Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
ElaKiri Traveler
Travel Sri Lanka
පානම යන ගමන් දැකගන්න
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පානම යන ගමන් දැකගන්න

මමත් එක වතාවක් arugambay ගියාට..පානම ගැන මේ තරම් දන සිටියේ නෑ

කොළඹ සිට නැගෙනහිර වෙරළබඩ පිහිටි පොතුවිල් වෙත ඇති දුර කි. මී. 313ක්. නැගෙනහිර පළාතේ අම්පාර දිස්ත්‍රික්කයේ මෙම පෙදෙස පිහිටා තිබෙනවා. එහි සිට මුහුද අද්දරින් කලපු අතරින් ඇදී යන මාර්ගය ගොස් නැවතෙන්නේ පානම ගම්මානයේ යි. පානමට පොතුවිල් සිට ඇති දුර කි. මී. 16ක්. ඒ, පානම් පත්තුවයි. පානම් පත්තුව සිංහල, දෙමළ, මුස්ලිම් ජන කොටස් තුනම ජීවත්වෙන පළාතක්. පුරාණයේ සැහැදැවත් බෞද්ධ ජනතාවක් ජීවත් වූ බවට සාධක හෙළිකරන නටඹුන් විහාර රැසක් පානම අවට හමුවෙනවා. කුමන ජාතික උද්‍යානය නැරඹීමට එන බොහෝ දෙනා මේ අවට විහාරාරාම වන්දනාවට උනන්දුවක් දක්වන්නේ නැහැ. ඔවුන් වැඩි දෙනෙකුට ඒ විහාර ගැන දැනුමක් නැහැ. ඒ ගැන සුලු අවබෝධයක් ලබාදී ඔබේ චාරිකාව වඩාත් සාර්ථක කිරීමට සහයෝගය දැක්වීමයි මේ ලිපියේ අරමුණ,මහාමාර්ග අවසන් වන අතර එක් පසෙකින් සාගරයත් අනෙක් පසින් කුමන හා කුඩුම්බිගල අභයභූමිත් පිහිටා තිබෙනවා. මේ අවට සංචාරය කරන විට ගමන් කිරීමට සිදුවන්නේ ගුරු පාරවල් ඔස්සේ යි.

මූදු මහා විහාරය

මෑතක දී ඉදිකළ දාගැබ

පානමට යන ඔබට මුලින්ම හමුවන්නේ මූදු මහා විහාරය යි. ඒ වෙතට පොතුවිල් නගරයට නුදුරින් හැරී ගමන් කළ යුතු යි. මුහුදු වෙරළේ විහාරය පිහිටි නිසා මූදු මහා විහාරය කියල හැඳින්වෙනවා. අතීත පුරාවෘත්තවලට අනුව කැළණියෙන් නැවක නංවා මුහුදට බිළි දෙන විහාර මහා දේවිය ගොඩ බහින්නේ මේ ස්ථානයට යි. එයට පොතුවිල් සිට දුර කි.මී.1.5ක් පමණ වෙනවා.

විහාරය ගුවනට පෙනෙන අයුරු

මේ පුදබිම අවට අද ජීවත්වන්නේ මුස්ලිම් හා දෙමළ ජනතාව වුව ද අතීතයේ මෙහි සැදැහැවත් බෞද්ධයන් වාසය කර තිබෙනවා. පොල් වගාවක පිහිටි මේ විහාරය පිටුපසින් අඩි 30-40ක් උස ස්වභාවික වැලි ප්රාකාරයක් තිබෙනවා. නිරන්තරයෙන් හමන සුළඟින් වැලි එකතුවීම නිසා මේ වැලිබැම්ම නිර්මාණය වී තිබෙනවා. මුහුදු වැල්ලෙන් යටවී යන්තම් මතුව පැවැති මූදු මහා විහාරය පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් කැණීම් කටයුතු කර සංරක්ෂණය කළේ 1970 දශකයේ. ඔවුන් විසින් කැඩී තිබූ ප්‍රතිමා සකස් කර ප්රතිමාඝරය සංරක්ෂණය කළා. 1965 ගැසට් නිවේදනයට අනුව පුරාවිද්‍යා රක්ෂිතයක් බවට පත් කළ මෙම ඓතිහාසික පුදබිමට අක්කර 30 රූඩ් 3ක් හිමියි. එහෙත් අවට පදිංචිකරුවන් ඉඩම් අල්ලා ගැනීම නිසා අද විහාර භූමිය අක්කරයකටත් අඩු ප්‍රමාණයකට සීමා වෙලා.

පොතුවිල් සිට පානම දක්වා

මූදු මහා විහාරය ආයත චතුරස්රාකාර මළුවකින් යුක්ත යි. නටඹුන් දාගැබ් ගොඩැල්ලක් ද විහාර බිමේ දැකගත හැකියි. එයට භාවිත කර ඇත්තේ අනුරාධපුර යුගයට අයත් විශාල ගඩොල්.

විහාරයේ ප්‍රධාන අංගය ප්රතිමාඝරය යි. එය නැගෙනහිරට මුහුණ ලා උස් වේදිකාවක් මත තනා තිබෙනවා. වේදිකාව තනා තිබෙන්නේ ගඩොල් ප්‍රකාරයක් ඉදිකර එයට පස් පිරවීමෙන්.

එදා මන්දිරයේ පියස්ස සවිකර තිබූ අඩි 15ක් පමණ උස කළුගල් කුළුණු රැසක් ද මෙහි දැකගත හැකියි. හුණුගලින් කළ හිටි බුද්ධ ප්‍රතිමාවක් ද, බෝධිසත්ව ප්‍රතිමා දෙකක් ද පිළිම ගෙය තුළ තිබෙනවා. මේ ප්‍රතිමා සියල්ලෙහිම දෑත් විනාශ වී ගිහින්. මේ බෝසත් ප්‍රතිමාවලින් පෙනෙන්නේ පුරාණ රෝහණ රාජ්‍යයේ පැතිර තිබූ බෝසත් ඇදහීම යි. මෙම ප්‍රදේශය අයත් වන්නේ ද පැරණි රෝහණයට යි.

විහාරයේ මෑතක දී තැනූ දාගැබක් ද පිහිටා තිබෙනවා.

පානම රජමහා විහාරය

පානම රජමහා විහාරය

ඉද්ද ගැසුවාක් සේ කෙළින් දිවෙන මාර්ගය වනවදුලු මැදින් පානමට පිවිසෙනවා. මෑතක දී තැනූ විහාරයක් ද මේ ගමේ දී ඔබට දැකගත හැකියි. පානම සිට මීටර් 500ක් දුරින් පිහිටා තිබෙන පුරාවිද්‍යා රක්ෂිත භූමියක් තමයි රජමහා විහාරය. වෙහෙරගොඩැල්ල යනුවෙනුත් හඳුන්වන මෙය පුරාණ වැවක් අසල පිහිටා තිබෙනවා. වනගතව පිහිටි මේ විහාරය ලෙන් කිහිපයකින් සමන්විත යි. පුරාණ දාගැබක නටඹුන්, පියගැට පෙළ, සහ සෙල්ලිපි කිහිපයක් ද මෙහි හමුවෙනවා.

ශාස්ත්රවෙල

කුඩුම්බිගල කන්ද

ඈතින් පෙනන කුඩුම්බිගල කන්ද පසුකරගෙන ඉදිරියට යන විට පානම් පත්තුවේ ශාස්ත්රවෙල මණි නාග බෝධිගිරි රජමහා විහාරයට හැරෙන තැන හමුවෙනවා. මේ විහාරයට මඟ පෙන්වන නාම පුවරුවක් මාර්ගය අයිනේ සවිකර තිබෙනවා. මහාදාඨික මහා නාග යුවරජතුමා රහතන් වහන්සේ 500 නමකට පූජා කරන ලදැයි සැළකෙන මෙම විහාරස්ථානයේ පෞරාණික බිතුසිතුවම් අදත් යන්තමට තිබෙනවා. ලෙන් ලිපි, හා ගිරිලිපි සහිත නෂ්ඨාවශේෂත් මෙහි පැරණි විභූතිය හෙළි කරනවා. මානසික සුවය ලබාගත හැකි ඉතා අලංකාර පරිසරයකින් යුක්ත ස්ථානයක්.

විහාරයට මඟ පෙන්වන නාම පුවරුවක්

වනගතව තිබුණු මෙම පුදබිම 70 දශකයේ දී බෞද්ධයන්ට වැඳුම්-පිදුම් කිරීමට සුදුසු වන අයුරින් සැකසුනත්, 80 දශකයේ දී එල්.ටී.ටී.ඊ ත්‍රස්තවාදී උවදුරු නිසා වල්බිහිවුණා. දැන් යළිත් මෙම පූජනීය ස්ථානයට වන්දනාකරුවන් පැමිණෙනවා.

වෙහෙරකෙම

නටඹුන් දාගැබ

පානම සිට ඔකඳ දක්වා දිවෙන පාරේ කි. මී. 8ක් දුරින් පිහිටා තිබෙන පුරාණ නටඹුන් ස්ථානයක්. මෙහි ගල් පර්වතයක් පාමුල මෑත අතීතයේ දී තැනූ ගණ දෙවි කෝවිලක් ද දක්නට ලැබෙනවා. මහමඟ යන අය මේ දේවාලයට පඩුරු දමා යනවා. එයට නුදුරින් පිහිටි ගල්තලාව මත දිය කෙමක් සහ ස්තූප ගොඩැලි දෙකක නටඹුන් පිහිටා තිබෙනවා. මේවා නිදන් හොරු විනාශ කරලා. මේ අවට වනය තුළ කටාරම් කෙටූ ගල්ලෙන් කිහිපයක් ද දක්නට ලැබනවා.

ඔකඳ විහාරය සහ දේවාලය

යාල හා බද්ධ වුණු මහ වනය ඔස්සේ ගමන් කරන ඔබට මුවන්, අලින් ඇතුළු වන සතුන් පාර දෙපස ඉඳහිට දැකගැනීමට ලැබෙනවා. කලපු, වැව් ආදියත් හමුවෙනවා. ඔකඳට පානම සිට කුමන දක්වා වැටී ඇති ගුරු පාරේ කි. මී. 15ක් වන මැදින් ගමන් කළ යුතු යි.

වැලි බහුල වටපිටාවක මෙම පුදබිම පිහිටා තිබෙනවා. මුහුදට නුදුරින් වනය මැද ගල්පර්වත බහුල පෙදෙසක පිහිටි ඔකඳ පර්වතය මතට පිවිසීමට පුරාණයේ කැපූ පියගැට දැකගත හැකියි. ඒ මත පුරාණයේ විහාරයක් තිබූ බව පැහැදිලි කරමින් නටඹුන් පැවතියත්, පසුකාලීනව ඒවා විනාශ කරලා. විශාල ගල්කෙම් කිහිපයක් ද මෙහි දැකගත හැකියි. පර්වතය මත මෑතකදී දේවාලයක් ඉදිකර තිබෙනවා. පර්වතය පාමුල විශාල නුග ගසක් යට ඔකඳ කතරගම දේවාලය පිහිටා තිබෙනවා. මේ දේවාලය 1800 දී පමණ ආරම්භ වූ බව පැවසෙනවා.

දේවාලය

කතරගම දෙවියන් පැමිණි රන් ඔරුව ගලක් බවට පත්වූ බවත්, නුදුරින් මුහුදේ පිහිටි ඔරුවකට සමාන ගල එය බවත් බැතිමතුන් විශ්වාස කරනවා. ඔකඳ දේවාලයටත් විශාල පිරිසක් බාරහාර වීමට එනවා.

බාරහාර වූ පඩුරු

බඹරගස්තලාව

ඔකඳ දේවාලයත් වැඳගෙන ඔබට බඹරගස්තලාවට යාමට පුලුවන්. එය පිහිටා ඇත්තේ කුමන මහ වන මැද යි. කුමන දක්වා වැටී ඇති ගුරු පාරේ ගමන් කර යෝධ ලිප අසලින් හැරී තවත් කි. මී. 15ක් පමණ වනය හරහා යා යුතු යි. මේ සඳහා මඟ පෙන්වන්නකුගේ සහාය ලබාගත යුතු වෙනවා.

නිදන් හොරු වැනසූ බුදු පිළිමය

මෙම පුදබිම ක්‍රිස්තු පූර්ව යුගයට අයත් සෙල්ලිපි රැසක් සහිත ලෙන්වලින් යුත් පූජා භූමියක්. වටපිටාවත් ඉතා සුන්දරයි. එක් ලෙනක අනුරාධපුර යුගය නියෝජනය කරන ගරාවැටුණු සැතපෙත බුද්ධ ප්‍රතිමාවක් තිබෙනවා. එය නිදන් හොරුන් විනාශ කරලා. ගල් කෙම් සහ පැරණි නටඹුන් රැසක් මේ අවට දැකගන්න පුළුවන්

වනගත කලපු

සටහන සහ උපුටාගැනීම:roar.lk

[QUOTE="ulta, post: 23122933, member: 327260"] [b]පානම යන ගමන් දැකගන්න[/b] [SIZE="5"][B]මමත් එක වතාවක් arugambay ගියාට..පානම ගැන මේ තරම් දන සිටියේ නෑ[/B][/SIZE] [B][SIZE="4"]කොළඹ සිට නැගෙනහිර වෙරළබඩ පිහිටි පොතුවිල් වෙත ඇති දුර කි. මී. 313ක්. නැගෙනහිර පළාතේ අම්පාර දිස්ත්‍රික්කයේ මෙම පෙදෙස පිහිටා තිබෙනවා. එහි සිට මුහුද අද්දරින් කලපු අතරින් ඇදී යන මාර්ගය ගොස් නැවතෙන්නේ පානම ගම්මානයේ යි. පානමට පොතුවිල් සිට ඇති දුර කි. මී. 16ක්. ඒ, පානම් පත්තුවයි. පානම් පත්තුව සිංහල, දෙමළ, මුස්ලිම් ජන කොටස් තුනම ජීවත්වෙන පළාතක්. පුරාණයේ සැහැදැවත් බෞද්ධ ජනතාවක් ජීවත් වූ බවට සාධක හෙළිකරන නටඹුන් විහාර රැසක් පානම අවට හමුවෙනවා. කුමන ජාතික උද්‍යානය නැරඹීමට එන බොහෝ දෙනා මේ අවට විහාරාරාම වන්දනාවට උනන්දුවක් දක්වන්නේ නැහැ. ඔවුන් වැඩි දෙනෙකුට ඒ විහාර ගැන දැනුමක් නැහැ. ඒ ගැන සුලු අවබෝධයක් ලබාදී ඔබේ චාරිකාව වඩාත් සාර්ථක කිරීමට සහයෝගය දැක්වීමයි මේ ලිපියේ අරමුණ,මහාමාර්ග අවසන් වන අතර එක් පසෙකින් සාගරයත් අනෙක් පසින් කුමන හා කුඩුම්බිගල අභයභූමිත් පිහිටා තිබෙනවා. මේ අවට සංචාරය කරන විට ගමන් කිරීමට සිදුවන්නේ ගුරු පාරවල් ඔස්සේ යි.[/SIZE][/B] [B][U][SIZE="5"][COLOR="Black"]මූදු මහා විහාරය [/COLOR][/SIZE][/U][/B] [IMG]https://assets.roar.media/Sinhala/2018/04/136-405x720.jpg[/IMG] මෑතක දී ඉදිකළ දාගැබ [B][SIZE="4"][COLOR="black"]පානමට යන ඔබට මුලින්ම හමුවන්නේ මූදු මහා විහාරය යි. ඒ වෙතට පොතුවිල් නගරයට නුදුරින් හැරී ගමන් කළ යුතු යි. මුහුදු වෙරළේ විහාරය පිහිටි නිසා මූදු මහා විහාරය කියල හැඳින්වෙනවා. අතීත පුරාවෘත්තවලට අනුව කැළණියෙන් නැවක නංවා මුහුදට බිළි දෙන විහාර මහා දේවිය ගොඩ බහින්නේ මේ ස්ථානයට යි. එයට පොතුවිල් සිට දුර කි.මී.1.5ක් පමණ වෙනවා. [/COLOR][/SIZE][/B] [IMG]https://assets.roar.media/Sinhala/2018/04/229-680x383.jpg[/IMG] විහාරය ගුවනට පෙනෙන අයුරු [SIZE="4"][B][COLOR="black"]මේ පුදබිම අවට අද ජීවත්වන්නේ මුස්ලිම් හා දෙමළ ජනතාව වුව ද අතීතයේ මෙහි සැදැහැවත් බෞද්ධයන් වාසය කර තිබෙනවා. පොල් වගාවක පිහිටි මේ විහාරය පිටුපසින් අඩි 30-40ක් උස ස්වභාවික වැලි ප්රාකාරයක් තිබෙනවා. නිරන්තරයෙන් හමන සුළඟින් වැලි එකතුවීම නිසා මේ වැලිබැම්ම නිර්මාණය වී තිබෙනවා. මුහුදු වැල්ලෙන් යටවී යන්තම් මතුව පැවැති මූදු මහා විහාරය පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් කැණීම් කටයුතු කර සංරක්ෂණය කළේ 1970 දශකයේ. ඔවුන් විසින් කැඩී තිබූ ප්‍රතිමා සකස් කර ප්රතිමාඝරය සංරක්ෂණය කළා. 1965 ගැසට් නිවේදනයට අනුව පුරාවිද්‍යා රක්ෂිතයක් බවට පත් කළ මෙම ඓතිහාසික පුදබිමට අක්කර 30 රූඩ් 3ක් හිමියි. එහෙත් අවට පදිංචිකරුවන් ඉඩම් අල්ලා ගැනීම නිසා අද විහාර භූමිය අක්කරයකටත් අඩු ප්‍රමාණයකට සීමා වෙලා. [/COLOR][/B][/SIZE] [IMG]https://assets.roar.media/Sinhala/2018/04/323-680x510.jpg[/IMG] පොතුවිල් සිට පානම දක්වා [B][SIZE="4"][COLOR="black"]මූදු මහා විහාරය ආයත චතුරස්රාකාර මළුවකින් යුක්ත යි. නටඹුන් දාගැබ් ගොඩැල්ලක් ද විහාර බිමේ දැකගත හැකියි. එයට භාවිත කර ඇත්තේ අනුරාධපුර යුගයට අයත් විශාල ගඩොල්. විහාරයේ ප්‍රධාන අංගය ප්රතිමාඝරය යි. එය නැගෙනහිරට මුහුණ ලා උස් වේදිකාවක් මත තනා තිබෙනවා. වේදිකාව තනා තිබෙන්නේ ගඩොල් ප්‍රකාරයක් ඉදිකර එයට පස් පිරවීමෙන්. එදා මන්දිරයේ පියස්ස සවිකර තිබූ අඩි 15ක් පමණ උස කළුගල් කුළුණු රැසක් ද මෙහි දැකගත හැකියි. හුණුගලින් කළ හිටි බුද්ධ ප්‍රතිමාවක් ද, බෝධිසත්ව ප්‍රතිමා දෙකක් ද පිළිම ගෙය තුළ තිබෙනවා. මේ ප්‍රතිමා සියල්ලෙහිම දෑත් විනාශ වී ගිහින්. මේ බෝසත් ප්‍රතිමාවලින් පෙනෙන්නේ පුරාණ රෝහණ රාජ්‍යයේ පැතිර තිබූ බෝසත් ඇදහීම යි. මෙම ප්‍රදේශය අයත් වන්නේ ද පැරණි රෝහණයට යි. විහාරයේ මෑතක දී තැනූ දාගැබක් ද පිහිටා තිබෙනවා. [/COLOR][/SIZE][/B] [SIZE="5"][B][COLOR="Black"][U]පානම රජමහා විහාරය[/U] [/COLOR][/B][/SIZE] [IMG]https://assets.roar.media/Sinhala/2018/04/423-680x337.jpg[/IMG] පානම රජමහා විහාරය [SIZE="4"][B][COLOR="black"]ඉද්ද ගැසුවාක් සේ කෙළින් දිවෙන මාර්ගය වනවදුලු මැදින් පානමට පිවිසෙනවා. මෑතක දී තැනූ විහාරයක් ද මේ ගමේ දී ඔබට දැකගත හැකියි. පානම සිට මීටර් 500ක් දුරින් පිහිටා තිබෙන පුරාවිද්‍යා රක්ෂිත භූමියක් තමයි රජමහා විහාරය. වෙහෙරගොඩැල්ල යනුවෙනුත් හඳුන්වන මෙය පුරාණ වැවක් අසල පිහිටා තිබෙනවා. වනගතව පිහිටි මේ විහාරය ලෙන් කිහිපයකින් සමන්විත යි. පුරාණ දාගැබක නටඹුන්, පියගැට පෙළ, සහ සෙල්ලිපි කිහිපයක් ද මෙහි හමුවෙනවා. [/COLOR][/B][/SIZE] [B][SIZE="5"][COLOR="black"][U]ශාස්ත්රවෙල[/U][/COLOR][/SIZE][/B] [IMG]https://assets.roar.media/Sinhala/2018/04/512-680x510.jpg[/IMG] කුඩුම්බිගල කන්ද [SIZE="4"][B][COLOR="black"]ඈතින් පෙනන කුඩුම්බිගල කන්ද පසුකරගෙන ඉදිරියට යන විට පානම් පත්තුවේ ශාස්ත්රවෙල මණි නාග බෝධිගිරි රජමහා විහාරයට හැරෙන තැන හමුවෙනවා. මේ විහාරයට මඟ පෙන්වන නාම පුවරුවක් මාර්ගය අයිනේ සවිකර තිබෙනවා. මහාදාඨික මහා නාග යුවරජතුමා රහතන් වහන්සේ 500 නමකට පූජා කරන ලදැයි සැළකෙන මෙම විහාරස්ථානයේ පෞරාණික බිතුසිතුවම් අදත් යන්තමට තිබෙනවා. ලෙන් ලිපි, හා ගිරිලිපි සහිත නෂ්ඨාවශේෂත් මෙහි පැරණි විභූතිය හෙළි කරනවා. මානසික සුවය ලබාගත හැකි ඉතා අලංකාර පරිසරයකින් යුක්ත ස්ථානයක්.[/COLOR][/B][/SIZE] [IMG]https://assets.roar.media/Sinhala/2018/04/610-680x398.jpg[/IMG] විහාරයට මඟ පෙන්වන නාම පුවරුවක් [SIZE="4"][B][COLOR="black"]වනගතව තිබුණු මෙම පුදබිම 70 දශකයේ දී බෞද්ධයන්ට වැඳුම්-පිදුම් කිරීමට සුදුසු වන අයුරින් සැකසුනත්, 80 දශකයේ දී එල්.ටී.ටී.ඊ ත්‍රස්තවාදී උවදුරු නිසා වල්බිහිවුණා. දැන් යළිත් මෙම පූජනීය ස්ථානයට වන්දනාකරුවන් පැමිණෙනවා. [SIZE="5"][U]වෙහෙරකෙම[/U][/SIZE][/COLOR][/B][/SIZE] [IMG]https://assets.roar.media/Sinhala/2018/04/7-veherakema-ashan-geeganage-680x406.jpg[/IMG] නටඹුන් දාගැබ [B][SIZE="4"][COLOR="Black"]පානම සිට ඔකඳ දක්වා දිවෙන පාරේ කි. මී. 8ක් දුරින් පිහිටා තිබෙන පුරාණ නටඹුන් ස්ථානයක්. මෙහි ගල් පර්වතයක් පාමුල මෑත අතීතයේ දී තැනූ ගණ දෙවි කෝවිලක් ද දක්නට ලැබෙනවා. මහමඟ යන අය මේ දේවාලයට පඩුරු දමා යනවා. එයට නුදුරින් පිහිටි ගල්තලාව මත දිය කෙමක් සහ ස්තූප ගොඩැලි දෙකක නටඹුන් පිහිටා තිබෙනවා. මේවා නිදන් හොරු විනාශ කරලා. මේ අවට වනය තුළ කටාරම් කෙටූ ගල්ලෙන් කිහිපයක් ද දක්නට ලැබනවා. [/COLOR][/SIZE][/B] [SIZE="5"][B][U]ඔකඳ විහාරය සහ දේවාලය[/U][/B][/SIZE] [IMG]https://assets.roar.media/Sinhala/2018/04/8-q-680x329.jpg[/IMG] [SIZE="4"][B]යාල හා බද්ධ වුණු මහ වනය ඔස්සේ ගමන් කරන ඔබට මුවන්, අලින් ඇතුළු වන සතුන් පාර දෙපස ඉඳහිට දැකගැනීමට ලැබෙනවා. කලපු, වැව් ආදියත් හමුවෙනවා. ඔකඳට පානම සිට කුමන දක්වා වැටී ඇති ගුරු පාරේ කි. මී. 15ක් වන මැදින් ගමන් කළ යුතු යි. [/B][/SIZE] [IMG]https://assets.roar.media/Sinhala/2018/04/96-680x285.jpg[/IMG] [B][U][U][SIZE="4"][COLOR="black"]වැලි බහුල වටපිටාවක මෙම පුදබිම පිහිටා තිබෙනවා. මුහුදට නුදුරින් වනය මැද ගල්පර්වත බහුල පෙදෙසක පිහිටි ඔකඳ පර්වතය මතට පිවිසීමට පුරාණයේ කැපූ පියගැට දැකගත හැකියි. ඒ මත පුරාණයේ විහාරයක් තිබූ බව පැහැදිලි කරමින් නටඹුන් පැවතියත්, පසුකාලීනව ඒවා විනාශ කරලා. විශාල ගල්කෙම් කිහිපයක් ද මෙහි දැකගත හැකියි. පර්වතය මත මෑතකදී දේවාලයක් ඉදිකර තිබෙනවා. පර්වතය පාමුල විශාල නුග ගසක් යට ඔකඳ කතරගම දේවාලය පිහිටා තිබෙනවා. මේ දේවාලය 1800 දී පමණ ආරම්භ වූ බව පැවසෙනවා. [/COLOR][/SIZE][/U][/U][/B][U][U] [IMG]https://assets.roar.media/Sinhala/2018/04/106-680x510.jpg[/IMG] දේවාලය [SIZE="4"][B][COLOR="black"]කතරගම දෙවියන් පැමිණි රන් ඔරුව ගලක් බවට පත්වූ බවත්, නුදුරින් මුහුදේ පිහිටි ඔරුවකට සමාන ගල එය බවත් බැතිමතුන් විශ්වාස කරනවා. ඔකඳ දේවාලයටත් විශාල පිරිසක් බාරහාර වීමට එනවා. [/COLOR][/B][/SIZE] [IMG]https://assets.roar.media/Sinhala/2018/04/1112-540x720.jpg[/IMG] බාරහාර වූ පඩුරු [B][SIZE="5"][COLOR="black"][U]බඹරගස්තලාව[/U][/COLOR][/SIZE][/B] [SIZE="4"][B][COLOR="black"]ඔකඳ දේවාලයත් වැඳගෙන ඔබට බඹරගස්තලාවට යාමට පුලුවන්. එය පිහිටා ඇත්තේ කුමන මහ වන මැද යි. කුමන දක්වා වැටී ඇති ගුරු පාරේ ගමන් කර යෝධ ලිප අසලින් හැරී තවත් කි. මී. 15ක් පමණ වනය හරහා යා යුතු යි. මේ සඳහා මඟ පෙන්වන්නකුගේ සහාය ලබාගත යුතු වෙනවා. [/COLOR][/B][/SIZE] [IMG]https://assets.roar.media/Sinhala/2018/04/137-680x383.jpg[/IMG] නිදන් හොරු වැනසූ බුදු පිළිමය [SIZE="4"][B][COLOR="black"]මෙම පුදබිම ක්‍රිස්තු පූර්ව යුගයට අයත් සෙල්ලිපි රැසක් සහිත ලෙන්වලින් යුත් පූජා භූමියක්. වටපිටාවත් ඉතා සුන්දරයි. එක් ලෙනක අනුරාධපුර යුගය නියෝජනය කරන ගරාවැටුණු සැතපෙත බුද්ධ ප්‍රතිමාවක් තිබෙනවා. එය නිදන් හොරුන් විනාශ කරලා. ගල් කෙම් සහ පැරණි නටඹුන් රැසක් මේ අවට දැකගන්න පුළුවන්[/COLOR][/B][/SIZE] [IMG]https://assets.roar.media/Sinhala/2018/04/1211-680x510.jpg[/IMG] වනගත කලපු සටහන සහ උපුටාගැනීම:[URL="roar.lk"]roar.lk[/URL][/u][/u] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom