Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
පානදුරා වාදය !
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ධර්මයේ සරණ යනවා කියන්නේ බන පොත්වල සරණ යාම නොවේ. ධර්මය කියන්නේ බුදුන් වදාළ නව ලෝකෝත්තර ශ්‍රී සද්ධර්ම රත්නයටය. ඒ ධර්මය බුදුන්ටත් ගුරුන් වේ. ඒ ධර්මය යමෙක් විශ්වාස කරනවා නම් එලෙස පිළිපදිනවා නම්, එයින් පරලොව ගැලවීම ලැබේ. ධර්මයේ සරණ යාමේ අදහස මෙයින් තේරුම් ගනිත්වා! ධර්මයේ සරණ යාමේ අදහස මෙයින් තේරුම් ගනිත්වා! සංඝං සරණා ගච්චාමි යන පදයට ඇතුලත් වෙන්නේ දැන් සිටින සංඝයා නොවේ. සංඝයා වනාහී ආර්ය ය සංඝයාය සම්මුති සංඝයාය කියා කොටස් දෙකක් වේ. එයින් ආර්ය ය සංඝයා කියන්නේ සතර මග සතර ඵලයට පැමිණි අශ්ටාචාර්ය පුද්ගල සංඝයාය. සම්මුති සංඝයාය කියන්නේ චතුර්විද විනය කර්මයට ඇතුලත් උපසම්පදා සංඝයාය. මෙකී ද්විප්‍රකාර සංඝයා අතුරෙන් ආර්ය සංඝයා සරණා ගැනීමට ඇතුලත් වේ. එබඳු උත්තමයන් විශ්වාස කිරීමෙන්ද, උන්වහන්සේලාට වන්දනා මාන ආදිය කිරීමෙන්ද, අනන්ත පින් ලැබේ. සංඝයාගේ සරණ යාමේ අදහස මෙයින් දැන ගනිත්වා.

තවද මේ කතිසේරු තැන සියම්, අමරපුර, යන සමාගම් දෙකේ සංඝයාට දොස් කීම ගැන, ‘ලක් රිවිකිරණ’ පත්‍ර මාර්ගයෙන් කරන ලද උපසම්පදා වාදය ගෙන හැර දැක්වූවාය. ඒ වාදයට සියම්, අමරපුර, යන සමාගම් දෙකේ හිටින වැදගත් සංඝයා වහන්සේලා බැඳී නැත. ඒ වාදයෙන්, එයට බැඳී හිටින දෙදෙනාගේ මොකක්දෝ අදහසක් ඉෂ්ට කර ගැනීමට, හරි නම් වලින් ඉදිරියට නෑවිත්, සැඟවිලා හිටගෙන කරන මිත්‍යා වාදයක් බව පෙනේ. සර්වප්‍රකාරයෙන්ම ඒ බව ඔප්පු කරන්ට පුළුවන. එම නිසා ඒ වාදය කිරීමෙන්, අපේ මෙම සමාගම් දෙකේ සංඝයාට කිසිම කිළුටක් නැත. එබැවින් ඒ ගැන කරන කතාවද මෙයින් නවත්වමි.

ආලාර කාලම, උද්දකරාම යන දෙදෙනා ගැන මේ කතිසේරු තැන කල කතාවට නිසි උත්තර මීට ප්‍රථම අපි දෙපක්ෂය අතරේ කල බද්දේගම වාදයේද, වෙනත් වාද වලදීද දීලා ඇත. ඒ ගැන අච්චු ගහපු පොත් පවා දැනට මා ළඟ තිබේ. එයින් පොතක් ක්‍රිස්තියානි ආගමට භාර දීම ඊට උත්තර වේය. නමුත් මට ලැබී තිබෙන පැය තව ඉකුත් නොවූ බැවින් ඒ ගැන මදක් කාරණා කියමි.

බුදුන්ට නිතර පේන ඥානයක් ඇත්තේ නැත. උන්වහසේගේ සර්වඥතා ඥානය අවර්ජනාව පිලිබඳවය. එනම් උන්වහන්සේට යමක් බලන්ට ඔනෑ වූ විටක දීව්‍ය ඥානය නමැති ඇස ඈර බැලීමය. එසේ බැලූ කල්හි ඒ සියල්ල පේනවාය. මේ මනුස්යයන්ගේ ඇස් වලට නමුත් යමක් පෙනෙන්නේ ඇස් ඇර බැලුවාමය. ඇස ඇර නොබැලු යමක් නොදුටුවාම ඇස් තිබෙන කෙනෙකුන්ට ඇස් නැත කීම වැරදිය. ආලාර කාලාම උද්දක රාම යන තවුසන් දෙදෙනාට බන කියන්ට බුදුන් කල්පනා කළා මිස දිව්‍ය ඥාන නමැති ඇස ඇර බැලුවේ නැත. එකල ඒ දෙදෙනා මැරිලා බව දේවතාවෙක් විසින් කීවාය. ඉන්පසු දිව්‍ය ඥානයෙන් බලා ඒ දෙදෙනා උපන් තැන පවා දැනගත් බව බුද්ධ දේශනාවේ තිබේ. ඒ දෙදෙනාට බන කියන්ට බුදුන් සිතුවේ ඔවුන් ආශ්‍රය කරලා අඳුනන නිසාය. නිතර සියල්ල පෙනී පෙනී තිබෙන ඥානයක් යමෙකුන්ට ඇතුවා නම් ඒ ඇත්තාට නරකාදී දුකක් හා සමාන වේය. එබඳු ඥානයක් බුදුන්ට නැත. “යෙහොවාට එබඳු ඥානයක් තිබෙනවාය” යි ක්‍රිස්තියානි කාරයෝ කියති. එබඳු නිතර පෙනෙන ඥානයක් යෙහොවාට තිබෙන නිසා මේ ලෝකයේ මනුෂ්‍යයන් අතරේ පවතින ඇහැට දකින්ට අප්‍රිය වූ මල මුත්‍රා කිරීම් ආදී නින්දිත දේ පෙනී පෙනී ඉන්නවා සත්තකය. එසේ නින්දිත දේ පෙනී පෙනී ඉන්න යෙහොවාට ඇති දුක, නරකාදී දුකක් හා සමානය. බුදු රජානන්වහන්සේට එබඳු දුකක් ඇත්තේ නැත. මක්නිසාද නිතර සියල්ල පේන ඥානයක් උන්වහන්සේට නැති නිසාය. සර්වඥතා ඥානය ආවර්ජනාව පිළිබදවය. යෙහොවාගේ නිතර පේන ඥානය අවාසනාවත ඥානයක් බවත් ආවර්ජනාව සහිත බුදුන්ගේ ඥානය වාසනාවන්ත ඥානයක් බවත් මෙයින් ඔප්පු වේ. ආලාරකාලාම උද්දකරාම යන දෙදෙනා ගැන අසු ප්‍රශ්නවලට මේ උත්තර ඕනෑවටත් වැඩි නිසා මෙයින් නවතිමි. .

මිත්‍ර වරුනි, මට කතා කරන්ට බලේ තිබෙන පැයෙන් තව ස්වල්ප කාලයක් ඉතිරිව තිබේ. ඒ කාලය තුල ක්‍රිස්තියානි ආගමේ තත්වය පෙන්වීම පිණිස මදක් කාරණා කියමි. ඒ යහපත්ව ඇසිය යුතු.

ක්‍රිස්තියානි කාරයෝ මැවුන්කාරයා කව්ද කියා අඳුනන්නේ නැත. ඒ බවට සාක්ෂි බයිබලයෙන්ම මට පෙන්වන්ට පුළුවන. “දෙවියන් වහන්සේගේ ඉස්පිරිතුව ජාල මතුහෙහි හැසිරුණේය” කියා බයිබලයෙහි මුලම තිබේ. ඒ වචන ලිව්වාවූ බයිබල් කාරයාත් එපමණ මෝඩයෙක් නොවේය. මක්නිසාද ඉස්පිරිතුව ජල මතුයෙහි හැසිරෙන්නේ නැතුව යමක් හටගන්නට හෙවත් මැවෙන්ට බැරි නිසාය. ඒ බව හොඳට වැටහෙන්ට හෙවත් මැවෙන්ට බැරි නිසාය. ඒ බව හොඳට වැටහෙන්නට වැදගත් සාක්ෂියක් පෙන්වමි.

මේ පොල් ගස්වල තිබෙන පොල්ගෙඩි මාස දොළහක් පමණ ගහේ තිබෙනවාය. ඒ ගෙඩියේ වතුර තිබෙන නමුත් ඒ වතුරේ පනුවෝ නැත එම පොල් ගෙඩිය හිල් කරලා කීප දවසක් තිබෙන්ට ඇරියොත්

එහි පනුවෝ උපදිනවා සත්තකය. පොල් ගෙඩිය හිල් කරන්ට මත්තෙන් පනුවෝ නුපදන්නෙත් හිල් කළායින් පසු පනුවෝ උපදින්නේත් මක්නිසාද කියා කල්පනා කටයුතු. කොපමණ කාලයක් නමුත් හුළඟ නොවදින්නට වතුර තිබෙන්නට පුළුවන් නම් පනුවෙක්වත් එවෙන මොනයම් සතෙක්වත් එහි හට ගන්නේ නැත. හුළඟ වදින ලෙස ටික දවසක් වතුර යක් තැනක තිබුනොත් එහි පනුවෝ හටගනී. මක් නිසාද වායෝ, තේජෝ, ආපෝ, යන ධාතු තුන එකට සංසර්ගය වන නිසාය. “දෙවියන් වහන්සේගේ ඉස්පිරිත්තුව ජල මතුයෙහි හැසිරුනාය” කියා බයිබල් කාරයා ලීවේ යමක් හට ගැනීමට ඕනෑ කරන්නාවූ හේතුව පෙන්වීම පිණිස බව කොහෙත්ම සැක නැත. “වායෝ තේජෝ ආපෝ ” කියන හුලන්ගත්, ගිනිත්, වතුරත් යන ධාතු ත්‍රය නිසා සියල්ල හට ගන්නවා සත්තකය. එම නිසා මෙම ධාතු තුන මැවුන් කාරයෝ වේය. මේ ධාතුන්ගේ ආධාරය නැතුව ලෝකයේ කිසි දෙයක් පවතින්නට බැරිය. එබැවින් සියල්ල රක්ෂා කරන්නාවූ ආරක්ෂා කාරයොත් මේ ධාතු ම වේය තවද මේ කියන ලද ධාතු ත්‍රය සියලු තැනම පැතිරී තිබේ. එම නිසා “සියලු තැන පිරී වැඩ සිටිනවාය” කීවාටත් කොහෙත් වැරද්දක් නැත. තවද මේ ධාතුත්රයට පටන් ගැනීමක් හෝ අන්තිමයක් නැති නිසා නිතරම එකාබද්ධව පවතී. එම නිසා මේ තුන් දෙනාට “එක කෙනාය” කීවාටත් වරදක් නැත. මේකියන ලද ධාතු තුනට “පිතා පුත්‍ර, ඉස්පිරිතු සාන්තු” කියා අමුතු නම් තුනක් දමා ගෙන “එකම දෙවියෝය” යි කියා ක්‍රිස්තියානු ආගමේ උපදවා තිබේ. මේ ධාතු තරයට “බ්‍රහ්ම, විෂ්ණු, මහේෂ්වර” කියා හෝ “පිතා, පුත්‍ර, ඉස්පිරිතු සාන්තු” කියා කොයි නාමයක් ව්‍යාවහාර කලත් මැවුන්කාරයෝ නම් මුන් වහන්සේලා තුන් දෙනාමය. වෙන මැවුන්කාර දෙවි කෙනෙක් ඇත්තේ නැත.

තවද බයිබලයේ කියා තිබෙන තහනම් ගසත් ඒ ගහේ ගෙඩි කෑමත් ඒ ගෙඩි කෑමට උපක්‍රම යෙදු සර්පයාත් ඒ ගෙඩි කැ වැරැද්දට දුන් අච්චුවත් මොකද කියා ක්‍රිස්තියානි කාරයෝ පවා දන්නේ නැත. දන්නවා නම් “සියලු මනුෂ්‍යයන් මවන්නේ දෙවියෝය” කියා විශ්වාස කරන්නේ නැත. තහනම් ගහත් ගෙඩි කෑමත්, සර්පයාත් යන මේ ආදිය තේරුම් ගන්ට බැරි කමෙන් “මනුෂ්‍යන් මවන්ට දෙවි කෙනෙක් ඇත” කියා විශ්වාස කරති. එම නිසා ඒ ගැන මඳක් කාරණා කියමි. ඒ මනාකොට ඇසිය යුතු.

තහනම් ගහනම් ආදම්ය. ගෙඩි කෑමට උපක්‍රම යෙදු සර්පයා නම් ඒවාගේ හිතේ පවතී රාග සිතය. ගෙඩි කෑවාය කීවේ නම් ඒ දෙදෙනාගේ එකතුවීමටය. මගේ මේ අභිප්‍රාව මෙලෙසම බවට තිබෙන වැදගත් සාක්ෂිය නම් ඒවා ගෙඩි කෑ වැරැද්දට ඇට ලැබුණු අච්චුවය. ඒ අච්චු නම් “ගර්භ දැරීමේ දුකත්, දුකින් දරුවන් වැදීමත්, ඒවාට සහ අයගෙන් පැවතෙන සියලු ස්ත්රීන්ට ලැබුණාය” කියා බයිබලයේ ලියා තිබීමයි. දැනට නමුත් ඔය ගෙඩිය කෑමෙන් ස්ත්රීන්ට ලැබෙන්නේ ගර්භිනීවීමත්, දුකින් දරුවන් වැදීමත්ය යන දෙක පමණි. මුලින් බයිබලය ලිව් තැනැත්තා මේ සියලු මනුෂ්‍යයන් දෙදෙනෙකුගෙන් පැවත එනවාය කියා සිතාගෙන මුලට “ආදම්, ඒවා” කියා දෙන්නෙක් නියම කොට ඒ දෙදෙනාගේ සංසර්ගයෙන් බෝවිල්ල වන බව හඟවන්නට ලිව් ලියවිල්ලක් බව නැවතත් ලෝකයාට තේරුම් ගන්ට පුළුවන. එසේ නොවේ නම් තහනම් ගහේ ගෙඩි කෑවාට , ගර්භ දැරීමත්, දුකින් දරුවන් වැදීමත්,, නියම කරන්ට කොහෙත් ඕනෑ කරන්නේ නැත. පුහුල් හොරා කරෙන්ම අඳුනන්ට පුළුවන් වාගේම ඒවාට දුන් අච්චුවෙන්ම, තහනම් ගහත්, සර්පයාත්, ගෙඩි කෑමත් මොකද කියා නැණවත් යට තේරුම් ගන්ට පුළුවන. මනුෂ්‍ය යන්ගේ බෝවිල්ල පෙන්වීම පිණිස බයිබලයේ තිබෙන උපමා කතාව තේරුම් නොගෙන මැවුන්කාර දෙවි කෙනෙක් ඇත කියා ක්‍රිස්තියානි කාරයෝ මුලාව සිටිති. ඒ මුලාවෙන් දුරුවීම පිණිස මින් ඉහත දැක්වූ කාරනා ඉතා ප්‍රයෝජනවත් වේය.

මේ ආදී කාරණා වලින් ක්‍රිස්තියානි ආගම සැබෑ ආගමක් නොවන බවත් පරලොව ගැලවීම පිණිස විශ්වාස කරන්ට යුතු නැති බවත් මෙහි රැස්ව සිටින සමුහයා විසින් තේරුම් ගනිත්වා.

තවද මට කථා කරන්ට ලැබී තිබෙන අන්තිම පැය තවම කෙලවර උනේ නැත. තව ස්වල්ප කාලයක් කථා කරන්ට මට බලය තිබේ. ඒ කාලය තුල තුන්ලෝකාග්රවු බුදුරජානන් වහන්සේගේ උත්තමකම ඔප්පු කිරීමට තිබෙන්නාවූ වැදගත් කාරණා වලින් ස්වල්පයක් ගෙනහැර දක්වමි. මේ සභාවේ සිටින සියල්ලන් විසින් එය මනා කොට ඇසිය යුතුය. මෙලොව ප්‍රයෝජනය ලැබීම පිණිස කරන්නාවූ වැඩේ ඉතා ප්‍රවේසමින් කටයුතුය. මක්නිසාද පරලොව වැඩ සිද්ධ කර ගැනීම පිණිස කරන ක්‍රියාව නම් සැබෑවූ ආගමක් සොයාගෙන ඇදහීමය. සැබෑවූ ආගමක් අදහා මිස වෙන මොනයක් දෙයක් කරලා වත් පරලොව වැඩක් සිද්ධ කරගන්ට බැරිය. එම නිසා සැබෑවූ ආගමක් සොයා ගැනීමට අප සියල්ලන්ටම යුතුය. රත් රන් බදු මිලේට ගන්නා ය රන් කරුවන් ලවා පරීක්ෂා කරවා ඒවායේ වටිනාකම දන මිලේට ගනිති. එසේ කරන්නේ ඒ බදු ගන්න තැනැත්තාට එයින් අලාභයක් පැමිනේදොයි යන භයින්ය. ඒ වාගේම ආගම්වල සත්‍ය අසත්‍ය කම පරීක්ෂා කිරීම පිණිස පළමු කොට පණ්ඩිතයන්ට භාර දීම යුතුය. පුරාණේ හිටිය ඉර්ෂිවරයාණන් වහන්සේලා නම් මහා පොලොව සමාන විශාලවූ ප්‍රඥාවකින් යුක්තව සියලු ලෝකයා විසින් ගරු කට යුතුව සියලු ශාස්ත්‍රයෙහි කෙලවරට පැමිණියාවූ උත්තමයන් වහන්සේලාය. ඒ උත්තමයන් වහන්සේලාගේ යටි පතුලේ ධුවිල්ලකට සමාන කරන්ට පුළුවන් පණ්ඩිතයෙක් දැනට ලෝකයේ නැත්තේය. එම නිසා උන්වහන්සේලා දැනට ලෝකයේ ජීවත්ව නැති නමුත් උන්වහන්සේලා විසින් කරපු පොත් පත් තවම තිබේ. එබැවින් ඒ පොත්වලින් කොයි ආගම සබැදි කියා පරීක්ෂා කිරීමයුතුය. පුරාන ඉර්ෂින් වහන්සේලා විසින් කරන ලද වේද පුරාන වෛද්‍ය නක්ශාස්ත්රආදී නොයෙක් පොත් තිබේ එයින් භගවත් පුරාණය කියන වේදව්‍යාස කියන උත්තම ඉර්ෂින් වහන්සේ විසින් කරන ලස්ද පොතක්ය. ඒ පොත දැනට මා ළඟ තිබේ. මේ පොතේ මේ ලෙස කියා තිබේ. “අතංක ලෞසංප්ර වෘත්තේ සම්මොහාය සුරද්විසාම්

බුද්ධෝ නාම්නා ජින සුතන් කීකටේ ශුභ විශ්යාති”

මේ පොත කරන ලද ව්‍යාස ඉර්ෂින් වහන්සේ ජීවත්ව හිටලා තිබෙන්නේ මේ දැන් පවතින කලියුගයට ප්‍රථම තිබුණු ද්වාපර යුගයේදීය. ඒ ද්වාපර යුගයේදී ජීවත්ව හිටිය ව්‍යාස ඉර්ෂි විසින් කියන්නේ ඒ කලියුග වර්ෂය පැමිණි කල්හි ගයා ශීර්ෂයෙහි බුදු කෙනෙක් පහල වන බවය. බුදුන් බුදු වෙන්ට බොහෝ අවුරුදු දහස් ගණනකට ප්‍රථම බුදුන් කියා ලොක්කොත්තම කෙනෙක් පහළවන බව, මෙබඳු උත්තමයන් පවා කියා තිබේ. මේ භගවත් පුරාණේ කියන මේ පොත, බන පොතක් නොවේය. මේ පොත ඉර්ෂි වාක්යක්ය. මෙබඳු උත්තම ඉර්ෂි වාක්‍යවලින් පවා බුදු කෙනෙක් ලෝකයේ පහළවෙන බව ඔප්පු වේය. යෙහෝවා කියා මවුන්කාර දෙවියෙක් වත් “ක්‍රිස්තුස් කියා ගැලවුම්කාර දේවපුත්රයෙක්වත්” ලෝකයේ හිටින බවක් මෙබඳු සෘෂි වාක්‍යකින් තබා පුරාන මොනයම් පණ්ඩිත වාක්යකින්වත් ඔප්පු කරන්ට බැරිය. ඔය දෙදෙනා ගැන යමක් ඔප්පු කරනවානම් පුළුවන්කම තිබෙන්නේ මස් කඩවල තිබෙන හරක් එළුවන් මැරු ගණන ලියා තිබෙන ගණන් පොතක් වැනි හරක් එළු බැටළු කොබෙයි පරෙවි ආදී සතුන් මැරීමේ ගණන ලිවීමෙන්ම පිරී තිබෙන බයිබල කබල පමණය. මේ බයිබල් කබල සැබෑ පොතක්ය කියා දැන් හිටින එරෝපාකාර කොයියම් පණ්ඩිතයෙක් වත් ඒත්තු ගන්නේ නැත බයිබලය හොඳට බලලා පුරුදු එරෝපාකාර පණ්ඩිතයෝ පවා ඒත්තු නොගන්නාවූ ක්‍රිස්තියානි ආගම අප රට වාසීන්ට ඒත්තු ගන්ට තිබෙන යුතුකම මොකද? කිසිත් යුතුකමක් නැත්තේය. එම නිසා ක්‍රිස්තියානි ආගම දුරින්ම දුරු කට යුතුයි.

තවද වෛද්‍ය ශාස්ත්‍රය වනාහී ලෝකයාට කරුණාවෙන් පුරාණයේ සිටිය සෘෂින් විසින් උපදවපු ශාත්රයක්ය. එම ශාස්ත්‍රයෙන් පවා බුද්ධාගමේ උතුම් කම ප්‍රකාශ වේ. හේ කෙසේද:- “පිපාලි වෘෂ විහිෂකුෂදන් ධන්වායාස සහිතන් ශ්රතන්පයන් පිත්තකාශ විෂම ජ්වරන් ජයේත් ජාති ධුක්ක මිච සෞගතාමන් ” යන මේ ශ්ලෝකය හෛසජ්ජ කල්පයෙහි කාශ රෝග චිකිත්සාවේ තිබේ.

මෙහි අභිප්‍රාව නම් ‘තිප්පලී, වන, අපල, බුළු, ඉඟුරු කසභිලියා යන මෙයින් කකාරන ලද කසායෙන් පිත්ත කාශයද විෂම උණද නැති කරන්නේ කෙසේද කීවොත් සංසාර දුක බුද්ධාගම ඇදහීමෙන් නැති කරන්නක් මෙනි’ යනුයි. මේ ආදී ශාස්ත්‍ර පොත්වල පවා බුද්ධාගමේ උතුම්කම සඳහන් වේ. මේ අර ජ්‍යෝතිෂ් ශාස්ත්‍රයද ප්රශස්ත සෘෂීන් විසින් කරන ලද ශාස්ත්‍රයක්ය. ඒ ශාස්ත්‍රයෙන්ද බුද්ධාගමේ සැබෑකම ඔප්පු වේ. හේ කෙසේද:-කේන්දරවල ග්‍රහයන් හිටින අන්දමින් පුර්ව ජාතියද ඒ ජාතියෙහි කලාවූ සුචරිත, දුශ්චරිත දෙකද, මෙහිදී කරන ලද පින් පව්ද, කියන්ට පුළුවන. ඊට සාක්ෂි ” පුත්‍ර දිත්වස්ව ලග්න ජම්ම යතේ ආදිත්‍ය භවනේ පනී. මාතෘ ඝාත පරාර්ථ වොරක්රතමුත් පාදෙව පූර්වේ නිරේ”. යනාදී කියමන්ය. මෙයින්ද ඔප්පුවන්නේ යමෙක් උපන් ලග්නයෙහි ශනිද, සිංහ රාශියෙහි රාහුද සිටියොත් ඔහු පූර්ව ජාතියෙහි දී මව් මරා අනුන් සතු වස්තුව සොරකම් කොට නරකාදියෙහි සිටිය බවය. මෙහිදීද එසේම පව් කොට දෙවනුත් රෞරව නිරයෙහි උපදින බවය. ඉතින් මේ අන්දමට සාක්ෂි වාක්‍ය වලින් පවා පූර්ව ජාතියක් තිබුන බව ඔප්පුවෙන හෙවත්, පූර්ව ජාතියක් ඇත කියන බුද්ධාගම සත්‍ය ආගමක් බවත් පූර්ව ජාතියක් නැත කියන ක්‍රිස්තියානි ආගම බොරු ආගමක් බවත් මේ සියල්ලන් විසින්ම දැන ගනිත්වා.

තවද දශකුමාර චරිත කාව්යආධර්ෂ ආදී මහා ග්රන්ථයන් කලාවූ දන්දී නම් මහා කවීහු විසින් කරන ලද කාව්‍ය ධර්ශයෙහි ” සත්යමේ වාග සුගතන් සන්ස්කාරා නවීන ස්වරන්” යන්නෙන් සර්වඥයන් වහන්සේ සත්‍යම වදාල බව කියා තිබේ.

එම ටීකාවෙහි “ක්ෂණ භාගවාදී නා සුගතානන් මතේ” යනාදියෙන් බුද්ධාගමේ ප්රශස්ත භාවයද කියන ලදී. සර්වඥයන් වහන්සේ ගේ දේශනාවේ තිබෙන සත්‍ය කම මේ ආදී අනන්ත කාරණා වලින් ඔප්පු වේ. එම නිසා බුද්ධාගම ඒකාන්ත සත්‍ය වූ ආගමක් වන්නේය. එබැවින් ක්‍රිස්තියානි ආගම ඇත හරින්ටත් සුද්ධ වූ ඒකාන්ත සත්‍යවූ බුද්ධාගම පිලිගන්ටත් මේ දැක්වූ කාරණා ඇති කියා සිතමි.

තවද මේ පාදිලි තැන “නව යාත්‍රා කරන්නන්ට කිසි කලෙකවත් මහා මේර දකින්ට නොලැබුණු නිසා එබන්දුන්පර්වතයක් නැත” කීවා මේ කාටත් ඇසෙන්ට ඇත. දකින්ට නොලැබුන දේ නැති කීම පණ්ඩිත ගෝචර කියමනක් නම් කිසිවෙක් කිසි කලෙක නිදුටු තහනම් ගහත් නැතැයි කිව යුතුය. බොහෝ දුරට කාරණා සොයන ඉංග්‍රීසි කාරයෝවත් තහනම් ගහ තිබෙන තැන සොයාලා දැන ගත්තාද? නැත්තේමය. එම නිසා මේ පාදිලි තැන මහා මේර නැති බව ඔප්පු කරන්ට ගෙන හැර දැක්වූ කාරණා නිෂ්ඵල බව දෙවනුවත්, මේ සියල්ලන් විසින් දැන ගනිත්වා.

මීට ඉහත මා විසින් කළාවූ කථා වලදී “ආත්මය, ප්‍රාණය” කියා ව්‍යවහාර කලා නම් ඒ ව්‍යවහාරයක් දැනට පවතින සම්මතයට එකඟ කොට කළ බවත්, මේ සියල්ලන් විසින්ම දැන ගනිත්වා. (කියා ඉන් පසු) යහපතක් දුටු කළ එය තදින් අල්ලා ගැනීම නුවනැත්තන්ගේ චාරිත්‍ර ධර්මයක් නිසා සැබෑව බුද්ධාගම පිළිගෙන, සසර දුකින් මිදී, උතුම් වූ නිර්වාන සම්පත් සිද්ධ කර ගැනීමට සියල්ලන් විසින් උත්සාහ කට යුතුය. (කියා මොහොට්ට්වත්තේ ගුණානන්ද උන්නාන්සේගේ අන්තිම පැයේ කතාව අත්හිටවන්ට යෙදුනා ඇත.)

එකල එහි රැස්ව සිටිය දස දහසක් පමණ සේනාවෙන් ටික දෙනෙක් හැර බුද්ධ පක්ෂයෙහිද, ක්‍රිස්තියානි පක්ෂයෙහිද, රැස්ව සිටිය දෙ සෙනග අතරේ මහත් ලොකු සාධු කාර ශබ්දයක් පවත්වුවාය. ඊට ක්‍රිස්තියානි සමහරදෙනෙක් කෝප වූ බවද පෙනුනි. නමුත් ඒ ගැන කිසිම කෝලාහලයක් වුනේ නැත. ඒ කෝලාහලය වේගෙන යන අතරේ බුද්ධ පක්ෂයට කතා කළ මොහොට්ටිවත්තේ ගුණානන්ද උන්නාන්සේ ඒ සමුහයා දෙස බලා ” සියල්ලන්ම නිශ්ශ්බ්ධ විය යුතුය” යි කියනවා සමගම ඒ මහත් සමුහයාගේ චංචල භාවය නැති වුනා සත්තකය. ඉන් පසු බුද්ධාගම්කාර සමුහයා මහත් ප්‍රීතියකින්ද, ක්රිස්තියනිකාරයෝ මහත් දොම්නසකින්ද විසිර ගියෝය.

නිමි

[QUOTE="dynamite1234, post: 20594034, member: 502516"] [SIZE="5"]ධර්මයේ සරණ යනවා කියන්නේ බන පොත්වල සරණ යාම නොවේ. ධර්මය කියන්නේ බුදුන් වදාළ නව ලෝකෝත්තර ශ්‍රී සද්ධර්ම රත්නයටය. ඒ ධර්මය බුදුන්ටත් ගුරුන් වේ. ඒ ධර්මය යමෙක් විශ්වාස කරනවා නම් එලෙස පිළිපදිනවා නම්, එයින් පරලොව ගැලවීම ලැබේ. ධර්මයේ සරණ යාමේ අදහස මෙයින් තේරුම් ගනිත්වා! ධර්මයේ සරණ යාමේ අදහස මෙයින් තේරුම් ගනිත්වා! සංඝං සරණා ගච්චාමි යන පදයට ඇතුලත් වෙන්නේ දැන් සිටින සංඝයා නොවේ. සංඝයා වනාහී ආර්ය ය සංඝයාය සම්මුති සංඝයාය කියා කොටස් දෙකක් වේ. එයින් ආර්ය ය සංඝයා කියන්නේ සතර මග සතර ඵලයට පැමිණි අශ්ටාචාර්ය පුද්ගල සංඝයාය. සම්මුති සංඝයාය කියන්නේ චතුර්විද විනය කර්මයට ඇතුලත් උපසම්පදා සංඝයාය. මෙකී ද්විප්‍රකාර සංඝයා අතුරෙන් ආර්ය සංඝයා සරණා ගැනීමට ඇතුලත් වේ. එබඳු උත්තමයන් විශ්වාස කිරීමෙන්ද, උන්වහන්සේලාට වන්දනා මාන ආදිය කිරීමෙන්ද, අනන්ත පින් ලැබේ. සංඝයාගේ සරණ යාමේ අදහස මෙයින් දැන ගනිත්වා. තවද මේ කතිසේරු තැන සියම්, අමරපුර, යන සමාගම් දෙකේ සංඝයාට දොස් කීම ගැන, ‘ලක් රිවිකිරණ’ පත්‍ර මාර්ගයෙන් කරන ලද උපසම්පදා වාදය ගෙන හැර දැක්වූවාය. ඒ වාදයට සියම්, අමරපුර, යන සමාගම් දෙකේ හිටින වැදගත් සංඝයා වහන්සේලා බැඳී නැත. ඒ වාදයෙන්, එයට බැඳී හිටින දෙදෙනාගේ මොකක්දෝ අදහසක් ඉෂ්ට කර ගැනීමට, හරි නම් වලින් ඉදිරියට නෑවිත්, සැඟවිලා හිටගෙන කරන මිත්‍යා වාදයක් බව පෙනේ. සර්වප්‍රකාරයෙන්ම ඒ බව ඔප්පු කරන්ට පුළුවන. එම නිසා ඒ වාදය කිරීමෙන්, අපේ මෙම සමාගම් දෙකේ සංඝයාට කිසිම කිළුටක් නැත. එබැවින් ඒ ගැන කරන කතාවද මෙයින් නවත්වමි. ආලාර කාලම, උද්දකරාම යන දෙදෙනා ගැන මේ කතිසේරු තැන කල කතාවට නිසි උත්තර මීට ප්‍රථම අපි දෙපක්ෂය අතරේ කල බද්දේගම වාදයේද, වෙනත් වාද වලදීද දීලා ඇත. ඒ ගැන අච්චු ගහපු පොත් පවා දැනට මා ළඟ තිබේ. එයින් පොතක් ක්‍රිස්තියානි ආගමට භාර දීම ඊට උත්තර වේය. නමුත් මට ලැබී තිබෙන පැය තව ඉකුත් නොවූ බැවින් ඒ ගැන මදක් කාරණා කියමි. බුදුන්ට නිතර පේන ඥානයක් ඇත්තේ නැත. උන්වහසේගේ සර්වඥතා ඥානය අවර්ජනාව පිලිබඳවය. එනම් උන්වහන්සේට යමක් බලන්ට ඔනෑ වූ විටක දීව්‍ය ඥානය නමැති ඇස ඈර බැලීමය. එසේ බැලූ කල්හි ඒ සියල්ල පේනවාය. මේ මනුස්යයන්ගේ ඇස් වලට නමුත් යමක් පෙනෙන්නේ ඇස් ඇර බැලුවාමය. ඇස ඇර නොබැලු යමක් නොදුටුවාම ඇස් තිබෙන කෙනෙකුන්ට ඇස් නැත කීම වැරදිය. ආලාර කාලාම උද්දක රාම යන තවුසන් දෙදෙනාට බන කියන්ට බුදුන් කල්පනා කළා මිස දිව්‍ය ඥාන නමැති ඇස ඇර බැලුවේ නැත. එකල ඒ දෙදෙනා මැරිලා බව දේවතාවෙක් විසින් කීවාය. ඉන්පසු දිව්‍ය ඥානයෙන් බලා ඒ දෙදෙනා උපන් තැන පවා දැනගත් බව බුද්ධ දේශනාවේ තිබේ. ඒ දෙදෙනාට බන කියන්ට බුදුන් සිතුවේ ඔවුන් ආශ්‍රය කරලා අඳුනන නිසාය. නිතර සියල්ල පෙනී පෙනී තිබෙන ඥානයක් යමෙකුන්ට ඇතුවා නම් ඒ ඇත්තාට නරකාදී දුකක් හා සමාන වේය. එබඳු ඥානයක් බුදුන්ට නැත. “යෙහොවාට එබඳු ඥානයක් තිබෙනවාය” යි ක්‍රිස්තියානි කාරයෝ කියති. එබඳු නිතර පෙනෙන ඥානයක් යෙහොවාට තිබෙන නිසා මේ ලෝකයේ මනුෂ්‍යයන් අතරේ පවතින ඇහැට දකින්ට අප්‍රිය වූ මල මුත්‍රා කිරීම් ආදී නින්දිත දේ පෙනී පෙනී ඉන්නවා සත්තකය. එසේ නින්දිත දේ පෙනී පෙනී ඉන්න යෙහොවාට ඇති දුක, නරකාදී දුකක් හා සමානය. බුදු රජානන්වහන්සේට එබඳු දුකක් ඇත්තේ නැත. මක්නිසාද නිතර සියල්ල පේන ඥානයක් උන්වහන්සේට නැති නිසාය. සර්වඥතා ඥානය ආවර්ජනාව පිළිබදවය. යෙහොවාගේ නිතර පේන ඥානය අවාසනාවත ඥානයක් බවත් ආවර්ජනාව සහිත බුදුන්ගේ ඥානය වාසනාවන්ත ඥානයක් බවත් මෙයින් ඔප්පු වේ. ආලාරකාලාම උද්දකරාම යන දෙදෙනා ගැන අසු ප්‍රශ්නවලට මේ උත්තර ඕනෑවටත් වැඩි නිසා මෙයින් නවතිමි. . මිත්‍ර වරුනි, මට කතා කරන්ට බලේ තිබෙන පැයෙන් තව ස්වල්ප කාලයක් ඉතිරිව තිබේ. ඒ කාලය තුල ක්‍රිස්තියානි ආගමේ තත්වය පෙන්වීම පිණිස මදක් කාරණා කියමි. ඒ යහපත්ව ඇසිය යුතු. ක්‍රිස්තියානි කාරයෝ මැවුන්කාරයා කව්ද කියා අඳුනන්නේ නැත. ඒ බවට සාක්ෂි බයිබලයෙන්ම මට පෙන්වන්ට පුළුවන. “දෙවියන් වහන්සේගේ ඉස්පිරිතුව ජාල මතුහෙහි හැසිරුණේය” කියා බයිබලයෙහි මුලම තිබේ. ඒ වචන ලිව්වාවූ බයිබල් කාරයාත් එපමණ මෝඩයෙක් නොවේය. මක්නිසාද ඉස්පිරිතුව ජල මතුයෙහි හැසිරෙන්නේ නැතුව යමක් හටගන්නට හෙවත් මැවෙන්ට බැරි නිසාය. ඒ බව හොඳට වැටහෙන්ට හෙවත් මැවෙන්ට බැරි නිසාය. ඒ බව හොඳට වැටහෙන්නට වැදගත් සාක්ෂියක් පෙන්වමි. මේ පොල් ගස්වල තිබෙන පොල්ගෙඩි මාස දොළහක් පමණ ගහේ තිබෙනවාය. ඒ ගෙඩියේ වතුර තිබෙන නමුත් ඒ වතුරේ පනුවෝ නැත එම පොල් ගෙඩිය හිල් කරලා කීප දවසක් තිබෙන්ට ඇරියොත් එහි පනුවෝ උපදිනවා සත්තකය. පොල් ගෙඩිය හිල් කරන්ට මත්තෙන් පනුවෝ නුපදන්නෙත් හිල් කළායින් පසු පනුවෝ උපදින්නේත් මක්නිසාද කියා කල්පනා කටයුතු. කොපමණ කාලයක් නමුත් හුළඟ නොවදින්නට වතුර තිබෙන්නට පුළුවන් නම් පනුවෙක්වත් එවෙන මොනයම් සතෙක්වත් එහි හට ගන්නේ නැත. හුළඟ වදින ලෙස ටික දවසක් වතුර යක් තැනක තිබුනොත් එහි පනුවෝ හටගනී. මක් නිසාද වායෝ, තේජෝ, ආපෝ, යන ධාතු තුන එකට සංසර්ගය වන නිසාය. “දෙවියන් වහන්සේගේ ඉස්පිරිත්තුව ජල මතුයෙහි හැසිරුනාය” කියා බයිබල් කාරයා ලීවේ යමක් හට ගැනීමට ඕනෑ කරන්නාවූ හේතුව පෙන්වීම පිණිස බව කොහෙත්ම සැක නැත. “වායෝ තේජෝ ආපෝ ” කියන හුලන්ගත්, ගිනිත්, වතුරත් යන ධාතු ත්‍රය නිසා සියල්ල හට ගන්නවා සත්තකය. එම නිසා මෙම ධාතු තුන මැවුන් කාරයෝ වේය. මේ ධාතුන්ගේ ආධාරය නැතුව ලෝකයේ කිසි දෙයක් පවතින්නට බැරිය. එබැවින් සියල්ල රක්ෂා කරන්නාවූ ආරක්ෂා කාරයොත් මේ ධාතු ම වේය තවද මේ කියන ලද ධාතු ත්‍රය සියලු තැනම පැතිරී තිබේ. එම නිසා “සියලු තැන පිරී වැඩ සිටිනවාය” කීවාටත් කොහෙත් වැරද්දක් නැත. තවද මේ ධාතුත්රයට පටන් ගැනීමක් හෝ අන්තිමයක් නැති නිසා නිතරම එකාබද්ධව පවතී. එම නිසා මේ තුන් දෙනාට “එක කෙනාය” කීවාටත් වරදක් නැත. මේකියන ලද ධාතු තුනට “පිතා පුත්‍ර, ඉස්පිරිතු සාන්තු” කියා අමුතු නම් තුනක් දමා ගෙන “එකම දෙවියෝය” යි කියා ක්‍රිස්තියානු ආගමේ උපදවා තිබේ. මේ ධාතු තරයට “බ්‍රහ්ම, විෂ්ණු, මහේෂ්වර” කියා හෝ “පිතා, පුත්‍ර, ඉස්පිරිතු සාන්තු” කියා කොයි නාමයක් ව්‍යාවහාර කලත් මැවුන්කාරයෝ නම් මුන් වහන්සේලා තුන් දෙනාමය. වෙන මැවුන්කාර දෙවි කෙනෙක් ඇත්තේ නැත. තවද බයිබලයේ කියා තිබෙන තහනම් ගසත් ඒ ගහේ ගෙඩි කෑමත් ඒ ගෙඩි කෑමට උපක්‍රම යෙදු සර්පයාත් ඒ ගෙඩි කැ වැරැද්දට දුන් අච්චුවත් මොකද කියා ක්‍රිස්තියානි කාරයෝ පවා දන්නේ නැත. දන්නවා නම් “සියලු මනුෂ්‍යයන් මවන්නේ දෙවියෝය” කියා විශ්වාස කරන්නේ නැත. තහනම් ගහත් ගෙඩි කෑමත්, සර්පයාත් යන මේ ආදිය තේරුම් ගන්ට බැරි කමෙන් “මනුෂ්‍යන් මවන්ට දෙවි කෙනෙක් ඇත” කියා විශ්වාස කරති. එම නිසා ඒ ගැන මඳක් කාරණා කියමි. ඒ මනාකොට ඇසිය යුතු. තහනම් ගහනම් ආදම්ය. ගෙඩි කෑමට උපක්‍රම යෙදු සර්පයා නම් ඒවාගේ හිතේ පවතී රාග සිතය. ගෙඩි කෑවාය කීවේ නම් ඒ දෙදෙනාගේ එකතුවීමටය. මගේ මේ අභිප්‍රාව මෙලෙසම බවට තිබෙන වැදගත් සාක්ෂිය නම් ඒවා ගෙඩි කෑ වැරැද්දට ඇට ලැබුණු අච්චුවය. ඒ අච්චු නම් “ගර්භ දැරීමේ දුකත්, දුකින් දරුවන් වැදීමත්, ඒවාට සහ අයගෙන් පැවතෙන සියලු ස්ත්රීන්ට ලැබුණාය” කියා බයිබලයේ ලියා තිබීමයි. දැනට නමුත් ඔය ගෙඩිය කෑමෙන් ස්ත්රීන්ට ලැබෙන්නේ ගර්භිනීවීමත්, දුකින් දරුවන් වැදීමත්ය යන දෙක පමණි. මුලින් බයිබලය ලිව් තැනැත්තා මේ සියලු මනුෂ්‍යයන් දෙදෙනෙකුගෙන් පැවත එනවාය කියා සිතාගෙන මුලට “ආදම්, ඒවා” කියා දෙන්නෙක් නියම කොට ඒ දෙදෙනාගේ සංසර්ගයෙන් බෝවිල්ල වන බව හඟවන්නට ලිව් ලියවිල්ලක් බව නැවතත් ලෝකයාට තේරුම් ගන්ට පුළුවන. එසේ නොවේ නම් තහනම් ගහේ ගෙඩි කෑවාට , ගර්භ දැරීමත්, දුකින් දරුවන් වැදීමත්,, නියම කරන්ට කොහෙත් ඕනෑ කරන්නේ නැත. පුහුල් හොරා කරෙන්ම අඳුනන්ට පුළුවන් වාගේම ඒවාට දුන් අච්චුවෙන්ම, තහනම් ගහත්, සර්පයාත්, ගෙඩි කෑමත් මොකද කියා නැණවත් යට තේරුම් ගන්ට පුළුවන. මනුෂ්‍ය යන්ගේ බෝවිල්ල පෙන්වීම පිණිස බයිබලයේ තිබෙන උපමා කතාව තේරුම් නොගෙන මැවුන්කාර දෙවි කෙනෙක් ඇත කියා ක්‍රිස්තියානි කාරයෝ මුලාව සිටිති. ඒ මුලාවෙන් දුරුවීම පිණිස මින් ඉහත දැක්වූ කාරනා ඉතා ප්‍රයෝජනවත් වේය. මේ ආදී කාරණා වලින් ක්‍රිස්තියානි ආගම සැබෑ ආගමක් නොවන බවත් පරලොව ගැලවීම පිණිස විශ්වාස කරන්ට යුතු නැති බවත් මෙහි රැස්ව සිටින සමුහයා විසින් තේරුම් ගනිත්වා. තවද මට කථා කරන්ට ලැබී තිබෙන අන්තිම පැය තවම කෙලවර උනේ නැත. තව ස්වල්ප කාලයක් කථා කරන්ට මට බලය තිබේ. ඒ කාලය තුල තුන්ලෝකාග්රවු බුදුරජානන් වහන්සේගේ උත්තමකම ඔප්පු කිරීමට තිබෙන්නාවූ වැදගත් කාරණා වලින් ස්වල්පයක් ගෙනහැර දක්වමි. මේ සභාවේ සිටින සියල්ලන් විසින් එය මනා කොට ඇසිය යුතුය. මෙලොව ප්‍රයෝජනය ලැබීම පිණිස කරන්නාවූ වැඩේ ඉතා ප්‍රවේසමින් කටයුතුය. මක්නිසාද පරලොව වැඩ සිද්ධ කර ගැනීම පිණිස කරන ක්‍රියාව නම් සැබෑවූ ආගමක් සොයාගෙන ඇදහීමය. සැබෑවූ ආගමක් අදහා මිස වෙන මොනයක් දෙයක් කරලා වත් පරලොව වැඩක් සිද්ධ කරගන්ට බැරිය. එම නිසා සැබෑවූ ආගමක් සොයා ගැනීමට අප සියල්ලන්ටම යුතුය. රත් රන් බදු මිලේට ගන්නා ය රන් කරුවන් ලවා පරීක්ෂා කරවා ඒවායේ වටිනාකම දන මිලේට ගනිති. එසේ කරන්නේ ඒ බදු ගන්න තැනැත්තාට එයින් අලාභයක් පැමිනේදොයි යන භයින්ය. ඒ වාගේම ආගම්වල සත්‍ය අසත්‍ය කම පරීක්ෂා කිරීම පිණිස පළමු කොට පණ්ඩිතයන්ට භාර දීම යුතුය. පුරාණේ හිටිය ඉර්ෂිවරයාණන් වහන්සේලා නම් මහා පොලොව සමාන විශාලවූ ප්‍රඥාවකින් යුක්තව සියලු ලෝකයා විසින් ගරු කට යුතුව සියලු ශාස්ත්‍රයෙහි කෙලවරට පැමිණියාවූ උත්තමයන් වහන්සේලාය. ඒ උත්තමයන් වහන්සේලාගේ යටි පතුලේ ධුවිල්ලකට සමාන කරන්ට පුළුවන් පණ්ඩිතයෙක් දැනට ලෝකයේ නැත්තේය. එම නිසා උන්වහන්සේලා දැනට ලෝකයේ ජීවත්ව නැති නමුත් උන්වහන්සේලා විසින් කරපු පොත් පත් තවම තිබේ. එබැවින් ඒ පොත්වලින් කොයි ආගම සබැදි කියා පරීක්ෂා කිරීමයුතුය. පුරාන ඉර්ෂින් වහන්සේලා විසින් කරන ලද වේද පුරාන වෛද්‍ය නක්ශාස්ත්රආදී නොයෙක් පොත් තිබේ එයින් භගවත් පුරාණය කියන වේදව්‍යාස කියන උත්තම ඉර්ෂින් වහන්සේ විසින් කරන ලස්ද පොතක්ය. ඒ පොත දැනට මා ළඟ තිබේ. මේ පොතේ මේ ලෙස කියා තිබේ. “අතංක ලෞසංප්ර වෘත්තේ සම්මොහාය සුරද්විසාම් බුද්ධෝ නාම්නා ජින සුතන් කීකටේ ශුභ විශ්යාති” මේ පොත කරන ලද ව්‍යාස ඉර්ෂින් වහන්සේ ජීවත්ව හිටලා තිබෙන්නේ මේ දැන් පවතින කලියුගයට ප්‍රථම තිබුණු ද්වාපර යුගයේදීය. ඒ ද්වාපර යුගයේදී ජීවත්ව හිටිය ව්‍යාස ඉර්ෂි විසින් කියන්නේ ඒ කලියුග වර්ෂය පැමිණි කල්හි ගයා ශීර්ෂයෙහි බුදු කෙනෙක් පහල වන බවය. බුදුන් බුදු වෙන්ට බොහෝ අවුරුදු දහස් ගණනකට ප්‍රථම බුදුන් කියා ලොක්කොත්තම කෙනෙක් පහළවන බව, මෙබඳු උත්තමයන් පවා කියා තිබේ. මේ භගවත් පුරාණේ කියන මේ පොත, බන පොතක් නොවේය. මේ පොත ඉර්ෂි වාක්යක්ය. මෙබඳු උත්තම ඉර්ෂි වාක්‍යවලින් පවා බුදු කෙනෙක් ලෝකයේ පහළවෙන බව ඔප්පු වේය. යෙහෝවා කියා මවුන්කාර දෙවියෙක් වත් “ක්‍රිස්තුස් කියා ගැලවුම්කාර දේවපුත්රයෙක්වත්” ලෝකයේ හිටින බවක් මෙබඳු සෘෂි වාක්‍යකින් තබා පුරාන මොනයම් පණ්ඩිත වාක්යකින්වත් ඔප්පු කරන්ට බැරිය. ඔය දෙදෙනා ගැන යමක් ඔප්පු කරනවානම් පුළුවන්කම තිබෙන්නේ මස් කඩවල තිබෙන හරක් එළුවන් මැරු ගණන ලියා තිබෙන ගණන් පොතක් වැනි හරක් එළු බැටළු කොබෙයි පරෙවි ආදී සතුන් මැරීමේ ගණන ලිවීමෙන්ම පිරී තිබෙන බයිබල කබල පමණය. මේ බයිබල් කබල සැබෑ පොතක්ය කියා දැන් හිටින එරෝපාකාර කොයියම් පණ්ඩිතයෙක් වත් ඒත්තු ගන්නේ නැත බයිබලය හොඳට බලලා පුරුදු එරෝපාකාර පණ්ඩිතයෝ පවා ඒත්තු නොගන්නාවූ ක්‍රිස්තියානි ආගම අප රට වාසීන්ට ඒත්තු ගන්ට තිබෙන යුතුකම මොකද? කිසිත් යුතුකමක් නැත්තේය. එම නිසා ක්‍රිස්තියානි ආගම දුරින්ම දුරු කට යුතුයි. තවද වෛද්‍ය ශාස්ත්‍රය වනාහී ලෝකයාට කරුණාවෙන් පුරාණයේ සිටිය සෘෂින් විසින් උපදවපු ශාත්රයක්ය. එම ශාස්ත්‍රයෙන් පවා බුද්ධාගමේ උතුම් කම ප්‍රකාශ වේ. හේ කෙසේද:- “පිපාලි වෘෂ විහිෂකුෂදන් ධන්වායාස සහිතන් ශ්රතන්පයන් පිත්තකාශ විෂම ජ්වරන් ජයේත් ජාති ධුක්ක මිච සෞගතාමන් ” යන මේ ශ්ලෝකය හෛසජ්ජ කල්පයෙහි කාශ රෝග චිකිත්සාවේ තිබේ. මෙහි අභිප්‍රාව නම් ‘තිප්පලී, වන, අපල, බුළු, ඉඟුරු කසභිලියා යන මෙයින් කකාරන ලද කසායෙන් පිත්ත කාශයද විෂම උණද නැති කරන්නේ කෙසේද කීවොත් සංසාර දුක බුද්ධාගම ඇදහීමෙන් නැති කරන්නක් මෙනි’ යනුයි. මේ ආදී ශාස්ත්‍ර පොත්වල පවා බුද්ධාගමේ උතුම්කම සඳහන් වේ. මේ අර ජ්‍යෝතිෂ් ශාස්ත්‍රයද ප්රශස්ත සෘෂීන් විසින් කරන ලද ශාස්ත්‍රයක්ය. ඒ ශාස්ත්‍රයෙන්ද බුද්ධාගමේ සැබෑකම ඔප්පු වේ. හේ කෙසේද:-කේන්දරවල ග්‍රහයන් හිටින අන්දමින් පුර්ව ජාතියද ඒ ජාතියෙහි කලාවූ සුචරිත, දුශ්චරිත දෙකද, මෙහිදී කරන ලද පින් පව්ද, කියන්ට පුළුවන. ඊට සාක්ෂි ” පුත්‍ර දිත්වස්ව ලග්න ජම්ම යතේ ආදිත්‍ය භවනේ පනී. මාතෘ ඝාත පරාර්ථ වොරක්රතමුත් පාදෙව පූර්වේ නිරේ”. යනාදී කියමන්ය. මෙයින්ද ඔප්පුවන්නේ යමෙක් උපන් ලග්නයෙහි ශනිද, සිංහ රාශියෙහි රාහුද සිටියොත් ඔහු පූර්ව ජාතියෙහි දී මව් මරා අනුන් සතු වස්තුව සොරකම් කොට නරකාදියෙහි සිටිය බවය. මෙහිදීද එසේම පව් කොට දෙවනුත් රෞරව නිරයෙහි උපදින බවය. ඉතින් මේ අන්දමට සාක්ෂි වාක්‍ය වලින් පවා පූර්ව ජාතියක් තිබුන බව ඔප්පුවෙන හෙවත්, පූර්ව ජාතියක් ඇත කියන බුද්ධාගම සත්‍ය ආගමක් බවත් පූර්ව ජාතියක් නැත කියන ක්‍රිස්තියානි ආගම බොරු ආගමක් බවත් මේ සියල්ලන් විසින්ම දැන ගනිත්වා. තවද දශකුමාර චරිත කාව්යආධර්ෂ ආදී මහා ග්රන්ථයන් කලාවූ දන්දී නම් මහා කවීහු විසින් කරන ලද කාව්‍ය ධර්ශයෙහි ” සත්යමේ වාග සුගතන් සන්ස්කාරා නවීන ස්වරන්” යන්නෙන් සර්වඥයන් වහන්සේ සත්‍යම වදාල බව කියා තිබේ. එම ටීකාවෙහි “ක්ෂණ භාගවාදී නා සුගතානන් මතේ” යනාදියෙන් බුද්ධාගමේ ප්රශස්ත භාවයද කියන ලදී. සර්වඥයන් වහන්සේ ගේ දේශනාවේ තිබෙන සත්‍ය කම මේ ආදී අනන්ත කාරණා වලින් ඔප්පු වේ. එම නිසා බුද්ධාගම ඒකාන්ත සත්‍ය වූ ආගමක් වන්නේය. එබැවින් ක්‍රිස්තියානි ආගම ඇත හරින්ටත් සුද්ධ වූ ඒකාන්ත සත්‍යවූ බුද්ධාගම පිලිගන්ටත් මේ දැක්වූ කාරණා ඇති කියා සිතමි. තවද මේ පාදිලි තැන “නව යාත්‍රා කරන්නන්ට කිසි කලෙකවත් මහා මේර දකින්ට නොලැබුණු නිසා එබන්දුන්පර්වතයක් නැත” කීවා මේ කාටත් ඇසෙන්ට ඇත. දකින්ට නොලැබුන දේ නැති කීම පණ්ඩිත ගෝචර කියමනක් නම් කිසිවෙක් කිසි කලෙක නිදුටු තහනම් ගහත් නැතැයි කිව යුතුය. බොහෝ දුරට කාරණා සොයන ඉංග්‍රීසි කාරයෝවත් තහනම් ගහ තිබෙන තැන සොයාලා දැන ගත්තාද? නැත්තේමය. එම නිසා මේ පාදිලි තැන මහා මේර නැති බව ඔප්පු කරන්ට ගෙන හැර දැක්වූ කාරණා නිෂ්ඵල බව දෙවනුවත්, මේ සියල්ලන් විසින් දැන ගනිත්වා. මීට ඉහත මා විසින් කළාවූ කථා වලදී “ආත්මය, ප්‍රාණය” කියා ව්‍යවහාර කලා නම් ඒ ව්‍යවහාරයක් දැනට පවතින සම්මතයට එකඟ කොට කළ බවත්, මේ සියල්ලන් විසින්ම දැන ගනිත්වා. (කියා ඉන් පසු) යහපතක් දුටු කළ එය තදින් අල්ලා ගැනීම නුවනැත්තන්ගේ චාරිත්‍ර ධර්මයක් නිසා සැබෑව බුද්ධාගම පිළිගෙන, සසර දුකින් මිදී, උතුම් වූ නිර්වාන සම්පත් සිද්ධ කර ගැනීමට සියල්ලන් විසින් උත්සාහ කට යුතුය. (කියා මොහොට්ට්වත්තේ ගුණානන්ද උන්නාන්සේගේ අන්තිම පැයේ කතාව අත්හිටවන්ට යෙදුනා ඇත.) එකල එහි රැස්ව සිටිය දස දහසක් පමණ සේනාවෙන් ටික දෙනෙක් හැර බුද්ධ පක්ෂයෙහිද, ක්‍රිස්තියානි පක්ෂයෙහිද, රැස්ව සිටිය දෙ සෙනග අතරේ මහත් ලොකු සාධු කාර ශබ්දයක් පවත්වුවාය. ඊට ක්‍රිස්තියානි සමහරදෙනෙක් කෝප වූ බවද පෙනුනි. නමුත් ඒ ගැන කිසිම කෝලාහලයක් වුනේ නැත. ඒ කෝලාහලය වේගෙන යන අතරේ බුද්ධ පක්ෂයට කතා කළ මොහොට්ටිවත්තේ ගුණානන්ද උන්නාන්සේ ඒ සමුහයා දෙස බලා ” සියල්ලන්ම නිශ්ශ්බ්ධ විය යුතුය” යි කියනවා සමගම ඒ මහත් සමුහයාගේ චංචල භාවය නැති වුනා සත්තකය. ඉන් පසු බුද්ධාගම්කාර සමුහයා මහත් ප්‍රීතියකින්ද, ක්රිස්තියනිකාරයෝ මහත් දොම්නසකින්ද විසිර ගියෝය. නිමි[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom