පුදා ලබන ආනිසංස සධාතුක චයිත්යාදියට වැඳ පුදාලාත් ලබාගන්ට පුළුවන. තවද බුදුන්ගේ ගුණ ශරීරය සිහිකරන්ට පුළුවන් අය යම් පමණ කාලයක් ඇතුව සිටිනවා නම් එපමණ කල් බුදු සරණ නැතිවෙන්නේ නැත.

[QUOTE="dynamite1234, post: 20594032, member: 502516"] [B][SIZE="6"]8 වෙනි කථාව (වර්ෂ 1873 අගෝස්තු 28 වෙනි දින සවස 4 පටන් 5 දක්වා මොහොට්ටිවත්තේ ගුණානන්ද උන්නාන්සේ විසින් කල කතාව ) [/SIZE][/B] [SIZE="5"]මේ පාදිලි තැන මීට ඉහත කතා කරද්දී මට ‘විරුද්ධ කාරයා’ය කියාත් මවිසින් ඒ ගැන කාරනා කීවායින් පසු ‘මිත්‍රයාය’ කියාත් ව්‍යාවහාර කාලය. එයින් ඔහුගේ වැරැද්ද ඔහුටම තේරුම් ගිය බව පෙනේ. එම නිසා ඒ ගැන යමක් කියන්ට ඕනෑකරන්නේ නැත. පසුගිය අගහරුවාදා උදය වරුවේ මේ පාදිලි තැන කල කතාවේදී මනුෂ්‍යන් මුර්ගයන්ට සමාන කරලා බුද්ධාගමේ තිබෙනවාය යි කීවාය. එබදු ඉගැන්වීමක් බුද්ධාගමේ පොත්වල නැත. මනුෂ්‍යන් මුර්ගයන්ට සමාන කරලා තිබෙන්නේ ක්‍රිස්තියානි ආගමේය. ඒ බව මීට ඉහත බයිබලයෙන්ම වරක් මා විසින් ඔප්පු කාලය. නුමුත් ඒ කාරනාවම තව වරක් ඔප්පු කරමු. මක් නිසාද? ඒ ප්‍රස්තාවට ඒ කතාව අහගන නොසිටි වැදගත් උදවිය දැනට පැමිණ සිටින නිසාය. දේශනා කාරයාගේ 1 වෙනි පොතේ 3 වන පරිච්චේදයේ 19 වන පදේ මෙලෙස තිබේ. මනුෂ්‍ය පුත්‍රයන්ට වෙන දේ මුර්ගයන්ටත් වෙන්නේය. එකම දෙයක් ඔවුන්ට සිදු වේ. එකෙක් නසින හැටියේ අනිකා නසින්නේය. ඔවුන් සැමටම ඒක හුස්මක මුර්ගයෙකුට වඩා මිනිහෙකුට කිසි උතුම් කමක් නැත.” ඉතින් මනුෂ්‍යයන් මුර්ගයන්ට සමාන කරලා තිබෙන බව මෙයින් පැහැදිලිව ඔප්පු වේ. ‘මනුශ්යන්ට් මුර්ගයන්ට සමාන කරලා තිබෙන බව ක්‍රිස්තියානි ආගමෙන් ඔප්පු කරන්ට බැරිය’ කියා මේ පාදිලි තැන කී නමුත් ” ඔවුන් සැමටම එක හුස්මක” යන බයිබලයේ තිබෙන වචන වලින්ද මුර්ගයන්ගේද, මනුශ්යන්ගේද, වෙනසක් නැති බව ඔප්පු වේ. පටිචචා සමුප්පාද ධර්මය තේරුම් ගැනීමේ අමාරුව ප්‍රකාශ කිරීම පිණිස බුද්ධඝෝස තෙරුන්නාන්සේ විසින් දක්වා තිබෙන “වනතු කාමෝ අහිං අජ්ජ” යනාදී ගාථාවේ අභිප්‍රාව මා විසින් කියාදී ඉන් පසු මගේ දැනුම් පමණින් පටිචචා සමුප්පාද ධර්මය තේරුම් කර දුන්නා ඇත. එම නිසා බුද්ධගෝෂ තෙරුන්නාන්සේ ට වඩා මම සමර්තයෙක් වෙන්නේ නැත. එබන්දක් මා විසින් ඇගෙව්වේවත් නැත. මෙලෙස නිවැරදි කළාවූ මාගේ ඒ කතාවට මේ පාදිලි තැන දොස් කීවේ මොහුගේ පාලි දැනීමේ තරම මා විසින් මේ සමුහයාට පෙන්වා කල කතාවට ඊර්ෂ්‍යාවෙන් යයි සිතමි. එම නිසා මේ ගැන මීට වඩා යමක් කියන්ට ඕන නොකරයි. තවද මේ පාදිලි තැන පටිච්චා සමුප්පාද ධර්මය ගැන නවත්ත කියා දෙනවාය කියා පටන් ගෙන කාටවත් නොතේරෙන හල්ලක් කියාගෙන ගොස් “බුදුන්ගේ ඉගැන්වීම අවුල් සහිතය” කියාද, “එකකට එකක් විරුද්ධය” කියාද තීන්දු කාලය. මේ පාදිලි තැන කී ලෙස පටිච්චා සමුප්පාද ධර්මයෙහි අවුලක්වත් එකකට එකක් විරුද්ධ කමක්වත් ඇත්තේ නැත. මේ පාදිලි තැනට උත්පත්ති විඥාන චිත්තයෙන් ඇස් කන් නාසාදිය සම්බන්ධව පවතින් චක්ෂු විඥාන, ශ්‍රොත විඥානය ආදීන්ගේ වෙනස තේරෙන්නේ නැත. එසේ තේරෙනවානම්, “පටිච්චා සමුප්පාද ධර්මය අවුල්ය. එකිනෙකට විරුද්ධය” කියන්නේ නැත. උත්පත්ති විඥාන චිත්තයෙන් ඇස් කන් නාසාදිය සම්බන්ධව පවතින් චක්ෂු විඥාන, ආදීන්ගේ වෙනස දන ගැනීමට මීට ඉහත වරක් මා විසින් කාරනා කියා දුන්නාය. එම නිසා මෙහිදී ඒ ගැන වඩා විස්තර නොකරමි. මේ පාදිලි තැන “අප්පා නිසා පුතාද, පුතා නිසා අප්පාද උපදිනවාය” කීවාක් මෙන් පටිච්චා සමුප්පාද ධර්මය ද අවුල්ය කීවා මේ කාටත් ඇසෙන්ට ඇත. එම නිසා ඒ ගැන යමක් නොකියාම බැරිය. “අප්පා නිසා පුතාද, පුතා නිසා අප්පාද උපදිනවාය” කීවාම ඒ උත්පත්තියේ වටකුරු ගතියක් තිබේ එබදු වටකුරු උත්පත්තියක් ක්‍රිස්තියානි ආගමේ තිබේ. ඒ කෙසේද:- යෙහෝවා විසින් ක්‍රිස්තුස් ගේ මෑණියන් වන මරියා මැව් නිසා යෙහෝවාමරියා ගේ පියා වේ. මරියා යෙහොව්වාගේ දුව වේ. සුද්ධාත්මය මරියාගේ බඩේ පිළිසිද ගත් නිසා යෙහෝවා මරියාගේ පුතාවේ. මරියා යෙහොවාගේ මව් වේ. ක්‍රිස්තුස් මරියාගේ පුතා නිසා යෙහෝවා මරියාගේ පුරුෂයා වේ. මරියා යෙහොවාගේ ස්ත්‍රී වේ. ඉතින් මෙයින් පෙනෙන්නේ එකම මරියා එක වරකට, යෙහොව්වා ගේ දු ! බවත් එකවරකට යෙහොවාගේ මව්!! බවත්, එකවරකට යෙහොවාගේ ස්ත්‍රී !!! බවත්ය. මෙබදු නින්දිත උත්පත්තියක් ක්‍රිස්තියානි ආගමේ තිබෙද්දී පටිච්චා සමුප්පාද ධර්මයට “අප්පා නිසා පුතාද, පුතා නිසා අප්පාද උපදිනවාය” යන උපමාව කීවා කොහෙත්ම හරි නැත. “අප්පා නිසා පුතාද, පුතා නිසා අප්පාද උපදිනවාය” කීම හාත්පසින්ම ක්‍රිස්තුස්ගේ උත්පත්තියට කීවා නම් හරිය. එම නිසා මේ ගැන මීට වඩා යමක් කියන්ට ඕනෑ කරන්නේ නැත. ඉන් පසු මේ පාදිලි තැන ” දිව්‍ය ලෝකයේ සිට්න්නෙත් මනුෂ්‍යයෝ” ය කීවා මේ පිරිසට ඇහෙන්ට ඇත. ” දිව්‍ය ලෝකයේ සිට්න්නෙත් මනුෂ්‍යයෝ” ය මේ පාදිලි තැන කියනවා මිස මොනයම් ශාස්තරා ආගමකවත් කියලා නැත. මුන්නහෙගේ මේ කියමන අලුත් කියමනක් ය. “පරලොව ගමන් කරන ආත්මයක් ඇත” කියන මුන්නහෙලාට මේ අන්දමේ ප්‍රලාප නොදොඩා බැරිය. බොරු දෘෂ්ඨිය සවි කරන්ට කියන්ට ඕනෑ බොරුමය මිත්‍යා දෘෂ්ඨිකයන්ගේ කියමන් වල තිබෙන නිස්සරකම මෙඉන් දන ගනිත්වා. “මෙලොවින් පිටත්ව පරලොවට ආත්මයක් ගමන් කරනවානම් දිව්‍ය ලෝකයේ සිටින්නේත් මනුෂ්‍යයෝ වෙන්ට ඕනයි” කියා මවිසින් අසු ප්‍රශ්නයට උත්තරයක් දෙන්ට බැරි කම නිසා ” දිව්‍ය ලෝකයේ සිට්න්නෙත් මනුෂ්‍යයෝ” ය කියා දගලන බව මේ කතාවලින් පෙනේ. මේ අන්දමේ හැරුණු හැරුණු අතට උත්තර දෙන තමන්ගේම ආගමටත් විරුද්ධවන කියමන් කියන මුන්නහෙලා සමග වාද කරනවාට වඩා නිකන් හිඳීම යුතුය. දිවය ලෝක වල මනුෂ්‍යයෝ නැති බවත්, ඒවායේ ආනුභාව සම්පන්න දෙවියන් වහන්සේලා සිටින බවත් මේ සියල්ලන්ගේ හිත්වල ඇදී තිබෙන ඇත්තක් නිසා ඒ ගැන වැඩිය යමක් කියන්නට ඕනෑ කරන්නේ නැත. “ජීවත්වනු ලබනවා ඇත”. යන වචනය “මට තේරෙන්නේ නැත”යි කීවා මිස මේ පාදිලි තැන වත් ඒ ගැන අමුතු තේරුමක් කලේ නැත. ආදම් කරන කොට ගෙන සියල්ලෝම මරණයට පැමිනේන්නාක් මෙන් ක්‍රිස්තුස් වහන්සේ කරන කොට ගෙන සියල්ලෝම ජීවත්වනු ලබනවා ඇත” කියා බයිබලයේ තිබේ. ඒ ගැන මීට ඉහත විස්තර කීමි. ඒ නිසා මෙහිදී ඒ ගැන බයිබලය පෙරලන්නේ නැත. මෙලොව ජීවත් වීමට “ජීවත්වනු ලබනවා ඇත” කීවා නම් ක්‍රිස්තුස් ට ගැලවුම් කාරයා යයි කියන්ට ඕනෑ කරන්නේ නැත. ක්‍රිස්තුස් ඇදහීමෙන් පරලොවට වැඩකුත් නැත. මෙලොවින් පරලොවට ගමන්කරන ආත්මය ඉතා සියුම් එකක් නිසා එකේ ආකාරය කියන්ට බැරිලු. එසේ සියුම් නම් පරලොවට ගමන යන බව දන ගත්තේ කොහොමද? අරුප ලෝකවල උපදින සත්වයන්ගේ චිට්ට ලක්ෂණය කියාදීමට කාලය මදි බැව්” කීව මිස “කියන්ට බැරිය” යි නොකිව්වෙමි. අරුප ලෝකවල ඉපිදී සිටින බ්‍රහ්මයන්ගේ ආත්මයන් මුන්නහෙලා කියන ලෙස ගමන් යන්නේ නැත. මුන්නේහෙලා එබඳු බ්‍රහ්ම ලෝකවල් ඇත කියා විශ්වාස කරන්නේ නැත. එම නිසා මුන්නහෙලා කියන ආත්මය ඊට සමාන කළා වැරදිය. අද උදය වරුවේ කතා කල සිරිමාන්න කතිසේරු තැන විසින් බුද්ධාගමේ දොස් දැක්වීම පිණිස කල කතාවක් මේ පාදිලි තැන විසිනුත් ගෙනහැර දැක්වුව. එනම් ” බුදුන් පිරිනිවන් පාලා අවුරුදු 453 කට පසු බුද්ඩාගමේ ධර්මය පොත්වල ලිවුවාය” යන කීමයි. ඒ කියමනට මවිසින් නිසි උත්තර ඒ ළඟ පැයේදී දුන්නා ඇත. ඒ ගැන වැඩිය යමක් නොකියමි. නමුත් “සාමය සංග්‍රහව” කියන පත්‍රයේ 4 වෙනි කලාපයේ ඒ ගැන විස්තර කියමන් තිබේ. එම නිසා ඒ සංග්‍රහව උන්නන්සේලාට බාර දීම ඊට උත්තර වේ. (කියා ඒ සංග්‍රහව ක්‍රිස්තියානු පක්ෂයට භාර දුන්නා ඇත) තවද මේ පාදිලි තැන මෝසෙස් ගේ උත්තම කම හැගාවන්ට උත්සාහ කළා. ඒ උත්සාහය ස්ථිර කරන්ට අතිශයින්ම බැරිය. මක් නිසාද මෝසෙස් මිනී මරා රට හැර ගිය තක්කඩි යෙක්ය . “ඔහු යෙහෝවා භාරගත්තාට පසු එලෙස තක්කඩිකම් කෙළේ නැතයිකියා මේ පාදිලි තැන කී නමුත් බයිබලයේ නික්මයාම පොත කියවා බලන කාට නමුත් පෙනෙන්ට තිබෙන්නේ මෝසෙස් මැරෙන තුරුම මිනී මැරූ බවය. එබැවින් මෝසෙස් කොයි කාලයකටවත් ධර්මිස්ට පුද්ගලයෙක් ණෝවේන බව මේ සියල්ලන්ම තේරුම් ගනිත්වා. මෝසෙස් වැනි මිනී මරුවෙක් විසින් ලියන ලද “බයිබලය සැබෑවූ පොතක්ය ඒ පොතේ කියමන් කියමන් විශ්වාස කොට පරලොව ගැලවෙන්ට පුළුවනැයි” සිතීම වැලි මිරිකා තෙල් ගන්ට කරන උත්සාහයක් වැනිය. මේ ආදී අනත කාරණාවලින් ක්‍රිස්තියානි ආගම සබැ ආගමක් නොවන බව ඔප්පු වේ. එම නිසා ක්‍රිස්තියානි ආගම දුරින්ම දුරු කට යුතු. “අංගුලිමාල තෙරුන් වහන්සේ මිනී මරුවෙකැයි මේ පාදිලි තැන කීවා. ඒ කීම හාත්පසින්ම බොරුය. අංගුලිමාල තෙරුන් වහන්සේ කිසි කලෙක මිනිහෙක් මැරීම තබා කුහුබුවෙක් පමණවත් මැරුවේ නැත. එබන්දල් මේ පාදිලි තැනට බුද්ධාගමේ පොතකින් පෙන්වන්ට බැරිය. “අංගුලිමාල තෙරුන් වහන්සේ “ය යන නාමය උන්නාන්සේට ලැබුනේ මහණව රහත් වූවායින් පසුවය බුද්ධගන් කාරයෝ වැදුම් පිදුම් පවත්වන්නේ එම රහතන් වහන්සේටය. මහණව රහත් වෙන්ට මත්තෙන් වැරදි කලේ ඒ රහතන් වහන්සේ නොවේය. ඒ වැරදි කලේ පෘතග්ජන පුත්ගලයෙක්ය. ඒ පුද්ගලයා උත්තමයෙකි අපි කියන්නේ නැත. ‘අංගුලිමාල’ නම් කෙලෙස් සහිත ගෘහස්ත පුද්ගලයෙක් සිටියා සත්තකය. ඒ පුද්ගලයා කල වැරදි ආර්ය පුද්ගලයෙක් පිටට හෙලන්ට උත්සාහ කලාට එක පුළුවන් වැඩක් නොවේය. අරහන්තික ආලවක ගැනත් දෙන උත්තරය එලෙසමය. එම නිසා ඒ ගැන මගේ කාලය මිඩංගු කරන්නේ නැත. තවද මේ පාදිලි තැන වෙස්සන්තර රජ්ජුරුවන්ගේ දානාද්යාසයට නින්දා කරනු කැමතිව කතාවක් කලා ය. අද උදය වරුවේ සිරිමාන්න කතිසේරු තැන කළ කතාවත් මේ කතාවමය. එම නිසා සිරිමාන්න කතිසේරු තැනගේ එම කතාවට මවිසින් දුන් උත්තරම මේ කතාවට උත්තර වේ. එබැවින් මේ පාදිලි තැන වෙස්සන්තර රජ්ජුරුවෝ ගැන කේ කතාවට උත්තර ඒවම බව සැලකිය යුතු නමුත් මේ පාදිලි තැන “තේරී අපදාන” හි තිබෙන ගාථා කැබලි කීපයක් කීව එනම් ” නෙක කොටි සහස්සානං හරියත්තාය දායිමන්” යනාදියය. මේ ගාථා කැබලි කීවේ බෝධි සත්වයෝ තමන්ගේ ස්ත්‍රී අඹු කමට අනුන්ට පාවා දුන් බව ඔප්පු කරන්ටය. ඒ ගතාවලින් එබන්දක් ඔප්පු වෙන්නේ නැත. මක් නිසාද වෙස්සන්තර රජ ශක්‍ර බ්‍රාහ්මණයා ට මන්ත්‍රී දෙවි පාවා දුන්නාය. සත්තකය. ඒ දීමට “හරියත්තාය දායිමන්” නොකියා බැරිය. නමුත් ඒ බ්‍රාහ්මණයා මන්ත්‍රී දේවි අඹු කමට ගත්තේ නැත. එම වෙස්සන්තර රජ්ජුරුවන්ටම එම ක්ෂනයේදීම ආපසු භාර දී ගිය බව වෙස්සන්තර ජාතකයෙහි පෙනේ. එම නිසා ඒ ගතා පදවලින් එබන්දක් ඔප්පු ණෝවේ. ” බෝධි සත්වයෝ තමන්ගේ ස්ත්‍රී අඹු කමට දුන්නාය කියා ඔප්පු කරන්ට නම් එසේ දීපු කාලයේදී ස්ත්‍රී කොට තබා ගෙන උන් තැනක් පොතකින්පෙන්වන්ට ඕනෑය. එසේ පෙන්වන්ට මේ පාදිලි තැනගේ සමර්තකම මදිය. මේ ගැන උත්තර මෙපමණ සැහෙන නිසා මෙපමණකින් නවතිමි. තවද මේ පාදිලි තැන “අගතා ගතානං” යනාදී පාලි වාසගම් කැබැල්ලක් කීවාය ඒ වාසගම බුද්ධ දේශනාවය කියලාත් බොහොම උඩ පැන්නාය. එබඳු පාලි වාසගම් කැබැල්ලක් බුද්ධ දේශනාව තුල කොතනකවත් ඇත්තේ නැත. එසේ ඇතුවානම් දේශනා පොතකින් පෙන්විය යුතුය. ඒ පෙන්වන්ට බැරුවා සත්තකය. බෝධි සත්වයෝ දන් පිණිස ඇස්, ඉස්, මස්, ලේ, අඹු දරුවන් දුන්නා සත්තකය. බුද්ධත්වය ලෝකෝත්තර පදවියක් නිසා එබඳු ආශ්චර්යමත් දානාද්යාසයක් ඇති කෙනෙකුට මිස නැති කෙනෙකුන්ට ලබන්ට බැරිය. මේ ගැනත් මීට ඉහත මවිසින් කාරනා පෙන්වා දුන් නිසා මීට වැඩිය යමක් කියන්ට ඕනෑ කරන්නේ නැත. තවද මේ පාදිලි තැන බුදු රජාණන් වහන්සේට නින්දා කිරීම සඳහා පරන්තප ජාතකය, සුසන්දිය ජාතකය යන ජාතක දෙක ගැන හැර දක්වා එහිදී බෝධිසත්වයෝ වැරදි කළ බව කීවා මේ ඇත්තන්ට ඇසෙන්ට ඇත. එයින් බුදු රජාණන් වහන්සේට වත්, බුද්ධාගම ට වත් කිසි අපහාසයක් නැත. මකිනිසාද කෙලෙස් සහිත පුද්ගලයෝ වැරදි කරනවා සත්තකය. කෙලෙස් සහිත පුද්ගලයෙක් වැරදි කලාට නිකෙලෙස් වූ බුදුන්ට එයින් කිසි අපහාසයක් නැත. . “බෝධි සම්භාර පුරන බෝධිසත්වයන් වහන්සේලා වැරදි කරන්නේ නැත” කියා අපි කියන්නේ නැත. බුදු උනායින් පසු උන් වහන්සේ කිසි වරදක් කෙළේ නැත. බුද්ධාගම් කාරයින් වන අපි සරණ යන්නේ, අදහන්නේ, වදින්නේ, පුදන්නේ බුදුන්ටය. බෝධිසත්වයන් සරණ යාමක් අපේ නැත. එම නිසා බෝධිසත්වයෝ කළ දෝෂයක් ගෙන හැර දැක්වීම නිෂ්ඵලය. තවද, “බුද්ධන්කුර” කියන්නේ පැල වේගන යන බුදුන්ය කියා මේ පාදිලි තැන කීව මේ කාටත් ඇසෙන්ට ඇත එබදු අර්ථයක් “බුද්ධන්කුර”යන වචනයට කියන්ට බැරිය. මේ පාදිලි තැනගේ නුගත්කම නිසා ඔය අන්දමේ ප්‍රලාප දෙඩෙව්වා මිස උගතෙක් නම් දොඩන්නේ නැතුවා සත්තකය. තවද “බුදුන්ට සර්වඥතා ඥානයක් තබා ළමයෙකුට ඇති නුවනක්වත් නැත” කියා මේ පාදිලි තැන, ඒ බව පෙන්වන්ට “සිනෙරු භික්කවේ පබ්බත රාජා” යනාදී පාඨයක් ගෙන හැර දැක්වූවා. ඒ පාඨය ගෙන හැර දැක්වුවේ “මහමෙරු පර්වතය කියා පර්වතයක් ඇති බුදුන්ගේ දේශනාවේ තිබෙනවාය” යයි පෙන්වන්ටය. මහා මේර නැති බව පෙන්වන්ට මේ පාදිලි තැන ඉදිරියට ගෙනාවේ ඉංග්‍රීසි භුමි ශාස්ත්රයය. ඒ භුමි ශාස්ත්‍රය ඉපදෙව්වේ සර් ඓසැක් නිව්ටන් යන ඉංග්‍රීසි පණ්ඩිත යාය. ඒ පණ්ඩිතය ඉපදෙව් භුමි ශාස්ත්‍රය ට විරුද්ධව ආර් ජේ මොරිසන් කියන ඉංග්‍රීසි පණ්ඩිත යා පොතක් ලියා තිබේ. ඒ පොත දැනට මා ලග තිබේ. ඒ පොතේ කියා තිබෙන කියමන්වල හැටියට නිව්ටන් ගේ භුමි ශාස්ත්‍රය බොරු බව ඔප්පු වේ. මේ පාදිලිතන සරණ කොටගත් නිව්ටන් ගේ භුමි ශාස්ත්‍රය අන්දමට රැදවල් වන්නේ පොලොව කරකවීමෙන්ය. නමුත් මොරිසන් ගේ කියමන්වල හැටියට ඉර ගමන් කරන බවත් පොලොව නිශ්චලව තිබෙන බවත් පෙනේ. ඉංගිසි පණ්ඩිතයන් අතර පවා මෙලෙස එක්සත් කමක් නැතුව වාද විවාදව තිබෙන භුමි ශාස්ත්‍රය කින් බුද්ධ ධර්මය බොරු කරන්න ආ එක කොපමණ ලාමකද? මේ පාදිලි තැන බෝලයක් දික් කළ බව කාටත් පෙනෙන්ට ඇත. ඒ පෙන්නුවේ නිව්ටන් ඉපදෙව් භුමි සාස්ත්‍රයේ අන්දමට සදාපු බෝලයක්ය. ඒ බෝලය ඉතා ඉක්මනින් විසි කරමි. හේ කෙසේද:- මොරිසන් කියන්නෙත් ඉංග්‍රීසි පණ්ඩිත යෙක්ය . ඔහු පොලව කර නොකවෙන බවට අනන්ත සාක්ෂි දීල තිබෙනවාය. (ඒවා ගැනීමට ක්‍රිස්තියානු පක්ෂයට ඒ පොත භාර දුන්නාය) එයින් ඉහතපෙන්නු බෝලය විසි උනා සත්තකය. තවද මේ පාදිලි තැන පෙන්වා හිටිය භුමි සාස්ත්‍රය ගැන ඉංග්‍රීසි පණ්ඩිතයන අතරේද “සුර්ය සිද්ධාන්ත” ආදී පොත් කළ සංස්කෘත පණ්ඩිත යන අතරේද කිසි කලෙක නිශ්චයකට පමිලිලා නැත. ඉංග්‍රීසි පණ්ඩිතයන් නිතරම භුමි සාස්ත්‍රය ගැන වාද විවාද කරති. මේ අන්දමින් නිස්චයකට නොපැමිණ තිබෙන අවලංගු සාශ්ත්‍රය කින් කාරනා පෙන්වා බුද්ධ ධර්මය බොරු කරන්ට ආ එක මහත් විහිලුවක්ය. මේ පාදිලි තැනගේ බෝලයද විසි විය. තවද “මහමෙර” කියා විශාල පර්වතයක් උතුරු දිසාවේ තිබෙන බවට වැදගත් සාක්ෂි තිබේ. එනම් කොම්පාස් එකය. එම කොම්පාස් එකේ කාන්දම් බැදී කොන නිතරම උතුරටම හැරී සිටී. වෙන දිසාවකට ඒ කටුව කොයි කලෙක වත් හැරී සිටින්නේ නැත. එයින් කාන්දම අදින වස්තුවක් උතුරු දිසාවේ තිබෙන බව ඔප්පු වේ. ඒ වස්තුව නම් අපි කියන්නේ මහා මෙරය. මගේ මේ කියමන බිද හෙලන්ට කිසිවෙකුටත් බැරුවා සත්තකය. එම නිසා මහාමේර ඇති බව මෙයින් ඔප්පු වේ. තවද කොම්පාස් කටුවේ කාන්දම බැදී කොන උතුරට අදින්නේ මේ නිසාය කියා කොයියම් ඉංගිරිසි පණ්ඩිතයෙක් වත් සොයලා තිබෙනවාද.? සොයලා තිබෙනවා නම් කියන්ට හොඳා. ඒ ගැන යමක් මේ හිටින කිසිවෙකුන්ට කියන්ට බැරුවා සත්තකය. මහාමේර සමාන විශාල පර්වතයක් ලෝකයේ වෙන නැත්තේය. එම නිසා ඒ පර්වතය තිබෙන දිසාවට කාන්දම් කටුව අදින්නේය. තවද ලෝකයේ වට මහතා හැතැප්ම විසි පන්දාහක් බවද මහමෙර ජලයෙන් උඩට අසු හාර දාහක් තිබෙන බවද කියා එපමණ ලොකු පර්වතයක් මෙපමණ පුංචි ලෝකයක තිබෙන්ට බැරි බව ඔප්පු කරන්ටත් මේ පාදිලි තැන උත්සාහ කළා. ඒ උත්සාහය ඉතා නිෂ්ඵලයි. මක්නිසාද ලෝකයේ ප්‍රමාණය කියා දුන්නෙත් නිව්ටන් ගේ ශාස්ත්රයේ හැටියටයි. වෙන ඉංගිරිසි පණ්ඩිත යන් දොස්කියන අස්ථිර ශාස්ත්‍රයෙන් ගෙන හැර පා ලෝකයේ ප්‍රමාණය ඒත්තු ගන්නට බැරිය. මේ හැර දඹදිව පණ්ඩිතයන් අතරේ යොදුන්වල ප්‍රමාණය ගැන නා නා මත තිබේ. ඒ නිසා බුද්ධාගමේ පොත්වල පෙන යොදුන් ප්‍රමාණය එයින් කොයි ප්‍රමාණයට එකතු දැයි මේ පාදිලි තැන දන්නවාද? ඉතින් මහමෙර ගැන මේ පාදිලි තැන කල කතාවට දිය යුතු උත්තර මෙපමණ සැහෙන හෙයින් මෙයින් නවතිමි. නමුත් මහමෙරක් ඇති බවට මවිසින් ගෙන හැර දැක්වූ කාරනාවල තිබෙන ස්ථිර කමත්, මේ පාදිලි තැන මහමෙරක් නැති බවට ගෙන හැර දැක්වූ කාරනාවල තිබෙන අස්තිරකමත් එපමණින් මේ සමුහයාට වැටහෙන්නට ඇත කියා සිතමි. මේ ලඟට මේ පාදිලි තැනකතාකලේ මාතර දිසාවේ උන්නාන්සේ කෙනෙකුන්ට ඇල්ලු පිස්සුවක් ගැනය. උන්නාන්සේ කෙනෙකුට ලෙඩක් ඇල්ලීම බුද්ධාගමට නින්දාවක් නොවේ. බුද්ධාගමේ තිබෙන භාවනා ක්‍රමය නොදැන දුස්සීලව හිටගෙන භාවනාවේ යෙදෙන අයට පිස්සු අල්ලන බව බුද්ධාගමේ පොත්වල තිබේ. ඒ නිසා එයින් බුද්ධාගමට කිසි පලුදුවක් නැත. තවද මේ පාදිලි තැන බුදුන් ජීවත්ව සිටිය කාලයේ හිටිය පාපිෂ්ට භික්ෂුන් කල වැරදි කීවා, පාපිෂ්ට පුත්ගලයන් වැරදි කරන්නේ නැත කියා අපි කියන්නේ නැත. මේ කාලයේද එසේම වැරදි කරන භික්ෂුන් හිටිනවා සත්තකය. එයින් බුද්ධාගමට කිසි දෝෂයක් ඇත්තේ නැත. ශික්ෂා පද පැනව්වයින් පසු වැරදි කල භික්ෂුන් බුදුන් විසින් නියම කල දඬුවම් වලට යටත්වා මිස ශික්ෂා පද පනවන්ට මත්තෙන් වැරදි කල භික්ෂුන්ට දඬුවමක් පනවා ඇත්තේ නැත. යම් රජ කෙනෙක් ආඥාවක් පැනෙව්වොත්ඒ ආඥාව කඩකළ ඇත්තන්ට දඬුවම් කරනවා මිස ආඥාව ට ප්‍රථම ඒ ක්‍රියාවට යමෙකුට දඬුවම් දෙන සිරිතක් ඇත්තේ නැත. එමෙන්ම විනය ධර්මයෙහි ආදී කාර්මිකයාට දඬුවමක් නියම කල බවක් පෙනෙන්නට නැත. වැරදි කල භික්ෂුන්ට අච්චු දුන්නේ නැත කියා මේ පාදිලි තැන කීවේ මේ කාරනාව තේරුම් ගන්ට බැරි අඥාන කමින්ය. අසවල් භික්ෂුව අසවල් වැරැද්ද කළාය. ඒ ගැන මෙනම් අච්චුව නියම කළාය යනාදී වශයෙන් ඒ ඒ වැරදි කල භික්ෂුන්ගේ නම්ද, ඒවා ගැන නියම කල ශික්ෂා පදද, විනයෙහි පැහැදිලිව පෙනේ. එසේ තිබීමෙන් බුද්ධ ධර්මයෙහි තිබෙන නිර්මලකම ඔප්පු වෙයි. මේ පාදිලි තැන එබඳු නිර්මල විනය ධර්මයෙහි දොස් දැක්වීම පිණිස ඒවා ප්‍රකාශ කලාට එයින් බුද්ධාගමට කිසිම කිළුටක් නැත. දරු ගැබක් හෙලන්ට උපක්‍රම යෙදු පාපිෂ්ට ශ්‍රමණයෙක් ශාසනයෙන් තුරන්කළ බව විනයෙහි පෙනේ. ඒ ශ්රමනයාට “දුෂ්කට ආපත්තිය” ක් නියම කළායයි මේ පාදිලි තැන බොරුවක් කීවා සත්තකය. බුද්ධ ධර්මයේ නැති කරුණු ඇතැයි කියාද ඇති කරුණු නැතැයි කියාද මිත්‍යා වචන කියන්නේ මේ පාදිලි තැනගේ තිබෙන නුගත්කම නිසාමය. “චුන්ද නම් තාපසයෙක් බුදුන්ට සුකර මාංශයක් දුන්න බවක් “මේ පාදිලි තැන කීවා. එබන්දක් බන පොතක ඇත්තේ නැත. චුන්ද නම් කර්මාර පුත්‍රයාය කියා කෙනෙක් බුදුන් පිරිනිවන් පාන දවසේ සුකර මද්දවයක් සහිත දානයක් දුන්න බව බන පොත්වල පෙනේ. එම දානය වැළඳු නිසා ඒ ආබාධ බුදුන්ට වැළඳුනා නොවේ. ඒ දානය ඒ දවසේ වැළඳුවේ නැතත් බුදු රජාණන් වහන්සේගේ පිරිනිවීම ඒ දවසේ වෙනවා සත්තකය. බුදුන් පිරිනිවන් පැදවසේ වැළඳු දානය කීවා මිස ඒ දානය නිසා බුදු රජාණන් වහන්සේට ඒ ආබාධය සැදුනු බවක් පෙන්වන්ට කීවා නොවේය. ඒ දවසේ වෙන දෙයක් වැළඳුවත් එත් ඔය අන්දමටම කියනවා ඇත. එම නිසා මේ ගැන වැඩිය කාරණා කියන්ට ඕනෑ නොකරමි. මේ පාදිලි තැන විසින් බුද්ධාගමට විරුද්ධව ගෙනහැර දැක්වූ කාරණාවලට උත්තර මෙපමණ සැහෙන නිසා මෙයින් නවතිමි. අද උදය වරුවේ කතාකල කතිසේරු තැන බුද්ධාගමට විරුද්ධව ගෙන හැර දැක්වූ කාරනා වලින් උත්තර නොදී තුනක්ඉතුරුව තිබේ. එනම් තුන් සරණය ගැනද, උපසම්පදාව ගැනද, ආලාර කාලාම උද්දක රාමපුත්ත යන දෙදෙනා ගැනද, කල කතා තුනය. ඒ ගැන කීවේ බුදුන් ජීවත්ව නැති නිසා ඒ බුදුන්ගේ සරණ යාමෙන් පලක් නැතිලු. බුදුන්ගේ මරණය ගැන මේ කතිසේරු තැන යමක් නොදන්නා බව මොහුගේ කතාවෙන්ම පෙනේ. හේ කෙසේද :- බුදුන්ගේ මරණය කාල තුනකට වේ. එයින් පළමුවෙනි මරණය නම් ක්ලේශ පරිනිර්වාණයයි. දෙවෙනි මරණය නම් ස්කන්ධ පරිනිර්වාණයයි. තුන්වෙනි මරණය නම් ධාතු පරිනිර්වාණයයි. එයින් පමුවෙනි මරණය වූ ක්ලේශ පරිනිර්වාණය බුදු වූ දවසේ බෝධි මුලයේදී වුයේය.එනම් සියලු කෙලෙස් නසා සර්වඥ තාවට පැමිණීමය. ස්කන්ධ පරිනිර්වාණය මල්ලව රජ දරුවන්ගේ සල් උයනේදීම වුයේය. එනම් පංචස්කන්ධය නිරිද්ධ වීමෙන් නිවනට පැමිණීමය. ධාතු පරිනිර්වාණය බුදුන් පිරිනිවී තැන පටන් අවුරුදු පන් දාහක් ගිය තැන බුදුන්ගේ සියලු ධාතු දඹදිව ජය ශ්‍රී බෝධි දෘම මුලයට පැමිණ එයින් ජීවමාන බුදුන්ගේ බුද්ධ රුපයක් නිර්මිතව ස්වල්ප කාලයක් දෙවියන්ට බන කියා ඉන්පසු ධාතු ආදාහනය වීමය. ඒ ධාතු ආදාහනය වීමට තවත් අවුරුදු දෙදාස් පන්සීය ගණනක් තිබේ. ඒ කාලය යනතුරු බුදුන්ගේ ධාතු තිබෙන නිසා බුදුන්ගේ පිරිනිවීමේ සම්පුර්ණ තීන්දුව වෙනස්වන්නේ නැත. එම නිසා බුදුන්ගේ පැවැත්ම දැනට ලෝකයේ නැතැයි කය මේ කතිසේරු තැන කීවා වැරදිය. සර්දාව ඇති අයට ජීවමාන බුදුන්ට වැඳ පුදා ලබන ආනිසංස සධාතුක චයිත්යාදියට වැඳ පුදාලාත් ලබාගන්ට පුළුවන. තවද බුදුන්ගේ ගුණ ශරීරය සිහිකරන්ට පුළුවන් අය යම් පමණ කාලයක් ඇතුව සිටිනවා නම් එපමණ කල් බුදු සරණ නැතිවෙන්නේ නැත. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom